පිටරටින් සහල් ආනයනය නොකිරීමට රජය තීරණය කර තිබෙනවා. වෙළෙඳපොළේ සහල් මිල ඉහළ ගොස් ඇති නමුත් ජනාධිපති ලේකම්වරයා කැබිනට් මණ්ඩලය වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ සහල් ආනයනය නොකිරීම නිසා ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක පමණ විදේශ විනිමය ඉතිරි කර ගැනීමට හැකි වූ බවයි.

වී කිලෝවක් සඳහා රුපියල් 50ක සහතික මිලක් ලබාදීමට රජය තීරණය කර ඇති අතර වී මිලදී ගැනීම සඳහා ද රජය මගින් වැඩපිළිවෙළක් සකස් කර ඇති අතර මෙවර මහ කන්නයේ වී අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ වී ඇති අතර, එමගින් වී මෙට්‍රික් ටොන් ලක්ෂ 30ක පමණ අස්වැන්නක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවද ජනාධිපති ලේකම් වරයාගේ වාර්තාව මගින් පෙන්වා දී තිබේ.