මීගමුව පරිසර පද්ධතියක් විනාශ කිරීමට එරෙහිව නිලධාරිනියක් විසින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ඇතුළු ප්‍රදේශවාසීන් පිරිසකට එරෙහිව දැඩි ප්‍රතිචාරයක් දක්වන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතිනව මේ පිළිබඳව අප කළ විමසා බැලීමේදී අනාවරණය වුණේ මෙය කලපු සංවර්ධනය පිළිබඳව අමාත්‍යවරයා සහ රාජ්‍ය නිලධාරින් ඇතුළු ප්‍රදේශවාසීන් ගේ සහභාගීත්වයෙන් පැවති රැස්වීමකදී මෙම උණුසුම් තත්වය ඇති වී තිබෙන බවයි
කඩොලාන ආශ්‍රිත ප්‍රදේශයක අනවසරයෙන් ඉදිකිරීම්ට සැලසුම් කර තිබූ ක්‍රීඩාපිටියක් සඳහා නීතිමය අවසරය ලබා ගැනීමේ අරමුණින් පසුගිය දස වැනිදා මෙම මීගමුව කලපු සංවර්ධන රැස්වීම පවත්වා තිබෙනවා එහි ධීවර රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත හිටපු අමාත්‍ය කුමාර ඇතුළු ප්‍රදේශවාසීන් පිරිසක් විසින් මෙම ඉදීකිරීමට අවශ්‍ය අවසර ලබාදෙන ලෙස ගම්පහ අඩවි වන නිළධාරිනී දේවානී මහත්මියගෙන් කළ ඉල්ලීම්ට ඇය මෙලෙස ප්‍රතිචාර දක්වා තිබුණා.
මේ පිලිබද අප කළ විමසීමකදී රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පැවසුවේ නිලධාරිනියගේ ක්‍රියා කලාපය හමුවේ කිසිම විටෙකත් මෙම ව්‍යාපෘතිය නතර නොකරන බවයි.