මිගමුව ආශිත කඩොලාන පරිසර පද්ධතියක් විනාශකොට ක්‍රීඩා පිටියක් ඉදිකිරිම සදහා රජයේ වනාන්තර භූමියක් නිදහස් කරන ලෙස බලපෑම් කල රාජ්‍ය අමාත්‍යය සනත් නිශාන්ත සමග කරන සංවාදයක් මේ වනවිට සමාජ මාද්‍ය හරහා සංසරණය වෙමින් පවතිනවා. එහිදී රාජ්‍ය නිලධාරිනිය එම ප්‍රදේශයේ වනාන්තර තත්වය පිලිබද පැහැදිලි කිරීමකදී ඇමති වරයාගේ ගෝලයෙක් එම කතාවට බාදා කරමින් කියා සිටියේ ඔක්සිජන් අවශ්‍ය නොවන බවත් ක්‍රීඩා පිටියක් අවශ්‍ය බවත්‍ය .

ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් යයි කියා ගන්නා ඇමතිවරයාට සම්බන්ධ කිහිපදෙනෙකු හා සනත් නිශාන්ත ඇමතිවරයා දිගින් දිගටම මේ වනාන්තර පද්ධතිය ක්‍රීඩා පිටියක් ඉදිකිරීම සදහා වෙන්කරවා ගැනුමට උත්සහ දැරුවත් අදාල නිලධාරිනිය කොන්ද කෙලින් තබාගෙන කිසිසේත්ම තමාට නීතියට පිටින් වැඩ නොකළ හැකි බව ප්‍රකාශකොට සිටියා