දුම්රියේ ගමන් ගන්නා මගීන්ගේ පහසුව සඳහා විද්‍යුත් ප්‍රවේශ පත්‍රයක් හදුන්වාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය මහතා උපදෙස්ක ලබා දී දුන් බව මහින්ද අමරවීර මහතා පවසනවා. එය කඩිනමින් හඳුන්වාදීම සඳහා මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා හෙට (12) පැවැත්වෙන අමාත්‍ය මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.

මෙට ආසියානු සංවර්ධනය බැංකුවේ ආධාර මත ක්‍රියාත්මක කිරීමට නියමිත අතර දුම්රිය ආසන වෙන්කිරිමේ පද්ධතියක් (E-TICKETING SYSTEM) හඳුන්වාදීම සඳහා ද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමට ද පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.