බගවන්තලාව නගරයට පිවිසිමේදි කෙසෙල්ගමුඔය හරහා ඉදි කර තිබෙන ප්‍රධාන පාලමේ ඇද තිබෙන චිත්‍ර මකා දමා ඒ මත සුදු තින්ත ආලේප කර තිබෙනවා.නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරි කාර්යයාලය මගින් අද (11) මෙය සිදු කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. බගවන්තලාව නගරයේ තරුණයින් පිරිසක් විසින් පසුගිය දා බගවන්තලාව නගරයේ ස්ථාන කිහිපයකම චිත්‍ර නිර්මාණය කරනු ලැබුවා.එහිදී ඔවුන් බගවන්තලාව නගරයට පිවිසෙන පාලමේද සම්පුර්ණයෙන්ම තින්ත ආලේප කර අලංකාර චිත්‍ර කිහිපයක් පාලමේ සහ ආරක්ෂිත වැටේ නිර්මාණය කර තිබෙනවා.
එසේ නිර්මාණය කර තිබු ප්‍රධාන චිත්‍ර නිර්මාණ හැර පාලමේ ආරක්ෂිත වැටේ නිර්මාණය කර තිබු අලංකා සිතුවම් කිහිපයක් සුදු තින්ත යොදා මකා දැමිමට නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරි කාර්යයාලයේ නිලධාරින් අද කටයුතු කර ඇත්තේ්.පාලමේ නිර්මාණය කර තිබු චිත්‍ර මකා දැමිම සම්බන්ධයෙන් නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකරි කාර්යයාලයේ ප්‍රධාන විධායක නිලධාරි කේ.ඩි.බි.ආර්. දේවප්‍රිය මහතාගෙන් විමසා සිටියා..
එහිදී ඔහුප්‍රකාශ කළේ රාත්‍රි කාලයේ ගමන් කරන වාහන වලට පාලම දිස් නොවන නිසා අනතුරු සිදු විමේ අවධානමක් පැවතිම හේතුවෙන් පාලමේ ආරක්ෂිත වැටේ පමණක් සුදු තින්ත ආලේප කිරිමට කටයුතු කල බවයි.එමෙන්ම පාලම මත චිත්‍ර නිර්මාණය කිරිම සදහා මාර්ග සංවර්ධන අධිකාරියෙන් කිසිදු අවසරයක් හෝ උපදෙසක් ලබාගෙන නොතිබිණු බවත් ඒ මහතා සඳහන් කළා.
එසේ අවසර සහ උපදෙස් ලබාගෙන තිබුණේ නම් පාලම චිත්‍ර නිර්මාණය කිරිමට අවශ්‍යය තින්ත වර්ණය සම්බන්ධයෙන් උපදෙස් ලබා දිමට හැකියාව තිබු බවයි ඒ මහතා සඳහන් කළේ.




