අභාවප්‍රාප්ත ප්‍රවීන රංගන ශිල්පී ජයලත් මනෝරත්න මහතා විසින් රග පෑ හෝ ගානා පොකුණ චිත්‍රපටයේ රූ ගත කිරීම සිදු කල කෝන්වැව අංගමුව පාසැල වැසී ගොස් තිබෙනවා. මහව ප්‍රදේශයේ දුශ්කර ප්‍රදේශයක පිහිටා ඇති කෝන්වැව අංගමුව පාසැල වැසී මේ වනවිට වසර ගණනාවටක් ගතවී ඇති බවටයි අප කල සොයා බැලීමකදී අනාවරණය වුනේ. පාසැල වැසීමට හේතුව දුශ්කර භාවය නිසා ගුරුවරුන් සේවය කිරීමට නොපැමිණීම සහ ප්‍රමාණවත් පහසුකම් නොමැති වීම බවයි වැඩි දුරටත් අනාවරණය වුනේ.

