ලස්සන නිය පෙළක් ලබා ගැනීම සඳහා ඔබ නිය මත විවිධ වර්ණ ආලේප කරනවා. අද වනවිට නිය වර්ණ ගැන්වීම මෙන්ම නිය මත විවිධ මෝස්තර දැමීම කලාවක් බවට පත්වී තිබෙනවා.

අලුත් විධියට හිතන ඔබට 2020 වර්ෂය සඳහා හඳුන්වා දී තිබෙන නවතම නිය ආලේපන වර්ණ සහ නවතම නිය අලංකරණ විලාසිතා මොනවාදැයි ඔබව දැනුවත් කරන්න අද අපි සිතුවා.

වර්තමානය වනවිට බොහෝ තරුණියන් ආලේපන භාවිතයට පුරුදු වී සිටිනවා. කාර්යාලය වෙත යන විටදී, සාමාන්‍ය ගමනකදී, විවාහ මංගල්‍යයන් ආදී විවිධ උත්සව අවස්ථාවන් සඳහාද ඇඳුමට ගැළපෙන ලෙසින් නිය වර්ණ ගැන්වීම මෙන්ම ව්චඪත චපබ කිරීමටද තරුණියන් විශේෂ කැමැත්තක් දක්වනවා.

විශේෂයෙන්ම නිය ආලේපන ගැල්වීමට ප්‍රථම බේස් කෝඩ් එකක් ආලේප කිරීම අනිවාර්යයි. එමඟින් නියපොතුවලට සිදුවිය හැකි හානිය අවම වෙනවා. එමෙන්ම ප්‍රමිතියෙන් ඉහළ නිය ආලේපන වර්ග භාවිතයද හුරු වීමද ඉතාම වැදගත්.

කෙසේ නමුත් 2020 වර්ෂය සඳහා පැමිණ තිබෙන නිය ආලේපන වර්ණ පිළිබඳව පළමුවෙන්ම අවධානය යොමු කළ යුතුයි. එහිදී Nude Colors සඳහා විශේෂ තැනක් හිමිවී තිබෙනවා. ළා රෝස, ළා නිල්, ක්‍රීම් වර්ණය, Pearl white, ඇත් දළ පැහැය, සුදු, ළා දුඹුරු, අහස් නිල, අළු, පීච් වර්ණය ආදී වර්ණ ඒ අතරින් කැපී පෙනෙනවා.

නේල් ආර්ට් පිළිබඳව කතා කිරීමේදී තමන්ගේ ස්වාභාවික නියපොත්ත මත මෙන්ම කෘත්‍රිමව අලවන ලද නියපොතු මත වුවද ව්චඪත චපබ එකක් දැමිය හැකිය. විශේෂයෙන්ම නියපොතු දිගට වැවීමට නොහැකි යුවතියක් නම් කෘත්‍රිම නියපොතු භාවිතයට හැකියාව තිබෙනවා. නිය පොතු Nail Tips ලෙසින් හඳුන්වන අතර තම ඇඟිලිවල හැඩය සහ ප්‍රමාණය අනුව Nail Tips වර්ග මිලදී ගත හැකිය.

ලොව පුරා ඉතාම ජනප්‍රිය නිය අලංකාරණ ක්‍රම රාශියක් පවතිනවා. ඒ අතරින් නේල් විලාසිතා කිරීම ඉතාම ජනප්‍රියයි. එනම් කෘත්‍රිම Gel Nail art හා Actylie Nail art වලට නම් ජනප්‍රියත්වයක් ලැබී තිබෙනවා. එමෙන්ම ව්චඪත චපබ එකක් සිදු කිරීමේදී නිය පොත්තෙහි හැඩය තමන් කැමැති ලෙස ඉඩචනඥ කර ගැනීමේ හැකියාවද තිබෙනවා. රවුම් හැඩැති (Round Shape) සහ කොටු හැඩැති (Square Shape) ලෙසත් ඊට අමතරව Almond Shape, Ovel Shape, Lipstik Shape, Ballerina Shape, Flare Shape, Edge Shape, Coffin Shape, Cut out Shape ආදී Shape රාශියක් තිබෙනවා.

පසුගිය වසරවලදී නිය පොත්තෙහි අග කොටස හතරැස් හැඩයට (Square Shape) කපා අග කොටසෙහි සුදු පැහැය ආලේප කිරීම (White French) ඉතාම ජනප්‍රිය නිය අලංකරණ විලාසිතාවක් වුණා. නමුත් 2020 වර්ෂයේදී නවතම විලාසිතාව වී ඇත්තේ Novel Shape එකට නියපොතු කැපීමයි. Novel Shape යනු ලිප්ස්ටික් එකක් විවෘත කළ විට දක්නට ලැබෙන හැඩයයි. එම හැඩයට නිය පොත්ත කපා අග කොටසෙහි තද වර්ණ ආලේප කිරීම සිදුකරනවා. මෙවැනි අලංකරණ විලාසිතා සඳහා French manicure ක්‍රමය බහුලව භාවිත කරනවා. තද වර්ණ ලෙසින් නිය පොත්තෙහි අගට කළු වර්ණය ආලේප කරන අතර එය Dark French ලෙසින් හඳුන්වනවා. ඉන්පසුව නියපොත්ත මැද කොටසට Nude කලර් නැතහොත් ස්වාභාවික වර්ණ යොදා ගැනීමක් සිදු කරනවා. එනම් රෝස, තැඹිලි, පීච් වර්ණය, ඇත් දළ වර්ණය, Pearl White වර්ණය, අහස් නිල ආදී වර්ණ Nude කලර් ගණයට අයත් වෙනවා.

ඊට අමතරව Soft matte ombre විලාසිතාවද 2020 වර්ෂයට පැමිණි අලුත්ම Nail Art ක්‍රමයක්. එහිදී සුදු, නිල්, රෝස ආදී එකිනෙකට ගැළපෙන වර්ණ දෙකක් එකිනෙකට බ්ලෙන්ඩ් වන අයුරින් යොදා ගත හැකියි. නිය අලංකරණය කිරීම සඳහා Acrylie Powder භාවිත කිරීම තුළින් වැඩි අලංකරණයක් ලබාගත හැකියි.

මීට පෙර වර්ෂවලදී භාවිත කළ Glittery Nail art, Attractive Colors Nail Art, 3D Stickers වර්ණ ඇලවීම භාවිත වුවද 2020 වර්ෂය ස්වාභාවිකත්වය මුල් කරගත් චාම් වර්ණ සහ Nude Colors සඳහා මුල් තැන ලබාදීම විශේෂත්වයක්.