තලාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් තඹුත්තේගම ඔරුගලයාය රජයේ රක්ෂිතය අනවසරයෙන් එලි පෙහෙලි කරමින් සිටින බව වාර්තා වනවා. ප්‍රාදේශිය දේශපාලකයන්ගේ අවශ්‍යතාව මත මෙලෙස රක්ෂිතය එළි පෙහෙලි කරමින් සිටින බවයි සුරකිමු ලංකා ව්‍යාපාරය සදහන් කරන්නේ.
මේ අතර පසු ගිය රජය සමයේ තලාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් තලාව එප්පාවල තඹුත්තේගම යන ප්‍රධාන නගරයන්ගෙන් මෙන්ම ඉපලෝගම නගරයන්හි වෙළඳසල්, නිවාස, කර්මාන්ත ශාලා ආදියෙන් බැහැර කෙරෙන කැලි කසල වසර කිහිපයක සිට තලාව ප්‍රාදේශීය සභාව මඟින් තඹුත්තේගම ඔරුගලයාය මහවැලි රක්ෂිතයේ කොටසකට අවිධිමත්ව ගෙනැවිත් බැහැර කරමින්ද පරිසර විනාශයක් සිදු කර තිබුනා
එහි චායාරූප කිහිපයක් පහතින්



