වසා දමා ඇති ඔට්ටු සුඩාන්හි ලංකා පිගන් සංස්ථාව නැවත විවෘත කිරීමට කැබිනට් අනුමැතිය අද හිමි වුනා. මේ බව කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යබන්දුල ගුණවර්ධන මහතා විසින් ප්‍රකාශ කළා. රජය විසින් කිහිප වරකම ප්‍රකාශ කර පැරණි කර්මාන්තශාලා නැවත ආරම්භ කිරීම ගැන අවධානය යොමු කර තිබුණා. ලංකා පිගන් සංස්ථාව ප්‍රතිව්‍යුහගත කර කම්හලේ නිශ්පාදන කටයුතු මාස කිහිපයක් ඇතුලත ආරම්භ කිරීමට හැකි බවටයි රජය බලාපොරොත්තුවන්නේ.

මේ වනවිට වසා දමා ඇති කර්මාන්ත ශාලා කිහිපයක්ම නැවත ප්‍රතිසංස්කරණ කොට රටේ නිශ්පාදනය කළ හැකි සෑම දෙයක්ම මෙරටදීම නිශ්පාදනය කොට විදේශයන්ට ගලා යන රටේ මුදල් අවම කිරීමට රජය කටයුතු කරන බවද, එම කර්මාන්තශාලා නැවත නවීකරණයට කොට රටේ ජනතාවට තවත් රැකියා බිහිකිරීම තවත් එක් අරමුණක් බවද එම මහතා වැඩි දුරටත් පැවසුවා