පසුගියදා නවක මන්ත්‍රිවරයෙකු ලෙස දිවුරුම් දුන් සමන් රත්නප්‍රිය මහතාට මන්ත්‍රීවරයෙකුට ලැබෙන විශේෂ වරප්‍රසාද හිමිවී ඇත. ඔහුට ලැබී ඇති වරප්‍රසාද මෙසේය. මන්ත්‍රී නිල නිවසක් විශේෂ දීමනා ඩොලර් 65.000ක් වටිනා තීරු බදු සහන සහිත වාහන බලපත්‍රයක් සහ මන්ත්‍රී ආරක්ෂාවක්ද ඔහුට ඒ අනුව හිමිවේ.

පසුගිය වසර පහ පුරා නිර්පාක්ෂික සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකු යැයි හදුන්වාගනිමින් යහපාලන රජය වෙනුවෙන් පෙනී සිටි ඔහු, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු එම ධුරය සඳහා එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තුවෙන් පත් කරන ලද්දේ පාර්ලිමේ්න්තුව විසුරුවීමට මාසයකට අඩු කාලයක් තිබියදීය. සාමාන්‍යයෙන් තීරු බදු සහන සහිත වාහන බලපත්‍රයක් විකිණීමෙන් පමණක් උපයා ගත හැකි වත්කම රුපියල් කෝටි දෙකක පමණ වේ.