ලොව විශාලතම සමාජ මාධ්‍ය වන ෆේස්බුක් හි ට්විටර් සහ ඉන්ස්ටග්‍රෑම් ගිණුම්වලට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මෙම අනවසර පිවිසුම සිදුකර ඇත්තේ අවර් – මයින්ඩ් නැමැති හැකර්වරුන් කණ්ඩායමයි. ඊයේ සන්ධ්‍යාවේ එලෙස එම ගිණුම්වලට අනවසරයෙන් පිවිසුණු හැකර්වරුන් ෆේස්බුක් හි එම ගිණුම් තාවකාලිකව අත්පත් කරගෙන සිටි බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
එමෙන්ම, ෆේස්බුක් සහ මැසෙන්ජර් හි ට්විටර් හා ඉන්ස්ටග්‍රෑම් ගිණුම්වල ඔවුන් සටහන් කර ඇත්තේ ෆේක්බුක් ගිණුම වුවද අවදානමක් සහිත බවයි. කෙසේ නමුත්, එම ගිණුම් මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බවයි ෆේස්බුක් ආයතනය ප්‍රකාශ කළේ.