1. පොල් වතුර
පොල් ගෙඩිය බිද පොල් වතුර ටික අපි සින්ක් එකට හලනවා. පස්සේ රෑට ගැස්ට්‍රයිටිස් කියලා බෙහෙත් ගන්න යනවා. ඔබ දන්නවාද??? දිනපතා පොල් වතුර පානය කරනවා නම් ගැස්ට්‍රයිටිස් එන්නේ නෑ කියලා. ඒ නිසා පොල් වතුර ටික ශීතකරණයේ දමා හෝ පානය කරන්න. එය වටිනා ආයුර්වේද පානයක්.
2. ගොටුකොළ මුල්
වැල් ගොටුකොළ ගෙන ආ විට අපි කොළ ටික ගෙන මුල් ටික විසිකරලා දානවා. මේ ඔබ ඉවත දමන්නේ ගොටුකොළ ශාකයේ වටිනාම කොටසයි. හොදින් පස් ඉවත් වෙන්න සෝදා ගොටුකොළ මුලත් සිහින්ව කොළත් සමග ලියාගන්න. අදහාගත නොහැකි ගුණයක් ඉන් ලැබෙනවා.
3. බීට්රූට් කොළ
බීට්වල ගුණය ඇත්තේ මේ කොළවලයි. ඒ නිසා අනිත් දවසේ බීට් ගනිද්දී කොළත් එක්කම් ගන්න. එහි කොළත් අලත් සමග සිහින්ව කපා හදන්න. හරිම රසයි. නැත්නම් කොළ තෙල් දාන්න. කෙසේ හෝ මේ කොළ කන්න. එය දෑස්වලට ඉතාමත් හොද ශරීරයේ ලේ වඩන රත්තරන් කොළ මිටක් බව අමතක කරන්න එපා.
4. බාර්ලි ඇට
බොහෝවිට බාර්ලි හදලා බාර්ලි වතුර ටික අරගෙන බාර්ලි ඇට ටික ඉවත් කරනවා. නමුත් බාර්ලි ඇට මළ බද්ධයට මෙන්ම මළ ටික ටික පිටවීමටත් සීනි මට්ටම අඩුකිරීමටත් කොලෙස්ට්‍රෝල් අවම කිරීමටත් බඩවැල්වල ඇති තුවාල සනීප කරන්නටත් හැකිතරම් ප්‍රබලයි. ඒ නිසා බාර්ලි ඇටත් සමගම බ්ලෙන්ඩර් කරලා බොන්න. නැත්නම් බාර්ලි ඇට ටික වෙනම දීසියක දාගෙන කන්න…
5. වට්ටක්කා ඇට
බොහෝවිට වට්ටක්කා මාළුව පිසගැනීමේදී වට්ටක්කා ඇට ටික සූරා ඉවත්කරනවා. නමුත් ආයුර්වේද ගැන මෙන්ම පෝෂණය ගැනත් ඔබ දන්නවානම් කවදාවත් මේ වට්ටක්කා ඇට ඉවත්කරන්නේ නෑ. කොලෙස්ට්‍රෝල් අවම කරන පුදුමාකාර ගුණයක් මෙන්ම ශරීරය ප්‍රභාමත් කරන ගුණයක් වට්ටක්කා ඇටවල තිබෙනවා. කජු මෙන් පුච්චා කන්න. නැත්නම් බැදුමට දාන්න. නැත්නම් නිකන් කන්න. පුදුම තරම් ගුණයි.
6. පිපිඤ්ඤා මද
බඩවැල් වල තුවාල වලට මෙන්ම ගැස්ට්‍රයිටිස් අමාරුවටත් මේ තරම් ගුණදායක වෙනත් දෙයක් නෑ. ඒ නිසා අනිත් දවසේ සලාදය හදද්දී පිපිඤ්ඤා මදය සූරා ඉවත් කරන්න එපා. එයත් සමගම හදන්න. නැත්නම් එය සූරා ඒ වේලාවේම කන්න. ඉස්සර අපේ ගෙවල් වල මේක දරුවන්ට කන්න දෙනවා. හැකිනම් පිපිඤ්ඤා ගෙඩියක් නිකං කන්න. ඒක ඉතාමත් ගුණ සිසිලස ටොනික් එකක්..
7. කරපිංචා නැටි බොහෝ වේලාවට අපි කරපිංචා කොළ ටික සූරලා අරගෙන කරපිංචා නැටි, කුඩා මැද නාරටිය විසිකරලා දානවා. නමුත් ආයුර්වේදයේ බොහෝමයක් චූර්ණ, කල්ක, කෂාය සදහා ගන්නේ කරපිංචා නාරටියයි. කවදාවත් මේ නාරටිය විසිකරන්න එපා. කරපිංචා හොද්දට දමද්දි කුඩා කිනිත්ත පිටින්ම දමන්න. අලුත් රසයක් එකතු වෙනවා වගේම ගුණයත් වැඩිවෙනවා.