ඉදිරි දේශපාලන වැඩපිළවෙල සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායම ඊයේ (05) රැස්වුණා. එහිදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදියුර්දීන් නායකත්වය දරණ සමස්ත ලංකා මහජන කොංග‍්‍රසයේ සහාය යෝජිත නව සන්ධානය සඳහා ලබාගැනීමට එක්සත් ජාතික පක්‍ෂය එම කොංග‍්‍රසය සමග සාකච්ඡා ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ, නව සන්ධානය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදියුදීන් මෙතෙක් නිශ්චිත තීන්දුවක් ප‍්‍රකාශ නොකිරීම හේතුවෙන්. ඒ අනුව ඉදිරියේදී ඔහු සමග ඒ පිළිබඳ සාකච්ඡා කිරීමටයි එක්සත් ජාතික පක්‍ෂය තීරණය කර ඇත්තේ.
මේ අතර එහිදී විපක්‍ෂ නායක ධුරය, අගමැති අපේක්‍ෂකත්වය, නව සන්ධානයේ නායකත්වය සහ නාමයෝජනා මණ්ඩලයේ සභාපති ධුරයට සජිත් පේ‍්‍රමදාස මහතා පත් කිරීම සම්බන්ධයෙන් මෙහිදී එම පක්‍ෂයේ මන්තී‍්‍ර අශෝක් අබේසිංහ, සුජීව සේනසිංහ සහ තුෂාර ඉදුනිල් යන මන්තී‍්‍රවරුන්ද අදහස් දක්වා තිබෙනවා. ඊයේ පැවති එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට පක්‍ෂ නායක, හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ද එක්ව සිටියා.
විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අමතමින් සඳහන් කර ඇත්තේ නව සන්ධානයේ මහලේකම් ධුරයට පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුම බණ්ඩාර පත් කිරීමට තමන් ගත් තීරණය සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් ඉදිරිපත් කරන ලෙස දැන්වුවද එම පත් කිරීමට කිසිදු විරෝධතාවක් ඉදිරිපත් වී නැහැ.