හේෂාන් කෑම කාලා ඉවර වෙලා භවන්‍යාව හොයාගෙන කාමරේට ආවා.ඇඳ උඩට වෙලා ඇය ඔහේ කල්පනා කරනවා.වෙච්චි දේවල් තවම ඇයට හීනයක් වගේ කියලා හිතෙනවා ඇති.ඇය තමා සමඟින් විවාහ වූයේ හිතේ කිසිම කැමැත්තක් ඇතුව නෙවෙයි.කොයිම මොහොතක හෝ ඇය තමාගෙන් දික්කසාදය ඉල්ලාවි කියා හේෂාන්ට හිතුනා.
“මොකෝ කල්පනාව?ගිහින් කෑම කාලා එනවා.සතෙක්ව උනත් බඩගින්නෙ තියලා වැඩ අරන් මට පුරුදු නැහැ…”
හේෂාන් කෙ/ ල්ලගෙ බාහුවෙන් ඇදලා ඇයව තමා ළඟට ගත්තා.පරඬැලක් වගේ ඇය ඔහු වෙතට ඇදිලා ආවෙ ඇඟට කිසිම ප්‍රාණවත් බවක් නොතිබූ නිසයි.උදේ ඉඳන් භවන්‍යා ඉන්නෙ බඩගින්නෙ.
“මාව…. අතාරින්න හේෂාන්…. මං ත/මු/සෙ/ට කැමති නෑ…”
කෙ/ ල්ලට කතා කරගන්නවත් හරියට පනක් නැහැ.ඒක හේෂාන්ට තේරුනා.ඔහු කොතරම් ඇවිටිලි කරත් ඇය කෑම කෑවෙ නෑ.
“ඒ උනාට අපි දෙන්නා දැන් හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් කියලා අමතක කරන්න එපා අහංකාර මැණිකා.තේරුනාද ම්ම්?…”
හේෂාන් බලෙන්ම වගේ භවන්‍යාගෙ තො /ල් සි / ප ගනිද්දි ඔහුට ඇගේ දෙ/තො/ල් වලින් ඇඹුල් රසයක් දැනුනා.
“මොනවද බිව්වෙ?…”
“ලෙමන් ජූස් එකක්.ඇයි අහන්නෙ?…”
කෙ/ල්ල ඇහුවෙ තරහින්.
“මැණිකාගෙ තො /ල් දෙක ඇඹුල් රස චුයින්ගම් එකක් වගේ…”
“මල විකාර…”
භවන්‍යා ඇඳෙන් නැගිටලා අහකට ගියා. ඇයට හේෂාන්ව දැක්කත් කේන්තියි.අකමැති කසාදෙක හිර වෙලා තමන්ගෙ ජීවිතේ හොඳම කාලෙ නිකරුනේ විනාශ වෙලා යයි කියලා ඇයට හිතුනා.
ඒත් ඇය බිය උනේ නැහැ.තමා ගජසිංහගෙ එකම දුව.පියාට ඇමතිකම නැතත් තත්වයයි,බලයයි තවම එහෙම්මම තියනවා.ඔහු තමාව ඉක්මනින්ම මේ අපායෙන් මුදවා ගනියි කියන සිතුවිල්ල ඇගේ හිතට ඇතුල් උනා.
“ඔය අහංකාරකමයි ලොකුකමයි අඩු කරගන්නවා භවන්‍යා.ඔය සෙල්ලම් ත/මු/සෙ/ට මාත් එක්ක නම් බෑ හොඳේ.එනවා කන්න යන්න…”
හේෂාන් මගෙ අතෙන් ඇදගෙන කාමරෙන් එලියට ආවෙ මට බලෙන්ම කන්න දෙන්න වගේ.ඒත් එක්කම හේෂාන්ගෙ නංගි පාර්සලයක් අරගෙන අපි ගාවට ආවා.
“අක්කලාගෙ ගෙදර ඩ්‍රයිවර් ඇවිත් මේ පාර්සලේ දීලා ගියා.අම්මලු මේක දෙන්න කිව්වෙ අක්කට…”
“මොනවද ඕකෙ තියෙන්නෙ?…”
මං පාර්සලේ අතට ගනිද්දි හේෂාන් එහෙම ඇහුවෙ සැකෙන් වගේ.
“මගෙ කෑම එක.මං මමීට කෝල් එකක් දීලා කෑම එවන්න කිව්වා…”
“ගෙදරින් කෑම ගෙන්න ගන්නෙ මේ ගෙදර උයන කෑම ත/මු/සෙ/ගෙ උගුරෙන් පල්ලෙහාට යන්නැද්ද?…”
හේෂාන්ට කේන්ති ගිහින් මං ගෙදරින් කෑම ගෙන්න ගත්තු එකට.හොඳම වැඩේ.මට ඕනිත් ඒකම තමයි.මට පුලුවන්ද එයාලගෙ ගෙදර මේ ගමේ ගොඩේ කෑම කන්න.
“මට බෑ ඒවා කන්න.මාව කසාද බැන්දා නම් ත/මු/සෙ/ට පුලුවන් වෙන්න ඕනි මට ඕනි දේවල් අරන් දෙන්න.එහෙම බැරි නම් මාව ඩිවෝස් කරනවා…”
කසාද බැඳලා තවම පැය විසිහතරක් ගෙව්නෙ නැහැ.භවන්‍යා දික්කසාදෙ ඉල්ලද්දි හේෂාන්ගෙ ඇස් ලොකු උනා.
“බලාගෙන ඉන්නවකො මගෙ අහංකාර මැණිකා මං ත/මු/සෙ/ට ඩිවෝස් එක දෙයිද කියලා.ඒක නම් මගෙන් කවදාවත් බලාපොරොත්තු වෙන්න එපා…”
“එහෙනම් බලාගෙන ඉන්නවකො මොකද වෙන්නෙ කියලා.මේ කරපු දේට ත/මු/සෙ/ට හොඳ පාඩමක් උගන්නනවා මං…”
මමී එවලා තිබ්බ කෑම එක කෑවට පස්සෙයි මගෙ ඇ ඟ ට පනක් ආවෙ.උදේ ඉඳන් බඩගින්නෙ ඉඳලා මං හිටියෙ කලන්තෙ හැදෙන්න ඔන්න මෙන්න වගේ.කෝඩියල් හදාගෙන බීලා බිස්කට් කකා හිටියෙ.
“බඩ පිරුනද?…”
හේෂාන් ඇහුවා.
“ඔව්.මමීට පින් සිද්ද වෙන්න මගෙ බඩගින්න නිවුනා.මාව කසාද බැඳලා මිනිහට ඉතින් මට හරියට කන්න දෙන්නවත් බෑනෙ…”
මට ඕනි කොහොම හරි හේෂාන්ට මාව එපා කරවන්න.එතකොට කොහොමත් හේෂාන්ටම කාලයක් යද්දි මගෙන් ඩිවෝස් වෙන්න හිතෙයි.
“අහ්…. පින් කියන දේත් තමුසෙ එහෙනම් දන්නවා.මේ ගෙදර පැය විසිහතරෙම කන්න මොනවා හරිම දෙයක් තියනවා.මේ වහලෙ යට කිසිම කෙනෙක්ට බඩගින්නෙ ඉන්න උවමනාවක් නෑ.ත/මු/සෙ/ට කන්න අඳින්න අඩුපාඩු දෙන්න බැරි තරම් කොන්ද පන නැති බැරි මිනිහෙක් නෙවෙයි මං.ඒත් මිස්ටර් ගජසිංහගෙ මාලිගාවෙදි තිබ්බ සැප සම්පත් මෙහෙදි බලාපොරොත්තු වෙන්න එපා.මේක දුප්පත් ගෙදරක්…”
“එහෙනම් මොකටද මාව මැරි කරේ?මට ඕනි කරන දේවල්,මට ඕනි සැප සම්පත් දෙන්න බැරි නම් ඇයි මාව මැරි කරේ?…”
මං කෑ ගහලා අහද්දි හේෂාන්ගෙන් එහෙම ඇහුවා.
“මංම ඒකට උත්තර දෙන්නම්කො.මගෙ සල්ලි වලටයි දේපල වලටයි ආසාවෙනෙ ත/මු/සෙ මාව මැරි කරේ.ඉල්ලන ගානක් දෙන්නම් මට ඩිවෝස් එක දෙනවා.මට බෑ මේ අපායෙ දුක් විඳින්න…”
“පුතා…. ඇයි මේ දුවට කෑ ගහන්නෙ?ඒ දරුවා දෙමව්පියො ගාවදි බොහොම සැපට හැදිච්චි දරුවෙක් නිසා ඒ පුරුදු අතාරින්න අමාරු ඇති.දුව හිමිහිට වෙනස් වෙයි පුතේ.එතකල් ඉවසීමෙන් ඉන්න පුතේ.දුව ඉක්මනින් මේවට පුරුදු වෙයි…”
හේෂාන්ගෙ අම්මයි නංගියි තාත්තයි කාමරේට ඇවිත් උපදෙස් දෙන්න ගත්තා. ෆැමිලි ලයිෆ් එක ගැන විකාර ගොඩක් මට කියලා දුන්නා.හිතේ ඇති මං එයාලගෙ පුතණ්ඩියා එක්ක හැමදාම එකට ජීවත් වෙයි කියලා.
“මට උවමනාවක් නැහැ කාගෙවත් පදේට නටන්න.මේ ඔක්කොටම වැරදිකාරයා ත/මු/න් ගුණපාල.උ/බ/ලා මගෙ ඩැඩීගෙ සල්ලි වලට තියන,,,,,ආහ්,,,,
හේෂාන්ගෙ අතක් ගොස් වේගයෙන් ඇගේ කම්මුල මත පතිත විය.ඇගේ මේ ගතිගුණ මත ඔහු කොපමණ ඉවසාගෙන සිටියත් සිය මවටත් පියාටත් භවන්‍යා එවැනි අයුරින් කතා කරද්දි ඔහුට ඉවසන්නට පුලුවන් කමක් නැහැ.
“මං උ /බ/ට මෙහෙම කියන අන්තිම පාර භවන්‍යා.උ /බ මීට පස්සෙ මගෙ දෙමව්පියන්ට නම්බු දීලා වැදගත් විදියට කතා නොකරොත් මං බලාගන්නම්.දැන් ග/නි/න් මගෙ අම්මගෙනුයි අප්පච්චිගෙනුයි සමාව…”
හේෂාන් භවන්‍යාගෙ බාහුවෙන් ඇදලා තම අම්මයි අප්පච්චියි ගාවට තල්ලු කරා.ඒත් ඇය ඔවුන්ගෙන් සමාව ඉල්ලුවෙ නම් නැහැ. වේදනාවෙන් රිදුම් දෙන කම්මුලත් අල්ලාගෙන ඇය ඔහු දෙස කේන්තියෙන් බලාගෙන හිටියා.
“මගෙ යකා අවුස්සන්නැතුව සමාව ග නි න් භවන්‍යා…”
“මට උවමනාවක් නැහැ කාටවත් බාල්දු වෙන්න…”
භවන්‍යා කාමරේට දුවගෙන ගියා.
“දැන් ඕක අමතක කරන්න පුතේ.දුවත් එක්ක රණ්ඩු වෙන්න එපා.මේක එයා හැදිච්ච පිළිවෙලනෙ.දුව හිමිහිට මේවට හුරු වෙයි…”
හේෂාන්ට ඕනි මාව එයාගෙ දෙමව්පියො ඉස්සරහත් බාල්දු කරන්න.එයාලගෙම වරදි මේ දේවල් සිද්ද වෙලා දැන් කියනවා සමාව ගන්න කියලා.ඉක්මනටම ඩැඩීට කියලා මේකට මොනවා හරි කරන්නම ඕනි. නැත්නම් මට වෙන්නෙ මේ අපායටම වෙලා ඉන්න.
හේෂාන් ආපහු කාමරේට ආවෙ ගොඩක් රෑ වෙලා.දහයට විතර ඇති වෙලාව.මගෙ හිතට අමුතු තිගැස්මක් ඇති උනා හේෂාන් මගෙ දිහා බලපු විදියට.
“මගෙ අහංකාර මැණිකා මොකෝ මේ බය වෙලා වගේ?…”
හේෂාන් එහෙම ඇහුවෙ ඇඳේ කොනකින් වාඩි වෙන ගමන්.
“වැඩේමයි බය වෙන්න…”
“චුට්ටක්වත් බය නැද්ද?…”
හේෂාන් පියවරෙන් පියවර මගෙ ගාවට කිට්ටු වෙද්දි මං ඇඳේ අයිනටම ගිහින් නැගිට්ටා.මට ඉවෙන් වගේ දැනුනා හේෂාන් මොකටද මේ එන්න හදන්නෙ කියලා.ප /පු /ව/ ත් ගැහෙනවා.පළවෙනි පාරටයි හේෂාන් ඉස්සරහ මට බියමුසු හැඟීමක් ඇති උනේ.
කමිසෙ බොත්තම් ටික එකින් එක ගලවමින් හේෂාන් මගෙ දිහා මනමාල තාලෙට බලනවා මං ඇස් කොනකින් දැක්කා.
“පොඩ්ඩක් එනවකො ළඟට.ඔහොම බය වෙලා බෑ මැණිකා.අද අපේ හ/ නි/ මූ/ න් එක හොඳේ…”
ඇස් ලොකු කරගෙන බය වෙලා වගේ බලපු භවන්‍යා හේෂාන්වත් අහකට තල්ලු කරලා දොර ඇරගෙන කාමරෙන් එලියට දුවලා ගියා.
“අක්කා ඇයි මේ බය වෙලා වගේ?දාඩියත් දාලා…”
භවන්‍යා කෙලින්ම දුවලා ගියේ හේෂාන්ගෙ නංගිගෙ කාමරේට.ඇය මේ සැරේ උසස් පෙළ විභාගයට මුහුණ දෙන්න ඉන්නෙ.
“ඔයාගෙ අයියා මට කරදර කරන්න හදනවා…”
හසිදිට හොඳටම හිනා භවන්‍යා ඒ කියපු එකට.භවන්‍යා කාමරේ දොර වහලා ලොක් කරා.
“අක්කෙ ඒ ඔයාගෙ හස්බන්ඩ්.පිට කෙනෙක් නෙවෙයි.ඔයා හරියට කතා කරන්නෙ එයා ඔයාව %$& කරන්න හදනවා වගේනෙ…”
“මං ඔයාගෙ අයියව මැරි කරේ මගෙ ඩැඩීගෙ ඉල්ලීමට.මං හරියටම දන්නෑ ඩැඩී ඇයි මාව මෙහෙම ගෙදරක ලේලි කෙනෙක් කරවන තැනට අසරණ උනේ කියලා.ඔයාගෙ මහ ලොකු අයියට කියන්න එයාගෙ පාඩුවෙ ඉන්න කියලා.එහෙම නොවුනොත් මට සිද්ද වෙයි මං කව්ද කියලා හැමෝටම කියලා දෙන්න…”
ඒකට නම් හසිදි ටිකක් පසුබැස්සා.භවන්‍යා හේෂාන්ගෙ බිරිඳ උනත් ඇය ගජසිංහගෙ එකම දුව.යම්කිසි හෙයකින් භවන්‍යා අකමැති දෙයක් සිද්ද උනොත් එය හේෂාන්ගෙ ජීවිතේ අනතුරේ වැටුනා හා සමානයි.
“ප්ලීස් අක්කෙ මගෙ අයියගෙ ජීවිතේට නම් කරදරයක් වෙන්න ඉඩ තියන්න එපා.ඔයා නොදන්නවා උනාට අයියා ඔයාට ගොඩක් ආදරෙයි…”
“අයියා ආදරේ කරන්නෙ මට නෙවෙයි මගෙ සල්ලි වලට…”
භවන්‍යා කිව්වෙ කේන්තියෙන්.
“මගෙ අයියා ඔයාගෙ සල්ලි වලට ආදරේ කරන්නෑ අක්කෙ.ඒක ඔයාට දවසක තේරෙයි.ඔයා අයියත් එක්ක එකට ජීවත් වෙන්න ඔච්චරටම අකමැති නම් දෙන්නා කතා බහ කරලා තීරණයක් ගන්න.නැතුව මෙහෙම විහිළුවක් වෙන්න එපා.දැන් යන්න ඔයාගෙ කාමරේට.මට පාඩම් කරන්න තියනවා…”
හසිදි භවන්‍යාව කාමරෙන් එලියට දාලා දොර වැහුවා.ඒත් එක්කම කාමරේ දොර ළඟ හිටපු හේෂාන්ව දැකලා භවන්‍යාව ගැස්සුනා. හේෂාන් භවන්‍යාගෙ අතින් ඇදගෙන කාමරේට ආවා.
“ත/ මු/ සෙ/ ගෙ අකමැත්තෙන් කිසිම දෙයක් මට ඕන්නෑ භවන්‍යා.මං එලියෙන් නිදාගන්නම්.ත /මු/ සෙ ඇඳේ නිදාගන්නවා…”
එහෙම කියලා හේෂාන් කොට්ටෙයි සීට් එකකුයි අරන් කාමරෙන් එලියට ගියා.ඔය ගියාට මට නම් හේෂාන් ගැන සැකයි.රෑට මට නින්ද ගියාම ආපහු කාමරේට රිංග ගනියිද දන්නෑ.
ටික වෙලාවකට පස්සෙ මං දොර ඇරගෙන සාලෙට ගිහින් බැලුවා.හේෂාන් පේන්නවත් හිටියෙ නැහැ.කොට්ටෙයි සීට් එකයි සාලෙ පැත්තක තිබුනා.
මං හිමින් සීරුවෙ දොර ළඟට යද්දි මිදුලෙන් හේෂාන්ගෙ කටහඬ ඇහුනා.මං හිමින් ඒ කටහඬට ඇහුම්කන් දීගෙන හිටියා.හේෂාන් කාත් එක්ක හරි ෆෝන් එකෙන් කතා කියලා නම් හොඳටම තේරුනා.
සාලෙ ජනේලෙ ඇරලා මං හොරෙන් වගේ බැලුවා.මිදුලෙ අඹ ගහ යට බංකුවෙ වාඩි වෙලා හේෂාන් හිටියෙ කෝල් එකක.මෙච්චර මහ රෑ වෙලා හේෂාන් කාත් එක්ක කතා කරන්නෙ?
හේෂාන් ආපහු ගෙට ආවෙ පැය දෙකකට විතර පස්සෙ.
“නැගිටිනවා.දවල් වෙනකල් නිදාගෙන ගෙදර වැඩ කරන්නෙ කව්ද?මං ගෑ/ණි/යෙ/ක්/ව ගෙනාවෙ කොට්ටෙට නෙවෙයි.නැගිටලා ගිහින් උදේට කන්න උයලා ගේ අතුගාලා අස් කරලා දානවා.එහෙ වගේ මෙහෙ වැඩ කරන්න සවන්ට්ලා නෑ…”
හේෂාන් හදන්නෙ මාව ගෙදර සවන්ට් කරගන්න.එව්වා කොහෙද මාත් එක්ක. ගෙදරදි තේ එකක්වත් අපි හදාගන්නෑ.හැම දෙයක්ම සවන්ට්ලා කරලා දෙන්නෙ.
“මට උවමනාවක් නෑ මේ කොහෙවත් යන උ /න්/ට උයලා කන්න දෙන්න…”
“කොහෙවත් යන උ න්?….. මේ ගෙදර ඉන්නෙ මායි,මගෙ අම්මයි,අප්පච්චියි,නංගියි විතරයි.උ/ බ/ ට කොහොමද ඒ මිනිස්සු කොහෙවත් යන උ /න් උනේ?…”
හේෂාන් ඇයට ප/හ/ර දෙන්න හදද්දි ඇය ඇඳෙන් බිමට පැන්නෙ පැත්තක තිබ්බ කුඩේ අරගෙන.
“පුහ්…. කුඩේ ගත්තෙ මට ගහන්න වෙන්න ඇති…”
“ඔව්.ගහන්න තමයි…”
“ආ.ගහනවා බලන්න පුලුවන් නම්…”
මං හේෂාන්ට ගහන්න කුඩේ උස්සද්දි ඒ පහරින් වැලකුනු හේෂාන් මගෙ අතේ තිබ්බ කුඩේ උදුරලා විසික් කරා.
“කරන්න බැරි දේවල් නොකර හිටියොත් හොඳයි මගෙ අහංකාර මැණිකා.එනවා දැන් කුස්සියට ගිහින් උයනවා…”
හේෂාන් භවන්‍යාගෙ අතින් ඇදගෙන කුස්සියට ආවා.
“ඔතන තියන දේවල් වලින් බලලා මොනවා හරි උයනවා.මට බඩගිනියි…”
“මං උයන්න දන්නෑ…”
“මං කියලා දෙන්නම්.ඉක්මනට ඉගන ගන්නවා…”
“මට උවමනාවක් නැහැ උයන්න ඉගන. ඩැඩීගෙ ගෙදර කිචන් එකේ සවන්ට්ලා දෙන්නෙක් ඉන්නවා.අපි කවදාවත් තේ එකක්වත් හදාගෙන බීලා නෑ…”
“ඒ අම්මගෙ ගෙදර.නැන්දම්මගෙ ගෙදර ඇවිත් තමන්ට ඕනි විදියට ඉන්න ලෑස්ති වෙන්න එපා.මගෙන් ගුටි නොකා උයන්න ඉගන ගන්නවා…”
“මං ත/ මු/ සෙ/ ට බය නෑ…”
“බය නැති නිසා වෙන්න ඇති අද හ/ නි/ මූ/ න් එක කියපු ගමන් ගාල කඩා ගත්තු වැ ස් සි වගේ බයවෙලා කාමරෙන් එලියට දුවලා ගියේ…”
හේෂාන් නෝන්ඩියට වගේ භවන්‍යාට හිනා වෙවී කරවල කෑල්ලක් ගත්තා.
“මේක ක ප න වා මේ සයික් කෑලි වලට…”
“ඊ යා…. මට බෑ…”
“කෑම වලට ඊයා කියන්න එපා වැ ස් සි යෙ. ලබන ආත්මෙදි ත/මු/සෙ කන්න නැතුව මැ%$ යයි…”
“මේ මට වැස්සි වැස්සි කියන්න එන්න එපා. මං තමුසෙලා වගේ නැහැදිච්ච ගොඩේ කෙනෙක් නෙවෙයි.වැදගත් විදියට නම්බුකාරව හැදිච්ච උගත් කෙනෙක්.අපිට වැදගත් පරම්පරාවක් තියනවා.සල්ලි තියනවා දේපල තියනවා.තත්වයක් තියනවා.ත/මු/න්/ලා/ට මොනවද තියෙන්නෙ?…”
භවන්‍යා කියවගෙන කියවගෙන ගිය විදියට හේෂාන්ට කේන්ති ගියත් ඔහු නිශ්ෂබ්දව හිටියා.
මතු සම්බන්දයි.
අදහසක් දාගෙනම යන්න ළමයී