30 කොටස (අතුරු කතාංගය 02)-

“සැකය, අසාර්ථකත්වයට වඩා සිහින මරාදමයි…”

තාරක දෙනෙත් විවර කළේ බොහෝ වෙලාවකින් අනතුරුව ය. ඒ රැවුලෙන් පිරි තම කොපුල් තල පිරිමදින සියුමැලි අතැඟිලි පහසට ය. ඔහුගේ විවර වූ දෑස් මතට සදීෂාගේ කාන්තිමත් දෙනෙත හමුවිය.

“මහන්සිද..?”

ඈ විමසුවේ ඔහුගෙන් මිදී ඇඳ ඉහපතට පිට තබා හිඳගනිමිනි.

“ම්හු…”

ඔහු යන්තම් හිස සැලුවේ ය. එකදු විදුලි බුබුලක්වත් දල්වා නොතිබුණ ද කුටිය පුරා වූයේ ආලෝකයකි. එය බැසයන හිරුගේ අවසන් දෛනික හිරු රැස් පතනය සනිටුවහන් කරනු ලැබූ වෙලාව යි. කාමරයේ ඉදිරිපස බිත්තිය සමන්විත වූයේ වීදුරුවකිනි. එය වසාදැමිය හැකි තිරය සම්පූර්ණයෙන් ම පසෙකට කර දමා තිබිණි. එනයින් හිරු රැස් බාධාවකින් තොරව කුටිය සිසාරා පැතිරිණි.

සදීෂා නිහඬව ම යහනෙන් බටුයේ එතෙක් ගත වසාගෙන සිටි පොරවනය යහන මතට හෙලමිනි. පූර්ණ නග්න වතින් යුතු ඕ, තම දිගු දෙපා තබමින් කුටියේ වීදුරු බිත්තිය දෙසට යන ආකාරය දෙස තාරක බලාසිටියේ ය. ඈට වූයේ හැඩැති සරාගී ගතකි. ඒ මොහොතෙහි එහි වූ නාරි රේඛා බාධාවකින් තොරව ඔහුගේ දෙනෙත් පිනවමින් තිබිණි. ඈ කොණ්ඩය ගැට ගසාගත්තේ ඔහුට පිටුපා වීදුරුවෙන් ඉවත බලාගෙන ය. අනතුරුව ආපසු හැරී කුටිය තුළ ම වූ කුඩා පිහිනුම් තටාකය තුළට සෙමෙන් පා නැගුවා ය.

“එන්නැද්ද..?”

ඈ පිහිනුම් තටාකයෙහි හිණ තෙක් ගිලෙමින් විමසුවා ය. තාරක නිහඬව ම යහන මතින් නැගිට තම ජංගම දුරකතනය ද රැගෙන පිහිනුම් තටාකය තුළට ම පියමන් කොට සදීෂා අනුගමනය කරමින් එහි පඩියක් මත හිඳගත්තේ ඇයට මුහුණලා ය.

“ගමන ගැන සැටිස්ෆයිඩ්ද..?”

තාරක මඳක් බර හඬකින් විමසුවේ ය. සදීෂා මුව පුරා ඉතුරුණු සිනහවක් සමඟින් හිස ඉහළ-පහළ ගෙනගියා ය.

“මං මේ තරම් නිදහසේ ගමනක් ආවමද මන්දා…”

සදීෂා කීවේ නිහඬ තත්පර කිහිපයකින් අනතුරුව ය. තාරකට ඈ ගැන දැනුණේ සොවකි.

“අග්නි සදීෂා ද්‍රෞපදී කියලා කවුද නම දැම්මේ..?”

තාරක කතාව වෙන ම ඉසව්වකට ගෙන යන්නට වූයේ ය.

“කොහෙන්ද මගේ සම්පූර්ණ නම හොයාගත්තේ..?”

සදීෂා විමසුවේ මනහර සිනහවක් පාමිනි. තාරක ඒ දෙස බලමින් තම ජංගම දුරකතනයේ තිරය නිවා දමා එය තටාකයේ ගැට්ටක් මත තැබුවේ ය.

“හොටෙල් එකේ රිසෙප්ෂන් එකට NID එක දුන්න වෙලේ… ලැජ්ජත් හිතුන මට…”

තාරක කීවේ තටාකය වටා වූ ඇන්ද මතින් දෑත් දෙපසට විහිදුවමිනි.

“ඇයි ලැජ්ජා හිතුනේ..? මගේ නමටද..?”

නෙත් සිහින් කරමින් සදීෂා විමසුවා ය.

“අපෝ නෑ… ඒ නමට මං ආසයි… ලැජ්ජ හිතුනේ මාසයක් තිස්සේ එකට ඉන්න කෙල්ලගේ නම හරියට දන්නැති එක ගැන…”

තාරක කී විට සදීෂා යළි සිනහවක් නගාගත්තා ය.

“මාත් මෙච්චර කාලයක් එකම කෙනෙක් එක්ක හිටියමයි…”

ඇය කීවේ වීදුරුවෙන් එපිට වූ අනන්තයක නෙතු රඳවමිනි.

“ඇයි පර්මනන්ට් අෆෙයාර්ස් තිබ්බෙම නැද්ද..?”

තාරකගේ විමසුමට සදීෂා හිස දෙපසට සැලුවා ය.

“ඇයි..?”

තාරක විමසුවේ ය.

“මං බයයි මැරි කරන්න… මගේ අම්මි සුයිසයිඩ් කරගන්න කොට මට අවුරුදු හයක් විතර ඇති… එයා හරි ලස්සනයි… අම්මියි, තාත්තියි ලව් මැරේජ්. ඒත් තාත්තිට එක්ස්ට්‍රා මැරිටල් අෆෙයාර්ස් කීපයක්ම තිබිලා… අම්මිට සුයිසයිඩ් කරගෙන තියෙන්නේ ඒක දරාගන්න බැරුව… ඊට අවුරුදු දෙකකට විතර පස්සේ තාත්ති ආයේ මැරි කළා. ඒ ආන්ටිගෙනුත් අවුරුදු පහකට විතර පස්සේ ඩිවෝස් උනා… දැන් ඉන්නේ තාත්තිගේ ෆෝර්ත් (හතරවෙනි) වයිෆ්… ඒ මැරේජස් තුනෙන්ම පුතාලා හතරදෙනෙක් ඉන්නවා…”

සදීෂා මොහොතකට විරාමයක් ගත්තා ය.

“තාත්තිගේ තර්ඩ් (තුන්වෙනි) වයිෆ් මට සෑහෙන්න වෙනස්කම් කළා. ඒ නිසා තාත්ති මට වෙනම අපාර්ට්මන්ට් එකක් අරන් දීලා සර්වන්ට් කෙනෙකුයි, ඩ්‍රයිවර් කෙනෙකුයි වෙනම තිබ්බා… ඒ වෙන්වීම මගේ ජීවිතේ ලොකුම ටර්නින් පොයින්ට් එකක් උනා… එදා ඉඳන් මං තනියම ජීවත්වෙන්න ඉගෙනගත්තා. හුඟක් පුංචි වයසෙදිම මං ඉන්ඩිපෙන්ඩන්ට් උනා… තාත්ති මට ආදරේ කළා. ඒත් තාත්ති ආදරේ පෙන්නුවේ සල්ලිවලින්… දහඅට වෙච්ච ගමන් මං ලයිසන් අරගෙන තාත්තිට කිව්වා ඩ්‍රයිවර් ඕනේ නෑ කියලා… ඒලෙවල් ඉවර උනු ගමන් සර්වන්ට්වත් ආපහු තාත්තිගේ ගෙදරට යැව්වා… මගේ සිස්ටම් එකට මැච් වෙන යාලුවො ටිකක් හිටියා. මං හිටියේ එයාලා එක්ක… ඒ ඇරෙන්න මට ලොකු බැඳීම් තිබ්බේ නෑ… ඉතිං මට පර්මනන්ට් අෆෙයාර් එකක් තිබ්බේ නෑ… මං ආසත් නෑ…”

තාරක හිස සැලුවේ ය.

“What about me..? (මං එතකොට..?) ඇයි මාත් එක්ක මෙච්චර දවස් හිටියේ…”

තාරකගේ විමසුමට සදීෂාගේ දෙතොල් සරාගී සිනහවකින් සැරසිණි.

“Because you’re a marvelous f-cker…”

තාරක උස් හඬින් සිනාසුණේ ය.

“Is that all..? (එච්චරද..?)”

සදීෂා හිස දෙපසට සැලුවා ය.

“No… You’re a man with empathy and caring… (නෑ ඔයා සහකම්පනයක් සහ සැලකිල්ලක් තියන මිනිහෙක්…) එහෙම කෙනෙක් මගේ ජීවිතේට හම්බුණේ දෙවනි පාරට…”

සදීෂාගේ මුවග රැඳි මඳසිනහව වෙන ම කතාවකට අරඅදින්නාක් මෙනි. තාරකගේ සිත මඳක් තිගැස්සුණේ මන්දැයි ඔහු, තමාගෙන් ම විචාළේ ය.

“කවුද පළවෙනියා..?”

තත්පර කිහිපයක නිහැඬියාවකින් අනතුරුව ඔහු විමසුවේ ය.

“යශෝද්… එයාගේ නම යශෝද්… ඒත් ඉස්කෝලේ යන කාලේ හැමෝම දැනගෙන හිටියේ Silent Killer කියලා… මගේ කැම්පස් එකේම කොල්ලෙක්… ඔයාලගේ ඉස්කෝලේ… එයා කිංග්ස් එකේ HP (ප්‍රධාන ශිෂ්‍ය නායකයා) වෙලා ඉද්දි මම අපේ ඉස්කෝලේ HP වෙලා හිටියේ…”

සදීෂා කීවේ තාරක තිගැස්වමිනි. ඇගේ දෑස් නැවතත් නැංගුරම් ලා තිබුණේ වීදුරු බිත්තියෙන් එපිට වූ අනන්තයක ය.

“මොකක්ද ඒ කොල්ලගේ විශේෂත්වය..?”

තාරක විමසුවේ කුහුල් සිතිනි.

“යශෝද් හරි අමුතුයි… හරිම සයිලන්ට්. වියර්ඩ්. (ගුප්තයි.) එයාට තිබ්බේ එයාගෙම ස්ටයිල් එකක්… ගොඩක් ලස්සන, ජිම් බොඩි එකක් තියන කොල්ලෙක් නෙවි… ඩාර්ක් බ්‍රවුන්. ලේසියෙන් හිනාවෙන්නැති අඩි හයකටත් වඩා උස ලීන් ෆිසික් (කෘෂ ශරීරයක්) කොල්ලෙක්… කෙල්ලෙක් දිහා බැරිවෙලාවත් ඇහැ ඇරලා බලන්නැති තරම් අහංකාරයි… කිංග්ස් එකේ ඩිබෙට් ටීම් (විවාද කණ්ඩායම) එකෙත් හිටියා. දක්ෂ කථිකයෙක්… ස්කූල් ඔර්චෙස්ට්‍රා (වාද්‍ය වෘන්දය) එකේ හිටියා. හොඳට සින්ග් කරන්න පුළුවන්. හොඳ ගිටාර් ඇන්ඩ් පියෑනෝ ප්ලේයර් කෙනෙක්… ස්විමින් ඕල් අයිලන්ඩ් චැම්පියන් කෙනෙක්. ඒ වගේම ටාර්ගට් ෂූටින් (ඉලක්කයට වෙඩි තැබීම) චැම්පියන් කෙනෙක්… ඕලෙවල් නයින් ඒස්. ඒලෙවල් රෑන්කර් කෙනෙක්… Talented. Bright… A gifted person… (දක්ෂතා තිබ්බ. දීප්තිමත්… දක්ෂ මිනිහෙක්…) හැබැයි කේන්ති ගියාම යකෙක් වගේ. හරිම පළිගන්නා සුළු මනුස්සයෙක්… එයා එයාගේ ගෙදරින් ඈත්වෙලා හිටියේ. හේතුව මං දන්නෑ. තාත්තා යුද්ධෙන් මැරුණු ආමි ඔෆිසර් කෙනෙක්. අම්මා ටීචර් කෙනෙක්. තව කිංග්ස් එකේම මල්ලි කෙනෙකුත් හිටියා… ඒත් එයා ගෙදරත් එක්ක නෑ කියලා මං දන්නවා. කවදාවත් ඒකට හේතුවක් කියලත් නෑ… එයාට තිබ්බේ ෆුල්
කවර්ඩ් ප්‍රයිවසි (සම්පූර්ණයෙන්ම ආවරණිත පුද්ගලිකත්වය) එකක්… මං හිතන්නෑ එයාගේ හොඳම යාලුවා රුශාන්වත් එයා ගැන සේරම දන්නවා ඇති කියලා…”

තාරක, ඇයට දොඩමලු වීමට ඉඩහලේ ය. ඔවුන් සමීප වූ පසුව ම ඈ මෙතරම් කතා කළා ම ය.

“සයිලන්ට් කිව්වට එයා සෝෂල්… එයාට හොඳට කනෙක්ෂන්ස් තිබ්බා… දන්න විදියට එයා කොළඹ හිටියේ එයාගේ අම්මගේ අක්කා ගාව. අක්කගේ හස්බන්ඩ් තමයි කාශ්‍යප රත්වත්තේ කියන්නේ… ඔයා දන්නවනේ රත්වත්තේ ෆැමිලි එක ගැන..?”

සදීෂාගේ විමසුමට තාරක හිස සැලුවේ ය.

“කාශ්‍යප රත්වත්තෙගේ පුත්තු දෙන්නයි, තව ඔයාලගේ ඉස්කෝලෙම විසල් ගමගේ කියලා එයාගේ කසින් කෙනෙකුයි හිටියා… එයාලා අතරේ ලොකු ඒජ් ගැප් එකක් තිබ්බත් යශෝද් ආශ්‍රය කළේ එයාලව… කාශ්‍යප රත්වත්තෙගේ පවුලේ අනික් අය එක්කත් එයාගේ කන්ටැක්ට්ස් තියනවා තදටම. පරාක්‍රම රත්වත්තේ, එයාලගේ අනික් සහෝදර සහෝදරියන්ගේ ළමයි එක්ක එහෙම තමා යශෝද්ගේ වැඩි ආශ්‍රයක් තිබ්බේ… යශෝද් මොන කේස් එකක් දාගත්තත් පරාක්‍රම රත්වත්තේ එයාට කරදරයක් වෙන්න ඉඩතිබ්බේ නෑ… එක පාරක් පාටි එකකදි එයා පවිත්‍ර ධර්මබන්දුට ගැහුවා. ඇත්තම කිව්වොත් මුලින්ම ගැහුවේ පවිත්‍ර. ඒත් ඒ පාරින් පස්සේ පවිත්‍රට ආයේ අතක්වත් උස්සගන්න බැරි වෙන්නම යශ් ගැහුවා… යශෝද්ට අපි කිව්වේ යශ් කියලා… එදා යශෝද්ව පොලීසියට ගෙනිච්චට පරාක්‍රම රත්වත්තෙයි, මිත්‍ර රත්වත්තෙයි එයාව නිදහස් කරගෙන තිබ්බා… ඊටපස්සෙත් පාටි එකකදි දෙන්නා වලි දාගත්තා… හැබැයි එදා ප්‍රශ්නයක් උනේ නෑ…* කොහොමත් යශ් මොනා කළත් රත්වත්තෙලා එයාව ඩිෆෙන්ඩ් කරනවා…”

තාරක, සදීෂාගේ කතාව පෙරටත් වඩා උනන්දුවෙන් අසාසිටින්නට වූයේ තමන් දැනසිටි පුවතක් වෙනස් ම ස්වරූපයකින් ඈ මුවින් ඇසූ බැවිනි. යශෝද් විජේසිංහ සහ පවිත්‍ර ධර්මබන්ධු අතර කලකට ඉහත ඇති වූ කලහයට වත්මන් ආණ්ඩුවේ බලවත් ඇමැතිවරයෙකු වූ පරාක්‍රම රත්වත්තේ සහ නියෝජ්‍ය ඇමැතිවරයෙකු වූ මිත්‍ර රත්වත්තේ සම්බන්ධ වූ වගක් තාරක මෙතෙක් දැනනොසිටියේ ය. විසල් විදෙස්ගතව සිටි අවදියේ සිදු වූ මෙම සිදුවීමට සත්සර සහ තමන් සම්බන්ධ වූයේ විසල්ගේ ඉල්ලීම මත ය. නමුත් ඔහු දැනසිටියේ යශෝද්ගේ ඥාති සොහොයුරන් එක්ව ඔහුව එම ගැටලුවෙන් මුදාගත් බව පමණි.

“ඇයි යශෝද්, පවිත්‍ර ධර්මබන්ධු එක්ක වලි දාගත්තේ..?”

තාරක විමසුවේ ය.

“මං යශ්ට ආදරේ කරන්න ගත්තේ ඉස්කෝලේ යන කාලේ ඉඳන්මයි… එයා මට වඩා අවුරුද්දක් වැඩිමල්. ඒ උනාට මං කවදාවත් එයාට අයියේ කියලා නෑ. යශ් කියලමයි කතා කළේම… යශ් කවදාවත් මට ස්පෙෂල් කරලා සලකලා නෑ… ඒත් අනික් කෙල්ලන්ව වගේ මාව ඉග්නෝර් කරලත් නෑ. මට ප්‍රශ්නයක් උනාම පුලුවන් විදියට එයා මගෙත් එක්ක හිටියා… එයා කැම්පස් ආවම තමා මුලින්ම කෙල්ලෙක් ගැන හිතුවෙ කියලා එයාම දවසක් කිව්වා… ඒ කෙල්ල තමා සසඳි. බැච් එකේ ලස්සනම කෙල්ල නූනට ඒ ගර්ල් හරිම කියුට්, ටිකක් අහංකාර, බ්‍රයිට් කෙල්ලෙක්… අපේ ඉස්කෝලෙම මට අවුරුද්දක් බාල නංගි කෙනෙක්. වැඩි සද්ද බද්ද නෑ… යශ්ගේ හිතට ඒ ගර්ල් ඒ තරම්ම වැදුණේ ඇයි කියලා අදටත් මං දන්නෑ. ඒත් එයා කොහොම හරි ඒ ගර්ල් එක්ක යාලු උනා. ගෙවල් දෙකත් කැමති කරවගත්තා… ඒත් ඒ ගර්ල් ඉස්කෝලේ යන කාලේ ඉඳන් පවිත්‍ර ඒ ගර්ල්ට කැමැත්තෙන් හිටියා. ඒක ඒ කාලේ හැමෝම දන්න සීන් එකක්… පවිත්‍ර සසඳි ගෙන් ආස්ක්-අවුට් කළාම සසඳි ඒක රිජෙක්ට් කළා… ඒත් යශ් ට්‍රයි කරලා කොහොම හරි සසඳිව සෙට් කරගත්තා… ඔන්න ඔය හේතුව තමා මං දන්න තරමින් පවිත්‍රයි, යශුයි අතරේ තිබ්බ කේස් එක…”

සදීෂා විස්තර කළා ය.

“ඇයි එතකොට පරාක්‍රම රත්වත්තේ යශෝද්ව ඒ තරම් ඩිෆෙන්ඩ් කරන්නේ..?”

තාරක යළි විමසීය.

“යශ් ෆස්ට් ෂයි ඒලෙවල් කරලා කාශ්‍යප රත්වත්තෙගේ බිස්නස්වලට ජොයින් උනා… මං දන්න විදියට කාශ්‍යප රත්වත්තේ මැරෙන්න කලින් බිස්නස් එක බෙදන කොට එයාගේ පුතාලා දෙන්නට තරම් නැති උනත් යශෝද්ටත් සෑහෙන තරම් ශෙයාර්ස් ප්‍රමාණයක් වෙන් කළා. අදටත් ඒවගේ ප්‍රොෆිට් එනවා යශෝද්ට. දැන් නම් ඒවා හැන්ඩ්ල් කරන්නේ නදීජ රත්වත්තෙයි, සිතිජ රත්වත්තෙයි දෙන්නා… ඔය රත්වත්තේ ගෲප් එකේ කරන වැඩවලදි සමහර විට යශ්, පරාක්‍රමයි මිත්‍රයි එක්ක වැඩ කරන්නැති… සමහරවිට එහෙම ඩිෆෙන්ඩ් කරන්නේ එයාලගේ ශෙයා හෝල්ඩර් කෙනෙක් නිසා වෙන්නත් ඇති… අනික මං අහලා තියන විදියට කාශ්‍යප රත්වත්තේ යශ්ට සැලකුවේ එයාගේ බාල පුතා විදියට. ඒ නිසා එයාට කාශ්‍යප රත්වත්තෙගේ සිබ්ලින්ග්ස්ලා, රත්වත්තේ ෆැමිලි එකේ ළමයි එක්ක සම්බන්ධකම් ඇති… කොහොමත් ඒ කාලේ එයාට සෑහෙන කනෙක්ෂන්ස් හැදෙන්නැති බිස්නස් ෆීල්ඩ් එකේ. මං දන්න විදියට ඩ්‍රග් ඩීලර්ස්ලා, අන්ඩර්වර්ඩ් තග්ස්ලගේ ඉඳන් ලංකාවේ ටොප් බිස්නස්මන් වෙනකන් හැමෝම එක්ක ඒ කාලේ එයාට කනෙක්ෂන්ස් තිබ්බා… යශ් කවදාවත් කැම්පස් ඉද්දි මහපොළ, බර්සරි අරගෙන නෑ. හැබැයි එයාට සල්ලිවල අහේනියක් තිබ්බෙත් නෑ… මට තාමත් පුදුමයි එයා අච්චර ශෙයාර්ස් තියාගෙන එයාගේ කසින් කෙනෙක්ග
ේ ඔෆිස් එකක නෝර්මල් පෝස්ට් එකකට ගියේ ඇයි කියලා නම්… මං කිව්වේ විසල් ගමගේ කියලා බෝයි කෙනෙක් ගැන… අන්න එයාගේ කම්පැනි එකක වැඩ කරන්නේ දැන්…”

තාරක කල්පනාකාරීව හිස සැලුවේ ය.

“අනික ඔයා දන්නවද දන්නෑ… මීට අවුරුදු හත, අටකට විතර කලින් කැම්පස් කොල්ලෝ හතළිහක් විතර කිඩ්නැප් කරපු සිද්ධියක් උනා…”

සදීෂා ආරම්භ කළ මීළඟ මාතෘකාව ද තමන්ට ඉතා සමීප මාතෘකාවක් වූයෙන් තාරක එයට වහා ප්‍රතිචාර දැක්වූයේ ය.

“ඔව්…”

“ඒ කිඩ්නැප් කරපු අය අතරේ යශ්ගේ කසින් අයියා, විසල් ගමගේත් හිටියා… තව ඒ වයසේම රනුක කියලා අපේ කැම්පස් එකේ යුනියන් ලීඩර් කෙනෙකුත් හිටියා… ඒ දෙන්නව එතනින් මරන්නැතුව බේරගත්තේ පරාක්‍රම රත්වත්තේ නිසා…”

තාරක තිගැස්සුණේ ය. නමුත් පපුව තෙක් ජලයෙහි ඔහු ගිලීසිටියෙන් එම තිගැස්සුම සදීෂාගේ දෙනෙතට හසුනොවී ය.

“ඒත් රත්වත්තෙලා යුනියන් එක්ක කේස්නේ…”

තාරක කීවේ තවත් ඒ ගැන විස්තර දැනගනු රිසියෙනි.

“ඔව්. කේස් තමා… ඒත් විසල් ගමගේ කියන්නේ කාශ්‍යප රත්වත්තෙගේ වයිෆ්ගේ අයියගේ පුතානේ… රනුක කියන්නෙත් මොකක් හරි රිලේෂන්ශිප් එකක් එයාලට තියන කෙනෙක්… ඔය කිඩ්නැප් කේස් එක පිටිපස්සෙන් හිමේෂ් සිරිවර්ධනයි, වතික අතපත්තුයි දෙන්නා හිටියා කියනවා. ඒ දෙන්නා ප්‍රියංකර ධර්මබන්ධුගේ ලොකු පුතා සාගර ධර්මබන්ධුගේ ක්ලෝස් ෆ්‍රෙන්ඩ්ස්ලා. පාටීස් දෙකක උනාට එයාලා එකට කාලා, බීලා ඉන්න අය… සාගර කියන්නේ පවිත්‍රගේ ලොකුම අයියා… කොහොම හරි පරාක්‍රම රත්වත්තේ සාගර ලව්වා හිමේෂ්වයි, වතිකවයි කැමති කරවගෙන තියනවා විසල්වයි, රනුකවයි දෙන්නව නොමරා අතාරින්න… ආයේ පරාක්‍රමගේ බිස්නස් පාට්නර් කෙනෙක්ගේ පුතෙක් ඉඳලා තියනවා නඳුන් නිශ්ශංක කියලා. අර දෙන්නා වගේම එයාවත් බේරන්න කියල ඉල්ලලා පරාක්‍රම… ඒ දෙගොල්ලෝ අතරේ ගියපු ඩීල් එකක් විදියට තමයි විසල්වයි, රනුකවයි, නඳුන්වයි නොමරා බේරලා තියෙන්නේ… නැත්නම් උන් හිතන් ඉඳලා තියෙන්නේ අනික් කොල්ලෝ ගහලා යවලා විසල්වයි, රනුකවයි, නඳුන්වයි, තව එයාලා එක්කම හිටපු ඉමල්ක කියලා බෝයි කෙනෙක්වයි මරලා ඉවරයක් කරන්නලු. අර තුන්දෙනා බේරුනාට අනික් කොල්ලව නම් මරලා මං දන්න විදියට… පරාක්‍රම රත්වත්තෙට දරුවෝ නෑ. මං අහල තියන විදියට එයා කැමති
ම ඥාති පුත්තු ටික තමා නදීජ, ඡත්‍ර වගේම යශ් කියන්නේ. ඔය සිද්ධියෙත් විසල්වයි, රනුකවයි බේරන්න කියලා පරාක්‍රම රත්වත්තෙට ෆෝර්ස් කරලා තියෙන්නෙත් නදීජයි, යශුයි කියලා තමා මට ආරංචි උනේ…”

තාරක පසුවූයේ තෝන්තුවෙනි. මෙය ඔහු කිසිසේත් ම බලාපොරොත්තු නොවූ සැඟවුණු පුවතකි.

“යශුයි, එයාගේ යාලුවා රුශානුයි දෙන්නට දැනට අවුරුද්දකට විතර කලින් ඇක්සිඩන්ට් එකක් උනා. එතකොට යශ් ජාතිකේ ප්‍රසිඩන්ට්… ඒ ඇක්සිඩන්ට් එකත් හිමේෂ්ගෙයි, වතිකගෙයි වැඩක් කියලා තමා මට ආරංචි උනේ… ඒත් මට හරි පුදුම හිතුනා හැමදේටම කෑගහන ජාතිකේ ඒක සාමාන්‍ය ඇක්සිඩන්ට් එකක් ගාණට දාලා ඇයි සයිලන්ට් උනේ කියලා… ඒකෙන් රුශාන් නැති උනා. යශ් මාස ගාණක් හොස්පිට්ල් හිටියා. ICU ම හිටියා මාසයක් විතර… ඒත් එතනදි ජාතිකේ කිව්වෙම ඒක සාමාන්‍ය ඇක්සිඩන්ට් එකක් කියලා… කොහොම හරි ඔය ඇක්සිඩන්ට් එක නිසා පරාක්‍රම රත්වත්තේ සෑහෙන්න කේස් දාගත්තා හිමේෂ්ගේ තාත්තා පාලිත සිරිවර්ධන එක්ක… ආරංචි විදියට මිත්‍ර රත්වත්තේ ගිහින් ගහලත් තියනවා වතිකට එයාගේ මල්ලිව ඇක්සිඩන්ට් කෙරෙව්වා කියලා… ඒ ටිකේ ඒ කේස් තදටම තිබ්බා… ඔය ප්‍රශ්නේ යන්තම් ශේප් කරලා තියෙන්නේ ප්‍රියංකර ධර්මබන්ධු… නැත්නම් ඒක පක්ෂ දෙකේ අවුලක් වෙන තරම් දුරදිග යන්න තිබ්බලු… පරාක්‍රම රත්වත්තේ ශේප් වෙලා තියෙන්නේ යශ්ට සිහිය ආවට පස්සේ… මං දන්න විදියට යශ්ගේ ට්‍රීට්මන්ට්ස් සේරටම වියදම් කළේ නදීජ රත්වත්තෙයි, පරාක්‍රම රත්වත්තෙයි, විසල් ගමගේයි… ඒ වෙද්දි විසල් ගමගේ නම් ලංකාවේ හිටියේ නෑ වගේ මට මතක…”

තාරක සිටියේ මවිතයට පත්වෙමිනි.

“ඔයා කොහොමද දීෂා ඔච්චර දේවල් දන්නේ..?”

තාරකගේ පැනය ඇසූ සදීෂා කුඩා තටාකය පුරා නගන රැළි වෙත සිනහවක් පා කළා ය.

“මට කාලයක් පවිත්‍ර එක්ක ටිකක් තදට කන්ටැක්ට්ස් තිබ්බා… ඇත්තම කිව්වොත් ඒක අෆෙයාර් එකක් නෙවේ සෙක්ෂුවල් රිලේෂන්ශිප් එකක්… ඒත් පවිත්‍ර මාත් එක්ක සෑහෙන ක්ලෝස් උනා… එයාට අවුල් ගියාම එහෙම එයා සමහර වෙලාවට මාව හොයාගෙන මගේ අපාට්මන්ට් එකට එනවා ඒ කාලේ. ඒ ඇවිත් රෑ එළිවෙනකන් කතා කර කර ඉඳපු දවස් තිබ්බා… අනික යශ්ගේ ඇක්සිඩන්ට් එකෙන් පස්සේ මිත්‍ර රත්වත්තේ ඇවිත් වතික අතපත්තුට ගහපු වෙලාවේ පවිත්‍ර, එයාගේ අයියා එක්ක එතන ඉඳලත් තිබ්බා. පවිත්‍ර කියපු විදියට එදා මිත්‍ර රත්වත්තේ එක්ක නදීජ, සිතිජ, ඡත්‍ර, එයාලගේ තව කසින්ස්ලා සෙට් එකක්ම ඇවිත්. ඒ අය අතරේ විසල් ගමගේගේ අයියා එහෙමත් හිටියා කියලා කිව්වා. එදා නදීජ, පවිත්‍රටත් ත්‍රෙට් කරලා තියනවා මේකට නමක් හරි ගෑවිලා තිබ්බොත් මරනවා කියලා… යශ් එක්ක ප්‍රශ්න දාගත්තට පස්සේ පවිත්‍ර ගොඩක් අවුලෙන් හිටියේ සසඳි ගැන. පවිත්‍ර කිව්වෙම එයා පොලිටිකල් බේස් එකක් තියන එකෙක් උනත් යශ් තරම් ඩේන්ජරස් මනුස්සයෙක් නෙවේ කියලමයි. කොහොමත් පවිත්‍රයි, එයාගේ ගැන්ග් එකේ උනුයි යශ් ගැන කියන්නෙම ඩේන්ජරස් කොල්ලෙක් කියලා… සසඳි වගේ ඩෙලිකේට් ඇන්ඩ් සෙන්සිටිව් කෙල්ලෙක්ට යශ් වගේ රෆ් ඇන්ඩ් වියර්ඩ් කොල්ලෙක් මැච් වෙන්නෑ කියලමයි
පවිත්‍ර හැමතිස්සෙම කියෙව්වේ… ඒත් යශ් අදටත් සසඳිව අතෑරලා නෑ. සසඳිත් එහෙමයි. ඒ දෙන්නා අතරේ මාර බොන්ඩ් එකක් තියෙන්නේ. ඒක මං දන්නවා. මං දැකලා තියනවා… පවිත්‍රත් ඒක නොදන්නවා නෙවේ… ඒ නිසා පවිත්‍ර හිටියේ හරි හිතේ අවුලෙන්. එහෙම ඉන්න වෙලාවල්වල තමා ඕවා කතා කළේ මා එක්ක… එයා දන්නවා මං ෆුල් සීල් ටයිප් කෙල්ලෙක් කියලා…”

සදීෂා කීවා ය.

“පවිත්‍ර තාම සසඳිට ආදරෙයිද..?”

තාරකගේ පැනයට සදීෂා හිස සෙලවූයේ ඔව් යැයි කීමට ය.

“පවිත්‍ර වගේ ප්ලේබෝයි කොල්ලෙක්ගෙන් එක්ස්පෙක්ට් කරන්න බැරි තරම් එයා සසඳිට ආදරෙයි… ඒක එයාගේ ඇට, ලේ, මස්, නහර වෙනකම්ම කාවැදිච්ච ආදරයක්… ඒත් යශෝද්-සසඳි ලව් ස්ටෝරි එක මුළු කැම්පස් එකම හොල්ලපු, අමුතුම විදියේ ආදරයක්. ඒකත් කවදාවත් වෙනස් වෙයි කියලා හිතන්න බෑ…”

තාරක මොහොතක් සදීෂාගේ වත දෙස හොඳින් බලාසිටියේ ය.

“ඔයාට දුකද ඒ ගැන..? අයි මීන්, යශෝද් ඔයාට හිමි නොවෙන එක ගැන..?”

තාරකගේ විමසුමට සදීෂා සිනහවක් පා ඔහු දෙස බැලුවේ ය.

“නෑ… ආදරේ කරන්නේ ලබාගන්නම නෙවේනේ… යශ් මගේ උනා නම් මං කවදාවත් මේ වගේ ටෙම්පරි අෆෙයාර්ස් වල පැටලෙන එකක් නෑ. එහෙම උනා නම් එයා මත්තෙම ජීවත් වෙයි… ඒත් යශ්ගේ හුස්ම තියෙන්නේ සසඳි ගාව නම් මට බෑ ඒ දෙන්නා මැදට යන්න… අනික සසඳි ඉස්කෝලේ යන කාලේ ඉඳන් මට හරි ආදරෙයි… ඒත් මගේ හොඳම යාලුවෙක්වත් කැම්පස් යනකන් දැනන් හිටියේ නෑ මං යශ්ට ක්‍රෂ් කියලා… ඒ නිසා මට සසඳිට චෝදනා කරන්න බෑ ගර්ල්ස් කෝර්ඩ් කැඩුවා කියලා… කොහොමත් මං හිතන්නෑ සසඳි කොච්චර බෑ කිව්වත් යශ් එයාව අතාරීවි කියලත්… යශ්ට දෙයක් ඕනේ කියලා හිතුනොත් එයා ඒක කොහොම හරි ලබාගන්නවා. ඒක එයාගේ හැටියක්… යශ් හරි මුරණ්ඩුයි. දඩබ්බරයි… එයාම දවසක් මං ඉන්න තැන රුශාන් එක්ක කිව්වා එයාව ටේම් කරන්න පුලුවන් සසඳිට ඇරුනම එයාගේ කසින් අයියලා දෙන්නට විතරයි කියලා. ඒ කියන්නේ නදීජ රත්වත්තෙයි, විසල් ගමගේයි දෙන්නට… වෙන කාටවත් එයාව නවත්තන්න බෑ කියලා තමා එයා කිව්වේ…”

සදීෂාගේ දෙතොලෙහි ඇඳි සිනහව දුක්බර යැයි තාරකට සිතිණි.

“මට ඔය යශ්ගේ පවුලේ අය එක්ක සෑහෙන කන්ටැක්ට්ස් තියනවා… නදීජ රත්වත්තේ නම් ටිකක් අමුතු මනුස්සයෙක් යශ් වගේම… සිතිජ රත්වත්තේ නම් හොඳයි… මං දැන් තාත්තිගේ බිස්නස්වලට ජොයින් වෙලා ඉන්න නිසා මට එයාලව ෆන්ෂන්ස්, ඉවෙන්ට්ස් වලදි හම්බෙනවා… ඡත්‍ර රත්වත්තෙත් හරිම ස්ටබර්න් කැරැක්ටර් එකක්… මිත්‍ර රත්වත්තේ හරිම කපටියි… අනික් රත්වත්තෙලා මට ඩිරෙක්ට් කන්ටැක්ට් වෙලා නෑ තාම. එයාලා ගැන මං අහපුවා තමා තියෙන්නේ… විසල් ගමගේත් දැන් බිස්නස් ෆීල්ඩ් එකේ ඉන්නේ. එයාව නම් මං දන්නේ අපේ අක්කි කෙනෙක් නිසා…”

තාරක කතාවට බාධා කළේ ය.

“ඒ කිව්වේ..?”

සදීෂා මඳසිනහවක් පෑවා ය.

“විසල් ගමගේ US ඉන්න කාලේ මගේ අක්කි කෙනෙක් එයා යටතේ ප්‍රොජෙක්ට් එකක ඉන්ටර්න්ෂිප් ඉඳලා තියනවා… අක්කි ඒ කාලේ ඉඳන්ම විසල්ට ක්‍රෂ්… එයා අතුකෝරළ කම්පැනි ඕනර්ගේ එකම දුව. ශේෂානි අතුකෝරළ… හරිම ලස්සනයි. ඉන්දියන් ඇක්ට්‍රස් කෙනෙක් වගේ… ඒ දවස්වල විසල් ඉඳලා තියෙන්නේ බ්‍රේක්-අප් එකක් නිසා හාර්ඩ් සිටුවේෂන් එකක… ඒ නිසා අක්කි එයාගේ ෆීලින්ස් එක්ස්ප්‍රස් කරන්න ගිහින් නෑ…”

තාරක මොහොතක් කල්පනාවේ ගැලී සිටියේ සදීෂා වනාහි කෙතරම් වැදගත් චරිතයක් වනු ඇද්දැයි සිතමිණි.

“ඒ ගර්ල් කොහොමද ඔයාගේ කසින් කෙනෙක් වෙන්නේ..?”

තාරක විමසුවේ ය.

“Actually, she’s not my cousin… (ඇත්තටම එයා මගේ කසින් කෙනෙක් නෙවේ…) තාත්තිගේ සෙකන්ඩ් වයිෆ්ගේ අක්කා තමා ශේෂානි අක්කිගෙ අම්මි. අක්කි පොඩි කාලෙම කැන්සර් එකකින් එයාගේ අම්මි නැතිවෙලා… ඒ නිසා ආන්ටි බලන්න නිතර ආවා ගියා ඒ කාලේ… අපේ ඉස්කොලෙත්නේ… ඒ නිසා මගෙත් එක්ක අක්කි ගොඩක් ෆිට් උනා…”

තාරක මොහොතක් තටාකය මත ඔවුන් දෙදෙනා අතර වූ ජල තරංග දෙස බලාසිටියේ ය. මෙය මෙතරම් තොරතුරු රැසක් අනාවරණය කරගත හැකි ගමනක් වනු ඇතැයි ඔහු සිහිනෙකුදු නොසිතුවේ ය.

“ශේෂානි සිරාවටම ලස්සනද..?”

ඇසක් වසා ඉඟිකරමින් තාරක යළි ක්‍රීඩාව ආරම්භ කළේ ය. සදීෂා උස් හඬින් සිනාසුණා ය.

“She’s like an angel… (එයා සුරංගනාවියක් වගේ…) ඒත් දැන් නම් එයා හරිම රුත්ලස් බිස්නස්වුමන් කෙනෙක් වෙලා… මට එයාව දැන් බිස්නස් වැඩවලදි මීට් වෙනවා. ඉස්සර තරම් දැන් සොෆ්ට් නෑ අක්කි… තාත්ති නම් කියන්නේ එහෙම නැතුව බිස්නස් කරන්න බෑ කියලා…”

තාරක යළිත් කල්පනාවට බටුයේ ය.

“ඇයි තාරු ඔයා මේ දේවල් ගැන මගෙන් මෙච්චර අහන්නේ..?”

එකවරම සදීෂා විමසූ පැනයට තාරක කල්පනාවලියෙන් මිදුණේ ය.

“ඔයා කිව්ව සමහරු මං දන්න අය…”

ඔහු සත්‍යම පැවසූයේ යම් හෙයකින් ඇය ඔවුන’තර වූ සබඳතා දැනගතහොත් එය ඉදිරි වැඩකටයුතුවලට ගැටලුවක් විය හැකි බැවිනි.

“ඒ කිව්වේ..?”

සදීෂාගේ දෙනෙත් මවිතයෙන් විසල් වී තිබිණි.

“ඒ කිව්වේ, විසල් ගමගේ මගේ ඉස්කෝලේ හොඳම යාලුවෙක්. ඔයා කියපු විසල්, රනුක, නඳුන් වගේම අර කිඩ්නැප් සීන් එකෙන් මරපු ඉමල්ක කියන්නේ මගේ ඉස්කෝලේ හොඳම යාලුවො ටික… එතකොට මං විසල් නිසා නදීජ රත්වත්තෙවත් දන්නවා. ඌ අපිට අවුරුද්දක් සීනියර්… තව යශෝද්වත් දන්නවා. මොකද විසල් ඒ කාලේ දරුවෙක් හදනවා වගේ යශෝද් ගැන බැලුවේ… ඒ ඇර මං ඌව පර්සනලි දන්නවා විසල් නිසාම. යශෝද් ඉන්නෙත් විසලුයි, මායි එක්ක එකම අපාට්මන්ට් එකේ දැන්… උගේ කෙල්ලවත් මං දැකලා තියනවා… සිතිජ, මිත්‍ර, ඡත්‍ර, එයාලගේ අනික් රත්වත්තේ කසින්ස්ලත් ලොකුවට දන්නැති උනාට මං දැකලා තියනවා…”

සදීෂාගේ මුහුණ මත වූයේ බියපත් හැඟුම් ය.

“දීෂා… බයවෙන්නෙපා ඩාලින්. මං ෆුල් සීල් මනුස්සයෙක්… ඔයා කියපුවා මං වෙන කාටවත් කියන්නෑ…”

තාරක සාවද්‍ය ලෙස සපථ වූයේ ය.

“කොහොමත් පවිත්‍ර දැනගත්තොත් මං ඔයා එක්ක මේවා කිව්ව කියලා පොර මාව මරල දාවි…”

තාරකගේ සිත අනුකම්පාවෙන් බර විය. ඔහු, තම ජංගම දුරකතනය ගෙන මොහොතක් ඒ හා රැඳුනේ ය. එය අවසන්ව හිස ඔසවා බලන විට ඔහු දුටුවේ තවමත් කල්පනාවේ නිමග්නව වීදුරු බිත්තියෙන් එපිට නෙතු රඳවාගෙන හුන් සදීෂාව ය. ඔහු, දිය මතින් ම ඇදී ඈ වෙත ගියේ ය. අනතුරුව ඈ සිතන්නටත් මත්තෙන් ඇගේ දෙතොල, සිය දෙතොලෙහි ග්‍රහණයට නතු කරගත්තේ ය.

“Have you ever had sex in a pool..? (ඔයා කවද හරි පූල් එකක සෙක්ස් කරලා තියනවද..?)”

සදීෂාගේ දෙතොල් මුදවමින් තාරක විමසුවේ ය. ඇය හිස දෙපසට සැලුවා ය.

“ඊළඟ පාර මං ඔයාගෙන් මේ ප්‍රශ්නෙම ඇහුවම දෙන්න මීට වඩා පොසිටිව් උත්තරයක් ඔයාට තියේවි බේබි…”

තාරක කීවේ සදීෂා දෙසට මත්බර බැල්මක් හෙලමිනි. ඒ අතර ම ඔහු, ඇයව තටාකයේ බිත්තියක් මතට හේත්තු කරගත්තේ ය.

“Let me get into you… (මට ඔයාගේ ඇතුළට එන්න ඉඩදෙන්න…)”

ඔහු මිමිණුවේ ඈ තුළට ප්‍රවේශවෙමින් ම ය. තටාකයේ ජල තරංග උස්ව නැගෙන්නට විය. ඔවුන්ගේ සරාගී තාලයට අත්වැල් සැපයූවේ ජල තරංග ය. ඔවුන් දෙදෙනා, ඔවුන් දෙදෙනා සමඟ තනිවූයේ මොහොතකට බාහිර ලෝකය අමතක කරමිනි.

නිදාසිටින සදීෂා දෙස මොහොතක් බලාසිටි තාරක යහනෙන් බිමට බැස්සේ ය. අනතුරුව පසෙක ඇකිලී තිබූ පෙරවනය ගෙන සදීෂාගේ නග්න ගත වැසෙන සේ පෙරවූයේ ය. යහනෙහි පැති කබඩයක් මත වූ තම ජංගම දුරකතනය අතට ගත් තාරක නිරුවතින් ම පා තැබුවේ වීදුරු බිත්තිය අසලට ය. ඉන් පෙනෙන රාත්‍රී වනාන්තරය දෙස බලමින් ඔහු මොහොතක් කල්මැරුවේ ය. නිශ්චල මිනිත්තු කිහිපයකින් අනතුරුව ඔහු ජංගම දුරකතනය ගෙන පරීක්ෂා කරන්නට වූයේ ය. එහි පටිගත කළ හඬ පටය දෙස මොහොතක් බලාහිඳ එය යැවූයේ රනුකගේ නම්වරයට ය.

…Meka ahapan. Awama wisthara katha karamu…

(…මේක අහපන්. ආවම විස්තර කතා කරමු…)

රනුකගේ නම්වරයට ම එම කෙටි පණිවිඩය ද නිදහස් කළ ඔහු මොහොතක් කල්පනා කළේ ය. මෙහි ආවේ මෙවන් අරමුණක් පෙරදැරිව නොවුණ ද මේ ගමන සිතුවාටත් වඩා ප්‍රයෝජනවත් විය. ඔහුගේ සිතුවිලිවලට බාධා කරමින් දුරකතනය හැඬවූයේ කෙටි පණිවිඩයක් පැමිණි බව කියමිනි. තාරක බලාපොරොත්තු වූයේ රනුකගෙන් ප්‍රතිචාරයක් වුවත් පැමිණ තිබූ කෙටි පණිවිඩය වූයේ විසල්ගේ නම්වරයෙනි.

…Heta mata shesha ekka dinner ekak. Satha aiya out of colombo. Yash kella ekka out ekakata yanawa kiwwa. Uba gawa extra key ekak thiye neda?…

(…හෙට මට ශේෂා එක්ක ඩිනර් එකක්. සතා අයියා අවුට් ඔෆ් කලම්බු. යශ් කෙල්ල එක්ක අවුට් එකකට යනවා කිව්වා. උඹ ගාව එක්ස්ට්‍රා කී එකක් තියේ නේද?…)

විසල්ගේ විමසුමට කෙටි පණිවිඩයක් තැබූ තාරක දුටුවේ රනුකගෙන් ලැබී ඇති මහපටඟිල්ල එසවූ සලකුණ ය. විසල්ගේ නමින් යළිත් පැමිණි තහවුරු කිරීමේ කෙටි පණිවිඩය බැලූ ඔහු යළිත් යහන වෙතට යන්නට පා නැගුවේ සිතුවිල්ලේ ගිලෙමිනි.

.

Advertisment