“මාව පරද්දන්න?…. හහ් හහ් හා…. මේ ගජසිංහව පරාද කරන්න පුලුවන්ද ය / කෝ උ / ඹ/ ල/ ට?මං කව්ද කියලා නොදැනද මාත් එක්ක හැප්පෙන්න හදන්නෙ?මං දිනන එක නවත්තන්න කාටවත්ම බෑ…”

“අසාදාරණේ හැමදාම රජ කරන්නෑ මහත්තයො.මෙදා පාර නම් මේ දුප්පත් අහිංසක මිනිස්සුන්ව රවට්ටන්න මහත්තයට බෑ.මහත්තයා මේ සැරේ චන්දෙ පරදිනවා පරදිනාවමයි…”

ගමේ එක මනුස්සයෙක් ඩැඩී ඉස්සරහට ඇවිත් කිසිම බයක් සැකක් නැතුව එහෙම කියද්දි ඩැඩීගෙ ඇස් උඩ ගියා.ඩැඩී විතරක් නෙවෙයි මායි මමීයි දෙන්නත් පුදුම උනා ඒ මනුස්සයගෙ කතාවට.

ගමේ දුප්පත් මිනිහෙකුට පුලුවන්ද ඇමති කෙනෙක් වෙච්චි මගෙ ඩැඩීට එහෙම කතා කරන්න.අපි කවුරු කියලා හිතාගෙනද දන්නෑ ඉන්නෙ.පොඩ්ඩක් බුරුල දුන්නම උ/ න් එනවා අපේ කරේ නගින්න.

මං ඒ මිනිහට දෙකක් කතා කරන්න යද්දි මමී මගෙ අතින් ඇදලා මාව නැවැත්තුවා.එයා කවදත් ඩැඩීගෙ ඔය දේශපාලන වැඩ වලට එතරම් කැමැත්තකින් නෙවෙයි හිටියෙ.

“ඔයාට බෑ දුව ඒ මිනිස්සු එක්ක හැප්පෙන්න. මෙන්න මෙහාට වෙලා ඉන්න…”

“මමී මොනවද මේ කියන්නෙ?ඒ ඉන්නෙ මේ ගමේ කිසිම වැදගත්කමක් නැති දුප්පත් උ / න්.උ / න්/ ට බෑ මගෙ ඩැඩීට ඔහොම කතා කරන්න.අපේ තරම මං උ/ න්/ ට කියලා දෙන්නම්…”

මං කේන්තියෙන් එහෙම කිව්වෙ ජනේලෙන් පහල බලමිනුයි.හිතුවාටත් වැඩිය සෙනඟක් ඇවිත්.ඒත් මගෙ ඩැඩී පොඩ්ඩක්වත් බය නෑ. චන්ද කාලෙට මේ ගෙදර වාතාවරණය ඔහොම්මමයි.කිසිම නිදහසක් නෑ.කොයි වෙලේ බැලුවත් ගමේ කවුරු හරි කෙනෙක් අපේ ගෙදර.

“ඔක්කොටම කලින් මනුස්සයෙකුට නම්බු දීලා කතා කරන්න පුරුදු වෙන්න දුව.කොළඹ ලොකු ඉස්කෝලෙකට යවලා උගන්නලත් ඔයාගෙ ඔය ගතිගුණ තාම නැති වෙලා නැද්ද?…”

“ගරු කරන්න උ / න් ගාව මොනවද තියෙන්නෙ මමී?අනික අපි දැනගන්න ඕනි අපේ තත්වෙයි නම්බුවයි ආරක්ෂා කරගෙන ජීවත් වෙන්න.මං මමීට හැමදාම කියනවා ගමේ මිනිස්සුන්ව ගේ ඇතුලට ගන්න එපා කියලා.ඒත් කියන දේ අහනවද නෑනෙ. මමීගෙ ඔය හිත හොඳකම නිසා තමයි උ / න් අද කිසිම බයක් සැකක් නැතුව ඩැඩීගෙ ඉස්සරහටම ඇවිත් ඔහොම කතා කරන්නෙ..”

මං මමීත් එක්ක පල්ලෙහාට ගියා.ගමේ මිනිස්සු එයාලගෙ ඉල්ලීම් දිනාගෙන මිසක් දැන්මම ආපහු යන පාටක් නෑ.බොඩි ගාඩ්ලා ඩැඩීව වට කරගෙන ඉන්න නිසා බයක් නෑ. නැත්නම් ඔය දුප්පත් එ/ වු/ න්/ ව මට සත පහකට විශ්වාස නෑ.උ/ න් ඩැඩීට මොකක් හරි අනතුරක් කරොත් එහෙම.

“හහ් හහ් හා….. උ/ ඹ කොහොමද ගුණපාල කියන්නෙ මං චන්දෙ පරදිනවා කියලා?මං මේ චන්දෙ ඉහලින්ම දිනනවා.මොනවද ඔට්ටු?…”

“ඒ පාර මෙයා මොනවා අල්ලයිද දන්නෑ ඔට්ටුවට.ගිය සැරේ චන්දෙ දිනනවා කියලා කෝටි ගානක් වටින මේ ගේයි ඉඩමයි ඔට්ටුවට ඇල්ලුවා.වෙලාවට දින්නෙ.පැරදුනා නම් අපි සේරම මහ පාරෙ තමයි…”

මමී තමන්ටම වගේ හිමින් එහෙම කියා ගත්තෙ ඩැඩී ඔට්ටුවට මොනවා අල්ලයිද කියලා බයෙන්.මොනවා ඇල්ලුවත් මට නම් බයක් නෑ.මගෙ ඩැඩී අනිවාර්යයෙන්ම මේ චන්දෙ දිනනවා.එයාව පරද්දන්න කාටවත්ම බැහැ.

“හරි එහෙනම්.මහත්තයට හොඳටම විශ්වාසයිද මහත්තයා මේ චන්දෙ දිනනවා කියලා?…”

“ඔව්…”

ගුණපාල එහෙම අහද්දි ගජසිංහ ගාම්භීර ප්‍රතාපවත් හඬින් ඔව් කියලා කිව්වෙ වටපිට ඉන්න අය දෙස දෙස උජාරුවට බලමින්. එවලෙහිම ගුණපාලගෙ දෑස් යොමු උනේ ගජසිංජ ඇමතිගෙ දුව භවන්‍යා වෙත.ඒක කවුරුවත් දැක්කෙ නැහැ.ගුණපාල මදක් ඉදිරියට ගියා.

“මහත්තයා මේ චන්දෙ දින්නොත් අපි අපේ කැමැත්තෙන්ම කුඹුරු ටික මහත්තයට දෙනවා…”

ගජසිංහගේ මුහුණේ ඇඳුනෙ සමච්චල් සහගත සිනහවක්.දැන දැනම අමාරුවෙ වැටෙන්න හදන මෝ / ඩ රැලක් විදියටයි ඔහු ගුණපාල ඇතුළු ගමේ අනික් මිනිස්සුන්ව දැක්කෙ.

“එහෙනම් උ / ඹ /ම කියහන්කො ගුණපාල මං පැරදුනොත් මොනවද ඕනි කියලා?…”

මදක් නිශ්ෂබ්ද වුනු ගුණපාල ගජසිංහගේ මහන්තත්වය නැති කිරීමට අපූරු උපායක් කල්පනා කරා.ඔහුට සියයට අනූවක්ම විශ්වාසයි ගජසිංහ මේ වතාවෙ නම් චන්දෙන් පරදින බව.

“මහත්තයා චන්දෙන් පැරදුනොත් භවන්‍යා බේබිව මගෙ පුතාට කසාද බන්දලා දෙන්න ඕනි…”

“හරි මං කැමතියි…”

මගෙ බ/ ඩ ප/ පු/ ව සීතල වෙලා ඩැඩී එක පාරින්ම ගුණපාල ඒ කියපු දේට කැමැත්ත දීපු එකට.අත පය වෙව්ලන්න ගත්තා. ඊටත් වඩා ගුණපාල ගැන මට ඇති උනේ කේන්තියක්.

කේන්තියෙන් උන්නු මං ගුණපාල ගාවට ගියේ හොඳවයින් දෙකක් කියලා දෙන්න.

“මං කවුරු කියලා හිතාගෙනද ත/ මු/ න් කතා කරන්නෙ?තමන්ගෙ තත්වෙ දැනගෙන ජීවත් වෙන්න පුරුදු වෙනවා.දුප්පත් හි/ ඟ/ න්/ නු…”

“ඒ……. යී…”

එකපාරටම සෙනඟ අතරින් තර්ජනාත්මක හඬින් කෑ ගහගෙන මං ඉස්සරහට ආපු මිනිහෙක් මගෙ අතින් තද කරලා ඇල්ලුවෙ අතේ දාගෙන හිටපු වලලු ටිකත් කැඩිලා සල සලාං හඬින් බිම වැටෙද්දි.කැඩුනු වලලු වලට තුවාල වෙලා මගෙ අතින් *ල් බිංදු ගලාගෙන ගිහින් ටයිල් පොලව මතට වැටුනා.

“මගෙ අත අතාරිනවා.කව්ද ත/මු/න්?ආව්…”

උරහිස ගාවට එනකල් කොණ්ඩෙ වවලා, අතේ බෑන්ඩ් ගොඩක් දාලා,කරෙත් මාල වගයක් දාගෙන චුයින්ගම් එකක් හප හපා හිටපු ඒ මි නි හා නොම්මර එකේ ම/ දා/ වි/ යෙ/ ක් කියලා මට හිතුනා.අත පුරාම පච්ච. මට අප්පිරිය හිතුනා ඒ මි නි හා දිහා බලන්නත්.

මගෙ මූණට ඇඟිල්ල දිගු කරලා ඇස් වලින් තර්ජනේ කරනවා වගේ මොනවද කියපු ඔහු ගමේ මිනිස්සුත් එක්ක යන්න ගියා.

මගෙ අත දැවිල්ලයි ඉන්න බෑ.මං ඩැඩී දිහා බැලුවෙ කේන්තියෙන්.වෙච්චි දේ ගැන ඩැඩීට කිසිම ගානක් නැහැ.සැහැල්ලුවෙන් හිනා වෙනවා.මමී නම් ඉන්නෙ හොඳටම බය වෙලා.

“මොකක්ද ගජේ ඔයා ඒ කරපු වැඩේ?ඔයා දේශපාලනය කරන්නෙ තමන්ගෙ දුවගෙ ජීවිතේ ඔට්ටුවට තියලද?ඔයාට මේ දරුවගෙ ජීවිතේ සෙල්ලමක් උනාද ගජේ?…”

මට කලින් මමී ඉස්සර උනා.මමී කොච්චර කේන්තියෙන් කතා කරත් ඩැඩී ඒ කිසිම දෙයක් ගනන් ගත්තෙ නැහැ.තමන් මේ චන්දෙන් දිනන බව ඩැඩීට සීයට දෙසීයක්ම ශුවර්.

“රිලැක්ස් ඉන්දුත්තරා රිලැක්ස්.ඔයා ඇයි මේ බොරුවට බය වෙලා කෑ ගහන්නෙ?…”

ඩැඩී ඇහුවෙ සැහැල්ලුවෙන්.

“බොරුවට නෙවෙයි මං බය වෙලා ඉන්නෙ ඇත්තට ගජේ.ඔයාට තමන්ගෙ දරුවා නැතුව වෙන දෙයක් තිබ්බෙම නැද්ද ඔය ඔට්ටුවට අල්ලන්න?ඔයාට කිසිම හිතක් ප/ පු/ ව/ ක් නැහැ ගජේ?…”

“ඔයාට තවම මගෙ මේ දේශපාලනේ ගැන තේරෙන්නෑ ඉන්දුත්තරා.කවදාවත් කිසිම කෙනෙක්ට බෑ මේ ගජසිංහව පරාද කරන්න. ඔයා හොඳටම දැක්කනෙ ගිය හැම වතාවකම මං ඉහලින්ම දිනපු හැටි?මං චන්දෙන් දිනන බව සීයට සීයක්ම ස්ථ්‍රීරයෙන්ම දන්න නිසයි ගුණපාලගෙ පුතාට අපේ දුවව බන්දලා දෙන්න කැමති උනේ…”

දේශපාලනේදි ඩැඩී කවදාවත් පැරදිච්ච කෙනෙක් නෙවෙයි.හැම වතාවකම ඩැඩීට උවමනාව ප්‍රමාණෙටත් වඩා චන්ද ප්‍රතිශතයක් ලැබුනා.ඩැඩීගෙ වටේ ඉන්නෙ ශක්තිමත් මිනිස්සු ටිකක්.එයාලා ඉන්නකල් ඩැඩීව වට්ටන්න කාටවත්ම බැහැ.

“බැරි වෙලාවත් ඔයා පැරදුනොත්?…”

මමී ඇහුවා.ඩැඩී හිනා උනා.මමීට කේන්තියි. ඩැඩී ඉන්නෙ හිතේ ලොකු විශ්වාසයක් තියාගෙන.

“එහෙම වෙන්නෑ ඉන්දුත්තරා.මං අනිවාර්යයෙන්ම දිනනවා.පල්ලෙහා තියන කුඹුරු අක්කර සේරම මට නිකන්ම ලැබෙනවා….. ඕ කු න් ඉල්ලගෙන කෑවා ඉන්දූ.හහ් හහ් හා…”

“වැඩිය උඩ පනින්න එපා ගජේ.මතකයිනෙ ගිය පාර නාලන්ද ඇමතිතුමාට වෙච්චි දේ?ඒ මනුස්සයත් ඔය විදියටමයි කියෙව්වෙ. අන්තිමේදි උනේ මොකක්ද.ඇමතිකමක් නෑ මන්ත්‍රීකමත් නෑ…”

“බය නැතුව ඉන්නකො ඉන්දු…”

මමී first aid box එක ගෙනත් මගෙ අතට බෙහෙත් දැම්මා.අර යක්ෂයා වලලු ටිකත් එක්ක අල්ලලා මගෙ අත මිරිකපු හැටි.අත වටේටම තුවාල වෙලා.මට බැරි උනානෙ උ / ගෙ කනට එකක් දෙන්න.

“ඒ මිනිහා කව්ද ඩැඩී?…”

“ඒ / කා ගුණපාල…”

“එයා නෙවෙයි ඩැඩී.මගෙ අත තුවාල කරපු එ/කා…”

“ඒ ගුණපාලගෙ පුතා…”

“මොකක්??…”

භවන්‍යාගෙ ඇස් ලොකු උනා ඔහු ගුණපාලගෙ පුත්‍රයා බව දැනගත් විට.ඒකයි එහෙනම් ඔහු කිසිම බයක් සැකක් නැතුව තමාට තුවාලත් කරලා නිහඬව තර්ජනේ කරලා ගියේ.

“දූ බය නැතුව ඉන්නකො.ඕ /කු/ න් හිතාගෙන ඉන්න දේවල් මේ කපේදි සිද්ද වෙන්නෑ.තව සතියයිනෙ තියෙන්නෙ.ඊට පස්සෙ උ/ න්/ ගෙ කටවල් ඉබේම වැහිලා යයි…”

“උ/ න්/ ගෙ කටවල් වැහෙයිද මෙයාගෙ කට වැහෙයිද දන්නෑ ඊළඟ සතිය වෙද්දි…”

මමී ගෙට ගියේ ඩැඩීට එහෙම කියාගෙන.

සතියක් ගෙවිලා ගිහින් චන්දෙ තියන දවස් උදා උනා.පහුගිය දවස් ටිකේම ඩැඩී හිටියෙ ගොඩක් කාර්යබහුල වෙලා.රැස්වීම්,විවිධ උත්සව අවස්ථා වලට සහභාගී වෙලා ඩැඩී ගෙදර එද්දි පාන්දර එක දෙක උනා.ගොඩක් කැපවීමෙන් ඩැඩී දේශපාලනේ කරේ.

මං පළවෙනි වතාවටයි මේ සැරේ චන්දෙ දැම්මෙ.ඒකත් ඩැඩීට.අවුරුදු විස්සක් වෙච්චි මං උසස් පෙළ විභාගය ඉවර කරලා නිවසට වෙලා උන්නෙ ලබන වසරෙදි වැඩිදුර අධ්‍යාපනය සඳහා ඕස්ට්‍රේලියාවට යෑමේ බලාපොරොත්තුව ඇතිවයි.

චන්දෙ දාලා එන ගමන් මං කාරෙක නවත්තලා කොෆි ශොප් එකට ගිහින් එලියට එනකොටම කව්ද මන්දා මනුස්සයෙක් ඇවිත් මගෙ ඇඟේ දඩාස් ගාලා හැප්පුනා.

“උඩ බලාගෙනද ඕ / යි ඇවිදින්නෙ?ඇස් පේන්නැද්ද?…”

වැරැද්ද තමන්ගෙ උනත් භවන්‍යා බැන්නෙ ඔහුට.ඇය ඔහුට ගහන්න හදද්දියි අඳුරගත්තෙ ඔහු ගුණපාලගෙ පුත්‍ර්‍යා බව.

“ඇයි මැඩම් ගහන්නද අත ඉස්සුවෙ?…”

හේෂාන් කට කොනකින් හිනා වෙලා භවන්‍යා දිහා බැලුවා.

“ඔව්.ඇයි බැහැ කියලා හිතුවද?…”

“ආ එහෙනම් ගහනවා බලන්න…”

අහල පහල මිනිස්සුත් එක්කෙනා දෙන්නා මේ සිදුවීම දෙස බලාගෙන ඉන්න බව භවන්‍යා දුටුවා.ඇයට කේන්තියත් එක්ක ලැජ්ජාවකුත් ඇති උනා.

භවන්‍යා අත දිගෑරලා හේෂාන්ගෙ කම්මුලට ගහන්න හදද්දි හේෂාන් ඒ පහරින් වැලැක්විලා භවන්‍යාගෙ අත අල්ල ගත්තා.

“මගෙ අත අතාරිනවා.ත/ මු/ සෙ දන්නවනෙ මං කව්ද කියලා?මාත් එක්ක හැප්පෙන්න ඇවිත් අමාරුවෙ වැටෙන්න එපා…”

“අපෝ ඔව්.මං හොඳට දන්නවා තමුන් අර ගජසිංහ ඇමතිතුමාගෙ අහංකාර දුව කියලා. බලමුකො ඇමතියා මේ සැරේ සල්ලං වෙන හැටි.මතකයිනෙ?චන්දෙ පැරදුනාම වෙච්චි පොරොන්දුව ඒ විදියටම ඉශ්ඨ කරන්න ලෑස්ති වෙලා ඉන්න කියනවා අප්පොච්චාට…”

හේෂාන් භවන්‍යාගෙ අත අතෑරලා ශොප් එක ඇතුලට ගියා.වෙච්චි දේ ගැන භවන්‍යාට හොඳටම කේන්තියි.වටපිට බලපු ඇය දුටුවා කඩේ ඉස්සරහ නතර කරලා තියන හේෂාන්ගෙ බයික් එක.දෙවරක් නොසිතූ ඇය එහි රෝද දෙකේම හුලං ඇරලා බයික් එක පෙරලුවා.

“ඒ…. යී ඕක නවත්තනවා ඕ/යි.මගෙ බයික් එක ඔය.ත/ මු/ සෙ/ ට මොකද වෙලා තියෙන්නෙ?…”

ශොප් එක ඇතුලෙ ඉඳන් දුවගෙන ආපු හේෂාන් භවන්‍යාව පැත්තකට ඇදලා දාලා බයික් එක බේරගත්තා.භවන්‍යා ගැන හේෂාන්ට දැනුනෙ දැඩි කේන්තියක්.

“මං ගජසිංහ ඇමතිතුමාගෙ එකම දුව.මාත් එක්ක හැප්පෙන්න ඇවිත් දිනන එක තමුන්ට ඒ තරම් ලේසි දෙයක් නෙවෙයි.මං ඩැඩීට කියලා ත/මු/න්/ට හොඳ පාඩමක් උගන්නනවා.බලන් ඉන්නවා මොකද වෙන්නෙ කියලා…”

“හරි මැඩම්.පුලුවන් දෙයක් කරලා පෙන්නනවකො එහෙනම්.ඔක්කොටම කලින් මගෙ බයික් එක හදලා දෙනවා…”

“මට තමුන්ලා වගේ දෙකයි පනගෙ ගො/ ඩ/ යො/ ත් එක්ක කතාවක් නැහැ.තමන්ගෙ තත්වෙට ගැළපෙන මිනිස්සු ආශ්‍රය කරනවා අපිත් එක්ක එල්ලෙන්න එන්නැතුව…”

භවන්‍යා හේෂාන්වත් අහකට තල්ලු කරගෙන කාරෙකේ නැගලා ගියා.හේෂාන් වැනි දුප්පත් මිනිස්සුන්ව භවන්‍යා සතේකටවත් මායිම් කරේ නැහැ.දුප්පත් මිනිසුන් ගැන ඇය කවදත් දැනුනේ දැඩි පිලිකුලක්.සිය පියාගේ සල්ලියි බලයයි නිසා ඇය සිටියේ මහත් ආඩම්බරයෙනුයි.

“ඩැඩී කෝ මමී?…”

“ඔන්න දැන්ම ඉඳන් පාර්ටි දානවා උඩ බැල්කනි එකේ.තවම චන්ද ප්‍රථිපල කියන්න පටන් ගත්තෙත් නෑ.මෙයා දිනලත් ඉවරයි…”

ඉන්දුත්තරා කිව්වෙ සාලෙට වෙලා පොතක් බලන ගමන්.තවම චන්ද ප්‍රථිපල විකාශනය පටන් නොගෙන තිබුනත් ගජසිංහ දැන්මම නිවසේ පාර්ටි දාලා ජය සමරන්න පටන් අරන්.තමාගේ ජයග්‍රහණය ගැන ඔහුගෙ සිත තුළ තිබුනේ දැඩි ආත්ම විශ්වාසයක්.

“අපේ ඩැඩී එක්ක හැප්පෙන්න කාටවත් බෑ මමී.එයා අනිවාර්යයෙන්ම මේ සැරෙත් දිනනනවා…”

“හෙට උදේට ගෙදරට එන හැමෝටම කිරිබත් දෙන්න කියලා ඩැඩී කිව්වා.මුළු ගමම එනවලු එයාට සුබ පතන්න.මගෙ හිතට නම් මොකක්ද වගේ දූ.ගිය පාර වගේ නෙවෙයි මේ පාර නම් ඩැඩීට අමාරු වෙයි කියලා සමහරු කියනවා…”

ඩැඩීට මේ පාර දිනන එක අමාරුයි කියලා මමී හිතන්නෙ.ඒත් ඩැඩී නම් දැනටමත් දිනලා ඉවරයි.යාළුවොත් එක්ක පාටි දදා විනෝද වෙනවා.හෙට උදේට රතිඤ්ඤා දාලා මුළු ගමත් එක්කම එකතු වෙලා මේ ජය සමරයි.

චන්ද ප්‍රතිපල විකාශනය ආරම්භ උනා.අපි හැමෝම හිටියෙ අලුත් බලාපොරොත්තු හිත දරාගෙන.හෙටින් පස්සෙ කරන්න තියන වැඩ ගැන ඩැඩී මමීත් එක්ක දැන්මම සාකච්චා කරන්නත් පටන් අරන්.

විශේෂයෙන්ම මට නම් ඕනි අර ගුණපාලටයි උ/ ගෙ පුතා හේෂාන්ටයි හොඳ පාඩමක් උගන්නන්න.කිසිම බයක් සැකක් නැතුව අපේ ගෙදරටම ඇවිත් ඩැඩීගෙ මූණටම කිව්වනෙ මාව උගෙ පුතාට කසාද බන්දලා දෙන්න කියලා.

මධ්‍යම රාත්‍රියත් උදා උනා.සියල්ලෝම සිටියෙ අලුත් බලාපොරොත්තු සිත දරාගෙනයි. මොහොතින් මොහොත ගත වෙලා චන්ද ප්‍රථිපල විකාශනයත් ආරම්භ උනා.එක්වරම ඇමති නිවස තුලින් ඇසුනේ රතිඤ්ඤා හඬත් සමඟින් ප්‍රීතිඝෝෂා හඬකි.

ඊළඟ කොටසින් නැවත හමුවෙමු.🌼

🌹🌹🌹🌹🌹

මාස ගානකට පස්සෙ ආයෙමත් අලුතින් කතාවක් ලියන්න ගත්තෙ.කට්ටියට මාව අමතක වෙලත් ඇති නේද දැන්?🌼

කතාව කියවපු හැමෝම තරහ නැතුව ස්ටිකර් කමෙන්ට් විස්ස ගානෙවත් දාගෙන යමුද?රිච් නෑ.🌼

භවන්‍යාටයි හේෂාන්ටයි මොනවා වෙයිද කියලා දැනගන්න දිගටම කතාවත් සමඟ රැඳී සිටින්න

Advertisment