කිඳුරංගනා Facebook novel 🌷🌷
❌❌කතෘ අවසරයෙන් තොරව උපුටා ගැනීම සපුරා තහනම්❌❌
53_කොටස
පෙර කොටස –
පැය බාගයක් පමණ ගත වූවේ කිඳුරංගනාට නැවත සිහිය පැමිණෙමින්…හිස කැරකවිල්ලක් දැනුනත් අපහසුවෙන් වුවත් ඇය දෑස් විවර කලේ සිදු වූදේවල්ද මතකයට නැගෙද්දී….දෑස් හැර බැලූ ඇය දුටුවේ තම වතට එබී සිටින රශිකව….හෝටල් කාමරයක ඇඳක් මත දිගා වී සිටි ඇය, ඔහුව තල්ලු කරමින් නැගිටගත්තේ හිතට දැනුන මහා බියත් සමගමයි….
” රශික…තමුසෙට පිස්සුද මිනිහෝ…මොනවද තමුසෙ මට කලේ…” බියෙන් වෙවුලමින් ඇය තම ගතම අල්ලා බැලුවේ ඔහුට එසේ කෑ ගසමින්.
” බයවෙන්න එපා ඩියා..තමුසෙට මම මොකුත් කලේ නෑ….හැබැයි මෙතනින් පස්සේ තමුසෙ මම කියන දේ ඇහුවේ නැතොත්නම් මම මොනවා කරයිද කියලා මමවත් දන්නෑ……” ඇදෙන් නැගිට ගනිමින් ඔහු පැවසුවේ ඇය පස්සෙන් පස්සට ගොසින් බිත්තියකට හරස්ව නතර වද්දී.
” රශික….මට යන්න දෙනවා….මොන විකාරයක්ද මේ….තමුසෙ දන්නවා මම තමුසෙට සලකන්නේ යාළුවෙක් වගේ විතරයි කියලා.. ” දඹරැඟිල්ලත් දිගු කර ඇය පැවසුවේ රශිකගේ කෝපය අවුස්සමින්. ඇය වෙත ආ ඔහු ඒ බඳින් අල්වාගෙන ඇයව බිත්තියටම තද කරගත්තේ ආවේගයෙන්..
” ඩියානා…මේක හොඳට අහගන්නවා…මම තමුසෙට ආදරෙයි….ඊයේ පෙරේදා ඉඳලා නෙවෙයි…අවුරුදු එකහමාරක ඉඳලා….තමුසේ මේ මගේ් විතරයි….ආයෙත් අර බ#ලට මම උඹව අයිති කරගන්න දෙන්නෑ ඩියා… ” ඔහු පවසනා වදනක් ගානේ ඇගේ හදවත බිඳී ගියේ මිතුරෙකු සේ ඇගේ ලඟින් සිටි ඔහු වෙනස්ව ඇති තරම් අදහාගත නොහැකිව යද්දී.
” විකාර කියවන්න එපා…ඔයා දන්නවා මම අාදරේ කරන්නේ ධීර්ට විතරයි කියලා..ආයේ මම එයා ළගට නොගියට ඒක හැමදාම එහෙමම තියෙයි………ඒනිසා මේ පිස්සුව නවත්තන්න…” හිතට උපරිම ධෛර්යය ගෙන ඇය පැවසුවේ ඔහු තව තවත් ඉන් කෝප ගනිද්දී..
” ඒකත් එහෙමද…බලමු ඌද දිනන්නේ මේ මමද කියලා…තමුසෙ මට කැමති නැත්තම්, හොඳින් හරි නරකින් මම උඹව මගේ කරගන්නවා ඩියා ..” ලෙස පවසමින් ඔහු පහත් වුනේ ඇගේ දෙතොල් වලට…නමුත් ඇය ඔහුව වලක්වමින් ඔහුව තල්ලු කර දැමුවේ කෝපයෙන් කෑ ගසමින්..
” අතඅරිනවා මාව…තමුසෙට පිස්සු රශී….ඕක ආදරේ නෙවෙයි…යන්න දෙනවා මට හොඳ හිතින්……” ඔහුත් සමග පොර බදමින් ඇය දැගලුවේ ඔහුව තල්ලු කරදැමීමටයි….ඒ දෑස් වල කඳුළු..පිරිමියෙකු සමග පොර බැදීමයට තරම් ඇය ශක්තිමත් නැහැ…බැරිම තැන අවසානයේ ඇගෙන් එල්ලු වූ කම්මුල පහරත් සමග ඔහු පසු පසට ගියේ ඇය වෙත දවා අළු කරනා බැල්මක්ද යොමු කර…
” තමුසේ…😡 හරි….ඒකත් එහෙමද…මම හැදුවා කතා කරලා මේ දේවල් විසඳ ගන්න..උඹ කැමති නැත්තම්..මම මගේ විදිහට කරන්නම්….” කියූ ඔහු ලොක් කර තිබූ දොර වෙතගොස් එය විවෘත කර ඇතුලට ගත්තේ පිටත බලා සිටි පිරිමි පුද්ගලයන් තිදෙනෙකුයි..
” හසියා…ඕනි දේවල් කරපන්…” ඔහු එහි වූ අයෙක්ට පැවසුවේ කිඳුරංගනා බියවී ඒ දෙස බලා සිටියදී…කළු කෝට් එකක් පැලඳ එහි වූ පුද්ගලයා කාමරයේ වූ මේසය මත දිග අරින ලද විශාල ප්‍රමාණයේ පොත දුටුව පසු ඇයට තරු විසි වුනේ ඒ විවාහ රෙජිස්ටාර්වරයෙකු බව හඳුනාගත් නිසයි…
” ර…රශී…ම්..මොනවද මේ කරන්න හදන්නේ……” වෙව්ලන කට හඬින් ඇය ඇසුවේ රශික සමච්චල්සහගතව සිනහාසෙමින් ඇය වෙත පැමිණෙද්දී..
” උඹයි මායි මැරි කරනවා..වෙන මොකද්ද….”
” පිස්සුද මනුස්සයෝ…මට යන්න දෙනවාහ්….” ලෙස කෑ ගසමින් ඇය සැරසුනේ දොර වෙත දිව යාමටයි..
” හසියා වහපන් ඕක….” ඉක්මනින් ක්‍රියාත්මක වූ ඔහුගේ මිතුරා දොර වෙත පැන එය වසා දැමුවේ ඇගේ අවසාන බලා පොරොත්තුවත් බිඳ දමා..
” රශී…අනේහ්..මට යන්න දෙන්නකෝ….අනේ….මොනවද මේ කරන්නේ…” බැරිම තැන ඇය ඔහුගේ බාහුවක එල්ලී කෑ ගැසුවේ වසර ගණනක සිට ඇගේ දුක සැප විමසූ ඇගේ මිතුරා ඔහු නිසයි…ඔහු වෙනස් වේ යැයි සිතා…
” ඩියානා….මම උඹට කිව්වා…උඹ මගේ…නැතුව අර උඹව එපා කියලා විසි කරපු බල්#ගේ නෙවෙයි….” එසේ කියමින් ඇයව තල්ලු කර දමා ඔහු අතට ගත්තේ ඇඳමත වූ ඇගේ කුඩා බෑගයයි…එයද ඇර පිටත ගත් හැඳුනුම් පත රෙජිස්ටාර්වරයාට ලබා දුන්නේ කිඳුරංගනා ඒ දෑතේ එල්ලී එය නැවැත්වීමට උත්සහා දරද්දී..
” අනේහ්..නවත්තනවා ඕක……මම තමුසෙගේ වෙන්නෑ රශී….තමුසෙට බෑ මාව බලෙන් කසාද බඳින්න්…නවත්තනවා ඕක..තමුසෙලට හොඳක් වෙන්නෑ දෙයියනේ මේ කරන්න යන දේට….” මහා හයියෙන් එන හැඬුමන් මැදම අැය කෑ ගසමින් රශිකට පහර පිට පහර එල්ල කලේ ඇගේ සුමුදු දෑත්ද රිදුම් දෙද්දී…
” හරි බං…අරන් වරෙන් කෙල්ලව…” මිතුරෙකු එසේ පැවසුවේ රශික ඇයව ඇදගෙන ගොස් රෙජිස්ටාර් වරයා අසලින් සිට ගනිද්දී….කඳුළු ගංගාවක් මැද ඉකි ගසමින් ඇය නැවත නැවතත් ආයාචනා කලේ එසේ නොකරන ලෙසයි…නමුත් ඔහු සිටින්නේ හොඳ සිහියකින් නොව…ඒ වසර ගනනක් ඇයව තමාගේ කර ගැනීමේ ආශාවෙන් සිටි ඔහුට දැන් එය සාර්ථක කර ගැනීමට හැකි නිසයි…ඇයව සදහමටම තමන්ගේ කර ගත හැකි නිසයි.. ඇයව මිතුරන් වෙත තල්ලුකර රශික පොතෙහි අදාල ස්ථානයේ තම අත්සන තැබුවේ ඇගේ හැඬුම් මැදමයි…දගලමින් සිටි ඇය වටා පිටාවේ වූ දේවල්ද අතින් පයින් පෙරලා දැමුවේ ඔහුගේ මිතුරන්ගේ ග්‍රහණයෙන් මිදීමට නොහැකි තැනයි..
” දැන් අත්සන් කරපන්..” ඇයව ඇදගෙන විත් පෑනක්ද ඇගේ අතේ බලෙන්ම රැඳවූයේ ඇගේ කෑ ගැසිල්ල මැද…
” මට බෑ..මට බෑ…යන්න දෙනවා මට…අනේහ්….” එවර කෝපය ඉහවහා ගිය රශික ඇයට වැරෙන් කම්මුල් පහරක් එල්ල කලේ ඇගේ වේදනාව පිරිණු කෑ ගැසිල්ල තවත් වැඩි වෙද්දී…
” අත්සන් කරපන් ඩියා….”
එසේ කෑ ගසමින් ඇයට ලන් වීමට සෑදූ ඔහු හුන් තැනම නතර වුනේ ඒකවරම දොරට ගසමින් කෑ ගසනා ඒ හඬ ඇසුණ නිසයි…
” ඇරපන් යකෝ් මේ දොර… ” ඒ අන් කිසිවෙකුත් නොව…ධීර්…සරාගෙන් කල ඉල්ලීම පරිදී ඔහු රශිකව සොයගත්තේ ඔහුගේ ගෝලයෙක්ද එම කුඩා ප්‍රමාණයේ හෝටලයේ සේවය කල නිසයි…සියලු දෙනාටම පණිවිඩ යවා අවසානයේයි ධීර්ට ඇයව රදවා සිටිනා තැන දැන ගැනීමට හැකි වුනේ….එසැනින් ඔහු එහි පැමිණියේ මාරාවේසයෙන්…ඒ ඔහුගේ කිඳුරීයට කුමක් හෝ කරදරයක් වී ඇතිදැයි කියා සිතට දැනෙන මහා බියත් සමග.
” රශියා..කවුද ඒ…” රශිකගේ මිතුරන් බියවී ඇසුවේ ඔහුද තරමක තිගැසුමෙන් සිටි බව දැණුන පසුයි..කිඳුරංගනාටම දැනුනේ කියාගත නොහැකි සහනයක්…එ් ඔහුගේ කට හඬ ඇසුනු මොහොතේ…ඇය ඒ විගසින් ඔවුන්ව තල්ලු කර දිව යාමට හැදුවත් රශික නැවතත් ඇයව ඇදගත්තේ
” අත්සන් කරනවා ඩියා….ඉක්මන් කරනවා….” ඇගේ හිසකෙස් වලින් පවා ඇද ඔහු කෑ ගැසුවේ රෙජිස්ටාර්වරයාද බිය වී බලා සිටියදී….
” මට බෑ…අත අරිනවා..යන්න දෙනවා මිනිහෝ……අනේහ්..ධීර්….” කෑ ගසමින් ඇය රශිකත් සමග දබර වූවෙ අනෙත් සියලු දෙනා තබ්බීරිවී බලා සිටියදී…මේ අතර ධීර් දොර කැඩීමට උත්සහ කලත් අවසානයේ සරාගේ ගෝලයා රැගෙන ආ අමතර යතුරෙන්ම දොර ඇරගත් ඔහු ඒ තුලට කඩා පැන්නේ ඒ පසු පස සහිරු මෙන්ම ගෝලයාද පැමිණෙද්දී…
කිඳුරංගනාගේ හිස කෙස් වලින් ඇදගෙන සිටිනා රශිකව දුටු සැනින් ධීර් ඔහු වෙත කඩා පැන්නේ ඒ අතින් ඇයව නොදැනුවත්වම අත හැරෙද්දී…
” පාහර බ#ලා…තෝ මගේ කෙල්ලට මොනවද කරන්නේ යකෝ….” ඒ ආවේගයට රශිකව ඇදී ගියේ පරඩැලක් වගේ….සහිරු පැමිණ කිඳුරංගනාව තමා වෙතට ලං කර ගත්තේ රශිකත් සමග පොර බදාම ඇගේ ශක්තිය ගිලිහී තිබූ නිසා..
” මරණවා අද තෝව…” රශිකගේ මුහුණට පහර පිට පහර එල්ල කරමින් ධීර් කෑ ගැසුවේ පුදුමාකාර ආවේගයකින්….රශිකගේ යහළුවන් දෙදෙනා කිසිවක් කර කියා ගත නොහැකිව සිටියේ එයට මැදිහත් වී ඔවුනට පහර කෑමට සිදු වේ යැයි බියෙන්. රෙජිස්ටාර්වරයාද ටිකෙන් ටික පසු පසට ගියේ පණට දැණුන බියත් සමගයි… ඒ ධීර්ගේ කෝපය දැක බියවී…
බිම දමාගෙන ලේ පනිනා තුරු ධීර් ඔහුට පහර දුන්නේ රශිකට අතක් හෝ ධීර් වෙත ඔසවා ගත නොහැකි වෙද්දී…
” සරා….නවත්තපන් ඕකව…මූව මරයි මේ යකා….” ධීර්ගේ කෝපයට බියවී තව තවත් හැඬීමට ගත් කිඳුරංගනා නිසා සහිරුට ධීර් වෙත ලංවීමට නොහැකි වෙද්දී සරා ඔහුව වැලැක්වීමට මැදිහත් වුනේ සහිරුගේ කීමටයි..
” බොසා….ඇති දැන්…නවත්තමු බොසා….” කෑ ගසමින් සරා ධීර්ව තරමක් හෝ ඔහුගෙන් ඉවත් කලේ රශික නම් අඩ සිහියෙන් මෙන් බිමට ගුලීවී කෑ ගසද්දී…
” නංගි…ඔහොම හිටපන්..” අසල තිබූ ඇඳ මත ඇය ඉන්දවා සහිරුද ඒ මැද්දට පැන්නේ ධීර්ගේ පහරවල් දරාගැනීමට තරම් රශික ශක්තිමත් නැති බව හැඟුන නිසයි..
” ධීර්…ඇති දැන්….මුට දැනටමත් පණ නෑ යකෝ….නවත්තපන් ඕක..” ධීර්ව පසු පසට තල්ලු කරමින් සහිරු පැවසුවේ සරා ධීර්ව තද කර අල්ලා ගනිද්දී…
” මොනවද යකෝ බලන් ඉන්නේ…නැගිට්ටවපන් මූව…..” රශිකත් සමග ධීර්ර් තරමටම කෝප ගත්තත් සහිරු කියන්නේ මනුස්සකමේ උපරිමය පිහිටා ඇති අයෙක්..ඒ නිසයි ඔහු බයෙන් බිරානත් වී බලා සිටින රශිකගේ යළුවන් දෙදෙනාට කෑගැසුවේ..
” හිරුවා..මූ අත තිබ්බේ මගේ කෙල්ලට යකෝ…අයින් වෙයන්….තොට පේනවද මූ කරන්න ගියපු දේ…” සහිරුව තල්ලු කරමින් ධීර්ම රශිකව ඔසවාගත්තේ ගලාගෙන ආ කෝපයේ නිමක් නැති වෙද්දී…
” අනේහ්….ඇති දැන්…” බලා සිටීමට නොහැකි නිසා කිඳුරංගනා පැමින ධීර්ගේ බාහුවක එල්ලුනේ ඔහුව නතර කිරීමට සිතා…
” පැත්තකට වෙයන් කිඳුරී ” ඇය වෙතද දවා අළු කරන බැල්මක් හෙලා අඩ සිහියෙන් මෙන් සිටි රශිකට ධීර් කතා කරන්න ගත්තේ.
” උඹට මම කිව්වා…උඹට මම කිව්වා යකෝ මගේ එකීගෙන් ඈත් වෙලා හිටපන් කියලා..එහෙම එකේ තෝ මොකද්ද යකෝ් මේ කරන්න හැදුවේ….” සිදුවෙන්නට ගිය දේ තේරුම් ගත් ඔහු මාරාවේසයෙන් කෑ ගැසුවේ රශික අපහසුවෙන් හිස ඔසවා ඔහුදෙස බලද්දී…
” ඒකි…ම් …මගේ යකෝ….”
” උඹට මම…” නැවතත් ධීර් ඔහුට පහර දෙන්න හැදුවත් කිඳුරංගනා ඔහුගේ බාහුවක එල්ලී කෑ ගැසුවේ ධීර් මොහොතකින් රශිකව අත හැර ඇගේ අතකින් තදින් අල්ලා ගනිද්දී..
” ඇති දැන්…මැරෙයි මේ මනුස්සයා….”
” මැරෙයි…? මැරෙයි තමා යකෝ…මූ මෙහෙම දේවල් හිතන්න තරම් උඹ මූට ලං වුනේ කොහොමද කිඳුරී….” ආවේගයෙන් ධීර් ඇසුවේ ඇයද ඒ කෝපයට බිය වී අපහසුවෙන් පිළිතුරු ගොතාගනිද්දී.
” අ…අපි යාළුවෝ විතරයි…ම්..මට එහෙමයි…ඒත් එයා වෙන දේවල් හිතුවට..මම මොනව කරන්නද…..” හඬමින්ම ඇය පැවසුවේ කලකට පසුව නැවතත් ඔහුගේ ඒ කෝපය පිරිනූ ආවේගයට බියවී.
” යාළුවෝ…ගෑණුන්ටයි මිනිස්සුන්ටයි මොන යාළු කම්ද යකෝ..තෝ බබෙක්ද..මූ හිතන දේවල් නොතේරෙන්න….? මම උඹේ ලඟ හිටපු නැති අවුරුදු ගානට තෝ තව මොකා එක්ක මෙහෙම නැටුම් නටලද දන්නෑ….” එවරනම් ඇයට තරමක් කේන්ති ගියේ සුපුරුදු පරිදි ඔහුගේ සැකය ඉදිරියට ආ නිසයි..සහිරුනම් මේ දෙස බලා සිටියේ ධීර් ගැන දැනුන සුපුරුදු කෝපයත් සමගින්..එහෙත් ඔවුන්ගේ ප්‍රශ්න වලට ඔහුට මැදිහත් වීමට නොහැකියි…
” ධීර්…තමුසේ මොනවද මේ කියවන්නේ…” ගලනා කඳුළු තවත් වැඩි වෙද්දී ඔහු ගැන ඇය යන්තමින් ගොඩ නගා ගෙන ආ විශ්වාසය එතැනම කඩාගෙන වැටුනේ ඔහු ඒ පිට කල වදන් කිහිපය නිසයි..තවමත් ඔහුගේ කෝපයේ නිමක් නෑ..කෝප ගත් විට පවසනා දේ ගැන ඔහුට අදහසක්නෑ…ඒ කෝපයමයි අද මෙවැනි දේවල් වීමට මුල…
” කියවන්නෙද..කියවන දේ මම පෙන්නන්නම්…මේ හැම එකාවම හොඳ වෙලා මාවනේ නරක් වුනේ…අදින් පස්සේ මම උඹට වෙන එකෙක් ගාවට යනවා තියා හිතන්නවත් දෙන්නෑ කිඳුරී..අදින් පස්සේ උඹ මගේ..මං ගාවට වෙලා ඉඳියි උඹ…වෙනෙ එකෙක්ගේ හුස්මක් වදින්නැතුව…..” එසේ කියමින් ධීර් ගියේ බයෙන් බිරාන්තවී බලා සිටින රෙජිස්ටාර්වරයා අසලට..
” අනේ සර්…මට මොකුත් කරන්න එපා…සල්ලි නිසා මම ආවේ..මම දන්නෑ මෙයාලව…” ඔහු බියේ වෙව්ලමින් කෑ ගැසුවේ ධීර් තරමක් සන්සුන් කරමින්.
” මෙන්න මගේ අයි ඩී එක…මගෙයි මේකිගෙයි කසාදෙයි අද වෙන්නේ…ලෑස්ති කරපන්.. ” ප(ර්)ස් එකෙන් ගත් ඔහුගේ හැඳුනුම්පත ඔහු වෙත විසි කරමින් ධීර් පැවසුවේ කිඳුරංගනාගේ දෑස් විසල් කරමින්…එක් අයෙකුගේන් බේරුණු තැන දැන් තවත් අයෙක්…ඒ මුහුණම කළු වී ගියේ ඇයට කිසිවෙකුගෙන් සහනයක් නොමැති නිසයි…අඩුම තරමින් ධීර්ගෙන් වත්.
” අනේහ්….මට බෑ…මම කැමති නෑ….” හඬාගෙනම ඇය පැවසුවේ ධීර් කෝපයෙන් ඇය දෙස බලද්දී…
” අනේහ් අයියේ..මට බෑ මෙයාව මැරි කරන්න…මාව මරයි මෙයා….” සහිරු වෙත් දිව ගොස් ඒ බාහුවක එල්ලී ඇය හැඬුම් මැදම කෑගැසුවේ ඔහුද කරකියාගත දෙයක් නොමැතිව හිස් බැල්මෙන් ධීර් දෙස බලද්දී.
“අනේහ්..අයියේ…කියන්කෝ….එහෙම කොහොමද බලෙන් කසාද බඳින්නේ…” මොහොතකින් ඔහු ධීර් දෙස බැලුවේ
” ධීර්…මචං හදිස්සි වෙන්න එපා බං…” ලෙස පසමින්.
” තෝත් මගෙන් මැරුන් නොකා පලයන් බලන් ඉන්න බැරිනම්…උඹ මෙහෙ වරෙන්..කොහෙන් හරි ගිහින් එකෙක්ගේ ඇඟේ එල්ලෙනවා…” ආවේගයෙන් ඇයව ලගට කරගත් පසුව ධීර් තම අත්සන තැබුවේ රෙජිස්ටාර්වරයා පෙන්වූ තැනයි..
” කිඳුරී…උඹ දන්නවා මගේ හැටි…කණ පලා ගන්නැතුව අත්සන් කරපන්….” ඒ වදනක් පාසා ඇය බිය වූවේ ඒ හැඬීම තවත් වැඩි කරමින්.
” අන්නේහ්….” ඇය කෙතරම් බැගෑ පත් වූවත් ඔහු අත හැරීමට සූදානම් නෑ….
” සුදු මැණික…මම අන්තිම වතාවට මේ හොඳින් කියන්න..අත්සන් කරපන්…..” ඒ කඳුළු පිරිණු දෙනෙත් දෙස බලා එවරනම් ඔහු පැවසුවේ සන්සුන්වයි..
” ම්..මට…බෑ…” හිසත් දෙපසට වනමින් ඇය නැවතත් ප්‍රතික්ෂේප කලේ එවරනම් ධීර් ඕනාවටත් වඩා මවාගත් කෝපයකින් ඇයට කෑ ගසද්දී…
” අත්සන් කරපන් යකෝ..” බයෙන් තැති ගත් නිසාම එවර ඇය අකමැත්තෙන් වුවත් හැඬුම් මැදම ඇය එහි අත්සන් තැබුවේ ධීර්ගේ මුවගට සියුම් සිනහවක් එක් කරමින්.
” සර්…ස්..සා..ක්ෂි…” රෙජිස්ටාර්වරයා පවසද්දී ධීර් එවර සහිරු දෙස බැලුවේ සිදුවූයේ හොඳම දේ යැයි සිතමින් දෙදෙනාටම ආශිර්වාදයක් වෙමින් සහිරු කිඳුරංගනා වෙනුවට සාක්ෂි ලෙස අත්සන් තබායි…
ඉන්පසු ධීර් ගියේ යහළුවන් දෙදෙනාට වාරුවී සිටිනා රශික වෙත…
” මෙහෙවරෙන්…උඹට ඕනි වුනේ මගේ කෙල්ල උඹේ කර ගන්නනේ…දැන් බලපන්…අත්සන් කරපන් මෙතන…මගෙයි මේකිගෙයි කාසාදේ අනිත් විට්නස් එක උඹ…” ඒසේ පවසද්දී පණ කඳක් නැතුව සිටි රශික ධීර් වෙත හෙළුවේ අසරණ බැල්මක්…අවසානයේ සහිරුගෙත්…රශිකගෙත් සාක්ශි පිට ධීර් ඔහුගේ කිඳුරියව තමා සතු කරගත්තේ කරදර බාදක රාශියක් මැද වුවත් සිත පිරී,ඉතිරී ගිය සතුටකින්. එහෙත් කිඳුරංගනා…ඇයනම් දස දහස්වාරයක් සිත යටින් හඬා වැලපෙන්නේ නොසිතූ ලෙස තමාගේ ජීවිතය නැවතත් ඔහු නිසා මෙසේ කණපිට ගැසුණු නිසයි.
” ම්..මම…කිව්වහම කියන්න…” දිවුරුම් වදන් ප්‍රකාශ කිරීමට හැදුවත් ධීර් එය ප්‍රතික්ෂේප කලේ කිඳුරංගනාද හඬමින් පසෙකට වී සිටිනා නිසයි.
” ඕවා ඕන්නෑ….ඕවා කිව්වා කියලා බැඳීම් ඇති වෙන්නෑනේ “
සරා නම් ධීර්ට සුබ පැතුවේ හද පිරි සතුටින්..රශිකවත් රැගෙන යහළුවන් දෙදෙනා එතනින් පිටවුනේ වැඩකටයුතු අවසන් කර රෙජිස්ටාර්වරයාද එතනින් පිටවයද්දී.
අවසානයේ ඉතිරිවූ සහිරුද ධීර්ගේ කරමතට අතක් දමාගෙන සිනහසෙමින් පැවසුවේ
” බැඳගත්ත බෙරේ ගහපන් දැන් ” ලෙසින්…ඇඳ මතට වී ඉකිගසනා කිඳුරංගනාව පෙන්වමින්…ධීර්ද ඒ දෙස බලා කට කොනින් සිනහසුනේ සිතට මහා සැනසීමක් දැනෙද්දී.
” උඹ පලයන්…මං එන්නම්…”
සහිරු පිටවූපසු ධීර් මොහොතක් බලා සිටියේ කිඳුරංගනා දෙසයි…
” මැණික…අපි යමුද…” ඔහුගේ කටහඬින් ඇයව ගැස්සී ගියේ පෙරදී ඔහු හැසිරුන ආකාරය නිසයි.. කතාවක් නැතුවම ඇය ඔහුට අවනත වී නැගිට ගත්තේ ගලාගෙන ආ කඳුළු දෑතින්ම පිසදාගෙන.
ධීර් ඇගේ අතකින්ද අල්ලා ගෙන දෙදෙනාම එතනින් පිටවුනේ රෙජිස්ටාර්වරයා ලබා දුන් විවාහ සහකිකයද අතැතිවයි.
•
•
නිවසට පැමිණි පසුත් ධීර්බොහෝ දේ පැවසුවත් ඇයනම් වදනක් හෝ නොපවසාම නානකාමරය ගියේ මළකඳක් ගානට…..ඒ වෙනස හදිසියේ සිදු වූ විවාහය නිසා යයි සිතා ධීර් ඒ තරම් ගණන් නොගත්තත් ඇයනම් සිත යටින් හඬා වැළපෙමින් සිටියේ බොහෝ දේවල් ඒ රිදුම් දෙන ඒ සිතට ගලාගෙන එද්දී….දොරද ලොක් කර දමා වතුර මල උපරිමයෙන් හැර හැඳ සිටි ඇඳුමින්ම ඇය ඒ යටින් වාඩි වූවේ සිර කරගෙන සිටි හැඬුමන් පිටතට පැමිණෙද්දී…. ඒ දෑස් ඉදිමෙන තුරුත් ඇය හැඬුවා….අන් කිසිවක් නොව..ධීර් විසින් වරින් වර කණපිට ගසනා ඇගේ ජීවිතය ගැන සිතමින්…ඔහුගේ මුරණ්ඩුකම නැගිටින්න හදනා සෑම මොහොතකම ඇයව තව තවත් පහළට ඇද දමන්නේ ඔහුගේ මුරුණ්ඩු කම්, ඒ දරුණු කෝපය…නැවතත් මතුවුන අවිශ්වාසයද නැවතත් ඇයට සිහි ගන්වමින්..සිවු වසරක් පුරා ඇය හැඬූ තරම දන්නේ ඒ හිතම පමණයි…පිටතින් ශක්තිමත් ගැහැණියක සේ රගපානා ඇය තවමත් ධීර්ගේ වදනින් පවසනා සේ පුංචි කෙල්ලකි..දරා ගැනීමේ සීමාවේ උපරිමයටත් වඩා දරාගත් ඇයට මවක වීමේ හැකියාව නොමැති බව දැන දැනත් විවාහ දිවියකට යාම ගෙන ආවේ මහත් වේදනාවක්…එයත්…ඇයව ප්‍රතික්ෂේප කල ඔහු සමගම වීම තවත් පීඩනයක්…මදක් හෝ ඇගේ සිතට සහනයක් දේ යැයි සිතුවත් නැවතත් ධීර්ගේ මුරණ්ඩු කම්, තමා ගැනම සිතනා ඒ ආත්මාර්ථකාමී තීරණ ඇයට සියල්ල එපා කර වූවා….
වතුර මලෙන් ගලනා වතුර වැනි තරම් කඳුළු ගංගාවක් හෙලා අවසානයේ ඒ දෑස් රතුවී තිබුනේ දරා ගැනීමේ සීමාව ඉක්මවා…හඬලාම ඇගේ කඳුළුත් සිඳී ගොස්…
මේ අතර ධීර්ට දුරකතන ඇමතුමක් ආවේ තාරා ගෙන්…
” නංගි…කියන්න…”
” අයියේ…කෙල්ලගේ රිපෝට් එකක් ආවා…අනිත් ඒවා එන්නනම් ටූ වීක්ස් වගේ යයි…” ඇය පැවසුවේ එයයි.
” හව් ඊස් ඉට් නංගා…” ධීර් ඇසුවේ දිගු සුසුමක් ගෙන.
” ෆිෆ්ටි ප්‍රසන්ට් ඕකේ…බට්…මේකෙන් හරියටම කියන්න බෑ අයියේ…මොකද ඒ තරම් ක්ලියර් නෑ…අපි බලමු…මම අයියට කිව්වේ අපිට හෝප්ස් තියාගන්න පුළුවන් නිසා…”
” හ්ම්….බලමුකො නංගා..තැන්ක්යූ “
” විල් සී අයියේ..බය නොවී ඉන්න…” තවත් වචන කිහිපයකින් කතා බහ අවසන් වුනේ ධීර් කල්පනාවට වැටෙද්දී.
විනාඩි හතලිස් පහකටත් වඩා කාලය ගත වූ තැන ධීර්ට හැඟුනේ ඇය ඕනාවටත් වඩා නානකාමරයේ කල් ගතකරන බවයි…සිතට අමුතක්ද දැනෙද්දී ඔහු නාන කාමරය වෙත ගොස් දොරට තට්ටු කලේ ඇයව පිටතට ගැනීමේ අදහසින්..
” කිඳුරී….මැණික….දැන් මදිද….මම දන්නවා උඹ ඕක අස්සට වෙලා අඬනවා කියලා…එලියට ඇවිත් අඬන්න බැරිනම් මට ගහපන්කෝ…දැන් එන්න…ඔය ඇති….” දොරට තට්ටු නරමින් ධීර් පවසනා වදනක් හෝ ඇගේ සවනට වැටෙන්නෑ දැන්…ඇය ඇගේම ලෝකයකක තනි වී…
” සුදු මැණික….මොකද කරන්නේ….එළියට එනවද මම ඇතුලට එන්නද ආ…..” තව තවත් දොරට ගසමින් ඔහු ගෑ ගසන්නට ගත්තේ ඒ කට හඬ යන්තමින් සවනට වැටී ඇය නැගිට ගනිද්දී…
කණ්නාඩිය ඉදිරියට ගොස් තම වත දෙසම ඇය මොහොතක් බලා සිටියා…ඒ මුහුණ සුදු මැලියි…ඇයටම එපා වන තරම්….
” කිඳුරී…මාව ගෙන්නගන්නැතුව එනවා එළියට…..” ඔහු කෑ ගසනා හඬ හොඳීම්ම ඇසෙද්දී ඇය බැලුවේ වසා තිබූ දොර දෙස…
” ශිට්…මුරණ්ඩුකම… ” බැරිම තැන ඔහු දොරහි අගුල කැරකුවේ එය ඇරීමටයි…නමුත් එය ඇතුලතින් අගුලු දමා තිබූ නිසා ඔහුට යම් බියක් දැනුනා..
අසිහියෙන් වගේ සිටි ඇයනම් තවමත් කණ්නාඩියෙන් පෙනෙන තමන්ගේම ප්‍රතිබිම්බය දෙස බලාගෙනයි….තත්ත්පර ගානකට පසු ඇය එහි වට පිට බැලුවේ ඇගේ සිතට පැමිණි කාරණාවට උපකාර කල හැකි යමක් වේදැයි බලමින්….ඒ කුමක්ද…ඔවු…සියල්ල අවසානයේ එයයි ඇගේ තීරණය…එය ජීවිතයට සමු දීමක්ද? කිසිවක් නැති තැන ඇය අතට හසු වූ තරමක් විශාල ශැම්පු බොතලයෙන් පහරක් එල්ල කලේ කණ්නාඩිය වෙතටයි….හඬ නංවමින් එය බිඳී ගියේ පිටත සිටි ධීර්ගේ සවනටද ඒ හඬ ඇසෙද්දී..
” කිඳුරංගනා…..අරිනවා මේ දොර…” ඇඟ කිලි පොලා යන බියක් දැනෙද්දී ධීර් එතරම්ම සවිමත් නොවූ දොරට ශරීරයම බර කල පහර දීමට පටන් ගත්තේ සිදුවන්නට යන දේ යන්තමින් ඉව වැටෙද්දී…
ඒ වන විටත් ඇගේ අතෙහි වූවේ තරමක් විශාල ප්‍රමාණයේ කණ්නාඩි කැබැල්ලකි…..ඒ දෑස් වල කඳුළු….ඒ කඳුළු පවසන දෑ බොහෝමයි….
” මගේ පුතේ….අම්මිත් මගේ මැණික ළඟට ගන්නවද රත්තරන්……” දිගු සුසුම් හෙලමින් ඇය කතා කරන්නේ ඇගේ සිතේ මැවෙනා එ් පුංචි සිඟිත්තියටයි…ඇය ආ දුර බොහෝයි…බොහෝ කටුකයි…අහිමි වූ දෑ බොහෝමයි…දුක් විඳි තරම අනන්තයි…සතුට එහි කෙලවරේයි…..
පණට පණ සේ සිටිය මුත් අප
අවිශ්වාසය ගොඩ නැගී ඇත
නුඹයි මගේ ලොව පැවසූ නුඹ හට
වෛශ්‍යාවක් වුනේ කෙලෙසද
අහිමි වූයේ නුඹේ වරදින්
අප ආදරයේ එකම සළකුන
දෛවයේ ඇති සරදමකි මෙය සසරේ
පව් ඇත ගෙවා දමනට
විඩාවකි මට ඔබේ ලොවතුල
නොමැත කිසිදින සැනසුමක් මට
නික්ම යන්නෙමි ඔබේ දිවියෙන්
සසරේ මතු දින හමුනොවෙනු මට
කිඳුරී
(නිසඳැස – Mahee Marasingha අක්කා ❤️ )
දිගු සුසමක් ගත් ඇය එය තද කරගත්තේ මැණික්කටුව ආසන්නයටයි….වීදුරු තලයෙන් තුවාල වී අතින් ලේ ගැලීමට පටන් ගත්තේ ඉහලට ගත් සුසුම පහල දමා ඒ වේදනාවද අවසන් කිරීමට සිතා ඇය වෙරයොදාම අත කපා ගැනීමට සිතද්දී…නමුත් නොසිතූ ලෙස දොර හැරගත් ධීර් එහි කඩා වැදුනේ අසිහියෙන් මෙන් සිටි ඇගේ අතේ තිබූ වීදුරු කැබැල්ල ඇද විසි කර දමා..
” කිඳුරී…..පිස්සුද උඹට….” කෑ ගසමින් ඔහු ඇයව තද කරගත්තේ ඒ පපුවවට…ගැහෙන්නේ ඔහුවයි….බිය වූයේ ඔහුයි…ඒ තම ප්‍රාණ සම ඇය ගැන දැණුන අසීමාන්තික බිය නිසා…
ඒත් සමගම ඇයව දෝතට ගෙන ගොස් තැබුවේ ඇඳමතයි….
” මට මැරෙන්නවත් දෙනවකෝ……” හිර කරගෙන සිටි ආවේග සියල්ල නිදහස් කරමින් ඇය කෑ ගැසුවේ හැඬුම්ද පැමිණෙද්දී…ඇගේ මානසිකත්වය දන්නා නිසාම කිසිවක් නොපැවසූ ඔහු හැකි ඉක්මනින් ලාච්චුවෙන් ගත් ගෝස් බැන්ඩේජ් එකකින් ඇගේ තුවාල වූ අත එතුවේ ලේ ගලනා නිසයි…තුවාලය ඇගේ..නමුත් වේදනාව ඔහුට…ඒ අන්කිසිවක් නිසා නොව…ඇය අද මේ ගත් තීරණය ඔහුව පණ පිටින්ම මරා දැමූ නිසයි…ඒ දෑස් වලට කඳුළු උනද්දී පෙර සේම ඔහු කලේ ඇගේ තෙත් වූ ඇගලුම් සියල්ල උනා දමා බෙඩ් ශීට් එකෙන් ඇගේ ගත වසා දැමීමයි…ඒ සිය දිවි හානි කර ගැනීමට සිතූ ඇයට පුංචි වේදනාවක්, සීතලක් හෝ දරාගත නොහැකි බව ඔහු හොඳින්ම දන්නා නිසයි..ඇය නිසොල්මන්..වෙනදා රණ්ඩු සරුවල් වූ ඇය අද නිසොල්මනේම හඩමින්..
කිසිවක් නොපවසා හැඬීම පමණක් සිදු කරනා ඇය දෙස වරින් වර නෙත් යොමින් ඔහු කලේ නිශ්ශබ්දවම ඇගේ අතට බෙහෙත් දැමීමයි….
මොහොතක් ඇය දෙස බලා හිඳ ඔහු කට හඬ අවදි කලා…ඒ ඇගේ තුවාල වූ අතද තමාගේ අතත් සමග පටලවාගෙන…
” කිඳුරී …..”
ඉවරායි 😭😭😭😭😭
ඉදිරියට🌷🌷🌷
••••🌷🌷🌷🌷🌷🌷•••••
අනේහ්…මට දුකා…යි……😭😭 කතාවත් පරක්කු වුනේ අඩ ඬම ලියපු නිසා 🤭 ගොඩක් හිතලා ගොඩ නගපු එපියක් මේක…ඒ නිසා විශේෂ අදහස් එහෙම ප්‍රකාශ කරන්න වෙයි ඈ…😒😒 කට්ටිය මම දුක් දෙනවා කියලා හැමදාම මට බනිනවනේ..ඔන්න ඒ නිසාම අද සතුටක් දීලාම දුකක් දුන්නා ඈ 🤣🤭😁 ඒත් කිඳුරි අත කපා ගන්න තැනින් නවත්තන්න හිතලා ආයේ මේ ටිකත් ලිව්වා…නැත්තම් මට හචුං යන එකේ ඉවරයක් නෑනේ 😒😁 කට්ටියගේ ආදරේ නිසා 🤣🤣 මොනා වුනත් රශියා පවු අෆ්ෆා…මගේ කස් එකක් වෙන්න ගිහින් මග නතර වුනා 🤣🤣🤣 අදහස් කියමු..බනින අය බනින්න ඉතිම්..එපා වෙනවා..දුක විතරයි කියලා…කමක් නෑ..ඒත්….කතාව වෙනස් වෙන්නෑ….මුලදි මදි නොකියන්න සතුට දුන්නේ..නැත්තම් මේ කතාවත් අනිත් ඒවා වගේ වෙයි 😒 දැනටමත් එහෙමද දල්ලෑ …ඔවාලම කියන්නකෝ…😒😁 ආදරෙයි ❤️ බුදුසරණයි…පරිස්සමෙන්