💚නපුරු හදක් ප්‍රේමයෙන් සුවපත් කළ තරු කුමරා….💚

පාතාල ලෝකයේ නායිකාවක වූ ඇය අහින්සක සොදුරු මිනිසෙකුගේ සදාදරනීය පතිනිය විය…..
💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦

අවසානයට පෙර දිගහැරුම💕💕

චන්ඩි_රැජින🌹🌹

අසූ හතර වන චන්ඩිකම 🙅🙅 •••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••

” අ අනේ මේ බලන්නකො අභී.මෙයාල මට බොරුවට චෝදනා කරනව.අනේ ප්ලීස් ඔයාවත් කියන්න අභී මං වැරැද්දක් කළේ නෑ කියල. “

අභිරූ සර්ගෙ අත් බාහුවෙ එල්ලුණු සහේලි හුරතලෙනම එහෙම කියන්න උණේ අභිරූ සර් සමච්චලයට හිනා වෙලා අහක බලා ගනිද්දි.ඒත් එක්කම කව්රුත් බය වෙලා බැලුවෙ අභිරූ සර් කියපු දේට.

” සහේලි උඹ නිශාදිට හිගන්නි කියල බැන්නට දැන් උඹටම හිතා ගන්න පුළුවන් වෙයි ඇත්තටම හිගන්නි කව්ද කියල.උඹ ලංකාවට ආවෙ මොණ ප්ලෑන් එකක් හිතේ තියා ගෙනද කියල මං මුල ඉදන්ම දැන ගෙන හිටියෙ.උඹ අපේ පවුලම රවට්ටල අපේ දේපොල ටික උඹේ නමට ලියා ගන්න දැගලුවෙ කියල මං දැන ගෙන හිටියෙ.”

අභිරූ එක දිගටම එහෙම කියා ගෙන යන්න උණේ සහේලි බය වෙලා බලන් ඉද්දි.

” අභිරූ ඔයා මොණවද? මේ කියන්නෙ.මං මොකටද? එහෙම කරන්නෙ.අනිත් එක ඔයාට අමතක උනාද අභිරූ.මං ඔයාගෙ wife “

සහේලි එහෙම කියද්දිම අභිරූ ටිකක් සද්දෙන් හිනා වෙන්න උණේ අපි කව්රුත් පුදුමෙන් වගේ බලන් ඉද්දි.

” උඹ වගේ සක්කරවට්ටමක් wife කර ගන්න තරම් මෝඩයෙක් නෙවෙයි මං.අනිත් එක නිශාදිව කිඩ්නැප් කරල මරල දාන්න රනුකට ප්ලෑන් එක දුන්නෙත් උඹ කියල මං දැන ගත්තෙ අද උඹට ආපු කෝල් එකෙන්.උඹ ඒ හැම දෙයක්ම කළේ අපේ දේපොල ටික උඹට ගන්න කියල මං දැන ගත්ත සහේලි.අනිත් එක උඹේම තාත්තගෙ මරණෙට වග කියන්න ඕනෙත් උඹම කියල හැමෝම දැන ගෙන ඉවරයි.උඹේ තාත්තගෙ හොර ගෑණිට උඹේ දේපොල ටික යයි කියන බයට උඹ තාත්තව මරල දැම්ම.දැන්වත් ඇත්ත පිළි ගන්නව සහේලි.”

” අභිරූ ඔයාට කොහෙත්ම අයිතියක් නෑ මට ඔහොම කතා කරන්න.අමතක උණාද අපි කසාද බැදල ඉන්නෙ කියල.මං මේක ලේසියෙන් අත අරින්නෙ නෑ.”

සහේලි ටිකක් කෑ ගහල එහෙම කිව්වත් ඒ හැම වචනෙකටම අභිරූගෙ උත්තරේ උණේ සමච්චල් හිනාවක් විතරයි.ටික වෙලාවකින් අභිරූ සාක්කුවෙන් ඇදල ගත්තෙ තරමක් දිග කොලයක්.

” උඹ මොණව කරන්නද? සහේලි දැන් උඹට හැමදේම නැති වෙලා ඉවරයි.ඒ හැමදේම නැති කර ගත්තෙ උඹ උඹ එද ලංකාවෙන් යන්න කලින් අපි අතරෙ උණේ එන්ගේජ්මන්ට් එකක් නෙවෙයි.උඹ එදා කසාද සහතිකේ කියල අත්සන් කලේ උඹේ සේරම දේපොල ටික මගේ නමට දීපු ඔප්පුවකට.මේ හොදට බලපන්.”

අභිරූ එහෙම කියල සහේලිගෙ මූණටම ලං කරල කොලේ දිග ඇරියෙ සහේලි ඉහින් කණින් දාඩිය පෙරාන බලන් ඉද්දිම.

” මෙතන තියෙන්නෙ උඹයි තාත්තයි මුල ඉදන්ම මගෙ තාත්තව රවට්ටල අර ගත්තු ඉඩම් ඔප්පු ටික.උඹට දැන් හැමදේම නැති වෙලා ඉවරයි සහේලි.මං මේ හැමදේම හන්ගන් හිටියෙ අද දවස එනකන් තමයි.දැන් හොදට කල්පනා කරල බලපන් කව්ද හිගන්නි කියල. “

” අභිරූ මං මං උඹව මරණව “

පුළුවන් තරම් හයියෙන් එහෙම කෑ ග්හපු සහේලි ඉස්සරහට පැන්නෙ අභිරූට ගහන්න උණත් එතන උණ්නු පොලිස් කාන්තාවක් සහේලිගෙ අත් දෙකට මාංචු දැම්මෙ සහේලි වියරුවෙන් වගේ කෑ ගහද්දිම.

” මිස්ට අභිරූ මිසිස් නිශාදියි,මිස්ට අරවින්දයි එක්ක පොලිස්ටේශ එකට ඇවිත් කට උත්තරයක් දෙන්න.”

එහෙම කියපු oic සර් සහේලිවත් දා ගෙන යන්න ගියේ අපි තවමත් කිසිම දෙයක් හිතා ගන්න බැරුව බලන් ඉද්දිම.දෙවියනේ මෙච්චර ලොකු රැවටීමක්.සහේලි මොණ තරම් කපටි ගෑණියෙක්ද විජේසිංහ සර් පවා එයාගෙ රගපෑමට රැවටිලා තියන තරමක්.අනේ මං අභිරූ සර්ව සැක කරපු තරමක්.මොහොතක් අභිරූ සර් දිහා බලන් උන්නු විජේසිංහ සරුත් අභිරූ සර්ගෙ අම්මත් එක්ක යන්න ගියේ අරවින්ද සරුත් අභිරූ සරුත්කාර් එකට නගින අතරෙම.

💚❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💚

සති දෙකකට පසු 💦💦💦

” මාකස්,අපි දැන් පාරෙ ඉන්නෙ.අරුන් දෙන්නව අරන් වරෙන්. “

” ok බොස් “

ඒත් එක්කම මාකස් වයසක කාන්තාවක් එක්ක වයසක මනුස්සයෙක් ඇද ගෙන ඇවිත් ජීප් එකට තල්ලු කළේ ඉස්සරහ ඉදන් උන්නු බ්‍රයන් පිටිපස්ස හැරිල බලද්දි.

” උඹල කව්ද? ඇයි අපිට මෙහෙම කරදර කරන්නෙ “

” කට වහ ගෙන හිටපං ගෑණියෙ “

මාකස් එහෙම කියන ගමන් වාහනේට ගොඩ උණේ පැය භාගෙකින් විතර තරමක් පැරණි ගොඩනැගිල්ලක් ළග වාහනය නතර කළ බ්‍රයන් හනිකට වාහනෙන් බැස්සෙ රොකීත් එක්කම.

” මාකස් මුන් දෙන්නව බස්සපන් “

” ok බ්‍රයන් බොස්.හ්ම්ම් බැහැපල්ල.”

” රොකී උඹට හොදටම ශුවර් නේද? අපි ඇවිත් තියෙන්නෙ හරි තැනට කියල. “

” ඔව් බොස් මේක තමයි ඒරියා එක “

” අනේ මහත්තයො අපිට කරදරයක් කරන්ඩ එපා.අපි හරි අසරණ මිනිස්සු “

බ්‍රයනුත් රොකීත් අසලට පමිණි ඒ වයසක මිනිසා බැගෑපත් වන්නට විය.

” උඹලට කරදරයක් වෙන්නෙ නෑ.අපිට ඇත්ත කිව්වොත් “

” අනේ අහන්ඩ මහත්තය “

” හ්ම්ම්.මේ ගෙදර ඉන්නෙ ඔහේලගෙ කව්ද “

” අනේ මෙහෙ ඉන්නෙ මගෙ නංගියි මල්ලියි මහත්තයො “

” හ්ම්ම් ඒ මිනිස්සුන්ට දරුවො ඉන්නවද? “

රොකී එසේ විමසුවද මහලු මිනිසාගේ පිළිතුරු නිහඩ එකක් විය.

” උඹට අහුණෙ නැද්ද? මිනිහො රොකී බොස් අහපු දේ “

එසේ අසමින් මාකස් සිය පිස්තෝලය ඔහුගේ හිසට එල්ල කළද,බ්‍රයන්ගේ ඉගියෙන් ඔහුට නැවතත් පිස්තෝලය ඉවතට ගන්නට සිදු විය.

” ඔ ඔ ව් මහත්තයො.නෑ එයාලට දරුවො නෑ.”

” ඔහේ අපිට ඇත්තමද? කියන්නෙ “

” ඔ ඔ ව් මහත්තයො “

” හ්ම්ම්.එහෙනම් නංගිට කතා කරනවකො ගිහින්.”

රොකීගේ අණින් නිවස දෙසට ඇවිද ගිය් ඔහු දොරට තට්ටු කරන්නට විය.සුළු මොහොතකින් විවර වූ දොර පළුව අතරින් පිටතට ආවේ තරමක් වයස්ගත වුවද,තරුණ කාළයේ රූමත්ව සිටිය යැයි සිතිය හැකි කාන්තාවකි.

” අ අ ම් මා…”

එක්වරම කව්රුත් බ්‍රයන් දෙසට හැරුණෙර් ඔහුගේ හඩිනි.

නැවත හමුවෙමු.

Advertisment