කිඳුරංගනා Facebook novel

❌❌⁣කතෘ අවසරයෙන් තොරව උපුටා ගැනීම සපුරා තහනම්❌❌

50_කොටස ❤️🌼

පෙර කොටස –

” අත අරිනවා ධීර්…තමුසෙට ලැජ්ජ නැද්ද….මට මෙහෙම වද දෙන්නේ ඇයි තමුසේ…ඊහ්…යන්න දෙනවා මිනිහෝ….” කෑගසමින් සිටි ඇයත්..සිනහා සෙමින් ඔහුත් එක් වරම ගැස්සී ගියේ පසු පසින් ඇසුනු ඒ හඬින්…

” වෙල් ඩන්…තමුසෙලා දෙන්නටම ලැජ්ජ නෑ ඕයි…”

ඒ හඬත් සමගම ධීර්ගේ දෑස් නම් කෝපයෙන් ඇවිලුනේ කිඳුරංගනාද තම ග්‍රහනයෙන් මුදවා දමද්දී, ඒ හඬ හඳුනා ගත් සැනින් ඇයද කෝපයෙන් දැවීමට වැඩි වෙලාවක් නොවුනේ ඒ ඇය වෛරකරනා තවත් එක් මුහුණක් වූ නේහා නිසා.

” තමුසේ ආයෙත් මේ ගේ අස්සේ රිංගන් නේද ඕයි…තමුසෙටත් ලැජ්ජ නෑනේ ධීර්, එලවගත්ත ගෑණිව ආයේ මේ ගේ අස්සේ දාන් තුරුළු කරන් ඉන්නේ…. ” සමච්චල්සහගතව එසේ පවසමින් නේහා ගේතුලට ඇතුල් වුනේ ධීර්ගේ දෑත් කොපයෙන් මිට මොලවා දමා.

” නේහා….තෝ මොන හයියකටද ආයේ මේ ගෙට අඩිය තිබ්බේ….බැහැපන් දොට්ට…” කෝපයෙන් ගිගිරූ ධීර් ඉදිරියට ගියෙ ඇයව ගෙයින් එළියට ඇද දැමීමට සිතා.

” මේ දේවල් මටත් අයිතියි ඕයි….අවුරුදු හතරක් ගිහින් මම ආයේ ආවේ මට අයිති දේවල් අරගන්න..අත්දෙක පිහන් බලන් ඉන්න නෙවෙයි මිනිහෝ..” නේහා පැවසුවේ ඔහුව තවත් කෝප ගන්වා….

මේ ඇසෙනා කල කෝලා හලය නිසා නන්දනීද මහේන් කැටුව එහි පැමිණියේ සිදුවන්නේ කුමක්ද කියා දැන ගැනීමටයි.

” අයිතිය…තොට කොහේ තියෙන අයිතියක්ද…. ⁣තෝ අපේ ජීවිත විනාස කලා මදිවට ආයේ අයිතිවාසිකම් ඉල්ලන් ආවේ රෙද්දක් ඇඳගෙනද නේහා….” ධීර් ඇය අසලටම ගොස් කෑ ගැසුවේ ඇයනම් සුපුරුදු සමච්චල්සහගත සිනහවෙන්ම ඔහු දෙසත්, කිඳුරංගනා දෙසත් බලාහිඳිද්දි.

” මම නෙවෙයි…අන්න අරකි රෙද්දක් ඇඳන්ද ආයේ තමුසේ එක්ක වසන්නේ…?🤣”

“තමුසෙට වෙලා තියෙන දේවල් මට ආරංචියි…කොහොමද තමුසේ ආයේ මේ යකා එක්කේ නිදාගනේ කිඳුරංගනා…ලැජ්ජ නැද්ද…?? දරුවා මරාගත්ත මිනිහා එක්ක ජීවත් වෙන්න උඹට…” සිනහවෙන්ම් නේහා ඇසුවේ මෙපමණ වෙලා සාවදානව සියලු දේ අසා සිටි කෙල්ලගේ යකා ආවේස කොටයි.

නන්දනී එයට මැදිහත් වෙන්න හැඳුවද මහේන් එය නතර කලේ ධීර්ට එය විසඳීමට ඉඩ දී…මන්ද මාලිත් ඇයත් සිදුකල දේවල් නිසා ඔහු තවදුරත් නේහාට තම දරුවෙකුට සේ නොසලකන නිසා..

” ⁣තෝ මොකද්ද කිව්වේ යකෝ?? ” කෝපයෙන් ගිණිගනිමින් ධීර් ඇය වෙත අඩි දෙකට ලංවුනේ ඇගේ කෙස් වැටියෙන් ඇද ගන්නා ගමන්…
නේහා වේදනාවෙන් කෑ ගැසුවේ ධීර් තවත් යමක් කිරීමට පෙර කිඳුරංගනාගේ හඩින් ඔහුව නතර කරමින්.

” නවත්තවා ධීර්…අත ගන්නවා…. “

කෙල්ල කෑ ගැහුවේ ධීර් පුදුමයෙන් මෙන් ඇය දෙස බලද්දී.

” කිඳුරී….⁣” කොල්ලා පුදුමයෙන් මෙන් කතාකරද්දී නේහා බලෙන්ම වගේ තම කෙස් වැටියෙන් ඔහුගේ අත ඉවත් කර ධීර්ව පසෙකට තල්ලු කර දැමුවා.

” තමුසෙ මෙතන ගෑණුන්ට අත පය උස්සන් නටන්නේ මොකද ධීර්…? පිරිමියෙක් නේද?” අඩි දෙක තුනක් ඉදිරියට පැමිණ කිඳුරංගනා පැවසුවේ නේහා තමා සාර්ථක වු බවට ජයග්‍රාහී ලෙස ඔහු දෙස බලා සිනහාසෙද්දී. නන්දනීලාද ඇස් අයාගෙන බලාසිටියේ පුදුමයෙන්.

” තමුසෙ පැත්තකට යනවා ධීර්…පේනවනේ…තමුසෙ මිනීමරුවෙක් විතරයි දැන්…” නේහා පවසුවේ කිඳුරංගනාගේ වදන් නිසා අසරණ වූ ඔහුව තවත් අසරණ කරමින්. නමුත් සිදුවූයේ නොසිතූ දෙයක්….කෝපයෙන් නේහා වෙත පැමිණි කිඳුරංගනා අත දිග හැර ඇයට කම්මුල් පහරක් ගැසුවේ ඇය අඩි දෙකක් පසු පසට ඇදී යද්දී…ධීර්ටන්ම් සියල්ල වැටහුනේ කට කොනකින් සිනහවක්ද යද්දී.

” තමුසේ මම මොකෙක් කියලද හිතුවේ නේහා….තමුසේ කරපු දේවල් එදා අසරණ වුන මම අදත් එහෙම ඉඳියි කියලද…..? තමුසේ වරද්ද ගත්තේ අන්න එතන…” ආවේගයෙන් සිටි ඇය ඇසුවේ වැදුන පහරේ සැරට තිගැස්සී සිටි නේහා කම්මුලත් අල්ලන් කෙල්ල දෙස කෝපයෙන් බලද්දී.

” කිඳුරංගනා…තමුසෙට කොහෙන් ආපු හයියක්ද මට අත උස්සන්න..” නේහාද කෝපයෙන් ඇසුවත් ඇගේ කෝපයේ පසෙක ගියේ කිඳුරංගනා ඇගේ කෙස් වැටියෙන් ඇද අල්ල ගත් නිසා…

ඒත් සමගම නොසිතූ ලෙස, නොසිතූ මොහොතක නිවසට ආවේ හශේන් සමග තාරායි…ඒ ඔවුන්ගේ විවාහය ආරාධනාව කිඳුරංගනාට කිරීමට නොහැකි වූ නිසා ඉඩ ලද මොහොතේ ඇයට එය දැනුන් දීමටයි…නිවසට ඇතුල් වන විටම දුටු දසුනෙන් ඔවුන් දෙදෙනාගේම දෑස් උඩගියේ සිදුවන දේ දැක…

” …ධීර්….ම්මේ…අපි….” හශේන් ඇසෙන් නෑසෙන ගානට කිව්වේ ධීර් ඔවුන්ට පසෙකට වී සිටින ලෙස අතින් පෙන්වද්දී.

” හයියද? හයිය ආවේ තොපි සේරම එකතු වෙලා මගේ ජීවිතේ විනාස කරපු දවසේ….” තවත් හයියෙන් ඇගේ කෙස් කළඹ අදිමින් කෙල්ල කෝපයෙන් කෑ ගැසුවේ නේහානම් වේදනවෙන් දඟලද්දී.

” අතඅරිනවා කිඳුරංගනා….තමුසෙගේ ජීවිතේ විනාස කරපු මිනිහා ඔය ඉන්නේ….තමුසෙගේ දරුවා මරාගත්තේ උෟ..” නේහා ඇගෙන් මිදීමට දඟලමින් පවසසුවේ ඇගේ කෝපය ඉහවහා යවමින්..

” මගේ ජීවිතේ විනාස කලේ තමුසේ ගෑණියේ….උඹලා සේරම එකතු වෙලා හැම දේම ප්ලෑන් කරලා මාව නැති කලා…තමුසෙලාගේ ආත්මාර්ථකාමී කමට අන්තිමට වන්දිගෙව්වේ මගේ දරුවා….උඹට මම යහතින් ඉන්න දෙන්නෑ….” කියමීන් ඇය නේහාගේ කෙස්වැටියෙන්ම් ඇද ඉදිරියට ඇද නැවතත් වැරෙන් කම්මුල් පහරක් ගැසුවේ වසර හතරක සිට ඒ හිතේ තිබූ වේදනාව, තරහා පිටව යද්දී…ඇය නිවැරදියි…ඔවුන්ගේ අාත්මාර්ථයට ඇයව හසුවුනේ අවසානයේ ඇයට ඇගේ ජීවිතය පවා අහිමි වීමේ ගැට්ටටම ගෙන ගොසින්…ඉඳින් ඒ කෝපය, ඒ ආවේගය සාදාරණයයි..

” කිඳුරංගනා….අත ඇරපන් මාව…මරණවා උඹව….. ” නේහා තවත් ඇයට දෙස් දෙවොල් තබන්නේ ධීර්, න්නදනී ද සිත යටින් නේහාට මෙවැන්නක් සිදු විය යුතුයැයි සතුටු වද්දී.. තාරා නම් හශේන්ගේ මුහුණ දෙස බලමින් ඒ අතකින්ද අල්ලා ගත්තේ වසර ගණනකට පෙර සිටි ඇගේ යෙහෙලියමද මේ සිටින්නේ කියා ඇස් අදහාගත නොහැකි වද්දී.

” තමුසෙ මාව මරණ්න….ඊට කලින් මම අද උඹව මරනවා….” ඒ කෝපය උපරිමයි…ධීර්නම් මේ දෙස බලා සිටියේ ඔහු සමගද කෝපගත් ඇය මෙසේ හැසීරීමට තරම්ම වෙනස්ව ඇති ආකාරය විශ්වාසකරගත නොහැකි වද්දී…නමුත් ඔහු මේ රණ්ඩුවට මැදිහත් නොවුනේ ඇය මේ කරන්නේ නේහාට විය යතු දෙයක් නිසයි…කෙල්ල ඇයව ඇදගෙන මෙන් ගොස් අත ඇරියේ වේදනාවෙන් සිටි ඇය අපහසුවෙන්ම බිම පතිත කරමින්..

බලා හිඳීමට බැරිම තැන නන්දනී මැදිහත් වන්නට හැදුවත් ධීර් ඇයව වැළැක්වූවේ “එපා අම්මා…ඉන්න….” කියමින්.

” ආහ්…අම්මා….” නේහා වේදනාවෙන් වුවත් තවමත් කෙල්ල දිහා කෝපය මුසු රැවුමකින් බැලුවේ ඇය කවත් අහංකාරමෙන්ම කිසිවෙකුටත් දෙවෙනි නොවන ගැහැණියක නිසා…

” උඹ මොකද්ද ම⁣ට කිව්වේ…මට ලැජ්ජ නෑ කිව්වා නේද..?? මටද ලැජ්ජ නැත්තේ ගෑණියේ උඹටද…? මම ධීර්ව මැරි කරන්න ඉද්දිත් උඹට ඕනි වුනේ ආයේ එයාගේ ඇඟේ එල්ලෙන්නනේ…ඒ මදිවට රටේ වටේ මිනිස්සු එක්ක නිදාගන්නෙත් උඹනේ…උඹේ ඕන එපා කම් වලට උඹ උන් එක්කම එකතු වෙලා අන්තිමට ධීර් මාව සැක කර තැනට වැඩ කරේ උඹනේ…ඒකත් තමුසෙගේම අයියව ඉන්වොල්ව් කරන්…ඉතින් උඹටද ලැජ්ජ නැත්තේ මටද කියපන්…කතා කරපන්….????” බිම වැටී සිටින නේහව නැවතත් ඒ කෙල් කළඹෙන්ම ඇද නැගිට්ටවමින් ඇය ඇසුවේ ගිණි පිටවන දෑසින්..
එවරනම් ගතේ ඇති මුළු ශක්තියම ගෙන නේහා, කිඳුරංගනාගේද ගෙලෙන් අල්ල ගත්තත් ඇය කෝපය පිරුණු ආවේගයෙන්ම නේහව තල්ලු කර දැමුවේ ඉදිරියට ඒමට සැරසුන ධීර්ගේද දෑස් නළලට යවමින්…ඒ ආවේගයේ…එතරම් ශක්තිමත්…ඒ කෝපය..මාරාන්තියි….

ඉදිරියට තල්ලු වුන නේහාව ගොස් වැදුනේ බිත්තියකයි…හිසත් අල්ලාගෙන ඇය කෑ මොර දුන්නේ එහි ඇයව තදින්ම වැදුණු නිසයි…

” උඹ…උඹ….තෝ වේ….” එපමණයි ඇයට කීමට හැකිවුනේ…කිඳුරංගනා ආවේගයෙන් එහි අඩි දෙකට පැමීණ ඇගේ කෙස් වැටියෙන් අල්ලා නැවතත් ඒ හිස බිත්තිය දෙසට තදින් ගැසුවේ ගිණි පිට වන දෑසින්..නැවතත් ඇයව හිස කෙස් වලින්ම ඇද ගත්තේ ඇ⁣ය වේදනාවෙන් කෑ මොර දෙද්දී…තාරානම් බියවී හශේන්ගේ අතක් තදින් අල්ලා ගත්තේ නළලත පුපරාගොස් ලේ ගලනා නේහා කෑමොර දෙන සැටි දැකයි…ධීර්ද හීක් ගෑවුනේ ඔහුවත් එසේ නේහාට සලකා නොමැති පසු බිමක..

” අනේ පුතේ..දුවව නවත්තන්නකෝ…..” නන්දනී කෑ ගැසුවේ කිඳුරංගනාගේ අවදානයනම් වෙන කිසිවක් කෙරෙහි නොමැති නිසයි.

“අනේහ්….මට යන්න දෙනවා කිඳුරංගනා….” එවරනම් පරාජය බාරගත්තා සේ නේහා කෑ ගැසුවේ ලේ ගලනා නළලද අතින් තද කරගෙන…

” උඹ…උඹ ආයේ ඔය කටින් මට වේ# කියපන් බලන්න…උඹයි මෙතන ඉන්න වේ# ගෑණියේ….වැරද්දක් නොකරපු මටයි තොපි ඔක්කෝම වේ# කිව්වේ…” ඇගේ කෝපය ඕනවටත් වඩා වැඩි බව දැනුන නිසා ධීර් ගොස් ඒ මැද්දට පැන්නේ ඇයනම් ඔහු දෙස රතු වුන දෑසින් බලද්දී.

” අයින් වෙනවා ධීර්…..පැත්තකට වෙනවා……” කෙල්ල කෑගසුවේ නැවතත් නේහාවෙත ලංවීමට සිතා වුවත් ධීර්ට අවශ්‍ය වූවේ එය නැවැත්වීමටයි…ඒ ඇගේ කෝපයේ ඇගේ මානසික තත්වටයටද අවදානමක් නිසයි.

” ඇති මැණික..දැන් හොඳටම ඇති….” කොල්ලා කිව්වත් ඇයනම් තවමත් නේහාට බුරුලක් දීමට සූ දානම් නෑ…

” අනේ නැන්දී….මේ ගෑණිට පිස්සු…..” නේහා අපහසුවෙන් නන්දනී අසලට ගියේ හඩමිනුයි…

” නේහා…දැන්වත් යනවා මෙහෙන්..ආයෙත් ලැජ්ජ නැතුව ආවනේ…” නනදනී කෝපයෙන් කිව්වේ නේහා නම් අපහසුවෙන් වුවත් ඇයට රවද්දී.

” ඔහොම නැවතියන් නේහා…මම උඹව මරණවා…..” ආවේගයෙන් ඉදිරියට යාමට ගිය කෙල්ලව ධීර් තදින් අල්ලා ගත්තේ ඇගේ දැඟලිලි මැදමයි..

” කිඳුරී…ඇති දැන්…ප්ලීස් කාම් ඩවුන් මැණික….” තදින්ම ඇයව වැළඳ ගනිමින් ධීර්ද කෑ ගැසුවේ ඉතා අසරණවයි..

” නේහා…යනවා මෙහෙන්..තමුසෙට කෑවා මදිද ඕයි තවත් බලන් ඉන්නේ…😂” හශේන සිනහා සිසීම නේහාට කිවුවේ තාරාත් ” හොඳ වැඩේ තමුසෙට…තව ⁣ටිකක් කන්න තිබ්බේ…” ලෙස පවසමින් එයට හවුල් වෙද්දී…රවමින්ම නේහා එතනින් පිටවුනේ ධීර් සහ කිඳුරංගනා දෙසද තවත් වරක් බලමින්.

” ධීර්…හොඳ හිතින් අත අරිනවා මාව…අර ගෑණි පැනලා යයි මිනිහෝ….මරනවා මන් ඕකිව….” දඟලමින්ම කෙල්ල කෑ ගැහුවේ හශේන් ඒ දෙස බලා ඔළුවේ අත ගසා ගනිද්දී…

තවත් මොහොතක් ඇය ධීර්ගේන් වෙන් වීමට දැඟලුවේ බැරිම තැන ධීර් ඇයව දැඟලිලි මැදම දෝතට ගෙන එතනින් ඉවතට ගෙන යාමට තීරණය කරද්දී.

” ශනා…වේයිට් අ මිනිට්…” කියමින් ධීර් ඇයවත් රැගේ ගියේ උඩු මහලේ ඇති ඔහුගේ කාමරයටයි.

එය යන විට ඇගේ දැඟලිල්ල තරමක් අවසන් වී තිබුනේ නොසිතූ ලෙස ඒ දැස් වලින් කඳුළු ගංගාවක් ගැලීමට පටන් ගෙන ඇති මොහොතක.. ඇයව බිමින් තැබූ විගස ධීර්ගේ දෑස් නතර වුනේ ඒ කඳුලින් පෙගුණු ඇගේ දෑස් මත.

” මැණික…අනේ ඇයි මේ..” ඇගේ මුහුණ දොතට ගෙන ඔහු ඇසුවේ හැඟීම්බරවයි.

” ඇයි ධීර් උන් මට එහෙම කලේ…මං මොන වරදක් කලාටද??? මගේ අහිංසක දරු පැටියා මොන වරදක් කලාටද……?? ” කඳුළු සැලීම ඉකියක් බවට හරවමින් ඇය ඇසුවේ ධීර්ටද ඉවසාගත නොහැකිව යද්දී…ඒ කඳුළු, ඔහුට ගෙන එන වේදනාව අපමණයි…ඇගේ ඒ වේදනාවෙන් පිරුණු වදන් ඔහුව කවදත් මැරි මැරී ජීවත් කරවූවේ ප්‍රථම වරට ඇය ඔහුත් සමග කෝප නොගෙන කතා කරන ලද වදන් කිහිපය වන එයත් ඒ තරම්ම වේදනනාත්මක කරමින්.

” අනේ මැණික….මම දන්නවා උඹේ හිතේ තියෙන වේදනාව, වෛරය එසේ මෙසේ එකක් නෙවෙයි…උන් උඹේ ජීවිතතේ විතරක් නෙවෙයි විනාස කලේ..මගෙත්…උඹට විතරක් නෙවෙයි මැණික දරුවා නැති වුනේ…ඒ මගෙත් දරුවා..ලස්සනට ජීවත් වෙන්න හදපු අපි දෙන්නා අතරට අච්චර ලොකු ප්‍රශ්නයක් දලා අපිව අපෙන් ඈත් කලේ උන් මැණික…තේරුම් ගන්න රත්තරන්….” නොනවත්තම ඒ සියුමැලි කම්මුල් දිගේ ගලනා කඳුළු කැට පිසදමමින් ඔහු පවසන්නේ ඇය හුස්ම අල්ලන් හඬමින් ඔහු දෙස දෑස් අයා බලා සිටියදී.

” එයා අපි ගාව හිටියනම් අද….අපේ ජීවිත කොච්චර ලස්සන වෙයිද ධීර්…අැයි අපිට එහෙම වුනේ….ඇයි ඒ……?? ” කෑ ගසමින් හඬනා ඇයව ඔහු ඒ පපවුට තුරුළු කර ගත්තේ ඇයත් ඒ ශර්ටයේ එල්ලී මහා හයියෙන් හැඬිමට පටන් ගනිද්දී..

” මම හිතලා කවදාවත් උඹට වැරැද්දක් කලේ නෑ මැණික…මම දැනන් හිටියේ නෑනේ උඹේ බඩේ අපේ පැටියා හිටියා කියලා..දැනගත්තනම් මම උඹව ඇහේ තියන් බලාගන්නේ මැණික…අපි දෙන්නම උන්ගෙ උගුල් වලට අහු වුනා කිඳුරී….අදටත් මම දන්නෑ අරකිත් එක්ක මේ දෙවල් වලට හවුල් වුනේ කවුද කියලා….උන් අපිව නැත්තටම නැති කලා..ඌ එදා කිව්වා වගේම මාව උඹට එපා වුනා …උඹ මාව දාලාගියේ ඌ කියපු විදිහටමයි….මට ඒවා මතක් වේද්දී…ශිට්…ඔකව මට අහු වුන දවසට මරලා දානවා..උඹට දුන්න මේ ගිණ්දරට….” හඬාවැලපෙන ඇය තව තවත් ඒ පපුවට හොවාගනිමින් ධීර් එසේ පැවසුවේ හදවත පසාරු කරන වේදනාවකිනි…පිරිමි හිතක් වුවත් ඔහු දැන් ඒ තරම් ශක්තිමත් නෑ… වේදනාවෙන්ම කල් ගත කල ඔහුගේ හදවත වේදනාවෙන්ම අඩක් පමණ මියගොස් ඇති නිසයි…දරු දුක ඔහුටත් පොදුයි…සහිරුගේ හුරතල් සිඟිත්තියව මතක් වන වාරයක් පසා ඔහුට සිහිවන්නේ ඔහු කවදත් අසාවෙන් සිටි ඔහුගේ පුංචි රෝස මල ඔහුව දමා ගොස් ඇති බවයි…නොදැන හෝ තාමද ඒ පවට හවුල් බවයි…ඉඳින්, ඒ හිත විඳවන තරම් දන්නේ ඔහු පමණයි…

මොහොතක් ගත වුනේ හඬමින් සිටි ඇගේ හඬ නෑසීගොස් එක වරම ඇයව සිහි නැතිවී ඇද වැටෙද්දී… ධීර් ඇයව වැළඳගෙන සිටි නිසා ඇයව නොවැටුනේ බියවූ ඔහු හැකි ඉක්මනින් ඇය ඔසවා ඇඳමත තබද්දී.

” කිඳුරී…මැණික…” හඬාම හෙම්බත්ව තිබූ ඇගේ සියුමැලි මුහුණ සුදුමැලිව ගොස් තිබුනේ ඔහුගේ හද බියෙන් වෙලා දමමින්. හැකි වේගයෙන් පහත මාලයට ලොස් ඔහු කෑ ගැසුවේ තාරාට.

“තාරා….ඉක්මනට එන්න..කිඳුරීට සිහිය නැති වුනා…” එය ඇසුනු විගස නන්දනීද බියවුනේ තාරා සහ හශේන් හැකි විගස කෙල්ලව සොයාගෙන ඉහල මහලට දුව යද්දී.

මොහොතක් තාරා ඇයව පරික්ෂා කර දිගු සුසුමක් හෙළුවේ ධීර් දෙස බලමින්.

” ඉන් වෙයින්, ශී විල් ගෙට් හ(ර්) සැනිටි බැක්….” එය ධීර්ට ගෙන ආවේ විසල් සතුටක්..

” බට්..නිතරම එයාට මෙහෙම වෙන්න දෙන්න එපා අයියේ…මතකනේ ඩොක්ටර් හරේන් කිව්වා…මේක මෙන්ටල් ඩිසෝඩර් එකක්..එයාගේ මොලේට වුනත් ඩැමේජ් එකක් වෙන්න පුළුවන්… වැඩිය අඬන්න,තරහා ගන්න, කල්පනාකරන්න දෙන්න එපා අයියේ..මෙහෙම දිගටම සිහි නැති වෙන්න ගියොත් එයාගේ මෙමෙරි ලොස්ට් එකක් වුනත් එන්න පුළුවන්…ඔයා දැනුවත්නේ මේ දෙවල්..? ” තාරා කියද්දී ධීර් හිස වැනුවේ හරිම අසරණව.

” මගේ කෙල්ලට හොඳ වෙයි නේද පුතේ…” නන්දනී තාරාගෙන් ඇසුවේ හැඬූ කඳුලෙන්.

” බය වෙන්න එපා ආන්ටි…කිඳූට ටිකකින් සිහිය එයි….එයාගේ බලඩ් ප්‍රෙශර් එක ටිකක් වැඩි වෙලා..එයාගේ බෙහෙත් තිබ්බ නිසා මම ඒවම දුන්නා….ලොකු ප්‍රශ්නයක් නෑ…” තාරා ඇගේ සිත හතදමින් එසේ පැවසුව පස් නන්දනී කඳුළු පිරි දෙනෙතින්ම පහලට ගියේ ඔවුන්ටද පැමිණෙන ලෙස පවසමින්.

” හුහ්…මැදැයි ඔයින් ගියා…..මම හිතුවේ අරකිව මරයි කියලා නංගි 😅” සියල්ල අවසානයේ හශේන් කිව්වේ සියලු දෙනාටම මද සිනහවක් ගෙන දෙමින්.

” අම්මෝ තමා…මේකි යකින්නක් වෙලානේ අයියේ…කොහොමද බං වසන්නේ මේකි එක්ක…😅” තාරාත් ඒ කතාවට එකතු වුනේ ධීර් මද සිනහවක් පා

” උඹලා මං ගැන දන්නෑ වගේ අහන්න එපා යකෝ…ඒකි මගේ ගෑණිනේ..ඉතින් මං වගේ වෙන්නෙපැ 😄”

” ඔව් ඔව්…තෝත් ඉතින් කොයි වෙලෙත් ඉන්නේ පු# ගිණිගත්ත මදන ඇතා වගේනේ…දැන් හරිනේ…අන්තිමට ගෑණියි මිනිහයි දෙන්නම එකතු වෙලා මරාගනිල්ලකෝ….🤭🤭” හශේන් කියද්දී ධීර් ඔහුට රැවුවේ තාරානම් සිනහාසෙද්දී.

මොහොතක් ඇය දෙස බලා හිඳ මශේන් සහ තාරා පිටත් වුනේ වෙනත් දිනෙක පැමිණෙන බව පවසමින්.

ධීර් මොහොතක් කිඳුරංගනා අසල රැඳුනේ ඇගේ හිස පිරිමදිමින් ඒ හිස සිඹිමින්. ඒ පිරිමි දෑස් වලත් දැන් නිතරම කඳුළු දක්නට ඇත්තේ ඒ හිතේ ඇති වේදනාව විදහාපාමින්…

සුසුම් මැදම ඔහු ගියේ තවමත් ඔෆිස් ඇදුමෙන්ම සිටින නිසයි.


මේ අතර අපහසුවෙන් වුවත් නේහා වාහනය ඩ්‍රයිවින් කරන් පැමිණියේ ඇයට කවදත් සුපුරුදු රයන්ට අයත් පබ් එකට…ඔවුන් නිතරම රැඳෙන් රයන්ගේ රූම් එකට ගොස් දොරට ගැසූ පස් ඔහු එය විවර කලේ ඇයට සිදුව ඇති දේ දුටුමන් ඔවුගේ දෑස්ද විසල් වද්දී.

” ඔහ් මයි ගෝඩ්…වට් හැපන්ඩ් ඩාලින්ග් …” ඇයව ඇතුලට ගෙන දොර වසා දමා ඔහුබඇසුවේ කනගාටුවෙන්.

” අනේ බේබී….අර ගැණි තමා මට මෙහෙම කලේ….ඉට්ස් හ(ර්)ට් ටූ මච්….. ” දැනට නැවතත් ඇගේ පෙම්වතාගේ භූමිකාව රඟන රයන් ඉක්මනින් කතාකලේ වෛද්‍යවරයෙකුටයි.

වෛද්‍යවරයා පැමිණ බෙහෙත් දමා ගියේ ඇය හඬාගෙනම රයනට තුරුළු වද්දී.

” ඉට්ස් ඕකේ බේබ්…ඒකි කොහොමද එච්චර දෙයක් කලේ ඔයාට…පුදුම ගෑණියෙක්නේ….” රයන් ඔහු කවදත් ආසකල කිඳුරංගනාව මතක් කරමින් පවසන්නේ තවමත් හිත යටින් ඇයව තමාගේ කරගැනීමේ අදහසද ටිකින් ටික දළුලා වැඩෙන පසු බිමක.

” අයි ඩෝන්ට් (ක්)නෝව් බේබ්…මොනවා වුනත්…මට කරපු දේට මං ඔය බැ#ලිට යහතින් ඉන්න දෙන්නෑ….” එවර ඇගේ හැඬීමට කේන්තියන් බවට හැරවවේ පෙර වූ පරිදීමඒ හිතේ යන්තමින් හෝ වෙනස් සිදු නොවී ඇති බව පසක් කරමින්.

” කාටද ඔය කෝල් කරන්නේ…..? ” නේහා දුරකතන ඇමතුමක් ගත් නිසයි රයන් ඇසුවේ.

” අරූගේ මාරයට…වෙන කාටද…”

ඔළුව පිස දමමින් කාමරයට ආපු ධීර්ට ඇසුනේ සිහින් කෙඳිරිලි හඬක්…ඒ නිසාමයි ඔහු කිඳුරංගනා වෙත ඉකමන් අඩියෙන් ගියේ…නැවතත් සිහිය ලබමින් සිට ඇය එක්වරම දෑස් විවර කලේ කලබල කරමින්… වදනකදු නොකියා වටපිට බලමින් දඟලන ඇගේ දෑත් වලින් ඔහු අල්ලා ගත්තේ හඬ අවදි කරම්න්.

” මැණික…ඉට්ස් ඕකේ…මේ…මම ඉන්නවා ළඟ….කූල් ඩවුන්…….දැන් හරි රත්තරන්….” ඔහු දෙසම බලා සිටින ඇය ටිකෙන් ටික සන් සුන් වූවේ නැවතත් දෑස් පියාගෙන නින්දකට වැටෙමින්.

සනසුන්ව නිදා සිටින ඇය දෙස වේදනාව පිැරි දෑසින් ඔහු බලා සිටියේ කිරිල්ලියක සේ සැහැල්ලුවෙන් සිටි පුංචි කෙල්ලට සිදුව ඇති දේ සිතා ගත නොහැකිවයි…..එදා ඔහුගේ කෝපයට බිය වූ ඇයම අද කෝප ගන්නේ වට පිටාවේ සිදු වන දේ පවා අමතක කරමින්….අද ඔහුගේ කෝපය නිවී ගියේ අැයගේ කෝපය ඉහවහා යද්දි ..ඇගේ සිතේ වේදනාව, වෛරය පිරී ඇත්තේ ඒ තරමටම ඇය දුක් විඳ අැති නිසායි…කෙසේ හෝ තමාට සුපුරුදු ඇයව තමා සතු කරගෙන ඇයව සුව කරගන්නවා ලෙස සිතමින් ධීර් ඒ දෙතොල් මත කෙටි හාදුවක් තැබුවේ ආදරයෙන්…


” නේහා…මොකටද මේ වගේ තැනකට ආවේ…දැන් කොච්චර වෙලාද ඇවිත්….” නේහා මේ රයන් සමග පැමිණියේ අත හැර දමා තිබූ සුවිශාල ගොඩනැගිල්ලකටයි..

” පොඩ්ඩක් ඉන්නකො රයන්…නිකන් නෙවෙයි බලන් ඉන්නේ මෙතන…මෙච්චර කල් ඔයාට දැනගන්න ඕනි වුන, ධීර්ගේ විනාසය උගේ පිටිපස්සෙන්ම ඉඳන්ම ප්ලෑන් කරන මාස්ට(ර්) මයින්ඩ් එක එනකන් අපි මේ ඉන්නේ..බී පේශන්ස්..” නේහා එහා දෑත් බැඳගෙන බැවසුවේ ජයග්‍රාහී ලෙස…

” ඔහ් මයි ගෝඩ්..රියලි…” රයන්ටනම් එය ගෙනආවේ මහත් වූ ආශ්වාදයක්.

මොහොතක් ගතවුනේ ඈතින් පැමිණෙන හැඩි දැඩි පිරිමියෙකුගේ රුව ඔවුන්ට දිස්වීමට පටන් ගනිද්දී.

රයන්ගේ මුව විවර වුනේ පුදුමයටමයි..

” යූ ….ආ(ර්)…කිඩින්ග් බේබ්….අන්බිලීව්බල්……” රයන් විසල් වූ දෙනෙතින් පැවසුවේ නේහානම් කට කොනෙන් සිනහාසෙද්දී..

ළඟටම ආපු ඒ රුව ඔවුන් ඉදිරියේ නතරවුනේ රයන් සතුටෙන්ම ඔහු වෙත අතක් දිගු කර

” නයිස් ටූ මීට් යූ පාට්නර්….අයි ඇම් රයන්…වී (ක්)නෝව් ඊච් අද(ර්)ස්…දිස් ඊස් අන්බිලීව්බල් ” එසේ පැවසුවේ ඔහුද එසේම සිදු කරමින්

“ඉයහ්..අයි (ක්)නෝව්…අයි ඈම්……..”

ඉවරායි…..😁😁

ඉදිරියට🌷🌷🌷

රෑට 51 ඕන්නම් ….Like 450 යි Comment 100 යි 😌 ඕනිලු….😌 නැත්තම් හෙට ආයේ…

••••🌷🌷🌷🌷••••

ජයග්‍රාහී 50 ස් වන කොටස..අද නම් අනිවාර්යයෙන් හැමෝගෙන්ම අදහසක් ඕනියෝ….🙏🙏 කතාව කොහොමද? කොටස් 50 ක් බැලුවට හිතට දැනෙන්නැත්තම් වැඩක් නෑනේ..?? 🤗 සෝ සොරි ඊයේ කතාව දෙන්න බැරි වුනාට…⁣මම ඊයේ හුඟක් බිසී වුනා..රෑවෙද්දිත් කතාවේ බාගයයි ලියාගන්න පුළුවන් වුනේ…දඩිබිඩියේ ලියන්න බෑනේ එහෙම, ඔන්න උදේම දුන්නා ඈ..😁
49 කොටසට Like මදී…මොකද වුනේ 😒😒 400 ගාණක් තිබුනා කලින් 🙁 දුකා..යි 😥

ඉතින්..කිඳුරී ගේ කේන්තිය සාදාරණද බබලා…?? අර හැංගි හොරා කවුරුවෙයිද ඉතින්..කියන විදිහටම් ධීර්ගේ පිටිපස්සෙන්ම ඉන්න කෙනෙක්…කවුද ඉතින් ඇත්තටම එහෙම ඉන්නේ…🤨🤨 ගෙස් කරලා කියන්න බලන්න පුළුවන්නම්…අදහස් කියන් යමු….ලයික් කමෙන්ට් කරන හැමොටම ස්තුතියි..පුළුවන් හැම වෙලේම රිප්ලයි කරනවා…😘❤️ ආද⁣රේයි ❤️ බුදුසරණයි…පරිස්සමෙන්

Advertisment