කියවන හැමෝම Like එකක් දා ගෙන යන්නෝ ❤️❤️
චන්ඩි_රැජින🌹🌹
අසූ දෙවන චන්ඩිකම 🙅🙅 •••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
දෙවියනේ,මං මේ කොහෙද ඉන්නෙ.කව්ද මාව ඇදක් උඩින් තිබ්බෙ.අනික මේ මං කලින් හිටපු කාමරෙත් නෙවෙයි.මොකුත් හිතා ගන්න බැරිව මං ඇද උඩ එහෙම්ම වාඩි වුණේ.නැගිටල ඇවිදින්න හදනකොටම සිහි නැතුව වැටුණ මතකයි.කව්රු හරි මාවගෙනත් වෙන කාමරේකින් තියලද කොහෙද.අනිවාර්යයෙන්ම මේකත් රනුකගෙ වැඩක් වෙන්න ඇති.ඒ පාර රනුක මොණව කරන්න් හදනවද දන්නෑ.එහෙම හිතල මං ඇදෙන් බහින්න හදනවත් එක්කම දොරත් ඇර ගෙන ඇතුළට ආවෙ රනුක.
” ආ….. කුමාරිහාමි නැගිට්ටද? ඒක හොදයි.අපි දෙන්නට අද ලොකු වැඩක් කරන්න තියෙයි. හහ් හහ් හහ්…… ඊට කලින් මේ කෑම එක කාල ඉන්න්ඩකො.”
සමච්චලයට හිනා වෙන ගමන් ඇද උඩින් වාඩි උණ රනුක මං දිහාවට කෑම පර්සල් එකක් දික් කළේ ඇස් උඩින් වගේ මං දිහා බලල ඇහැක් ඉගි මරලම.රනුකගෙ හැසිරීම අද කලින් දවස්වලට වඩා හුගක් වෙනස්.මට දැනුනෙ අමුතුම බයක්.හරියට මහා කුණාටුවක පෙරනිමිත්තක් වගේ.අනතුරක සේයාවක් දෑස් මානෙ එබිකම් කරන්න ගද්දි මං රනුකගෙ අතේ තිබුණ කෑම පාර්සල් එක අරන් රනුකගෙ මූණටම ඒකෙන් ගැහුවෙ හද ගැස්ම තව තවත් වැඩි වෙද්දි.
” පාහර බැල්ලි,තෝ කන්ඩ දීපු අතත් හපා කෑව එහෙනම්.සිහි නැතුව වැටිල හිටිය නිසයි කෑම එකකරන් ආවෙ.හිටපං මං අද උඹට පෙන්නන්නම් මේ රනුක කියන්නෙ කව්ද කියල”
දත් විලිස්සමින් එහෙම කියපු රනුක මගෙ ඇගට කඩා පැන්නෙ කොටියෙක් වගේ.කම්මුල හරහා පහර පිට පහර ගහපු රනුක මගෙ කෙස් වැටියෙන් අල්ල ගත්තෙ මං කෑ ගහල අඩද්දි.ආයෙමත් මගෙ හිස තදින්ම ළග තිබුණු බිත්තියක හප්පන්න උණේ මගෙ නලලත් වගේම තොලත් පුපුරල ලේ බිංදු එක දෙක පහළට වැගිරෙද්දි.ඒත් රනුකට ඒ කිසි දෙයක් වගක් උණේ නෑ.මගෙ ඇඩීමගෑනකටවත් නොගත් රනුක මට ගහන්න උණේ තිරිසන් සතෙක්ට වගේ.ඒ හැඩි දැඩි සිරුර එක්ක මට හැප්පෙන්න ශක්තියක් නැති වෙද්දි මගෙ ශක්තිය අන්තෙටම සිදිල යද්දි,තටු සිදුණු සමණලියක් වගේ මං ගුලි වෙවී උණ්නෙ රනුකගෙ පහරවලින් ගැලවෙන්න.
එක පාරටම මාව ඇද මතට තල්ලු කරල දාපු රනුක මගෙ ළගට ආවෙ ඇදන් උන්නු ෂර්ට් එකේ බොත්තන් එකින් එක ලිහිල් කරන ගමන්.ඊලගට වෙන්නයන දේ ඉවෙන් වගේ වැටහුණු මං හැකි තරම් වෙර යොදල රිදුම් කන ශරීරය ඔසව ගන්න ඇරුවෙ අසාර්ථක වෑයමක්.ඒත් එක්කම ඇදන් උන්නු ශර්ට් එක ගලවල ඇද විට්ටමට විසි කරපු රනුක මං ළගට එනවත් එක්කම මං බිත්තිය මුල්ලට උණේ ළගට එන්න එපා කියල රනුකට කෑ ගහන ගමන්ම.
ඒත් කාමයෙන් අධික ලෙස පිපාසිතව උන්නු රනුක මට ළං උණේ මං අත් දෙකෙන් ඇස්තදින් මිරික ගනිද්දි.එක පාරටම මගෙ ළගට ලං උණු රනුක මගෙ බ්ලව්ස් එකේ කොණකින් ඇද්දෙ “බ්රාස්” ගාල ඉරිල යන විදිහට.පිටතට පේන නිරුවත් උඩු කය රනුකගෙන් වසන් කරන්න මං දරපු උත්සාහයක්.කාමයෙන් මත් වෙලා උන්නු රනුක මාව ඇදල ආයෙමත් ඇදට තල්ලු කළේ කිසිම හිතක් පපුවක් නැති ගානට.උඩු අතට ඇදට වැටුණු මංඇස් පිහාටු තද කරල වහ ගත්තෙ කදුළු අහුරු පිටින් වැගිරෙද්දි.මගෙ මුළු ආත්මෙම ජරා පිරිමියෙක් ඉදිරියෙ සේදිලා යන විදිහ ම්ගෙ ඇස්වලින් දකින්න තියන අප්පිරියාවට.
ඇස් අස්සෙත් මට මැවි මැවි පෙණුනෙ ඒ රූපෙමයි.බැල්මකින්වත් මාව දූශිත නොකරපු,ඇහි පිල්ලම් යට තියාන හරි පරිස්සමට ආරක්ශා කරපු,හුස්ම පොදක් ගානෙ මට ආදරේ කියා දුන්නු,ආත්මෙටම මුසු උණු ඒ සුවද.ආදරේ දෝරෙ ගලන ඇස්වලින් අර ඉස්සරම දවස්වල වගේ ලස්සනට හිනා වෙන අභිරූ සර්ව.අනේ එයා උන්න නම් මාව පරිස්සම් කරයි හුස්ම පොදක් ගානෙ.දවසකහරි ආදරෙන් එයාට දෙන්න හිටපු මගෙ ආත්මෙම ජරා පිරිමියෙක් උදුර ගන්න මාන දරද්දි වේදනාවකටත් වඩා මට දැනුනෙ මහ ලෝභකමක්.දැන් අභිරූ සර්ගෙන් මං හුගක් දුරයි.අනේ දැන් එයාසහේලි එක්ක සතුටින් ඇති.මාව මතක නැතුවත් ඇති.ආදරේ වෑහෙන ඒ නපුරු ඇස් මට මැවි මැවි පේන්න ගනිද්දි රනුක මගෙ මූණට බර වෙනව මට හොදටම දණුන.මගෙ කම්මුල්වට රනුකගෙ හුස්ම වැදෙද්දි මට දැණුනෙ බඩ පෙරල ගෙන එන ඔක්කාරයක්.එදත් අදත් මට රනුකව අප්පිරියයි.ඕනවටත් වඩා මට ලං උණු රනුක මගෙ තොල් පෙතිවලට ලං වෙන්න හදනවත් එක්කම කව්දෝ කාමරේට ඇතුළු උණේ වහල තිබුණු දොර පලුව ගැලවිලා මහ හඩින් බිම වැටෙද්දි.
ඒ සද්දෙන් මටත් වඩා තිගැස්සුණු රනුක මගෙ සිරුරෙන් නැගිට්ටෙ දොර දිහා බලා ගෙනම.ඒඇසිල්ලෙන්ම ඇදේ වාඩි උණු මම නිරුවත් පපුව වසන් කරන්න ගත්තෙ අසාර්ථක වෑයමක්.මට මගේ ඇස් අදහ ගන්න බැරිව ගියේ ඒ මොහොතෙම.විශ්වාස කරන්න දොර ගාව හිටන් උන්නෙ අභිරූ සර්.ඒත් එයාට මං ගැන වගක්වත් නෑ.දත් කුරු හපා ගෙන දෑතම මිටි කරන් බලන් උන්නෙ රනුක දිහා.ඉස්සර වගේමයි.කේන්තිය පිරුණු ඒ මූණෙ මස් පිඩු වෙව්ලනව.ආඩම්භරකම වෑහෙන ඇස්වලින් කේන්තියම දෝරෙ ගලනව.අභිරූ සර්ව දැකපු රනුක ගොඩ දාපු මාළුවෙක් වගේ.මට දැනුනෙ දරාගන්න බැරි සතුටක්.කෑ ගහල අඩන්න තරම් සතුටක්.ජීවිතේ බලාපොරොත්තු අන්තෙටම සිදිල උන්නු මට දැනුනෙ පිපාසයට ලැබුණු ජල උගුරක් වගේ.ඒ මගේ අභිරූ සර්ව.මොහොතක් රනුක දිහා බලන් උන්නු එයා දේගෙන් ඇවිතේ ඇසිල්ලෙම රනුකටපහරපිට පහර දුන්නෙ රනුක ඉහින් කනින් ලේ වගුරමින් බිම ඇද වැටෙද්දි.මොහොතකට පෙර මගෙ ඉදිරියෙ පුහු වීරයෙක් වෙන්නහදපු රනුක බිම වැටිල උන්නෙ දිරා ගියපු ඉපලක් වගේ. අභිරූ සර්ට ගහන්න තියා රනුකට අතක් උස්ස ගන්නවත් පණනැති වෙනකන්ම අභිරූ සර් පහර ගැහුවෙ මගෙ හිතේ හීනියට සතුටික් මෝදු වෙද්දි.
ඒ දිහා බලන් උන්නු මං ගැස්සිලා ගියේ එක පාරටම මගෙ ඇගට බෙඩ් ශීට් එකක් වැටෙද්දි.දෙවියනේ මගෙ ඉස්සරහ හිටන් උන්නෙ අරවින්ද සර්.මගෙ ඇගට බෙඩ් ශීට් දාපු අරවින්ද සර් මාව උස්සල දෝතට ගත්තෙ මගෙ අවසරයකින් තොරවම.මාත් බය වෙලා වගේ බලන් උන්නෙ කටේ කෙල පවා සිදිල යද්දි.මාව දෝතට ගත්තු අරවින්ද සර් කාමරෙන් එළියට ඇවිදන් ඇවිත් විශාල තරප්පු පේලියක් බැහැල එළියට ආවෙ අදුර කාමරේක බිත්ති හතරකට සිර වෙලා උන්නු මං එළිය දැක්කෙ අද.උණු කදුළක් ඇහි පිහාටු තෙත් කරද්දි එළියෙ නතර කරල තිබුණු කාර් එකේ පිටිපස්සෙ දොර ඇරපු අරවින්ද සර් මාව හරි පරිස්සමට ශීට් එක උඩින් තියල අතින් සන් කළේ සන්සුන් වෙන්න කියල.ආයෙමත් කාර් එකේ දොර වහපු අරවින්ද සර් ගේ දිහාවට ඇවිදන් ගියේ මං බලන් ඉද්දිම.අභිරූ ස්ර් තාමත් රනුකට ගහනව ඇති.එයා කොහොමත් එහෙමයි.කේන්තියක් ආවම දරා ගන්නබැරි තරම් එයාට එයාව පාලනය නැති වෙනව.
ටික වෙලාවකින් ගේ දිහා ඉදන් එළියට ආවෙ අභිරූ සර්.දෙවියනේ එයාගෙ සුදු ශර්ට් එක පුරාවටම රතු පාටට ලේ පැල්ලම් තද රතු පාට වෙච්ච ඇස්වල කේන්තිය උතුරනව.මං ඇහි පිය නොගහම බලන් උන්නෙ එයා දිහා.කාර් එක ළගට ආපු එයා අනිත් පැත්තෙ දොර ඇරල වාඩි උණේ මං ගාවින්ම ශීට් එකේ.මං දිහා දත් කුරු හපා ගෙන කේන්තියෙන් බලන් උන්නු එයා මගෙ අත් බාහුවෙන් අල්ල ගත්තෙ මගෙ ඇස්වලින් කදුළු පනින්න තරම් තදට.එකපාරටම………
නැවත හමුවෙමු.👋👋
Like එකක්වත් නොදාන අය කතාව පරක්කු උණ ගමන් කතාව හොයල මැසේජ් කමෙන්ට් දානව.😂😂 අදාල අයටම පෙනියන්