=

කිඳුරංගනා Facebook novel 🌷🌷

❌❌⁣කතෘ අවසරයෙන් තොරව උපුටා ගැනීම සපුරා තහනම්❌❌

49_කොටස

පෙර කොටස –

” තමුසෙට සිංහල තේරෙනවා නේද..යනවා යන්න මෙතනින්…😠” ඇය කෝපගෙන පවසද්දී ධීර් ගැඹුරු හුස්මක් ගෙන අතට ගත්තේ ඈ අත තැබූ ඇඳුමයි.

” හරි…ඔයාට එන්න බැරිනම් මම මේකත් අන්දවලා උඹව උස්සගෙන හරි අද අරන් යනවා..තවත් මෙතන බලන් ඉන්න මේක හොටෙල් රූම් එකක් නෙවෙයිනේ කිඳුරී 😕” ඔහුත් මුහුණ අඳුරු කරන් කිව්වේ ඇය කෝපයෙන් ඔහු දෙස බලා සිටියදී…මොහොතකට පසු ඇඳෙන් බැසගත් ඇය ඔහුට කෑ ගැසුවේ,

” යනවා එළියට….මම එන්නම්…” කියමින්. කෝපයෙන් වුවත් ඇය තමා හා එකඟවුන බව දැනුන හෙයින් ධීර් නැවතත් ඇඳුම ඇඳ මත තමා පිටතට ගියේ ඇයට සූ දානම් වීමට ඉඩදී. මොහොතක් ගත වුනේ ඇය තම කලමනා දැමූ බෑගයද රැගෙන පිටතට පැමිණෙද්දී.

” හරිද?? යමු එහෙනම්…” ඈ අත තිබූ බෑගයද අතට ගනිමින් ඔහු පවසන්නේ කෙල්ලගේ රැවුම් මැද.. කෝපයෙන් වුවත් වසර ගණනකට පසු ඇය තමා සමග පැමිණෙන නිසා ඔහුටනම් හිතයටින් දැනුනේ මහත් වූ සතුටක්.

” මගේ පෝන් එක දෙනවද? 😕 මම දන්නවා ඒක තමුසෙ ගාව කියලා…” කෙල්ල රවාගෙන කියද්දී යන්තමින් සිනහා සී ඔහු තම සාක්කුවෙන් රැගෙන එය ඇය අත තැබුවා. ඇගේ අතකින් අල්ලා ගන්නවදෝ කියා සිතූ ඔහු එය අතහැර දැමුවේ ඇය තවත් ⁣කෝපගනීයයි සිතා.

හොස්පිටල් එකෙන් එළියට එද්දිම වගේ ඔවුන්ට හමු වූ රුව නිසා කෙල්ලලේ මූණෙ හිනා පොදියක් බැඳුනේ ධීර්ව එවරනම් කෝපගන්වා.

” රශී…..☺️” සිනහාවෙන්ම ඇය අඩි දෙකට ගියේ ඇය ගැන දැන ගත් ඉක්මනින්ම ඇය බැලීමට එහි පැමිණි රශික ගාවට.

” ඩියා…කොහෙද යන්නේ…ඩිස්චාර්ජ් කලාද?? අයි ඩිඩින්ට් (ක්)නෝව් අබවුට් දිස්…😒” ලෙස ඔහු පවසුවේ කෝපය පිරුණු දෑස් වලින් ඔහු දෙස බලා සිටින ධීර් දෙසද ඇස් කොනින් බලමින්.

“ඉට්ස් ඕකේ…දැන් හොඳයි මට…” තමාට සෑම විටම කෝපයෙන් දරුණු වදන් පවසන ඇය රශිකත් සමග මෙසේ සිනහවෙන් කුළුපගව කතා කිරීම ධීර්ට ගෙන ආවේ මහත් වේදනාවක් මෙන්ම අතිශය කෝපයක්. ඒ නිසාමයි ඔහු දෑත් මිටමොලවාගෙන ඉදිරියට පමිණියේ.

” කිඳුරී…ලේට් වෙනවා….එනවා යන්න….” හැකි තාත් දුරට සන්සුන්ව ධීර් කතා කලේ ඊළඟට කෙල්ල කියූ දෙයින් නම් ඔහුව කෝපයේ උපරිමට ඇද දමා..

” කොහේ යන්නද…දෙනවා බෑග් එක…මම යන්නේ මෙයා එක්ක…”

ධීර් දෙස කට කොනින් සමච්චල්සහගත සිනහවක් දා රශික හැකි ඉක්මනින් ඔහු අත තිබූ බෑගය තමන් අතට ගත්තේ ඒ හා සමාන ලෙසද කිඳුරංගනා ඔහුට සානහා සී රශිකත් සමග පිටත් වෙද්දී.

” කිඳුරී…තමුසේ යන්නෑ මූ එක්ක…” කෝපයෙන් කෑ ගැසූ ධීර් ඉදිරියට ඇදුනේ ඉක්මන් අඩියෙන් ඉදිරියට කෙල්ලගේ අතකින් අල්ලා ගනිමින්.

” මොන මල විකාරයක්ද මේ…තමුසේ කවුද මට කරන නොකරන දේවල් කියන්න…” කෝපයෙන් අත ඇදගැනීමට තැත් කරමින් ඇය පැවසුවේ ධීර්ගේ සිත රිදවා මෙන්ම තවත් කෝපගන්වා.

” කිඳුරී…මගේ යකා අවුස්ස ගන්න එපා මැණික….උඹට ආයේ මූ එක්ක කිසිම සම්බන්ධයක් නෑ …” ගලාගෙන එන කෝපය යම් තාක් පාලනය කරගන ධීර් පැවසුවත් රශික එය වැඩි දියුනු කලේ ඔහු පැමිණ ධීර්ගේ අත වැරෙන් අල්ලා කෙල්ලගේ අතින් මුදවා ගත් නිසා… කෝපයෙන්ම ධීර් ඔහුදෙස බැලුවේ මරණ් කන තරහකින්…

” උඹට ඇහුණනේ…ඇණයක් නොවී පලයන් යකෝ…”කෝපයෙන්ම රශික පවසද්දී මෙතරම් වෙලා කේන්තිය පාලනය කර ගත් ධීර් එවරනම් ඉදිරියට පැන්නේ රශිකට පහරක් ගැසීමට…නමුත් නොසිතූ ලෙස කෙල්ල ඒ මැද්දට පැන්නේ ධීර්ව නවතාලමින්.

” තමුසේ..තමුසේ මගෙන් ඈත් වෙලා ඉන්නවා ධීර්…තවත් මට තමුසේ කවුරුවත් නෙවෙයි….තමුසේ මට දැන් මැරුණ මිනිහෙක් විතරයි…අමනුස්සයා” කෝපයෙන් ඇය එසේ පැවසුවේ ධීර්ව හුන් තැනම ගල් කර දමා..පසුව ඇය රශිකත් සමග ඉදිරියට ඇදුනේ ධීර් හිස් හදින් ඔවුන් දෙස බලා සිටියදී.

රශික ඇයව රැගෙන යාමට සැරසුනේ මිහින්ගේ නිවසට.

” වෙලාවට ඔයා ආවේ රශියෝ…නැත්තම් මට අර මිනිහා එක්ක යන්න වෙන්නේ…” කෙල්ල තවමත් ධීර්ට දෙස් දොවොල් තබමින් සිටියේ කෝපයෙන්. රශිකටනම් එය ගෙන ආවේ හිත පුරා සතුටක්.

” හ්ම්…ඌගෙන් ඈත් වෙලා ඉන්නවා…තමුසෙත් පැටලිලා තියෙන්නේ නයෙක් වගේ මිනිහෙක් එක්කනේ ඕයි..බලනවකෝ…ඇඟපුරා තියෙන්නේ තරහා විතරයි උගේ…” රශික කිවුවේ රවාගෙන වගේ.

” හ්ම්…කරුමෙ බං…කරුමේ…නැත්තම් මට මෙහෙම වෙයිද…”

මේ කතාබහත් සමග ඔවුන්ට මහ දුරක් යාමට හැකි වුනේ නැහැ…ඒ වේගයෙන් ඇදුන ධීර්ගේ වාහනය ඔවුනගේ වාහනය හරස් කර නැවතූ නිසා..රශික වාහනය නතර කරගත්තේද බොහොම අපහසුවෙන්… නැවතූ වාහනයෙන් බැස එන රුව දුටුවහමනම් කෙල්ලව ගැස්සිලා ගියේ ධීර්ගේ මුහුණෙන් ඔහුගේ කෝපය හොඳින්ම දිස් වන නිසයි..

” මේ යකා නම්..” ඒ හා සමානවම කෝප ගෙන රශික වාහනයෙන් බැස්සේ ද ගේමට වගේ. නමුත් සිදු වුනේ නොසිතූ දෙයක්…තරහෙන්ම ආපු ධීර් රශික වචනයකදු හෝ කීමට පෙර ඔහුව ඇදලා අරන් පහර පිට පහර දුන්නේ බියවූ කිඳුරංගනා කෑ ගසාගෙනම වාහනයෙන් බැස ඔවුන් වෙත දුවවා.

” අත අරිනවා මිනිහෝ…..පිස්සුද තමුසෙට”

ධීර් තරම් උස මහත නොවූ මධ්‍යම ප්‍රමාණයේ ශරීරයකට හිමිකම් කියන රශිකට ධීර්ගෙ පහරවල් වැලැක්වීමටවත් නොහැකිවුනේ ඔහුගේ කෝපයද සියල්ල අභිබවා පෙරට ආ නිසා.

” ආහ්….අත ඇරපන් යකෝ….” වාහනයේ බඳට ඔහුව තද කරගෙන සිටින නිසා රශිකට සෙලවීමටවත් නොහැකි වුනේ කිඳුරංගනාද පැමින කෑ ගසමින් ධීර්ගේ බාහුවක එල්ලී ඔහුව මුදවා ගැනීමට දඟලන පසු බිමක.

” තෝ..තෝ මේක හොඳට අහගනින්..මම උඹට එදත් කිව්වා…අදත් කියනවා…මගේ කෙල්ලගෙන් ඈත් වෙලා හිටපන්..ඊළඟ පාර මම තොට මෙහෙම නෙවෙයි කියන්නේ..මරලා දානවා දැනගනින් පාහ$යා…..” කෝපයෙන්ම ධීර් පැවසුවේ රශික අපහසුවෙන් වුවත් නැවත කට හඩ අවදි කරද්දී..

” තෝ එච්චරටම අයියද යකෝ…මම මේකිව අත අරින්නෑ…මේකි මගේ…පුළුවන් දෙයක් කරපන්..ඒකිගේ ජීවිතේ විනාස කරපු තිරිසනානේ උඹ…තෝ මට මොනවා කරන්නද බ#ලෝ” ඔහු පැවසූ වදන් ධීර්වනම් තව තවත් කෝප ගැන්වුවද එය කිඳුරංගනාවනම් අතරමං කර දැමුවේ ඇය කිසිවිටෙකත් ඔහුගෙන් එවැන්නක් බලාපොරොත්තු නොවූ නිසා..

” තෝ මගේ තිරිසන් කම තාම හරියට දැකලා නෑ….අත පය හතර ගලවලා හතර කොනක තියනවා උඹේ ….තෝ ආයේ මගේ කෙල්ල ඉන්න පැත්තක් බලලා හුස්මක් හරි අරන් තිබ්බොත්, දැන ගනින් තෝව මරලා දානවා මම…⁣තෝ් දන්නෑ මගේ හැටි….” කෝපයේ උපරිමයට ගොස් ගිගිරුම් දුන් ඔහු රශිකගේ අතක්ද අඹරා දැමුවේ ඔහු වේදනාවෙන් කෑ ගසද්දී…
රශික පැවසූ දෙයින් අතරමංව සිටි කිඳුරංගනාද එයින් පියවි සිහියට ආවේ ධීර්ගෙ බාහුවක එල්ලී නැවතත් කෑ ගැසීමට පටන් ගනිමින්.

” ධීර්…අතඅරිනවා මනුස්සයෝ…තමුසෙට කොහෙන් ආපු හයියක්ද මේ…” එවර ධීර් රශිකව අත හැර අල්ලා ගත්තේ ඇගේ අතකින්…තරුවිසිවෙන තරමින් ඒ ග්‍රහණය තද කර ඇයව ඇදගෙන ගොස් දැමුවේ ඔහුගේ වහනයට..කෙතරම් උත්සහා කරත් ඒ කෝපය, ඒ ආවේගය ඉදිරියේ ඇයට කතා කරගැනීමටවත් නොහැකි වුනේ ඊළඟට ඔහු වාහනය වේගෙන් ඉදිරියට අද්දවා තමා ඔහු සමග රැගෙන යාම නතර කිරීමට නොහැකිව ඇය අසරණව බලා හිඳිද්දී.

වදනකුදු නොකියා ධීර් වාහනය රැගෙන ආවේ ඔහුගේ නිවසට. වාහනයෙන් බැස ඇය සිටි පෙදෙහෙි දොරත් හැර කෝපයෙන් ඇය දෙස බලා සිටියේ ඇය බසින් තුරු.

” බහිනවා…මොනවද බලන් ඉන්නේ…” බැරිම තැන ඔහු පැවසුවේ කෙල්ල ඔහු දෙස රවාගෙන බලා සිටින නිසා.

” මට බෑ…මව සකූ ලා ගාවට එක්කන් යනවා…නැත්තම් අපේ ⁣ගෙදර හරි….එක එකාගෙ ගෙවල් වල ඉන්න මට යන එන මං නැති වෙලා නෑ..” කෙල්ල තරහෙන් කිව්වේ ඒ කෝපය පිරුණු මුහුණ දෙසවත් නොබලා. මොහොතක් ගතවුනේ ධීර් කෝපය පාලනය කරගැනීමට කල් ගනිද්දී.

” කිඳුරී….මගේ තරහා අවුස්සලා ඊට පස්සේ උඹ මට වෛර කරන්න එපා…බැහැලා එන්න….මට ඕන්නෑ උඹත් එක්ක තවත් රණ්ඩුවෙන්න…” එවර ඔහු ඇයට හොඳින් කතා කලේ ඇය සමච්චල්සහගතව ඔහු දෙස ගස්සා බලද්දී.

” මට බෑ…😕”

ගැඹුරු හුස්මක් ගෙන ඇය දෙස තත්ත්පර ගානක් බලන් හිටපු කොල්ලා එක වරම ඇයව තම දෝතට ගත්තේ ඇය ගිරියටියෙන් කෑ ගසද්දී.

” තියනවා බිමින්..යන්න දෙනවා මනුස්සයෝ….” කෙල්ල⁣ගේ කෑ ගැහිල්ලට නන්දනීද බියවී පැමිණියේ ඔවුන් පැමිණෙන බවද ඇය නොදැන සිටි නිසයි.

” සුදු පුතා…මොකද දරුවෝ මේ…” කෙල්ලගේ කෑ ගැසිල්ල මැදම නන්දනී ඇසුවේ

” මෙයා අද ඉඳලා ඉන්නේ මෙහේ අම්මා…..සිකියුර්ටි එකට කියන්න මේකිට ගේට්ටුවෙන් එලියට යන්න දෙන්න එපා කියලා….” කොල්ලා කිව්වේ නන්දනී යන්තමින් සිනහා සී දෙදෙනා දෙස බලද්දී. ධීර්ගෙ හැටිය ඇය දන්නවා…එක් වරක් කෙරූ වරද ඔහු නැවතත් නොකරන බව පෙනීයද්දී නන්දනීද සිත යටින් සතුටු වුනේ ඔවුන්ගේ ජීවත නැවතත් සතුටෙන් පිරේවා යැයි දෙවියන්ගෙන් යදිමින්.

” ලොක් එක හැදුවද අම්මා…”

” ඔව් පුතේ…මේ දරුවට මම රූම් එකක්….🤨” නන්දනී අසා ඉවර කිරීමට පෙර ධීර් කට හඬ අවදි කලේ,

“නෑ අම්මා..මේකි මං එකක් ඉඳියි” කෙල්ලටනම් කේන්තියේ උපරිමයි දැන්.

” තමුසෙට පිස්සුද…මට යන්න දෙනවා…..” දඟලමින් ඔහුගේ දෝතින් බැසීමට හැදුවත් ධීර් ඇයවත් රැගෙන තම කාමරයටම පැමිණියේ ඇයව ඇඳමතට අත හැර දොරද වසා දමා..

” ධීර්…තමුසේ ඕනිවට වැඩිය නටන්න එපා…තමුසෙට කොහේ තියෙන අයිතියකට මාව මෙහෙම හිර කරලා තියා ගන්න හදන්නේ ආ…මම පොලීසි යනවා..මගේ ලවා තමුසෙට ලැජ්ජ කරගන්නැතුව හොඳ හිතින් මට යන්න දෙනවා….” කෙල්ල ඇඳෙන් බැස අඩි කිහිපයක් ඔහු වෙත පැමිණියේ එසේ පවසමින්.

” තමුසේ ගැන මට තරම් අයිතියක් තමුසෙටවත් නෑ කිඳුරී ..කොහොමත් ඉක්මනටම නීතියෙනුත් උඹව මගේ වෙයි…එතකන් තමුසෙට මගේ ළඟින් හෙල්ලෙන්නවත් බෑ…දැන් ඔය හැකර කට ව⁣හගෙන ගිහින් ඇඟපත හොද ගන්නවා….” කබඩ් එකෙන් ගත්ත තුවායකුත් ඇගේ කරමතින් දමමින් ඔහු කිව්වේ ඇයව තව තවත් කේන්ති ගන්වා.

” මට එපා…මට බෑ…යන්න දෙනවා මට…..තමුසෙට හොඳක් වෙන්නෑ ධිර් මට මේ දෙන වදේට…මොන කරුමයක්ද මේක….” එවරනම් කේන්තිය වැඩි කමට ඒ දෑස් වලට කඳුළුද ඉනුවේ ඔහුගෙන් බේරුමක් නැති බව ඇය හොඳින්ම දන්නා නිසා…ඔහු දඩබ්බරයි…ඔහුට අවශ්‍ය දේ හොඳින් හෝ නරකින් කරගැනීමට ඔහු දක්ශයි…ඉඳින් ඇයට බේරුමක් නෑ… ඇය විසි කල තුවාය නැවතත් ඇගේ දෝතින් බලෙන්ම ඔහු තැබුවේ ඒ සියුමැලි කම්මුල් මත තම අතැඟිලි ගෙන යමින්…දෑස් වලින් ගලනා කඳුළු කැට පිසදා ඔහු කට හඬ අවදි කලේ සන්සුන්ව…

” මම දන්නවා උඹ මට වෛර කරනවා කියලා…මට සමාව දෙන්න ලෑස්ති නෑ කියලා….ඒකට කමක් නෑ…මම කලේ ලේසි පහසු වැරැද්දක් නෙවෙයි මැණික..ඒකට මම ඇති තරම් දඬුවම් වින්දා…තවත් විඳිනවා….ඒත් එහෙමයි කියලා උඹට මගෙන් ඈත් වෙන්න දෙන්නෑ….උඹ මගේ විතරයි….කිඳුරී මේ ධීර්ගේ විතරමයි….ඒක හොඳ…ට මතක තියා ගනින් මැණික….” ඔහු පැවසුවේ ඇගේ දෑස් වලට තව තවත් කඳුළු එක් කරමින්…

එක් වරම ඔහුගේ අත ගසා දැමූ ඇය

” මම කවදාවත් තමුසෙගේ වෙන්නෑ ධීර්…ඔය අතින් මාව අල්ලන්නවත් එපා තමුසේ…ඈත් වෙලා ඉන්නවා මගෙන්…තිරිසන් මිනීමරුවා….” කඳුළු මැදින්ම ඇය දැවෙන කෝපයෙන් කෑ ගැසුවේ එවැනි වදන් ඇසෙනා වාරයක් පාසා ධීර් නම් හිත යටින් මැරි මැරී ඉපදෙද්දී….ඉන් පසු ඇය ඒ ආවේගයෙන්ම ගියේ නානකාමරයට…ඒ ධීර් හුන් තැනම කලකිරීම මුසු වේදනාවෙන් ඇය ගිය දෙස බලා සිටියදී.

නන්දනී රාත්‍රී ආහාරය වෙනදාටත් වඩා ඉහලින් සැකසුවේ කිඳුරංගනාද සිටින නිසයි…ආසාවෙන් කෑම සකසා මේසයට ඇරියේ මහේන්ද හිමින් හිමින් ඇවිද කෑම කෑමරයට පැමින මේ දෙස බලා සිටියදී.

” මහත්තයා…කතා කලානම් එනවනේ මම…බලන්නකෝ..වැටුනනම් එහෙම…” ⁣කරන ලද ප්‍රතිකාර නිසා දැන් ඔහු බොහෝ දුරට සුවයක් ලබා ගෙන ඇත්තේ වටා පිටාවේ ඇති දේවල් වලට වාරු දී දැන් ඔහුය ඇවිදීමේ හැකියාවද ලබා දී.

” දැන් මට හොඳයි නෝනේ…අර දරුවො දෙන්නා කෝ…කෑමට එන්නැද්ද…” පුටුවකින් වාඩි වෙන ගමන් මහේන් ඇසුවේ නන්දනීගේ මුහුණනම් අද කවදත් වඩා එළිය වී ඇති බව වැටහීගෙනමයි.

” මම කතා කරලා එන්නම් මහත්තයා…දුව ආස කරන දේවල් මයි අද හැදුවේ…” ඉහල මහලට ගොස් නන්දනී ධීර්ට කෑමට කතා කලේ ඔහු ” එන්නම් අම්මා” කියද්දී.

” කිඳුරී…තමුසේ ඕක අස්සේ දියවෙලාද…..” දොරට ගසමින් ඔහු කෑ ගැසුවේ පැයක් පමණ ගත වෙලත් කෙල්ල තවමත් පිටතට නොආ නිසයි.

මේ අතර කෙල්ල වතුර මල යටට වී බොහෝ වෙලා යනතුරුම කලේ හැඬීම පමණයි…ඒ හිතේ සිව් වසරක සිට පැසවමින් තිබූ වෙදනාව දැන් දැන් වැඩි වී ඇත්තේ අැය වෛර කරනා..ඇය දැකීමට අකමැති ඔහු ඇයට මෙසේ ලංවීමට තැත් කරනා නිසා…ඇයව ඔහු පෙරදා ප්‍රතික්ෂේප කල අකාරය, ඇයට සැලකූ ආකාරයද මතකයට නැගෙද්දී ඒ හිත වේදනාවෙන් පිරී යන්නේ ඔහු කෙරෙහි පිලිකුලක් මුසු කලකිරීමක්ද ඇති කරමින්.

දොරට ගසනා හඬින් පියවි සිහියට පැමිණි ඇය තෙත්ව ඇති ඇය හැඳ සිටි ඇඳුම් උනා දමා ඇඟපිසාදාගෙන හැඳගත්තේ තුවායයි…

” කිඳුරී…එළියට එනවා…මොන මගුලක් කරනවද ඕක අස්සට වෙලා…” කොල්ලා දොරට තඩිබාමින් කෑගසන්නේ අසරණව සිටින ඇයව තවත් අසරණ කරමින්. එ් තුවාය පමණක් ගත දවටා ඔහු ඉදිරියට යාමට ඇයට නොහැකි නිසයි. බැරිම තැන දොර යන්තමින් විවර කර හිස පමණක එළියට දා ඇය අසළ සිටින ධීර්ට කිව්වේ…

” තමුසෙනම් මහ කරුමයක්…අඳින්න ඇඳුමක්වත් නැතුව මාව මෙහෙට උස්සන් ආවේ තමුසෙට පිස්සුද ….දැන් ගිහින් ගෙනත් දෙනවා…😠” කෝපයෙන් ඇය කියද්දී ධීර්ට මහ හයියෙන් හිනා ගියේ ඇය තවත් ඔහු දෙස රවා බලද්දී. ඒ ක්ශනයෙන්ම ඔහු ඒ දොර විවෘත කර ඇයව එළියට ඇද ගත්තේ ඇය දෑතින්ම තම පපුව වසාගෙන කෑ ගසද්දී.

” තමුසෙට පිස්සුද මනුස්සයෝ ..ඊ….යනවා එළියට…මානසිකයා….” කෝපයෙන් රත් පැහැ ගැන්වුන ඒ කම්මුල් දෙස ඔහුනම් බලා සිටියේ අදරයෙන්. ⁣පෙරදා ඔහු ඉදිරියේ ලැජ්ජාවෙන් අඹරුනු ඒ කෝල බවෙන යුත් අහිංසක යුවතිය අද ඔහුට බැන වදින්නේ හැකි තාක් ඒ සිත රිදවමින්…

” ඇයි …මම තමුසෙව කලින් ඔහොම දැකලා නැද්ද…ඔය තුවායෙන් වැහිලා තියෙන ඒවත් මම දැකලා තියෙනවනේ…😏” සෙල්ලක්කාර ලෙස ඔහු කියද්දී ඇයනම් ඔහුට හොඳ හැටි රැවුවේ

” යනවා එලියට….වනචරයා….” ලෙස කෑගසමින්..සිනහසෙමින්ම ඔහු ඇගේ අතින් බලෙන්ම ඇදන් ගිහින් නතරවුනේ ඔහුගේ කබඩය අසල…එහි දෙපසම විවෘත කල පසු කෙල්⁣ලගේ දෑස් විසල් වුනේ එක් පසක අසුරා තිබූ කාන්තා ඇඟලුම් තොගය දැක…

” ඔය තියෙන්නේ…ඕනි එකක් අරන් ඇඳගන්නවා…ඔක්කොම තමුසෙගේ…😏” කියූ ඔහු ඇයව එහි තනි කර එලියට ගියේ කෙල්ල ඔහු යන දෙසත් පුපුරන කේන්තියෙන් බලාසිටියදී. එහි තිබුනේම ඇය වසර ගණනකට පෙර නිතරම ඇඳීමට හුරුව තිබූ කොට ගවුම්…කේන්තියෙන්ම සියල්ල ඇද දමා ඇය තෝරා ගත්තේ එහි තිබූ තරමක් කොට කලිසමක්..කළු පැහැ ස්කිනියකින්ද සැරසුන ඇය දැනුන බඩගින්න නිසාම පහලට ගියේ යමක් සදාගැනීමමට සිතා.

පහලට යද්දිත් කෑම මේසයට වී ඇය ගැනම කතා කරමින් සිටි ධීර්, නන්දනී වගේම මහේනුත් බැලුවේ රවාගෙන වගේ ඔවුන්වත් පසු කරගෙන කිචන් එකට ගියපු කෙල්ල දිහා. ඇයත් ඔවුන් වගේම කෑම මේසය දෙසත් ඇස් කොනිනුයි බලන් ගියේ.

” සුසිලා අම්මා…” තාමත් නිවසේ වැඩ කරන සුසිලාට ඇය කතා කලේ පෙර ගෟරවයෙන්මයි.

” අනේ….මැණික….මොකද මේ කුස්සියේ කරන්නේ…කෑම මේසෙට ඇරලා තියෙන්නේ….” ඇය පැවසුවේ කෙල්ල,

” කෑම නෙවෙයි සුසුලා අම්මා..මේ ගෙදරින් වතුර උගුරක්වත් මට ඕනිනෑ…..බඩගින්න ඉවසගන්න බැරි නිසයි ආවේ ….” ලෙස පැවසුවේ කෝපයෙන්.

” අනේ මැණික..මොනවද ඕනි ඉතින් … ” කවදත් ඇයට දුවක මෙන් ආදරය කල නිසා සුසිලා අම්මා ඇසුවේ ඇගේ වෙනස් වීමද හොඳ හැටි හඳුනාගෙනයි.

” මට සුදු කිරි එකක් හදාගන්න ඕනි අම්මා…” ඇය පැවසූ පසු සුසුලා ඉක්මනින්ම වතුර උණුවෙන්න තැබුවේ කෙල්ල වීරුදුවක් ගෙන සේදීමට පටන් ගනිද්දී. මේ අතර බලා හිඳ බැරිම තැන ධීර් එහි ගියේ ඇයව කෑමට එක්කන් ඒමට.

” කිඳුරී…මොනවද මෙතන කරන්නේ..කන්න එන්න…” ලෙස ඔහු පවසද්දී කෙල්ල ඔහුදෙස බලා කට කොනින් සිනහසුනේ.

” කන්න…කන්න වහ ටිකක් ගෙනත් දෙනවකෝ…තමුසෙලටත් සතුටු වෙන්න පුළුවන් එතකොට…” ලෙස පවසමින්. එයින් ධීර්ට කේන්ති ආවත් ඔහු එය පාලනය කරගත්තේ තවත් ඇයත් සමග වහින් බස් වී කෝපගැනීමෙන් ඇය තමන් සමග වඩ වඩාත් අමනාප වන නිසයි.

” මොනවද කියවන්නේ මැණික…යමු…අම්මා ඔයා ආස ජාති හදලා තියෙන්නේ…” ධීර් පවසන වදනක් ගානේ කෙල්ල කලේ කට කොනින් සිනහාසෙන එක පමණයි.

” අම්මා…?? 😄 කවුද.. අර මට මේ ගෙදර ආයේ පස් පාගන්න එපා කියපු කෙනාද?? තමුසෙලාට ඇත්තටම ලැජ්ජ නැද්ද? මාව බැ#ලියක් වගේ එළවලා..දැන් බලෙන් මේ ගේ අස්සේ හිර කරන් ඉන්නේ..? ” ඇගේ වදන් දරුණුයි…ඇයද දරුණුයි…ඒ හිත ගලක් යැයි ධීර්ට සිතුනේ පෙර සිටි අහිංසකාවිය ඒ හිත කොනකවත් නැතිදෝ කියා ඔහුගේ සිත හඬා වැලපෙද්දී.

” කිඳුරී…කරපු වැරැද්ද හදාගන්නයි මම මේ ට්‍රය් කරන්නේ…ඇයි උඹට බැරි ඔය වෛර කරන එක දැන්වත් නවත්තන්න…මොකද්ද මේ වෙලා තියෙන්නේ ඔයාට….?? ” ධීර් ඇසුවේ මහත් වූ අසරණ කමකින්.

” හහ්…වැරැද්ද හදාගන්න?? 😂 හිනස්සන එපා මනුස්සයෝ…තමුසෙට පුළුවන් ද මගේ නැතිවුන දරුවට පණ දෙන්න.? තමුසෙට පුළුවන් ද විනාස වුන මගේ ජීවිතේ මට ආයේ තිබුන විදිහට හදලා දෙන්න…පුළුවන් ද?? බැඳීමක වටිකාමක් නොදන්න..ඒ බැඳීම විශ්වාස නොකරන තමුසෙ කොහොම දන්නේ ධීර් ගෑණියෙක්ට අම්මා කෙනෙක් වෙන්න බැරි එකේ දුක….තමුසෙට මම වෛර කරන තරම් තමුසෙට හිතාගන්නවත් බෑ…තමුසෙගේ මුළු පවුලම විනාස වෙලා යන්න ඕනි මට කරපු දේට…”

කෝපයෙන් ඇය කෑ ගැසුවේ ඔහුට වචනයක් හෝ කතා කිරීමට ඉඩ නොදී…ඔහු ගොළු වුනා…ඒ වෛරය, ඒ කෝපය…ඒ වේදනාව ඉදිරියේ ඔහු අද ගොළු වුනා…ඔහු පමණක් නොව…ඔහු පසුපසින් පැමිණි නන්දනීටද ඒ සියල්ල ඇසුනේ ඇගේ හදද වේදනාවෙන් පුරවා දමා.

ආවේගයෙන් එසේ පැවසූ ඇය නැවතත් කාමරයට යාමට පැමිණියේ ධීර්ගේ ඇඟේද හැපීගෙනමයි. සුසිලාද දුකෙන් බලා සිටියේ හුනු තැනම අසරණව බලා සි⁣ටින ධීර් දෙසයි.

” ඇයි රත්තරන් ඒ දරුවා මෙච්චර වෙනස් වෙලා…මගේ කෙල්ල නෙවෙයිනේ මේ…” නන්දනී ධීර්ට වාරු වෙමින් පැවසුවේ ඔහු ඇයව තදින් වැළඳගෙන ඒ වෙදනාව පිට කර ගැනීමට උත්සහ කරද්දී.

කාමරයට පැමිණි කෙල්ල එහි තිබූ සෝෆාවේ දිගා වූයේ කේන්තියෙන් මෙන්ම වේදනාවට ඇස් වලින් ගලනා කඳුළුත් සමගයි.


පසුවදා ඇය අවදිවුනේ දහවල් වීයී…එ වෙද්දිත් ධීර් නම් පිටව ගොස් තිබුනේ දින කිහිපයක්ම ඔහු ඔෆිස් නොගිය නිසා එහි වැඩ ගොඩගැසී ඇති බව සහිරු දැන්වූ නිසයි. අවදි වන විට ඇඳ මත සිටි නිසා කෙල්ලටනම් දැනුනේ කෝපයක්…ඒ ධීර් තමාව එහි තබන්නට ඇතියි යන හැඟීම නිසයි..


” මේහ්…අලුත් සයිට් එකේ වැඩ හෙට පටන් ගන්න ඕනි….කන්ට්‍රක්ශන් එක නම් අපිට තනියම කරන්න ටිකක් අමාරු වෙයි…මොකද කරන්නේ…? ” සහිරු අසද්දී ධීර් මොහොතක් කල්පනාවට වැටුනේ

” ඇයි බං….දේශ් ට කියපන්කෝ….🤨” ලෙස පවසමින්.

” මේ පාර සෙට් වෙන්නෑ බං..අර අපිට ලොස්ට් වුන ෆ්ලැට් කම්⁣ප්ලෙක්ස් එකේ ප්‍රොජෙක්ට් එක, උගේ ඩැඩීට හම්බ වෙලානේ…ඉතින් අරුත් ඒකටම ජොයින් වෙලා…”

” ඒකත් එහෙමද…එහෙනම් මලින්දයටවත් කතා කරපන්…” ධීර් කිව්වේ නළල පිරිමදිමින්.

” ආහ් මේ…අනිත් එක…ශනා කිව්වා ෆැක්ට්‍රි එකේ ලේබර්ස්ලා සැලරි ඉන්ක්‍රීස්මන්ට් එකක් ඉල්ලා ස්ට්‍රයික් කරන්න හදනවා කියලා…උන්ට මීටින්ග් එකක් වත් අරන් ටෝක් ඔවර් කරගත්තනම් හරිනේහ් බං…? 🤨” කිඳුරංගනාගේ ප්‍රශ්න නිසා හෙම්බත් වෙලා ඉන්න ඔහුට මෙවැනි ප්‍රශ්න නිසා දැනුනේ තවත් පීඩනයක්.

” ශිට්…මට එපා වෙනවා බං…මේ මගුල් ඔක්කෝම දමලාගහලා ඔළුව හැරුනු අතේ යන්න හිතෙනවා…” අඳුරු වූ මුහුණෙන් ඔහු පැවසුවේ මහා කලකිරීමකින්..සහිරු පුටුවක් ඇදගෙන ඔහු ඉදිරියේ අසුන් ගත්තේ කතා බහ කර යම් තාක් හෝ ඔහුව ඒ පීඩනයෙන් මුදා හැරීමට සිතා.

” ධීර්…මේ බලපන්….උඹට ඕනි ප්‍රශ්නේකට මම ඉන්නවා, ශනා ඉන්නවා…ආන්ටි, අංකල් ඉන්නවා….ඔහොම ඩවුන් එපා බං…අපිත් ඔළුව උස්සලා ඉන්නේ උඹ නිසානේද..” සහිරු කිවුවේ ධීර් ඔහු දෙසම බලාගෙන ගැඹුරු හුස්මක ගනිද්දී.

” මේවා පැත්තක දාමු බන්…කිඳුරීගෙන් වත් මට සැනසීමක් නැති හැටි….කන්න හදනවා බං මාව..තිරිසනාලු, අමනුස්සයලු, වනචරයලු…නොකියන දෙයක් නෑ බං…ඒකි මට අර නැතිවුන දරුවා මතක් කර කර මිනී මරුවා කියන සැරයක් ගානේ මාව මැරි මැරී ඉපදෙනවා බං….ගිය ආත්මේ මම මොන පවක් කරලද දන්නෑ මට මෙහෙම වෙලා තියෙන්නේ…” දෑතින්ම හිස බදාගෙන ඔහු මේ කියනා දේවල් සහිරු අසාගෙන සිටියේ වේදනාව පිරි දෑසින්.

” මට තේරෙනවා ධීර්…ටික කාලයක් යයි ඒකිගේ හිත හැදෙන්න…ට්‍රීට්මන්ට්ස් ටික හරියට කරලා ඒකිව හොඳ කරගනින්කෝ…හොඳම දේ උඹ ඒකිව මැරි කරපන් ඉක්මනින්ම…ලඟම දැවටි දැවටි හිටපන්..උඹ ඔය දකින්නේ එකිගේ නපුරු කම නෙවෙයි බං…වේදනාව..තේරුම් ගනින් ඒකිව…එසේ මෙසේ දුකක් නෙවෙයි නංගි විඳලා තියෙන්නේ…” සහිරු ටිකෙන් ටික ඔහුට දේවල් පැහැදිලි කලේ හරියට වැඩිමහල් සහෝදරයෙකු සේ…කවදත් සියල්ලන්ගේම දුකේදීත්, සැපේදීත් ඔවුන්ව තේරුම් ගත් ඔහුට ප්‍රශ්න විසඳීමට වගේ සිත් නිවා දැමීමට ඇත්තේ විශිෂ්ට හැකියාවක්..ඒ ඔහු ඒතරම්ම කාරුණික අයෙක් නිසයි…

මෙහොතක් ඔහු සමග කතා බහේ යෙදුනු ධීර් අවසානයේදීනම් ටිකක් සිනහාසුනේ සහිරුට ස්තුති වන්ත වෙමින්.

සවස ඔහු නැවත නිවසට පැමිණියේ සිතෙහි ප්‍රශ්න ගොන්නක් තිබුනත් යම් තාක් දුරට සහනයක් සමගයි. සහිරු කී පරිදි ඔහු හිතට ගත්තේ කුමක සිදු වුනත් කෝප නොගෙන ඇයත් සමග සාමකාමීව කතාබහ කර ප්‍රශ්න විසඳාගන්නා බවයි.

නිවසට ගොඩවෙනවාත් සමගම ඔහු දුටුවේ සාලයට වී දුරකතන සංවාදයක සිටි කිඳුරංගනාවයි.

” නෝ රශී…මම ඉක්මනට මෙහෙන් එලියට එනවා…කාටවත් බෑ බලෙන් මාව ගෙවල් අස්සේ දාන් ඉන්න…” ධීර් දෙසත් ඇස් කොනින් බලමින් කෙල්ල කිව්වේ ධීර්ගෙ දෑත් මිට මෙලවෙද්දී.

” ඉයහ්…කෝල් යූ ලෙට(ර්)…ලවු යූ ටූ….” ලෙස ඇය සිනහවෙන්ම පවසද්දී නම් ඉවසාගත නොහැකි තැන ධීර් කලේ අඩි දෙකට ඇය ලඟට ගොස් පෝන් එක ඇද තමා අතට ගැනීමයි.

” මොන විකාරයක්ද මේ…දෙනවා මගේ පෝන් එක..😠” කෙල්ල එය නැවතත් ගැනීමට උත්සහ කලත් ධීර් දවා අළු කරන බැල්මක් ඇයට එල්ල කොට කිව්වේ,

” ලව් යූ ටූ…?? 🤨 කාටද?? අර ⁣තමුසෙට සෙවල පෙරන හාල් පාරුවටද කිව්වේ තමුසේ…ඒවා ඉතින් මම ඉන්නකන් වෙන දේවල් නෙවෙයි කිඳුරී…තමුසෙට ආයේ පෝන් පාවිච්චියක් නෑ…” ලෙසයි.. කෝපයෙන් ධීර් එය පැවසුවේ කෙල්ල ඔහුට දාහට රවද්දී.

” ධීර්…දෙනවා මගේ පෝන් එක…තමුසේ කවුද මගේ ජීවිතේට ඇඟිලි ගහන්න…” කියමින් ඇය ඉක්මන් අඩියෙන් ඔහු වෙත පැමිණියේ එය උදුරා ගැනීමේ අරමු⁣ණෙන්..නමුත් එය අසාර්ථක වුනේ ඔහු එය ඉහලට එසවූ නිසා. ඔහුගේ පපුව තරමට පමණක් යන්තම් උස වූ ඇයට එය ගන්නවා තියා සිතීමට නොහැකි වෙද්දී සියල්ල පසෙකලා ඇය ඔහුගේ බාහු වලට වාරු දී උඩ පැන්නේ එය උදුරා ගැනීමටයි…

” පුළුවන් දෙයක් කරපන් මැණික…බටු ඇට දෙකක් තරම් උස නැහැ…ඉනිමගක් අරන් එනවා ගිහින්….😁” සිනහා සෙමින් ධීර් කිව්වේ කෝපයෙන් වුවත් අැය තමා අසල මේ ආකාරයෙන් දැවටීම සිත යටින් විඳගනිමින්…

” තමුසෙනම්…ඊ…මරන්න පුළුවන් මට……😠” උත්සහය අත හැර දැමූ ඇය කෝපයෙන්ම ඔහුගෙන් වෙන් වන්න හැදුවත් ඒ ක්ශනයෙන්ම ධීර් ඇගේ බඳ වටා අත යවමින් ඇයව තමා වෙත ඇද ගත්තේ ඇගේ දෑස් විසල් කරමින්…

” කාලෙකින් තමුසෙව හග් කරන්නවත් බැරි වුනානේ…” කියමින් දැඟලිලි මැදම ඇ⁣යව තවත් ඔහු වෙත ඇද ගත්තේ කෙල්ලනම් යක්ශාවේස වී කෑමොර දෙද්දී.

” අත අරිනවා ධීර්…තමුසෙට ලැජ්ජ නැද්ද….මට මෙහෙම වද දෙන්නේ ඇයි තමුසේ…ඊහ්…යන්න දෙනවා මිනිහෝ….” කෑගසමින් සිටි ඇයත්..සිනහා සෙමින් ඔහුත් එක් වරම ගැස්සී ගියේ පසු පසින් ඇසුනු ඒ හඬින්…

” වෙල් ඩන්…තමුසෙලා දෙන්නටම ලැජ්ජ නෑ ඕයි…”

ඉවරායි..😁😁

ඉදිරියට🌷🌷🌷

ලයික් 300 ක් වගේ ලැබෙනවා…තවමත් කියවන ඔක්කොම Like කරනවා කියලා හිතෙන්නෑ මට…කොච්චර ප්‍රමානයක් කතාව බලනවද දැන ගන්න අදනම් Like, comments ඕනි..කවදාවත් Comments කරපු නැති අය 47-48 කොටස් වලට දාලා තිබ්බා 😍 ස්තුතියි…. නැත්තම් හෙට කොටස දෙන්නේ අනිද්දට..හුම්..😒

••••🌷🌷🌷🌷🌷••••

කවුද ඒයි ඒ ආවේ 🙄 මන් නම් දල්ලෑ 😁🤭 තවත් ගිණි බෝම්බයක්ද දන්නෑ…😁😁
කෙල්ල ඇත්තටම රශියට ලවුද ළමයි? 😁 සහිරු කොල්ලටනම් මං පැලෙන්න ආම්දරෙයි 😘😍 ධීර් සූට්ටම සුට්ටක් පව්..😕 ඒත් ඔය ගොං අලියට ඔහොම වෙලා මදි…😠 කතාවට ලැබෙන ප්‍රතිචාර ගැන සතූටුයි… කොටස් 70 වක් විතර වෙයි මට හිතෙන විදිහට ඔක්කොම 🤔 හුම්…කතාවට ලැබුන මගේ සිත් ගත් කමෙන්ට් වල SS මම මගේ අකවුන්ට් එකේ දාලා තියෙනවා..බලන්නකෝ ඔයාලත් ඉන්නවද කියලා 😁 මම ඒවත් තොරලා හොදම කමෙන්ට් එකට තෑග්ගක් දෙනවා ඈ 😁😌😜 ආදරෙයි ❤️ බුදුසරණයි …පරිස්සමෙන් ඉන්න හැමෝම

Advertisment