චන්ඩි_රැජින🌹🌹

අසූ එක් වන චන්ඩිකම 🙅🙅 •••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
දවසින් දවස ගෙවිල ගියේ බිත්ති හතරක් මැද්දෙ මගෙ දුක වේදනාව කදුළුවලින්ම දියාරු වෙලා යද්දි.මට කන්න දුන්නු බත් පත පවා දෙන එක අඩු කරල දාපු රනුක ජල පිපාසයෙන් කෑ ගහන මට ගුටි බැටවලින් සංග්‍රහ කළේ හිතේ ශක්තිය වගේම ගතේ ශක්තියත් ක්‍රමයෙන් හීන වෙලා යද්දි.තත්පර ගනන් කදුළු හලපු ඇස් ගිනි පුපුර වගේ වේදනා දෙද්දි කෑ ගහලම ලේ රසට හැරිල තිබුණු උගුරෙන් දැනුනෙ දරා ගන්න බැරි වේදනාවක්.

මේ අදුර කාමරේ දවස් කීයක් ගෙව්නද කියලවත් මං දන්නෙ නෑ.තත්පර,පැය ගනන් ගෙව්නෙ මාව තව තවත් වේදනාවෙ පත්ලටම ඇදල දාල.අම්ම,රශී වගේම අභිරූ සර් මතක් නොවුණ තත්පරයක් නෑ.ඒත් මෙතනින් ගැලවිලා යන බලාපොරොත්තු අන්තෙටම සිදිල දාලයි මං උන්නෙ.දවසට තුන් හතර වතාවක් කාමරේට එන රනුක මට දෑතෙ වීරිය යොදවල පහර පිට පහර ගැහුවෙ නොසරුප් වචන ගොඩකින් සංග්‍රහ කරල.ජීවිතේ පවා තිත්තම වෙලා උන්නු මං දැන් ජීවත් වෙන්නෙ මරණය යදිමින්.පෙර කළ පවක්ද කොහෙදෝ ගොනා පිටුපස බැදි කරත්ත රෝද වගේ මාවම හඹා එද්දි මං උන්නෙ මාවම එපා වෙලා.

අඩලම ඇදුම් කන ඇස්දෙක අතන් මිරිකමින් මං ඉදන් උන්නු පුටුවෙන් නැගිට්ටෙ කුස පෙරලගෙන එන ඔක්කාරයත් එක්ක මහ බරක් පටවල වගේ වේදනාවෙන් පුපුරු ගහන හිස දෑතින්ම බදා ගෙන.අඩියක් ඔස වන්නවත් බැරි තරමට මගෙ සිරුර මටම වාරු නැති වෙලා.යදමින් බැදල මෙන් මටම අවනත නොවෙන දෙපා හසුරුවමින් මං සූදානම් උණේ වහල තිබුණු දොර ගාවට යන්න.ඒත් මට ඔසවන්න උණේ එක කකුලක් විතරයි.පළාතම අන්ධකාර වෙලා අඩවන් වෙලා තිබුණු ඇසි පිහාටු තදින් වැහිල ගියේ උන් තැනම මාව ඇද වැටෙද්දි.

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

” සුරේනි ඔයා ලෑස්තියිද? කෝ අභිරූ ඉක්මනට එන්න කියන්ඩ.වෙලාව ලං වෙන්න කලින් අපි හොටෙල් එකට යන්ඩ ඕනෙ.”

තෑගි වගයක් අසුරමින් උන්නු සුරේනි හිතපු තැනට ඇවිත් විජේසිංහ එහෙම කිව්වෙ කලබලෙන් පඩිපෙල දිහාත් බලන ගමන්.අද අභිරූගෙ වෙඩින් එක.අභිරූ කොච්චර අකමැති උණත් කවදාවත් විජේසිංහගෙ වචනෙකට පිටින් ගිහින් නෑ.අභිරූ කිව්ව් නිසාමයි විජේසිංහ එක දවසක් විතරක් වෙඩින් එක ගන්න හිතුවෙත්.කොල්ල පහු ගිය දවස් ටිකේම මහන්සි උණේ අරවින්දත් එක්ක නිශාදිව හොයන්න.දවල් රෑ නොබල දෙන්නත් එක්ක කොච්චර මහන්සි උණත් නිශාදි ඉන්න තැනක්වත් දෙන්නට හොයා ගන්න බැරි වුණා.

” අයියෙ ඔයා තවම ලෑස්ති නැද්ද? “

අභිරූ එළියට එන්න පරක්කු උණු නිසාම අරවින්ද අභිරූගෙ කාමරේට ගියේ.අරවින්ද එතකොටයි දැක්කෙ නිශාදිගෙ ෆොටෝ එකක් දිහා බලා ගෙන අඩමින් උන්නු අභිරූව.නිශාදිගෙ අතුරුදහන් වීමෙන් අභිරූ විදවපු තරම් අරවින්ද මේ දවස් ටිකේ හොදටම දැක්ක.ඒත් අරවින්දටත් ඒකට කරන්න දෙයක් තිබුණෙ නෑ.

” මං කොහොමද? වෙන කෙනෙක්ව බදින්නෙ අරවින්ද මගෙ කෙල්ල ඉන්න තැනක්වත් දන්නෙ නැතුව “

” බය නොවී ඉන්න අයියෙ නිශාදිව ඉක්මනටම හම්බ වෙයි.”

” තව කොච්චර කාලයක් ඉවසන්නද අරවින්ද අදට හරියටම සතියක්.මට ලොකු බයක් දැනෙනව.”

නොකිව්වත් අරවින්දත් හිටියෙ ලොකු බයකින්.ඒත් නිහඩවම උන්නෙ තවත් අභිරූගෙ හිත රිද්දන්නබැරි නිසා.දෙන්නත් එක්ක ලෑස්ති වෙලා පහළට ආවෙ සුරේනිගෙ හඩින්.දෙන්න එනකොටත් විජේසිංහ පහළට වෙලා බලන් උන්නෙ.

” හ්ම්ම්ම් හරිද? යමු.ආ……. මේකත් තුන් දෙනා එක්කම හොදට අහ ගන්න.මේ හැම දෙයක්ම මට ඕන විදිහට පිළිවෙලට වෙන්න ඕනෙ.විශේශයෙන්ම අභිරූ තමුන්.නාඩගං නටන්න ලෑස්ති වෙන්ඩ එපා.මේ තාත්ත හොදට වගේම නරකටත් එහෙම්ම තමයි පුතේ.හ්ම්ම් යමු.”

එහෙම කියපු විජේසිංහ එළියට ඇවිදන් ආවෙ අනිත් අයත් නිහඩවම පිටිපස්සෙන් එද්දි.

❤️❤️❤️❤️❤️❤️❤️❤️

හොටෙල් එකට ආපු වෙලේ ඉදන් ෆොටෝ ගහන්න ගත්තු නිසා අභිරූ නම් හිටියෙ එපාම වෙලා.මේ විදිහට ඉන්න.අර විදිහට ඉන්න කියල කැමරමන් කියද්දි සහේලි ඕනවටත් වඩා අභිරූගෙ ඇගේ දැවටෙන එක තමයි අභිරූට එපාම වෙලා තිබුණෙ.පපුව ඕනවටත් වඩා පිටතට පේන විදිහට ගවුමක් ඇදල උන්නු සහේලි මේකප් දාල තිබුණෙ හරියට එම්බාම් කරල වගේ.සහේලිගෙ ළගින්වත් ඉන්න කොල්ල ආස නෑ.අභිරූ ආස කළේ මෙහෙම සංකර කෙල්ලෙක්ට නෙවෙයි.නිවිච්ච ගති ගුණ තියන නිශාදි වගේ කෙල්ලෙක්ට.තාත්ත හිටපු නිසාමයි කොල්ල මෙහෙම හරි ඉන්නෙ.නැත්තන් දමල ගහල ගිහින්.සහේලි නම් හිටියෙ හුගක් සතුටින්.මොකද එයාගෙ ෆ්ලෑන්ස් එයාට ඕන විදිහටම සිද්ධ වෙන නිසා.වෙඩින් එක ඉක්මනට ගන්න ඕන කියල අභිරූගෙ තාත්තට බල කළෙත් සහේලිම තමයි.විජේසිංහත් සහේලිගෙ කැමැත්තට ඉඩ දුන්නෙ සහේලිගෙ අදහස් කිසිම දෙයක් නොදන්න නිසා.මොකද සහේලි දන්නව විජේසිංහ දෙයක් කිව්වොත් ඒකට අභිරූටවත්,සුරේනිටවත් මැදිහත් වෙන්න බෑ කියල.ඒ නිසාමයි සහේලි මුලින්ම විජේසිංහව තමන්ගෙ පැත්තට නම්ම ගන්න හිතුවෙ.සුරේනි නම් සහේලිට එච්චර කැමැත්තකින් නෙවෙයි හිටියෙ.ඒත් විජේසිංහගෙ වචනෙට පිටින් යන්න සුරේනිට අයිතියක් නෑ වගේම ඉද්දමල්ගොඩ ඇමති එක්ක විජේසිංහගෙ තියන යාළුකමත් නිසාම තමයි සුරේනිත් නිහඩවම උන්නෙ.

” එක්ස්කියුස් මී “

ෆොටෝ ශූට් එක අතරෙ සහේලිට කෝල් එකක් ආපු නිසා සහේලි පොඩ්ඩක් එහාට ගියේ අභිරූත් හයියෙන් හුස්මක් දාල ළග තියන බෙන්ච් එකෙන් වාඩි වෙන අතරතුර.විනාඩි දහයක් විතර වෙලත්සහේලි තාම කෝල් එකේ.ඒ නිසා අභිරූ සහේලි ළගට ගියේ ඉක්මනට ශූට් එක ඉවර කරල හොටෙල් එකට යමු කියන්න.මොකද කොල්ලට මේ වෙනකොට ෆොටෝ ගහන වැඩේ තිත්තම වෙලා හිටියෙ.ටිකක්ළගට යනකොටයි අභිරූට ඇහුණෙ සහේලි කලබලෙන් වගේ කෙනෙක් එක්ක කතා කරනව.නිහඩවම පිටිපස්සට වෙලා අහන් ඉදපු අභිරූ එහෙම්ම ආපස්ස හැරිල දුවන් ආවෙ කාර් එක ළගට.

❤️❤️❤️❤️❤️❤️❤️❤️

දෙවියනේ මං මේ කොහෙද ඉන්නෙ.කව්ද මාව ඇදක් උඩින් තිබ්බෙ.අනික මේ මං කලින් හිටපු කාමරෙත් නෙවෙයි.මොකුත් හිතා ගන්න බැරුව මං ඇද උඩ එහෙම්ම වාඩි වුණේ.නැගිටල ඇවිදන් යන්න හදනකොටම සිහිය නැතුව වැටුණ මතකයි.කව්රු හරි මාව ගෙනත් වෙන කාමරේකින් තියලද කොහෙද.අනිවාර්යෙන්ම මේකත් රනුකගෙ වැඩක් වෙන්න ඇති.ඒ පාර රනුක මොණව කරන්න හදනවද දන්නෑ.එහෙම හිතල මං ඇදෙන් බහින්න හදනවත් එක්කම දොරත් ඇර ගෙන ඇතුළට ආවෙ රනුක……..

නැවත හමුවෙමු

Advertisment