කිඳුරංගනා Facebook novel 🌷🌷
❌❌කතෘ අවසරයෙන් තොරව උපුටා ගැනීම සපුරා තහනම්❌❌
48_කොටස
පෙර කොටස –
රාත්‍රීය වන විට ඇයට සිහිය පැමිණියත් ඇය කළබල කිරීමට පටන් ගත් නිසා නැවතත් ඇයට සිහි නැති වීමට බෙහෙත් දීමට වෛද්‍යවරුන්ට සිදු වුනේ එය දැන ගත් ධීර්ගේ හදවත වේදනාවෙන්ම පුරවා.
” උඹ පලයන්..මම කිඳුරී ගාව ඉන්නවා…..අම්මලට සීරියස් කරලා කියන්න එපා…බයවෙයි…” ධීර් විසින් මිහින්ට කිවුවේ ඔහු හිස වනා එයට එකඟවද්දී.
” ඩොක්ටර් අපේ ක්ලෝස් ෆ්‍රෙන්ඩ් කෙනෙක්..ඒක නිසා අවුලක් නෑ..ඕනි දෙයක් තියෙයිනම් කියපන් අයියේ ..” මිහින් කියද්දී ධීර් අසරණව හිස සැලුවේ සකූ නම් තරමක් නුරුස්සන ස්වභාවයෙන් ඔහු දෙස බලද්දී.
පෞද්ගලික රෝහලක් නිසාම ඇයව වෙන් කර කාමරයකට දැමුවේ විය හියදම් ඔවුන්ට ප්‍රශ්නයක් නොවන නිසයි. ඇගේ වම් අතට සවි කර ඇති කැනියුලාවෙන් ඇයට සේලයින් ලබා දෙන අතර හාට් රේට් මොනිටර් එක මගින් ඇගේ හෘද ස්පන්දනයද නිරූපනය වන ලෙස සකසා තිබුනේ ධීර් ඒ දෙස දුක්ඛිත දෑසින් බලාසිටියදී. ඔහු රෝස මලක් සේ සලකන ලද ඇය තැලී පොඩීවී දුක් ගැහැට විඳ ඇති ආකාරය සිහිවන විට ඔහුගේ දෑස් තෙත් වන්නට වැඩි වේලාවක් ගියේ නෑ…ඇඳ අසලම තිබූ පුටුවෙහි වාඩි ගත් ඔහු කැනියුලාව සවි කර තිබූ ඇගේ අත තම දෑත් අතර රඳවාගත්තේ විටින් විට ඒ මත සිපුම් තබන ගමන්..
” මගේ මැණික…මම නිසා උඹ විඳවන තරමත් රත්තරන්..සාප වෙලා මදි මට උඹට දුන්න දුකට….” විටින් විට ඔවැනි වදන් මුමුණමින් ඔවු ඇය අසල රැය පහන් කලේ නොනිදාමයි. උදෑසන වන විට වෛද්‍යවරයා පැමිණ ඇයව පරික්ෂා කලේ ඒ අතර තුර ඇය නින්දෙන් අවදි වද්දී. අපහසුවෙන් වුවත් දෑස් හැර බැලූ ඇය දුටුවේ තමා ඉදිරියට වී ඇය දෙස දෙනෙත් යොමා සිටින ධීර්වයි..ඒ ක්ශනයෙන්ම ඇගේ මුහුණ අඳුරු වුවේ ඇයේ ඇඳෙන් නැගිටීමටද තැත් කරන අතර තුර.
” ම්ම…ම්මේ…මම…කොහෙද ඉන්නේහ්….” කෙල්ල වෛද්යවරයාන් ඇසුවේ පෙරදින සිදු වූ දේවල් ටිකින් ටික මතකයට ගැනීමට උත්සහ කරන ගමන්..
” කිඳුරංගනා….මාව මතකද…? මම ඩොක්ටර් හරේන්…යූ රිමෙම්බර් මී රයිට් …?? 🤨” ඔහු අසද්දී ඇය හොඳින් ඔහු දස බලා සිටියේ කල්පනා කරන ගමන්…
“අහ්…මගේ ඔළුව…” ඇය එක වරම හිස අල්ලා ගත්තේ දැනුන වේදනාව නිසයි. නර්ස් කෙනෙකු ඇය අසලට ගියේ ඇය අපහසුවෙන් සිටි නිසයි.
” ඉට්ස් ඕකේ..ඉට්ස් ඕකේ..ඩෝන්ට් තින්ක් ටූ මච්..ඒක නොමල්…ඔයා තාම ඉන්නේ ශොක් වෙලා…ටිකකින් හරියයි….” වෛද්‍යවරයා පැවසුවේ බයවී සිටි ධීර්ට සහනයක් ගෙන එමින්.
” බීපී එක නම් දැන් නෝමල්…හොඳට නිදා ගත්තා නේද ආ….☺️” ඔහු සිනහවෙන්ම ඇසුවේ ඇය හිසවනද්දී.
මොහොතක් ඇයව පරික්ෂා කල වෛද්‍යවරයා පිටවීමට හැදුවේ කෙල්ල ඔහුව නතරකර ගනිද්දී..
” ඩොක්ටර්…ම්මේ…මිහින් අයියා…නැද්ද….? ” කෙල්ල ටිකෙන් ටික සිහි එලවාගනිමින් ඇසුවේ ඔහු සිනහා සී පිළිතුරු සපයද්දී.
” ආහ්…මිහින් ඊයේ ගෙදර ගියා..ඔයාගේ හස්බන්ඩ් තමා ඔයා ළඟ හිටියේ…යූ ආ(ර්) ලකී කිඳූ…හී ලවුස් යූ මච්….” ඔහු ධීර් දෙස බලා පැවසුවේ නැවතත් ඇගේ හැසිරීම වෙනස් වේදයි බැලීමටයි…නමුත් වාසනාවකට එසේ නොවුනේ ඇය නැවතත් සුපුරුදු ස්වභාවියට පැමිණ ඇති බව පසක් කරමින්.
” අයි ඩෝන්ට් තින්ක් සෝ…හී ඊස් නොට් මයි හස්බන්ඩ් ඊද(ර්)…” ඇය සමච්චල්සහගතව පැවසුවේ ධීර් ඇය දෙස අසරණව බලා සිටියදී.
වෛද්‍යවරයා පිටවූ පසු ඇයට තවත් බෙහෙත් කීපයක් ලබාදුන් නර්ස් වරියද පිටවුනේ ධීර්ට ඇගේ බෙහෙත් වේල කෑමෙන් පසු ලබාදෙන ලෙස උපදෙස් ලබා දී.
” තමුසෙ මොනවද මෙතන කරන්නේ?? ” ඇය පිටවූ වහාම කෙල්ල කට හඬ අවදි කලේ කෝපයෙන්.
” මැණික….තරහා ගන්න එපා..ඔයා ආයේ අසනීපවෙයි…” ඇය කොපමණ කෝපයෙන් කතා කලත් ධීර් කතා කලේ සන්සුන්ව…
” මම අසනීප වෙලා මැරුණත් තමුසෙට මොකද ධීර්…මෙහෙම ජීවත වෙනවට වඩා මැරෙන එක සැපයි….” අැගේ ආවේගශීලී වදන් රිදවූවේ ඔහුගේ හදයි..ඇගේ කෝපය ඔහුට දුකක් වුවත් ඒ පිරිම හිත දැන් ඒවා දරාගැනීමට සූදානම්.
” විකාර කතා කරන්න එපා කිඳුරී…නැගිටින්න මූණ හෝදන්න…” කියමින් කොල්ලා ඇය ළඟට ගියේ ඇගෙ රැවිලි මැද.
” තමුසේ මාව අල්ලන්නවත් එපා…තමුසෙව දකින එකත් මට පිළිකුල්..යනවා යන්න මගේ දෑහැට නොපෙනි….” ඇය කේන්තියෙන් කෑ ගැසුවත් ධීර් එය ගනන් නොගත්තේ කෑ ගසා මොහොතක ඇයටම එය එපා වන බව දන්නා නිසා.
” තමුසෙට සිංහල තේරෙන්නැද්ද මිනිහෝ…මාව මාරාගන්නද ඕනි තමුසෙට…යනවා එලියට…..” එවර ඇය පෙරටත් වඩා ආවේගයෙන් කෑගැසුවේ පිටතින් නොපෙන්වුවත් ඔහුගේ හදවත් සිය දහස් වරක් රිදවමින්.
ධිර්ට එක වචනයකදු කතා කිරීමට ඉඩ නොදී ඇය ඔහුට බැන වදින අතර තුර දොරට තට්ටු කර කාමරයට ඇතුල් වුනේ මිහින් සමග සකූ….ශෙනූද එහි සිටියේ කෝපගෙන සිටි ඇයගේ මුහුණට සිනහවක් එක් කරමින්.
” තුදු අම්මී…බබා අවෝ…” කියමින් ඔහු කෑ ගැසුවේ කෙල්ල දෑත් දිගු කරමින් ශෙනූව තමා වෙත ගැනීමට සැරසෙද්දී…
” මගේ පණ…අම්මි බලන්න ආවද…” කියමින් ඇය ශෙනූගේ මුළු මුහුණම සිපගත්තේ දෝරේ ගලනා ආදරයෙන්.
” තුදු අම්මී…බබාට අම්මා කුක්කු ඔලේ…අම්මි දෙල්ලෑනේ…” කවදත් කුක්කු පෙරේතයෙකු වුන ශෙනූ පවසන්නේ මුහුණ ඇඹුල් කරගෙන.
” අනේ අනේ ශෙනූ…සුදු අම්මි ලෙඩ වෙලා ඉන්නේ..අම්මා කුක්කු මම දෙන්නම්..මෙහෙ එන්න…” සකූ තරවටු කරමින් පවසද්දී ශෙනූ තව තවත් කිඳුරංගනාගේ පපුවට තුරුළු වුනේ ඇගේ රෝහල් ඇඳුම තුලට ඒ සියුමැලි අතක්ද දමා ඒ පියයුරුවක් පිරිමදිමින්…
මේ කතා බහ දෙස මෙපන වෙලාවක් බලා සිටි ධීර්ට තවත් ඒ දෙස බලා සිටීමට නොහැකි වූවේ ඒ දෑස් වලට ඒ වන විටත් ඇති පදමට කඳුළු උනා ඇති නිසා..
” සකූ…මෙයාට කියන්න කිරි දෙන්න එපා කියලා..බෙහෙත් සැර ඇඟේ තියෙද්දි කිරි දෙන එක දරුවට හොඳ නෑ…” ලෙස පවසමින් ධීර් එතනින් පිටව එලියට පැමිණියේ දෑස් අග රැඳි කඳුළු බිඳුවක්ද ඒ කම්මුලක් දිගේ දුවයද්දී. ඇය ශෙනූ කෙරෙහි ඇති ආදරය, සෙනෙහස ඔහුට ගෙනආවේ මහත් දුකක්…ඒ නැති වූ දරු පැටියා සිටියානම්..ඇය කොතරම් ඒ බිළිඳියට අාදරය කරයිදැයි සිතා..ඇගේ පියයුරුවලට එරෙන කිරිපවා ඇය ශෙනූට ලබා දෙන්නේ මහත් වූ සෙනෙහසකින්…තම ලෙයින් ඉපදුන දරුවා මෙලොව හැර ගිය මොහොත දරුවාට උපත දුන් ඇයට කොතරම් වේදනාවක් ගෙන දෙන්න ඇත්දැයි කියා ඔහුට සිතාගත හැකි වූවේ ඇසී දැකී දෙවල් නිසා ඔහුගේ හිත රිදුන තරම කල්පනා වෙද්දී. කොරිඩෝවේ තිබූ පුටුවකට බරව සිටි ඔහු කල්පනාවෙන් මිදුනේ මිහින්ගේ හඬින්.
“අයියේ…දැන් ගෙදර යමන්…සකූ කෙල්ල ලඟ ඉඳියි…දැන් ඒකි කොහොමත් උඹ ඒකි ලඟ ඉන්නවට කැමති වෙන්නෑ..” මිහින් පැවසුවේ ඔහුගේ පිට මතට තට්ටු කරමින්.
” හ්ම්…ඒකි මට වෛර කරන තරම්..මට හිතාගන්න බෑ මල්ලි මේ මගේ අහිංසකීමද කියලා…” ධීර් පැවසුවේ නැගිට ගනිමින්.
” එහෙම තමා බන්..ජීවිතේ සිද්ද වෙන සමහර දේවල්, මිනිස්සුන්ව කනපිට ගහනවා…උඹට මම අමුතුවෙන් කියන්න ඕනි නෑනේ..උඹට එක්ස්පීරියන්ස් තියෙනවනේ…” මිහින් කියද්දී ධීර් හිසවැනුවේ ගැඹුරු හුස්මක්ද ගන්න ගමන්.
” යමන්…” මිහින් ධීර් සමග ඔහුගේ නිවසට ඒමට පිටත් වූනේ සකූ කෙල්ල අසල රඳවා තබා.
•
නිවසට පැමිණි මොහොතේ සිට ධීර් කලේ මත්පැන් පානය කරමින් කල්පනා කරන එකම පමණයි…විටෙක හඬමින්, විටෙක කෝපයෙන් කෑ ගසන ඔහු වරක් දෙවරක් නොව, සිය වරක් පමණ මිට මොලවා බිත්තියට වැරෙන් ප්‍රහාර එල්ල කලේ ඒ වේදනාව පිට කර ගැනීමට වෙනයම් ක්‍රමයක් ඔහු නොදන්නා නිසා. අවසානයේ තුවාල වී ලේගලන අතින්ම ඔහු සිහිය නැති වන තුරු මත් පැන් පානය කරේ කිහිපවරක්ම අගුළුදමා ඇති දොරට තට්ටුකරමින් කෑ ගැසූ නන්දනීවද බිය වද්දමින්. රාත්‍රී වනතුරුත් ඉවසා, බලාහිඳීමට බැරිමතැන ඇය සහිරුට කතා කලේ ධීර්ගේ හැසීරීම ගැන පැවසීමටයි. පැය බාගයක් පමණ ගතවන විට සහිරු එහි පැමිණියේ හශේන්ද කැටුවයි.
” ධීර්….දොර ඇරපන් බං…” දොරට තට්ටුකරමින් සහිරු කොතරම් කෑ ගැසුවත් ඔහු කතා කරන්නේ කෙසේද…සිහි නැතිවන තුරුම මත් පැන් පානය කල ඔහු බිම ඇදවැටී සිටියේ අවසිහියෙන්..
” ධීර්..යකෝ …මගුලක් නොකර ඇරපන් මේ දොර…..” හශේන් වැරෙන් දොරට පහර දෙමින් කෑ ගැසුවේ බැරිම තැන.
” ආන්ටි..මේක හරියන්නෑ..එක්ස්ට්‍රා කී එකක් නැද්ද?? ” සහිරු ඇසුවේ නන්දනී නැති බවට පවසද්දී.
“තෝ මගුලක් කියනවද…එක්ස්ට්‍රා කී එකක් තියෙනවනම් මෙච්චර නටනවද යකෝ….හරියන්නෑ…ලොක් එක කඩමු….” අවසානයේ දෙදෙනා එක්ව අමාරුවෙන් දොරගුල කඩා ගත්තේ බොහෝ සේ පහර එල්ල කල අනතුරුවයි.
” ධීර්..යකෝ…” එහි ඇතුල් වූ සැනින් දුටු දෙයින් කොල්ලෝ දෙන්නගේ ඇස් උඩගියේ ධීර් ටයිල් පොළොව මත වැටී සිටි ආකාරය නිසයි.
” අනේ දෙයියනේ..සුදු පුතා…” නන්දනී ද බියවී ඔහු අසලට දුව ආවේ කොල්ලෝ දෙන්නා එකතුවෙලා ඔහුව ඔසවා ගැනීමට තැත් කරද්දී.
” උස්සපන් බං මූව…කනමදයා වගේ බීගෙන..ශිට්….” බැන බැනම සහිරු පුළුවන් වෙරයොදා හශේන් සමග ඔහුව ඔසවා ඇඳමතට දැම්මේ ලේ ගලන අත දැක නන්දනී කෑ මොර දෙද්දී.
” අනේ පුතේ….ම්…මේ..අත…” ඔහුගේ අත අල්ලන් නන්දනී කෑ ගැසුවේ හශේන් හිසේ අත ගසා ගනිද්දී.
” ආන්ටි…ෆස්ට් එයිඩ් බොක්ස් එක අරන් එන්නකෝ…ලොකු දෙයක් නෑ….බය වෙන්න එපා….” සහිරු සංසුන්ව කිව්වේ නැතිනම් ඇය අනවශ්‍ය ලෙස බියවන නිසා.
බොහත් දමා අවසන් වුනේ ධීර් අසිහියෙන්ම ඒ මේ අත දඟලද්දී.
” ආන්ටි…මූ පැලෙන්න බීලා ඉන්නේ…මොකක් හරි ප්‍රශ්නයක් වුනාද මෙහෙම හැසිරෙන්න තරම්” කිසිම දෙයක් නොදන්නා හශේන් ඇයගෙන් ඇසුවේ නන්දනී හැඬුම් මැදම පෙරදා සිදු වූ සියල්ල පවසද්දී.
” දෙයියනේ…එ…එහෙම දෙයක්…හිරුවා…මේ මොකද්ද වෙලා තියෙන්නේ යකෝ…..” අවසානයේ නැති වූ දරුවා ගැන පවසද්දී හශේන් පුදුම තරම් කළබල වී හිසෙහි අත ගසා ගත්තේ ධීර් දෙසද බලමින්. සහිරුත් ඇස් නලළෙහි තබාගෙන සිටියේ ඔවුන්ගේ සිත්ද වේදනාවෙන් පිරීයද්දී….හඬමින්ම සියල්ල පැවසූ නන්දනී එතනින් පිටවුනේ..
” අනේ පුතේ… මගේ කොල්ලට විනාස වෙන්න දෙන්න එපා….ඒ දෙන්නව එකතු කරන්න පුතේ…ඒ දරුවත් පුදුම තරම් දුක් විඳලා තියෙන්නේ…අපිත් මේවට වග කියන්න ඕනි….” ලෙස පවසමින්.
” හිරුවා….මූ මෙහෙම බීපු එක අහන්න දෙයක්ද යකෝ….අඩු ගානේ මූට දරුවෙක් හිටියා කියලාවත් නොදැන පස්සේ ළමයා මැරුනා කියලා දැන ගත්තහම කොහොමද බං ඉවසන්නේ…” හශේන් කිවුවේ සහිරු කිහිප වරක්ම සුසුම් පිටකර කට හඬ අවදි කරද්දී.
” මූ මෙහෙම විඳවනවනම් හිතපන් නංගි කොහොම විදවන්න ඇත්ද කියලා..ඒකි අම්මෙක් වුනේ මහ ලොකු වයසක නෙවෙයිනේ බං…ඒ වයසට ඒ ඇඟට ඒවා දරන්න පුළුවන්ද බං…ඒ දුක කොහොම එකක්ද කියලා අපිට අඩු ගානේ හිතන්නවත් බෑ….අම්මෙක්ට දරුවෝ තරම් වටින තවත් දෙයක් නෑ බං…” සහිරු කියද්දී හශේන්ද ඊට එකඟ වුනේ ඇයට සිදු වූ අවනඩුවට…එ් අසාධාරණයට තමාද හවුල් බව මතක් වෙද්දී හදවත පලාගෙන යන තරම් වේදනාවක්ද දැනෙද්දී…
” ඒකි මුට විතරක් නෙවෙයි බං…මටත් වෛර කරන එක හරි…ඒකි විඳවලා තියෙන තරම්….එදා මූට ගහලා බැනලා හරි අපිටත් මේක තේරුම් කරන්න තිබ්බා බං..මාත් කලේ මේ බ#ලා ගේ පැත්ත ගත්ත එකනේ…ශිට්….” අසල තිබූ සයිඩ් ටේබල් එකට පා පහරක් එල්ල කරමින් ඔහු පැවසුවේ වේදනාවෙන්.
” දැන් ඕවා කතා කරලා වැඩක් නෑ බං…තවත් හිත් රිදෙන එක විතරයි….” සහිරු කිවුවේ තවත් සුසුම් පිටකරමින්.
” රෑ වෙලා නේද…උඹ පලයන් ගෙදර…ආශා තනියෙමනේ…මම ඉන්නම් මූත් එක්ක…” හශේන් කිව්වේ සයිඩ් ටේබල් එක උඩ තිබුන බෝතලයක්ද අතට ගන්නා ගමන්.
” ආ…හා…ඒ පාර තෝ මොකද්ද කරන්න හදන්නේ…ඔන්න ඕක තියපන්. මගුලක් නොකර…😕 මම කොහෙවත් යන්නෑ…සමීරා ඉන්නවා ගෙදර..” රවාගෙන සහිරු කිව්වේ එය ගනන් නොගෙනම හශේන් එහිම වූ වීදුරුවකට මත් පැන් ටිකක් වක්කරගනිද්දී.
” තෝ හිටියට කමක් නෑ…කට වහගෙන හිටපන්…මට ඕන්නම් මම බොනවා…”
” ආ…ඒකත් එහෙමද…අනේහ්..බොන්න බැරිනම් තෝ නාපන්…බැරිනම් අර ඉස්සරහා තියෙන් පූල් එකට පුරවලා පීනපන්…මට මොකද…නෙදකින් තොපි…තියෙන තරමක් අලුගුත්තේරු වැඩ ටික සේරම කරලා, බෝතලේ කටේ ගහගන්න විතරයි තොපි දෙන්නම දන්නේ…😠 මෝඩ හැත්ත…” හශේන් සහිරුගේ වදන් ගානකටවත් නොගෙන වීදුරු කිහිපයක්ම හිස් කලේ ධීර්ද කිඳුරංගනා ගේ නම කියවමින් ඒ මෙත අත දඟලද්දී. අවසානයේ සහිරුට සිදු වුනේ ඔවුන් දෙදෙනාටම තනි රැකීමයි.
පසුවදා උදෑසන ධීර්ට ඇහැරුනේ ඔහුගේ ශරීය මතින් බරක්ද දැනෙමින්…දෑස් විවර කර හිස ඔසවා බැලූ ඔහු දුටුවේ ඔහුගේ ඇඟට අත පය දමාගෙන සැපට නිදාගෙන ඉන්න හශේන්ව..
” අර්…මොන හු#%&* ක් ද යකෝ…පලයන් අහකට….” කේන්තියෙන්ම ධීර් ඔහුව පසෙකට තල්ලු කර දැම්මේ සුව නින්දක සිටි හශේන් ලෝකේ පෙරලුනා සේ උඩ ගිහින් ඇහැරෙද්දී. සහිරුනම් එහි තිබූ සෝෆා එකේ නිදාගත්තේ ඔහුට දැන් මත්පැන් ගඳ පවා අප්‍රසන්න නිසයි.
” ම් මොකද.. මොකද….” උඩ බිම බලමින් හශේන් කෑ ගැසුවේ ඒ හඬට සහිරුවද අහරවමින්.
” මොකද අහන්නේ…
තෝ මොන මගුලකටද මගේ රෙද්ද අස්සේ රිංගන්න ආවේ….😕” එසේ මොරදෙමින් ධීර් අවදි වුනේ නළල දෑගිලි වලින් පිරිමදිමින්. කොතරම් බිව්වත් , ඔහු කිසිදා තාමට තමාවම අමතක වන තුරු මතපැන් පානය කොට නැහැ…ඒ නිසාම ඔහුටත් අද එය අපහසුවක් ගෙන ආවේ… ශරීරයේ වේදනාවන්ද ගෙන දෙමින් .
” නෙදකින් යකෝ…තොට තනි රකින්න ආවට මෙතන අපිට ගහන්න ඕනි…” හශේන්ද නැගිට ඇඳමත එරමිණියා ගොතාගෙන වාඩි වුවේ ධීර්ට හොඳ හැටි බනිමින්.
” ඔව් ඔව්..තනි රැකපු හැටි මං කියන්නෑ බොට 😕” එය ඇසී සහිරු කිවුවේ හශේන්ට හොඳහැටි රවමින්. ඔහු නම් දත්ටික විරිත්තා සිනාසුනේ ඔහුත් ඇති පදමට මත් වූ නිසා.
” ඒ මගුලක් නෙවෙයි…තොපි දෙන්නා මොනවද මගේ රූම් එකේ කරන්නේ…🤨 කොහොම ඇතුලට ආවේ..” ධීර් අසද්දී ඔහුට හොඳ හැටි රවමින් සහිරු කතා කරන්න ගත්තා.
” ඇයි…හාමු මහත්තයට මතක නැද්ද …කනමදයා වගේ බීගෙන, අතපයත් ලෙලිගහන් මෙතන දපනේ දලා පතබෑවිලා හිටියා..😕” සහිරු අහද්දි ධීර් කලේ දෑස් තද කර පියාන දිගු සුසුම් හෙලීමයි.
” මට මැරෙන්න හිතෙනවා හිරුවා, මං තරම් පවු කාරයෙක් තව කෙහෙවත් නැතුව ඇති…” පෙරදා වියලී ගිය කඳුළු වැල් නැවතත් අළුත් කරමින් ඔහු පැවසුවේ කොල්ලෝ දෙන්නම ඔහු දෙස දුකින් බලද්දී.
“මොනවා කරන්නද බං…වෙන්න තියෙන දේවල් නවත්තන්න බෑනේ…උඹලා දෙන්නම පෙර ආත්මෙක කරපු පවක් ගෙවන්න ඇති..මාස හතක් බඩේ තියන් හිටපු දරුපැටියව නැති වුනාම මොන අම්මටද බං ඉවසන්න පුළුවන්..නංගි තවත් උඹට වෛර කරන එක සාදාරණයි..ඒකිට වෙච්ච දේවල් එකක් දරුපැටියත් නැති වුනාම….” සහිරු පැවසුවේ ධීර් තව තවත් සුසුම් හෙලද්දී.
” මෙතන උඹලා නොදන්න ගොඩක් දේවල් තියෙනවා හිරුවා…අනේ මට පුළුවන් නම් අතීතෙට යන්න…මම ඒකිව ගෙවුනු අවුරුදු හතරේ රජිනක් වගේ බලාගන්නවා….මම නම් මහා තිරිසනෙක්..ඒකිගේ මුළු ජීවිතේම විනාස කරපු….” ධීර් කිව්වේ ඒ ඇස් වලින් කඳුළු රැල් පිටින් ගාගෙන යද්දී.
” මොනවද බං කියවන්නේ…නංගිව ඩිස්චාජ් කරාම මෙහෙ එකකන් වරෙන්..ඒකිව ඉක්මනට මැරි කරපන්..කාලයක් ගිහින් ආයේත් දරු පැටියෙක් ආවහම ඕවා හරියයි…” හශේන් කියද්දී ධීර් ඔහු දෙස බැලුවේ ජීවිතේ ඔහු හශේන්ට යොමු කල අසරණම බැල්මෙන්.
” අැ…ඇයි බං….??” යමක් තේරුම් ගියා සේ හශේන් ඇසුවේ සහිරුද ඒ දෙස බලා සිටියදී.
” මම මහ පවු කාරයෙක් බං…ඒකිට තවත් අම්මා කෙනෙක් වෙන්න බෑ යකෝ..මමයි ඒකට වග කියන්න ඕනි..මමයි මගේ මැණිකට එහෙම කලේ…..” සිර කරගෙන සිටි හැඬුමන් එලියට පැමිණියේ කවදත් ඔහුගේ දුක සතුට බෙදාගන්නා ඔහුගේ මිතුරන් ඔහු ඉදිරියේ වූ නිසා..පිරිමියෙකු වුවත් ඒ හදවතේ වේදනාව ඔහුට ඉහිලිය නොහැකි තරම්..
කොහොම ඉවසන්නද මේ දුක
ඔබට දුන් දුකම අද මා වෙත ඇවිත්
සමාවක් නම් නැත ඔබෙන් කිසිදා
මම එය දනිමි සක්සුදක් සේ…
අනේ දෙවිඳුනි කුමක් කරමිද මා
මට නොතේරෙයි…
කිඳුරියේ මගේ ඔබ විඳවනා සැටි
මම කෙසේනම් බලා හිඳින්නද..?
මේ විසල් පපුව මැද ඇවිලෙනා දුක් ගිණි
මාව නොමරා මරනු ඇත දැන්,
මගෙම කිරි කැටියා මරාගත්
තිරිසනා මම නොවේද???
~සඳූ~
( ස්තූතියි මේ ලස්සන නිසඳැසට ❤️)
” ධීර්…මොනවද කියන්නේ උඹ…” ඒ හශේන්.
තවත් මොහොතක් ගතවුනේ හැඬුම් මැදම ධීර් ඔවුන්ට සිදුව ඇති සියල්ල පවසද්දී. සහිරුටනම් හුන් තැනින් නැගිටවුනේ පියෙකු වන ඔහුට දරුවෙකු තම ජීවිතයට පැමිණිමේ වටිනාකම, සතුට කාටත් වඩා හොඳින් දන්නා නිසා. හශේන් නම් සිටියේ කුමක් කියම්දෝ සිතා ගත නොහැකිව. ඇඟපතින් පමනක් නොව සිතින්ද කාටත් වඩා ශක්තිමත් තම මිතුරා මෙසේ හඬනා හැඬුම් ඔවුන්ට දරාගත නොහැකිවුනේ ඔවුන්ගේ ජීවතයේ සියලු කටයුතුවලදීම ශක්තියක් වී ඔවුන් ළඟ සිටි ධීර්ටම මෙසේ සිදුවූ නිසයි. ඔහු අද අසරණයි…
” හිරුවා…මම තාරාගෙන් මේ ගැන අහන්නද? “
” අහපන්කෝ…” සහිරුද එයට එකගවුනේ මෑතකදී වෛද්‍යවරියක ලෙස පත්වීම ලබාගත් තාරා දැනට ප්‍රධාන පෙලේ රජයේ රෝහලක සේවය කරන නිසා.
තාරාට දුරකතන ඇමතුමක් ගත් හශේන් සියල්ල ඇයට පැවසුවේ වෛද්‍යවරියක ලෙස නොව, කිඳුරංගනා ගේ හොඳම යෙහෙලිය ලෙස ඇයටද එ් සියල්ල දරාගත නොහැකි වෙද්දී. හැඬුම් මැදම ඇය ධීර්ටද කතා කලේ මිහින් හරහා හෝ ඇයගේ වෛද්‍ය වාර්තා තමන්ට හැකි ඉක්මනින් ලබාදෙන ලෙස ඉල්ලමින්.
•
•
සාගරී කෙල්ලව බැලීමට පැමිණියේ මලිතත් සමග. විශ්වවිද්‍යාලයේ සිට ඔහු නිවසට පැමිණි සැනින් තම ප්‍රාණ සම නැගෙණියට සිදු ව ඇති දේ දැන ගත් ඔහුටද එය දරාගත නොහැකි වුනේ පෙරදා කිරිල්ලියක මෙන් සැහැල්ලුවෙන් සිටි ඇය අද ලෙඩ ඇඳට වී සිටින ආකාරය නිසා. හඬා වැලපී අවසානයේ සියල්ල අමතක කිරීමට මලිත ඇයත් සමග සුපුරුදු කතා බහට මුල පිරුවේ කාලයකට පසු ඇය සිනහාසීමට පටන් ගනිද්දී.
” ඒක නෙවෙයි…දැන් තමුසෙට කෙල්ලෙක් එහෙම නැද්ද මල්ලි…බලනවකො අවුරුදු හතරට තමුසේගේ කරදඬු හැදිලා තියෙන තරම්..මම යද්දි හිටපු පොඩි එකා නෙවෙයි දැන් ඉන්නේ…නේද අම්මා?? ” කෙල්ල අහද්දි මලිත හොරැහින් බැලුවේ සාගරී දිහා.
” මොකද නැත්තේ සුදු මැණික…. මාත් පස්සේ දැන ගත්තේ….ධීර් පුතා තමා මටත් කිවුවේ…කැම්පස් එකේ කෙල්ලෙක් එක්ක රවුම් ගහනවා කියලා..” සාගරී කිව්වේ කෙල්ලගේ මුහුණ තරමක් අඳුරු කරමින්.
” අපෝ….ඒකා එක්ක හැරෙන්නවත් බෑ….මගේ පයට කූඹියෙක් පෑගුනොත්, ඌ ඒකත් දන්නවා…” මලිත රවාගෙන කිව්වේ කිඳුරංගනාට කට කොනින් සිනහවක් යද්දී… ඔහු එහෙමයි…ඇය එය දන්නේ ඔහුව ආශ්‍රය කිරීමට ගත් මුල් කාලයේ සිටමයි.
” කෝ ඉතින්..මට පෙන්නවා….මගේ නෑනා පොඩ්ඩව..😒” කතාව වෙනස් කිරීමට සිතා කෙල්ල කිව්වේ මලිත් තරමක් ලැජ්ජාවද්දී.
” හරි හරි…දවසක එක්කගෙනම එන්නම්කෝ…😁”
” මේ…තමුසේ සක්කරවට්ටමක් එහෙම කරේ එල්ලන් නෑ නේද….?එලවනවා තමුසෙවත් එක්කම ගෙදරින් එහෙම වුනොත් නම්…😕” කෙල්ල රවාගෙන කිව්වේ සාගරී මහ හයියෙන් සිනහා සෙද්දී.
” අනේ නෑ මැණික..ඔයා තරම්වත් කට සැර නෑ ඒ දරුවගේ..හොඳට හැදිච්ච දරුවෙක්..” සාගරී කිව්වේ මලිත ආඩම්බරෙන් ඇහි බැම ඔසවා කෙල්ල දෙස බලද්දී.
” යකෝ…දැන් මාව හොඳ නෑ එතකොට…හා හා…ඔහොම යමුකෝ…😒” කෙල්ල නෝක්කාඩු කලේ මලිතයි සාගරියි මහ හයියෙන් සිනහා සෙද්දී.
මොහොතක් ගලාගෙන ගිය කතාබහ නතර වුනේ දොරට තට්ටු කර ඇතුල් වූ වෛද්‍ය හරේන් සහ ඒ පසු පස එහි ඇතුල් වූ තාරා නිසා.
” තාරා….” කෙල්ලේ දෑස් විසල් වුනේ වසර ගණනාවකට පසු ඇයව දැකීමේ ප්‍රීතියෙන්.
” කිඳුරී…මැණික…” තාරා ඇගේ ඇඳ ළඟට පැමිණ ඇයව වැළඳ ගත්තේ දෙදෙනාගේම දෑස් වලට කඳුළු එක් කරමින්.
” කොහෙද යකෝ තෝ අතුරුදහන් වුනේ..උඹට නිකන් වත් මාව මතක් වුනේ නැද්ද හරකියේ…😠” අසනීපයෙන් සිටියත් යාළුවන්ට එය අදාල නැත.. කිඳුරංගනාගේ කණ මිරිකමින් තාරා එසේ ඇසුවේ සියළුදෙනාටම සිනහා එක් කරමින්.
“ආව් අම්මා…ආහ්…අත ඇරපන් යකෝ…මං ලෙඩෙක්..තෝ හොර දොස්තරයා..😒” කෙල්ල කෑ ගැසුවේ යන්තමින් දොර විවර කර කාටත් නොපෙනෙන පරිදී මේ දෙස බලන් සිටි ධීර්ගේ දුක්බර මුහුණටද සිනහවක් එක් කරමින්. ඒ ඔහුට සුපුරුදු ඔහුගේ කිඳුරිය කලකට පසු මෙසේ සැහැල්ලුවෙන් සිටිනවා දැකීමේ ප්‍රීතියෙන්.
තවත් මොහොතක් ගෙවුනේ ඔවුන්ගේ සොඳුරු රණ්ඩු සරුවල් සහ වහින් බස් වීම් මැද.
” දැන් කොහොමද කිඳූ …?” තාරා ඇසුවේ හරේන් ඇයව පරික්ෂා කරන අතර තුර.
” අවුලක් නෑ…” ඇය සැහැල්ලුවෙන් පැවසූවේ තාරාගේ සිතටනම් මහා බරක් එක් කරමින්.
“ඔන්න ඔහොම හිනා වෙලා ඉන්නකෝ කිඳූ..නිකන් අසනීප නොවී ආ…දැන් හොඳයි…අද හවසට ගෙදර යන්න පුළුවන් …” වෛද්‍ය හරේන් පැවසුවේ ඇගේ මුවට සිනහවක් එක් කරමින්.
” තැන්ක්යූ ඩොක්ටර්…”
” බට්, බෙහෙත් ටික හරියට ගන්න ඕනි…අයි (ක්)නෝව් දැට් යූ හැව් ස්කිප්ඩ් යෝර් මෙඩ්ස් සින්ස් මන්ත්ස්” වෛද්‍යවරයා තරවටු ස්වරූපයෙන් පැවසුවේ කෙල්ලගේ මූණ දෙක කරමින්.
” ඒවා බය වෙන්න එපා ඩොක්ට හරේන්…මම ඉන්නවනේ දැන්…කන පලන්නේ බිව්වේ නැත්තම් මේකිගේ…” තාරා සැරෙන් කිව්වේ කෙල්ල ඇයට ඇද කරද්දී. හරේන් නම් සිනහා සුනේ ඔහු මෙතෙක් කල් දුටු කිඳුරංගනාට වඩා ඇය හාත් පසින්ම වෙනස් බව හැඟී යද්දි.
නැවතත් තාරා පිටතට පැමිණියේ ඇය අපහසුවෙන් සිර කරගෙන සිටි හැඬුමද එලියට පැමිණි විගස පිටවද්දී.
” කාම් ඩවුන් ඩොක්ට තාරුණි…ශී විල් බී ඕකේ සූන්….” හරේන් පැවසුවේ තාරාව සැනසීමටයි. ධීර්ද මේදෙස බලා සිටියේ බිඳුණු හදින්.
මිහින්ගෙන් ඉල්ලා ගත් ඇගේ පෙර වෛද්‍යවාර්තාද සමග තාරා සහ ධීර් වෛද්‍ය හරේන් සමග ඇය පිළිබද සාකච්ඡා කර දැන ගැනීමටයි අද මේ පැමිණියේ.
” ඩොක්ට…මේ කියන විදිහට කිඳූට ආයේ ප්‍රෙග්නන්ට් වෙන්නම බැරි වෙයිද එතකොට…එයාට ට්‍රීට්මන්ට්ස් කරලා තියෙනවනේ මේ රිපෝට්ස් වල හැටියට…” තාරා අහුවේ ඇගේ වෛද්‍යවාර්තා අධ්‍යානය කිිරීමෙන් අනතුරුව.
” මෙහෙමයි…කිඳුරංගනාට එහෙදි ට්‍රීට් කලේ බෙස්ට් කන්සල්ටන්ට්ස් ලා… මට ඇත්තටම මේ ගැන දැනුම අඩුයි…මොකද මම සයිකෑස්ට්‍රිස්ට් කෙනෙක්…හොඳම දේ එහෙදි කලා වගේම මෙහෙදිත් එයාව ගයිනොකොලොජිස්ට් කෙනෙක්ට යොමු කරලා ඒ ට්‍රීට්මන්ට්ස් කන්ටිනියු කරන එක..ඈස් අයි තින්නක්. 🤨” හරේන් පැවසුවේ තාරාත් එයට එකඟවෙද්දී.
” ඉයාහ්…ඉට් විල් බී බෙට(ර්)… මයි ඩෑඩ් ඊස් වන් ඔෆ් දෙම්…ලෙට්ස් ට්‍රයි…” තාරා පැවසුවේ වෛද්‍යවරයකු වන ඇයගේ පියාද ඒ හා සම්බන්ධව කටයුතු කරන නිසා එය තවත් පහසු වේ යැයි සිතමින්.
පසුව තාරා ධීර්ද සමග පැමිණියේ ඇගේ පියාව මුණ ගැසීමටයි…
” කෙල්ලගේ මෙඩිකල් හිස්ට්‍රි එක අනුව එයාගේ ඕවරි එකක් රිමූව් කරලා තියෙන්නේ දූ…ඒක ටිකක් ලොකු රිස්ක් එකක්…මොකද එයාගේ ෆ(ර්)ටිලිටි එක අඩුයිනේ..” ඇගේ පියා ඒසේ පවසද්දී ධීර්ට දැනුනේ කවුරුන් හො පොල්ලකින් තම හිසට පහර දෙනවා වගේ හැඟීමක්. ඔහුගේ වෙනස් වීම හඳුනාගත් නිසාම තාරා ඔහුගේ අතකින් අල්ලා ගත්තේ
” බය වෙන්න එපා අයියේ..අපි පුළුවන් හැම දේම කරමු” කියමින්.
” වෙල්, ස්ටිල් ශී කැන් ගෙට් ප්‍රෙග්නන්ට් විත් වන් ඕවරි……බට් ද ප්‍රොබ්ලම් ඊස්…හ(ර්) වූම්බ් වෝල් හෑස් ඩැමේජ්ඩ් අ ලොට්..ආෆ්ට සික්ස් මන්ත්ස් වගේ, දරුවා වැඩිලා තියෙන්නේ ගර්භාශෙන් පිට නිසා එහෙම වෙලා තියෙන්නේ…හරිම කලා තුරකින් තමා මෙහෙම දෙවල් වෙන්නේ..එයාට මොකක් හරි ඇක්සිඩනට් එකක් වුනාද ප්‍රෙග්නන්සි පීරියඩ් එකේදි දුව? 🤨…” ඇහි බැම හකුලුවමින් ඔහු අසද්දී ධීර්ට දැනුනේ කියාගත නොහැකි අසරන කමක්. තාරටත් කට උත්තර නැතිවුනේ ඒ පිළිබඳ නොදැන තම පියා ඇසූ දෙයින් ධීර්ගේ සිත තවත් කඩාවැටීමට ලක් වන නිසයි.
” ආහ්..තාත්තා..එයාට පොඩි ඇක්සිඩනට් එකක් වෙලා තිබුනා…” කෙල්ල අමාරුවෙන් වචන ගැටගහන් කිව්වේ ඔහු හිස වනද්දි.
” හොඳයි අපි බලමුකෝ…අපි මේ ට්‍රිට්මන්ට්ස් කන්ටිනියු කරමු තව අලුත් ඒවත් එක්කම…ලෙට්ස් හෝප් ශී විල් ගෙට් වෙල් සූන්..”
ඔහු පැවසුවේ යම් තාක් හෝ සහනයක් ධීර්ට ගෙන දෙමින්.
” තැන්ක්යූ අංකල්…”
•
හවස් වෙද්දි කෙල්ලව හොස්පිටල් එකෙන් ඩිස්චාජ් කලේ ඇයව රැගෙන යාමට ධීර්ගේ ඉල්ලීම පරිදී මිහින් හෝ ඇයගේ මාපියන් පැමිණ නොමැති පසු බිමක.
ධීර් කාමරයට පැමිණ එහි තිබූ ඇගේ කලමානා සියල්ල පැක් කරගත්තේ ඇයට ඇඳගැනීමට එක් ඇඳුමක් පමණක් පිටතින් තබා. එවිටත් නින්දත් නොනින්දත් අතර සිටි ඇයට ඇහැරුනේ හිස මත දැනුන බර ගතින නිසා. දෑස් විවර කර බැලූ ඇය දුටුවේ තම හිස මත අතක් තබාගේ තමාගේ මුහුණ දෙස බලා සිටින ඔහුව. ඒ ක්ශනයෙන්ම ඒ අත වැරෙන් ඉවත් කරමින්
” තමුසෙට මම කිව්වා..මගෙන් ඈත් වෙලා ඉන්නවා ධීර්…” ඇය ආවේගයෙන් පවසමින් ඇඳෙන් නැගිට ගත්තේ වට පිටාව දුටු පසු ඇස් නළලට යද්දී.
” මෙ මොකද…තමුසේ මොකටද මේවා අස් කලේ… 😕” ඇය අසද්දී ඔහු සන්සුන්ව සිනහා සුනේ ඇගේ අත ඇඳුමද තබද ගමන්
” මේක ඇඳගන්න…ඔයාව ඩිස්චාජ් කරලා තියෙන්නේ මැණික…ගෙදර යමු..” ලෙස පවසමින්.
” හහ්…ගෙදර යන්න..?? තමුසෙත් එක්ක 😅 මට පිස්සු නෑ ධීර්…එන්න කියනවා මිහින් අයියට….කෝ මගේ පෝන් එක….” වට පිට බලමින් ඇය තම දුරකතන සෙව්වත් දුරදිග බලා වැඩ කෙරූ ධීර් ඒ වන විටත් එය තමා සතු කරගෙන අවසන්.
” එයාලා එන්නේ නෑ…මා