චන්ඩි_රැජින🌹🌹

අසූ වන චන්ඩිකම 🙅🙅 •••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••

” හහ් කුමාරිහාමි කොහොමද ඉතින් මොකෝ ඇස්වල කදුළු.කෝ අර ඉස්සරතිබුණු ආඩම්බරකම.”

කල්පනාවෙ උන්නු නිශාදි ගැස්සිලා ගියේ දොර දිහාවෙන් ඇහුණු කට හඩින්.එහෙම්ම දොර දිහා බලපු නිශාගෙ දෙපතුලේ ඉදල මුළු ඇගම සීතල වෙලා ගියේ දොර ගාව හිටන් උන්නු කෙනාව දකිද්දි.උළුවස්සට අත් දෙකත් තියා ගෙන හිනාවේගනම කෙල්ල දිහා බලන් හිටියෙ රනුක.

මගෙ මුළු සිරුරම අඩපණ වෙලා යද්දි ඇස්වලින් ගලන කදුළු නතරම වෙලා ගිහින්.ඇස් දෙකත් විශාල කර ගෙන මං බලන් උන්නෙ මගෙ දිහා අමුතුම විදිහට බලන් උන්නු රනුක දිහා.අමුතුම බයකින් හිත හීනියට හිරි වට්ටද්දි මට ඕන උණේ මෙතනින් ගැලවිලා යන්න.ඒත් හැම දේකටම වඩා අවාසනාව මාවම වෙලා ගනිද්දි මං අසාර්ථක උත්සාහයක් දැරුවෙ පුටුවෙ පිටි පස්සට වෙන්න ගැට ගහල තිබුණු මගෙ අත් දෙක ලිහා ගන්න.මට හෙල්ලෙන්නවත් බැරි විදිහට කකුල් දෙකත් ගැට ගහල් තිබුණෙ මම තවත් අසරණ වෙද්දි.

රෙදි කෑල්ලක් නහයට තද වෙද්දි අමුතුම ගන්ධයක් නාස් පුඩු හරහා මුළු සිරුරම අඩපණ කළා මතකයි.දරා ගන්න බැරි හිසේ බර ගතියක් එක්ක ඇස් පිය වුණා ඒත් එක්කම කාගෙදෝ තද බාහුවකට මාව හිර වුණා මතකයි.සිහිය එනකොට මං හිටියෙ මේ කාමරේ.මේ විදිහටම පුටුවකට බැදල.උගුර ලේ රස දැනෙනකන් කෑ ගැහුවෙ මාව නිදහස් කරන්න කියල.ඒත් දෙවියොත් මාව අන්ත අසරණ කරල දාල.මගෙ වේදනාව දකින්න පිවිතුරු හදවතක් තිබුණෙ නෑ කාටවත්ම.මේ දවස් දෙකටම කාමරේට කෑම අර ගෙන ආවේක මුනුස්සයෙක්.ඒත් ඇස්දෙක විතරක් පේන්න මූණම වහල.කෑම කන්න විතරක් මගෙ අත් ලෙහද්දි මං ඒ කෑම ප්‍රතික්ශේප කරේ හිතේ තිබුණු වේදනාවටත් කේන්තියටත් දෙකටම.

ඒත් හිතේ ශක්තිය බිදෙන් බිද හීන වෙලා ගියේ අසරණකම හැම අංශුවක් ගානෙම මාව ඔතා ගනිද්දි.මගෙ සිරුර මටම දරා ගන්න බැරි වෙද්දි.ඊටත් වඩා කුසගින්න මාව අරක් ගද්දි අකැමැත්තෙන් උණත් ගෙන්නපු කෑම ටික කෑවෙ.කාල ඉවර උණාම ඒ මනුස්සය ආයෙමත් මගෙ අත පය ගැට ගහල කාමරෙත් ලොක් කරල.දාල.අඩුම තරමින් ඒ මනුස්සයට තිබුණ මගෙ අත පය ගැට නොගහ ඉන්න.එහෙමවත් දියාරු හදවතක් ඒ මිනිහ ළග තිබුණෙ නෑ.

හිතේ තිබුණ ලොකුම ප්‍රශ්ණෙට උත්තරේ ලැබුණෙ අද.ඒ රනුකව දකිද්දි.ශොප් එකෙන් අයින් කරපු දවසට පස්සෙ මං රනුකව දැක්කෙ අද මාස ගානකට පස්සෙ.මාත් එක්ක තරහින් උන්නු රනුක මං හිතුවෙ ඒ තරහ අමතක කරල කියල.නෑ ඒ තරහ දවස ගාණෙ පැසවල කියල මං දැන ගත්තෙ දැන්.කළු පාට ශෝට එකකටලා නිල්පාට ටී ශර්ට් එකක් ඇදල දොර උළුවස්සට අත් දෙක තියාන මං දිහා බලාන හිනා වෙවී උන්නු රනුක කාමරේට ඇවිත් දොර ලොක් කරල දැම්මෙ අනතුරක පෙරනිමිති මගෙ ඇස් මායිමේ සලකුණු වෙද්දි.

හෙමින් හෙමින් මගෙ ළගටම ඇවිදන් ආපු රනුක මගෙ අත පය ලෙහල දැම්මෙ මං බය වෙලා බලන් උන්නු අතරෙ.අත් දෙකේම මැණික් කටුව ළග තද රතු වෙලා.පාර හිටල.ලේ මතු වෙලා වගේ දරා ගන්න බැරි දැවිල්ලක්.කකුලෙත් වලලු කරළග හෙල්ලෙන්න බැරි තරමට වේදණාව.මාවලෙහපු රනුක ළග තිබුණු පුටුවක් ඇදල අරන් මගෙ ළගින් වාඩි වුණේ.

” නිශාදි හිතුවෙ මට නිශාදිව අමතක වෙලා කියලද? “

මගෙ මූණටම එබිල රනුක එහෙම අහනව.මං නිහඩවම උන්න විතරයි.

” මං ආදරේ කරපු තරම් ඔයාට කවදාවත් දැනුනෙ නෑ.ඔයා නිසා මට ජොබ් එක පවා නැති වුණා.අතේ සල්ලි නැතුව මං මේ මාස ගානට මොණ දුකක් වින්දද කියල නිශාදි දන්නවද? ඒහැමදේම ඔයා නිසා.”

මගෙ දිහාවට ඇගිල්ල දිගු කරල රනුක ටිකක් සද්දෙන් එහෙම කියද්දි මං ගැස්සිලා එයා දිහා බැලුවෙ.ආදරේ කරා නම් පලි ගන්න පුළුවන්ද? මගෙ හිත මගෙන්ම ප්‍රශ්ණ කරද්දි මට ඕන උණේ රනුකව ට්තේරුම් ගන්න නෙවෙයි.එයා කියන දේවල් අහන් ඉන්න නෙවෙයි.මට ඕන උණේ මෙතනින් ගැලවෙන්න විතරමයි.මෙච්චර වෙලා නිහඩව උන්නු මං හඩ අවදි කළේ ඒ නිසාම.

” මට ගෙදර යන්න ඕන.මාව ගෙදර ය්වන්න.අම්මල බය වෙලා ඇති.”

මගෙ වචනවලට ර්නුකගෙ උත්තරේ උණේ සමච්චල් හිනාවක්.මාව තවත් අසරණ කරපු හිනාවක් විතරමයි.

” නිශාදි එදා ඉදන් අද වෙනකන් වෙච්ච හැම දෙයක්ම මන් දන්නව.මම ඔයාට අවසාන වතාවට චාන්ස් එකක් දෙන්නම්.මගෙ ළගට එන්න නංගි.ඔයාට දැන් අභිරූ සර් ළගට යන්න අයිතියකුත් නෑනෙ.එයා බැදල කියල මං දන්නව.”

දෙවියනේ රනුක කොහොමද ඒක දන්නෙ.මංපුදුම වෙලාඅහන් උන්නෙ රනුක කියපු දේවල්.අභිරූ සර් නැති උණත් මං වෙන කිසිම් කෙනෙක්ට ආයෙ ලං වෙන්නෙ නෑ.ඒක මං මටම වෙච්ච පොරොන්දුවක්.ඊටත් වඩා මට රනුකව එදා ඉදන්ම පිළිකුල්.එයාගෙ පහත් ආශාවන් ඉශ්ට ක්ර ගන්න මං ඉඩ දෙන්නෙ නෑ.මොණ තරම් අසරණ උණත්,මරණයේ අභිමුව හිටියත් මං අවස්තාවාදියෙක් නෙවෙයි.මෙච්චර වෙලා තිබුණු දුක වේදනාව පරයමින් මතු උණේ නිම්හිම් නැති කෝපයක්.

මෙච්චර වෙලා අඩමින් බය වෙලා උන්නු මට කොහෙන් ආපු ශක්තියක්ද මන්ද.පුටුවත් ආපස්සට කරන් නැගිට්ටෙ. රනුකත් හොදටම
බය වෙලා නැගිට්ටෙ මං දිහා බලා ගෙන.

” තමුන් හිතන්නෙ ම්ං අවස්තාවාදියෙක් කියලද? රනුක.එදා වගේම අදටත් මට තමුන්ව පිළිකුල්.අනික මං ආදරේ කළේ අභිරූ සර්ට විතරයි.එයාට හැර වෙන කිසිම කෙනෙක්ට මගෙ ජීවිතේ ඉඩක් නෑ.ඔයා කොයි විදිහකින් ආවත් ඔයාටත් එච්චර තමයි.ඒක හොදට මතක තියා ගන්නව…….”

උපරිම ධෛර්යය යොදල මං කෑ ගහන්න උණේ ඉන්න තැන ගැනවත් වගක් නැති වෙද්දි.ඒත් වැඩි වෙලාවක් ගියෙ නෑ.මගෙ මුළු ගතම භීතියෙන් මුසපත් වෙලා ගියේ.තත්පර ගානක් ඇතුළත.පැනල මගෙ බෙල්ලෙන් අල්ල ගත්තු රනුක මාව ළග තිබුණු බිත්තියට හේත්තු කරල මූණට එබුණෙ මට හිතා ගන්නවත් කාලයක් නැති වෙලා යද්දි.

” උඹ,මං හිතුවෙ උඹේ රැස් දැන් බැහැල ඇති කියල.මං උඹට අන්තිම වතාවටත් චාන්ස් එක්ක් දුන්නෙ උඹට තිබුණු ආදරේට.ඒත් නෑ.ඒ ආදරේ මේ තත්පර ගානට නැති වෙලාම ගියා.උඹ නැති කරල දැම්ම.දැන් බලපං උඹට වෙන දේ. මේ තත්පරේ ඉදන් විදවන්න ලෑස්ති වෙලා හිටපං.මං උඹව ඉතුරු කරන්නෑ බැල්ලි…..”

තවත් නොසරුප් වචන කියල කෑ ගහපු රනුක මාවාඅයෙමත් පුටුවට කරල ගැට ගැහුවෙ මගෙ විලාපයක්ගැන කිසිම හිතක් පපුවක් නොමැති ගානට.මාව බැදල දාපු රනුක මගෙ කම්මුල්වලට පහර් පිට පහර ගහන්න උණේ කම්මුල්වල ලේ මතු වෙලා රතට හැරෙද්දි.කෑ ගහල අඩන්න විතරයි මට පුළුවන් උණේ.අත පයේ ශක්තිය උපරිමේටම මට පෙන්නපු රනුක කාමරේ දොරත් සද්දෙන්ම වහගෙන එළියට යන්න ගියේ මං කෑ ගහල බනිද්දි……


Exam ලගයි වස්තුල ඒ නිසා හුගක් බිසී.පුළුවන් වෙලාවට කතාව දෙන්නම්.බලන් හිටිය නම් සමා වෙන්න.

Advertisment