කිඳුරංගනා Facebook novel 🌷🌷
❌❌⁣කතෘ අවසරයෙන් තොරව උපුටා ගැනීම සපුරා තහනම්❌❌

47_කොටස

පෙර කොටස –

” ඇයි මෙච්චර වෛරයක් මැණික..හැංගුණා ඇති…වෛර කලා ඇති..දැන් ඇති හැම දේම…මට සමාව දෙන්න මැණික..ආයේ එහම දෙයක් වෙනනෑ…අපි අපේ දරුවා එක්ක සතුටෙන් ඉමු රත්තරන්…” කොල්ලා හැඟීම් බරව කිවුවේ ඔහු දෙසම බලා සිටි ඇගේ මුළු වතම කේන්තියෙන් රතු වී යද්දී…හැකි තරම් වෙර යොදා ඔහුව තල්ලු කල ඇය ඊළඟට කියූ දෙයින් ධීර්ව ගැස්සී ගියේ නොසිතූ ලෙසයි..

” කොහේ ඉන්න දරුවෙක්ද??…තමුසේ ඒකව මරාගත්තානේ….තමුසේ මගේ දරුවව මරාගත්ත තිරිසනා ධීර්….තිරිසනෙක් උඹ මගේ අහිංසකීව මරාගත්ත…වෛරකරනවා තමුසෙට මං..වෛරකරනවා….”මහා හයියෙන් හැඬුම් මැදව ඇය කෑ ගැසුවේ ධීර්ගේ හිසමතට අකූණු ප්‍රහාරයක් වැදුනා සේ ඔහු හුන් තැනම ගල් කර දමා..

” ක්…කිඳු..රී…උඹ..මොනවද මේ කියවන්නේ??? ” වෙව්ලන කටහඬින් ඔහු ඇසුවේ හුස්ම අල්ලන් හඬන කෙල්ලගෙන්.

“තමුසේ මගේ අහිංසකීව මරාගත්තා මිනිහෝ…මරාගත්තා….මාස හතක්…මාස හතක් මගේ දරුව මෙතන හිටියා….කුස අල්ලමින් මගේ දරුවා මාව දාලා යන්න ගියා..ඒ තමුසේ නිසා ධීර්…තමුසේ නිසා….තිරිසනා…මිනීමරුවා….” කෙල්ල අත් දික් කරමින් ධීර්ට කෑ ගසන්නේ ඔහුට ඈ පවසන දේ තේරුම් ගත නොහැකව අතරමං වී යද්දී.

” ම්..මැණික…මොනවද මේ කියවන්නේ…” ධීර් ඇය අසලට පැමිණියේ එසේ අසමින්..නමුත් ඇය ඔහුගෙන් ඈත්ව පසු පසට ගියේ බලා සිටිය නොහැකි තැන සාගරී පැමිණ ඇයව අල්ලා ගනිද්දී.

” අනේ පුතේ….ඇත්ත කියන්න රත්තරන්….මොනවද මේ කියන්නේ…දරුවෙක් ලැබෙන්න හිටියනම්…කෝ ඒ පැටියා? ” සාගරී එසේ ඇසුවේ කෙල්ල කෝපයෙන්ම ධීර් දෙස බලද්දී.

” මේ මිනිහා…මේ තිරිසනා මගේ දරුවව මරාගත්තා අම්මා.. මරාගත්තා….මේ මිනිහා මාව සැක කර කර එලවද්දිත් මගේ පැටියා මන් ගාව හිටියේ අම්මා….මට හිටපු එකම වස්තුව අම්මා ඒ..මැරුවා එයාව මේ මිනිහා…” ⁣අගක් මුලක් නොතේරෙන තැන ධීර් ඇයව ඇදලා ගත්තේ තමන් ළඟට.

” කිඳුරී…කියපන් මගේ දරුවා කෝ කියලා…උඹ ඔය බොරු කියන්නේ..මම කොහොමද යකෝ් මගේ දරුවව මරාගන්නේ…? අඩු ගානේ උඹ මට කිවුවද ඒ්ගැන…ආ…කියපන්….” ආවේගයෙන් ඔහු අසද්දී කෙල්ල මහ හයියෙන් සිනහාසුනේ අතීතයේ වූ දේවල් මතක් කරමින්.

” කිඳුරී…තමුසෙට පිස්සුද..”

” තමුසෙට මතක නැද්ද…එදා මම තමුසෙගේ කකුල් දෙක ලඟ වැටිලා කිවුවා මාව අත අරින්න එපා කියලා…මම වැරැද්දක් කලේ නෑ කියලා…තමුසෙ අහුවද ධීර්..ඇහුවද?? ” කට උත්තර නැති නිසා ධීර් ඇය පවසනා දේ අසාගෙන සිටියේ ඇය හඬමින්ම කතා කරගෙන යද්දී.

” තමුසේ මොනවද එදා මට කිව්වේ ධීර්…මම මිහින්ගෙන් දරුවෙක් හදන් ඇවිත්, තමුසෙගේ කිව්වොත් ඒකත් තමුසේ පිළිගන්න ඕනිද අහුවා…මතකද තමුසෙට..ආ මතකද???” ඇය පුන පුනා ඇසුවේ සැබවින්ම කෝපයෙන් තමා එසේ පැවසූ බව ධීර්ටද මතක් කරමින්…

” කිඳුරී…මම තරහෙන්නේ හිටියේ මැණික….” කොල්ලා ඇගේ බාහුවෙන අල්ලන එසේ කියද්දි කෙල්ල කේන්තියෙන් නැවතත ගිගිරුවේ

” තමුසෙගේ තරහට ම⁣ගේ දරුවා පලිද මිනිහෝ..මගේ අහිංසකී පලිද….?? තමුසේ එදා හිතක් පපුවක් නැතුව තල්ලු කරලා දැම්මේ මාව නෙවෙයි ධීර්…තමුසෙගෙම ලෙයින් ජාතක වුන දරුවව…තමුසෙයි මගේ දරුවව මරාගත්තේ…..තමුසෙගේ දරුවව මරාගත්තේ..” කෙල්ල ඒ විසල් පපුවට ගසමින් ඔහුගේ ශර්ටයේ එල්ලීගෙන කෑ මොරදුන්නේ ඔහුගේ මුලු ගතම වේව්ලා යද්දී…නන්නදනී ඇතුලු මාපිය දෙපල මේ දෙස බලා සිටියේද දරාගත නොහැක වේදනාවකින්…

” ක්…කිඳුරී…..ම්..මැ…ණික…මම…” ඔහු කතා කරන්නට හැදුවත් ඔහුට බෑ…ඇය ඔහුට ඉඩ දෙන්නෑ..

” ඒකි මැරුනා..කිඳුරී මැරුනා….මගේ අහිංසකී මැරුණ දවසෙම…තමුසෙට මම එදා දරුවාගැන කියන්න ආවට තමුසෙ මොනවද කලේ ධීර්…රටේම තියෙන බලු කතා ටික කියලා මාව වේ$යෙක කලා…තමුසේ මාව තල්ලු කලා මතකද ධීර්…මගේ පැටියව තල්ලු කලා…මම කොච්චර විඳෙව්වද දන්නවද…මගේ දරුවා එදා බේරුනාට…මාස හතක් බඩේ ඉඳලා මාව දාලා යන්න ගියා… ඒ තමුසේ නිසා…තමුසේ එදා එහෙම නොකලනම්…මගේ රෝස මල අද මම ගාව..මම ගාව….තමුසෙට හොඳක් වෙන්නෑ ධිර්…තමුසේ මිනී මරුවෙක්..මගේ දරුවව මරාගත්ත මිනීමරුවා උඹ….” ඔහුගේ පපුවට වැරෙන් ප්‍රහාර එල්ල කරමින් ඇය මේ කෑ ගසන්නේ වේදනාවේ මෙන්ම කෝපයේද උපරිමටම ගොස්…ධීර්නම් හැලහොල්මනක් නැතුව බලාගෙන සිටියේ හිස් හැඟීමකින්

” ඇයි එහෙම කලේ…..ඇයි….”හඬමින්ම ඇය ඔහුගෙන් අසන්නේ කතාකර ගත නොහැකිව ඔහු ඇයගේ කඳුළු දෝරේගලනා දෑස් දෙස බලා සිටියදී.

” අනේ රත්තරන්..මොනවද මේ වෙලා තියෙන්නේ….” සාගරී පැමිණ ඇයව තමා වෙත වාරු කරගන්නේ කෙල්ල හුස්ම අල්ලන් හඬන හැටි බලා සිටිය නොහැකි නිසා…ඇයත් අම්මෙක්…මේ ඇගේ දියණියයි..මවකට දරුවෙකු වටින තරම් තවත් මවක මිස අන් අයෙක් නෙදෙනී.

” අම්මා …මගේ පැටියා මගේ අතට එද්දි…..මලකඳක් අම්මා…මාස හතක් මම ආදරෙන් එයාව බලාගත්තා…මගේ තනියට හිටියේ එයා අම්මා…මේ මිනිහා විසි කරපු ජීවිතේ ජීවත් කලේ එයා …ඒත් එදා මේ මිනිහා මාව තල්ලු කරාට පස්සේ එයාට මොනාදෝ වෙලා අම්මේ…මාස හතක් ගිහිනුයි එයා මාව දාලා ගියේ..මගේ රෝස මල එයගේ අම්මව දාලා ගියා මගේ අම්මේ…මම කොහොමද ඉවසන්නේ….ඒ මගේ පණ අම්මා…මගේ ජීවිතෙයි මේ මිනිහා මරලා දැම්මේ” ධීර් ඇය පවසනා සියලු දේ අසා සිටියේ ඒ පිරිමි දෑස් වලින් එකින් එක කඳුළු කැට වැටීමට පටන් ගනිද්දී…ඔහුට බෑ එය දරාගන්න…නොදැන හෝ ඔහු කර ඇත්තේ ඔහුගේම දරුවාව නැති කරගැනීමයි…එය ඒ හිතට වද දෙන්න ගත්තේ වැලහින්නක සේ හඬන කෙල්ල ඔහුට පවසන දරුණු වදන් නිසාමයි… නැවතත් ඇය සාගරීව අත හැර ඔහු වෙත ගියේ ඔහු ඇය දෙස අසරණව බලා හිදිද්දී..

” තමුසේ ඇහුවා නේද ඇයි මම තමුසෙට මෙච්චර වෛර කරන්නේ කියලා…ආ….දැන් දන්නවද ඇයි කියලා…මේ එක හේතුවක් විතරයි ධීර්..උඹට මම වෛර කරනවා ධීර්…මැරෙනකම්ම වෛර කරනවා….මම අදෙරේ කරපු මගේ පණ මට දුන්න දරුවව මරාගත්ත තිරිසනා උඹ….අපේ අාදරේ මරාගත්ත තිරිසනා…උඹ⁣ට සාප කරනවා මම….තිරිසනා…මිනී මරුවා…” කොපයෙන් ඇය පවසන වදන් ඔහුට බර වැඩියි…පිරිමියෙකු වුවත් එය දරාගැනීමට නොහැකි තැන ඔහුගේ මුළු හදවතම වේදනාවෙන් කඩන් වැටුනේ ඇගේ වේදනාවේ…ඒ වෛරයේ තරමද ඔහුට තේරුම් කරමින්…ඇගේ වෛරය සාදාරන බව ඔහුට වැටහී ගියේ ඒ තමන්ගේත් දරුවා නිසයි…ඒ වේදනාව වදන් කිරීමටවත් නොහැකි තරම්…

⁣වේදනාවේ උපරිමයටම ගොස් පොළව මතටද වැටී හඬන ඇය දෙස සියලු දෙනා බලා සිටියේ ඒ හිත් වේදනාවෙන් පුපුරායද්දී…ධීර් යමක් පැවසීමට වුවමනා වූවත් ඔහුට බැහැ එය කිරීමට…පණටත් වඩා ආදරේ කරන ඇය තමාට වෛරකරන තරම ඔහුව පණ පිටින්ම මරාදමනවා…ඒ නිසයි කඳුළු වගුරවමින්ම ඔහු අැය දෙස බලා සිටියේ…

මේ අතර ගෙමිදුලේ වාහනයන්කද නතර කලේ කවුරුන් හෝ පැමිණි බව අඟවමින්…ඔවු..ඒ මිහින් සහ සකූ…කිඳුරංගනාව ධීර් රැගෙන ගිය බව රශික ඔහුට පෙරදා පැවසුවත් මිහින් එය ඉවසා සිටියේ ධීර් මිස අනෙකෙක් නොවන නිසා…නමුත් යමක් සිදුවිය හැකි බව කල්පනා වූ සැනින් ඔහු පැමිණියේ ඇයව ආපසු රැගෙන යාමටයි..නමුත් දැන් පරක්කු වැඩියි …ප්‍රධාන දෙරෙන් ඇතුල් වෙනකොටම දුටු දර්ශනෙන් ඔහුව ගැස්සී ගියේ මහා හයියෙන් හඬන ඇයව වගේම ධීර් ඇතුලු අනෙකුත් පිරිස අැය දෙස බලා සිටින ආකාරයෙන්ම යමක් සිදුවී ඇති බව විදහා පා.

” නංගී….දෙයියනේ ..මොකද මේ….” මිහින්ගේ කටහඩින් ගැස්සී ගිය ධීර් ඔහු දෙසද බැලුවේ අසරණවයි…කොපමණ උත්සහා කලත් ඇය හැඬුම් නතර නොකරනා තැන මිහින් ධීර් වෙත ගියේ කෝපයෙන්.

” මොකද්ද මිනිහෝ උඹ මේ කෙල්ලට කලේ…කතා කරපන්….” ධීර් හැඳ සිටි කමිසයෙන් ඇද මිහින් අසුවේ ඔහුව තවත් අසරණ කරමින්..

” මේකි කියන්නේ ඇත්තද බං…ම්…මම මගේ දරුවව මරාගත්තද??? “ඒ වදන් හමුවේ මිහින්ගේ ග්‍රහණයද ඔහුගෙන් ඉවත් වුනේ අතීතයේ සිදු වූ අඳුරු මතකයන් නැවතත් එලියට පැමිණ ඇති බව තේරුම යද්දී..

” කියපන් යකෝ….ඒක ඇත්තද…..?? ” එවර ධීර් කේන්තියේ ඇසුවේ මිහින් එය සැබෑවක් කියන්නට හිස වනද්දී…ඉවසාගත නොහැකි තැන ධීර්ට සිටගෙන සිටීමටවත් වාරු නැති වුනේ ඒ ගතම වේවුලීමට පවා පටන් ගනිද්දී…

සකූ කිඳුරංගනා වෙත ලං වූවේ හඬමින් සිටි ඇය සකූ අතේ සිටි ශෙනූව තම අතට ගෙන තදින් තුරුළු කර ගනිද්දී..

” තුදු අම්මි…මුකුදු ඔවා අඬල්ලේ….”

පුංචි ශෙනූ ඇගෙන් අසන්නේ ඇය හැඬුම් මැදම ඔහුව තදින් සිඹිමින් තව තවත් තුරුළු කරගනිද්දී..එය බලා සිටි ධීර් මිහින්ගෙන් ඇසුවේ ඔහුට තිබූ ලොකුම ප්‍රශ්නයයි..

” මල්ලී ..එතකොට ශෙනූ කියන්නේ.?”

” ඒ මගේ දරුවා…මගෙයි සකූගෙයි දරුවා..එත් නංගි එයාව හදාගන්නේ එයාගේ් දරුවා වගේ අයියේ…සකූගේ කිරි නෙවෙයි ශෙනූ බිව්වේ..නංගිගේ කිරි…ඒකි මෙච්චර කල් ජීවත් වුනේ ශෙනූ නිසා….උඹ මොකුත් දන්නෑ බං….ඒකි විඳවපු තරම් කවුරුත් දන්නෑ….කොහොමද බං උඹ ඒකිව අවිශ්වාස කලේ….” මිහින් බිඳුණු හඬින් එසේ අසද්දී ධීර්ට දැනුනේ හරියට තමා දැනටමත් ජීවත් නොවන අයෙකු සේයි…

” මොනවද ⁣මම මේ කලේ දෙයියනේ…”සිටගෙන සිටීමටත් වාරු නැතුව සිටිනා ඔහුව මිහින් අල්ල ගත්තේ ඔහුගේ තත්ත්වය මිහින් තේරුම් ගත් නිසා..

විනාඩි ගානනාවක් ගත වුනේ මුළු නිවසම මලගමක් කරමින්…තැන් තැන් වට වී හඬනා නන්දනී මෙන්ම සාගරීද…මහෙන් වගේම සනත්ද සිටියේ ඔවුන්ට සිදුවූ දේ සිතා ගත නොහැකිව….ධීර්ද මිහින්ට වාරුවී කඳුළු වගුරවමින් සිටියේ ඒ වේදනාව පිට කිරීමට කෑ ගසා හැඬීමට නොහැකි තැන.. ⁣තවත් මොහොතකින් කඳුළුත් පිසදාගෙන ධීර් කෙල්ලට ලං වුනේ ඇය තවමත් ශෙනූව වැළඳගෙන හඬන පසු බිමක…

” සුදු මැණික……” ධීර් කට හඬින් ගැස්සී ගිය ඇය ඔහු දෙස නොබලාම අැස් පිය තද කරගත්තේ දැන් ඇය ඔහුගේ කට හඬට පවා වෛර කරනා නිසා.

” ම⁣න් නිසා වුන දේවල් මට ආයේ හරිගස්සන්න පුළුවන්නම් මම කරනවා මැනික…මැරිලා හරි කරනවා…උඹ කියනවා වගේ මම තිරිසනෙක් වෙන්නැති…ඒකනේ අපිට මෙහෙම වුනේ..උඹට…මගේ දරුවට මෙහෙම වුනේ….මට බෑ උඹෙන් සමාව ඉල්ලන්න…උඹට පුළුවන් දවසක මට සමාව දීපන්.. එතකන් මට වෛර කරන්න..කමක් නෑ…උඹේ හිත හැදෙන ඔනි දෙයක් කරපන්..මම තරහා නෑ..” කොල්ලා කිව්වේ ඒ අතක් ඇගේ හිස වෙත ගෙන යමින්..නමුත් ඇය එතනින් ඉවත්ව නැගිට්ටේ ධීර්ගේ ඒ සුපුරුදු හුස්ම පවා ඇය ප්‍රතික්ෂේප කරද්දී..

” මම කවදාවත් තමුසෙට සමාව දෙන්නෑ ධීර්…තමුසෙට මගෙන් ලැබෙන්නේ වෛරයක් විතරයි…” කෝපයෙන්ම ඇය පැවසුවේ ඔහුගේ හදවත තව තවත් බිඳ දමමින්.

” හරි..කමක් නෑ…මට සමාව එපා…ඒත් උඹට බෑ මගෙන් තවත් ඈත් වෙන්න් මැණික…මගේ ළඟට එන්න දැන්වත්…” ධීර් ඒ ඇසූ දෙයින් ඇගේ කෝපය ඉහවහා ගියේ ඇය පුංචි ශෙනූව අසල සිට සකූ අතට දී කතා කිරීමට යොමු කරමින්.

“තමුසෙ ගාවට එන්න…? මම මැරිලා ඉපදිලා නෑ මිනිහෝ…මගේ දරුවව මරාගත්ත මිනී මරුවව දකින්නවත් මං ආස නෑ…ඒ තරම් මට තමුසෙව පිළිකුල්..වෛර කරනවා තමුසෙට…මිනීමරුවා …..” කෙල්ල කෝපයෙන් පවසන මේ වදන් තැන්පත් වුනේ ඔහුගේ සිතේ ගැඹුරුම තැනයි…

” එක පාරක් මම කියන දේ අහන්න මැණික….මම දැනන් හිටියේ නෑනේ එයා අපි ගාවට ඇවිත් කියලා…උඹ හිතනවද දැන දැන මම එහෙම කරයි කියලා…” ඔහුත් සාදාරනයි…එ ඔහු එවැන්නක් සිදු කලේ ඒ බවක් නොදැන නිසා.. නමුත් වේදනාවේ උපරිමය විඳ දරා ඇති ඇය ඊටත් වඩා සාදාරණයි.

” තමුසේ මට එදා කතා කරන්න අවස්ථාවක් දුන්නද ධීර්…මම එදා තමුසෙව හොයන් ආවේ ඒක කියන්න තමා…ඒත් තමුසේ කිවුවේ මොනවද..තමුසෙට මම එදා දරුවා ගැන කිව්වනම් තමුසෙ පිළිගන්නවද.?? ආ…පිළිගන්නවද මිනිහෝ…..තමුසේ කියයි දරුවා මිහින්ගේ කියලා…මගේ ජීවිතේම තමුසෙට දීලත් තමුසේ මාව සැක කලේ අන්තිමට වේ#ාවියක් ගානටම දාලනේ..” කෙල්ල ඒ ශර්ටයේ එල්ලි කෑ ගැසුවේ එ් දෑස්වල..කඳුළු නැවතත් අළුත් වෙද්දී..ධීර් එහිදී අසරණයි…ඒ නිසයි ඔහු ගොළු වුනේ…ඔහුගේ කෝපසහගත අවිශ්වාසය ඔහුව ගෙන ආ දුර…එ නිසයි දැන් ඔහු තමන්ටම වෛර කිරීමට පටන් ගත්තේ…ඇය සාදාරණයයි…ඔහු එය දන්නවා…එදා ඔහු පැවසූ ඒ දරුණු වදන මතකයට දුව එද්දී දිවි නසාගැනීමට තරම් සිතුනේ තමා කර ඇත්තේ විශාල වරදක් බව වැටහෙද්දී.

කොපයෙන් වුවත් ඇයට නොදැනීම ඇය එ් පපවුට බරවුනේ හැඬුම් පාලනය කර ගත නොහැකිව..

” මට සමාව නොදුන්නට කමක් නෑ මැණික…මම ගාවට එන්න…අපිට නැතිවුන දරුවව අපි අහපවු අපි ගාවට ගමු රත්තරන්…උඹ ඔහොම දුක් විඳින්න ඔන්නෑ තවත්…” ඒ වදන් හමුවේ අකුණක් ගැසුවා මෙන් ඇය ඔහුගෙන් ඈත් වුනේ මිහින් වගේම සකූද බියවී ඒ දෙස බලද්දී..

” ත්..තමුසේ මොකද්ද කිව්වේ…ධීර්….?? ” කෙල්ල අහද්දී ධීර් නැවතත් එය පැවසුවේ කෙල්ල අත් දෙකෙන්ම තම හිස බදා ගනිද්දී.

” අපි ආයෙත් දරුවෙක් ගේමු මැණික…අපි මැරි කරමු…ඉක්මනටම…”

” අයියේ..දැන් මේ ඇති…මම මේකිව අරන් යනවා…” මිහින් මැදිහත්ව පැවසුවේ කිඳුරංගනා තම දෝතින් හිස බදාගෙන අඬනා සැටි බලා මිටිමට නොහැකි තැන…

” අත තියන්නෑ උඹ ඒකිට..ඒකි මේ ගෙදරින් එක අඩියක් එලියට තියන්නෑ…හෙටම මම මේකිව මැරි කරනවා…⁣මම කරපු වැරැද්ද හදන්න පුළුවන් මටම විතරයි…උඹ ආපු අතක් බලාගෙන පලයන් මිහින්… ” ධීර් මිහින් වෙත කෝප ගෙන කෑ ගැසුවේ හිහින් වගේම සකූත් බිය වී ධීර් වගේම කෙල්ල දෙසත් මාරුවෙන් මාරුවට දෑස් යොමද්දී.

” සුදු මැණික..අපි යමු කාමරේට…පණ කදක් නෑ මේ ඇඟේ….” මිහින්ව පසු කරන් ධීර් ඇය ලඟට ගියේ රත් පැහැ ගැන්වූ දෑස් වලින් ඔහු දෙස බැලූ ඇය වෙර යොදා ඔහුව තල්ලු නර දමද්දී…නොසිතූ ලෙස සිදු වූ දේ්නිසා ධීර්ව ගැස්සී ගියේ ඔහු පුදුමයෙන් ඇයගේ ස්වරූපය දෙස බලද්දී.

“කිඳුරී…ඇ…ඇයි ම්මේ…”

” අල්ලන්න එපා උඹ මාව…මට උඹේ දරුවෝ එපා..එපා….මට එපා….මට වෛර කරනවා උඹට…” ආවේගයෙන් ඇය කෑගස්ද්දී ධීර්ට තරමක් කේන්ති ගියේ ඇය අවසිහියෙන් මෙන් මේ හැසිරෙන විදිහ නිසා…

” කිඳුරී…මම නොදැන හරි වැරැද්දක්කරපු නිසයි මෙච්චර ඉවසන්නේ…මගේ.සීමාව පන්නන්න එපා උඹ..කියන දේ අහපන්..උඹ මගේ..උඹට මගෙන් දරුවෙක් එපානම් මොකාගෙන්ද ඕනි කියපන්…” කේන්තියෙන් ධීර් කෑ ගැසුවේ මිහින් එයට මැදිහත් වීමට හදද්දී..

” අයියේ….” නමුත් ධීර් ඔහුට බාදා කලේ…” තෝ පැත්තකට වලා හිටපන්..තෝත් මෙවට වග කියන්න ඕනි…” කියමින්.

” කටහනවා…කට වහනවා…උඹ මට දරුවෙක් දෙන්නේ කොහොමද..උඹෙන් නෙවෙයි…කාගෙන්වත් මට දරුවෙක් එපා…උඹයි වග කියන්න ඕනි හැමදේටම ධීර්…තමුසේ මගේ මුළු ජීවිතේම විනාස කලා…මිනීමරු තිරිසනා…..මගේ..දෑහැට නොපෙනි පලයන්….” හිසත් බදාගෙන අසිහියෙන් වගේ කෑ ගසන ඇය දෙස ධිර් බලා සිටියේ පුදුමයෙන්..

” සකූ….අපි යමු..මම නංගිව ගන්නම්…” තවත් බලා සිටිය නොහැකි තැන මිහින් කෙල්ල ළඟට ගියත් ඊට පෙර දෝතින්ම හිස බදාසිටි ඇය කපාහෙලූ කෙසෙක් කඳක් මෙන් බිමට ඇද වැටුනේ සියළු දෙනාගේ කෑ ගැසීම් මැද…මිහින් ඉක්මන් වූ නිසා හිස වැදීමට නොදී ඔහු ඇයව අල්ල ගත්තේ සකූගේද කෑ ගැසිල්ල මැද.. බිය වූ ධීර් එතනට ලංව ඇයව තමා වෙත ගන්නට හැදුවත් කෝපයේ උපරිමයට ගොස් සිටි මිහින් ඔහුව තල්ලු කර දැම්මේ

” පලයං අයියේ..උඹ මේකිගෙන් ඈත් වෙලා හිටපන් මේකිව මරාගන්නැතුව….” ලෙස කෑ මොර දෙමින්.

” නංගී…නංගි…කතා කරපන්… ” පියවි සිහියේ තොර වූ ඇගේ කම්මුල් වලට තට්ටු කරමින් මිහින් ඈට කතා කරත් ඇය නිසොල්මන්..සාගරී ඇතුලු මාපිය පිරිස කෑ ගසාගෙන එතනට පැමිණියේද හොඳටම බියගෙන.

” අනේ පුතේ..මගේ කෙල්ල…” සාගරී ඇගේ හිස අතගාමින් කෑ ගැසුවේ බියවූ සනත්ද එතන ලංවෙද්දී. නන්දනී නම් හැඬීමේ උපරිමයට ගොස් සිටියේ තම දරුවාගේ ජීවිතයට මේ සිදුවී ඇති විපත මවක ලෙස දරාගත නොහැකිවයි.

” සකූ…ටැබ්ලට්ස් තියෙනවද..ගන්නවා ඉක්මනට…” මිහින් කියද්දී සකූ තම අත් බෑගය ඇද බැලුවේ බියවී බලා සිටින ශෙනූවද බිමට බස්සවා.

” අනේහ්..නැහැනේ….” ඇය හැඬුම් මැද කිව්වේ මිහින්ව තවත් කලබල කරමින්..

” ශිට්…ඉක්මනට හොස්පිටල් යමු…” එසැනින් මිහින් ඇයව දෝතට ගත්තේ ධීර් ⁣සිදුවෙන දේ ඇස් අයාගෙන බලා සිටියදී.

” අයියේ…වරෙන් යකෝ….” ඉදිරියට දුවමින් මිහින් කෑ ගැසුවේ එය ඇසුණු පසු ධීර්ද ඒ පසු දුවද්දී… මිහින් කෙල්ලව පසු පස ආසනයෙන් තැබුවේ ධීර්ද එයට ගොඩවී කෙල්ලව තම පපවුට දත කරතබා ගනිද්දී. සකූ ශෙනූවත් අරන් ඉදිරි අසුනට නැග්ගේ බියවී සි⁣ටිව සාගරී ඇතුළු පිරිසට

“ආන්ටිලා ඉන්න…යන්න බෑනේ..බයනොවී ඉන්න හරිද” කියමින්

මිහින් ඉක්මනටම වාහනය පාරට දාගත්තේ හැකි ඉක්මනින් ඇයව රෝහලට ගෙන යා යුතු නිසයි.

” සකූ…ඩොක්ටර් ට කතා කරන්න..ඉක්මනට..” මිහින් කියද්දී ඇය ඉක්මනින්ම පෝන් එක අතට ගත්තේ වෛද්‍යවරයාට කතා කිරීමටයි. මේ අතර ධීර් කෙල්ලව හැක තරම් තම පපුවට තද කරගෙන සිටියේ ඒ තරම්ම ඔහු දැන් බියවී සිටින නිසා. ඔවුන් පැමිණියේ ප්‍රමුඛ පෙලේ පෞද්ගලික රෝහලකටයි..ධීර් ඇයව දෝතට ගෙන තැබුවේ සේවකයින් ගෙන ආ ට්‍රෙලිය මතයි..

ඉම(ර්)ජන්සි ට්‍රීට්මන්ට් යුනිට් එකට ඇයව ඇතුල් කලේ මිහින් එහි පැමිණි සිටි අවුරුදු තිස් පහක පමණ වෛද්‍ය වරයාට සිදු වූ දේ විස්තර කර පවසද්දී…ධීර්නම් සිදුවන දේවල් දෙස බලා සිටියේ කිසිවක් සිතාගත නොහැකිව.

“අයි ටෝල්ඩ් යූ මිහින්…දිගටම මෙහෙම වුනොත් එයාගේ ජීවිතේට වුනත් හානියක් වෙන්න පුළුවන්…වයි ආර් යූ දිස් මච් කෙයා(ර්)ලස්….” වෛද්‍යවරයාගේ වදන් හමුවේ ධීර්ව ගල් ගැසී ගියේ පසු ගිය සිවු වසර තුල ඇය සිදු වූ දේවල් ඔහු නොදන්නා බව නැවත නැවතත් ඔහුට මිහි කැඳවමින්. වෛද්‍යවරයා ඇතුලට ගියේ ධීර්ට ප්‍රශ්න ගොඩක් ඉතිරි කර.

සුසුම් හෙලමින් මිහින් අසල තිබූ පුටුවකට බර වුනේ නළලද දෑගිලි වලින් තද කරමින්.

” මල්ලී….මොකද මේ..මොනවද අර ඩොක්ට කියවන්නේ..?? ” මිහින් කිසිවක් නොකියන තැන ධීර් ඇසුවේ ඔහුගේ අසරණ කම තේරුම් ගත මිහින්ද තවත් ඊටත් වඩා අසරණ ලෙස ඔහු දෙස බලද්දී.

” මෙතනින් වාඩි වෙයන්⁣..” ඔහු පවසද්දී ධීර් එසේ කලේ සියල්ල දැන ගැනීමේ අදහසින්.

” උඹ මොනවද බං අර අහිංසකීට මේ කලේ…මොන වරදක් කලාටද ඒකි මෙච්චර විඳවන්නේ..? ” මිහින් අහද්දි ධීර් හිස් බැල්මෙන් ඔහු දෙස බලා සිටියේ තවමත් කිසිවක් නොතේරුන නිසයි.

” උඹ දන්නවද බං ඒ අහිංසකී විඳවපු තරමක්..උඹ ඒකිව අත ඇරියට පස්සේ ඒකි ගොඩක් විදෙව්වා..දුක් වුනා…ඒත් ඒකි ජීවත් වුනා අර ලැබෙන්න හිටපු දරුවා නිසා..මොන කරුමයක් නිසාද මන්දන්නෑ ඒ දරුවත් මාස හතක් ගියාට පස්සේ නැති වුනා..” මිහින් සුසුම් හෙලමින් පවසද්දි ධීර් තම හඬ අවදි කලේ

“මම නිසාද ඒ..මමද මගේ දරුවව ඇත්තටම මරාගත්තේ…? ” ගලාගෙන ආ කඳුළු වලට වැටෙන්නට ඉඩ දී ඔහු අසද්දී මිහින් හිස වැනුවේ

” හ්ම්…මතකද එදා උඹ ඒකිව තල්ලු කලා..එකිගේ බඩ සැටියේ වැදිලා තිබ්බා….ඒත් පෙර පිනකට දරුවට මොකුත් වෙලා තිබුනේ නෑ…මාස හතක් ගිහින් දවසක් ඒකිට එක පාරටම අමාරු වුනා…මාස හතක් කම්ප්ලීට් නිසා දරුවව සිසර් කරලා ගත්තා ඩොක්ටර්ස්ලා..ඒත් වැඩැක් වුනේ නෑ බං…දරුවා ඒ වෙද්දීත් නැති වෙලා හිටියේ….ඩොක්ටර්ස්ලා විස්තර අහද්දි තමා දන්නේ එදා ඒකිගේ බඩ වැදුන පාර එම්බ්‍රයෝ එකට ඩැමේජ් වෙලා තිබිලා දරුවා නැති නොවුනට…මාස හතක් ගිහින් අන්තිම වෙද්දි දරුවා වැඩිලා තියෙන්නේ ගර්භාශයෙන් පිට..නංගි ජීවත් වුනා ඇති බං…ඒකි නොමැරි මැරුනා…පුදුම දුකක් වින්දේ ඒකි…පැයගානක ස(ර්)ජරි එකකට යන්න වුනා..එහේ මෙඩිකල් ෆීල්ඩ් එක හොඳනිසා ඩොක්ටර්ස්ලාට පුළුවන් වුනා නංගිව ⁣බේරගන්න..” මිහින් මේ කියන දේවල් ධීර් අහන් හිටියේ හීනෙන් වගේ..එපමණ දුකක් ඇයට විඳගන්නට සිදුවුනේ තමන් නිසා කියලා දැනෙද්දි ඔහුට හුන් තැනම මැරිලා ගියානම් කියලා හිතුනේ තමන් ගැනම ඇති වූ කෝපයත් සමග.

” උඹ දන්නවද..සිහිය ආවට පස්සේ ඒකි පිස්සු නැටුවා දරුවව බලන්න ඕනි කියලා…අකමැත්තෙන් වුනත් පණනැති දරු පැටියව ඒකිට පෙන්නන්න වුනා බං…චූටි කෙලි පැටියෙක් ඒ..දරුවව බදාගෙන ඒකි අඬපු තරමක් පිරිමියෙක් වෙච්ච මටවත් බලන් ඉන්න බැරි වුනා යකෝ…⁣බොහොම අමාරුවෙන් දරුවව අයින් කරේ ඒකිගෙන්…දවස් ගානක් නොකා නොබී අඬපු එක විතරයි ඒකි කලේ…ඒකි ජීවත් වුනේ සේලයින් වලින් බං…සමහර වෙලාවට ඒවත් ගලවලා විසිකරනවා…”

මිහින් කියන මේ දේවල් අසා සිටීමට නොහැකි තැන ධීර් කෑ ගැහුවේ කඳුළු වගුරවමින්

” ඇති යකෝ ඇති…මරපන් මාව….මරපන් යකෝ..මොන පවු කාරයෙක්ද මං……” දෝතින්ම හිස බදාගෙන හඬමින් කෑ ගසන ඔහු දෙස මිහින් බලා සිටියේ අපහසුවෙන්..

” මගේ පොඩි එකී…එකි…කොහොමද මෙච්චර දුකක් වින්දේ බං….” හඬමින්ම ධීර් පවසද්දී මිහින් කලේ ඔහුගේ පිටට තට්ටු කරමින් ඔහුව සන්සුන් කිරීමට උත්සහ කල එක පමණයි.

ඒත් එක්කම වගේ තමා වෛද්‍යවරයා එහි පැමිණියේ. මිහින් ඉක්මනටම නැගිට ගියේ

” ඩොක්ටර්…කොහොමද එයාට?? ” අසමින්.

” මෙහෙමයි…මම ඔයාට වෝර්න් කලානේ..එයාව ආයෙත් ඩීප්‍රෙස් කරන්න එපා කියලා…ඇයි ඔයාලා මෙච්චර කෙයාලස් ?? එයාගේ ජීවිතේට වුනත් හානියක් වෙන්න පුළුවන්…” වෛද්‍යවරයා පවසද්දී ධිර් හොඳටම කලබල වුනේ ඔහු හරි හැටි කිසිවක් නොදන්නා නිසා.

” එක්ස්කියුස්මී ඩොක්ටර්…මොනවද මේ කියන්නේ…මගේ කෙල්ලට මොකද?? ” ධීර් අසද්දී වෛද්‍යවරයා ඔහුදෙස බැලුවේ අස් හීන් කර.

” යූ ආ(ර්) මිස්ටර්??🤨 “

” ආහ්..ඩොක්ට(ර්)…මේ ධීරක වංශනායක…හ(ර්) හස්බන්ඩ්..යූ (ක්)නෝව් අබවුට් දැට් මැට(ර්) නෝ? 🤨 ” මිහින් මැදිහත්ව ඔහුව හඳුන්වා දුන්නේ වෛද්‍යවරයා යන්තමින් ඔහු සමග සිනහා සෙද්දී.

” වෙල්…මිස්ටර් ධීරක..මමයි ඔයාගේ වයිෆ්ට ලංකාවෙදී ට්‍රීට් කරන්නේ…ඇත්තටම එයා ප්‍රොෆෙස(ර්) ස්ටීවන්සන්ගේ පේශන්ට් කෙනෙක්…අයි තින්ක්…ඔයා දන්නේ නැතුව ඇති…ශී ඊස් සෆරිනග් ෆ්‍රොම් හයි ඩීප්‍රෙශන්…මෝ(ර්) ලයික් අ මෙන්ටල් ඩිසෝඩ(ර්) ” වෛද්‍යවරයා පවසද්දී ධීර්ට දැනුනේ දරාගත නොහැකි වේදනාවක්..ඔහු කිසිවිටකත් මෙවැනි දෙයක් බලාපොරොත්තු වුනේ නැහැ..එය ඔහුට දරාගත නොහැකි තරම් වුනේ තමා ඇයට මෙසේ වීමට මූලික හේතුව වූ නිසයි…

” එතකොට…එතකොට එයාට දැන්…මොකද වෙන්නේ ඩොක්ටර්….” කිවයුත්තේ කුමක්ද වත් කියා සිතා ගත නොහැකි වෙද්දි ධීර් කතා කලේ වෙව්ලන කට හඬින්..ඔහු අසරණයි…කවදටත් වඩා..

” ශී විල් බී ඕකේ…එයාට සිහිය එන්න තව පැය ගානක් යයි…කොහොමත් දවස් දෙකතුනක් හොස්පිටලයිස් වෙලා ඉන්න එක හොදයි..මොකද බ්ලඩ් ප්‍රෙශර් එකත් ටූ හයි…”

” තව දෙයක් මිස්ටර් ධීරක…එයාව ප්‍රෙශර් කරන්න එපා…මම හිතන්නේ ⁣ඔය දෙන්නා සෙපරේට් වෙලා හිටපු නිසා ⁣එයාගේ සිටුවේශන් එක ඔයා දන්නැතුව ඇති…පුළුවන් තරම් එයාගේ හිත හදන්න බලන්න…” වෛද්‍යවරයා පවසද්දී ධිර් ඒවා අසාගෙන සිටියේ අසිහියෙන් වගේ.

” ඩොක්ටර්…ම්…මේ දේවල් වුනේ එයාගේ දරුවා නැතිවුන ශොක් එකටනම්…එයාට අහපවු දරුවෙක් ලැබුනොත්…එයා පරණ තත්ත්වෙට එයිද ඩොක්ටර් ?? ” ධීර් ඇසුවේ වෛද්‍යවරයා මෙන්ම අසල සිටි මිහින්ගේද මුහුණ වෙනස් කරමින්. මිහින් කිසිවක් නොකිය අසරණව බලා සිටි නිසයි වෛද්‍යවරයා කතා කිරීමට ගත්තේ.

” වෙල්…මිස්ටර් ධීරක…ඔයා මේක දැනගන්න ඕනි…ශී කැන්නොට් ගෙට් ප්‍රෙග්නන්ට් අගෙයින්…එයාට අම්මා කෙනෙක් වෙන්න බැහැ….” එය ඇසූ පමණින් ධීර් හුන් තැනම ගල් ගැසී ගියේ හිස මතට කවුරුන් හෝ ප්‍රහාරයක් එල්ල කල තරමේ වේදනාවකින් මුළු ගතම වෙලී යද්දී…

” ඩො…ක්⁣ටර්….” ඔහු මිමිණුවේ මිහින් ඔහුව තම ගතට වාරු කරගනිද්දී..

” අයි ඈම් සොරි..” එපමණක් පමණක් පැවසූ වෛද්‍යවරයා එතනින් ඉවත් වුනේ ධීර් දෙස කණගාටු දායක බැල්මක් හෙලා.

” අයියේ…කලබල වෙන්න එපා බං…..දැන් මොනවා කරන්නද..” කියමින් මිහින් ඔහුව තම ගතට වාරු කරගෙන අසල තිබූ පුටුවකට බර කලේ ධීර් දෑතින්ම හිස බදාගෙන දැඩි කම්පනයකින් සිටියදී. මෙපමණ වෙලාවක් මේ දෙස බලා සිටි සකූ ද එහි පැමිණියේ කඳුළු සලමින්..

” මිහී…කියන්න මෙයාට…එයා දැනගන්න ඕනි අර අහිංසකී කොච්චර විඳෙව්වද කියලා..තාමත් ඒකි විඳවන එකේ සීමාවක් නෑ…සතුටු ඇතිනේ දැන්..මහ ලොකු කේන්තිය කරපු හරියට…” සකූ ආවේගයෙන් කිව්වේ ධීර් හරි අසරණ බැල්මකින් ඇය දෙස හිස ඔසවා බලන අතර තුර.

” ඒකි මට මෙච්චර වෛර කරන්නේ ඒකද සකූ…මේනිසාද ඒකි කියන්නේ මම එයාගේ ජීවිතේ විනාස කලා කියලා…” ධීර් වෙව්ලන කට හඩින් ඇසුවේ අසිහිහියෙන් වගේ…ජීවිතේ කවදාකවත් ඔහු මෙතරම් අසරණ වී නැහැ….පණ මෙන් රැකි ගැහැණිය ඔහු නිසාම දුක් විඳ ඇති තරම…එය ඔහුට ගෙන ආවේ ඔහුව පණ පිටින් පුළුස්සාදමනවා වැනි හැඟීමක්..පිරිමියෙකු වුවත් ගලවා කඳුළු නවතා ගැනීමට ඔහුට නොහැකු වූවේ එය ඉකියක් බවට හරවමින්…..

ඉදිරියට🌷🌷🌷

කතාවට Like 300 ටවගේ ප්‍රමාණයක් එනවා..ඒත් කියවන හැමෝම Like කරන්නෑනේ…මේ කොටසට Like 500 ක් වත් එනකම් මම ඊළඟ කොටස දාන්නේ නෑ බබාලා..Comments 150 ක් වත් ඕනි…මම දුශ්ටයිලු ඈ…😒😌 හැමෝම like එකක් දාන්න 😌😁

••••🌷🌷🌷🌷••••

මම මොකුත් කියන්නෑ…මට දුකයි…ඔයාලම කියන්න තියෙන දෙයක් කියන් යන්න..😕 ධීර්…ඔයාලා ආදරෙයි නේද එයාට…😕 කිඳුරී නපුරුයි නේහ්…🤨 තවත් කොටසකින් හමුවෙමු…මටත් හිතාගන්න බෑ මොකක්

Advertisment