කිඳුරංගනා Facebook novel 🌷🌷
❌❌කතෘ අවසරයෙන් තොරව උපුටා ගැනීම සපුරා තහනම්❌❌
46_කොටස
පෙර කොටස –
සිදු වූ දේවල් නිසා ධීර් තවත් බීමට ඇබ්බැහි වුනේ ඒ හිතේ ඇති දුක පිට කර ගැනීමට වෙනයම් ක්‍රමයක් නොතිබූ නිසා. හවස් වරුවක හශේන් කොල්ලව හොයාගෙන ආවේ ධීර් තම කාමරයට වී බෝතලයක් හිස් කරමින් සිටියදී.
” ධීර්…..” කතා කරගෙනම හශේන් කොල්ලගේ රූම් එකට ආවේ ධීර් අතේ තිබූ බෝතලය බී අවසන් කරද්දී.
” නෙදකින් අපතයා…යකෝ..තෝ බොනවද නානවද කියපන්…ශික්….මැරියන්කෝ තෝත් බීලාම…😠” තරහෙන්ම හශේන් ධීර් ගාවට ආවේ ධීර් තවත් බියර් කෑන් එකක් කඩලා අතට ගනිද්දී.
” ශික්…ඕන්න ඕක විසි කරපන්…” තරහෙන්ම හශේන් ඔහු අත තිබූ බියර් කෑන් එක අරන් සයිඩ් ටේබල් එක උඩින් තිබ්බේ ධීර්ගේ රැවිලි මැද.
” මොකට ආවේ…? 🤨” ධීර් ඒ ඇසූ දෙයටනම් හශේන් ලස්සනට සිනහා සුනේ ඔහු අසල ඇඳෙන් වාඩි වෙන ගමන්මයි.
” ඔන්න…උඹට ඕනි දේ මම හොයාගත්තා…..😁” ධීර් ඇහි බැම හකුලුවන් හශේන් දෙස බැලුවේ හශේන් ඔහු අත ෆියිල් කවරයක්ද තබද්දී.
•
•
ධීර් සිටියේ කිඳුරංගනාව දැකීමට නොයිවසිල්ලෙන් මෙන්ම මහත් වූ ආවේගයකින්..ඒ නිසාමයි ඔහු හශේන් සමග මිහින්ගේ නිවසට පිටත් වුනේ….
” ඒකි කතා කරයිද බං..මම කෙසේ වෙතත් උඹව වහ කදුරුනේ ඒකිට…..? ” හශේන් ඇහුවේ මුහුණත් හකුලන්.
” ඒකිට බැරි නම් මම බලෙන් කතා කරවනවා…ඔකි දන්නෑ මගේ හැටි තාම….හිතන් ඉන්නේ මං හරකෙක් කියලනේ උන් ඔක්කොම හහ්..මගෙන් හැම දෙයක්ම හංගලා…අරුත් එක්ක නටනවා දැන්…” තරහෙන්ම එසේ පැවසූ ධීර් වාහනයේ වේගයද වැඩි කලේ හශේන්ගේ රැවිලි මැද.
” ඒකි නම් තනිකරම කාලි අම්මා වර්ශන් එකක් බං…මාව කන්න හැදුවා මේ ටිකේම ගාමන්ට් එකට ඇවිත්…යකෝ මට වළක් හාරන් වැළලෙන්න හිතුනා…කුණු බැනුම් බැන්නේ අර ලේබර්ස්ලා ඉස්සරහා 😕” හශේන කෙල්ල ට දෙස් දෙවොල් තියන්න ගත්තේ ධීර්වද කෝප ගන්වමින්.
” ඕකිට මම තවත් නටන්න ඉඩතියන්නෑ…හොඳින් කිව්වනේ මම…දැන් තමා ඕකි දැනගන්නේ මගේ හැටි….මම ගාවට ගන්නවා ඉක්මනටම…ඊට පස්සේ ඒකිට නටන්න වෙන්නේ මේ මට ඕනි විදිහට”
මිහින්ගේ නිවසට මදක් එහායින් වාහනය නතර කල ධීර් දුටුවේ කෙල්ල නිවසින් පිටතට පැමිණෙනවා. ඒ රශිකත් සමගමයි.
” ඒ…නංගි නේද?? අර එදා හිටපු හාල් පාරුවත් ඉන්නවා….😕”හශේන් කිව්වේ ඒ වන විටත් ධීර්ගේ දෑස් කෝපයෙන් ඇවිලෙන්න පටන් ගත් පසු බිමකයි. ඔහුත් සමග සතුටු සමීචියේ යෙදෙමින් පැමිණි ඇය වාහනයට නැග ගත් පසු රශික වාහනය ඉදිරියට ගත්තේ ධීර්ද තම වාහනය පණ ගන්නා ඉද්දිරියට අද්දවද්දී.
” මේකිට මේ බ$ලා එක්ක තියෙන සම්බන්දේ මොකද්ද යකෝ..මෙච්චර මුගේ කරේ එල්ලෙන්නෙ…😠” කෝපයෙන් කෑ ගසමින් ධීර් ඔහුගේ වාහනය පසු පස හඹායන්නට ගත්තේ හශේන් ඒවාට පිළිතුරු බඳින් අතරතුර.
“ඒ..මේ..මිහින්ගේ ක්ලෝස් ෆ්‍රෙන්ඩ් කෙනෙක්ලු බං….”
කොහොමින් හරි ධීර් වාහනය ෆලොව් කලත් සවස හයට පමණ වූ කොළඹ නගරයේ විශාල ට්‍රැෆික් එක නිසා ඔවුන්ව මග ඇරුනේ ඔහුගේ කේන්තිය තව තවත් වැඩි කරමින්..
” ශිට්….අර්…..මට දැන් මරණ්න පුළුවන් අරකිව…..” කෑගසමින්ම ධීර් සිටියේ ට්රැෆික්ම එක මැද නතර වෙලා.
මේ අතර කෙල්ල රශිකත් එක්ක ආවේ සුපිරි ගනයේ හෝටලයක පැවති පබ් පාර්ටි එකකටයි. මුලදී ඇය අකමැති වුනත් රශිකගේ බල කිරිල්ලට ඇය එහි පැමිණියේ පසුගිය දිනවල වූ දේවල් අමතක කිරීමටද එය උදවු වේයැයි සිතා.
” හේයි….වට් අ සප්‍රයිස් ඩියා ….” එහි වූයේම සල්ලිකාර පවුල් වල දූ දරුවන් නිසාම එහි සිටි කිහිප දෙනෙක් ඇය හඳුනාගත්තේ ඇමෙරිකාවෙදී ඔවුන්ව ඇයට මුන ගැසී ඇති නිසා..
” වෝ..වෝ….ඩියා…කම්..ලෙට්ස් ගෙට් සම් ඩ්‍රින්ක්ස්…” ඇමීද එහි වූයේ ඇයනම් මෙවැනි අවස්තා කිසි සේත්ම අත් නොහරින නිසා. කන් දෙදරා යන සංගීතයට විශාල පිරිසක් එක්ව කෑ ගසමින් නැටුවේ රශික කෙල්ලවත් ඇදන් ගිහින් අැමී ඇතුලු තවත් දන්න කියනා කිහිප දෙනෙක් සිටි තැනකින් අසුන් ගද්දී.
” හේයි..රශියා..ලෝන්ග් ටයිම් නෝ සී…” රශික හඳුනනා තවත් ව්‍යාපාරික පුතුන් කිහිප දෙනෙකු එහි පැමිණ කතා කලේ ඔවුන්ගේ දෑස් ඔහු අසල සිටින සුරූපී තරුණි වන කිඳුරංගනා ළඟ නතර කරමින්. ඇයනම් අැමී සමඟ බර කතානක සිටියේ ඇය විසින් කිඳුරංගනාට ඩ්‍රින්ක්ස් ගැනීමටද බල කරමින් සිටියදී.
” බයිද වේ ඩියා…අබවුට් රශී…ඩූ යූ ගායිස් ඉන් අ රිලේශන් ශිප්….? ” ඇමී ඇසුවේ ඇගේ සිතේ සැබවින්ම ඔහු ගැන තිබූ අදහස නිසා.
” ඔහ්..නෝ නෝ…වී ආ(ර්) ජස්ට් ෆ්‍රෙන්ඩ්ස්..” කෙල්ල සිනහා වෙවීම කිව්වේ බර කයියක ඉන්න රශික දෙස බලාමයි.
” ඕහ්….ඒකත් එහෙමද…සෝ…ඩෝන්ට් යූ තින්ක් අබවුට් අ රිලේශන්ශිප්…? ඔයා ගොඩක් ලස්සනයි…හොඳ පොසිශන් එකක ඉන්නවා..ඒත් කොල්ලෙක් නැති ජීවිතේ වැඩක් නෑනේ ඩියා…දැන් මැරි කරන්නත් කාලේ හරි නේද..?” ඇය ඇසුවේ කෙල්ලගේ මුළු මුහුණම අඳුරු කර දමමින්…ධීර් සහ ඇය ආදරයෙන් සිටි කාලය..ඔහු සමග විවාහයට සූදානම් වූ ආකාරය මතක් වූ නිසයි…එ් අඳුරු අතීතය ඇයට කෙතරම් රිදවූවත් ඇයට එය අමතක කල නොහැකියි ….ඇයට ඔහුගෙන් තොර ලොවක් තිබුනේ නෑ..නමුත් එය අවසන් වූවේද ධීර්ගේ ඒ සැකය නිසා බව මතක් වෙද්දී …ඒ දුක කේන්තියක් බවට හැරීමට එතරම් කල් නොයන්නේ ඒ නිසා…
“නාහ්…අයි ඩෝන්ඩ් නීඩ් අ මෑන් ඉන් මයි ලයිෆ්…” කෙල්ල යන්තමින් කියා දැම්මේ හිතට දැනෙන ආවේගය පාලනය කරගනිමින්.
” ඕහ්..මට නම් ඕනි රිච්, හොඳ හැන්ඩි කොල්ලෙක්ව මැරි කරන්න, හරියට රශීලා..මිහින්ලා වගේ…ආහ් ඇයි අනේ අර කට්ටිය පිස්සු වැටිලා ඉන්න ධීරක, ලයිෆ් විල් බී වෙරි මච් බෙට(ර්) ” ඇමී කිව්වේ කෙල්ලගේ මුහුණට සමච්චල්සහගත සිනහවක් එක් කර.
” වෙල්…ඔය කියන තරම් ග්‍රේට් වෙයි කියලා මමනම් හිතන්නෑ ඇමී…මනී ඊස් නොට් ද ලයිෆ්…ඇපියරන්ස් විල් බී චේන්ජ්ඩ් විත් ද ටයිම්…එතකොට ඉතුරු වෙන දෙයක්නෑනේ…අපි මැරි කරන්න ඕනි…ආදරය පිරුණ, විශ්වාස කරන..ඒ විශ්වාසය රකින කෙනෙක්ව..දෙන්…ලයිෆ් විල් බී ග්‍රේට්…” කෙල්ල කිව්වේ ඒ හිතේ කැකෑරෙන වේදනාව සඟවා වුවත් ඇමීට එය යන්තමින් වැටහී ගියේ ඇගේ වේදනාව මෙන්ම කෝපය පිරුණ දෑස් දැකීමෙන්.
” හ්ම්..අයි තින්ක්…යූ ආ පාසින්ග් සච් අ හා(ර්)ඩ් ටයිම්…අයි ඈම් රියලි සොරි ඩියා…ඩෝන්ට් බී සෑඩ්…එවුරිතින්ග් විල් බී ඕකේ…”ඇමී කිව්වේ කණුගාටුදායක ලෙස..කෙල්ල මද සිනහවක් පා අතට ගත්තේ එහි තිබූ මත්පැන් වීදුරුවක්.
” ඉට්ස් ඕකේ..ලෙට්ස් එන්ජෝයි…ප්‍රශ්න අමතක කරන්නනේ ආවේ…” කෙල්ල කියද්දී ඇමිත් ග්ලාස් එකක් අරන් එක උගුරට බිව්වේ කිඳුරංගනා ද සිල්ල අමතක කිරීමට සිතාවීදුරු කිහිපයක්ම අවසන් කිරීමට පෙරමුණ ගනිද්දී.
මොහොතකින් ඇමී කෙල්ලවත් ඇදන් ඩාන්ස් ෆ්ලෝ එකට ගියේ එය රශී නම් ඒ වන විටත් හමු වූ මිතුරන් සමඟ පිස්සුවෙන් වගේ නටමින් සිටියදී. වීදුරු කිහිපයක් පානය කල නිසා කෙල්ලෝ දෙන්නම සිටියේ තරමක මත් ගතියකින්..
” වූ හූ…..ලෙට්ස් නෙ(යි)ල් ද ඩාන්ස් ෆ්ලෝ…” කෑගසමින් ඇමී නටන්න ගත්තේ කෙල්ලත් ප්‍රශ්න අමතක කරමින් ඇයත් සමග එකතු වෙද්දී. මෙහොතක් ගත වන විට කෙල්ලසියල්ල අමතක කරමින් පාස්සුවෙන් වගේ නැටුවේ කාලයත් සමග ඇගේ මත් ගතියද වැඩි වෙද්දී.
රශික කෙල්ල දෙස කිහිප වරක්ම බැලුවේ ඔහුට හමු වූ මිතුරන්ගේ එක් අයෙක් විටින් විට කෙල්ල අසලට ගොස් ඇයත් සමග එකතු වීමට හැදුවත් ඇය එය ප්‍රතික්ෂේප කර නිසා.
” හේයි බේබී…වයි ඩෝන්ට් යූ ජොයින් විත් මී..” කණ පුපුරන සංගීත සද්දයත් එක්කම කෙල්ලගෙන් ඇහුවේ අැය පැමිණි මොහොතේ සිටම ඇය වෙත දෑස් යොමන් සිටි තරුණයා.
කෙල්ල ඔහුව ගණන් නොගෙනම සිටියේ ඇය කරනා දෙයක් ඇයටවත් නොතේරෙන පරිසරයක. ඇගේ ස්වභාවය හඳුනා ගත් නිසාම එම තරුණයා බලහත් කාරයෙන්ම ඇගේ බඳවටා අතක් යවා ඇයව තමා වෙත ඇද ගත්තේ ඔහුගෙ ඒ අත ඇය ඇඳ සිටි කෙටි ටී ශර්ටය නිසා අඩක් පමණ නිරාවරණය වී තිබූ කුසට තදවී යද්දී. ඇගේ සුන්දරත්වයෙන් මත්ව සිටි ඔහු ඇය දෙස බොහෝ වෙලාවක සිට බලාසිටියේ කෙටි කලිසමෙන් නිරාවරණය වී තිබූ ඇගේ කලවා සිට පාදාන්තය දක්වාම ඇස්වලින්ම කෑදර ලෙස රස විඳිමින්.
” යූ ආ ෆ#කින්ග් සෙක්සි බේබි..” ඔහු එසේ් පවසමින් ඇයට ලං වීමට හැදුවත් සිදු වීමට යන දෙය දුටු රශික ආවේගයෙන් එහි පැමිණ ඇය ඔහුගෙන් ඈත් කර තමා වෙත ගත්තේ කෝපයෙන්.
” අයි ටෝල්ඩ් යූ මෑන්…මේකි මගේ…ඈත් වෙලා හිටපන්….😠” කේන්තියෙන්ම රශික කෑ ගැසුවේ බී මතින් සිටි තරුණයාව ඔහුගේ යහළුන් වෙනතකට ඇද රශිකගෙන් සමාව ගනිද්දී.
” ඩියා…තමුසෙත් අනේ මන්දා.. “රශික කෑ ගසද්දි කෙල්ල වෙරිමතින්ම සිනහා සුනේ
” මට එයාව මතක් වෙනවා රශී…” කියමින්..
“මතක් කරන්නැතුව හිටපන්…ආයේ මම උඹව ඌට දෙන්නෑ ඩියා…තමුසෙ මගේ….” කියමින් රශික ඇයව වාරු කරගත්තේ තම ගතට.
වසර තුනකට පමණ පෙර ඇයට රශිකව හමු වුනේ මිහින් ගේ ළඟම මිතුරෙකු වූ ඔහුගේ පියා උපාලිත් සමග ව්‍යාපර කටයුතු සිදු කල නිසා.. පසුව ටිකෙන් ටික ඇය හා ඔහු මිතුරු වුනේ ඇගේ ජීවතයේ කටුක අත් දැකීම් පවා ඔහු සමග ඇය බෙදාගෙන ලඟම මිතුරෙකු සේ ඇය ළඟින්ම ඔහු සිටි නිසයි..කිඳුරංගනාට ඔහු මිතුරෙකු වුවත් කාලයක් සමග සුරූපිනියක වූ ඇයට ඔහුගේ සිත බැඳුනේ නොදැනුවත්මයි…නමුත් තවමත් ඇය නොදන්නේ ඔහු එය කීමටතරම් ශක්තියක් ගෙන නැති නිසයි..
කෙල්ලව ඔහු රැගෙන ගොස් ඉන්දවූවේ එහි තිබූ සෝෆාවක..
“ඩියා…තමුසේ තාමත් ඌට ආදරෙයිද?? “තරහෙන්ම රශික ඇසුවේ කෙල්ල උමතුවෙන් මෙන් සිනහා සී..
” වෛර….කරනවා….වෛරකරනවා මං….” කියද්දී…අසිහියෙන් වුවත් ඇයගේ සිතේ ඔහුවෙත ඇති කෝපය එලියට ආවේ රශිකගේ නම් සිත උද්දාමයට පත් කරමින්.
” ඩියානා…තමුසේ ආයේ උෟ ගාවට යන්න එපා..මම යන්න දෙන්නෙත් නෑ…” කියමින් රශික ඇයව ලංවුනේ ඒ රෝස දෙතොල් දෙසම බලාගෙනයි….ඔහුගේ දෑත් ඇගේ බඳවටා එතුනේ ඇය වෙත තව තවත් පහත් වෙමින්…සෙමින් ඇගේ එක් කම්මුලක් ඔහු සිපගත්තේ ආදරයෙන්…ඒ ඔහුගේ සිතේ ඇති වූ පළමු ප්‍රේමයයි…
” මම…..” එපමනයි ඔහුට කීමට හැකිවුනේ…ඊළඟ මොහොතේ ඔහුව ඇදී ගොස් පොළව මත වැටුනේ ඇසිපිය ගසන ඇසිල්ලෙන්…
” උඹ….උඹ…කොහෙන් ආපු හයියක්ද මගේ කෙල්ලව අල්ලන්න…..😠” එහි වුයේ යක්ශාවේස වී සිටි ධීර්…කෝපයේ අන්තයටම ගොස් සිටි ඔහු බිම වැටී සිටි රශිකව ඇද ඒ මුහුණට පිට පිට ප්‍රහාර කිහිපයක් එල්ල කලේ මේ කලබලය දෙස වටා පිටාවේ වූ අයද කටවල් ඇරන් බලන් සිටියදී.
“අඩෝ..නවත්තපන් ඕක..උඹට පිස්සුද….”හශේන් ධීර්ව නැවැත්වීමට දැගලුවේ කොහේදෝ සිට එහි පැමිණි දේශාන් සහ ඔහුගේ මිතුරන් කිහිප දෙනෙක්ද එක්ව ධීර්ව රශිකගෙන් වෙන් කර ඇද ගනිද්දී.
” අත ඇරපන් යකෝ …මේ බ#ලා..අත තිබ්බේ මගේ කෙල්ලට…උඹ දැක්කද මූ කරපු දේ..😠” ආවේගයේ උපරිමයෙන් කෑ ගැසූ ධිර් නැවතත් රශික වෙත යන්න හැදුවත් ඉදිරියට පැන්න දේශාන් ඔහුව නතර කලේ රශිකද අමාරුවෙන් නැගිට ගැනීමට තැත් කරද්දී.
” ශනා..මෙන්න මූව අරන් පලයන්..ශිට්..මේ රෙද්දක් දන්නවනම් මම මූට කියන්නෙත් නෑ නංගි මෙතන ඉන්නවා කියලා…මමත් මගුලක් කරානේ…” මිතුරන් පිරිසක් සමග එහි පැමිණ සිටි දේශාන් ඇයව හඳුනා ගත් නිසයි ධීර්ට ඒ බව දැනුන් දුන්නේ..ඒ ඔහු ඇය අතුරුදහන් වූ බව දැන සිටියත් නැවත පැමිණි බව නොදැන සිටි නිසයි.
” ධීර් යමන් පුතේ..මේක උඹේ හොටෙල් එක නෙවෙයි ඕනි ඕනි විදිහට නටන්න…”හශේන් කියද්දී ධීර් කෙල්ල ඔහුටත් රවා සෝෆාව මත වැටී සිටි කෙල්ල ගාවට ගියේ ඇවිලෙන කෝපයෙන්. ඒත් සමගම පබ් එකේ ආරක්ෂකයින් දෙදෙනෙකු එතන පැමිනියත් හශේන් ඔවුන් අත මුදල් නෝට්ටු කිහිපයක් තබා වැඩේ ශේප් කලේ නැතිනම් ඊටත් වඩා ප්‍රශ්නයක් වෙන නිසා.
” කිඳුරංගනා ….උඹ අද මගෙන් මැරුම් කනවා…” කියමින් කෙල්ලව ඔහු සෝපාවෙන් නැගිට්ටව ගෙන මුහුණට තට්ටු කිහිපයක් දැම්මේ නිදිමරගාතෙන් මෙන් සිටි ඇය දෑස් විවර කර ඔහුව දුටු ගමන් සිහිය පැමිණියා සේ ඔහුගෙන් ඈත් වෙන්න දැඟලුවේ ධීර්ව තව තවත් කෝප ගන්වා.
” ත්….තම්…මුසේ…..” කියමින් කෙල්ල වෙරිමරගාතෙන්ම ඔහුව තල්ලු කරන්න හැදුවත් එයින් තව තවත් තෝපගත් ධීර් ඇයව ඇදගෙන යාමට හැදුවේ වැටී සිට අමාරුවෙන් නැගිට ගත් රශිකද කෑ ගසා ඔහුට කතා කරද්දී.
“ධීර්…අත අැරපන් ඕකිව…උඹට කොහේ තියෙන අයිතියක්ද ඒකිව අරන් යන්න..” රශික කියද්දී ඔහු වෙත සවා අණ කරන බැල්මක් හෙලූ ධීර්
” අයිතියද…අයිතිය මේකි මට දුන්නේ අවුරුදු හතරකට කලින්…තෝ මේකි දිහා ආයේ ඇහැක් ඇරලා බැලුවොත් මම නරක මිනිහා කියන්න එපා…මරණවා දැන ගනින්…පා$රයා..” දඹරැඟිල්ලත් දිගු කර ගිගුරුම් දුන් ධීර් දඟලමින් ඉන්න කෙල්ලව දෝදට ගත්තේ ඇගේ කෑගැසීම් මැදමයි….හශේන් නම් ඔළුවේ අතගහන් බලන් හිටියේ ලැජ්ජාව දෝරේගාලා යද්දී..
” අඩෝ..තෑන්ක්ස් මචං…වෙලාවට උඹලා හිටියේ…” දේශාන්ටත් ස්තූතියි කර ඔහු ධීර් පසුපසින් ගියා. ධීර් ඇයව පසු පස ආසනනයට දමා අපහසුවෙන් දොරද වසා දමා ඩ්‍රයිවින් සීට් එකේ වාඩි වුනේ ආවේගයෙන්. හශේන් පැසෙන්ජර් සීට් එකේ වාඩි වුනේ පසු පස ආසනයට වී කෑ ගසන කෙල්ල දෙස අඳුරු වූ මුහුනෙන් බලා.
” යන්න දීපන් මට….යන්න දෙනවා….” ගිරියටියෙන් කෑ ගහන කෙල්ලගේ සද්දේ ඉවස ගන්න බැරුවම කෙල්ලගේ කට වැස්සවීමට ක්‍රමයක් නැති තැනම ධීරුත් ඊට නොදෙවෙනි ලෙස කෝපයෙන් කෑගැසුවේ හශේන් නම් මූණ හතරැස් කරන් දෙදෙනාම දෙස බලද්දී.
” කට වහපන් කිඳුරී..මරණවා තෝව මම…බීගෙන දෙගානටනවා මෙතන….😠”
” අනේ යකෝ…යන දේවාලෙක මේකිව අරන් පලයන් මේ මාව අත ඇරලා..මගේ කණ් දෙක කීන් ගානවා යකෝ උඹේ සිංහ නාදෙටයි අරකිගේ ටකරං වොයිස් එකටයි…😒 ” හශේන් කියද්දි ධීර් ඔහු දෙස රවා බැලුවේ කේන්තියෙන්.
” මොකද බ#ලෝ තෝ මට රවන්නේ..හරියට මම බීගෙන උඹේ ගෑණිගේ ඇඟේ ලැග්ගා වගේනේ..ආච්චිගේ රෙද්ද…😕” තව තවත් හශේන් කියවද්දි ධීර් වාහනය නතර කලේ
” බැහැපන්..බැහැලා පලයන්..😠” කියමින් කෑගසමින්…හශේන්ට කෙල්ත් ගිලුනා ඒ පාරනම්.
” හරි හරි ඉතින්…මන් මොකුත් කියන්නෑ බොට…ගේ ගාවින් දාන් පලයන් සුදා…හාද 😬”
•
හශේන්ව ගෙදරින් බස්සනකොටත් දගලමින් සිටි කෙල්ලට නොදැනීම නින්ද ගොස් තිබුනේ ධීර්ට යම් සහනයක් ගෙනෙමින්. තම නිවසට පැමිණි ඔහු කෙල්ලව දෝතට රැගෙන ඇතුලට ගෙන ගියේ සාලයේ සිටි නන්දනී මෙන්ම මහේන්ද පුදුමයෙන් බලද්දී.
” සුදු පුතා…මේ මොකද..😟” දැනටමත් ඔවුන් ඇය ගැන දැන සිටියත් සිවු වසරකට පසු ඇයව දකින පළමු වතාවයි මේ.
” සිහි නැති වෙනකම් බීලා අම්මා….” කියමින් ඔහු ඇයව රැගෙන පඩිපෙල නැග්ගේ ඇයව තම කාමරයට රැගෙන යාමටයි. නන්දනී අතින් කට වසාගත්තේ එය සැබෑවක්නම් ඇය වෙනස්ව ඇති තරම් සිතාගත නොහැකි නිසයි.
කෝපයෙන්ම සිටි ධීර් ඇයව ප්‍රවේසමෙන් ඇඳමත තැබුවේ දඟළමින්ම ඇය අත පය දිග හැර පහසුවට නිදාගනිද්දී. ඔහු මොහෙතක් ඇය දෙස බලා සිටියේ ඇවීලීගෙන ආ කෝපය ටිකෙන් ටික නිවී යද්දී…නමුත් ඇය දෙස බැලූ විට ඔහුට දැනුනේ හතවද කඩා බිඳහෙලන තරම් දුකක්…කල කිරීමක්…ඒ ඇගේ මේ නොමනා හැසිරීම පමනක් නොව, ඇගේ ඇඳුම පැළඳුම පවා ඔහුට අප්‍රසන්න වූ නිසා… පෙරදා සිටි චාම්, සුන්දර යුවතිය වෙනුවට අද සිටින්නේ අහංකාර, නපුරු, සංකර යුවතියක්…ඔහු ආදරය කල ගැහැණියට හාත් පසින්ම වෙනස් ඇය වෙනස්ම යුවතියක්.
” ඇයි මැණික මේ…උඹ විනාස වෙලා…මේ උඹ නෙවෙයි…මගේ කිඳුරී නෙවෙයි මේ…” ඇගේ හිස මෘදුව අතගාමින් ඔහු පැවසුවේ ඒ ඇස්වල වේදනාව පිරී ඉතිරීයද්දී.
මොහොතකින් නන්දනී එහි පැමිණියේ දෙහි වීදුරුවක් ද රැගෙන. ඒ්වන විටත් ධීර් පිරිසිදුවී වෙනත් ඇඳුමකට මාරුවී ඇය දෙස බලා සිටියේ ඇඳමතින් වාඩි වී.
” පුතා…මේක සුදු මැණිකට පොවන්නකෝ…” දුකෙන් වගේ. නන්දනී කිව්වේ ධීර්වගේම ඇගේ පෙර වූ චාම් සුන්දරත්වයට අදරේ කල ඇය අද මේ වෙනස් කම දිහා කණගාටුවෙන් බලාගෙනමයි.
” දෙන්න අම්මා…අම්මත් ගිහින් නිදාගන්න..රෑවෙලා දැන්…”
“කන්නේ නැද්ද දරුවෝ….”
” බෑ අම්මා…බඩගිණි නෑ….”
නන්දනී ගිය පසු දොරත් වසා ලොක් කර ධීර් කෙල්ලව යන්තම් ඔසවා දෙහි එකෙන් උගුරු කීපයක් පෙවුවේ ඇය මොන මොනාදෝ මුමුණමින්ම එය පානය කරද්දී. තුවායක් තෙතේ කර ඇගේ මුහුණ ඇතුලු හැකි පරිදී ඇගේ ගත තෙත මාත්තු කලේ හරි අාදරයෙන් ඔහු…කලකට පසු ඇය මෙසේ හෝ තමා ළඟ සිටීම ගැන ඔහුට දැනුනේ කියාගත නොහැකි සතුටක්…ලයිට් ඔෆ් කර දමා ඔහුද ඇය අසලින් වැතිරුනේ ඇයව ඒ පපුතුරට ලංකරගනිමින්. පුරුද්දට මෙන් ඇය ඒ විසල් පපුවට තුරුළු වුනේ කවදත් ඒ ඇය ආසම කල උණුහුම ඇති තැන නිසයි. අසිහියෙන් වුනත් ඇය මේ කරනා දේ ඔහුට ගෙන ආවේ මහත් වූ ආශ්වාදයක්..සැනසීමක්…
•
කවදත් උදෑසන අවදි වන ධීර් බලා සිටියේ හා පැටියෙක් මෙන් තමන්ට තුරුළු වී සිටින යුවතිය දෙස..සෙමින් ඒ වතට පහත් වී ඒ නළලත සිපගත් ඔහු ඒ මුළු වතම නැවතත් සිපගත්තේ ආදරයෙන්…තවත් පැයකට පමණ පසු ඇය නින්දෙන් අවදිවුනේ පෙරදා සිදුවූ දේවල් ඒ හැටි මතකයේ නොමැති පසුබිමක. දෑස් පොඩිකරමින් අතපය හිරි අරිමින් අවදි වූ ඇය දෑස් විවර කල මොහොතේම දුටු දර්ශනයෙන් කමුපණයට පත්වුනේ උන් හිටි තැන් පවා අමත වී යද්දී. ඇය දෙස එක එල්ලේ බලා සිටින ධීර්ව දුටු පසු ඇය ඇැදෙන් නැගිට්ටා නොව නැගිටවුනා. .ඉක්මනින් ඇඳෙන් පැනගත් ඇය මුළු ශරීරයම අත ගා බැලුවේ යමක් සිදුවී ඇතිද කියා…ඇයට කිසිවක් හරි හැටි මතක නැත…
” මොකද…දැන් වෙරි හිඳිලද තමුසෙගේ?? 😏” සමච්චල්සහගතව කොල්ලා ඇහුවේ ඇගේ මුළු වතම අඳුරු කර.
” ත්…තමුසේ..?? තමුසේ මොනවද මෙතන කරන්නේ….😠” කිසිවක් නොදත් ඇය කෝපයෙන් ඇසුවේ සිනහවෙන්ම ධීර්
” මගේ ගෙදර, මගේ කාමරේ මම ඉන්නැතුව තමුසෙගේ අර හාල්පාරුවා ඉන්නද…” කියද්දි. එවරනම් යමක් මතක් වූවා සේ කෙල්ල වට බිට බැලුවේ කලබලයෙන්… ඔවු…මේ ඔහුගේ කාමරය…ඇයට සුපුරුදු ඔහුගේ කාමරය…එය එක දශමයකින් වත් වෙනසක් වී නැත..
” තමුසේ..තමුසේට ලැජ්ජ නැද්ද..ම්…මාව….බලෙන් උස්සන් ආවේ….මට යන්න ඕන…” කෑ ගසමින් කෙල්ල දොර ගාවට ගියේ කලබල වූ ධීර් ද ඇඳෙන් බසිද්දී. නමුත් ඔහු පරක්කුයි….කෙල්ල දොර ඇරගෙන එළියට දිවුවේ ධීර් ද කෑ ගසාගෙන ඈ පසු පස හඹායද්දී..
පඩිපෙලෙන් පහළට දිව ආ ඇයට තවත් අඩියක්වත් යාගත නොහැකි වුනේ පසුපසින් ආපු කොල්ලා ඇගේ දිගු කෙස් කළඹෙන්ම අල්ලා ඇයව තමා වෙත ඇදගත් නිසා.
” ආව්….අත අරිනවා මිනිහෝ.යන්න දෙනවා…මම පොලීසියනවා….” හැකි උපරිමයෙන්ම ඔහුගේ ග්රහණයෙන් මිදීමට ඇය දැඟලුවත් ඇය අසමත් වූවේ සුපුරුදු ලෙසමයි..
” සුදු දුව…ඔය දැගලිල්ල නතර කරලා කතා කරනවා දැන්වත්..” දඟලමින් සිටි ඇගෙ කෑ ගැසිල්ලද නතර වුනේ ඒ කට හඬින්…ඔව්…ඒ සනත්…සනත් වගේම සාගරීද එහි වුයේ ඇයව පුදුම කරමින්…
” ත්..තාත්..තා….” කෙල්ල ඔහු දෙස බැලුවේ සනත් නම් කෝපයෙන් ඇය දෙස බලා සිටියදී.
” තාත්තා…කොහේ ඉන්න තාත්තලද?? ඇයි…උඹේ තාත්තා අර උපාලිනේ..උඹේ මහ ලොකු ඩැඩී නෙද…?” කෝපයෙන් ඔහු පැවසුවේ ඇගේ සිත දෙකඩ කරමින්…
” අන්…නේ..” සිවු වසරකට පසු ඇය මේ හැඟීම්බර වූවාමයි..ඒ ඇස් වල කඳුළු…
” තාත්තා…ඔයානේ මගේ තාත්තා…ඔයාලමනේ මේ මිනිහව ලොකු කරන් මාව එලවගත්තේ…” කෙල්ල එසේ කිමින් සනත් ළඟට ගියත් ඔහු ඇයව නැවතත් ප්‍රතික්ෂේප කලේ සාගරීද අහක බලාගනිද්දී…ඇය අසරණයි…කවුරු නැතත් හැදූ වැඩූ මාපියන් ඉදිරියේ ඈ අසරණයි..
” තාත්තා…..”
” තාත්තලා නෑ…උඹ මේ දරුවව අත ඇරලා ගිහින් අහපවු අර උපාලිගේ කොල්ලාව බැඳගෙන ලමෙකුත් එක්ක මගේ වහලේ යටට ආපු දවසෙම මම උඹේ තාත්තා කමෙන් අයින් වුනා….උඹට උඹේ මහ ලොකු ඩැඩී ඉන්නවනේ දැන්..මේ තාත්තා උඹට නෑ දුවේ ආයේ…” කෝපයෙන්ම සනත් එසේ පවසද්දී සාගරීගේ දෑස් තෙත් වුනේ කිඳුරංගනාටනම් මහ හයියෙන් හැඬුම් එද්දී.. මහේන් වගේම නන්දනීද මේ දෙස බලා සිටියේ කණගාටුව පිරි දුකකකින්.
” තාත්තා…එහෙම කරන්න එපා දෙයියනේ…මේ මිනිහා මගේ ජීවිතේ විනාස කලාට පස්සේ මගේ ළග හිටියේ එයාලා…ඔයාගේ දුව මැරෙන්නැතුව ජීවත් වුනේ එයාලා නිසා…ඇයි තාමත් ඔයාලා මේ ජරා මිනිහගේ පැත්ත ගන්නේ….” අඬ අඩාම කෙල්ල කියද්දී සනත් කෝපයෙන් ගිගුරුවේ මෙපමණ වෙලා සාවදානව ඒ දෙස බලා සිටි ධීර් එයට මැදිහත් කරමින්.
” තාත්තා…කේන්ති ගන්න එපා…ඔයාට හොඳ නෑ…අම්මා..තාත්තාව වාඩි කරවන්න..” කොල්ලා එහෙම කියද්දි කෙල්ල කඳුළු මැදින්ම සමච්චල්සහගත ගව සිනහා සුනේ
” තමුසේ ගානට හැමෝමව අන්දගෙනනේ…මාර මිනිහෙක් තමුසෙනම් ඕයි..සෙරම කරලා දැන් සුදනා වෙලා…අවුරුදු හතරක් තමුසෙ නිසා විඳවපු මම නරක ගෑණි වුනා අන්තිමට…” ඒසේ පවසමින්.
” කිඳුරංගනා….උඹ දේවල් නොදැන කියවන්න එපා…උඹේ තාත්තා ලෙඩෙක්..උඹ දන්නවද උඹ ගියාට පස්සේ තාත්තා කොච්චර අසනීප වුනාද කියලා…ඒත් උඹ වෙනුවෙන් අපි හැමෝම හැමදේම විඳගෙන බලන් හිටියා…උඹ මෙතන වේ# ගෑණියෙක් වගේ වෙනස් වෙලා අර බ#ලයි උගේ තාත්තයි එක්ක පලිගන්න දඟලනවා…උඹ උන්ගේ අත කොලුවක් වෙලා කිඳුරී…තේරේන්නැද්ද…?උන් උඹව පාවිච්චි කරනවා…” ධීර් ආව්ගයෙන් කෑ ගැසුවේ කෙල්ල මහ සද්දෙට සිනහා සෙද්දී .
” තමුසේ මොනවද මිනිහෝ දන්නේ..තමුසෙයි මගේ මිනිස්සුන්ව රවට්ටන් ඉන්නේ…මට තමුසෙට වෛර කරන්න වෙන කාගෙවත් හේතු ඕන්නෑ මිනිහෝ….තමුසෙට හෙන ගහලා යන්න ඕනි…තිරිසනා…මගේ ජීවිතේ විනාස කරපු තිරිසනා තමුසේ…” ඉවසීමේ උපරිමයටම ගොස් සිටි ධීර්ගේ සීමාව පැන්නේ ඔහුගේ අතක් ඇගේ කම්මුලක් මත නතර කර…සියලු දෙනාටම හීක් ගෑවුනේ කෙල්ල අඩි දෙකක් පමණ පසු පසට විසි වී යද්දී.
” තමුසේ….තමුසෙට කොහෙන් ආපු හයියක්ද මිනිහෝ…” වේදනාවෙන් මෙන්ම කෝපයෙන් ඇය කෑ ගැසුවේ ඊළඟට ධීර් පැවසූ දෙයින් ඇයව ගොළු වී යද්දී.
” කිඳුරී…කියපන්..කෝ යකෝ මගේ දරුවා….?? ” ඔහු එය දන්නේ කෙසේද?? එය දැනගැනීමට කිසිදු විදිහක් නැති නිසයි ඇයව පුදුමයට ලක් වුනේ.
” ද්..දරුවා…කොහේ ඉන්න දරුවොද? මට ඉන්නේ මගෙයි මිහින්ගෙයි දරුවා විතරයි …” කෙල්ල කෑ ගැසුවේ ආවේගයෙන්.
මේවන විටත් නන්දනීලා වගේම සනත්ලත් ගල් ගැසී බලා සිටියේ ඔවුන් මෙවැනි දෙයක් කෙදිනකවත් බලාපොරොත්තු නොවූ නිසයි.
” තවත් බොරු කරන්න එපා උඹ…මම දන්නවා උඹ මිහින්ව මැරි කලේ නෑ කියලා..උඹලා යූ එස් ගියේ උෟ අර සකූව මැරි කලාට පස්සේ..මම සේරම දන්නවා…කෝ මගේ දරුවා…උඹ හුරතල් කරන ශෙනූ කියන අර පොඩි කොල්ලද ඒ…ඒ මගේ දරුවද කිඳුරී …කියපන්…” කොල්ලා ආවේගයෙන් කෑ ගැසුවේ ඇය අසලටද පැමිණෙමින්.
” න්නෑ….තමුසෙගේ ළමයි කොහෙන්ද මට…ශෙනූ කියන්නේ…ශෙනූ කියන්නේ…” ඇයට කතා කරගැනීමටවත් නොහැකි වුනේ තිබූ කෝපයත් සමගම නොනවතිනා හැඬුම් පැමිණෙද්දී…
” කිඳුරී..මම දන්නවා…උඹ ගාව මගේ දරුවා ඉන්නවා කියලා…නැත්තම් කොහොමද උඹේ පපුවට කිරි එරෙන්නේ…කියපන්..කොහොමද ඒ..?? ඒ ශෙනූද…ඒ ශෙනූ නෙවෙයිනම් කෝ මගේ දරුවා…තවත් මාව ඈත් කරන්න එපා කිඳුරී..මට උඹලා දෙන්නවම ඕනි….” ධීර්ගේ කෝපය ටිකෙන් ටික හැඟීම් බර වදන් වූවේ කිඳුරංගනාට වඩා වඩාත් හැඬුම් එක්කරමින්..ඔව්..ඔහු එය දැනගත්තේ පෙරදා රැයේ ඔහු සුපුරුදු පරිදී නින්දේ සිටි ඇගේ ලැම නිරුවත් කර එහි හිස තබාගත් මොහොතේ..ඔහු සිටීමටම ආසම තැන එයයි..ඇගේ පපුවයි…සුපුරුදු ලැම වෙනුවට කිරි සුවඳින් පිරැණු ඒ ලැම ඔහුට කීවේ ඇගේ කුසෙහි ඔහුගේ ලෙයින් දරුවෙකු ඉපදී ඇති බවයි…ඒ හැඟීම ඔහුට එක් කලේ කියාගත නොහැකි තරම් සතුටක්..
කතා කරගත නොහැකිව ගල් ගැසී සිටි ඇය සිටියේ කඳුළු වගුරුවමින්.
” සුදු පුතා…මොනවද මේ වෙන්නේ..මොනවද මේ කියන්නේ..” බලා හිඳීමට නොහැකි තැන නන්දනී කතා කලේ සාගරීද හුස්ම අල්ලන් හඬන නිසා…
” ඔ..ඔව් අම්මා…ඒක එහෙම වුනා…මම තාත්තා කෙනෙක් අම්මා…අවුරුදු හතරක් මේකි මගෙන් මගේ දරුවව ඈත් කලා අම්මා…”වෙව්ලන කටහඬින් ධීර් කිව්වේ නන්දනී අතින් කට වසාගනිද්දී..ඔවුන්ට මේ දේවල් සිතාගත නොහැකි වුනා…දරුවෙක්…මුණුබුරෙක්…එය ඔවුන්ට ගෙන ආවේ සතුටක්..වගේම දුකක්..
” කිඳූරී…කතා කරපන්…කෝ මගේ දරුවා…කොහොමද උඹ එහෙම කලේ….කොහොමද මගෙන් මගේ දරුවව ඈත් කලේ…එච්චර වෛරයක්..ඇයි මේ..දැන්වත් මේක නවත්තපන් කිඳුරී…” ඇය කතාවක් නැහැ…හුන් තැනම ගල්වී ගොසින් ඇය..
” කිඳුරී…මම උඹට කතා කරන්නේ…” එවර ධීර් ඇය ළඟට ගොස් ඒ උරහිස් වලින් සොලවා කතා කලේ ඇයව පියවි සිහියට ගැනීමටයි..
” ඇයි මෙච්චර වෛරයක් මැණික..හැංගුණා ඇති…වෛර කලා ඇති..දැන් ඇති හැම දේම…මට සමාව දෙන්න මැණික..ආයේ එහම දෙයක් වෙනනෑ…අපි අපේ දරුවා එක්ක සතුටෙන් ඉමු රත්තරන්…” කොල්ලා හැඟීම් බරව කිවුවේ ඔහු දෙසම බලා සිටි ඇගේ මුළු වතම කේන්තියෙන් රතු වී යද්දී…හැකි තරම් වෙර යොදා ඔහුව තල්ලු කල ඇය ඊළඟට කියූ දෙයින් ධීර්ව ගැස්සී ගියේ නොසිතූ ලෙසයි..
” කොහ් ඉන්න දරුවෙක්ද??…තමුසේ ඒකව මරාගත්තානේ….තමුසේ මගේ දරුවව මරාගත්ත තිරිසනා ධීර්….තිරිසනෙක් උඹ මගේ අහිංසකීව මරාගත්ත…වෛරකරනවා තමුසෙට මං..වෛරකරනවා….”
ඉවරායි…😁
ඉදිරියට🌷🌷🌷
••••🌷🌷🌷🌷••••
ධීර්ව තවමත් සුද්ද කරන..කිඳුරී නරකයි කියපු සෙට් එක..මට බැනපු සෙට් එක..පීස් කොනට යන්න….😒 මට එපා ඔයාලා…මම මොකුත් කියන්නෑ.