කියවන හැමෝම Like එකක් දා ගෙන යන්නෝ ❤️❤️
චන්ඩි_රැජින🌹🌹
හැත්තෑ අට වන චන්ඩිකම 🙅🙅 •••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
” බොස් අරුන් දෙන්නගෙන් උත්තරයක් ගන්න පුළුවන් උණා.පුදුම අමාරුවකින් උන් දෙන්නගෙන් උත්තරයක් ගත්තෙ.කිසිම දෙයක් කියන්න ලෑස්ති උණේ නෑ “
” නියමයි මාකස්.මං දැන්ම එනව.මේ වෙලාවෙ බ්‍රයන් බොස් ඒරියා එකේ නෑ.බොස් එනකොට හැමදේම ඒ විදිහට කරල තියන්න ඕන.උඹ දන්නවනෙ ඉතින් බ්‍රයන් බොස්ගෙ හැටි.”
” අනිවාර්යෙන්ම රොකී බොස්.බොස් එහෙනම් එන්නකො.”
” ඕකේ මාකස් “
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
“අනේ දෙවියනේ මගෙ දරුව අනේ ඉන්ස්පෙක්ටර් මට මගෙ දරුවව හොයල දෙන්න.ප්ලීස්.”
” මිසිස් දේවිකා කලබල නොවි ඉන්න.අපි දැනටමත්ටීම් එකක් දාල තියෙන්නෙ.කිඩ්නැප් කරපු වෙලාවෙ නිශාදි නෝන අතේ තිබුණ මේ පර්ස් එක එතන වැටිල.ඒකෙ තිබුනු අයිඩින්ටි එකෙන් තමයි අපි විස්තර හොයා ගත්තෙ.අපි හිතන විදිහට වෑන් එකක් තමයි ඇවිත් තියෙන්නෙ.ආරාමෙ පාරෙ මනුස්සයෙක් දැකල තියනවවෑන් එකක් ඒ පැත්තට ගිහින් ද්වනි පාර වේගෙන් යනව.මිසිස් දේවිකාට සැක කටයුතු කව්රු හරි එහෙම ඉන්නවද? මං අහන්නෙ නිශාදි මැඩම්ගෙ හතුරො කව්රු හරි එහෙම. “
” එහෙම කව්රුත් මං දන්න තරමින් නම් නෑ ඉන්ස්පෙක්ටර් “
” ඕකේ.එතන සී සී ටී වීත් තිබිල නෑ.ඒකයි අපිට තියන ගැටලුව.ඒත අපි මේක හොයා ගන්නව.මිසිස් දේවිකාල කලබල වෙන්න දෙයක් නෑ.මොකක් හරි සැක කටයුතු දෙයක් තිබුනොත් පොලිසියට කතා කරල කියන්නකො.”
” අනේ තෑන්ක්ස් ඉන්ස්පෙක්ටර්.මට කොහොම හරි මගෙ දරුවව හොයල දෙන්න “
වෙච්ච කිසිම දෙයක් හිතා ගන්න බැරුව බයෙන් බිරාන්ත වෙලා උන්නු දේවිකාත් රශිනිත් පොලිසියෙන් එළියට බැස්සෙ ඉන්ස්පෙක්ටර්ගෙ වචන විතරක්ම සවන් පථ අතරෙ නලියන්න ගද්දි.පොලිසියට රශීගෙ පර්ස් එක හම්බ උණේ නැති නම් දේවිකාල තාමත් දන්නෙ නෑ සිද්ධ වෙච්ච දේ.
” අනේ අම්ම මේ මොකක්ද? උණේ “
කම්මුල් දිගේ රූටල ආපු කදුලක් ඇගිලි තුඩුවලින් අයින් කරන ගමන් රශී එහෙම ඇහුව.
” මට හිතා ගන්න බෑ කව්ද මගෙ දරුවට මෙහෙම කරන්න ඉන්නෙ.අනේ කෙල්ල දැන් හොදටම බය වෙලා ඇත්තෙ.”
එහෙම කියන ගමන් බස් එකට ගොඩ උණ දේවිකාත් රශීත් ගෙදර ආවෙ වේදනාවෙන්පුපුරු ගහන හිත අස්සෙ එක එක දේවල් මැවිල පේන්න ගද්දි.
” අම්ම ඔහොම ඉන්න “
ගෙදරට ආපු රශී දේවිකාව පුටුවකින් වාඩි කරවල කාමරේට ආවෙ ෆෝන් එකේ නම්බර් එකක් ඩයල් කරන ගමන්ම.
” ඔයාට ඇත්තටම ලැජ්ජාවක් ගෑවිලාවත් නැද්ද? අභිරූ.මං පොලිසියට කෝල් කරන්න කලින් නිශාදි ඉන්න තැනක් කියනව…….”
හිතේ තියන ආවේගෙටම රශී අභිරූට කෝල් කරල බැන්නෙ නිශාදිට මෙහෙම දෙයක් කරන්න වෙන කෙනෙක් නෑ කියල දන්න නිසාම.ඊටත් වඩා පහු ගිය දවස් ටිකේ අභිරූ හැසිරුණු විදිහත් රශීට හිතුණෙ මේකටත් අභිරූ සම්භන්ධ ඇති කියලයි.ඒත් රශී ඒ කිසිම දෙයක් පොලිසියෙදි නොකිව්වෙ ඒ ගැන හරියටම දන්නෙ නැති නිසාමයි.තමන්ගෙ සහෝදරී වගේ හිටපු යාලුවට උණ දේ කල්පනා උණාම කෙල්ලට දැනුණෙ දරා ගන්න බැරි දුකක් එක්ක කේන්තියක් ඒකමයි මේ අභිරූට කෝල් කරල බැන්නෙත්.
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
” අම්මා,අම්මා…………”
” මොකද? දරුවො මේ කෑ ගහන්නෙ “
” අම්ම කෝ තාත්ත “
” ඇයි ළමයො තාත්ත අද ඔෆිස් මීටින්ග් එකට ගියානෙ.මොකද? මේ කවදාවත් නැතුව තාත්තව හොයන්නෙ “
” තාත්ත ම්ගෙ කෙල්ලව හංගන් ඉන්නව.එයාට කියන්න දැන්මම මගෙ කෙල්ල ඉන්න තැනක් කියන්න කියල “
” මොකක්,ඔයාට පිස්සුද? ලොකූ.තාත්ත කොහොම මනුස්සයෙක්ද කියන්න මං දන්නව.ඔය වගේ ජරා වැඩ ඒ මනුස්සය කරන්නෙ නෑ.අනික නිශාදි දුව එක්ක පිරිමහ ග්න්න ඒ මනුස්සයට තරක් නෑ.”
” ඇයි අම්ම,මොකක්ද? මේවෙන්නෙ මෙතන “
අභිරූගෙත්,සුරේනිගෙත් සද්දෙට කාමරේ ඉදන් එළියට ආපු අරවින්ද එහෙම ඇහුවෙ.
” බලන්න පොඩී.අයිය මේ කියන කතා තාත්ත නිශාදි දුවව හංගලලු “
” මොකක්,නිශාදි,නිශාදිට මොකද? අම්ම අනේ අයියෙ ඔයාවත කියන්නකො.”
සුරේනිගෙ කතාවෙන් කලබල උණු අරවින්ද අම්ම දිහාත් අභිරූ දිහාත් බලන ගමන් කලබලෙන් එහෙම ඇහුවෙ.
” උඹ තමයි මේ සේරටම මුල.හැබැයි මගෙ කෙල්ලට සීරීමක් හරි වෙලා තිබුනොත් මං නරක මිනිහ කියන්න එපා”
අරවින්දගෙ මූණටම එබිල එහෙම කියපු අභිරූ පඩිපෙල නැගල උඩට දුවන් ආවෙ අරවින්දත් කතා කර ගෙනම පස්සෙන් දුවන් එද්දි.
අයියෙ,අයියෙ පොඩ්ඩක් අහන්න අයි…….”
අරවින්ද පස්සෙන්ම අභිරූගෙ කාමරේ ළගට දුවන් එද්දිත් අභිරූ දොර වහල කාමරේට ගිහින් ඉවරයි.
” අයියෙ ප්ලීස් මේ දොර අරින්න.මට කතා කරන්න ඕන.අයියෙ,අයියෙ එක පාරක් විතරක් ප්ලීස්………”
අරවින්ද දොරට ගහන ගමන් එහෙම කිව්වෙ.ඒත් අභිරූ සද්දයක්වත් නෑ.කතා කරල බැරිම තැන ආපහු යන්න හැරුණු අරවින්ද එහෙම්ම නතර උණේ අභිරූ කාමරේ දොර ඇර ගෙන එළියට ආපු නිසා.
” උඹට මොණවද? කියන්න තියෙන්නෙ “
අරවින්ද දිහා නොබල ඉස්සරහම බලා ගෙන අභිරූ එහෙම ඇහුවෙ කලිසම් සාක්කුවට අත් දාන ගමන්.ඒ ඇස් අසාමාන්‍ය විදිහට රතු පාට වෙලා.ඒදිහා බලපු ගමන් අරවින්දට තේරුණා අභිරූ අඩල කියල.
” අයියෙ,මගෙ අතින් උණේ ලොකු වරදක්.ඔයා නිශාදිට ආදරෙයි කියල දන්නව නම් මං කවදාවත් එයාට ලං වෙන්න හිතන්නෙවත් නෑ.අනික මං ඔයාගෙ දේපොල ගත්තෙත් නෑ.ඔයා කියන විදිහට මං ව්ගේ අවජාතකයෙක්ට ඒවගේ අයිතියක් කොහෙද? මං දන්නව පහු ගිය දවස් ටිකේත් නිශාදි ඔයත් එක්ක තරහ වෙලා හිටියෙ කියල.ඒ හැම දේටම මුළ මං කියලත් දන්නව.”
” උඹ දැන් මොකක්ද? කියන්නෙ අරවින්ද? “
එක දිගටම කියවන් යන අරවින්ද දිහා බලල අභිරූ එහෙම ඇහුවෙ.
” මට මගෙඅති වෙච්ච වැරැද්ද හදා ගන්න ඕනෙ අයියෙ ප්ලීස් ඔයා නොදන්නව උනාට මේ හැම දෙයක්ම දැන ගත්තට පස්සෙ මං ගොඩාක් දුක් උණා.මං හිතින් වද වින්ද.ප්ලීස් අයියෙ මට නිශාදිව හොයන්න ඉඩ දෙන්න.මේ හැම දෙයක්ම හරි ගස්සන්න මට ඕනි.”
ගොඩාක් වෙලා අරවින්දගෙ කතාවාහන් ඉදපු අභිරූ හයියෙන් හුස්මක් දාල අරවින්ද දිහාට හැරුණෙ.
” ඔයා කොහොමද? අරවින්ද මගෙ කෙල්ලව හොයන්නෙ “
අභිරූ ඒක නම් ඇහුවෙ හුගක් සන්සුන් විදිහට.
” ප්ලීස් අයියෙ මට් එක අවස්තාවක් දෙන්න “
” හ්ම්ම්.හොදයි ම්ං උඹට එක චාන්ස් එකක් දෙන්නම්.”
” Thanks අයියෙ.Thank you so mutch “
මොහොතක් දොර ගාවම හිට ගෙන කල්පනාවෙ උන්නු අභිරූ ආයෙමත් කාමරේට ගිහින් එළියට ආවෙ ෆෝන් එකත් කී එකත් අතට අර ගෙන.අරවින්ද අභිරූ එක්කම පහළට දුවන් ආවෙ.
” ඒ පාර මේ කොහෙ යන්නද? දෙන්නම “
අරවින්ද අභිරූත් පහළට එනව දැකපු සුරේනි එහෙම ඇහුවෙ දෙන්න දිහාම බලල.ඒත් ඒත් සද්දයක් නැතුවම එළියට ගියේ.
” අපි නිශාදිව හොයන්න යනව”
සුරේනි දිහා බලල එහෙම කියපු අරවින්ද දුවල ඇවිත් අභිරූ අතේ තිබුණු කී එකත් අරන් ඩ්‍රයිවින් ශීට් එකට ගොඩ උණේ සුරේනි තවත් මොකුත් කියන්න කලින්ම.අභිරූත් එහෙම්ම ඇවිත් අනිත් පැත්ට්ගෙන් වාඩි වුණේ අරවින්ද කාර් එක පණ ගන්වද්දි……….
නැවත හමුවෙමු