කිඳුරංගනා Facebook novel
❌❌කතෘ අවසරයෙන් තොරව උපුටා ගැනීම සපුරා තහනම්❌❌
45_කොටස
පෙර කොටස –
” පිස්සුද මනුස්සයෝ….දිස් ඊස් ලේඩීස් වොශ් රූම්…ලැජ්ජ නැද්ද තමුසෙට…” එසේ කෑ ගසමින්ම ඉක්මනින් එතනින් ඉවත්ව එලියට ඒමට හදපු කෙල්ල ධීර්ව පසු කර යනවා සමගම නැවතත් ආපස්සට ඇදී ගියේ ආවටත් වඩා වේගයෙන්.
” මට පිස්සු තමයි…උඹ නිසා…” අල්ලගත් ඇගේ ඒ අතින්ම ඇද ඔහු ඇයව ලංකරගත්තේ තම පපුවට.
” අතඅරිනවා මාව..යන්න දෙනවා මිනිහෝ….” කෙල්ල ආවේගයෙන් කෑ ගැසුවේ ධීර් ඇගේ ඒ කේන්තියෙන් පිරුණ මුහුණටම එබී,
” මට කතා කරන්න ඕනි මැණික…තවත් මගේ කේන්තිය අවුස්සන්නැතුව මම කියන දේ අහන්න…හැම දේම මම දන්නවා…උඹ වැරැද්දක් කලේ නෑ…මට සමාව දෙන්න රත්තරන් …උඹව අවිශ්වාස කලාට උඹ දුන්න දඬුවම හොඳටම ඇති…තවත් බෑ උඹ නැතුව ඉන්න මට…” ධීර් හරි ආදරයෙන් පැවසුවේ රණ්ඩු සරුවල් පැත්තක දමා ඇයත් සමග සියලු ප්‍රශ්න විසඳාගෙන නැවතත් සුපුරුදු ලෙස ඇයව තමන්ගේ කරගැනීමේ අදහසින්. එහෙත් ඇය සංසුන් නෑ..ධීර්ගෙ ඒ ආදරණීය වදන් ඇයව තව තවත් කෝප ගැන්වූවා විනා නිවීමක් නැත.
” සමාව..තමුසෙට මං මැරුනත් සමාව දෙන්නෑ ධීර්…තමුසේ අවුරුදු හතරක් නෙවෙයි…මැරෙන තුරාවට විඳවන්න ඕනි…එච්චරටම මම තමුසෙට වෛරකරනවා….තමුසෙ විනාස වෙලා යන්න ඕනි…නැති වෙලා යන්න ඕනි…අන්න එතකොටයි මට සැනසිල්ලේ ජීවත් වෙන්න පුළුවන්…ඇහුනද තමුසෙට…ආ…ඇහුනද??? ” දැඟලීම නවතා දමා ඇය පැවසුවේ ඒ දෑස් වල කෝපය ඒ දෙසම බලා සිටි ධීර්ට හොඳින්ම වැටහී යද්දී. ඒ වදන්…දරුණු වැඩියි…වේදනාවෙන් හදවත පිරීයද්දී තවමත් ඔහුට අවශ්‍ය ඇයත් සමග සාමදානයෙන් කතා කිරීමටයි..
” තව බැනපන්…උඹේ තරහා නැතිවෙනකන් බැනපන්…මම දන්නවා මම නිසා උඹ විඳෙව්වා කියලා මැණික…උඹට වඩා මම විඳෙව්වා….ඒත් මට වෛර කරන්න එපා රත්තරන්…දැනටමත් මගේ හිත රිදෙන්න පුළුවන් උපරිම රිදිලා තියෙන්නේ..මට සමාව දෙන්න මැණික..ප්ලීස් ….කියන දේ අහන්න….” තවමත් ධීර් බැගෑපත් වන්නේ ඇයට ඔහු කල දේ එකවර සමාවදීමට තරම් සුළු පටු දෙයක් නොවන නිසා…විශ්වාසය….එය ඔහු තුල නොවූ නිසයි මේ සියල්ල..
” හිත රිදිලා…? හහ්…රිදන්න තමුසෙට හිතක් තියෙනවද මනුස්සයෝ? තමුසේ මිනිහෙක්ද? තමුසෙ තිරිසනෙක්නේ….මගේ ජීවිතේ විනාස කරපු තිරිසනා තමුසේ…අයි හේට් යූ ධීර්…..මට යන්න දෙනවා….” කේන්තිය කොපමණද කිවුවොත් ඇගේ දෑස් වලින් කඳුළු පවා ගැලීමට ගත්තේ මෙපමණ වෙලාවක් ඇයගේ දරුණු වදන් ඉවසාගෙන සිටි ඔහුගේද ඉවසීමේ සීමාව පන්නා දමමින්…ඒ ඇය අවසාන වරට ඔහුට ඒ ආකාරයට අමතා වසර ගනනාවකුත් පසු වී ඇති පරිසරයකයි. ‘ තිරිසනා…’ එය ඔහු වඩාත් අකමැති වචනයයි…ඉතින්..පණටත් වඩා ආදරය කරන ඇය ඔහුට එසේ ඇමතීම ඔහුට දරාගත හැකිද…? කේන්තියෙන් ගුගුරමින් ඔහුගෙන් වෙන්වීමට දඟලමින් සිටි ඇය මොහොතකට ගල් ගැසී ගියේ මෙපමණ වේලාවක් ඉවසීමෙන් කතා කල ඔහු එක් වරම කේන්තියෙන් කෑ ගැසූ නිසයි.
” කිඳුරී…නවත්තපන් ඕක…තෝ කාටද තිරිසනා කියන්නේ….?? ” ඒත් සමගම ඇගේ බාහුවෙන් අල්වාගෙන සිටි ඔහුගේ ග්‍රහණය තව තවත් තද වුනේ අනෙත් අත ඇගේ ඉඟපෙදසට තදවී යද්දී.
” අාහ්…” මෙපමණ වේලාවක් කොපගෙන කෑගැසූ ඇය එවරනම් කෙඳිරියක් පිටකලේ ඒ ග්‍රහණය ඇයට රිදවූ නිසයි.
“උඹට මං හොඳින් කතා කලේ මෙච්චර වෙලා ….උඹට ඒකත් අහන්න බැරිනම්..හරි..
මං තෝ් කියනවා වගේ තිරිසනෙක් වෙන්නම්…එතකොටනේ උඹට හැමදේම තේරෙන්නේ…උඹ ඉස්සරත් කලේ ඒකමනේ…” කියමින් ධීර් ඇයව තව තවත් ඔහුගේ ගතටම ඇද තද කරගත්තේ ඇගේ ඉඟෙහී වූ අත ඒ වටා යවමින් ග්‍රහණයද වැඩිකරමින්…සෙලවීමටවත් නොහැකිව විසල් වූ දෙනෙතින් ඔහු දෙස බලා සිටි කෙල්ල නැවතත් කට ඇරියේ ඔහුට පරාජය වීමට ඇය සූදානම් නැති නිසා.
” මම හොඳින් කියන්නේ ධීර්…යන්න දෙනවා මට…මට තමුසෙව අප්පිරියයි…අල්ලන්න එපා මාව තමුසේ….අනික මම කසාද බැඳපු ගෑණියෙක්…මට දරුවක් ඉන්නවා…තමුසෙට ලැජ්ජාවක් නැද්ද මිනිහෝ මෙහෙම වොශ් රූම් අස්සෙ රිංගන් අනුන්ගේ ගෑණුන්ට බලහත්කාරකම් කරන්නේ…” කෙල්ල එවර තරමක් සන්සුන්ව කතාව වෙනස් කරමින් පැවසුවේ ඔහුගේ තරමද ඇය හොඳින්ම දන්නා නිසා…
” නැහ්…මං තිරිසනෙක්නේ…මට ලැජ්ජාවතුත් නෑ ඒ නිසා…උඹමනේ කිවුවේ…අනික උඹ මගේ විතරයි කිඳුරී…උඹ ඔය මිනිහා මිනිහා කියන එකා උඹේ මිනිහා නෙවෙයි කියලා මම දන්නවා…අනිත් එකී සකූ…මම දන්නවා ඒකින් තොපිත් එක්ක එකට ඉන්නේ කියලා…අරූ ගානට හැම එකාවම උගේ අල්ලේ නටවනවා….උගේ ගෑණි සකූ නේ…මං හරිනේ…? ” එවරනම් කෙල්ලට කට උත්තර නැතිවුනේ ඉහෙන් කනින් දාඩිය දාන්න පටන් ගනිද්දී.
” ත..තමුසෙට පිස්සුද…මිහී මගේ හස්බන්ඩ් මනුස්සයෝ….යන්න දෙනවා මට…” ඇය ඔහුගේ දෑස්ද මග හරිමින් දැඟලුවේ හැකි ඉක්මනින් ඔහුගෙන් මිදීමට අවශ්‍ය වූ නිසා.
” හස්බන්ඩ් නිසා වෙන්නැති තෝ අර එකෙක්ගේ කරේ එල්ලිලා ඉද්දි බලන් හිටියේ…තෝ අර මගේ දරුවා කිය කිය ප්‍රදර්ශනය කරන්නේ අරූගේ එකෙක්නේ..දැක්කහම පේන්නැද්ද අරූ වගේම ඉන්නේ 🤣…මම හරිනේ??? තමුසෙට බෑ මාව තම්බන්න කිඳුරී …..තමුසේ හැරෙනකොට මම දන්නවා….” එවර නම් කෙල්ලට තරහා ගියේ ඇය පණසේ රකින දරුවාට ඔහු එසේ පැවසූ නිසයි.
“ඇති…අැති ඇති…තමුසේ තව එක වචනයක් කියන්න එපා…තමුසේ මොනවද බැඳීම් ගැන දන්නේ…දරු සෙනෙහස ගැන දන්නේ..මගේ දරුවට එක වචනයක් කියන්න එපා තමුසේ..මම ඉවසන්නෑ එක….” ඉන වටේ ඇති ඔහුගේ අතක් ඉවත් කිරීමට දඟලමින් ඇය පැවසුවේ ධීර් අගේ මුහුණට එබී
” උඹට බෑ ආයේ මගෙන් ඈත් වෙන්න කිඳුරී…උෟ උඹෙයි අරූගෙයි දරුවෙක් වුනත් මට කමක් නෑ…උඹ මගේ…මම උඹලා දෙන්නවම බලා ගන්නවා…මම ඌට තාත්තා වෙනවා…” ඇගේ කේන්තියෙන් පිරුණු දෑස් දෙසම බලා ඔහු පැවසුවේ ඇගේ අතක් පැමිණ ඔහුගේ කම්මුලක් මත නතර කරමින්. ලැබූ කම්මුල් පහරෙන් කම්පනයට පත් වූ ධීර් ඇය දෙස බැලුවේද කෝප ගෙන. ඒ ඇස් වල කඳුළු…ඇය කඳුළු මැදින්ම කෑ ගැසුවේ..
” තමුසෙට බෑ එහෙම කරන්න..තමුසෙට බෑ මගේ දරුවට තාත්තා වෙන්න..තමුසෙ කවුද…?? තමුසේ ඒ බැඳීමේ වටිනාකමවත් දන්නවද? මාව බැ#ලියක් වගේ අතඇරපු තිරිසනා තමුසේ… මැරුණත් මම එ්ක වෙන්න දෙන්නෑ…මට මගේ පාඩුවේ ඉන්න දෙනවා…යන්න දෙනවා මිනිහෝ…මම තමුසෙට වෛරකනවා…වෛරකරනවා..”
” කිඳුරී…නවත්තපන් ඔය කියවිල්ල…මම අන්තිම හොඳින් කියන්නේ…..” ධීර් ඇගේ කඳුළු බේරෙන කම්මුලකින් අල්වාගෙන කිව්වේ ඇයව තමා දෙස හරවාගෙන…
” යන්න දීපන්…මම පොලීසි යනවා තමුසෙ මට අතවර කරා කියලා…යන්න දෙනවා මිනිහෝ…” ඔහුගේ පපුවට වැරෙන් පහර එල්ල කරමින් නොසන්සුන් කමේ උපරිමන් කෑ ගැසූ ඇගේ මුව වැසී ගියේ ධීර් ඇය නොසිතූ ලෙස ඇගේ තොල් පෙති ඒ රළු දෙතාලෙහි ග්‍රහණයට හසු කරගත් නිසා. කේන්තියේ උපරිමයෙන් සිටි ඇයට හිස මත අකුණු හත අටක් පාත් වුනා වැනි හැඟීමක් දැනුනේ වසර ගණනාවකට පසු ඇය බලහත් කාරයෙන්ම ඔහුගේ දෙතොල් පහසට නතු වූ නිසා. ඒ කෙන්තියෙන්ම ඇය දෙතොල් මුදවා ගැනීමට පොර බැදුවත් කවදත් ඔහුගේ ඒ පිරිමි හයිය මැද පහසුවෙන්ම පරාජය වූ ඇයට අදත් සිදුවුනේ ඔහුගේ සිතැඟියට හසුවීමටයි. කෙඳිරිගාමින් ඒ දෑත් වලින් ඔහුගේ පපුව කොනිති ගැසුවත් ඔහුට ගානක්වත් නෑ…ඔහු ඔහුගේ ලොවක…ඔහු කවදත් ආදරය කල ඇගේ සියුමැලි දෙතොල් පහස ඔහුව අතරමං කරදැම්මේ ආරම්භයේදීමයි…හිස සෙලවීමටවත් නොහැකි තරමටම ධීර් ඇයව තදින් ග්‍රහණයට හසු කරගෙන තිබුනේ අසලවූ බිත්තියකද ඇයව තද කරගෙන. බිත්තියත් ඔහුගේ ශක්තිමත් සිරුරත් අතරට මැදි වූ ඇයට අවසානයේ සිදු වුනේ කඳුළු වගුරුවමින් විනාඩි ගණනාවක් යන තුරුම ඔහුගේ සිතැඟි පරිදී ඒ පහසට නතුව සිටීමටයි. විටෙක රළුවත්, විටෙක මෘදුවූත් වූ ඔහුගේ දෙතොල් පහස නතර වුනේ විනාඩි ගණනාවකට පසුවයි…
” දැන් හරි…ගිහින් පොලිස් කම්ප්ලෙන් එකක් දාපන්….ධීරක දෙව්සන් වංශනායක උඹට අතවර කලා කියලා….😏” දරාගත නොහැකි වේදනාවක් මෙන්ම කෝපයකින් දෑස් මෙන්ම දෑත්ද තද කරන් සිටි ඇය නැවත වාරයක් ඔහුට වැරෙන් කම්මුල් පහරක් එල්ල කලේ
” බ්ලඩී බාස්ටර්ඩ්…ගෝ ටු හෙල්…” ලෙස කෑ ගසමින්…කෝපයෙන් දැවෙමින්ම ඇය එතනින් පිටුවුනේ ධීර් දුකෙන් වුවත් කට කොනෙන් මැවෙන සෙල්ලකාර සිනහවෙන්ම ඇය දෙස බලා සිටියදී.
” ස්ටිල් යු ආර් ද සේම් සිලී ග(ර්)ල්….මගේ මෝඩ ගහ…😏” සුසුම් මැද වුවත් කොල්ලා මිමිනුවේ ඇය ගිය දෙස බලාගෙන.
•
•
කෝපයෙන්ම කෙල්ල ආවේ මිහීව හොයාගෙන…ඒත් ඔහු පේන්නට නොසිටි නිසා ඇය සිටියේ කෝපය පිටකර ගැනීමටවත් නොහැකිවයි.
” හේයි…වේයා(ර්) ව(ර්) යූ බේබ්…මම හැම තැනම හෙව්වා…” එසේ පවසමින් ඇය අසලට පැමිණියේ පෙරදී ඇයව වැළඳගත් තරුණයායි.
“රශී…මිහී අයියව දැක්කද?? ” කෙල්ල ඇහුවේ මූඩ් එක වෙනස් කරගන්න හදන ගමන්.
” ම් …නැහැනේ…මම හිතන්නේ කවුරු හරි එක්ක කතාවට වැටිලා ඇති..වයි? වට්ස් රෝන්ග්..? 🤨” ඔහු තවත් ස්වල්පයක් ඇයට ලන්ව ඇසුවේ කෙල්ල මූණ දෙක කරන් ඉන්න බව වැටහුන නිසා. රශි…ඒහෙම නැත්තම් රශික…ඒ මිහින්ගේ ළඟම යාළුවෙක්…ඇමෙරිකාවේ ගෙවපු කාල වකවානුව තුල කිඳුරංගනා සමග ඔහු කුළුපග වුනේ මිහින් මෙන්ම ඇය ගැන සොයා බලමින් ලඟම මිතුරෙකු සේ ඇය අසලින් සිටයි.
“ම්හ්…සම්වන් ජස්ට් ස්පොයිල්ඩ් මයි මූඩ්…” කෙල්ල කිව්වේ රශී සිනහාවෙන්ම ඇගේ අතකින් අල්ලන්…
“ඕහෝ…දෙන්..ලෙට්ස් ගෙට් ඉට් බැක්..රශී කොල්ලා ඉන්නවනේ..😁 යමන් ඉතින්…බෙහෙත් හොයන්…” කියද්දී.
” නෝ වේ…මේක පා(ර්)ටි එකක් මැට්ටෝ…ජස්ට් ලෙට් ඉට් ගෝ..අයිම් ෆයින්..😒” කෙල්ල ඔහුගේ අත ගසා දමා කිව්වේ ඔහුගේ මුහුණ අඳුරු කරමින්.
” නෝව්…ප්ලීස් ඩියා…ඔයා දන්නවා..මම දන්න කියන එකෙක් මෙතන නෑ කියලා…අරුත් මොන මගුලෙ ගිහින් ද දන්නෑ…වැඩැක්නෑ උඹලගෙන්….” රශී කෙල්ලට රවන් කියද්දි කවදත් ඔහුගේ හැටි දන්න නිසාම කෙල්ල ඒ අතකින් අල්ල ගත්තේ ” ඔය මූන අපායට ගහපු පෝස්ටරේ වගේ..බලනවා කැත..හරි හරි යමු….මම ඉන්නම් ලඟට වෙලා…” කියමින.
රශික සිනාසීම ඇයත් සමග ගියේ වෙන්කර තිබූ බාර් සයිඩ් එකට. ඒ වන විට බොහෝ දෙනා එහි සිටියේ සාදයේ බාගයක් පමන ගෙවී ගොස් ඇති පසුබිමක.
” හේයි…ඩියා…කම් හිය(ර්) ලෙට්ස් හෑව් අ ඩ්‍රින්ක්….” ඒ ගජනායකගේ වැඩිමහල් දුව…ඇමී…රශිකගෙ නම් මූණ හතරැස් වුනේ ඇය තමා පසු පස පැමිණෙ නිසත් ඔහු එයට අකමැති නිසත්. කෙල්ලනම් මේ සේරම ටික දන්නනිසා ඔහු දෙස ඇස් කොනින් බලා සිනා සෙමින් සිටියේ.
නොයා බැරි නිසා කෙල්ල එහි ගියේ රශික ඇයට දාහට රවද්දී.
“අර්…මේ ගෑණි නම් මල ඇණයක්…😒” රශික බනිනකොට කෙල්ලට හිනා ඉතින්.
” වෙල්…කොක් ටෙයිල්..?? ” ඇමී ඇසුවේ කෙල්ල ” නෝ...අයි ඩෝන්ට් ෆීල් ලයික් ඩ්‍රින්ක්කින් …” කෙල්ල එය ප්‍රතික්ශේප කලේ ටිකෙන් ටික ඇයත් සමග කතාවට වැටෙමින්…රශිකත් ඒ කතාවට එකතුවුනේ ඇමී ගැන එතරම් සලකා නොබලා.
තිදෙනා එක්ව සිනාහාසෙමින් කතා කරමින් සිටියේ කෙල්ලටත් ටිකෙන් ටික ධීර් සමග සිදු වූ දේත් අමතව යද්දී. රශිකගේ බාහුවකට වාරු වී සිනහව පාලනය කර ගැනීමට හදමින් සිටි කෙල්ලගේ දෑස් නතර වුනේ ඉදිරියේ ඇති මේසයකට වී තමන් දෙස ගිණි පිටවෙන දෑසින් බලන් ඉන්න ධීර්ව. ඒ අසලම සහිරු වගේම හශේනුත් සිටියේ දෑස් අඳුරු කරගෙන ඇය දෙස බලා. කට කොනින් සිනහාසුන ඇය තව තවත් සිනහා සෙමින් රශිකත් සමග වැඩි වැඩියෙන් කුළුපගම කතා කිරීමට ගත්තේ ධීර්ට රිදවීමට ඇති හොඳම ක්‍රමය එය නිසයි.
” කමෝන් ඩියා…ලෙට්ස් හෑව් අ ඩ්‍රිනක්….” ඇමී මෙන්ම රශිකද වරින් වර ඇයට පැවසුවේ පෙරදී එය ප්‍රතික්ෂේප කල ඇය ධීර්ව දුටු පසු ” ඕකේ..ඉෆ් යූ සේ සෝ…” කියමින් කොක්ටේල් වීදුරුවක් අතට ගනිමින්.
ඈ සිට එය දුටු සහිරු මෙන්ම හශේනනුත් මුහුණ බලා ගත්තේ නොදැනීම ඔවුන්ට ධිර් දෙසද බැලෙද්දී. ඔහුනම් සිටියේ ඉවසීමේ අන්තයටම ගිහින්…කේන්තියෙන් පුපුරු ගසන ඒ දෑස් හැකිනම් ඇයව දවා අළු කර හරින්නේ ඇය රශික සමග සිටි ආකාරය දුටුව පසුවමයි.
අැස් කොනින් ධීර් දෙස බලමින් ඇය එක උගුරට එය බී අවසන් කලේ ඇමී නැවතත් වේටර් වරයෙකුට පවසා ග්ලාස් රෙඩි කරගනිද්දී.
” අඩෝ…නංගිට පිස්සු හැදිලද බං..මට හිතාගන්න බෑ යකෝ මේ ඒකිමද කියලා” හශේන් කියෙව්වුවේ සහිරුනම් සුසුම් හෙලමින් කෝපයෙන් දැවෙන ධීර් දෙස බලා සිටියදී.
” අනේ මංදා බං..හිතුවට වඩා මේකි වෙනස් වෙලානේ..ඒකත් මෙහෙම චාටර් විදිහට?? 😕” සහිරුත් කිව්වේ ධීර් හුන් තැනින් නැගිට ගනිද්දි.
“අඩෝ හු#&& පිස්සු කෙලින්න එපා…ඔන්න ඔහොම හිටපන් මයේ අම්මා…මෙතන තෝව දන්න උන් සේරම ඉන්නේ…” හශේනුත් දඩ බඩ ගාලා නැගිට්ටේ ඉවසීමේ සීමාව පසු කරමින් ඉන්න ධීර් මෙතන යකා නටනවා කියලා දන්න නිසා.
“ධීර්..වාඩි වෙයන් බං විකාර නොකර…තෝ ගිහින් මෙතන යකා නැටුවහම පහුවදාට ලොකුවට උඹ් නම බිස්නස් සයිට් එකෙ යයි…කෙල්ලෙක් නිසා මරා ගත්තා කියලා..කරබගෙන හිටපන්…මේ ඕවා විසඳගන්න සුදුසු තැනක් නෙවෙයිනේ…”සහිරු කිව්වේ හශේන්ද එය අනුමත කරමින් මැශිම වගේ හිස වනා ධීර්වත් ඇදගෙනම ආයෙත් ඉඳගිද්දී.
” මට…මරන්න පුළුවන් අර බැ#ලිව…මේකි හිතන් ඉන්නේ ඇමරිකන් කෑල්ල කියලා…වේ# වියෙක් වගේ බීගෙන අර බ#ලෙක්ගේ කරේ එල්ලීගෙන…ශිට්…..” කෝපයෙන් දෑත් මිටමොලවන් ධීර් කතා කලේ ආවේගයන් පාලනය කරගැනීමට වෙර දරමින්.
මොහොතින් මොහොත ඇය වීදුරු කීපයක්ම හිස් කලේ අවසානය වන විට තුන් දෙනාවම වෙරි මතට ඇදදමමින්.
” ඩියෝ…කන්නැදද් බං..” රශික් තම ගතට වාරු වී සිටින කෙල්ලගෙන් ඇසුවේ ඇය වෙරි මතෙින් වුවත් තමා දෙස තවමත් එක එල්ලේ බලා සිටින ධීර් දෙස විටින් විට හොරැහින් බලන විට.
“ම්හ්…ලෙට්ස් ගෝ බැක්…” කෙල්ල නැගිට්ටේ ටිකක් ටිකක් සයිඩ් ගහන ගමන්. ඒ වන විටත් ඇමී නම් බීම නතර කර තිබුනේ නෑ.
” ඕ…කේ..ඒහෙනම්…..යමුහ්…” රශික කෙල්ලගේ අතකිනුත් අල්ලන් නැගිට්ටේ කෙල්ල ධීර් දෙස එක එල්ලේ බලා සමච්චල්සහගත සිනහවක්ද පා කර හරිද්දී. එවරනම් ධීර් කේන්තියෙන්ම නැගිට්ටේ සහිරුයිටයි හශේන්ටයික් ඔටෝම නැගිට්ටවෙද්දී. නමුත් ධීර් එහිම නතර වුනේ කොහෙදෝ ඉඳලා මිහින් එතනට ආපු නිසා.
“මයි ගෝශ්…මොන මගුලක් කරාද තොපි දෙන්නා” මිහින් ඔළුවේ අත ගහගත්තේ දෙන්නම් ඉන්න විදිහ දැකලා.
” වට්…මොකද මිහී කොල්ලෝ ඔවා මට බනින්නේ….හුම්..” රශිකව අත ඇරලා කෙල්ල මිහින්ගේ බාහුවකින් අල්ලන් ඔහුට වාරු වුනේ ඒ දෙස බලා හුන් ධීර් කේනිතියෙන්ම තම අත වූ වීදුරුව තද කරගනිද්දී.
” යමන් දැන්..අනේ මන්දා රශියා…අයේ මන් මේකිව තෝ එක්ක තියන්නෑ..බ#ලා..ශිට්..” බැන බැනම මිහින් කෙල්ලවත් වාරු කරන් එතනින් පිටුවුනේ රශිකත් ඔවුන් පසු පසෙන් යන්න ගනිද්දී.
” උඹ මට බනින්නේ..මම මේකිට බලෙන් පෙව්වයැ….😕”
කෙල්ලටනම් කාලයත් එක්ක බීපුවට හරියන්න සිහිගතිය අඩු වුනත් රශිකට එය එතරම් ගානක් වුනේ නෑ..
” අපිත් යමුද බං…මේ නාඩගම් බලලා මගේ ඔලුවත් විකාර වෙලා දැන්නම්..😒” හශේන් කිව්වේ ධීර් ඔවුන් ගිය දෙසම තවත් ඇස් යොමන් බලා සිටිනවා දුටු නිසා. සහිරු ධීර් දෙස බලා යමක් කියන්න හදනවත් එක්කම ඔහු නැගිටලා යන්න හැරුනේ කොල්ලෝ දෙන්නත් ඒ පස්සෙන්ම දුවන් යද්දී.
•
•
සතියක් පමණ ගෙවී ගියේ දෙදෙනාවම නැවත මුන නොගස්සවාමයි….එහෙත් එක් දිනක් ධීර් ඔෆිස් එකට පැමිණිණෙ විට එහි එකම කලබලයයි
” මොකද බං මේ….? මුන්ට වැඩ නැද්ද මගේ කැබින් එක ඉස්සරහට වෙලා ඉන්නේ…?? ” සහිරුද ආශාත් සමග තවත් කිහිප සෙනෙකුත් ධීර්ගේ කැබින් එක ඉදිරියේ සිටිනවා දැක ධීර් කෑ ගැසුවේ ආශා සහිරු දෙස බලා කතා කරන ලෙස හඟවද්දී.
“ඇතුලට ගිහින් බලපන්කෝ….🤨” බැරෑරුම් ස්වරූපයෙන් ගෙන සහිරු එසේ පැවසුවේ ඔවුන් දෙස රවා බලා ධීර් ඇතුලට යාද්දී.
දොරත් ඇරන් ඇතුල් වුන කොල්ලගේ ඇස් නළලට ගියේ එහි සිටින කෙනා දැක..ඒ අන් කිසිවෙක් නොව කිඳුරංගනා…එයත් ඔහුගේ අසුනට බර වී ෆයිල් එකක් බලමින්.
” තමුසේ මොනවද මෙතන කරන්නේ…🤨” ධීර් නුරුස්සන ස්වරූපයකින් ඇසුවේ එ් කටහඬ ඇසී කෙල්ල හිස ඔසවා බලද්දී.
“ඔහ්…මිස්ටර් ධීර්ක…කම් ඉන්..කම් ඉන්…”මවා ගත් ලොකු කමකින් ඇය පැවසුවේ ධීර් කට කොනින් සිනහාසෙද්දී.
” මේ මගේ ඔෆිස් එක..තමුසේ මට එන්න කියන්න ඕනි නෑ කිඳුරී…මමයි ඉස්සර ඕනි ඕනි වෙලාවට තමුසෙව මෙතනට ගෙන්න ගත්තේ..”
කෙල්ලත් එලෙසින්ම සිනහා සුනේ ධීර් නැවතත් කතාකරන්න ගද්දී.
” මට දැනගන්න පුළුවන්ද ඒ පාර තමුසෙ නටන්න හදන නාඩගම මොකද්ද කියලා….ඔය පුටුවේ ඉඳගන්න තමුසෙට අවසරදුන්නේ කවුද??? “
” ඇයි මිස්ටර් ධීරක…මතක නැද්ද….තමුසෙනේ මට ඒ අයිතිය දුන්නේ..😏” කෙල්ල ලොකු කමින්ම කිව්වේ
” මම අයිතිය දුන්නා තමා…ඒ මම ආදරේ කරපු මගේ අහිංසකීට…එහෙම නැතුව තමුසෙ වගේ අම්මණ්ඩියෙක්ට නෙවෙයි….” අවසාන මොහොතේ සිදු වූ දේවල් මතක් කරමින් ධීර් කෝපයෙන් පැවසුවේ ඔහු ප්‍රේම කල ගැහැණිය වෙනස්වී ඇති ආකාරය ඔහුව හිත ඇතුලෙන් මරා දැමීමට තරම්සමත්ව ඇති පසුබිමක.
“ඕකේ…අයි තින්ක්..ඔයාට මතක නෑ හරියට…ඉන්න මම මතක් කරන්නම්…පොඩ්ඩක් මේක බලන්නකෝ…” කියමින් කෙල්ල ඔහු වෙතට දිගු කලේ ඇය විසින් ඔහු පැමිණෙ විට බලමින් සිටි ෆයිල් එක.
“මොකද්ද මේ…? 🤨” ඇහිබැම හකුලුවන් ඔහු අසද්දී
” බලන්නකෝ මිස්ටර් ධීරක..ඔයා දැනගනියි එතකොට…” ධීර් රවාගෙනම ෆයිල් එක අතට ගනිද්දි කෙල්ල ඉක්මනින්ම කට හඬ අවදි කලේ
“වෙයිට් වෙයිට්..ටේක් සීට් ඇන්ඩ් චෙක් ඉට් අවුට්…එහෙම නැත්තම් ඕකේ තියෙන දේවල් දැකලා තමුසෙ මෙතන දපනේ දාලා වැටෙන්න වුනත් බැරි නෑ..මට බෑනේ තමුසෙ වගේ කළු හරකෙක් ආන්බාන් කරන්න…😏” කෙල්ල සමච්චල්සහගතව කිව්වේ ධීර්ට ඔහු අතීතයේ එලෙසම ඇයට සිදු කල බව මතක් කරමින්. ඒ කම්පැනි අග්‍රිමන්ට් එක ඇයට දුන් වෙලේ…සිනහවෙන්ම ධීර් එය මතකයට නගා කතා කලේ
” තමුසෙ හරි ලස්සනට මගේ වචන වලින් මටම ගහනවා නේද කිඳුරී…🤣 තමුසෙනම් මගේම තමා ඕයි…අනික…තමුසේ මේ කුළු හරකව ආන් බාන් කරපු හැටි අවුරුදු හතරට අමතක වුනාද…🤨 මන් ආයේ මතක් කරලා දෙන්නම් ඕන්නම්..කාලෙකින් බැරි වුනානේ…😏 ” කට කොනින් දාන ඒ ලස්සන සිනහවෙන් ධීර් එසේ පැවසුවේ ඇගේ කෝපය අවුස්සා දමා..
” ඒ ගොනා විකුනලා ඉවරයි ඕයි…ඔන්න ඕක බලනවා කුණුහරප කතා නොකර..නොන්සන්ස්…😠” ඇය කෝපයෙන්ම මොර දුන්නේ ධීර් සිනහා සිසී ෆයිල් එක දිග හැර බැලීමට පටන් ගනිද්දී.
මොහොතක් ගත වුනේ ධීර් ගේ ඇහි බැම් නළලට ගොස් මුළු මුහුණම අඳුරු කරමින් වගේම කිඳුරංගනා ගේ මුහුණෙකි ආඩම්බරය පිරුණු සිනහවක්ද මවමින්.
” ම්…මේ??? 🤨” ධීර් ඇය දෙස බලා ඇසුවේ කෙල්ල පුටුවෙන් නැගිට ඔහු වෙතට හිමින් හිමින් පැමිණෙද්දී.
“ඩූ…යූ…රිමෙම්බර් දැට්…? තමුසෙ අර තමුසෙගේ පණ කියපු කිඳුරී ට කම්පැනි ශෙයාර්ස් වලින් ටුවෙන්ටි ප්‍රසන්ට් ලිව්වා මතකද?? ආ…😏 ඒ මගේ තාත්තට තමුසෙගේ පවුලේ එවුන් කරපු දේවල් නිසා….මතකද තමුසෙට?? “ධීර් කිසිවක් නොකිය අැය දෙස බලා සිටියේ ඇය ඔහු වෙත පැමිණ ඔහු අත තිබූ ෆයිල් එක නැවතත් ඇය අතට ගනිද්දී.
” සෝ…තමුසේ ඒකිව කුණු ගොඩක් වගේ විසි කලාට, ඒකි වැටුන්නෑ…තමුසෙට පේනවනේ ඒක…”ඇය තමන්වම පෙන්වමින් ඔහුට කතා කලේ ධීර් හුඟක් ඉවසීවමෙන් ඇය පවසන දේවල් අසා සිටියදී.
ඔවු…ධීර් එහෙම කලා තමයි…ඒ ඇය ඔහුත් සමග සිතින් පමණක් නොව ගතින්ද බැඳුනු දිනට පසුවයි…ඔහුගේ මතකය ගියේ අවුරුදු හතරකට පෙර කාලයට
” මෙතන සයින්ග් කරන්න…” ධීර් කෙල්ලවත් ළඟින් තබාගෙන සිටියේ තවත් අයෙකු සමග ලියකියවිලි වල වැඩ වගයක් කරමින්.
” ඇයි මේ…මොකද්ද??? ” කෙල්ල පුදුමයෙනුයි ඇසුවේ.
” පණ්ඩිත නොවී සයින් කරන්නකෝ….” ධීර් සැරෙන් කිව්වේ කෙල්ල අදාල ලිය කියවිලි,ටික අතට අරන් අත්සන් නොකරම කියවන්න පටන් ගනිද්දී.
” ම්..මේ…මේවා…ඔයාට පිස්සුද?? ” ඇය අසද්දී ධීර් කිව්වේ
” මේ දේවල් මෙහෙම තමා වෙන්න ඕනි මැණික…තාත්තා තවමත් පරණ දේවල් ගැන පසු තැවෙනවා…මේවා ඔයාලගේ තාත්තාත් මහන්සියෙන් ගොඩනගපු දේවල්…ඒක නිසා දැන් හොඳ ළමයා වගේ මේවට සයින් කරන්නකෝ….” ධීර් ආදරයෙන් කිව්වේ අසල සිටි නීතිවේදියා ඇයට සියල්ල පහදා දී අත්සන් යෙදිය යුත් තැන් ගැන විස්තර කරේ ඉන්පසුව.
” බ්..බෑ..මට බෑ…මම ඔයාට ආදරේ කලේ මේවාට ආසාවේ නෙවෙයිනේ..මට බෑ…ඒක නිසා ආයෙත් මට මේවාට කතා කරන්න එපා….” කෙල්ල ඒ සියල්ල ප්‍රතික්ෂේප කරමින් නැගිට සිටියේ ධීර් සුසුම් හෙලද්දී.
” මිස්ටර් රත්නායක..තැන්ක්යූ…අපි පස්සේ මීට් වෙමුකෝ..” ඉන්පස් ඔහු පිටවුනේ දෙදෙනාව තනි කරමින්.
” මැණික..කියන දේ අහන්නකෝ….” කොල්ලා ඇයව තමා දෙසට හරවන් කතා කලේ
” එපා…මට ඕන්නෑ…මට ඕනි ඔයාව විතරයි…ආයේ එක පාරක් හරි මේවා ගැන කතා කලොත් ඇත්තමයි මම යනවා යන්න…මිනිස්සු හිතයි මම ඔයාගේ සල්ලි වලට ඔයාගේ ඇඟේ එල්ලුනා කියලා…” කෙල්ල තරහෙන් කිව්වේ ඔහුගේ සිතේ ඇය ගැන ඇති පැහැදීම තව තවත් වැඩි කරමින්.
” හ්ම්..කොහේ යන්නද හරකියේ මාව දාලා..ඒවා ඉතින් හඳේ තමා…එපා නම් මගේ වෙන දවස වෙනකන් මේ ටික පරිස්සමට ළඟ තියා ගන්න හරිද…ඊට පස්සේ ඔයාට කොහොමත් මේවා අයිතියිනේ..” කොල්ලා ආදරයෙන් කියමින් කෙල්ලව ඒ විසල් පපුවට වැළඳ ගත්තේ ඒ ආකාරයට වූ සිදුවීම් පෙලක්ම ඔහුගේ මතකට එක් කරමින්..
” මතක් වුනා වගේ..🤣” ඔහු ඒ මතකයෙන් එළියට පැමිණියේ ඇගේ සමච්චල්සහගත සිනහා හඬත් එක්කමයි.
” ඉතින්…අද…මේ දැන් ඉඳලා මමත් මේවට අයිතිවාසිනම් කියනවා….තෑන්ක්ස් ටු යූ සිලී…..😏 ” කියමින් ඇය ඒ කඩදාසි මත තම අත්සන තැබුවේ ධීර් බලා සිටියදීමයි.
” සෝ..ටුවෙන්ටි ප්‍රසන්ට් ෆ්‍රොම් යූ ඇනඩ්….ඉතුරු ටික මිහින්ගේ ඩැඩීගෙන් ගිෆ්ට් එකක් විදිහට…..ටෝටලි ත(ර්)ටි ප්‍රසන්ට්…” කියමින් කෙල්ල නැවතත් ගිහින් ධීර්ගේ පුටුවෙන් වාඩි වුනේ ඔහුගේ මුළු හදවතම දෙදෙරා කඩන් වැටී යද්දී. ඒ ඇය දේපල වල අයිතිය ලබා ගත් නිසා නොව…ඇය ඔහුව සමච්චලයට ලක් කර පලිගැනීමේ අදහසින් මේ සියල්ල සිදු කරන බව ඔහුට වැටහුන නිසා…ඔහු ආදරයෙන් ඇයට දුන් දේ ඇය පලිගැනීම වෙනුවෙන් යොදාගන්නේ ඒ ආදරයද හෑල්ලුවට ලක් කරමින්…ඒ නිසයි ධීර් හිස් වූ හැඟීමකින් ඇයගේ ඒ අහංකාරය දෙස බලා සිටියේ..
” අයි ඔවුන් තර්ටි ප්‍රසනට් ශෙයාර්ස් ඔෆ් යෝර් කම්පැනි මිස්ටර් ධීරක වංශනායක..සෝ…අයි කැන් සිට් හියර් ටූ……😏” මහත් වූ මාන්නයකින් ඇය පැවසුවේ ධීර් මොහොතක් ඈ දෙස නෙත් යොමා බලා සිටියදී. ඔහු ආදරය කල ඒ අහිංසකාවිය නොවේ ඇය…වෛරය, පළිගැනීම පෙරටු කොටගත් ඇගේ කතාව, හැසිරීම පමණක් නොව…සිතුවිලිද වෙනස්ව ගොස් ඇති ආකාරය ඔහුව කම්පනයට ලක් කලා….
” ඇයි තමුසේ මෙහෙම කරන්නේ කිඳුරී ?? මොනවා බලා පොරොතුතුවෙන්ද?? ” තවමත් ඇය ඉදිරියේ සිටගෙන සිටින ඔහු ඇසුවේ බිඳුණු සිතින්.
” ධීර්ක දෙව්සන් වංශනායකගේ විනාසය…දැට්ස් ඉට්….😏” ඇගේ වදන් වෛරීයී…ඒ හැසීම හරියට තවත් අයෙක් ඈ තුල සිටිනවා වැනියි…
” ඇයි මෙච්චර වෛරයක් මැණික…මම උඹට වැරැද්දක් කලා තමයි…ඒත් මම ඒක තේරුම් ගත්තා..
ඇයි මට ඒ වැරැද්ද හදාගන්න දෙන්නැත්තේ..ඇයි මට මෙච්චර වෛර කරන්නේ…? ” ඔහු වෙව්ලන කට හඩින් ඇසුවේ කෙල්ල මහ හයියෙන් සිනහා සෙන්න පටන් ගනිද්දී. එය උමතුවක් වගේ..එලෙසයි ඔහුට ඇයව දැන් පෙනෙන්නේ..
” මම තමුසෙට වෛරකරන තරම් තමුසෙට හිතාගන්නවත් බෑ…” ඒ හිත දෙකඩ කරමින් කෙල්ල කිව්වේ ධීර්ගේ මුළු මුහුණම අඳුරු වලාවකින් වසා දමා. මොහොතකින හශේන් දෙරත් ඇරගෙන ඇතුලට ආවේ සහිරුත් ඒ පසු පසින් පැමින ” එක්ස්කියුස්මී ” කියද්දී. ඔවුන්ට අවශ්‍ය වුනේ අගක් මුලක් නොදැන මේ සිදුවන දෙය දැන ගැනීමටයි.
” ගෙට් අවුට්…😡” කෙල්ල එසැනින්ම කෑ ගැසුවේ ඉදිරියෙන් සිටි හශේන් ගැස්සී යද්දී.
” න්…නංගී…..? 🤨” හශේන් ඇයට කතා කලේ..
” අයි සෙයිඩ් ගෙට් අවුට්…😡 මිස්ටර් හශේන්..මම මෙතන චෙයාර්මන් එකක් ඩිස්කස්කරනවා පේන්නැද්ද..තමුසෙට මැන(ර්)ස් නැදද්ද ආ?? එක්ස්කියුස් කරන්නෙවත් නැතුව කඩන් පනින එක තමුසෙගේ පුරුද්දක් ද…?? මාත් එක්ක ඕවා තියගාන්න එපා තමුසෙලා… 😡” ඇය දන්නවා..එය හශේන්ගේ හැටියක් කියා…ඒ නිසාමයි ඇය හශේන්ටද රිදවීමට සිතා ධීර් ඉදිරියේම ඔහුට කෑ ගැසුවේ..එයින් හශේන්ගේ මූණ නම් කළු වෙලා ගියේ කිසිඳු දිනක කෙල්ල ඔහුට එසේ සලකා නැති නිසා.
” සොරි මැඩම්…” කවදත් සියල්ල ගානට විසඳන සහිරු ඉදිරිපත් වුනේ හශේන් උන දේ හිතාගන්න බැරුව කෙල්ල දිහා බලන් හිටපු නිසා.
” අයියා මොකටද සොරි කියන්නේ අයියේ…අයියා ඒකස්කියුස් කලානේ..වැරැද්ද කරපුකෙනා තමා සමාව ගන්න ඕනි…” ඇය වෙනස්..සහිරුට පමණක්…ඔව්..ධීර්ට වෛර කරනවා සේම ඇය හශේන් සමග කෝපයෙන් සිටිනනේ එකම හේතුවකට..ඒ හශේන් සෑම විටම ධීර්ගේ පැත්ත ගත් නිසාත්..සහිරු එසේනොකල නිසාත්..සහිරු ඇය වෙනුවෙන්, ඇගේ නිර්දෝශීභාවය වෙුනවෙන් ඉදිරිපත් වූ බව ඇය හොඳින්ම දන්නා නිසයි ඇය සහිරුට වෙනදා සේම ගෞරව කරන්නේ…නමුත් හශේන්..තව දුරටත් ඔහුව ඇයට සහෝදරයෙකු නොවෙයි…
” සහිරු අයියේ..වට්ස්ද මැටර්?? ” කෙල්ලගේ ඒ වෙනස්කම සියලු දෙනාට පෙන්වා සහිරුට කතා කලේ සුපුරුදු පරිදී..
“ම්..මේ….නංගි…😐” උඩ බිම බලමින් සහ