චන්ඩි_රැජින🌹🌹

හැත්තෑ හත් වන චන්ඩිකම 🙅🙅 •••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
” අභිරූ උඹ මොකක්ද? ඒ පාර නටන්න හදන නාඩගම අර හිගන ගෑනියෙක් හොයා ගෙන “

” එතකොට අරවින්දට ඒ ගෑනිව බන්දල දෙන්න හදනකොට තාත්තට මතක් උණේ නැද්ද? නිශාදි හිගන ගෑනියෙක් කියල “

” ඒක උඹට වැඩක් නෑනෙ.උඹ මොකටද?අරවින්ද බදින්න හිටපු ගෑණිත් එක්ක සම්බන්ධ උණේ “

” මගෙ ජීවිතේ මට ඕන කෙනෙක් හොයා ගන්න මට අයිතියක් නැද්ද? “

අභිරූ එහෙම කිව්වෙ ටිකක් විතර සද්දෙන්.

” අයිතියක් තිබුණ උඹට කසාද බැදපු ගෑණියෙක් නොහිටිය නම්.ඇත්තටම උඹට ලැජ්ජාවක් නැද්ද? අභිරූ බැදපු ගෑණියෙක් ඉද්දිත් වෙන ගෑණු පස්සෙ යන්න “

” අනේ දැන් ඕක නතර කර ගන්න විජේ.පුතා දැන් එයාගෙ වැරැද්ද තේරුම් අර ගෙනනෙ ඉන්නෙ.”

” තේරුම් අර ගෙන. මේ ඔක්කොටම වග කියන්න ඕන ඔයයි සුරේනි.ඔයා තමයි මේකව නලවන්නෙ.එන්ගේජ්මන්ට් එක මං කලින්ම කරේ වෙඩින් එක පස්සෙ ගන්නව කියල හිතා ගෙන.ඒත් ඊට කලින් මූ නාඩගං නටන්න අර ගෙනනෙ.සුරේනි මං මේ ඔයත් ඉන්න තැන කියන්නෙ.ලබන මාසෙ මේ වෙඩින් එක වෙනව.කව්රු හරි මගෙ වචනෙට පිටින් ගිහින් තිබුණොත් මං නරක මිනිහ කියන්න එපා “

කේන්තියෙන්ම කෑ ගහල එහෙම කියපු විජේසිංහ එතනින් යන්න ගියේ ළග තිබුණු පුටුවකටත් පයින් පාරක් ගහ ගෙනම.විජේසිංහ තීරණයක් ගත්තොත් ඒක ලේසියෙන් වෙනස් කරන්නෙ නෑ කියල සුරේනි හොදටම දන්නව.ඊටත් වඩා එයාගෙ තීරණයකට වෙන කෙනෙක්ට මැදිහත් වෙන්නත් බෑ.ඒ නිසාම සුරේනිත් සද්ද නැතුව එතනින් යන්න ගියේ අභිරූත්,අරවින්දත් විතරක් සාලෙ ඉතිරි වෙද්දි.මොහොතක් අභිරූ දිහා බලන් උන්නු අරවින්ද අභිරූ ඉස්සරහට ඇවිත් කතා කරන්න උණේ.

” මට සමා වෙන්න අයියෙ.මං එහෙම දෙයක් දැන ගෙන හිටියෙ නෑ.එහෙම උණා නම් මං නිශාදි ගැන ඒ විදිහට හිතන්නෙවත් නෑ.සහේලි ඇවිත් තාත්තට මේක කියනකන් මං මොණවත්ම දැනන් උන්නෙ නෑ.”

අරවින්ද බිම බලා ගෙනම එහෙම කියා ගෙන ගියේ දුකින්ම.ඇත්තටම අරවින්ද මේ වෙච්ච දේ ගැන ගොඩාක් කලකිරීමෙන් හිටියෙ.එයා ගොඩාක්ම දුක් උණේ අභිරූ තමන් එක්ක තවත් වෛර බැද ගන්න නිසයි.මොකද අභිරූ මුල ඉදන්ම අභිරූ එක්ක ඉන්නෙ හුගක් ලොකු තරහකින් වගේම වෛරෙකින්.එහෙම එකේ අරවින්ද මේ කරපු වැඩෙන් අභිරූගෙ හිතේ වෛරය තවත් වැඩි වෙනව මිසක් අඩු වෙන්නෙ නෑ කියල අරවින්ද හොදටම දන්නව.අරවින්දට කේන්තිය තමන් ගැනම.තමන් මේ කිසිම දෙයක් හොයල බලන්නෙ නැතුව නිශාදි බලන්න ගියපු එකට.ඒ මොණව උණත් අභිරූ අරවින්ද කියපු දේ අහ ගෙන ඉදල එතනින් යන්න ගියේ කිසිම දෙයක් නොකියම.අරවින්දට පුදුම ඒකමයි.

මොකද අරවින්ද හොදටම දන්නව අභිරූ එක්ක ලේසියෙන් වචනයක් කතා කර ගන්න බැරි වග.අරවින්ද බය නැතුව ඇවිත් සමාව උණත් ඉල්ලුවෙ අභිරූගෙ බැනීමක් බලාපොරොත්තුවෙන්මයි.ඒත් සිද්ධ උණේ හිතුවෙවත් නැති දෙයක්.අභිරූ මොකුත් කියල ගියා නම් අරවින්දට ටිකක් හරි හිත හදා ගන්න තිබුණ.ඒත් අභිරූ මොකුත් නොකියපු නිසාම අරවින්දට දැණුනෙ කියා ගන්න බැරි කළකිරීමක්.

❤️❤️❤️❤️❤️❤️❤️❤️

” රොකී උඹ කොහොම හරි අරුන් දෙන්නගෙන් විස්තරේ දැන ගනින්.උඹ දන්නවනෙ මං ඔතනට ආවොත් වෙන දේ.උන් දෙන්න මැරුම් කනව මං ආවොත්.”

“ඒක නම් ඇත්ත බොස්.උන් දෙන්න කට ලොක් කර ගෙන ඉන්නෙ කිසිම දෙයක් කියන්නෙ නෑ “

” උන් දෙන්නව මරල හරි මට මේක දැන ගන්න ඕනි රොකී උඹ දන්නව මං මේ අවුරුදු ගාණට ඉවසපු තරමක්.මට දැන් ඕන ඉක්මනට මේ ගේම් එකේ අවසානයක් දකින්න.”

” අනිවාර්යෙන්ම බොස්.මේ පාර අපි දිනනවමයි.බොස් කලබල නොවී ඉන්න හැම දෙයක්ම ඒ විදිහට වෙයි.”

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

” දැන් නිශාදි නෝන නිතරම ආරාමෙට එනව නේද? “

බෝධිය ගාව වැල්ලෙ ඉද ගෙන බෝධිය දිහා බලන් උන්නු මං ගැස්සිලා ගියේ මෑණියන්ගෙ හඩින්.

” ඔව් මෑණියනි.මෙතනට ආවම හිත නිවෙනව.හැම ප්‍රශ්ණයක්ම අමතක වෙනව.”

” එහෙම තමයි.හිත එක්තැන් කර ගත්තම විදවීම අඩුයි.ඒකට හොදම තැන තමයි මෙතන.නිශාදි නෝන දැන් හුගක් වෙනස් වෙලා කියල මට හිතෙනව.”

මෑණියො එක්ක ටික වෙලාවක් කතා කර කර උන්නු මං ගෙදර එන්න ආවෙ.ඇත්තමයි මේ හිතට දැන් පුදුමාකාර සැනසීමක් තියෙන්නෙ.මෑණියන්ගෙ කතාව හරි.මං දැන් හුගක් වෙනස් වෙලා.තිස්සෙම කදුළු හලා ගෙන අඩමින් උන්නු බොළද කෙල්ල නෙවෙයි දැන් ඉන්නෙ.හැම දේකටම මූණ දෙන්න පුළුවන් හිත ශක්තිමත් කෙල්ලෙක් දැන් ඉන්නෙ.අභිරූ තලල පොඩි කරල දාපු මේ හිත අද ගලක් වෙලා.වේදනාවෙ අංශු මාත්‍රයක්වත් නැති මේ හිතේ සැනසීම දෝරෙ ගලනව.දැන් ආරාමෙත් මට ගෙදර වගේ වෙලා.නිතරම ගෙදර ඉන්නව්ටත් වඩා මං ඉන්නෙ ආරාමෙ.මෑණියො මගේම කෙනෙක් වගේ වෙලා.සැරෙන් සැරේඅභිරූගෙ මතක මේ හිතට නොඑනව නෙවෙයි.ඒත් ඒ හැමදේම දරා ගන්න මට දැන් ශක්තිය තියනව.එයාගෙ වෙනස්වීමමයි මට දරාගන්න කියා දුන්නෙ.ආදරෙන් තැලිල පොඩි වෙන හිත් දරා ගන්න හුරු වෙන්නෙත් ඒ ආදරේ නිසාමයි.

අපේ ජීවිත වෙනස් වෙන්නෙ කාලෙන් කාලෙට. දරා ගන්න බැරි වේදනාවන් වගේම දරා ගන්බ බැරි සතුට මේ ජීවිතේට අරන් එන්නෙත් කාලයමයි.අම්ම තාත්ත ළග නැති අපේ ජීවිත අසරණ වෙන තරමක්.සමහරවිට මගේ අම්ම තාත්ත උන්න නම් මට මෙහෙම ජීවිතයක් උරුම නොවෙන්න තිබුණ.ඒත් දෛවය අපේ ජීවිත ලියල තියෙන්නෙ හරි කටුක විදිහට.එක අතකට මේ ජීවිතෙත් හරි හොදයි.කෙටි කාලෙකින් පාඩම් ගොඩාක් කියල දෙනව.

කල්පනාවෙන් කල්පනාවෙන්ම පාර දිගේ ඇවිදන් ආපුමං කල්පනාවෙන් මිදුණෙ මං යන පාර හරස් කරල වෑන් එකක් නතර කරද්දි.පපුවෙ ව්වෙගෙ අසාමාන්‍ය විදිහට වැඩි වෙද්දි මං එහෙම්ම නැවතිලා නලන් උන්නෙ අනතුරක සේයාවක් හිත කොණකින් එබිකම් කරන්න ගද්දි.තවත් අඩියක්වත් ඉස්සරහට යා ගන්න බැරුව මගෙ කකුල් හිරි වැටිල ගිහින් වගේ.වෑන් එකේ පිටි පස්සෙඇරුණු දොරෙන් එළියට බැස්සෙ කළු පාට ඩෙනිමකට කළු පාටින්ම ටී ශර්ට් එකක් ඇදල උන්නු පිරිමි කෙනෙක්.ඒත් මූණ අදුර ගන්න බැරි විදිහට කළු රෙදි පටියකින් මූණ බැදල ඇස්දෙක විතරක් පේන විදිහට.නොපෙනෙන දෙවිවරු යදිමින් මං බලන් උන්නෙ මගෙ ඉස්සරහට ඇවිදන් එන ඒ නාදුනන මනුස්සය දිහාම.

” වැඩිය කලබල නොකර වෑන් එකට නගින්න මැඩම්”

ගැඹුරු කට හඩකින් එහෙම කියපු ඒ නාදුනන මනුස්සය මගෙ හිසේ සිට දෙපතුල දක්වාම බලද්දි මං බැලුවෙ වෑන් එක දිහා.ඇතුළෙ තව කීප දෙනෙක්ම හිටියද මන්ද.කැලු වීදුරු නිසා ඇතුළෙ කිසිම දෙයක් පෙනුනෙ නෑ.

” කව්ද? තමුසෙල “

පුළුවන් උපරිම වීර්‍ය අරන් කෑ ගහල මං එහෙම ඇහුවෙ අවසාන තත්පරෙත් ගැලවෙන්න ක්‍රමයක් ගැන හිතන ගමන්.

” ඒක දැන ගන්න පුළුවන් ගියාම “

ඒ මනුස්සය එහෙම කිය්නවට් එක්කම වාරු නැති වෙලා ගියපු දෙපා ශක්තිමත් කර් ගත්තු මං ආපස්ස හැරුණෙ හැකි උපරිම වේගයෙන් එතනින් ගැලවිලා දුවන්න හිතන ගමන්.ඒත් මගෙ අතකින් ඇද්ල ගත්තු ඔහු රෙදි කෑල්ලක් මගෙ මූණට තියල තද් කරේ මට හිතා ගන්නවත් කාලයක් නැති වෙද්දි.මොණවදෝ සැර ගන්ධයක් මගෙ නාස් පුඩු අතරින් උඩු දුවද්දි හිසේ බර ගතියත් එක්ක මගේ ඇස් අඩවන් වෙලා පිය වෙලා ගියේ කාගෙදෝ ශක්තිමත් අත් දෙකකට මාව මැදි වෙද්දි.


නැවත හමුවෙමු.👋👋

ජීවිතේට කරදර එන්නෙ හිතපුවත් නැති වෙලාවන්වලට.හරියට මහා බාධක ගොඩක් මැදින් ගලාන් යන ගගක් වගේ.ජීවිතේ එහෙමයි.විය යුත්තෙ හිතේ ශක්තිය ඇති කර ගන්න එකයි. ❤️❤️ ඉස්සරහට බලමු……

කතාවත් එක්ක රැදිල ඉන්න වස්තුල හැමෝටම ගොඩාක් ආදරෙයි.ගොඩාක් ස්තූතියි.ඔයාලගෙ ආදරේ තමයි මගේ ශක්තිය

Advertisment