කිඳුරංගනා Facebook novel 🌷🌷
❌❌කතෘ අවසරයෙන් තොරව උපුටා ගැනීම සපුරා තහනම්❌❌
44_කොටස
පෙර කොටස –
” නංගී….හරිද…???? ” මිහින් කෙල්ලට කතා කලේ මෙතරම් වෙලා කාමරයට වී හැඩ වැඩ වෙමින් සිටි ඇය ඔහුගේ හඬත් සමග එලියට පැමිනෙද්දී.
” අම්මෝ….කෙල්ලගේ ලස්සන 😍” සකූ කිවුවේ බිස්නස් පාර්ට්නර් කෙනෙකුගේ උපන්දින සාදයකට යාමට සූදානම් වූ කෙල්ලගේ ලස්සන දැකලා. කළු පැහැ සාරියකින් සැරසී ඇය කවදත් ලස්සනයි.
” එච්චර ලස්සනක් නෑ බං…” කෙල්ල පර්ස් එකට පෝන් එකත් ඔබාගන්න ගමන් කිව්වේ ශේනූ පැටියගේ කම්මුලක් ද සිප.
” යමු අයියේ ” ලෙස පවසා.
” කෙල්ලව පරිස්සම් කරන්න වෙයි අද අයියට ඈ…දන්නවනේ එහේ ඉද්දිත්…” සකූ කෙල්ලව අවුස්සන්න බලන්ම කිව්වේ ඇයනම් සකූට හොඳ හැටි රවද්දී.
” හා හා…යමන්කෝ..ඒක ගියාට පස්සේ බලාගන්න බැරියැ…අම්මපා උඹ යූඑස් ඉද්දි පැය ගනන් ලත වුනේ නෑනේ යකෝ රෙඩි වෙන්න…පරක්කුත් වෙලා…😒” මිහින් රව රව කිව්වේ කෙල්ල මහ හයියෙන් සිනහා සෙද්දී.
” හපෝ ගොනෝ…එහෙදි සාරි ඇන්දද මම?? …සාරි එකක් අඳින්න ගිහාම ටිකක් වෙලා යනවා…😒 ලස්සනට යන්න ඕනිනේ…..” කෙල්ල තවත් සාරියේ රැලි හදන ගමන් කිව්වේ වසර ගනනාවකට පසු ඇය මේ සාරියක් ඇන්ද නිසා ඒ ගැන වඩ වඩාත් සැලකිලිමත් වෙමින්.
” ඇයි…කවුරු හරි එනවවත් කිව්වද…🤨” සකූ මිහින් දෙසත් බලා යන්තමින් මිමිණුවේ සිනහවෙන් පුරවන් හිටපු කෙල්ලගේ මුහුණ අඳුරු කරමින්.
” අක්කා…..😠” එපමනක් කියූ ඇය ගස්සගෙන එලියට යන්න ගියේ මිහින් සකූට හොඳ හැටි බනිද්දී.
” උඹටත් ඕන්නැති මගුලක් නෑනේ…ඕකිට ආවේස වුනොත් මෙතන ඕවා යන්නේ මේ අහිංසක මගේ පිටින්නේ…😕”
•
•
” ශනා…මට උඹෙන් උදව්වක් ඕන..” ධීරුත් මේ යමින් ඉන්නේ කෙල්ල යන සාදයටමයි…සහිරු වෙන්ව පැමිණෙන නිසා ධීර් හශේන්ව ගන්න ගියේ සහිරුගේ ලොකුකම් වලට බැන බැන.
” කිහාං?? 😐” පෝන් එක ඔබන ගමනුයි හශේන් මේ ඉන්නේ.
” මට අරකි ගැන විස්තර හොයාගන්න ඕනි..😕” කොල්ලා ඩ්‍රයිවින්ග් කරන ගමන්ම කතා කලේ හශේනුත් උඩින් පල්ලෙන් ඒවට උත්තර දෙද්දි.
” හ්ම්…මොකී ගැනද…? 😑” තාරාත් එක්ක බර වලියක හිටපු නිසා හශේන් ධීර් කියන දේවල් එතරම් තැකීමක් නොකරේ ධීර්ට යකා තදවෙද්දී.
” මොකීද අහන්නේ බ#ලෝ…මගේ ගෑණි…” කේන්තියෙන්ම ධීර් කිව්වේ හශේන් යන්තමින් සිනහා සී
” ආහ්…හරි හරි ඉතිං..මං හොයන්නම්…😬” ශේප් වෙන්න හදනකොට.
“මොන හු$*- ක් කරනවද යකෝ..ඔය අටමගල විසිකරන්න කලින් මන් කියන දේ අහපන්..තෝ දන්නවා මං ඔය වැඩේට කැමති නෑ කියලා 😠” එවරනම් ධීර්ට හොඳ හැටි යකා තදවුනේ හශේන් රවාගෙනම පෝන් එක පැත්තකට කරද්දී.
” නෙදකින් අපතයා…තෝ හරියට හැසිරෙන්නේ තෝ මගේ අප්පා වගේනේ…යකෝ..තොට විතරක් නෙවෙයි…මටත් ගෑණියෙක් ඉන්නවා…රෙද්ද…තොපි එක්ක ඉන්නවට ගහන්න ඕනි…😕” හශේනුත් මූණ දෙකක් කරන් කොල්ලට බැන වැදුනේ ධීර් රවාගෙනම නැවත කතා කරන්න පටන් ගනිද්දී.
” අරකි යූ එස් ගියේ කොහොමද? එහෙදි වුනේ මොනවද? හැම දෙයක්ම මට දැන ගන්න ඕනි…මොකද මෙතන ලොකු පටලැවිල්ලක් තියෙනවා…ඒක විසදගන්න ඒ හැම දේම ඕනි….🤨” ධීර් බැරෑරුම්ව කතා කලේ හශේන් නැවතත් හිස වනා එය අනුමත කරද්දී.
” හ්ම්…බලමුකෝ…අපේ උන් දෙන්නෙක් ඉන්නවා එහේ…ට්‍රයි එකක් දුන්නොත් හොයාගන්න බැරි නෑ….”
” ට්‍රයි නෙවෙයි ශනා…මට අනිවා ඒකි ගැන හැම දේම දැනගන්න ඕනි…ඉක්මනටම…”
” මොකෝ සීන් එක..🤨” වෙනසක් තේරුන නිසයි හශේන් එසේ ඇහුවේ.
” මට පේන්නේ මේකි මාව ගොනාට අන්දනවා කියලා…ඒකි මාත් එක්ක තරහා ඇති බං…ඒත් මම දන්න මගේ අහිංසකීට බෑ වෙන එකෙක්ව කසාද බඳින්න..මට සැකයි බං…..”ධීර් කිව්වේ කල්පනාබරව..
•
කොළඹ නගරයේ සුපිරි ගණයේ හෝටයක පැවැත්වූ සාදයට සහබාගිවුනේ රටේ ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයන් පිරිසක්. ඒ අතරින් කිඳුරංගනාව කැපී පෙනුනේ ඇය ඉතා ලාබාල මෙන්ම සුරෑපී තරුණියක් නිසා..
” විශ් යූ අ වෙරි හැපි බර්ත්ඩේ මිස්ටර් ගජනායක…” මිහින්ගෙන් පසු කෙල්ල ඔහුට සුබ පැතුවේ ඔහු මහත් වූ සතුටකින් ඇයත් සමග කතාවට වැටෙද්දී.
” සෝ…ආ(ර්) යූ ගොයින්ග් ටු ස්ටේ හිය(ර්) අලෝන්ග්…? ” ගජනායක මහතා ඇසුවේ කෙල්ල කල්පනාවකින්ම උත්තර දීමට පොළඹවා. ඇමෙරිකාවෙදී බොහෝමයක් ලාංකීය ව්‍යාපාරිකයන් ඇයව ඩියානා නමින් හඳුනන්නේ වසර තුනක පමණ සිට උපාලිගේ ව්‍යාපාර කටයුත් බොහෝමයක් ඇය වගේම මිහින් විසින් පාලනය කර දියුණු කිරීමට ගත් මහත් උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙසයි. ඇය මිහින්ට වඩා ඉහල තනතුරක්ද ව්‍යාපාර කටයුතු වලදී දරන්නේ යම් යම් විශේෂතා හේතුවෙනි.
” ම්…මේ බී….තව ඒ ගැන හිතන්න ඕනි මිස්ට ගජනායක…” කෙල්ල සිනහා සී කිව්වේ එම කතා බහ තවත් දුරට අදිමින්.
” හෙලෝව් මිස්ටර් ගජනායක…හැපි බර්ත්ඩේ ටු යූ….” අසලින්ම ඇසුන ඒ සුපුරුදු හඬ හදුනාගත් කිඳුරංගනා එතනින් තරමක් ඉවත්ව අහක බලාගත්තේ ධීර් සමගද ගජනායක සුහදව කතා කිරීමට පටන් ගත් නිසා.
” ඕහ්…මයි සන්..ඩෝන්ට් බී ඔෆීශියල්..බිස්නස් නෙවෙයි දරුවෝ මේ…”කියමින් ඔහු ධීර්ව වැළඳගත්තේ ඔවුන් සමග ඉතා කිට්ටු සබඳතාවයක් ඇති බව ඇයට පසක් කරමින්.
” ඉට්ස් ඕකේ අංකල්…” ධීර් සිනහාසෙමින් කිව්වේ අසල සිටින් කෙල්ල දෙසද ඇස් යවන ගමන්.
” වෙල්..ධීරක පුතා..මේ මිස් ඩියානා…මයි නිව් බිස්නස් පා(ර්)ට්න(ර්) ඔහු කෙල්ලව ධීර්ට හඳුන්වා දුන්නේ ධීර් ඇයත් සමග වෙනසක් නොපෙන්වා සිනහාසෙද්දී.
” අයි ඕල්රෙඩි (ක්)නෝව් හර් …” කොල්ලා කියද්දි කෙල්ලත් මූනිච්චාවට මෙන් සිනහාසුනේ නොකර බැරිකමට..නමුත් දැනටමත් ඇගේ මූණනම් කළු වෙලා තිබ්බේ ධීර් කිසිවක් නොදන්නා සේ හොඳින් හැසිරෙන නිසා.
” ඕහ්…ඊස් දැට් සෝ…” තවත් වචන කිහිපයක් කතා කර ඔහු වෙනත් පෙදෙසකට ධීර් අසල සිටි මිහින් දෙසද රැවුම් පා කිරීමට පටන් ගනිද්දී.
” උඹ මේකිව ලස්සනට නටවනවා නේහ්? ” ධීර් මිහින්ට ලංව ඇසුවේ පෙරටත් වඩා ධීර්ට ඔහු සමග ඇති කෝපය දෙගුණ තෙගුණ වී ඇති පසුබිමක.
” උඹ නටපු නැටුම් ඊට වඩා ලොකුයිනේ මචං..😄” මද සිනහවකින් එසේ පවසා මිහින් එතනින් ඉවත් වුනේ සමච්චලයට සිනහාසුන කෙල්ලත් ධීර්ව තනිකර වෙනතකට යද්දී. ධීර්ගේ දෑස් කෝපයෙන් දිලිසෙන්න වැඩි වෙලාවක් නොගියේ ඉවත්ව ගියපු කෙල්ල ඇය වෙත පැමිණි වෙනත් තරුණයෙකුව වැළඳගන්නවා දුටු නිසයි. එත් අතකින් ඇගේ බඳින් අල්වාගෙනම ඔහු ඇයත් සමග සතුටු සාමීචියට වැටුනේ ධීර් තව තවත් කෝපගනිද්දී.
ඇය සුන්දරයි…පෙර සිටියාටත් වඩා…ඇගේ බෝල කම්මුල් තව තවත් පිරී ගොස් මූළු ශරීරමද පිරුණු ස්වභාවයක් ගෙන තිබුනේ සාරිය නිසා ඕනවටත් වඩා නිරාවරණය වී තිබූ ඇගේ ශරීරයේ කෝමල රේඛා පවා වඩ වඩාත් විදහා දක්වමින්. පටි සහිත කෙටි හැට්ටය නිසාත්, ඉන පහළට කර ඇඳ ඇති කළු පැහැ දුහුල් සාරිය නිසාත් ඇගේ මුලු ගතම ඕනවටත් වඩා නිරාවරනය වී පෙනුනේ ඇගේ හිසේ සිට පාදාන්තය දක්වාම දෑස් ගෙන ගිය ධීර්ගේ රුධිරය කෝපයෙන් රත් කරමින්. කේන්තියෙන්ම දෑත් මිට මොලවාගත් ඔහු ඉදිරියට යන්න ගියත් ඔහු අඩිය එසවූ තැනම නතර වුනේ ඉදිරියට පැමිණි සහිරු නිසා.
” කුලප්පු වුන ඇතා වගේ තෝ කොහෙද යන්නේ…😕” හශේන්ද ඒ අසලට පැමිණියේ සහිරු එලෙස අසද්දී.
” අයින් වෙයන් යකෝ…තොට පේන්නැද්ද…අතන එකෙක් අරකිව තුරුලු කරන් ඉන්නවා…😠” කේන්තියෙන්ම නැවතත් ඉදිරියට යාමට ගියපු කොල්ලව නවතා ගත්තේ හශේන්ගේද මැදිහත් වීමෙනි.
” උඹට මොකද ඉතින්…ඒකිගේ මිනිහට ප්‍රශ්නයක් නැත්තම් තෝ මෙතන නටලා මෙතන ඉන්න මිනිස්සු ඉස්සරහා නිකන් විහිලුවක් වෙන්න එපා යකෝ…” සහිරු සියල්ල පවසන්නේ දුරදිග සිතා බලා බව වැටහුන නිසාම හශේනුත් එය අනුමත කරමින් බොහොම අමාරුවෙන් ධීර්ව නවතා ගත්තේ දුර සිටම දෑස් වලින් ඔහු කිඳුරංගනාව සහ තරුණයාව දවා අළු කර හරිද්දී.
මොහොතක් ගත වුනේ ධීර් ඒ දෑස් ඇගෙන් මුදවා නොගෙනම එක එල්ලේ ඇය දෙස බලා හිඳිද්දී.
සහිරුයි හශේනුයි මොහොතකට වෙන්ව ගිය නිසා ධීර් කෙල්ල ගාවට ලං වුනේ ඇය දුරකතන සංවාදයක සිටියදී. පසු පසින් සිටි නිසා ඇය ඔහුව නොදැකම ආපස හැරී ඉදිරියට යාමට ආවත් නොසිතූ ලෙස ඔහුගේ ඇඟේ හැප්පුනේ නැවත ඇයව පසු පසට විසිකරමින්. ඉක්මන් වූ ධීර් ඒ අතක් ඇගේ බඳවටා යවමින් ඇයව අල්ලා ගත්තේ තවමත් පහව නොගිය කේන්තියෙන්.
” ඔප්ස්..සොරි…” ධීර්ව හරි හැටි නොදැකම ඇය පැවසුවේ ධීර් කට කොනින් සිනහා සී “ඉට්ස් ඕකේ…😄” ලෙස පිළිතුරු දෙද්දී. ඊළඟ තත්ත්පරයේම ඔහුව හඳුනාගත් නිසා ඇය ඔහුගෙන් ඉවත් වෙන්න හැදුවත් ඔහු ඇගේ බඳින් තදින්ම අල්ලාගෙන සිටියේ ඇයගේ දෑස්ද කෝපයෙන් ගිණිගනිද්දී.
” ලෙට් මී ගෝ යූ ක්‍රේසි….😡” කෙල්ල කෝප සහගත හඩින් පැවසුවේ ධීර් කට කොනෙන් සිනහා සෙද්දී.
” තමුසෙට ටිකකට කලිනුත් මිනිහෙක්ගේ ඇඟේ එල්ලිලා හිටියේ…දැන් මොකද බොරුවට නටන්නේ….😏”
” හහ්..මම මෙතන ඉන්න හැම එකාගෙම ඇඟේ එල්ලුනත් තමුසෙගේ ඇඟේ එල්ලෙන්නෑ මිනිහෝ 😡” ඇය ඔහුගේ දෑස් දෙසම බලා කෝපයෙන් පැවසුවේ ධීර් නැවතත් කට හඬ අවදි කර එයට පිළිතුරු සපයද්දී.
” හැම එකාටම දෙන්න තමුසේ බඩුවක්ද ආ….බලනවා ඔයි තමුසෙ ඇඳන් ඉන්න රෙද්ද….😠” පහව නොවූ කේන්තියෙන්ම ධීර් කිව්වේ එවරනම් කෙල්ල ඔහුට සමච්චල්සහගතව සිනහා වීමට පටන් ගනිද්දී.
” ඇයි…මතක නැද්ද…අවුරුදු හතරකට කලින් තමුසෙමනේ මාව බඩුවක්, වේ#යක් ගානට දැම්මේ…ඒක නිසා දැන් මම කොහොම හිටියත් තමුසෙ ප්‍රශ්නයක් කරගන්න ඕනිනෑ….මගේ හස්බන්ඩ්ට ඒක ප්‍රශ්නයක් වුනාම ඇති…😡 කොහෙවත් යන වුන් කරදර වෙන්න ඕනිනෑ..” දරුනූ වදන් වලින්ම ධීර්ගේ කට වැස්සවූ ඇය ඔහුව තල්ලු කරදමා ඔහුගෙන් වෙන්වුනේද සහිරුයි හශේනුයි එතනට පැමිද එකම මොහොතක.
“ධීර්….” හශේන් කතා කලේ ඔහු අතරමං වූවාක් සේ කෙල්ල දෙසම බලා සිටියදී.
” ආහ්…ඉට්ස් ගුඩ් යූ ආ(ර්) හිය(ර්) ” කෙල්ල හශේන් දෙස හැරී කතා කරන්න ගත්තේ කොල්ලෝ දෙන්නම ඇය දෙස බලද්දී.
” මෙන්න මේ මිනිහට කියනවා තමන්ගේ ලිමිට්ස් වල ඉන්න කියලා..නැත්තම් මේ හැමෝම ඉස්සරහා මම මේ මිනිහට ලැජ්ජ කරන්න දෙපාරක් හිතන්නෑ….” කෙල්ල ආවේගයෙන් කියවන් ගියේ හශේන් නම් තබ්බීරි ගැසී ඇය දෙස බලන් සිටියදී.
” සොරි නංගි…කලබල කරන්න අවශ්‍ය නෑ…..” සහිරු පැවසුවේ කෙල්ල ඔහු දෙසනම් කෝපයකින් තොරව බැල්මක් හෙලා හිසවනද්දී.
ප්‍රාණ සම කොට පිදූ ආදරය
ඔබට විය අවිශ්වාසය
හේතු නොසොයා ඔබ එදා
මාව අතහැර දැමුවේ කිමද
එදා සිටි ඔබේ පෙම්වතී නොව
අද සිටින්නේ ඔබේ දෛවය ලියන්නී..
මම ලියනා ඔබේ දෛවය,
ඔබට සිතාගතවත් නොහැක
බලා සිටිනවා හැර…
ඒත් එක්කම වගේ ගජනායක මහතා සියලු දෙනාව ඇමතුවේ ප්‍රශ්න සියල්ල අමතක කර ඔවුන් කතාවට ඇහුන්කන් දෙද්දී.
” අයි ඇප්‍රිසියේට් යොර් ප්‍රසන්ස් හියර්…ලෙට්ස් සෙලිබ්රේට්….” මිනිත්තු කිහිපයක කතාවකට පසු ඔහු අවසානයේ එසේ පැවසුවේ වේටර් වරුන් විසින් පැමිණි සියලු දෙනා වෙත වයින් සහ සොෆ්ට් ඩ්රිනක්ස් ස(ර්)ව් කිරීමටද ඉන්පසුව පටන් ගනිද්දී. හශේන් වගේම සහිරුත් ග්ලාස් දෙකක් ගත්තේ
” ධීර්…ගනින් බං..” ලෙස හශේන් ධීර්ගේ බාහුවෙන් ඇද ඔහුව පියවි සිහියට ගෙන ඒමට කටයුතු කර.
” මෑඩම් …..” වේටර් වරයෙක් අසලම සිටි කෙල්ලට ඩ්‍රින්ක්ස් ස(ර්)ව් කලේ ඇය සොෆ්ට් ඩ්‍රින්ක්ස් මග හැර වයින් වීදුරුවක්ම අතට ගෙන “තැන්ක්යූ ” ලෙස පවසද්දී. එය එක උගුරටම අවසන් කරපු කෙල්ල තවත් වීදුරුවක් ඔහුගෙන්ම ඉල්ලා ගත්තේ ධීර් ඇය දෙස කෝපය පිරි දෑසෙන් බලා සිටියදී. එයත් බීමට ගනිද්දීම ධීර් අඩි දෙකට ඇය අසල ගොස් ග්ලාස් එක ඇදලා අරගත්තේ පුපුරන කේන්තියෙන්.
” තමුසේ….කවද ඉඳලද මේවා බොන්න පටන් ගත්තේ…😡” ධීර්ගේ මතකය දිවගියේ දිනක් තමන් බියර් කෑන් එකක් හිස් කරමින් සිටියදී කෙල්ල එය ඇද අරන් උගුරක් බී ” ඊ….මල ජරාව…” කියලා කටේ තිබූ ටිකත් එක්කම කෑන් එකත් විසි කල හැටියි.
” මොකද්ද ඒ කලේ ආ…මැරෙන්න ආසද තමුසෙට…” කේන්තියෙන්ම කොල්ලා කෑ ගැසුවේ ඒ මුහුණ දුකෙන් පිරීයද්දී.
” අනේහ්…මම එකක් අරන් දෙන්නම්…බනින්නේ ඔන්න….ජරාව බිබී….” අඬාගෙන වගේ කෙල්ල කිව්වේ..
” ඒ මගුලක් නෙවෙයි…ආයේ මේවා කටේ තියලා නෙවෙයි…අල්ලලා හරි බලනවකෝ…කට තලනවා 😡” කොල්ලා රවාගෙන කිව්වේ කෙල්ල දත් තිස්දෙකම පෙන්වමින් සිනාසී…
” අනේ….කෙල්ලොත් බොන්නේ…වයින් සුට්ටක් බීලා බලන්න හිටියෙ මම ඔන්න…ඒවට ලස්සන වෙනවලුත් එක්ක..😁” කියද්දී.
” කිඳුරී…ගෑණු ඉන්න ඕනි ගෑණු විදිහට..වයින් කියන්නෙත් ඇල්කොහොල් තමා…අනිත් ගෑණු බිව්වට තමුසෙට ඒවා ඕනි නෑ…අනික තමුසෙගේ තව මොනවා ලස්සන වෙන්නද…කන පලාගන්න එපා හරිද මට කියලා ඕන්නැති රෙද්දවල් කරන්න ගිහින්…😠”
ඒ මතකයත් එක්කම ධීර් ඇගේ අතක් තදින් අල්ල ගත්තේ ඇවිලෙන කෝපයෙන්.
” එක්සකියුස්මී මිස්ටර්…හූ ආ(ර්) යූ ටු බිහේව් ලියික් දිස්..? අයි ඩූ වට් අයි වෝන්ට්..😏” කට කොනින් සිනහා සී කෙල්ල නැවතත් ඔහු අත තිබූ වයින් වීදුරුව ගැනීමට සැරසුනේ ධීර් කේන්තියෙන්ම එය එක උගුරට බී දමද්දී. අසලින් ගියපු වෙටර් වරයෙකුටගේ ට්‍රේ එකක් මතින් හිස් වීදුරුව තබා ධීර් ඇගේ අතින් ඇදගෙන් ඇය රැගෙන ගියේ කෙල්ලව ඔහුත් සමග ඇදීගෙන වගේ ඉදිරියට යද්දී.
” වට්ද…හෙල්…අත අරිනවා මනුස්සයෝ…පිස්සුද තමුසෙට…” ඇගේ අත ඔහුගෙන් මුදවා ගැනීමට දඟලමින් කෙල්ල තරමක් උස් හඩින් කිව්වේ කෑ ගසා රණ්ඩු වීමට තරම් එහි පරිසරයක් නොවූ නිසා. හෝල් එකෙන් කොරි ඩෝවකට පැමිණි ධීර් කවුරුවත් නැති තැනක් බලා නතර වුනේ ඇය දෙස දවා අළු කරන බැල්මක්ද හෙලමින්.
” කිඳුරී…තමුසෙ මගේ ඉවසීමේ සීමාව පරික්ෂා කරන්න එපා…ආව වෙලේ ඉඳලා මම බලන් හිටියේ…මිනිස්සුන්ගේ කරේ එල්ලීගෙන හිටියා මදිවට වීදුරුදෙක තුන බීලා හොඳ නැටුමක් නටන්නද හදන්නේ උඹ..? 😠” කේන්තියෙන් ඔහු අසද්දී කෙල්ල කලේම සමච්චල්සහගතව ඔහුට සිනා සුන එක පමණයි.
” තමුසෙගේ ඉවසීම…? 😄 ඒකෙන් මට ඇති වැඩේ මොකද්ද? තමුසෙ කවුද??? මගේ ජීවිතේට ඇඟිලි ගහන්න එන්න එපා..ඒවා කරන්න මගේ මිනිහා ඉන්නවා…” කෙල්ලත් ඇවිලීගෙන එන කෝපයෙන් කිව්වේ දඹරැඟිල්ලත් ඔහු වෙත දිගු කරමින්.
” මිනිහා…? ඌ තමුසෙගේ මිනිහා නිසාද ඕයි උඹේ කරේ වෙන උන් එල්ලෙනකන් බලන් හිටියේ…උඹ මෙතන බිබී නටනවා බලන් ඉන්නේ…? 😠” නැවතත් ධීර් ඇසුවේ ඇගේ අතක් තද කර අල්ලාගන්නා ගමන්.
” තමුසෙට මොකද ඉතින්?? 😏” කෙල්ලත් ඒ ආවේගයෙන්මයි කතා කරන්නේ.
“මට මොකද?? හහ්..තමුසෙගේ මිනිහා කියන එකා පො$නයෙක් වුනාට මේ ධීර් එහෙම නැති නිසා…මගේ ගෑණි බඩුවක් වෙනවා මට බලන් ඉන්න බෑ ඕයි…තමුසෙට තේරුනාද ඇයි කියලා ..😠” ඒ ග්‍රහණය තද කරමින් ඔහු කෑ ගැසුවේ
” ජස්ට් ඩෝන්ට් ටච් මී…තමුසෙට මං ආයේ කියනවා…මගේ ජීවිතේට ඇඟිලි ගහන්න ඇවිත්, තමුසෙගේ විනාසය තවත් ඉක්මන් කරගන්න එපා මිස්ට ධීරක වංශනායක….මට පේන්න බෑ තමුසෙව..ශික්..අප්පිරියයි ඔය මූණ….ජරා මිනිහා…😠” කියමින් ඇය ඒ අත ගසා දමා ඉදිරියට ඇදුනේ ඉවසීමේ මෙන්ම කේන්තියේද උපරිමයටම ගොස් සිටි ධීර්, එය පාලනය කරගැනීමට වෙරදර මින් සිටියදී. ඒ් මුලු ගතම කේන්තියෙන් ගැහෙන්නේ අහිංසකාවිකව සිටි ඇය මේ පවසන වදනක් ගානේ..ඇය හැසිරෙන ආකාරයෙන් පවා ඔහුගේ හදවත දෙකඩ කරන නිසා…තත්ත්පර ගානක් ගියපසු ඇය නොපෙනී යාමට පෙර ධීර් ඇය පසු පස හඹා ගියේ පහව නොගිය කේන්තියෙන්මයි.
” කිඳුරංගනා…නවතිනවා…” කොල්ලා කෙල්ල අසලටම ගියත් නතරවීමට සිදු වුනේ ඇය වොශ් රූම් එක තුලට ඉක්මන් අඩියෙන් ඇතුල් වුන නිසා.
” ශිට්…මේකි…උඹට අද මාත් එක්ක කතා කරන්නම වෙනවා කිඳුරී….අර්….” කේන්තියෙන්ම ඔහු තම හිස කෙස් ඇද ගත්තේ එක් වරම ඇතුලත සිටි අයෙක් දොරත් ඇරන් එලියට එද්දී.
” ඔහ්…සොරි…” කොල්ලා ඉක්මනින්ම දොර ගාවින් ඉවත් වුනේ ඇය මද සිනහවක් පා යද්දී. තවත් මොහොතක් බලා සිටි ඔහු දුටුවේ පොළව පිරිසිදු කරමින් එහි පැමීණෙන කාන්තාවක්..
” එක්සකියුස්මී ….”
ඇය ඔහු දෙස බැලුවේ
“සර්…” කියමින්.
“මේ..මගේ වයිෆ් ඇතුලේ…එයා ටිකක් අසනීපෙන් ඉන්නේ…මම ටිකක් ඇතුලට යන්න හැදුවේ එයාට මොකද බලන්න…පොඩ්ඩක් කවුරු හරි ආවොත් දැනුන් දෙනවද..ලේඩීස් වොශ් රූම් එකනේ…” ආයාචනාත්මකව ධීර් එසේ පවසද්දී මැදිවියේ සේවිකාව සිනහසී ” ටිකක් ඉන්න සර්” කියමින් අතුලට ගොස් ගෙන ආවේ ” DO NOT USE! ON RENOVATION ” ලෙස තිබූ බෝඩ් එකක්.
” හරි සර්…දැන් යන්න..මට මෙතන ඉන්න බැරි නිසයි මේක තියන්නේ…” ලෙස ඇය කියූවේ ධීර්ගේ සිත සතුටින පිරී යද්දී.
” තැන්ක්යූ ” කොල්ලා ඇයට ස්තුති කර එහි ඇතුල් වුනේ අදනම් කෙසේ හෝ සියල්ල විසඳාගැනීමට සිතා.
ඒ වන විටත් සාරිය සකසමින් සිටි කෙල්ල ගැස්සී ගියේ තමන් ළඟින්ම ඇසුනු සපත්තු අඩි සද්දය නිසා..හිස ඔසවා බැලූ ඇයට තරු පෙනුනේ නොසිතූ ලෙස ධීර් එහි ඇය ඉදිරියේ සිටින නිසයි.
” පිස්සුද මනුස්සයෝ….දිස් ඊස් ලේඩීස් වොශ් රූම්…ලැජ්ජ නැද්ද තමුසෙට…” එසේ කෑ ගසමින්ම ඉක්මනින් එතනින් ඉවත්ව එලියට ඒමට හදපු කෙල්ල ධීර්ව පසු කර යනවා සමගම නැවතත් ආපස්සට ඇදී ගියේ ආවටත් වඩා වේගයෙන්.
ඉවරායි 😁😁😁
ඉදිරියට🌷🌷🌷
••••🌷🌷🌷🌷••••
නිසඳැස – Wijesekara Wijesekara ❤️
සලලලලා 🤣🤣 මොකද්ද ඒ වුනේ..ධීර් කොව්වටනම් හොඳටම පිසසු 🤭🤭 හී..😁…ඊයෙත් චෝදනා කීපයක් ආවත් මේ අසී කෙල්ල ඕවා ගනන් ගන්නෑ බබාලා..දැන් තමා කතාවේ හොඳම ටික..මගේ අදහස් අනුවනම්…😁😌😌 අදහස් කියන හැමෝටම ආදරෙයි පැලෙන්න 😘❤️ ඔයාලගේ අදහස් වලින් තමා මම තේරුම් ගන්නේ කතාව කොච්චර සාර්ථකද කියලා 😍 ආයේ හෙට…හෙට ගෙදර යනෝ මං…😒😒 කොරෝනා…තවුසේ මාව කෑවා…😒😠 ට්‍රෙිනින්ග් එක පොස්ට්පෝන්ඩ් වුනා ළමයි..සෙද්ද…😒
බුදුසරණයි හැමොටම ❤️ පරිස්සමෙන් ඉන්න..❤️ බුදුසරණයි!!! ජේසු පිහිටයි.