කියවන හැමෝම ලෝභ නැතුව like එකක් දා ගෙන යන්න වස්තුලා ❤️❤️

චන්ඩි_රැජින🌹🌹

හැත්තෑ හය වන චන්ඩිකම 🙅

හිතට දැනෙන්නෙ පුදුමාකාර සැහැල්ලුවක්.මෙච්චර දවසක් උසුලන් උන්නු මහා බරක් බිමින් තිබ්බ වගේ හිතට දැනෙන්නෙ වචනවලට පෙරලන්න බැරි සතුටක්.මේ පැය ගානට අපේ ඇස් කතා කරන්න ඇති අපිටත් වඩා.එයාගෙ උණුහුමට ගුලි වෙලා කියව කියව උන්නු මං ගැස්සිලා ගියේ කාමරේ දොර ඇරුණු හඩින්.ඇරුණු දොරෙන් ඇතුළට ආවෙ සහේලි.

පුදුමයි අද නම් දෙපතුල ගාවටම දිග ගවුමක් ඇදල.ඒත් ගවුම දෙපැත්තෙන්ම කලව ගාවට එනකම්ම පළල.පපුවෙන් භාගයක්ම එළියෙ.පුපුර පුපුර අපි දිහා බලන් උන්නු සහේලි අතේ තිබුණු හෑන්ඩ් බෑග් එක ඇද උඩට විසි කළේ අපිට දමල ගහන්න වගේ.මං බය වෙලා උන්නෙ අභිරූ සර් කලින් දවසෙ වගේ මගෙ ඇස් ඉස්සරහම සහේලිව තුරුළු කර ගනීවි කියල.ඒත් සිද්ධ උණේ වෙනම දෙයක්.සහේලිට පේන්න අභිරූ සර් මාව තව තවත් ඒ පපුවට තුරුළු කර ගත්තෙ මං පුදුම වෙලා එයා දිහාම බලන් ඉද්දි.

” Are you mad ? ඔයාගෙ මොලේ හොද නැද්ද?අභී කොහෙවත් යන හිගන ගෑනු මේක අස්සෙ දා ගෙන ඉන්නෙ “

මං දිහා රව රවා බලන ගමන් සහේලි එහෙම කිව්වෙ.

” සහේලි තමුන්ටයි ලැජ්ජාවක් නැත්තෙ.කාගෙ අවසරයකින්ද? මගෙ ඔෆිස් එකට ආවෙ.අනික මගෙ ප්‍රයිවට් රූම් එක මේක “

මගෙ මූණ දිහාත් බලල අභිරූ ස්ර් එහෙම කියද්දි සමච්චලයට හිනා උණු සහේලි ළග තිබුණු පුටුවක් ඇදල අරන් වාඩි වුණේ කකුලක් පිට කකුලක් දා ගෙන.

” මට තියන අයිතිය මටත් වඩා හොදට ඔය දන්නවනෙ අභිරූ”

අභිරූ සර් දිහා බලල සද්දෙන්ම එහෙම කියපු සහේලි මටත් ගස්සල අහක බලා ගත්තෙ.

” මොකක්ද? මොකක්ද? සහේලි තමුන්ට මෙතන තියන අයිතිය කියනවකො බලන්න “

ඒත් එක්කම සහේලි කියපු දෙයින් මගෙ කණ් දෙක ළග හෙණ දාහක් පුපුරනව වගේ දැනුණෙ මුළු ගතම අඩපණ වෙලා ගිහින් සහේලිගෙ වචන විතරක් මෆෙ කණ් අස්සෙ දෝංකාර දෙන්න ගද්දි.

” ඇයි ඔයාට අමතක උණාද? අභිරූ මං ඔයාගෙ wife කියල.එතකොට අපි දෙන්න මැරි කරල ඉන්නෙ කියල “

සහේලිගෙ ඒ වචනත් එක්ක මං ඇස් දෙකත් විශාල කර ගෙන බලන් උන්නෙ අභිරූ ස්ර්ගෙ මූණ දිහා.විශ්වාස කරන්න සහේලිගෙ ඒ වචනවලට පුළුවන් උණා අභිරූ සර්ව එක තත්පරෙන් නිහඩ කරවන්න.මට මුහුණ දෙන්න බැරිවද කොහෙදෝ බිම බලන් උන්නු එයා ටික ව්ව්ලාවකින් මගෙ ඉණ වටේ දාන් උන්නු අත ලිහිල් කරල බිම බලා ගෙන රූම් එකෙන් එළියට ගියේ.තාමත් කිසිම දෙයක් හිතා ගන්න බැරුව මං බලන් උන්නෙ දොර දිහාම.ටික වෙලාවක් එළියට යන අභිරූ සර් දිහා බලන් හිටපු සහේලි මං ගාවට ඇවිදන් ආවෙ මං බය වෙලා එයා දිහා බලන් ඉද්දි.තදින්ම මගෙ අත් බාහුවකින් අල්ල ගත්තු සහේලිමගෙ මූණට එබුණෙ දත් කුරු හපා ගෙන

” උඹට දැන්වත් ලැජ්ජාවක් තියනව නම් මෙතනින් පලයං.නැත්තන් මට සිද්ධ වෙනව පොලිස්ටේශන් එකට කතා කරන්න.උඹට ලැජ්ජාවක් නැද්ද? ගෑණියෙ අනුන්ගෙ මිනිස්සු අල්ල ගන්න.ඔව් ඉතින් උඹල වගේ හිගන ගෑණු වටේ ගිහින් ගිහින් අන්තිමට නතර වෙන්නෙ සල්ලිකාරයො ළගනෙ.”

අහන් ඉන්න බැරි තරම් නොසරුප් වචන කියල බැනපු සහේලි මාව රූම් එකෙන් පිටට තල්ලු කරල දොර වහල දැම්මෙ.මං බැලුවෙ ඔෆිස් රූම් එක පුරාම.එයා පේන මානෙක නෑ. සමහරවිට මට මූණ දෙන්න බැරුව ඇති.අභිරූ සර් මට කරල තියන බොරුවක මහත.අනේ මං රැවටිලා තියන තරමක්.මට අභිරූ සර් ගැන දැනුනෙ මහ පිළිකුලක්.එයා වෙනුවෙන් මේ හිතේ තිබුණු පැහැදීම නැති වෙලා ගියේ එක තත්පරෙන්.

මං මගේම තාත්තට වගේ සලකපුගරු කරපු අභිරූ සර් මට කවදාවත් මෙහෙම කරාවි කියල දැනුණෙවත් නෑ.මේ හැමදේම හීනයක් වගේ.එයා බැදල කියල ම්ං කොහොම විශ්වාස කරන්නද? අභිරූ සර් වෙනුවෙන් තිබුණු හැම හැගීමක්ම මරල දාල මං ශොප් එකෙන් එළියට ආවෙ.ආයෙ කිසිම දවසක එයා වෙනුවෙන් මේ හිතේ බලාපොරොත්තුවක් ඇති නොවේවි.ඒ ඇස් කිසිම දවසක ආයෙමත් මට හමු නොවේවි.ඒත් ඉස්සරම දවසක එයා වෙනුවෙන් මගෙ හදවතේ ඉපදුණු ආදරේ විතරක් හැමදාමත් හදවතේ ගැඹුරුම තැනක තියේවි හරි පරිස්සමට.මේ ආදරේට ද්‍රෝහි උණේ එයා.ඒත් මං කිසිම දාක මේ ආදරේට ද්‍රෝහි නොවේවි.අභිරූ සර් සදාකාලික මතකයක් විතරක්ම වෙලා මේ හිතේ හැමදාමත් ඉදීවි……..❤️❤️❤️

🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

” අපි බැදීම් අතරෙ හිර වෙනව කියන්නෙ සැනසීම අපෙන් ගොඩාක් දුරස් වෙනව කියන එක. හිතට වේදනා දෙන බැදීම්වලින් ඈත් උණාම සැනසීම ඉබේම අපි ළගට එනව.නිශාදි නෝනටත් වෙලා තියෙන්නෙ ඒක.”

අභිරූ සර්ගෙ මතකයන්වල හිර වෙලා උන්නු මං පියවි සිහියට ආවෙ මෑණියන්ගෙ හඩින්.ශොප් එකෙන් ආපු මං එහෙම්ම ආවෙ ආරාමෙට.හිත නිවෙන,සැනසෙන එකම තැන.හිත අවුලන වෙව්දණාවකදි මං එන්නෙ ආරාමෙට.උත්පලවණ්නා මෑනියන්ටත් දැන් මාව හුගාක් හුරු වෙලා.

” නිශාදි නෝන දැන් මොකක්ද? කරන්න හිතන් ඉන්නෙ “

” මට මේ හැම දේකින්ම ඈත් වෙන්න ඕනි මෑණියනි.මට තවත් විදවන්න බෑ.”

“හිත හදා ගමු හෙමීට.තුවාලයක් උණත් සනීප වෙන්නෙ හෙමින්.බුදු බණවලට පුළුවන් හිත නිවන්න.බිදුණු හිතක් සනසන්න.මං නිශාදි නෝන එක්කම ඉන්නව බය වෙන්න එපා.”

ඇත්තමයි මෑණියන්ගෙ වචනත් මේ හිතට සැනසීමක්.සතුටක්.තිස්සෙම කදුළු පුරෝගෙන අඩන නිශාදි නෙවෙයි දැන් ඉන්නෙ.යකඩයක් උණත් රත් වෙන්න රත් වෙන්න මුවහත් වෙනව.මගෙ හිතත් දැන් ඒ වගේ.වේදනා විදලම මේ හිත දැන් ශක්තිමත් වෙලා.ඕනම දෙයක් දරා ගන්න පුළුවන් තරමට ශක්තිමත් වෙලා. ආයෙමත් අභිරූ වෙනුවෙන් මේ ඇස්වල කදුළු නැති වේවි.එයා නැති ජීවිතේ සැනසීමක් නම් ගොඩාක් දුර වේවි.ඒත් මං ඒ සැනසීම හොයා ගන්නව.අදින් පස්සෙ මේ ජීවිතේ වෙනස්ම අතකට පෙරලේවි.ඇහි පිල්ලම් අග රැදී තිබුණු අවසාන කදුළු බිදුවක් ඇගිලි තුඩින් ඉවත් කරන මං ආරාමෙන් එළියට ආවෙ.

🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

” අයියෝ තව විනාඩි පහකට කලින් ආව නම් අභිරූට කතා කරලම යන්න තිබුණ.”

ගෙට ගොඩ වෙනවත් එක්කම රශී කියපු කතාවෙන් මං ගැස්සිල ගියේ.

” මොකක්,අභිරූ……”

” ඔව් උඹ ශොප් එකට යනකොට අභිරූ ගෙදර ඉදල තියෙන්නෙ.උඹ එනවත් එක්කමයි අභිරූ ශොප් එකට ඇවිත් තියෙන්නෙ.පස්සෙ ඌ මෙහෙ ආව.දැන් විනාඩි දහයකට විතර කලින් ගියේ උඹ එනකන් බලන් ඉදලම.ආව ගමන් එයාට කෝල් එකක් දෙන්න කිව්වෙ .”

අනේ එයා බොරු කියන තරමක්.මටදුක නොහිතුනාම නෙවෙයි.ඒත් එයා කළ රැවටීමෙන් ආයෙමත් කිසිම දාක මේ හිතේ පැහැදීමක් නම් ඇති නොවේවි.වෙච්ච හැමදෙයක්ම මම රශී එක්ක කිව්වෙ.ඒකි විශ්වාස කරන්න බැරුව අහන් ඉන්නව.ඔව් ඉතින් එඒකි කොහොම විශ්වාස කරන්නද එයාට මෙච්චර ආදරේ කරපු මමත් එයාව විශ්වාස කරපු තරමට…….

නැවත හමුවෙමු

Advertisment