කිඳුරංගනා Facebook novel
❌❌කතෘ අවසරයෙන් තොරව උපුටා ගැනීම සපුරා තහනම්❌❌
43_කොටස
පෙර කොටස –
” නෑහ්…එහෙම වෙන්න බෑ….එහෙම වෙන්න බෑ……” ධීර් මේ බඩු පොළොවේ ගසමින් කෑ ගසන්නේ ඔහුගේ නිවසේ සිට…හශේන් ඔහුව කොච්චර කන්ට්‍රෝල් කරගන්න හැදුවත් බැරි වුනේ ආපු ගමන්ම කොල්ලා බෝතලක් කඩලා අරන් බීගෙන බීගෙන ගියපු නිසයි.
” ශනා…අනේහ්..ඒකි ම්..මගේනේ….කියපන්කෝ….ආ..කියපන් යකෝ….” ධීර් හශේන්ගේ උරහිස්වලින් අල්වාගෙන කෑ ගැසීමට පටන්ගත්තේ ඔහුටද කට උත්තර නැති කරමින්.
” දැන් නටපන්…තෝ දන්නේ ඔච්චරනේ.. අවුරුදු හතරකට කලිනුත් තෝ කලේ ඔය ටිකනේ…ශික්….” ඒ සහිරු…ධීර්ගේ හිත සැනසීමට වදනකුදුත් නොකියන සහිරු, තවමත් කරන්නේම ධීර්ට හොඳ හැටි බනින එක පමණයි.
” හිරුවා …..මමද වැරදි යකෝ..මම විතරද…” ඒ පාර ධීර් ගියේ සහිරු ගාවට.
“ඇයි.. උඹ දන්නේ නැද්ද? තෝ තමා වැරදි…තෝ එදා ඒකිව විශ්වස කලා නම් අද තෝ ඔහොම විඳවන්නෑ බ$ලෝ…අඩුම ගානේ තොට පුළුවන් වුනාද ඒ ප්ලෑන් ගහන්න අර නේහට උදවු කරපු බ$ලවවත් හොයා ගන්න..?? නෑ…තෝ දන්නේ මහ උරග දැවැන්තයා වගේ බෙරිහන් දිදී නටන්න විතරයි.. ” සහිරු කොච්චර බැන්නත් ඔහු කියන්නනේ සත්‍ය බව ධීර් දන්නවා…ඒක නිසාමයි ඔහු ගොළු වෙන්නේ…
“අනේ මේ හිරුවා…මූ විතරද වැරදි…ඒකි මූට අැත්තටම ආදරේ කලානම් අරූව බැඳගෙන ළමෙකුත් හදාගනියිද?? බලපන්කෝ ඉන්න ලස්සන…එක දශමයක් ඒකි දුක් විඳලා තිබ්බා වගේ තෝට පෙනුනද?? ඒකි හොඳ සැපට ඉදලා…මූ මෙතන නාස්ති වෙලා ගිහින් 😡” හශේන් කෑ ගැසුවේ කවදටත් වඩා කෝපයකින්…සහිරුත් තරමක් කට පියා ගත්තේ එයද සත්‍යක් නිසයි.
“න්..නෑ….ඒකිට බෑ එහෙම කරන්න …බැඳලා එකෙක් නෙවෙයි..ළමයි දහයක් හිටියත් ඒකි මගේ..මගේ විතරයි…මරණවා මන් ඕකිව මගෙන් ඈත් වෙන්න හැදුවොත්….අරූට…😠 ඒ වේ% පො$නයට..යහතින් ඉන්න දෙන්නෑ මං….මගේ කෙල්ලව වෙනස් කරලා තියෙන තරමක් උෟ…..😠😠” කේන්තියෙන් ගුගුරමින් ඔහු එහා මෙහා ඇවිදින්නේ හිස කෙස් දෑත් වලින්ම ඇදගෙනයි….මෙතරම් කාලයක් දුකෙන්ම පිරී තිබූ ඒ හිත අද උතුරා ගියේ දුක මුසු වූ මහත් වූ කෝපයකින්. කිඳුරංගනා ගේ වදන් ඔහුගේ හදවත පසාරු කරගෙන ගියත් ඇගේ හැසිරීම වගේ මිහින් ඇගේ සැමියා වීම ධීර්ව කෝපයේ හිනිපෙත්තටම ගෙන යාමට සමත් වුනා.
” තවත් මං ඉවසනවා ශනා…ඒ බැ$ල්ලි දන්නෑ මගේ හැටි…අරූ ඇත්තටම ඒකිගේ මිනිහා වුනත් මට කමක් නෑ…මම ඒකිව මගේ ළඟ තියාගන්නවා…මොනදේ කරලා හරි ඒකිව මගේ ලගට ගන්න එක ගන්නවමයි…මමත් වැරැද්දක් කරපු නිසා මම තවත් ඉවසනවා….ඒකි මගේ “
” අනේ මංදා බං…ඒකි බොරු කරපු බවක් පෙනුන්ණැනේ…දැක්කනේ අර පොඩි එකා…අරූගේ කපාපු පලුව ….හරි උඹ උගෙන් නංගිව වෙන් කලා කියමුකෝ…එතකොට අර දරුවා…ඒක කරන්න බෑනේ….” වෙනාදට විහිළුවෙන්ම කල් ගත කරන හශේන් දැන් දැන් වැදගත් යමක් කතා කිරීමට පටන් ගත්තේ කාලයත් සමග ඔහුද මුහුකුරා ගොස් ඇති නිසයි.
” ළමයව…?? ඒකවත් මම ගන්නවා…මගේ එකෙක් වගේ හදා ගන්නවා….මට ඕනි මගේ කෙල්ල මම ගාව ඉන්න විතරයි….” ධීර් මේ කියන දේවල් සහිරුනම් අසා සිටියේ තරමක් කෝපයෙන්.
” තෝ මනුස්සයෙක් ද යකෝ…තෝ ඔය හොඳ සිහියෙන්ද කතා කරන්නේ…උඹ හිතන්නේ තෝ වට්ටන්න කියලා කෝටි ගානක් ලොස්ට් කරන්න ප්ලෑන් ගහපු, පොජෙක්ට්ස් දෙක තුන උඹට නැති කැරපු එකී..අච්චර උඹට වෛර කරපු එකී..තොට බලෙන් ලං කරගන්න පුළුවන් කියලද??? තෝ දැක්කද ඒකි වෙනස් වෙලා තියෙන තරමක්…😕” සහිරු කෑගැසුවේ අසිහියෙන් මෙන් කතා කරන ධීර්ට යමක් තේරුම් කිරීමට සිතා…
” බිස්නස් වලට ඒකි කොහොමත් ඉන්ටරෙස්ට්නේ…ඉංග්‍රීසි කෑලි ටිකක් කතා කරලා ටිකක් පොශ් වුනා කියලා හිත ඇතුලේ ඉන්න අහිංසකීව අවුරුදු හතරකින් වෙනස් කරන්න පුළුවන්ද බං…පිරිමියෙක් වුන මට බැරි වුන දේ පොඩි කෙල්ලලෙක් වුන ඒකි කොහොම කරන්නද…හහ්..බලමුකෝ…ඉස්සරහට….😡” ධීර් අත හැරීමට සූදානම් නෑ…ඒත් කිඳුරංගනා …ඇය කෙසේ නම් වෙන්ස් වී ඇතිද…සැබැවින්ම ධීර් පවසන පරිදී ඇය තවමත් සිතින් ඔහුගේ කිඳුරී මද…එය දන්නේ..ඇයම පමණයි..
•
•
” නංගී…..” වාහනය පදවන ගමන් මිහින් කෙල්ලට කතා කලේ හුඟක් දුර එනකනුත් ඔවුන් අතර කිසිඳු කතා බහක් නොවූ නිසා…
” ම්….” කෙල්ල යන්තමින් පිළිතුරු දුන්නේ හිත ඇතුලේ කැකෑරෙන කෝපය තවමත් ඇයව නොසන්සුන් කරන නිසා. පුංචි ශෙනූ නම් කෙල්ලගේ ළඟ සැපට නිදි.
” ඔච්චර නපුරු වෙන්න එපා බං….උඹ දැක්කද අරූගේ මූණ….කොච්චර ඌ විඳෙව්වද කියලා උඹ නොදන්නවා වුනාට මම දන්නවා…” මිහින් කියද්දී කෙල්ල හීයක වේගයෙන් බැලුවේ කොල්ලා දිහා.
” එතකොට මං…මම විදෙවුවේ නැද්ද…මගේ ජීවිතේ විනාස කරපු ඒ බ#ලා විනාස වෙලා යන තරම් සතුටක් මට තවත් නෑ….තාම පටන් ගත්තා විතරයි…ඒක නිසා ඔයා මැද්දට පනින්නැතුව ඉන්න…😠” කෙල්ල ආවේගයෙන් කතා කලේ මිහින් සමගද කෝප ගෙන. ඇගේ හිතේ ඇකි වේදනාව..තරහා මිහින් තරම් දන්න අයෙක් තවත් නෑ…ඒ නිසාමයි ඔහු නිශ්ශබ්ද වුනේ..
•
” නංගා…මොකද වුනේ???” සකූ ඇහුවේ ශෙනූගේ ඇඳුම් මාරුකර ඔහුව පහසුවට ඇඳමතින් තබන ගමන්.
” හ්හ…වෙන්න ඕනි දේ ඒ විදිහටම සිද්ද වුනා….හිතට දැනෙන සැනසිල්ල…..” කියමින් කෙල්ලත් ඇඳෙන්ම දිගා වුනේ සකූගේ මුහුණ නම් තරමක් අඳුරු වෙද්දී.
” ධී..ර් අයියා…මේ….හිටියද…😐” සකූ බයෙන් බයෙන් ඇහුවේ කෙල්ල මාරාන්තික කෝපයකින් ඇය දෙස බලද්දී.
” මගේ ජීවිතේ නැති කරපු එකා ඔයාට තාමත් අයියද අක්කී.. ? 😡 මට විතරක් ඔය මිනිහගේ නමවත් මතක් කරන්න එපා….” ලෙස ඇයටද බැන වැදුන කෙල්ල කාමරයෙන් පිටවුනේ දරාගත නොහැකි කේන්තියකින් සිත පිරීයද්දී..
ඇයි ඇය මෙතරම් කෝප ගන්නේ…සිවු වසරකට පෙර නිවසින් පිටවුන ඇය, අද මෙවන් තත්ත්වයක සිටින්නේ කෙසේද..?? තරහෙන්ම තම කාමරයට පැමිණි ඇය ඇඳට වැටුනේ කෝපයෙන්ම ඒ දෑස් තෙත්ව යද්දී…ඒත් සමගම ඇගේ මතකය දිවගියේ සිව් වසරකට පෙර වූ ඒ අතීතයට…
එදා කෙල්ල අතුරුදහන්වී දින කීපයකට පසු ධීර් මිහින්ව සොයාගෙන ආවේ දැඩි කෝපයකින්..ඒ ඔහු ඒ සියල්ල සිදු කලා යැයි සිතා..ඔවු…ඒ වන විටත් කිඳුරංගනා සිටියේ ඔහු සහ සකූ සමග ඔහුගේ නිවසේ…ඒ ඇයට යාමට වෙනත් තැනක් නොමැති වූ නිසයි…
“එතකොට උඹේ අර නංගි කියන එකී එක්ක එකතු වෙලා අපිව විනාස කරන්න හැදුවෙ නෑ කියලාද උඹ කියන්නේ..”
“නෑ යකෝ…ඒ බැ$ලි තමා සේරම කරන්නේ..උඹ ගිහින් ඒවා ඒකි එක්ක බලා ගනින්..අනික දැන් මොකටද උඹ නංගිව හොයන්නේ..හිතක් පපුවක් නැතුව ඒකිව අත ඇරලාදාලා…” මිහින් කෑ ගැසූ පසු ධීර් ඔහුට පහර දෙන ශබ්දය පවා ඇය සැඟවී අසා සිටියේ ඒ දෑස්වලින් කඳුළු ගංගාවක් මවමින්..
” කට වහපන් පා#රයා…තෝ තමා සේරම කලේ..තෝ මගේ කෙල්ලව දැක්ක දවසේ ඉඳලා ඒකිගේ පස්සෙන් ගියේ..තෝයි ඒකිව ඇදටත් ගත්තේ අන්තිමට..තෝ තමා සේරම කලේ…” නැවතත් ධීර් ඒ කියූ හදවත බිඳ දමන වදන් නිසා කෙල්ලට මහ හයියෙන් හැඬුම් ආවේ තවමත් ඔහු ඇයව අවිස්වාස කරන බව හොඳින්ම් හැඟීයද්දී. ඒක් වරක් නොව..සිය දහස් වරක් දුවගෙන ගොස් ඒ පපුවට තුරුළු වී හැඬීමට සිතුනත් ඇගේ හදවත ඔහු විසින්ම බිඳ දමා හමාරයි…පෙරදා ඇය පුන පුනා කිවුවත් තමා නිර්දෝශීබව..ධීර් කලේ කෝපගෙන ඇය අත හැර දැමීම පමණයි. ධීර් කෙල්ලව තල්ලු කර දැමූ නිසා වුන දෙයින් ඇයට රෝහල් ගත වන්නට පවා සිදුවුනේ කුසෙහි දරුවෙකු දරා සිටින ඇයට සිත් වේදනා මදිවට ඔහු තවත් ද් සිදු කිරීම ඇයට දරාගත නොහැකි වූ නිසයි.
” ඇයි මහත්තයෝ ඔයා මට මහෙම කලේ…ඇයි මාව මෙච්චර අසරණ කලේ…” හඬමින්ම ඇය සිතුවේ ධීර්ගේ කට හඬ නෑසී ගොස් ඔහු පිටවුන බව දැනෙද්දී. ඒ හිත වේදනාවෙන් මිරිකුනා…නැවත කවදා ඒ හඬ ඇසෙයිද ..නමුත් ඇයට බැහැ නැවතත් ඔහු ඉදිරියට පැමිණෙන්න..
” මේකි අරුගෙන් ළමෙක් හදන් ඇවිත් ඌත් මගේ කිව්වොත් මම ඒකත් පිළිගන්න ඕනිද යකෝ…මම අච්චර පරිස්සම් කරලත් මේ බැ#ලි මම නැති වුන දවස් දෙකේ හොඳින් ඉන්න බැරි වුනේ මේකි බබෙක්ද කියපන්…මටත් ඉවසීමේ සීමාවක් තියෙනවා යකෝ…පොඩි එකෙක්ද මේකි…”ඔහු කියූ මෙවැනි වදන් මතකයට එද්දී ඇය හැඬුම් පාලනය කරගත්තේ බොහොම අමාරුවෙන්..ඒ නිසාමයි ඇය දරුවා ගැන ඔහුට කීමට පවා දෙවරක් සිතුවේ. ඒ අවිශ්වාසය ඒ කෝපය දරුවාට පවා බලපෑමට ඉඩ ඇති බව ඇය දැන උන්නා…ගැහැණියක ලෙස දැන් ඇයට මෙලොව ඇති වටිනාම වස්තුව වූ ඔහුගේ ලෙයින් පණ ගැසෙන ඒ බිළිඳායි…එ නිසාමයි දින ගණනක නොනවතින හැඬුම් අවසානයේ ඇය තීරණයකට එළඹුනේ..
” මිහින් අයියේ…ම්..මට…තවත් ඉවසන් ඉන්න බෑ අයියේ…අනේහ්….මට අඩුම තරමේ මැරෙන්නවත් බෑ මේ පණ කැටේ නිසා..” කෙල්ල අඩාගෙනම කිවුවේ මිහින්ව මෙන්ම සකූවද බොහෝ සේ අසරණ කරමින්.
” අනේ රත්තරන්…මොනවද මේ කියන කතා…ඔයාට අපි ඉන්නවනේ පණ…” සකූ ඇයව තුරුලට ගෙන පැවසුවේ දවස් ගණනට ඇයගේ ශරීරයේ සිදු වී ඇති විපර්යාසය ඇයව ලෙඩ ගානටම ඇද දමා ඇති බව පෙනීයද්දී.
” අනේ අයියේ…මට තවත් ඉන්න බෑ…මාව දුරකට අරන් යන්න..එයාගෙන්..මාවයි…මගේ පැටියවයි ඈත් කරන්න අයියේ…අනේහ්…එයා මෙයාවත් නැති කරලා දැම්මෝත්..මට කවුරුවත් නෑ අයියේ..” කෙල්ල පොලවටම වැටී මහා හයියෙන් හැඬීමට පටන් ගත්තේ මිහින් ඇයව තම ගතට වාරු කර පුටුවකින් ඉන්දද්දී.
” නංගි මේ අහපන්…උඹ දන්නවා මට උඹයි මගේ නංගි..නැතුව අරකි නෙවෙයි…මම දන්නෑ අර බ$ලට මොන යකෙක් වැහිලද කියලා….හැබැයි ඌ ඇත්ත දැන ගත්ත දවසට ගොඩක් පසු තැවෙයි…එදාට ඌ උඹේ කකුල් දෙක ලග වැටිලා උඹෙන් සමාව ඉල්ලයි…..මම අද කිව්වා කියලා මතක තියාගනින්..” මිහින් කියවන් යද්දී කෙල්ල හිස දෙපසට වනමින් කිව්වේ
” අනේ අයියේ..මට එයාව ඕනි නෑ…එයාගේ සමාවත් එපා…මට මගේ පැටියව ආරක්ෂා කරලා දෙන්න…තව ටිකෙන් එයාට පණ දුන්න කෙනා නිසාම මගේ පැටියව මට නැති වෙනවා..මාව කොහේ හරි අරන් යන්නකෝ අයියේ…අනේහ්…අක්කේ..කියන්නකෝ…..තවත් ඉවසන්න බෑ…පපුව පැලිලා මැරෙයි මාව…මට බෑ දෙයියනේ..” දරාගැණීමේ උපරිමයටම ගොස් සිටි ඇය හුස්ම අල්ලන් හඬමින් කෑ ගැසුවේ දරුවෙක් කුස දරා සිටියදී ගැහැණියකට නොවිය යුතු නරකම දේවල් පසු කරමින් ඇයට ජීවත් වීමට සිදුවෙද්දී.
” හ්ම්…මම පොරොන්දු වෙනවා..උඹවයි මේ පැටියවයි බලාගන්නවා මම..උෟට පින නෑ නංගි…උගේ ජරා කෙන්තියයි අවිශ්වාසයයි නිසා ඌ සෑහෙන්න විදවයි…මම කැමතියි ඒකට..ඌ ඒකෙන්වත් පාඩමක් ඉගෙන ගනියිනේ…අපි යමු…දුරකට යමු..” කියූ මිහින් හැරුනේ සකූ දෙසට..
” සකූ…තමුසෙත් මාත් එක්ක එනවද නැද්ද?? මමත් ආයේ උඹෙන් අහන්නෑ…බැරිනම්..උඹත් අරූ වගේම පලයන් මගේ ජීවිතෙන්….” කෝපයෙන් මිහින් පවසද්දී සකූ හඩාගෙනම තුරුළු වුනේ ඒ පපුවට..
” අනේහ්..මම කොහේ යන්නද..යන තැනක මාවත් අරන් යන්න..මේ කෙල්ලවත් මට බලාගන්න පුළුවන්…” කියමින්..
•
•
එ අඳුරු අතීතයේ මතක ආවර්ජනයෙන් ඇය මිදුනේ මිහින්ගේ පැමිණිමත් සමග.
” නංගි…අම්මලව බලන්න යනවද??? ” කොල්ලා ඇසුවේ ඇය ඉක්මනින් එ් ඇස් වල තිබූ කඳුළු පිසදා ඇඳ මතින් වාඩි වෙද්දී.
“හ්ම්..හෙට යන්න හිතන් ඉන්නේ අයියේ…” කෙල්ල කිව්වේ සුසුමක් පිටකර.
” මාත් එන්නද 🤨”
” හ්ම්…යමු..” කෙල්ල කියද්දී මිහින් ඒ දෙකම්මුල් අල්ලාගත්තේ
” උඹට පුළුවන් බං..මේ හැම දේටම මූණ දෙන්න..දවසක උඹට සතුට ලැබෙයි…මම දන්නවා…! ” කියමින්.
” සතුට…මගේ සතුට තමා ධීරක වංශනායක නැත්තටම නැති වෙලා විනාශ වෙලා යන එක…ඒ තරම් සතුටක් මට තවත් නෑ අයියේ …😠” කෙල්ල කිව්වේ මිහින් ගැඹුරු සුසුමක් හෙලද්දී. ඒ හිතේ ඇති වෛරය අපරිමිතයි…ගෙවුනූ සිවු වසරෙහි ඇය දුක් විඳි තරම් මතක් වන විට ඇගේ වෛරය, කේන්තිය සාදාරණයයි මිහින් දන්නවා…නමුත් එයම යම් දිනය ඇයව නැවතත් එකම ආගාදයට ඇද දමාවියයි ඔහු බියයි…ඒ නිසාමයි සහෝදරයෙකු ලෙස ඔහු ඇය පසු පසින් තව තවත් සිටීමට දැඩිව සිතට ගත්තේ…
” හ්ම්..බලමුකෝ අපි…” කියූ ඔහු ඇගේ හිස සිඹ එතනින් පිට වුනේ ධීර්ව මතකයට පැමිණීමෙන් ඒ දෑස් වල ඇඳුනූ කෝපය තව තවත් වැඩි කර.
•
•
සාගරී සිටියේ නිවස අස්පස් කරමින්…සනත් ඇය අසලට වී කතා කරමින් සිටියේ දැන් ඔවුන් දෙදෙනා මේ නිවසේ තනිව කල් ගත කිරීමට පුරුදු කරයි. ඒ කිඳුරංගනා ගේ හැරයාම මෙන්ම උසස්පෙල විභාගය සමත් වුනත් රජයේ විශ්වවිද්‍යාලයකට යාමට නොහැකි වූ මලිත ව ධීර් විසින් පෞද්ගලික විශ්වවිද්‍යාලයකට ඇතුල් කරවූ නිසයි. ධීර්ද නිතර නිතර එහි පැමිණෙන්නේ ඇගේ කාමරයට වීකල් ගත කිරීමටද අවැසි නිසයි.
” නෝනේ…කවුද බලන්න…” මිදුලෙහි නැවතූ නුපුරුදු වාහනය දැක සනත් කිව්වේ සාගරී දොරකොඩ දෙසට යනවිට. වාහනයෙන් බැස්සේ කෙටි කලිසමක් සහ ස්කිනියකින් සැරසුන් තරුණියක කුඩා දරුවෙක් සමගිනි. එසේම තරුණයෙක්ද පැමිණෙන වග දුටුවත් ඇයට ඒ සිවු වසරකට පෙර වෙන්ව ගිය කිඳුරංගනා බව හඳුනාගෙත නොහැකිවුනේ ඒ ඇඳුම් පැලඳුම පවා වෙනස්ව ඇති නිසයි.
” අම්මා….” ඒසේ අමතමින් සාගරී ළඟටම ඇය ආවේ ඇය පපුව අල්ලා ගනිමින් කෑගැසන විට.
” මගේ දෙයියනේ…සුදු මැණික…මගේ දරුවා….” ඇගේ අතේ සිටි ශෙනූව මිහින් අරගත්තේ ඇය සාගරීව වැළඳගන්නා නිසයි.
” මගේ දුවේ…කොහෙද හිටියේ රත්තරන්..අම්මව මතක් වුනේ නැද්ද මැණික…” හඬමින්ම සාගරී ඇසුවේ ඇයට හැඬුම් ගෙන දෙමින්. මෙය දුටු සනත්ද අඩි දෙකට ඇය වෙත පැමිණියේ
” මගේ පුතේ…” කියමින්…ඒ දෑස්ද තෙත්වී ගියේ දරු සෙනෙහස උපරිමව ඒ හිතටද දැනෙද්දී..මිහින් ශෙනූ සමග මේ දෙස බලා සිටියේ ඔහුලේ හිතටද යම් සහනයක් දැනෙද්දී.
තවත් මොහොතක් කඳුළු මැදින්ම ඇගේ පැමිණීමෙහි සතුට ගෙවුනේ..
” අම්මා…මේ මිහින්….එතකොට මේ ශෙනූ පණ…” කියමින් කෙල්ල ශෙනූව ඇගේ අතට ගනිද්දී. මිහින් සුහදශීලිව සිනහාසුනේ සාගරී වගේම සනත්ද පුදුමයෙන් ඔවුන් දෙස බලද්දී.
” ම්….මේ එත..කොට…”යමක් වැටහුනා සේ සාගරී ගොත ගසමින් ඇසුවේ කෙල්ල හිස වනමින්..
” ඔවු අම්මා…ඔයා දැන් ආච්චියෙක්…මේ මගේ පණ කැටේ…ශෙනුල් ආකාශ් ධර්මවර්ධන…මේ මගේ මහත්තයා…මිහින් ආකාශ් ධර්මවර්ධන ” කෙල්ල ගාණක් නැතුවම ඔවුන් දෙදෙනාව හඳුන්වා දුනනේ සාගරී සහ සනත් ඉහළට ගත්ත හුසුම පහළට දාගන්න බැරුව බලන් ඉද්දී. මිහින්නම් යන යන තැන තමන්ව හස්බන්ඩ් කියලා හඳුන්වා දෙන කෙල්ල දිහා බලන් ඉන්නෙ රවාගෙන.
” ධර්මවර්ධන …?? ” තමාට හුරු ඒ, තම ජීවිතයම කනපිට ගැසීමට සමත් වූ ඒ නම ඇසෙද්දී සනත් ඇසුවේ කෙල්ලගෙන්. නමුත් පිළිතුරු දුන්නේ මිහින්.
” අංකල්…අංකල් හරි…මම උපාලි ධර්මවර්ධනගේ වන් ඇන්ඩ් ඔන්ලි සන්..ඩැඩීනම් දැන් ඇමෙරිකා වල ඉන්නේ…” මිහින් කියද්දී සනත්ගේ වගේම සාගරීගේත් මුහුණු අඳුරු වුනේ ඔහු මාලිගෙත්, උපාලිගෙත් දරුවා නිසා.
” අම්මා…අපිට ඇතුලට එන්න කියන්නැද්ද…ම්…” කෙල්ල ඇහුවේ වෙනස් වූ ඔවුන්ගේ මුහුණු ඇය හොඳින්ම හඳුනාගත් නිසා.
” ආහ්…එන්න එන්න පුතේ…..දුවව දැකපු සතුටට එ්කත් අමතක වුනා..” සාගරී උණුසුම්වෙමින් පැවති පරිසරය වෙනස් කරමින් පැවසුවේ සනත්ද කිසිවක් නොකියා ඔවුන්ව ඇතුලට කැඳවාගෙන යද්දී.
” සුදු බබා…මේ තමා පුතාගේ ආච්චියි සීයයි….” කෙල්ල කිව්වේ තම උකුල මත හිඳිමින් කිරි ඉල්ලමින් දඟකරන ශෙනූට.
“ආත්ති….තීයා…ඉතින් මදේ තීයා අලේනේ ඉල්ලේ…” කොල්ලා කට උල් කර කර කියද්දී කෙල්ල හිනා වුනේ
” ඩැඩී ගැන ඔය කියන්නේ අම්මා ” කියමින්..සිනහා නොවී බැරිකමට සාගරී සිනහා සුනේ සනත් නම් ඔහේ බලා හිඳිද්දී.
” එනවද අතට….” සාගරී හිත් අමනාපකම් අත් හැර අැසුවේ සැබවින්ම ශෙනූ එතරම්ම හුරතල් දරුවෙකු නිසා.
” බා…අම්මි උක්කු ඕනි….” ශෙනූ කටත් ඇඹුල් කරන් කිව්වේ
” අනේ අම්මා…එයා හැමෝගෙම අතට යන්නෑ..ටික දවසක් යද්දී හරියයි…” කියලා කෙල්ල කියද්දී.
” එකට මොකද පුතේ..ඔයත් ඉස්සර ඔහොම තමා..”
තවත් මොහොතක් ඔවුන් කතා බහේ යෙදුනේ සනත් නම් වචනයක් දෙකක් පමණක් කතා කර කල්පනා බරව සිටියදී.
” මම බොන්න දෙයක් හදන්නම් පුතේ…” කියමින් සාගරී කුස්සියට ගියේ කෙල්ලත් ශෙනූව මිහින් අතට දී ඇය පසු පස යද්දී.
” ඔය දරුවට කොහොමද අපේ දුවව හම්බ වුනේ…? ” සනත් නුරුස්සන ස්වරෑපයක් ගෙන ඇසුවේ මිහින් කෙල්ලට හිත යටින් බනිද්දී.
” ම්මේ…පහුගිය කාලේ වුන දේවල් එක්ක අනිත්මට ඉතින්…අංකල්ට තේරෙනවනේ …” කීමට දෙයක් තැන මිහින් කිව්වේ සනත් යන්තමින් හිස සොලවද්දී.
මොහොතක් ගත වුනේ සාගරී සහ කිඳුරංගනා කුස්සියේ සිට සෑදූ බීමත් රැගෙන සාලයට පැමිණෙද්දී තවත් වාහනයක් පැමිණ ගෙමිදුලේ නතරකරද්දී.
වාහනය දුටු පමණින් සාගරීගේ නම් ඉහමොල රත් වුනේ ඒ ධීර් නිසා…
” අම්මා……………………” කියමින් කෑ ගසාගෙනම නිවස ඇතුල් වූ ධීර් ගල් ගැසී ගියේ පැමිණ සිටින පිරිස දැකීමෙන්.
” ස්..සුදු පුතා..ම්මේ….” සාගරී වචන අහුලමින් සිටියේ ධීර් කට කොනින් සිනහා සී කෙල්ල දෙස බලද්දී.
” අවුරුදු හතරක් ගිහින්ද තමුසෙට මේ මිනිස්සු මතක් වුනේ…” ලෙස ධීර් ඇසුවේ ඔහු මේ දෙවල් දන්නා බව සාගරීලට හැඟීයද්දී.
“මේ මගේ ගෙදර..මගේ අම්මා තාත්තා..මට මතක් වුනත් නැතත් කොහෙවත් යන උන් ඒවට කලබල වෙන්න අවශ්‍ය නෑ…” ඇයද එවැනිම වූ හඬකින් කිවුවේ ධීර්ගෙ මුහුණ කළුවී යද්දී. මිහින් ඉදිරියේ ඇය ඔහුට ගරහන තරමක්…
” සුදු දුව… ” සාගරී කතා කරන්න ගත්තේ
” අම්මා…මොකටද මේ මිනිහා මේ ගෙට වද්ද ගන්නේ…යන්න කියන්න මේ මිනිහට..” ලෙස කෑගැසූ කෙල්ල සාගරීව කතාවෙන් නතර කලේ කෝපයෙන්.
” මම යන්නෙ මොකටද? අවුරුදු හතරක් මම හිටියේ මේ ගෙදර..
තමුසෙට ඕන්නම් යනවා …..අයාලේ යන වුන් මේ ගේ අස්සේ දාන් ඉන්නේ තමුසේනේ..” කට කොනකින් සිනහා සී ධීර් පැවසුවේ මිහින් දෙස බලා…සනත් හෝ සාගරී කිසිවක් නොපවමා සිටියේ ඔවුන් දැන් ධීර්ට ඒ තරමට ලැදි නිසයි. ධීර් සිවු වසරක් පුරාවට ඔවුන්ව බලා කියාගත් නිසා ඒ කිඳුරංගනා වුවත් ඔවුන් එතනදී ධීර්ගේ පැත්තේ.
” මොකද තමුසෙ කිව්වේ..? හූද හල් ආ(ර්)ටු ස්පීක් ලයික් දැට්..? දිස් ඊස් මයි හස්බන්ඩ්..මෙතෙන ඉන්නේ ආයාලෙ යන එකා තමුසේනේ.. 😠” කෙල්ල අඩි දෙකට ධීර් ළඟට පැමිණියේ මිහින් ඒ අතරට පැන දුර දිග යාමට යන වහින් බස් වීම නැවතීමට සිතද්දී.
” ඩියා….ඇති දැන්….ලෙට්ස් ගෝ…” මිහින් කිව්වේ ධීර් ළඟට යන්න ගියපු කෙල්ලෙගේ ඉන වටේ තම අතක් යවා ඇයව තමා වෙත ඇද ගනිමින්. මෙතරම් වෙලා වහින් බස් වූ ධීර්ට යකා ආවේස වුනේ මිහින් ඒ කල දේ නිසයි. පණටත් වඩා ආදරය කරන ඇය ඔහුට මෙසේ ලංවීම ධීර්ට ඉවසිය නොහැකි දෙයක් වුනා. රවාගෙන ධීර් මිහින් දෙස බැලුවේ කේන්තිය පාලනය කරගැනීමට දෑත් මිටමොලවා ගනිමින්. ඒ සැබවින්ම මිහින් ඇගේ සැමියානම්…ඔහු එතනදී අසරණ වන නිසා.
” වෙයිට් අ සෙකන්ඩ්…අම්මා…මම ඔයාගේ දුව…මිහින් මේ ගෙදර බෑණා….එතකොට මේ මිනිහා කවුද? කවද ඉදලාද අම්මලා පිට එවුන්ට ගෙදර ප්‍රශ්න වලට අත දාන්න දුන්නේ….” කෙල්ල තරහෙන්ම හැරුනේ සාගරී දෙසට. අසරණව බලන් සිටි ඇය තවත් අසරණ වුනේ ඇයට නොදැනීම සනත් දෙසද බැලෙද්දී. මෙපමණ වෙලා නිශ්ශබ්දව සිටි සනත් කට හඬ අවදි කලේ ඒ නිසයි.
“සුදු දුව…ඔයාට වඩා අයිතයක් ධීර් පුතාට මේ ගෙදර දේවල් ගැන තියෙනවා….ඔයා අපිව අතඇරලා දාලා මේ ගෙදරින් ගියේ අපිවත් එපා නිසානේ…වැරැද්දක් වෙන්න ඇති…අපිත් මුලින් මේ දරුවට දොස් කිව්වා..ඒත් මිනිස්සු අතින් තමා වැරදි වෙන්නේ…ඒත් ඔයා අපිව අත ඇරලා ගියාට මේ දරුවා එහෙම කලේ නෑ…අවුරුදු හතරක් ගිහිනුත් මේ කොල්ලා හිටියේ උඹ ගැන හිත හිත…ඒත් උඹ මේ….” මුලින් සන්සුන්ව කතා කලත් අවසානය වන විට සනත්ගේ වදන් ආවේගශීලී වෙද්දි ධීර් ඔහුව නතර කලේ එය ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයය හොඳ නැති නිසයි.
” තාත්තා….ඇති…මම නිසා නිකං ප්‍රශ්න ඇති කරගන්න ඕනි නෑ..මම යන්නම්…මම ආවේ බඩු ලිස්ට් එක අරන් යන්න..වෙන වෙලාවක එන්නම්…😕” කියූ ධීර් යාමට සැරසුනත් සනත් ඔහුව නතර කලා..කිඳුරංගනා නම් සිටියේ තබ්බීරි ගැසී…ඒ ඇය කිසිසේත්ම සනත්ගෙන් මෙවැනි ප්‍රතිචාරයක් බලාපොරොත්තු නොවූ නිසා. මේ වෙද්දීත් මිහින්නම් සිටියේ කෙල්ලට බැන බැන. ශෙනූටත් ඔහු අතේම නින්ද ගොස් සිටි නිසා තරමක් හෝ සැනසීමක් ඔහුට ගෙන ආවේ.
” පුතා ඉන්න…මේ ගෙදර කාට කාටත් විවෘතයි….පුලුවන් අයට ඉන්න පුළුවන්…බැරි අයට යන්න පුළුවන් ” කියූ සනත් එතනින් ඉවත්ව ගියේ සාගරීද සනත් පුසු පසින් යද්දී. කෙල්ලනම් ධීර්දෙස බලා සිටියේ මරන් කන්න තරම් තරහකින්. ධීර් එයටත් හරියන්නම කිඳුරංගනා සහ මිහින් දෙස හෙලුවේ සමච්චල්සහගත බැල්මක්.
” ඩියා….මම යනවා…ශෙනූට නින්ද ගිහින්…ඔයා අම්මලට කියලා එන්න…” තවත් ප්‍රශ්න ඇති වීමට පෙර එසේ කියූ මිහින් එතනින් පිටවුනේ ධීර්වත් කෙල්ලවත් එහි තනි කර. දෑත් මිට මොලවාගෙන ධීර් දෙස බලා සිටි කෙල්ලද යන්න සැරසුනේ ධීර් දෙස බලා යමක් පවසා.
” ඩෝන්ට් බී ටූ මච් හැපී….අයි විල් නෙවර් ගිවු අප්…යූ විල් පේ ෆෝ එව්රිතිනග් මිස්ට ධීරක වංශනායක…වෙයිට් ඇන්ඩ් වොච්….😠” කේන්තියෙන්ම පැවසූ ඇය යාමට හැරුනත් අඩිදෙකක් යාමට පෙර ඇයව පසු පසට ඇදී ඇවිත් නතර වුනේ ඒ විසල් පපුවේ..ධීර් ඇගේ අතකින් ඇද ඔහු දෙසට ඇද ගත්තේ ඇය කේන්තියෙන් ඔහුගෙන් වෙන්වීමට සැරසෙද්දී.
” වට් ද හෙල් .. අර්…ලෙට් මී ගෝ….අත අරිනවා මිනිහෝ…..😠” කෙල්ල කේන්තියෙන්ම පැවසුවේ කෝපයෙන් රතු වී ඒ මුහුණ දෙස ධීර් ආදරය පිරි දෙනෙතින් බලා සිටියදී.. කොතරම් කල් ගතවීද…ඒ රුව නොදැක…ඒ ස්පර්ශයෙන් දුරස්ව ඔහු ගෙවූ කාලය මලගමකට සමානයි. ඇය තව තවත් කොප ගෙන කියවන් යද්දී ධීර් ඒ මුළු වතම විඳගත්තේ සිවු වසරකට පසු ඒ හිත ඇගේ රුවෙන් පිරී ඉතිරී යද්දී.
” අත අැරපන් මිනිහෝ….” කෙල්ල දඟලමින් ඒ පපුවට වැරෙන් ප්‍රහාර එල්ල කලේ ධීර් කට කොනින් සිනහා සී ඇය දෙස බලා සිටියදී.
” මම හැමදාම කියනවා…තමුසෙගේ කට විතරයි කිඳුරී…වැඩ නෑ…..තමුසේ මේ පපුවට ලං වුනහම…යන්න ඕනි මට ඕනි වෙලාවට…😏” කොල්ලා කිව්වේ ඔහු කවදත් ආදරේ කල ඇගේ ඒ බෝල ඇස් කවදාකවත් නොදුටු ලෙස කේන්තියෙන් පිරී ඉතිරී යන සැටිද බලාගෙන.
” මේ බෝල ඇස්වලට කේන්තිය ගැලපෙන්නෑ….” කියමින් ධීර් එක් අතක් ඇගේ ඉඟ වටා යවමින් ඇයව තව තවත් තම පපුවට තද කරගත්තේ අනෙත් අතින් ඒ කම්මුලක් අල්වාගෙන.
“ශිට්…යූ බාස්ටර්ඩ්….හවු ඩොයා(ර්) යූ…..අත ඇරපන් මිනිහෝ…මට අප්පිරියයි තමුසෙව දකින එකත්…😠” කෙල්ල කොච්චර දැගලුවත් අගලකුදු ඔහුගෙන් ඇත් වීමට නොහැකි වුනේ පෙර සේමයි.
” යන්න දෙන්නම්..හැබැයි මේක අහගෙන යනවා…..තමුසෙගේ අර හස්බන්ඩ් කියන එකා ඉන්නවා නේද…තමුසෙට තව වැඩි කාලයක් ඌ එක්ක නටන්න වෙන්නෑ…මොකද ඌ මේ ළඟ තියන් ඉන්නේ මට අයිති දෙයක්…තමුසේ එදත් මගේ විතරයි…අදත් ඒක එහෙමමයි….වැඩි කල් යන්න කලින් මම තමුසෙව මගේ ළඟට ගන්නවා….හොඳින් හරි නරකින් හරි..😏 අන්න එදාට තමුසෙට වෙන්න මේ වගේ කටවහන් වෙන දේට මූණ දෙන එක විතරයි….” කෙල්ල දත්මිටි කමින් ඔහු දෙස බලන් හිටිායේ ධීර් ඒ අතැඟිලි වලින් අවසානයේ ඇගේ රත් පැහැ ගත් තොල් පෙත්තක් පිරීමැදීමටද ගනිද්දී.
” හීනෙන් තමයි…මම මැරුණත් තමුසෙගෙ වෙන්නෑ ඕයි….මමයි මගේ දරුවයි මිහින්ගේ විතරයි….ආයාලේ යන බ#ලොන්ට බෑ ඒ දේවල් වෙනස් කරන්න…උන් කොහෙද දන්නේ බැඳීමක වටිනා කම…සැකේ විතරනේ හිතේ තියෙන්නේ..හහ්…” සිව් වසරක සිට ඇගේ සිතෙහි තිබූ කෙන්තිය ටිකෙන් ටික එළියට පැමිණියේ ඇය පවසන සමහර වදන් සමග. ධීර්ට එය හොඳින් වැටහුනේ ඇගේ කේන්තියත් තරමක් සාදාරණ බව සහිරු පවසන ලෙස හැඟීද්දී.
ඇය දෑස් වෙනතක යවා ඔහුගෙන් මිදීමට දැගලුවේ මොහොතකින් ධීර්ගේ සමච්චල්සහගත වදන් වෙනුවට කණගාටු දායක වදන් එලියට එද්දී.
” මට සමාවෙන්න මැණික…මට තිබුනා උඹ කියපු දේ අහන්න…මමයි උඹව නැති කරගත්තේ….මට සමාව දෙන්න රත්තරන් …” දගලමින් සිටි ඇගේ වත ඔහු වෙත හරව ගනිමින් ධීර් පැවසුවේ කෙල්ල තව තවත් කෝප කරමින්.
” සමාව..? තමුසෙට දෙන්න මන් ළඟ සමාවක් නෑ මිනිහෝ….මැරුණත් නෑ…මම තමුසෙට වෛර කරනවා…වෛර කරනවා..මැරෙන තුරාවට වෛර කරනවා…..තමුසෙව නැත්තටම නැති කරනවා මම….ජස්ට් ගෝටු හෙල්….”කියමින් කෑ ගැසූ ඇයව නිතැතින්ම ඔහුගෙන් ඉවත් වුනේ ඒ කෝපය හමුවේ ධීර්ගේ ග්‍රහණයද ඇයගෙන් ලිහිල්ව ගිය නිසා. ඒ හිත කවදත් නැති තරම්ම කඩා වැටුනේ පෙරදා ඔහු අසල සොඳුරු වදන් තෙපලමින් ඔහු වටා දැවටුනු ඇය අද ඒ පහසෙන් මිදීමට තැත් කරමින් ඔහුට වෛර කරන බව පැවසූ නිසා. පිරිමියෙකු වුවත් තමා පණ සේ රකින් ගැහැණිය එවැනි වෛරී වදන් පවසන විට ඉවසා දරා සිටිය හැක්කේ කෙසේද…” කිඳුරී ” වෙව්ලන හඩින් ඔහු පැවසුවේ ඒ හිත දැනටමත් වේදනාවෙන් පිරී ගොස් තිබියදී.
” ඒ ගෑණි මැරිලා…අයේ ඒ ජරා නමින් මට කතා කරන්න එපා තමුසේ
..අඩු ගානේ තමුසෙගේ…කට හඬත් දැන් මට පිළිකුල්…වෛර කරනවා තමුසෙගේ හැම දේකටම මම….” දරා ගත නොහැකි තරමේ කෝපයකින් ඇය කෑ ගැසුවේ ධීර් හුන් තැනම ගල් ගැසී ඒ සියල්ල අසා සිටියදී. කෙල්ල එහෙමම පිටවුනේ මිහින් එක්ක පිටවීමටයි. ඒ නැවතත් මෙහි නොඑන බවට සිතාගෙනමයි.
ධීර්….මොහොතක් ගත වන තුරුත් ඔහු එලෙසමයි…ඒ හිත හුඟක් දුර ගිහින්..
” ඒච්චර වෛරයක්….උඹට පුළුවන්ද මට එච්චර වෛර කරන්න මැණික…😔” ධීර් සිතුවේ ඒ දෑස් වලට කඳුළු බිඳුවක්ද උනද්දී.
ඉවරායි