හැත්තෑ හතර වන චන්ඩිකම 🙅🙅 •••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
” එන්න අභිරූ ඇතුළට “

අමාරුවෙන් නහය හකුළුවා ගෙන රශී එහෙම කිව්වෙ මූණට් හිනාවක් ගන්න ගමන්.ඒත් එක්කම අභිරූ දොරෙන් ඇතුළට විසි වෙලා ගියේ රශී බය වෙලා බලන් උන්නු අතරෙම අමාරුවෙන් පුටු ඇන්දක් අල්ල ගෙන වාරු උණු අභිරූ එහෙම්ම පුටුවකට වැටුණෙ කපල බිම හෙලපු කෙසෙල් කදක් වගේ.කොල්ල මේ වෙනකොටත් හිටියෙ ඕනෑවටත් වඩා මත් පැන් අරගෙන.ළගින් එන සැර මත් පැන් ගදින්ම රශීට ඒක තේරුණා.කාර් එක උනත් කොහොම ඩ්‍රයිව් කරන් ආවද කියලයි රශී කල්පනා කළේ.අභිරූ ඉස්සර මේ තරම් මත් පැන් ගන්න කෙනෙක් නෙවෙයි.නිශා නැති දුක කොල්ල පිරිමහ ගන්නෙ දවස ගානෙම club ගිහින් මත් පැන් බෝතල්වලින් තමයි.

කොල්ල මේ ඉන්න තත්වෙත් එක්ක කතා කර ගන්න පුළුවන්කමක්වත් නෑ කියල රශීට තේරුණා.ඒ නිසාමයි රශී ගෙට ගිහින් දෙහි බීම ටිකක් හදා ගෙන ඇවිත් අභිරූට දුන්නෙ ටිකක් හරි වෙරි ගතිය හිදිල යන්න කියල හිතල.එක හුස්මට දෙහි බීම වීදුරුව තොල ගාපු අභිරූ වීදුරුව ස්ටූල් එක උඩින් තියල ටික්ස් වෙලාවක් ඔළුව පුටු ඇන්දට තද කරන් ඉදල කතා කරන්න උණේ.

“රශී කෝ මගෙ කෙල්ල “

අභිරූ එහෙම ඇහුවම නම් රශීගෙ මෙච්චර වෙලා හිර කරන් උන්නු කේන්තිය පිට දාන්න් උණේ ඉබේටම.

” කෙල්ල,ඔයාට දැන්ද, අභිරූ නිශාදිව මතක් උණේ.ඒකි ඔයා වෙනුවෙන් නුහුලපු දුකක් නෑ.අද එයි හෙට එයි කියල තත්පර ගනන් පැය ගනන් බලන් හිටිය.ඒ ඇස්වල කදුළු නොතිබුණු වෙලාවක් නෑ. ඔයාගෙම මල්ලි ඒකි බදින්න ආව කියල ඔයා ඒකිට දීපු දඩුවම සාධාරණ නෑ අභිරූ.ඒකි ඒ හැමදේම කළේ ඔයා වෙනුවෙන්.

” මං ඒ හැමදේම දන්නව රශී ඒත්…….”

” ඒත්,ඒත් මොකක්ද?අභිරූ ඔයා ඒ නිසා නෙවෙයි නම් නිශාගෙන් ඈති උණේ ඒකට හේතුව අර සහේලි කියන සක්කරවට්ටම කියල මං දන්නව.ඔයා නිශාට ඇත්තටම ආදරේ කරා නම් සහේලිට ලං උණේ කොහොමද?අභිරූ.ඔයා ගොඩක් වැරදියි “

” ඔව් මං වැරදියි.ගොඩක් වැරදියි.ඒත් රශී මට එහෙම කරන්න හේතු තිබුණ.ප්ලීස් ඔයා මැගෙ පැත්තෙනුත් හිතන්න රශී.”

” නිශාදි අද වෙනකන් කළේ ඔයාගෙ පැත්තෙන් හිතපු එක තමයි අභිරූ.ඒකි කදුළු බිබී ජීවත් උණේ ඔයා ගැන හිතලම තමයි.”

” කෝ දැන් මගෙ කෙල්ල “

” ආරාමෙට ගියා “

” මොකක්,ආරාමෙට “

” ඔව් ඒකි දැන් හුගහ් දුරට හිත හදා ගෙන ඉන්න.ඒකි දැන් ගෙදර ඉන්නවටත් වඩා ඉන්නෙ ආරාමෙ.අනේ ප්ලීස් අභිරූ දැන්වත් ඒ කෙල්ලට හිත හදා ගෙන පාඩුවෙ ඉන්න දෙන්න.ඒකි මේ වින්ද දුක් හොදටම ඇති.”

ටික වෙලාවක් පුටු ඇන්දට ඔළුව බර කරන් කල්පනාවෙ උන්නු අභිරූ එහෙම්ම නැගිටල එළියට ඇවිදන් ගියේ නිහඩවම.

” ඔයා ඔය යන්නද? අභිරූ “

” ඔව් රශී.පුළුවන් නම් හෙට නිශාදිට ශොප් එකට ඇවිත් යන්න එන්න කියන්න.ප්ලීස් එකම එක වතාවක් මට මගෙ කෙල්ලගෙ මූණ බලන්න ඉඩ දෙන්න රශී.මං ඔයාට පොරොන්දු වෙනව නිශාගෙ හිත රිදෙන එක වචනයක් කියන්නෙ නෑ කියල.ප්ලීස් “

අභිරූ ඒක කියපු විදිහෙන්ම රශීට දුක හිතුණු නිසාම රශී මොකුත් නොකිය ඔළුව වැනුවෙ.ඒත් එක්කම මිදුලට බැහැපු අභිරූ කාර් එකේ නැගල වේගෙන් යන්න ගියේත් රශී බලන් ඉදල දොර වහල ගෙට ආවෙත් එකටමයි.

🌺🌺🌺🌺🌺🌺🌺

” නෝනෙ සහේලි මැඩම් ඇවිදින්.”

ගේ පිටිපස්සෙ මල් පැලවලට සාත්තු කරමින් උන්නු සුරේනි හැරිල බැලුවෙ ගෙදර වැඩට ඉන්න පියදාසගෙ හඩින්.

” ආ….වාඩි වෙන්න කියන්නකො මැඩම්ට.මං එන්නම් “

එහෙම කියපු සුරේනි එතනම ටැප් එකෙන් අතත් හෝද ගෙන ගෙට ආවෙ.

” ආ….. දුව,දැන් ද?ආවෙ “

වියතක් විතර ස්කට් එකකුත් ඇද ගෙන කකුලක් පිට කකුලක් දා ගෙන වාඩි වෙලා ඉන්න සහේලි දිහා බලල පුටුවකින් වාඩි වෙන ගමන් සුරේනි එහෙම ඇහුවෙ.

” ඔව් ආන්ටි.කෝ අන්කල් නැද්ද?”

” එයා ඉතින් ගෙදර ඉන්න වෙලාවක් නෑනෙ දුව”

” එහෙම තමයි ආන්ටි බිස්නස් කරනකොට “

” බිස්නස් කරනව කියලත් ඒකම බදා ගෙන ඉදල හරියනවද?දරුවො දැන් පේන්නෙ නැද්ද අපේ අභිරූ.ගෙදර ඉන්නවටත් වැඩිය ඉන්නෙ ශොප් එකේ.අඩුම තරමින් කෑම කන්නවත් ගෙදර නෑනෙ “

” ඒක නම් ඇත්ත ආන්ටි.මං මේ ආවෙත් ඒ ගැන කතා කරන්නම තමයි.එයාට දැන් බිස්නස් ගැනවත් උවමනාවක් නෑ ආන්ටි.මුළු දවසම club එකේ.කොයි වෙලෙත් බී ගෙන මොකක්ද?ආන්ටි මේකෙ තේරුම.එයාට කිව්වට තේරුම් ගන්නෙත් නෑ.මං මේ බැරිම තැන ආන්ටිට කතා කරන්න ආවෙ “

” මාත් බලා ගෙන දුව මේ දරුව ගෙදර එන්නෙත් ඉදල හිටල.ඒ ආවත් බී ගෙන එන්නෙ.ඉස්සර වගේ නෙවෙයි දැන් හරි වෙනස්.මං එක්කවත් කතාවක් නෑ.”

” මේ සේරටම හේතුව අර ගොඩේ හෝන්තුව.මංඇන්ටිට කිව්වෙ “

“අනේ මන්ද දරුවො නිශාදි දුව එක්ක අභිරූට සම්භන්ධයක් තියනව කියල දන්නව නම් මං කීයටවත් ඒ දරුවව අරවින්දට යෝජනා කරන්නෙ නෑ.”

” ඒ කියන්නෙ ආන්ටිත් ඒ ගොඩේ කෙල්ලට අභීව බන්දල දෙන්නද?හදන්නෙ “

” නෑ දුව ඒක කොහොමත් කරන්න බෑ කියල මං දන්නවනෙ ඉන්නකො අන්කල් ආවම මං එයා එක්ක මේ ගැන කතා කරන්නම්.ඉන්න මං දුවට බොන්න මොණව හරි අරන් එන්නම්.”

එහෙම කියල සුරේනි එතනින් නැගිටල ගියේ සහේලි කපටි බැල්මකින් බලන් උන්නු අතරෙම.

” උඹ බලා ගෙන හිටපං මං උඹේ පුතාට කරන දේ මිසිස් සුරේනි විජේසිංහ.මං උඹව තමයි මුලින්ම මගෙ අල්ලෙ නටවන්නෙ.උඹ තමයි ම්ගෙ ඉත්ත.විජේසිංහ ගෲප් එකේ හුලං බස්සන හැටි මං හොදට දන්නව.”

සුරේනි යන දිහා බලා ගෙන එහෙම හිතපු සහේලි සමච්චලයට මෙන් කට කොණකින් සිණාසුනි………


නැවත හමුවෙමු

Advertisment