කිඳුරංගනා Facebook novel 🌷🌷
❌❌කතෘ අවසරයෙන් තොරව උපුටා ගැනීම සපුරා තහනම්❌❌
41_කොටස
පෙර කොටස –
” මොන හු#%** ද මුන් මේ කියන්නේ යකෝ..කීවෙනි පාරටද මුන් මේ ඕඩර් එක කැන්සල් කලේ…😠 ” උදේ පාන්දරම ධීර් දුම්මල වරම අතට ගත්තේ හශේන් ඇහිබැම හකුලුවා ඔහු දෙස බලා සිටිද්දී.
” ධීර්…ආශා ඉන්නවා මෙතන…🤨” හශේන් කිව්වේ උදේ පාන්දරම ධීර්ගේ ආවේස වුන යකාට බයේ ගල් ගැහිලා බලන් ඉන්න ආශා දිහත් බලලා..ඇය නම් හොරැහින් හශේන් දිහා බලන් හිටියේ කර කියාගන්න දෙයක් නැති කමට.
” ආශා…කෝ උඹේ මිනිහා …ඌ මෙතන මට ලයින් එක දීගෙන හිටියට දන්නවද මේ මාසේ ඌ හැන්ඩ්ල් කරපු ප්‍රොජෙක්ට්ස් දෙකක් රිජෙක්ට් වෙලා කියලා…දන්නවද..? කෝ ඕකා දැන්…😠” ආශා බියෙන් බලා සිටියේ සහිරු මේ බව තමන් සමඟ කියූ බවද මතක් වෙද්දී.
” ම්මේ…හිරු…ම්මේ…රන් එක්ක..එලියට ගියා අයියේ….” කෙල්ල ගොත ගසමින් කිව්වේ ධීර් තරමක් සන්සුන් බව එයින් පසු දැනෙනන් ගෙන.
” මොකටද ඒ…මට කිව්වනම් මම යනවනේ…” මුහුණත් අඳුරු කරන් ඔහු අහනකොට ආශා කලේම අසරණ බැල්මෙන් හශේන් දෙස බලන එක. ඒ කිඳුරංගනා ඔහුව හැර ගිය පසු ඔහුගේ අලුත් පීඒ වරිය ලෙස තෝරාගත් ආශා නිතරම පාහේ මෙවැනි අවස්ථාවන්ට මුහුණ දුන්නත් රන් එයට මැදිහත් වූ කල ඇයට ධීර් සමග බේරීමක් නොමැති වූ නිසයි.
” ම්මේ…අ…”
” මේ මේ නෙවෙයි…ඇයි දැන් ඌ උඹට කිව්වද රන්ව මගෙන් ඈත් කරන්නවත් කියලා…” ආශා ගොත ගසමින් සිටියදී ධීර් ඇහුවේ කෝපයෙන්.
” ඇයි…මොකද උඹ…?? රන් මගේද උඹේද?? 😕” දොරත් ඇරගෙන කැබින් එකට ආපු සහිරු ධීර්ගෙන් ඇසුවේ රවාගෙන වගේ.
” මගේනේ..ඇයි උඹ දන්නැද්ද? ආශත් මගේ ගෑණිනේ?? 😕” කියමින් ධීර් ඔහු අසලට ඇවිද ගොස් අතට ගත්තේ සහිරු අතේ සිටි වයස අවුරුදු 3 කට වැඩි පුංචි හුරතල් සිඟිත්තියව. ඇයද පැනගෙන ධීර් අතට ආවේ සහිරු ආශාටත් එක්කම රවද්දී.
“මගේ සන් කඳ…කොහේද ගියේ මගේ පැටියා…?” ධීර් ඒ පුංචි සිඟිත්තියගේ රෝස පැහැ කම්මුලක්ද සිඹ ඇසුවේ සහිරු ධීර්ට ඇනුම් පද කියන්න ගනිද්දි. කවුද මේ රන්?? ඒ වෙන කවුරුවත් නෙවෙයි…සහිරුගෙත් ආශාගෙත් දූ සිඟිත්තිය…ආශිර්යා…එහෙම නැතිනම් ධීර්ගේ රන් කඳ..
” පුහ්..සන් කඳලු..මූ නිකන් තාත්තා වගේනේ..මගේ ළමයා එක්ක මට එක මොහොතක් ඉන්න නෑනේ යකෝ 😕…” සහිරු ධීර්ට බැන බැන ඉද්දී ආශි පැටියා කතා කරන්න ගත්තේ ධීර්ගේ කම්මුලක්ද සිපගෙන.
” ඔකු තාත්ති…මත තාත්ති චොකී අලන් දෙල්ලෑනි…අලේ…බබාට ඕලිනේ…කීන්නකු අලන් දෙල්ල කීලා…” සහිරුව පෙන්න පෙන්න වචනත් අහුලන් කතා කරන පුංචි සිඟිත්තිය දැන් ධීර්ගේ පණ කිව්වොත් හරි.
” ලොකු තාත්ති මගේ පණට අරන් දෙන්නම්කෝ..අපි යමූ….”කියමින් ධීර් සහිරු දිහා බැලුවේ රවාගෙන. ඒත් ඇයි මේ ඔවුන් අතර වහින් බස් වීම්…කෙල්ලගේ අතුරුදහන් වීමෙන් පසු සහිරු ධීර් සමග කොපමණ අමනාප වී සිටියත් අවසානයේ සහිරු යම් තාක් දුරට හෝ තරහ අමතක කර පෙරසේම ධීර් සමග සිටියේ සිතින්නම් තවමත් ඔහුගැන කෝපයක් තිබියදී…එකට සිටියත් ගෙවුන අවුරුදු හතර පුරාම සහිරු බොහෝ සෙයින් හැසිරුනේ ධීර්ගෙ ළඟම යහළුවෙකු මෙන්නම් නොව. ළගම තරහාකාරයෙකු සේයි…මුලදී ධීර් මෙය සිත් වේදනා ගෙන දුන්නත් කාලයත් සමගම ඔහුද එයට හැඩ ගැසී සාමාන්‍ය තත්වටයට පැමිණියේ පුංචි ආශිර්යා ගේ ආගමනයෙන් පසුවයි. ඒ ධීර් කාටත් වඩා ඇයට ලංවූ නිසයි.
” හෝව්…හෝව්..ඔහොම හිටපන්..තෝ මෙතන ළමයි හුරතල් කලාට කමක් නෑ..ඔෆිස් එකේ වැඩ ටික මතක් කරලා හරියට කරපන්…මම මේ ඕඩර් එක ගැන ආයේ අහලා බලලා උන්ගේ ලොක්කව කන්ටැක් කරගන්න බලන්නම්…කෝටි ගානක පාඩුවක් යකෝ..ප්‍රින්ටින්ග් එක දෙපාරම බාගෙකට වඩා කාලාට පස්සෙනේ මුන් මේවා රිජෙක්ට් කලේ..” හශේන් කිව්වේ ධීර් හිස වනා එය පිළිගනිද්දී.
” පුළුවන් ඉක්මනට උන් එක්ක මීටින්ග් එකක් අැරේන්ජ් කර ගනින්..” කියමින් ධීර් පුංචි රන් එක්ක එතනින් පිටවුනේ සහිරු තව තවත් ධීර්ට ඇනුම් පද කියමින් සිටියදී.
” මොකද්ද හිරුවා මේකේ තේරුම…උඹ තවමත් ඔය මගුල අමතක කරලා නැද්ද? දැන්වත් ඔය දේවල් හිතින් අත ඇරලා අන්න අරූ එක්ක ඉස්සර හිටියා වගේ හිටපන්” හශේන් කිව්වේ ධීර් ඔහුත් සමග බීමත්ව සිටියදී පවසන සමහර කරුණු මතක් කරමින්.
” මම මැරිලා ඉපදුනේ නෑ…ඕකා පාඩමක් ඉගෙන ගන්න ඕනි…” කියමින් සහිරු එතනින් ගියේ ආශාත් එය අනුමත කරද්දී.
” මට කෙල්ලව හැම වෙලේම මතක් වෙනවා අයියේ…ධීර් අයියාත් පවු..ඒ වුනත්…අවිශ්වාස කරපු හරියක් පේනවා නේද…අන්තිමට අර අහිංසකී කාත් කවුරුවත් නැතුව කොහේ හරි දුක් විඳිනවා ඇති…” ආශා කිව්වේ හිතට දැනුන මහා දුකත් එක්කමයි. මදක් කල්පනා කාරපු හශේන්ට පවා එය එසේ සිතුනා.
” අනේ මන්දා බං…අපේ එකාටත් ගෑණුන්ගෙන් අපලද කොහෙද..ශික්…”
වසරක හතරක් ගෙවුනත් තවමත් ඔවුන්ට කිඳුරංගනා ගැන කිසිවක් දැන ගත නොහැකි වුනේ ධීර්ගේ හදවතේ වේදනාව තව තවත් වැඩි කරමින්. කොපමණ උත්සහ කලත් පැය විසි හතර පුරාම ඔහුගේ සිතේ ඇති එකම හැඟීම පෙරසේම කෙදිනක හෝ තමන්ට ඇයව හමුවේවී යයි කියායි. එයින් මිදීමට ඔහුට නොහැකි වුනේ එය ඔහුගේ එකම ප්‍රාර්ථනාය නිසයි..සහිරු හශේන් ඇතුලු දෙමාපියන්ගේ උවමනාවට පිටතින් මනුස්සයෙක් වගේ ඉන්න ධීර් ඇතුලතින්නම් පිස්සෙකුට සමානයි…බීමත් කමින්ම තනිකම මකා ගැනීමට හුරු වූ ඔහු නින්ද නොමැති රාත්‍රීන් ගෙවන්නේ මත්පැන් සමග ඇගේ මතකයන් ආවර්ජනය කරමින්.
•
•
” ඩියා…මැණික..ඩැඩී ඔයාට කතා කරනවා…” දොර ලඟින් ඇසුනු සුපුරුදු හඬත් එක්ක විශාල ප්‍රමාණයේ ඇඳමතට වී සිටි ඇය…කිඳුරංගනා ගැස්සී ගියේ ඒ හඬින්. වසර හතරකට පසු ඇගේ ජීවිතය කොහොම වෙනස් වී ඇතිද…උකුලේ සිටි අවුරුදු තුනක පමණ පමණ සිඟිත්තා වගේම ඇයද ගැස්සී බැලුවේ දොර ළඟට වී ඉනට දෑත් තබාගෙන බලා සිටින සකූ දෙස.
” අනේ අනේ මේ කොල්ලා..කොයි වෙලේ බැලුවත් කුක්කු බොනවා..හබුන් කටක් කන්න එපා..” ඇය තරවටු හඬින් කියද්දි පුංචි සිඟිත්තා කිඳුරංගනා දෙස බැලුවේ මුහුණ ඇඹුල් කරන්.
” අපි කුක්කු සුට්ටක් බීලා හබුන් කමූ…” ඔහුගේ හිස සිඹිමින් කිඳුරංගනා පැවසුවේ කිරි දත් විලිස්සා සිනාසුන සිගිත්තා නැවතත් ඇගේ් විවර වූ ලැමෙන් ඒ පියයුරුව මත පුංචි දෙතොල් තබමින් කිරි උරා බීමට පටන් ගනිද්දී.
” ඔයා තමා මේ කොල්ලව නරක් කරන්නේ නංගා…ඉල්ලන ඉල්ලන වෙලාවට කිරි දීලා..බත් කවාගන්න ගියාම පණ යන්නේ මගේනේ..” සකූ නුරුස්සන ස්වභාවයෙන් පවසද්දී කිඳුරංගනා මහ සද්දෙන් සිනා සුනේ කිරි උරා බීම නැවතූ සිඟිත්තාද අතින් කට වසා සිනා සෙද්දී.
” ආහ්..මෙන්න වැඩක්…ශෙනූ…දෙනවා දෙකක් දැන්…” සකූ තරවටු කර කියද්දී
” අපි බයලෑ නීද තුදු අම්මී…අපි මේම මේම උක්කු බොනෝ ඇමදාම..උයා අබුන් කන්නකූ…” කියූ ඔහු ඇඳෙන් බැස දුවගෙන ගියේ කාමරයෙන් එලියට.
” හුරතලේ…” කියමින් කෙල්ල ඇඳුමත් හදාගෙන සකුත් එක්කම එලියට ගියේ ශෙනූ මේ යන්නේ සීයාව හොයන් කියලා දන්න නිසාමයි.
” ඩැඩී…මට කතා කලේ..” කෙල්ල එහෙම අසාගෙන ඇතුල් වුනේ ඔෆිස් රූම් එකකට. ඒ වෙද්දීත් දුවගෙන ආපු ශෙනූ සීයගේ උකුලට වෙලා කතන්දර අහනවා.
” එන්න දූ…මේ කොල්ලා එකක මොකුත් කරන්න බෑනේ මට…” එ් වෙන කවුරුවත් නෙවෙයි…මාලිගේ පළමු විවාහය…මිහින්ගේ පියා…උපාලි….
” එහෙම තමා සීයලා වුනාම…නේද අක්කී…” කෙල්ල ඇහුවේ ලගින් ඉන්න සකූගෙන්.
” ඩැඩිත් ඉතින් මේකව හුරතල් කරන එකමනේ වැඩේ ඔය කිව්වට…” සකුත් එකගවුනේ උපාලි සිනහා සී දෙදෙනා දෙස බලද්දී.
” දූ…මට ටිකක් කතා කරන්න ඕනි…”
” මොකද්ද ඩැඩී….”
” ටේක් අ සීට් ෆස්ට්…” උපාලි කියද්ද කෙල්ල සකූ දෙසත් බලා වාඩි වුනේ ඔහු කුමක් හෝ බරපතල දෙයක් කීමට යන බව හැඟෙද්දී.
” සකූ..මේ කොල්ලත් අරන් ගිහින් සුට්‍රෝන්ග් කොෆී එකක් හදන් එන්නකෝ මගේ පුතා…. ” කියපු උපාලි ශෙනූව සකූගේ අතට දුන්නේ ඇය සිනහා සී හිස වනා ශෙනූවත් අරන් පිට වෙදදී.
” දූ…දිගටම මෙහේ ඉන්නද දැන් කල්පනාව…” උපාලි අහද්දී කෙල්ල බිම බලාගත්තේ කුමක් කියන්නද සිතා.
” හ්ම්…අයි කැන් අන්ඩර්ස්ටෑන්ඩ්…බට්…ඔයා ඕනිවටත් වඩා කල් ගත්තා පුතේ ඔය දේවල් අමතක කරන්න…හොදම දේ දැන් අහපවු ලංකාවට යන එක නෙවෙයිද?? දූගේ අම්මලව බලන්න ආස නැද්ද …?” ඔහුගේ ඒ ප්‍රශ්නය ඇගේ සිතට ගෙන ආවේ දුකක්. නිවස අතහැර ආ දා ඇයට මව පියා වගේම සහෝදරයාත් මතක් වූ වාර මෙපමණයි කියා කීමට නොහැකි තරම්.
“හ්ම්…ආසයි ඩැඩී…ඒත්…..😔” යමක් කීමට ගොස් ඇය එය නවතා දැමුවේ උපාලි ඇය දෙස මොහොතක් එක එල්ලේ බලා සිටියදී.
” පුතේ..මම පුතාට ඕනි කියපු ගොඩක් දේවල් ඒ විදිහට කරලා දුන්නා….ඒක නිසා දැන් තියෙන්නේ ඒ හැම දේමත් එක්ක අහපවු මිහින් එක්ක ලංකාවට යන එක…මමත් තව ටික කාලෙකින් එහෙට එනවා…එහේ අලුත් බිස්නස් දෙක තුනක්ම පටන් ගන්න ඉන්නේ…🤨” උපාලි කියද්දී අකමැත්තෙන් වුනත් කෙල්ල යන්තමින් හිස වැනුවේ ඔහුගේ අදහසට එකඟ වෙමින්.
” ඕකේ..මම දුව මේ පාරවත් කැමති වෙයි කියලා ටිකට්ස් රෙඩි කලා…ලොස් ඇන්ජලීස් වලින් හෙට හවස හතරට ෆලයිට් එක…මම පාස්පොට්ස් රීනිව් කරන්න දීලා තිබ්බේ..” උපාලි කියද්දි කෙල්ල කිසිවක් නොපවසාම හිස වනන එක පමණයි සිදු කලේ.
•
•
” අම්මා…..අම්මේ……..” ධීර් මේ කෑ ගසමින් සොයන්නේ සාගරීව..ඒ දැන් ඔහුට ඒ නිවසත් තමන්ගේ නිවසෙත් කිසිඳු වෙනසක් නැති නිසා…සුපුරුදු ලෙසින්ම කුස්සියට ආපු ධීර් පුටුවකුත් ඇදන් වාඩි වුනේ සාගරී
” අනේ පුතේ..මට ඇහුන්නෑ බ්ලෙන්ඩරේ සද්දෙට…” කියද්දී.
” මං කොයි වෙලේ ආවත් අම්මා කුස්සියේනේ අම්මා…ස(ර්)වන්ට් කෙනෙක් ගමු කිව්වට අහන්නෙත් නෑ..අනේ මන්දා ඔයා නම්…” හිතත් නරක් කරගෙන ධීර් කියදදි ඒ අසලට පැමිනි සාගරී කොල්ලගේ හිස අතගෑවේ ආදරෙන්.
” මගේ අතින් දෙයක් කරන තරම් ඔය කවුරු කරත් තාත්තාට හරියන්නෑ පුතා… මැරි කරපු කාලෙක පුතාටත් තේරෙයි…” සාගරි කියද්දී කොල්ලා ඇය දෙස බලා සිටියේ අසරණ බැල්මකින්.
” එහෙම කාලයක් මට එයිද අම්මා….? 😔”
කියපු දේ ගැන පසු තැවෙන්න සාගරීට වැඩි වෙලාවක් ගියේ නෑ..එ් ඇස් වලටත් නොදැනීම කඳුළු පිරුනේ ධීර් සුසුම් හෙලන තරම් දැක.
” අනේ රත්තරනේ….මගේ කෙල්ල…ඒකි කොහේ කොහොම ඉන්නවද දන්නෑ….” කඳුළු සලමින් සිටින සාගරීට ධීර් තුරුළු වුනේ පොඩි දරුවෙකු වගේ.
” මම වගේ කාලකන්නියෙක් නිසා තමා ඔයාලා ඔහොම දුක් විඳින්නේ අම්මා….”
” සුදු පුතා…මන් සැරේකුත් කිව්වා….මට ඇහෙන්න ආයේ ඕක කියනවකෝ බලන්න…😕” කඳුළුත් පිස දමා සාගරී කොල්ලට සැර කලේ ඔහු යන්තමින් සිනහා සෙද්දී.
” තාත්තා කෝ අම්මා..?”
” ඇඟට හරි නෑ කියලා ටිකක් ඇලවෙන්න ගියේ ඔය…නින්ද ගිහින් මයේ හිතේ….” කරමින් සිටි වැඩේ නැවතත් පටන් ගනිමින් සාගරී කියද්දි ධීර් හුන් තැනින් නැගිට්ටේ
“ඇයි අම්මා..? මට කිව්වෙවත් නෑ…ආයේ අසනීප වුනාද?? 🤨” සනත්…ඔහුට දෙවන වරටත් සැත්කමකට මුහුන දීමට සිදුවුනේ කිඳුරංගනාගේ වෙන්ව යාමත් සමග ඔහුට ඇතිවූ හෘදයාබාධය නිසයි. මුලදී ධීර්ගේ මුහුණවත් නොබැලූ සනත් දැන් දැන් කොල්ලත් එක්ක වචන කිහිපයක් හෝ කතා කරන්නේ නිවසේ වැඩිමහල් දරුවා ලෙස සිතා ඔහු කරනා දේවල් වලට කෘතවේදී විය යුතු බැවින්. ඒ පවුලේ සියලු විය හියදම් පවා ධීර් විසින් සිදු කරනා නිසා.
” අම්මලනම් අනේ මංදා…මම පිට එකා නිසා වෙන්නැති ඕවා මට කියන්නැත්තේ නේද..” සාගරීටත් දොස් පවරමින් කොල්ලා ගියේ සනත්ව හොයාගෙන. නින්දත් නොනින්දත් අතර සිටි සනත් අවදිවුනේ ධිර් කාමරයට පැමිණි මෙහොතේමයි.
” තාත්තා…ලෑස්තිවෙන්න..යමු ඩොක්ටව මීට් වෙන්න….” කොල්ලා කෑ ගහගෙනම ගිහින් සනත් ගාවින් වාඩි වුනේ ඔහු
” ඕන්නෑ පුතා..ඕක ඇරිලා යයි…පොඩි හිසේ කැක්කුමක් විතරයි” පිළිතුරු සපයද්දී.
” අැයි තාත්තා මේ…🙁 මට තාමත් ඔයා වෛර කරනවද?? “කොල්ලා දුක් මුසු හඬින් ඇසුවේ ඇත්තටම සනත් තමන් සමග එතරම් හිත් මානාපයක් නොමැති බවද දන්නා නිසා.
” අනේ නෑ පුතේ..පුතා නිසා තමා මෙහෙමවත් ජීවත් වෙන්නේ..මට තවත් පුතත් එක්ක තරහක් නෑ…මට තරහා මගේ කෙල්ල එක්ක…ප්‍රශ්න විසඳගන්න විදිහට නෙවෙයිනේ අද කාලේ උන් ඒවා විසඳන්නේ…” සනත් කියද්දී කොල්ලනම් කලේ සුසුම් හෙලන එක විතරයි.
” දැන්වත් පුතා පරණ දේවල් අමතක කරලා…” එපමණයි සනත්ට කීමට හැකි වුනේ..
” තාත්තා.. මම කලිනුත් කිව්වා…ආයේ ආයේම කියන්න බෑ…කිඳුරී ට දුන්න මගේ හිත තාමත් ඒකි ගාවමයි..ආයෙත් වෙන කෙනෙක්ට ලං වෙනවා තියා හිතන්නවත් බෑ….ඒ නිසා ආයේ ඕක මතක් කරලා හිත් පාරවගන්න එපා…” කොල්ලා තරමක් ආවේගයෙන් පවසා එතනින් පිටවුනේ නැවත නිවස බලා ඒමටයි.
•
පෙරසේම ඔහුගේ කමරය පිළිවෙල වූවත් තැන තැන වැටී තිබූ මත් පැන් බෝතල් පසක් කලේ ඔහු හදවතනම් අපිළිවෙල බවයි. බෝතලයකුත් අතෙහි රඳවාගෙන ඔහු බලා සිටියේ කිඳුරංගනා විසින් ඔහුට තෑගි කරන ලද බිත්ති සැරසිල්ල දෙස. බලා හිඳින් ගමන් මත් පැන් තොල ගාමින් ඔහු කතා කලේ තමාටමයි..
” උඹට තිබ්බා මට ගහලා බැනලා හරි ඇත්ත තේරුම් කරන්න මැණික…කොහේ මොනවා කරනවද..කොහොම ඉන්නවද දන්නවද මං….” බීමතින්ම් ඔහු කියවන්නේ දෑස් වලින් කඳුළු කැට වෑහෙද්දී.
” මට පාලුයි රත්තරන්….මැරෙන්නද මං….?? ම්…මැරිලා යන්නද යකෝ..😫” කියමින් දුක මුසු වූ ආවේගයෙන්ම ඔහු අතේ තිබූ වීදුරුව බිත්තියට තදකලේ අත කැපී ලේ ගාලාගෙන යද්දී. වේදනාවක් නැහැ ඔහුට…ඒ හිත ඕනවටත් වඩා වේදනාවවෙන්ම විදවන්නේ ගතේ වේදනාවන් ඔහුට නොදැනී යන තරමට සිත් වේදනාව ප්‍රබල වී.
මොහොතනින් ඔහුට නින්ද ගියේ දෑතින් ගලන රුදිරයද කාලයත් සමගම ගල් ගැසී යද්දී…එය සැබවින්ම ඔහුගේ හිත වගේ…දුකෙන්ම ගල් ගැසී ඇති ඔහුගේ සිතත් ඒ වගේ…
•
•
” මෙහෙමයි…ඔයාලා ඔඩර් එකක් කන්ෆම් කලානම් ඒක ආයේ රිජෙක්ට් කරන්න බෑනේ…දැට්ස් නොට් ෆෙයාර් ෆෝ අස්…සෝ ප්ලීස් ලෙට් මී කන්ටැක් විත් යෝර් ජී ඒම් ඔර් හූ ඊස් රෙස්පොන්සිබල් ෆෝ දැට්…” සහිරු මේ කතා කරන්නේ එක දිගටම රිජෙක්ට් වූ ඕඩර් කිහිපයක්ම හිමි ආයතනයට.
” අයි විල් ඉන්ෆෝම් ද සීඊඕ..” ආයතනයෙන් සම්බන්ද වූ පුදුගලයා කියූ පසු සහිරු සුසුමක් හෙලා ලයින් කට් කරදැමුවේ ආශත් බලන් ඉද්දී.
” මොකද කියන්නේ? ” ඇය ඇසුවේ ෆයිල් ගොඩකුත් සහිරුගේ මේසය මතින් තබන ගමන්.
” මීටින්ග් එකක් ගන්න වෙයි…ආයෙනම් මුන්ගේ ඕඩර්ස් කන්ෆෝම් කරන්නෑ….ඇයි යකෝ..කෝටි හතරක ලොස්ට් එකක් මේක…” සහිරු බනිමින් කිව්වේ ධීර්ද කැබික් එකට ඇතුල් වෙද්දී.
” හිරුවා..කතා කාද අරුන්ට…?😡” කෝපයෙන්ම පැමිණි ඔහු ෆයිල් වලින් පිරූ තිබූ සහිරුගේ මේසය මතට අත හැරියේ තවත් විශාල ප්‍රමාණයේ ෆයිල් එකක්.
” ඕව්…ඉක්මනටම මීටින්ග් එකක් දෙයි…😕 ” රවාගෙන කියපු සහිරු පැලුවේධීර් අතඇරපු ෆයිල් එක දෙස.
” ඒකත් එහෙමද..දැන් එහෙනම් ඕක බලපන්කෝ…බලලා කියපන් තෝයි අර අපතයයි පුටුවට වෙලා කැරකි කැරකි මොන බම්බුවක් කරනවද කියලා ..😡” කේන්තියෙන් ධීර් කියද්දි සහිරුත් රවාගෙන වගේ අතට ගත්ත ෆයිල් එක පෙරලලා බැලුවහම තරු විසි වුනේ ධීර් දිහත් බැලෙද්දි.
” කන්ෆෝම් වෙන්න ඔන්න මෙන්න තිබ්බ ප්‍රොජෙක්ට් දෙකක් රිජෙකට් වුනේ කොහොමද කියපන්…අරූ අරහේ ගාමන්ට් එක ලොස්ට් කරනවා…තෝ මෙතනත් මගුලක් නටනවා…යකෝ…මෙහෙම වැඩ කරලා හරියනවද? ” ධීර් කේන්ත්යෙන් බැනගෙන ගියේ ආශත් තබ්බීරි වෙලා වගේ බලන් ඉද්දී.
” දැන් තෝ මට බනින්නේ තෝ මේවා හරියට බලලද… මම හැම ප්‍රපෝසල් එකක්ම තොට එවනවානේ..හොඳ නැත්තම් ඉන්ෆෝම් කරලා කමෙන්ට් එකක් දෙන්න තිබ්බනේ….තෝ කලාද..මෙතන කනමදයා වගේ බීගන්න එක විතරනේ තෝ හරියට කරන්නේ…මටත් ඕන්නෑ මෙච්චර නැහෙන්න…රස්සා නැතුවද…මගේ ගෑණිටයි ළමයටයි කන්න දෙන්න තොගේ ගෑස් බල බල මට මෙතන ඉන්න ඕනිනෑ…😠” ආවේගයෙන් කියවන් ගියපු සහිරු අනතිමට පුටුවෙනුත් නැගිට්ටේ ධීර් ඇසු දෙකත් ලොකු කරන් ඔහු දෙස බලන් ඉද්දී.
“අයියෝ ….දැන් කියවගත්තා කියලා ඕවා ආයේ හරියන්නෑනේ..ඉස්සරහට මෙහම වැරැද්දක් නොවෙන්න වැඩ කලා නම් හරිනේ…” බලන් ඉන්න බැරිම තැන ආශා එයට මැදිහත් වුනේ කිහිප විටකම ඔවුන් දෙදෙනාගේ වහින්බස් වීම් ඕනවටත් වඩා දුර දිග ගොස් ප්‍රශ්න ඇතිවූ නිසයි.
දින දෙකක් ගතවුනේ ධීර් ඇතුලු සියලු දෙනාම වඩාත් කාර්ය බහුල කරමින්. ඒ සිදු වූ පාඩුව වලක්වා ගැනීමට කටයුතු කල ආකාරය සිහි කරමින් ඔවුන් වැඩ කරන නිසයි.
” හිරුවා…මට පොඩි සැකයක් තියෙනවා…මේහෙම ඕඩර්ස් රිජෙක්ට් වෙන්නේ වෙන කවුරු හරිම මේවට ඉන්වෝල්ව් වෙන නාසා වෙන්න බැරිද?? ” හශේන් අහද්දි සහිරුත් හිස වැනුවේ ඔහුටද එම කරුණම සිතී තිබූ නිසා.
” හ්ම්….මට සැකයි බං…ධීර් එක්ක ගේම ඇදපු එකාව තාම හොයාගන්න බැරි වුනානේ..ඌ වෙන්න බැරිද…අනිවා ඌ බිස්නස් වලට සම්බන්ද වෙන්නම ඕනි …..”
දෙදෙනාම මේ ආකාරයට සාකච්චාවෙහි යෙදුනේ සැකසහිත කාරණාද සාකච්චා කරමින්.
•
•
” පුතා….අද වැඩේ හරියට කරගන්න…කේන්තිය ඉස්සරහට දාන් ආගිවු කරන්න ගිහින් කස්ටමර්ලාව නැති කරගන්න එපා…මොකද මිස්ටර් දිසාසේකර කියන්නේ අපේ පරණම පාට්නර් කෙනෙක්….”මහේන් නිවසින් පිට වීමට පෙර කොල්ලට උපදෙස් කිහිපයක් දුන්කේ කවදත් කේන්තිය ඉදිරියෙන්ම තියාගෙන ඉන්න ධීර් සුළු දේටත් කෝපගන්නා නිසා.
” හ්ම්…බලමුකෝ තාත්තා…මිනිහා මොකාටද එන්න හදන්නේ කියලා..” කොල්ලා කල්පනාවන්ම කිවුවේ හුඟක් තේ සිතමින්.
•
ධීර්, සහිරු, හශේන්, ආශා වගේම ගාමන්ට් එකේ කොලිටි මැනේජ්ර් වරයා ඇතුලු කිහිප දෙනෙකුම සිටියේ කන්ෆරන්ස් රූම් එකේ…ඒ පෙර පැවසූ පරිදී සාකච්චාව සඳහා මිස්ටර් දිසාසේකර පැමිණෙන තුරුයි.
සුළු මොහොතක් කතා බහේ යෙදී සිටි ඔවුන් බැලුවේ එක්ස්කියුස් කරමින් එහි පැමිණියේ තරුණියකුයි.
” සර්…ජස්ට් වන් මිනිට්…සර්ට ඉමජන්සි කොල් එකක්…” ඇය පැවසුවේ ධීර් ” ඉට්ස් ඕකේ..” කියා පවස්ද්දී.
” තවත් මෙහොතකින් එහි ඇතුල් වූ පුදගලායා දුටු පසුවනම් ගැඹුරු කතාබහක යෙදී සිටි ධීර් ඇතුලු පිරිසගේ ඇසු උඩ ගියේ නොසිතූ ලෙස.
” සොරි ෆෝ ලේට්..” කියමින් එහි ඇතුවුනේ වෙන කවුරුත් නෙවෙයි…ඒ මිහින්…ධීර් ඔහු වෙත කෝපය මුසු බැලුමක් එල්ල කලේ සහිරු සහ හශේන් නම් එය එතරම්ම ගනන් නොගද්දී.
” වට් ආ(ර්) යූ ඩුයින්ග් හියර්…? ” ධීර් තරමක් කෝප සහගතව ඇසුවේ මිහින් සන්සුන්ව සිනහා සී,ඔහුට පිළිතුරු දෙද්දී.
” අයි ඈම් ද නිව් සීඊඕ ඔෆ් ද සීක්වින්ස් ප්‍රයිවට් ලිමිටඩ්….හුගක් කාලෙකින් නේද අයියේ…” සිනහාවෙන්ම ඔහු පවසද්දී ධීර්ගේ මුහුණ බැරෑරුම් වුනේ එය ඔහුද නොදැන සිටි නිසයි.
” ධීර්…දිස් ඊස් නොට් ප්‍රයිවට්..ඉට්ස් අ බිස්නස්..” සහිරු පැවසුවේ ධීර්ගේ හැටි දන්න නිසා.
” හ්ම්…” ධීර් හිස වැනුවේ කවදත් ව්‍යාපාරික කටයුතු වලට ඔහු පෞද්ගලික ප්‍රශ්න ගාවා නොගත් නිසාත් එය ඉදිරියටත් එසේම විය යතු නිසාත්ය.
” වෙල්…මිස්ට(ර්) මිහින් ආකාශ්…වට් ඩූයූ හැව් ටු සේ අබවුට් යෝර් ඩිසිශන් ?? ඒක ෆෙයා(ර්) නෑ කියලා මිස්ටර් දන්නවනේ…තවත් අපිට මේ ගැන ඩිස්කස් කරන්න අවශ්‍ය වුනේ ඒක අපේ කම්පැනි එකට ලොකු ලොස්ට් එකක් නිසා.එහෙම නැත්තම් අපිට ලීගලි ඇක්ශන් එකක් ගන්න සිද්ද වෙනවා මේ ගැන…” ධීර් කියද්දී මිහින් සුපුරුදු සිනහවෙන්ම බැලුවේ අඩක් විවෘත වූ දොර දෙසයි…
” එක්සකියුස්මී…මේ අයි කම් ඉන්…” යන හඬ එ්දෙසින් ඇසෙනවාත් සමගම ධීර්ගේ මුළු ගතව තිගැස්සී ගියේ ඒ ඔහුට කවදත් හුරු හඬ, ඔහුගේ සිත් ගත් එකම හඬ එය නිසා… දොරට පිටු පා සිටි,නාසා ඔහුට එකවරම නොපෙනුනත් ඉදිරියෙන් සිටි ආශා ඇතුලු කොල්ලෝ දෙන්නගේ කටවල් ඇරුනේ එ් දුටු රැව නිසා.
” කිඳූ….. “ආශා කිව්වා නොව…කියවුනා….ඒත් සමගම පිටිපස හැරුණු ධීර්ට හුන් තැනින් නැගිටවුනේ වසර හතරක් පුරාවට ඔුහු දැකීමට බලා පොරොත්තු වූ…ඔහු කවදටත් වඩා ඒ කාලය පුරාම ආදරයෙන් බැඳූන ඒ රුව දැකීමෙන්…
” කිඳුරී ….” වේවුලන කටහඩින් ඔහු ඇසුවේ මුළු ගතම පුදුමයෙන් මෙන්ම සතුටෙන්ද වෙවුලා යද්දී….
ඉවරායි…😁
ඉදිරියට🌷🌷🌷
••••🌷🌷🌷🌷••••
බබාලා..මුලින්ම ගොඩාක් සමා වෙන්න 41 කොටස පරක්කු වුනාට..ඒ මම අසනීප වුන නිසා…දැනුත් හිටියට ඉන්නේ ඔළුව පුපුරු ගහන තරම් කැක්කුමනින්..ඔයාලා බලන් ඉන්න නිසා මෙහෙම හරි කතාව දැම්මේ…😥 ධීර්ට දුක් දෙනවා වැඩියි කියන්න එපා බබලා..ගොඩක් අය කතාව කියවන්න එපා වෙනවා කියනවා…සතුට විතරක්ම ජීවිත වල තියෙන්නෑ…ඒවා දරාගන්න බැරිනම් ඉතින් …අනේ මන්දා 😒😒 මම කතාව එක දශමයක් වෙනස් කරන්නෙ නම් නෑ ….එයාලා ආයේ එකතු වෙනවනම්..වෙන දවසට ඒක වෙයි…😒 අදහස් කියන් යමු..වීක් එන්ඩ් එකේ මම රිප්ලයි දානෝ 😘😘 වැඩ වැඩියි බබලා..ට්‍රේනින් එකත් කරන ගමන් රිසර්ච, රිපෝට්ස් කරන නිසා ෆ්‍රී ටයිම් එකක් නැති තරම්..බනින්න එපා එ්ක නිසා…පුළුවන් වෙලාවට කතාව දානවා ❤️😘
මට රික්වෙස්ට් එවපු අය කතාව බලනවා කියලා මට ඉන්බොක්ස් මැසේජ් එකක් දාන්න..නැත්තම් මන් දන්නැතුව ෆේක් අකවුන්ට් ඇක්සෙප්ට් කරනවා සුදූලා…😒❤️ බුදුසරණයි❤️ පරිස්සමෙන් 😘😘 මට සුවය ප්‍රාර්ථනා කරපු හැමෝටම අාදරෙයි. පිං ඔයාලට…😘 ආ..කතාව හදිසියේ ලියලා දාන්නෑ..40 කොටස වගේ වෙයි නැත්තම්..ෆීල් නොවී කතා ලියලා වැඩක් නෑ..😒 බුදුසරණයි