හැත්තෑ තුන් වන චන්ඩිකම 🙅🙅
” අපි දිනුව බොස්.ඒ උන් දෙන්න තමයි.උන් වෙස් වලාගෙන ජීවත් වෙන්නෙ.යාපනේ ඉන්නෙ.එහෙ දෙමළ පව්ලක් විදියට ජීවත් වෙන්න “
” උඹට හොදටම ශුවර්ද? මේ අපි හොයන ජෝඩුවමයි කියල “
” ඔව් බොස්.රොකී බොස් දීපු තොරතුරුත් එක්ක ඒ පින්තූරත් එක්ක බලනකොටෞන් දෙන්නම තමයි ඒ “
” මාකස්,උන් දෙන්න එක්ක තව කව්රු හරි හිටියද? “
රොකී එහෙම ඇහුවෙ මාකස් දෙස විමසිල්ලෙන් බලමින්මයි.
” නෑ රොකී බොස් ඒ ගෙදර ජීවත් වෙන්නෙ උන් දෙන්න විතරයි.අපි හැමදේම හොයල බැලුව.මේ මාස හතරට උන් දෙන්න හැරුණම ඒ ගෙදරට වෙන කව්රුත් ආවෙ ගියෙත් නෑ.”
” බ්රයන් බොස්,බොස් කිව්ව විදියට උන් දෙන්නට ළමයි දෙන්නෙක් හිටිය නේද?”
” ඔව් රොකී.ඒත් මාකස් කියන විදිහට මේ උන් දෙන්නම නම් අපිට තව ටිකක් හොයල බලන්න වෙනව.හැබැයි රොකී ඒ උන් දෙන්න නම් උන් මේ පාර ඇවිත් තියෙන්නෙ වෙනම ප්ලෑන් එකක් ගහන්ඩ වෙන්ඩ ඇති.ඒ මොණව උනත් මාකස් උඹ මුන් ගැන ඇලට් එකේ හිටපන්.හැම තොරතුරක්ම ඒ සැනින්ම මට එන්ඩ සලස්වපං.හැබැයි හොදට මතක තියා ගනින් මේ හැමදේම වෙන්න ඕන උන්ට නොදැනෙන්න.උන් දැන ගන්න බෑ අපි උන් ගැන හොයනව කියල. මේ සැරේ අපිට උන් දෙන්නව මිසින් උනොත් අපේ අවුරුදු ගානක ෆ්ලෑන්ස් වතුරෙ.උඹට තේරුණානෙ “
” ඕකේ බොස් හැමදේම ඒ විදියට වෙයි “
බ්රයන්ට හා රොකීට අතට අත දී සමු ගත් මාකස් නැවතත් පිටවී ගියේ ඔවුන්ගේ සැලසුමේ ඉදිරි පියවර ක්රියාවට නැංවීම සදහායි.
❤️❤️❤️❤️❤️❤️❤️
” Ary you mad ? මොකක්ද බේබි මේ වැඩේ තේරුම.”
” මොකක්ද?මොකක්ද? උඹ මට කියන්නෙ “
අභිරූ තවත් මත් පැන් උගුරක් තොල ගාමින්ම කෑ ගසන්නට විය.
” ඔයා කවද්ද?අභී අර තර්ඩ් ක්ලාස් ගර්ල් ගැන හිතන එක නතර කරන්නෙ”
” සහේලි පලයන් මෙතනින් මගෙන් මැරුම් නොකා.යකෝ ඒකි මගෙ පණ. “
ඒ කතාවට සමච්චලයට හිනා උණු සහේලි ආයෙමත් කතා කරන්න උණේ.
” ඔයාට නම් පිස්සු අභී.ඒ සක්කරවට්ටම ඔයාව රවට්ට ගෙන ඉන්නෙ.”
සහේලි මොණ දේ කිව්වත් අභිරූ කළේ කිසිම දෙයක් නෑහුණු ගානට තවත් මත් වීදුරු තුන හතරක් හිස් කර දැමීමය.
” දැන් ඔයාට හොදටම වැඩී ඩාලින්.එන්න අපි පොඩ්ඩක් එන්ජෝයි කරමු.”
එහෙම කියපු සහේලි සූදානම් උණේ අභිරූත් එක්ක රූම් එකකට යන්න උනත් සහේලිගේ ඒ කතාවට අභිරූ නැගිට්ටෙ මත් පැන් බෝතල් සියල්ලම අතින් බිමට තල්ලු කරල දාලයි.
” උඹ.උඹ හදන්නෙ මට පොවල මගෙන් සල්ලි ගරන්ඩද?සහේලි “
” ඔයාට පිස්සුද? ඩාර්ලින් මං මොකද? ඔයාගෙන් සල්ලි ගර්න්නෙ.මගෙ ඩැඩි මැරුණෙ මට සල්ලි කන්දක් ගොඩ ගහලනෙ.අනිත් එක බේබි අපි දෙන්න දැන්……..”
සහේලිට කියා ගන්න උණේ එච්චරයි.ඒත් එක්කම අභිරූගෙන් ලැබුණෙ නොසිතුව විදිහට කම්මුල් පාරක්.
” උඹේ හිතේ තියන කිසිම දෙයක් සිද්ධ වෙන්නෙ නෑ සහේලි.ඒක දැන ගනින්.”
සද්දෙන්ම කෑ ගහල එහෙම කියපු අභිරූ එතනින් පිට උණේ සහේලිවත් තල්ලු කරල දාලයි.
” බලමු මිස්ට අභිරූ විජේසිංහ. මේ සහේලි ඉද්දමල්ගොඩට දෙයක් ඕනෙ උනොත් හොදින් හරි නරකින් හරි ඒ දේ ලබා ගෙනමයි නතර වෙන්නෙ.මං උඹේ විතරක් නෙවෙයි උඹේ මහ එකාගෙත් සේසතම අයිති කර ගෙන තමයි නවතින්නෙ.මං මේ පාර ආවෙ උඹව නැත්තටම නැති කරල දාන්න.මං මගේ ටාගට්වලට යන හැටි බලන් හිටපං.හොදට බලං හිටපල්ල.හහ් හහ් හා…….”
අභිරූ යන දිහා බලමින් ඒ විදියට හිතපු සහේලි හයියෙන් හිනා උණේ මේසෙටත් ගහන ගමන්.
❤️❤️❤️❤️❤️❤️❤️
” මං එහෙනම් ගිහින් එන්නම් රශී.”
” හ්ම්ම් පරිස්සමට පලයං කෙල්ලෙ.කිසිම දෙයක් ගැන ඕනවට වඩා හිතන්න එපා.”
නිශාගෙ ඔළුවත් අත ගාල එහෙම කිව්ව රශී කෙල්ල ත්රීවීල් එකක නැගල ඈතටම යනකන් බලන් ඉදලයි ගෙට ගියේ.කෙල්ල මේ ආරාමෙට යනව.ඉස්සරත් එහෙමයි.දරා ගන්න බැරි දුකක් ඇති උණාම කෙල්ලො දෙන්නම ආරාමෙට තමයි යන්නෙ.මෙච්චර දවසක් නිශා අභිරූ ගැන හිත හිත දුක් විදිනව බලන් ඉන්න බැරිම තැනමයි රශී කිව්වෙ කෙල්ලට ආරාමෙටවත් ගිහින් එන්න කියල.මොකද රශී දන්නව කෙල්ල අරාමෙට ගියාම අඩන්නෙ නෑ කියල.ඒ මෑණියොත් කෙල්ලො දෙන්නට හරිම ලෙන්ගතුයි.කෙල්ලගෙ හිත හදන්න මෑණියො තරම් වෙන කව්රුත්ම නෑ කියල රශී දන්න නිසාමයි කෙල්ලව ආරාමෙට යැව්වෙත්.
නිශා ගියපු ත්රීවීල් එක ඈතට යනකම්ම බලන් ඉදපු රශී ආයෙමත් ගෙට ඇවිත් දොර වහන්න හදනකොටමයි වාහනයක් ඇවිත් මිදුලෙන් නතර කළේ.කාර් එකක්.රශී දොර ගාවට වෙලා බලන් හිටියෙ මීට කලින් දැකල නැති වාහනයක් නිසා කව්ද?ඒ කියල හිතන ගමන්ම.කාර් එකේ ඉදිරිපස දොරත් ඇර ගෙන බැහැපු කෙනා දැක්කමයි රශීගෙ ඇස් දෙක නලලට ගියේ.විශ්වාස කරන්න ඒ ඇවිත් හිටියෙ අභිරූ.කොණ්ඩෙ වගේම රැව්ලත් අපිළිවෙලට වැවිල.ඒ නිසාමයි රස්ශීටත් එක පාරම අදුර ගන්න බැරු උණේ.ඊටත් වඩා අභිරූ ඇවිත් හිටියෙත් එයාගෙ කාර් එකෙන් නෙවෙයි.අපිළිවෙලට රැව්ල වවල තිබුණුඒ මූණෙ තිබුණෙ අසරණකමක් වගේ හැගීමක් ද කොහෙදෝ.අභිරූ ඉස්සර මෙහෙම අපිළිවෙලට ඉන්න කෙනෙක් නෙවෙයි.ඒක රශී උනත් දන්නව.කාර් එකෙන් බැහැල දොර ගාවට ආපු අභිරූගෙන් ආවෙ නහය කඩා ගෙන යන සැර මත් පැන් ගදක්.
” එන්න අභිරූ ඇතුළට “
අමාරුවෙන් නහය හකුළුව ගෙන රශී එහෙම කිව්වෙ මූණට හිනාවක් ගන්න ගමන්.ඒත් එක්කම අභිරූ…….