සංසාර සිත්තම ❤️

තිස් නම වන කොටස.

අවසාන කොටස

✍️භාශී💘

හිරූට ආව කේන්තියටම,

“මරපන් ….. ඉතින් බලං ඉන්නෙ මරපන්……. උබ මොනවද හිතං හිටියෙ මං මැරෙන්න බයයි කියලද? ආ….? එහෙනම් මේකත් මතක තියාගනින්. මං මැරෙන්න බයත් නෑ. අයිය දිල්කිව බදින්නෙත් නෑ.”

කියල සිතිජගෙ අත ගසා දාල කෑ ගැහුව. සිතිජ මේ වගේ දෙයක් හිරූගෙන් බලා පොරොත්තු උනේ නෑ.

“මොකද බය උනාද සිතිජ ආ? තමුසෙ දන්නෙ නෑ මගෙ හැටි. උබ දන්නවද මං උබට වඩා නපුරුයි. ඕනෙ දෙයක් කරන්න පුලුවන් මට.”

සිතිජ හිරූ දිහා බලා ගෙන ඉදල හිනා වෙල් කැබ් එක ආපහු ඩ්‍රයිව් කරන්න ගත්ත.

“හහ්…… එක්කො හිරුන්‍යා මං උබට අරූගෙ කසාදෙ පෙන්නලාම උබව මරනව.”

හිරූට කේන්තියටම හිරූ සිතිජගෙ අත්දෙකෙන් අල්ලලා කැබ් එක ඩ්‍රයිව් කරන්න දෙන්නෙ නැතුව අල්ලන් හිටිය.

“එහෙනම් උබත් මාත් එක්කම මැරියන්”

කියල.

කැබ් එක විශාල ප්‍රපාතයකට වැටුනෙ සිතිජ අත් දෙක හිරූගෙන් ගන්න කොටමයි. නමුත් සිතිජ ඒ වෙද්දිත් පරක්කු වැඩී. දෙන්නම එක්ක කැබ් එකත් අර විශාල ප්‍රපාතෙට ඇදගෙන වැටුන.

හිරූ බොහොම අමාරුවෙන් දොර ඇරගෙන එලියට ආව. ඒ වෙද්දිත්මුලු කැබ් එකම තැලිල ගිහින් වීදුරු කුඩු වෙලා තිබුන. නමුත් හිරූට බය හිතුනා ආපහු සිතිජ ඇවිත් තමන්ව අල්ලගනී කියල. ඒ නිසාම කෙල්ල අමාරුවෙන් කැබ් එක නොපෙනෙන තරම් දුරට පුලුවන් තරම් වේගෙන් ඇවිදගෙන ගියා.

ඒත් එක පාරටම හිරූට දැනුන මුලු ලෝකෙම කලුවර වෙනව කියල.

හිරූට සිහිය එනකොට හිරූ හිටියෙ රෝහලක ඇදක් උඩ.

“ඩොක්ටර් පේශන්ට් ට සිහිය ආව”

කවුරු හරි හිරූ ලගට එන සද්දෙත් හිරූට ඇහුන. ඒත් තාම හිරූට ඇස් ඇරගන්න පන නෑ වගේ දැනුන නිසා හිරූ ආපහු ඇස් දෙක පියා ගත්ත.

“ඔහ්…… තෑන්ක් ගෝඩ්. එහෙනම් බය වෙන්න දෙයක් නෑ. රිස්ක් එක අඩුයි දැං.”

හිරූ ලගට පැමිණි වෛද්‍යවරයෙක් හිරූව පරීක්ශා කරනව හිරූට දැනුනත් හිරූ ඇස් අරින්නෙ නැතුවම හිටිය දැනෙන අපහසුව නිසා.

“ඔයාට මාව ඇහෙනවනම් ඇගිල්ලක් හොලවන්න දරුවො”

හිරූ ඇගිල්ලක් හෙලෙව්වෙ වෙවුල වෙව්ල.

“නර්ස් මෙයාගෙ ඔක්සිජන් රිමූව් කරන්න එපා. ඒව තාම තිබ්බ දෙන්. සේලයින් එක මාරු කරන්න. තාම මෙයා වීක්. අද මෙයාව ඇඩ්මිට් කරපු බෝයි ආවම බලන්න දෙන්න ප්‍රශ්නයක් නෑ.”

හිරූට සතුටු හිතුන මංජු තමන්ව බේරගෙන කියල දැන ගත්තම. හිරූ දන්නෙම නැතුව නින්ද ගියා.

“විනාඩි දහයකින් එන්න එලියට.ගොඩක් වෙලා කතා කරන්න එපා තාම.”
නර්ස් කෙනෙක් කියල යද්දි හිරූ හිතුවෙ මංජු හිරූව බලන්න ඇවිත් කියල. හිරූ ඇස් දෙක හෙමින් හෙමින් අරිද්දි

“ඔයාට කොහොමද මිස්?”

එතන හිටියෙ මංජු නෙවෙයි. දුප්පත් පෙනුමක් තියන හිරූට අවුරුදු දෙකක් විතර වැඩිමහල් තරුණයෙක්.

“කක්……ක…..කව්ද ඔයා?”

“මිස් බය වෙන්න එපා. මම තමයි මිස්ව ඇඩ්මිට් කලේ. මිස් දැං නිදා ගන්න. ඩොක්ට මට එන්න කීව මං යන්නම්”

“එතකොට මංජු……..”

හිරූ කලබලෙන් අහද්දි,

“මිස් නිදා ගන්නකො. පස්සෙ අපි සේරම බලමු”

කියල තරුනයා යන්න ගියා. හිරූට කරන්න දෙයක් නෑ. ඒත් එක්කම වගේ හිරූට දැනුන හුස්ම ගන්න අපහසුයි වගේ. හිරු වේගෙන් වේගෙන් හුස්ම ගත්තෙ ඒ නිසාමයි. විනාඩි තුන හතරකට පස්සෙ,

“ඔහ් ගෝඩ්…… මිසී කම් හිය සූන්……… පේශන්ට අමාරුයි.”

කවුරුහරි කෙනෙක් දුවගෙන ඇවිත් හිරූට ආපහු ඔක්සිජන් දුන්න. හිරූට ලාවට ඇස් පියවෙනව වගේ දැනුන.

හිරූට ආපහු සිහිය එද්දි කලින් පාර වගේ අමාරුවක් දැනුනෙ නෑ. ඒ නිසාම එයා ඇස් ඇරල හොදට වටපිට බැලුව.

“අම්මෝ……. සිහිය ආවද? ඔයා නම් අපිව හොදටම බය කලා දරුවො.”

වෛද්‍යරයෙක් සිනාමුසුව හිරූගෙ ඔලුව අත ගාල ඇහුව.

“දැං නම් ඔක්සිජන් ඕනෙ නෑ නේද?ඉන්න බලන්න.”

වෛද්‍යවරයා හෙමින් හිරූගෙ ඔක්සිජන් මාස්ක් එක ගැලෙව්ව.

“ඩොක්ටර් මගෙ අම්ම?.”

හිරූ හුස්ම ගන්න පුලුවන් උන ගමන් ඇහුවෙ ඒක.

“එක තමයි දරුවො ඔයා ගැන අපි මොකුත් දන්නෙ නෑ. පොලීසියට දැනුම් දුන්නත් මේ ඒරියා එකේ ඇක්සිඩන්ට් එකක් වෙලත් නෑ.”

“ඒ උනාට ඩොක්ට ඊයෙ කැබ් එකක් තමයි ඇක්සිඩන්ට් උනේ.”

“දන්නවද පුතේ ඔයාව මේ හොස්පිටල් එකට ගෙනත් මාස දෙකක් වෙනව”

“මොකක්?”

හිරූට හිතාගන්න බැ. මොකක්ද ඒ උනේ කියල.

“ඔව් දරුවො. ඔයාට පුලුවන් ඔයාගෙ විස්තර කියන්න පොලීසිය ආවම.”

“ඩොක්ට මට වාඩි වෙන්න ඕනෙ.”

“ඕකේ. මිසී මෙයාට හෙල්ප් කරන්න.”

“නෑ ඩොක්ටර් මට තනියම නැගිටින්න පුලුවං”

“කලබල වෙන්න එපා පුතේ. මටත් ඉන්නෙ ඔයා විතරම දරුවෙක්. ඒ නිසා මං දන්නව ඔයාගෙ සිතුම්පැතුම්. ඒත් ඔයාට තව නරක ආරංචියක් තියනව.”

“ඒ මොකක්ද ඩොක්ටර්”

“ඔයාගෙ ඉනෙන් පල්ල පණ නැතුව ගිහින් ඔයාට උන අනතුර එක්ක.”

හිරූ ඒ දේ ඇහුවම නම් ගොඩක් කලබල උනා. මිසී කෙනෙක් ඇවිත් හිරූව වාඩි කෙරෙව්වත් හිරූ කලබල වෙලා නිසා එයාලට හිරූ ගැන කිසිම තොරතුරක් දැනගන්න පුලුවන් කමක් තිබුනෙ නෑ. පොලීසියෙන් ආවත් හිරූ එකම වචනයක් වත් කතා කරේ නෑ දිගටම ඇඩුව.

“හරි දරුවො අඩන්න එපා. මට ඔයාගෙ ගෙදර ෆෝන් නම්බර් එක මතක නම් කියන්න. මං කතා කරල ඔයාග් පේරන්ට්ස්ල ගෙන්නන්නම්.”

හිරූගෙන් වදෙන් පොරෙන් නම්බර් එක අරන්,

“ඔයාගෙ නම කියන්නකො පුතේ”

“හිරුන්‍යා.”

“හරි ඔයා ඉන්නකො.”

වෛද්‍යවරයා නම්බරේ පොලීසියට දුන්න.

මේ වෙද්දි හිරූගෙ ගෙදර විතරක් නෙවේ, දිල්කිගෙ ගෙදරයි කුරුණෑගල අම්මගෙ ගෙදරයි සේරම මලගෙයක් වගේ වෙලා.

හිරූගෙ අම්ම අඩාගත්තු ගමන්මයි.

ඒත් එක පාරටම දුරකථනය නාද උන නිසා හිරූගෙ තාත්ත පහලට දුවගෙන ආව.

“හෙලෝ”

“හෙලෝ මම මේ මොණරාගල පොලීසියෙන් කතා කරන්නෙ “

“ඔව් ඉන්ස්පෙක්ටර් “

“හිරුන්‍යා කියල ගෑනුලමයෙක් ඉන්නව ජාතික රෝහලේ. එයාගෙ අම්මයි තාත්තයි ඔයාල කියල එයා කියනව.”

“මොකක්…. මගෙ දරුව.”

“ඕකේ. ඉක්මනට එන්න. එයා කලබල කරාව් මෙතන”

“ඕකේ ඉන්ස්පෙක්ටර් “

හිරූගෙ තාත්තට රටක් රාජ්‍යක් ලැබුන වගේ ඉක්මනටම හිරූගෙ අම්මවත් ලෑස්ති කරන් යන්න පිටත් උනා. යන ගමන් දිල්කිටයි කුරුනෑගලටයිත් කෝල් කරල විස්තරේ කිව්ව. රෝහලට යද්දිත් හිරූව රෝහලට ඇතුල් කරපු තරුනයා හිරූට කවනව.

“පුතේ”
හිරූගෙ අම්ම ආපු ගමන් හිරූව බදාගත්ත.

ටික වෙලාවකට පස්සෙ සිතිජගෙ තාත්තත් එතනට ආව.

හිරූ තාම නොසන්සුන් නිසා අම්මලා ලග ඉන්න හිරූට වෛද්‍යවරුන් ඉඩ දුන්න.

“පුතේ….. මමත් බය උනා දරුවො ඔයාට මොකක් හරි වෙන්න ඇති කියල”

සිතිජගෙ තාත්ත හිරූගෙ ඔලුව අතගාල කිව්ව.

තරුනයා පව්ලෙ අයට ඉන්න ඉඩ දීල එතනින් අයින් වෙලා ගියා.

“එදා ඇත්තටම මොකද උනේ දරුවෝ”

හිරූ සිතිජ දුරකථනය විසන්ධි කරපු තැන ඉදන් උන සේරම විස්තරේ කිව්ව.

“හ්ම්ම්…….ඔයා දන්නවද?ඒකෙන් සිතිජ මේ ලෝකෙන් යන්නම ගියා”

සිතිජගෙ තාත්ත සුසුමක් හෙලල කිව්ව.

“මොකක්? ඒත් අංකල්….. මං එතනින් දිව්වෙත් එයා මාව අල්ලගනී ආය කියල බයට.”

“ඒකට කමක් නෑ දරුවෝ. කොහොමත් එයා සමාජෙට කරදරයක් වෙනව තවත් හිටියනම්. ඔයා කට උත්තර දෙන්න එයාම පෙරලුවා කියල”

“මොකක් .? අංකල්……ඒත් මට බෑ ඒක කරන්න”

“ඔයාගෙ ජීවිතේ තව අදුරු කරන්න ඕනෙ නෑ පුතේ මට. ඔයා මගෙ දුව වගේ. ඉතින් මට දරුවො දෙන්නෙක්ගෙ ජීවිත විනාස කරන්න බෑ.”

කොහොම හරි වද කරල පොලීසියට කට උත්තර දෙද්දි හිරූ සිතිජගෙ තාත්ත කිව්ව විදියට අට උත්තර දුන්න.

කට උත්තර දීල ඉවර වෙනවත් එක්කම මංජුත් දිල්කිලා එක්ක හිරූ ඉන්න තැනට ආව.

“අයියෙ…..”

“හිරූ………….”

මංජු හිරූව දැක්ක විතරයි ඇවිත් හිරූව බදා ගත්ත. නමුත් දිල්කි ඈතට වෙලා බලන් හිටිය නිසා හිරූ,

“මොකෝ තරහ වෙලාද?”

දිල්කි අඩාගෙනම් ඇවිත් හිරූව බදාගත්ත.

“අනේ මට සමාවෙයන් හිරූ”

“ඒ මොකටද?”

“උබව බේරගන්න අපි මේ ලෝකෙ ලොකුම මෝඩකම කලා. මං උබේ වටිනම දේ අර ගත්ත.අනේ මං ආපහු ඒක උබට දෙන්නම්”

“මොකක්? උබ මොනවද මගෙ ගත්තෙ?…. ටෙඩියද?”

හිරූ මොකුත් හිතාගන්න බැරි නිසා ආපහු දිල්කි දිහා බැලුව.

“ඒහ් උබ අඩනවද?”

“මං කියන්නම් මොකක්ද උනේ කියල පුතේ”

හිරූගෙ තාත්ත හිරූ ලගට ඇවිත් කියද්දි

“මොකක්ද?”

හිරූ ඇහුවෙ මොකුත්ම නොතේරෙන නිසා.

“කවුරු හරි මට මේ අඩන්නෙ ඇයි කියල කියනවද?”

හිරූ ආයම ඇහුවෙ මේ මොන විකාරයක්ද කියල හිතන ගමන්.

“එදා සිතිජ කතා කරල කීවනෙ මංජුට දිල්කිව මැරි කරන්න කියල. ඉතින් ඒ දෙන්නම බෑ කියද්දි දිල්කිගෙයි මංජුගෙයි අම්මලාගෙන් කැමැත්ත අරන් අපි ඒ දෙන්නව රෙජිස්ටර් කරා. ඒ ඔයාව බේරගන්න. ඒත් අපි සිතිජට කොච්චර ගත්තත් හවස උගෙ ෆෝන් එක වැඩ කලේ නෑ. පහුවදා අපට ආරංචි උනා ඌ කැබ් එක පෙරලිලා මැරිල කියල. අපි ඔයාව හැම තැනම හෙව්ව. බදුල්ලෙ හැම හොස්පිටල් එකක්ම බැලුව. ඒත් අපට ඔයාව හොයාගන්න බැරි උනා. අපි හදිස්සි උනා දරුවො”

හිරූගෙ තාත්ත බිම බලාගෙනම කතා කරේ වරද කාරී හැගීමෙන්.

“මොකක්? මේ විහිලුවක් නේද?”

“නෑ හිරූ…..ඒත් අපි අතර මොකුත් උනේ නෑ. මං…… මං උබට ආපහු මංජු අයියව දෙන්නම් අදම. මං ඩිවෝස් වෙන්නම්”

දිල්කි අඩ අඩාම හිරූගෙ අත අල්ලගෙන කිව්ව.

“ඇති …. මට තව එක වචනයක්වත් අහන්න ඕනෙ නෑ. ප්ලීස් ඔක්කොමලම යන්න මෙතනින්.”

හිරූ කන්දෙක වහගෙන කෑගැහුවෙ තවත් මේ දේවල් අහන්න ඕනෙ නැති නිසා.

හැමෝම මොකුත් නොකියම යන්න හැරුනෙ හිරූට පීඩනයක් දෙන්න එපා කියල ඩොක්ටර් කීව නිසාමයි. ඒ එක්කම

“මිස් එහෙනම් මං යන්නම් මිස්”

අර තරුනයා ඇහුවෙ හිරූ ලගට ඇවිත්.

“ඔයාගෙ නම මොකක්ද?”

“අහස්……..”

“දැං කොහෙද යන්නෙ”

“මං ඔන්න ඔහෙ කොහෙ හරි යනව මිස්”

“කොහෙ හරි කීවෙ. ගෙදරක් නැද්ද?”

“නෑ මිස්”

“ඉස්සෙල්ලම මිස් කියන එක නවත්තන්න. මම හිරුන්‍යා. හිරූ කියන්නකො. ඇයි ඔයාට ගෙදරක් නැත්තෙ?”

“මං අනාතයෙක් මිස්….. මං කීවෙ හිරූ……. පංසලක වගේ තමා රෑට ඉන්නෙ”

“එතකොට මාව බලාගන්න සල්ලි කොහෙන්ද මාස දෙකක්?”

“කුලී වැඩක් තමයි ඉතින් මං කරන්නෙ. දවසකට වියදමට ඇති එක දවසක පඩිය.”

හිරූ හොදින් අහස් දෙස බැලුවෙ ඇදුමෙන් දුප්පත් උනත් පෙනුමින්වත් කතාවෙන් වත් දුප්පත් නැති නිසා.

“ඔහොම ඉන්න. අද යන්න එපා. උදව්වක් කරනවද?”

“මොකක්ද?”

“එලියෙ අම්ම ඇති මගෙ එක්කන් එන්නකො”

අහස් හිරූගෙ අම්මව එක්කන් ආව. අම්ම මට ගෙදර යන්න ඕනෙ.”

“අද ඩිස්චාජ් කරයි දෝණි.”

“ම්ම්ම්ම්…. මේ ඉන්නෙ අහස්…..මෙයා තමයි මාව බේරගත්තෙ. මෙයාට ඉන්න තැනක් නෑලු. මෙයා මාත් එක්ක ගෙදර එයි.”

“ඒත් ඒ මොකටද දෝණි?”

“මගෙ උදව්වට”

“තාත්තගෙන් අහල කියන්නම් දෝණි.”

“ඕනෙ නෑ. මෙයා ගෙදර එනව එච්චරයි.”

හවස හිරූගෙ ටිකට් කැපුව නිසා ගෙදර යන්න පුලුවන් උනා. හිරූ වෛද්‍යවරයට කියල තිබුනෙ එයා කියනකම් කකුල ගැන ගෙදරට කියන්න එපා කියල.

ඉතින් හිරූ අහස්ට කියල කාර් එකට යනකම් හිරූව වඩාගෙන ගියා. හිරූ කිව්වෙ තාම ඇගට පණ නැති නිසා කියල.

“කට්ටියම අපේ ගෙදර එන්න. දෙයක් කියන්න තියේ”

හිරූ කාර් එකට නගින්න කලින් මංජුයි දිල්කී දිහා බලල කිව්ව.

කට්ටියම පැය කීපයකින් හිරූගෙ ගෙදරට ආව.

අහස් ආයම හිරූව අරන් ගිහින් පුටුවක් උඩින් තිබ්බ.

“ම්ම්ම්ම්…..ඉතින් මං ආවට සතුටු නැද්ද ඔයාලට?”

“හරි ඒකෙන් වැඩක් නෑ. පොඩී….. දේවල් ටිකක් තියනව කියන්න.”

හිරූ වෙනසක් නොපෙන්වම වෙනද වගේම දගකාර විදියට කියද්දි හිරූගෙ අම්මට සතුටටම ඇඩෙනව.

“මේකයි…… ඉස්සර වෙලා හොස්පිටල් එකේදි කෑ ගහපු එකට සොරි. අනික දිල්කි උබ අයියව තියා ගනින්”

“ඒත් හිරූ…..”

දිල්කි කට අරිද්දිම,

“මැදින් පනින්නෙ නැතුව ඉන්නවකො. අනික අහස් නැත්තම් මං අද මේ ලෝකෙ නෑ. ඒ නිසා අහස් අද ඉදන් අපේ ගෙදර ඉදී.”

හිරූ ඉල්කිට කතා කරන්න් නොදීම කියවගෙන යනව.

“අනික තමයි මගෙ ඉනෙන් පාත් පණ නෑ.එදා මං ගොඩක් දුර පයින් ආව නිසා කකුල් වලට ඩැමේජ් වෙලා. මොකද කකුලෙ ලේ යන එක නැවතිලා තිබිල. ඉතින් මට කවදාවත් මැරි කරන්න බෑ. ඉතින් මංජු අයියට ලස්සන ජීවිතයක් තියනව. උබ ඒක පරිස්සමෙන් රැක ගනින්.”

හිරූ අන්තිම ටික කීවෙ කදුලු පුරවගෙන ඇස් දෙකේ.

“හිරුන්‍යා………….මටත් දෙයක් කියන්න තියනව”

“මොකක්ද?”

“මට පුලුවන් ඔයාව බලාගන්න. “

“මොකක්?”

“ඔව්. මාස දෙකක්ම මං තමයි ඔයගෙ වැඩ මගේ අත් දෙකෙන්ම කලේ. අනික මං එදා දැනන් හිටියෙ නෑ ඔයා කෝටිපතියෙක් කියල. මං කුලී වැඩ කරල එදා ඔයාව බලා ගත්ත. ඉස්සරහටත් මට පුලුවන් ඔයාව බලාගන්න. ඒකට මේ අංකලුයි ආන්ටීයි අවසර දෙයි කියල මං හිතනව.”

ඇති උනේ මද නිහඩ තාවයක්.

“ඔව් මං කැමතී.”

හිරූගෙ තාත්ත අහස්ව බදාගෙන කියද්දි හැමෝම සතුටින් හිනා උනා.

“මට බෑ වෙඩින් එකක් ගන්න”

හිරූ කෑ ගැහුවෙ පුදුමෙන්.

“ඉතින් වෙඩින් ඕනෙ නැ. අත්සන් කරල රෙජිස්ටර් කරමු”

අහස් හිරූ දිහා බලල හිනා වෙලා කිව්ව.

පහුවදාම හිරූගෙයි අහස්ගෙ අතිනත් ගැනීම සිද්ද උනා.

මාසෙකට පස්සෙ දිල්කී මංජුයි ලස්සන මගුල් ගෙයක් අරන් අතිනත් ගත්ත.

සිතිජගෙ දේපල සියල්ලම සිතිජගෙ තාත්ත අහස්ගෙ නමට ලියල දුන්න වගේම අහස් සිතිජගෙ තාත්තට තමන්ගෙ තාත්තට වගේ ආදරේ කරන්න පටන් ගත්ත.

වසරකට පස්සෙ මංජුටයි දිල්කිටයි චූටි දූ පොඩිත්තක් හම්බුනා. එයාට හිරුනි කියල නම තිබ්බෙ හිරූගෙ නම මතක් වෙන්න.

හිරුයි මංජුයි එකතු වෙයි කියල හිතපු අයට නම් සොරි ඈ. හැම ආදරයක්ම එකතු වෙන්නෙ නෑනෙ.🌝🌝

ඔයාලගෙ කමෙන්‍ට් වලට කතාව ගොඩක් වෙනස් කලා. මේක ඇත්ත කතාවකින් ආරම්භ කලත් අවසානෙදි නම් වෙනස් උනා ඒ නිසා..

ඔයාලගෙ අදහස් කියාගෙන යන්න ඈ

Advertisment