කතාව share කරල කියවන හැමෝම Like එකක් දා ගෙන යන්නෝ ❤️❤️

චණ්ඩි_රැජින🌹🌹

හැට පස් වන චන්ඩිකම 🙅🙅

තත්පර පැය ගෙවිල යන්නෙ හිතා ගන්නවත් බැරි වේගෙන්.මට හුස්ම ගන්නත් අමතක වෙලා වගේ.කදුළු අහුරු කඩා වැටෙන්නෙ මටම අවනත නොවී.අභිරූ සර්ගෙ ආදරේ විදින්න මං විදපු දුක මට හොදටම මතකයි.ආදරේ හිතේ හිර කර ගෙන විදපු දුක මං හොදටම දන්නව.මට මැවි මැවි පේන්නෙම ඒ හිනා වෙන ඇස් දෙක.හිනා වෙනකොට වල ගැහෙන ඒ කම්මුල් දෙක.අභිරූ සර් මට ආදරෙයි කියපු දවස.අනේ මගෙ ජීවිතේ අමතක නොවෙනම දවස.මහා ප්‍රශ්ණ කන්දක් එන බව දැන දැනත් ඒ ආදරේ මගේම උණු දවස.ඒ අත් බාහුවෙ එල්ලිලා වැව රවුමෙ ඇවිදපු හැටි.මුළ ඉදන්ම හැමදෙයක්ම මැවි මැවි පේන්න ගත්තෙ ෆිල්ම් එකක් වගේ.

අභිරූ සර්ට ආදරේ කරන්න ගත්තට පස්සෙ එක තත්පරයක් ඒ කට හඩ අහන්නෙ නැතුව ඉන්න බැරු උණු මං අද එයාගෙන් ඈත් වෙලා ඉන්න දරන උත්සාහයක්.අනේ එයා හෝ ගාල කෝල් ගන්නව ඇති.හොදටම බය වෙලත් ඇති.ඒත් මං කොහොම කියන්නද හෙට මාව බලන්න මනමාලයෙක් එනව කියල.එය ඒක දැන ගත්තොත් මොණව වෙයිද මං දන්නෙ නෑ.රශී කිව්ව හරි ප්‍රශ්ණ එන්නෙ අපිට ඕන විදිහට නම් අපිට ඕන වෙලාවට නම්මොණවද නොකරන්න බැරි.මං අභිරූට පොරොන්දු උණා එන ඕනම ප්‍රශ්ණයක් දරා ගන්නව කියල.ඒත් එහෙම කියපු මංම අද මේ ප්‍රශ්ණෙන් හැංගෙන්න උත්සාහ ගන්නව.මොණ දේවල් කිව්වත් මේව දරා ගන්න මගෙ හිතේ ශක්තිය නැති වෙලා ගිහින්.අපිව ජීවත් කරවන්නෙ ආදරේ වගේම ප්‍රශ්ණයක් ආවම වේදනාවෙ අන්තයටම කඩා වට්ටවන්නෙත් ආදරේම තමයි.

” නිශා ඔහොම අඩ අඩ හිටියට ප්‍රශ්ණ විසදෙනව කියලද? උඹ හිතන් ඉන්නෙ එහෙනම් මාත් එන්නම් උඹත් එක්ක එකතු වෙලා අඩන්න “

කාමරේ ජනෙල් කූරු දෙකක් බදා ගෙන කල්පනාවෙ උන්නුමං පියවි සිහියට ආවෙ රශීගෙ හඩින්.

” අනේ මං වෙන මොණව කරන්නද? රශී “

එහෙම කියන ගමන් මං පුටුවක් ඇදල අරන් වාඩි උණේ ඒකි දිහා බලන ගමන්.

” මේ බලපං අභිරූ කෝල් ගන්නව දැන් පැයක විතර ඉදන්.පව් ඒ මනුස්සය හොදටම බය වෙලා ඇති.”

එහෙම කියන ගමන් රශී ඒකිගෙ ෆෝන් එක ගෙනත් දුන්නෙ.එතකොටත් අභිරූ සර්ගෙන් කෝල් එකක්.මොහොතක් ඒ දිහා බලන් උනු මං ෆෝන් එක මේසෙ උඩින් තිබ්බ.ඒක ආන්සර් කරන්න හිතක් නෑ මට.ඒ කට හඩ අහන්න ශක්තියක් නෑ දැන්.

” මොකක්ද? බන් මේ නටන පිස්සිව.අභිරූ විනෝද්ටත් කතා කරල.දැන්වත් කතා කරපං.තව ටික වෙලාවක් ගියොත් ඔය මනුස්සයට හාට් ඇටෑක් එකක්වත් හැදෙයි.”

ඒකි කියන දේවල් නෑහුණ ගානට මං බාත් රූම් එකට ඇවිත් මූණ සෝද ගත්තෙ.අඩල අඩලම ඇස් දෙක හොදටම ඉදිමිලා කකියනව.මං දන්නෙ නෑ මොණව කරන්නද කියල.ආයෙමත් කාමරේට ඇවිත් මූණ පිහ දා ගෙන කාමරෙන් එළියට ආවෙ දරා ගන්නම බැරි බඩගින්නක් දැනෙන්න ගද්දි.ඊයෙ රෑටත් කෑම නොකා නිදා ගත්තු නිසාම හොදටම බඩගිනියි.මං එළියට එනකොට රශී සාලෙ හෝදල සමහර බඩු මුට්ටු එළියට දාල.එහෙම්ම කුස්සියට ගිහින් වතුර ටිකක් බීල ආයෙමත් එළියට ආවෙ.ඒ එනකොට ඒකි කෑම කාමරේ අස් කරනව.

” උඹ ඉතින් මේවට උදව් කරන්නෙ නෑනෙ.මං එපැයි ඔක්කොම කරන්න.උඹ හරියට අඩන්නෙ හෙට ඒ මිනිහ ඇවිත් උඹව කැන්දන් යනව වගේනෙ.”

බිත්තියෙ මකුළු දැල් කඩන ගමන් රශී එහෙම කිව්වෙ මං දිහාත් බලන ගමන්.මාත් ඒකි දිහා බලල පුටුවක් ආපස්සට කරල වාඩි උණේ පිට හරහා වැටිල තිබුණු කොණ්ඩෙ එකතු කරල ගුලියක් වෙන්න ගැට ගහන ගමන්.

” තව ටිකකින් අම්මල එනව කිව්ව.ඔන්න මං කලින්ම කිව්ව ඒ වෙලාවට නම් හොටු පෙරා ගෙන අඩන්න ලෑස්ති වෙන්න එපා.ඒ මනුස්සයත් බය වෙයි.අනික අම්ම ඊයෙම කිව්වනෙ උඹ අකමැති න්ම් මේක වෙන්නෙ නෑ කියල.ඌ එන්නෙ උඹව කැන්දන් යන්න නෙවෙයිනෙ.බලන්න විතරනෙ.බොරුවට නාඩ ඉදින්.”

💕💕💕💕💕💕💕💕

” පුතා ඔහොම ඉන්න.කොහෙද? ඔය යන්න හදන්නෙ රෑ වෙන්න කිට්ටුව.”

කාර් එකේ කී එකත් අරන් පඩි පෙල බැහැල ආපු අභිරූ සාලෙ දිගේ ඉක්මට ඇවිද ගෙන යන්න ආවත් කොල්ල දැක්කෙ නෑ තාත්ත සාලෙ ඉන්නව කියල.එක පාරටම විජේසිංහග්‍ර් හඩට කොල්ල ආපස්ස හැරිල බැලුවෙ.එතකොට දැක්කෙ තාත්ත සාලෙ මැද ඉදන් අත් දෙකත් බැද ගෙන බලන් ඉන්නව.

” තාත්ත මං මේ යාළුවෙක් හම්බ වෙන්න යනව.ඉක්මට එනව.”

කොල්ල මේ කලබලෙන් යන්න හදන්නෙ නිශාදිගෙ ගෙදර ඊයෙ ඉදන්ම කෙල්ලට කෝල් ගත්තත් ෆෝන් ආන්සර් නොකරපු නිසාම කොල්ල මේ ගමන යන්න ලෑස්ති උණේ දවල්මයි.ඒත් ගෙදරින් එලියට යන්න එපා කියල විජේසිංහ බැනපු නිසාමයි කොල්ල හිතා ගත්තෙ ටිඅක් රෑ වෙන්න ඇරල කාටත් හොරා ගෙදරින් එළියට යනව කියල.ඒත් ඒක ආයෙත් අහු උණු නිසා කොල්ලට කර ගන්න දෙයක් නැති උණා.

” අභිරූ ම්ං උඹට දවල්ම කිව්ව අද කොහෙවත් යන්ඩ බෑ කියල.මං දන්නවනෙ උඹේ ගමන්.එක්කො රෑ දොළහට එක විතරට ගෙදර එයි.නැත්තන් හෙට තමයි ආයෙත් එන්නෙ.මං දන්නව උඹ මේ ගමන මග අරින්ඩයි හදන්නෙ.මං උඹට දවල්ම කිව්ව කට්ටි පැනල අහු වෙන්ඩ එපයි කියල.උඹ මේ ගෙදර එකෙන් නෙවෙයි වගේනෙ වැඩ කරන්නෙ “

” මට ඔය එක එක තැන්වල යන්න බෑ.මං දවල්ම කිව්වනෙ ඔයාලට ඕනි නම් ගිහින් එන එකයි ඇත්තෙ.”

තාත්ත කියපු කිසිම දෙයක් ගනනකට නොගෙන අභිරූ අහක බලා ගෙනම එහෙම කිව්වෙ විජේසිංහව තවත් කේන්ති ගස්සල.

” මොකක්ද? උඹ කිව්වෙ ආයෙමත් කියපං බලන්ඩ “

එහෙම කියා ගෙන අභිරූගෙ තාත්ත අභිරූට ගහන්ඩ ළගට ආවත් අරවින්ද මැදට පැන්න නිසා ඒක වැලකුණේ.

” පුතේ,මාව යක්ශයෙක් කර ගන්ඩ එපා.පලයං කාමරේට.”

අරවින්දගෙන් ගැලවිලා අභිරූ ළගට එන්න උත්සාහ ගන්න ගමන් විජේසිංහ එහෙම කිව්වෙ.ඒත් එක්කම අභිරූත් ළගම තිබුණු පුටුවකට පයින් ගහන ගමන් පඩිපෙල නැගල උඩට ගියේ අරවින්ද දිහාත් කේන්තියෙන්ම රවල බලන ගමන්ම……..

නැවත හමුවෙමු

Advertisment