සංසාර සිත්තම
තිස් එක් වන කොටස
✍️ භාශි💘
“දෙයියනේ අංකල් හිරූ……………..”
“මොකද පුතේ?”
හිරූගෙ අම්මයි කුරුණෑගල අම්මයි දෙන්නම එකවරම ඇහුව.
“එයා ඉන්නව”
“මොකක් ?”
“ඔව් අංකල් ඉන්නව එයා.”
හැමෝම මංජු ලගට දිව්වෙ හිරූ ඉන්නෙ කොහෙද කියල දැන ගන්න කුතුහලයෙන්.
“දෙයියනේ මගෙ දරුව……”
හිරූගෙ අම්ම හිරූ ඉන්න විදිය දැක්කම කල්න්තෙ දාල වැටුන.
හිරූට කලන්තෙ දානවත් එක්කම සිතිජ හිරූව තදට පුටුවක තියල ගැට ගහල අත් දෙකයි කකුල් දෙකයිත් බැන්ද. කටට රෙදි පටියක් තියල ගැට ගහල ෆොටෝ එකක් අරන් මංජුට ෆොටෝ එක යැව්ව.
“🖼️ආ මංජු මහත්තයා ඔයාගෙ කෙල්ල ඉන්නව. වැඩිය දගලන්න හදන්න එපා පොලිසි ගානෙ ගිහින් හරිද?”
මංජුට ෆොටෝ එක දැකපු වෙලේ ඉදන් කේන්තී.
“මගෙ කෙල්ලව ලෙහපන් මිනිහො”
මංජු කෝල් එකක් අරන් සිතිජට කෑ ගැහුව.
“අම්මෝ බයේ බෑ………… මංජු මහත්තයාට තරහ ගිහින් නේද?”
සිතිජ මහ හයියෙන් හිනා උනා.
“තමුසෙ කව්ද කියනව?”
“මම කවුරු උනත් අදාල නෑනෙ මහත්තයා. කෙල්ල ඕනෙ නම් යහතින් මං කියන විදියට වැඩ කරන්න වෙයි.”
“තමුසෙට මොනවද ඕනෙ. සල්ලිද?”
“චී චී මට සල්ලි එපා. ශිකේ”
“එහෙනම්…………”
“ඒක මං වෙලාවට කියන්නම් මහත්තයා. හරී………..”
“මට මගෙ කෙල්ලව දීපන් බල්ලො”
“කීවනෙ මහත්තයා…….. මං කියන විදියට උනොත් කෙල්ල හම්බෙයි.”
මංජු ළගම තිබ්බ පුටුවකට බර උනේ මොකක්ද කරන්නෙ කියල හිතා ගන්න බැරුව.
“මචං ඌ මාව දන්නෙ නෑනෙ. මං පොලීසිය එක්ක කන්ටෑක් තියන්නම්. උබ ඌ කියන ඒව කරල බලපන්.”