කතාව කියවන වස්තුල like එකක් දා ගෙන යන්න ❤️❤️
😍 නවමු වූ තේමාවක් රැගත් යුගයේ ප්‍රේමාන්විතම ආදර අන්දරය…😍
චන්ඩි #රැජින🌹🌹
තිස් දෙවන චන්ඩිකම 🙅
” ආ මිස්ට අර්ශෂ් How are you “
රශී එහෙම අහනවත් එක්කම අපිට පිටුපාල මොණවදෝ වැඩක් කර කර උන්නු අභිරූ සර් මේ පැත්ත හැරිල බැලුවෙ.ඒ මූණෙ මස් පිඩු කේන්තියෙන් වෙව්ලන්න වැඩි වෙලාවක් ගියෙ නෑ.රශී නම් තාමත් හිනාවේගනම සර් දිහා බලන් ඉන්නව.
” කව්ද?තමුන්ට මේක ඇතුළට එන්න අවසර දුන්නෙ “
රශී දිහා කේන්තියෙන්ම බලා ගෙන සර් එහෙම අහනව.
” කාගෙනවත් අවසර ගන්නෙ මොකටද? කකුල් දෙකක් තියෙන්නෙ එන්න තමයි”
” නිශාදි,එක එක අටමගල් මේක අස්සට අරන් ආවෙ මොකටද?”
මං දිහා කේන්තියෙන් බල බල සර් කෑ ගහන්න වුණේ.බයටම වචන පිට වෙන්නෙත් නෑ.අමාරුවෙන් වචනයක් දෙකක් ගැට ගහන්න හදනකොටම රශී කතා කරන්න වුණේ.
” කව්ද? හලෝ අටමගල.ඔහේගෙ මේ අටමගල් ඔෆිස් එකට එන්න මටත් උවමනාවක් නෑ.මං ආවෙ මේකිගෙ තනියට “
” නිශාදි තමුසෙගෙ මේ මහලොකු යාළුවට ඔය ඝණ්ඨාරෙත් අරන් එළියට යන්න කියනවද? මට කියල කට කුඩු කර ගන්නෙ නැතුව”
” මගේ කට කුඩු කරන්න.හහ්,😏එනවකො බලන්න “
එහෙම කියන ගමන් රශී සෙරෙප්පුව ගලවල අතට ගත්තෙ අභිරූ සර් දිහා බලල දත් කුරු හපන ගමන්.තවත් මේකි මෙතන හිටියොත් නම් මොණවයින් මොණව වෙයිද? දන්නෙ නෑ.ඒ නිසාම මං ඒකිව ඔෆිස් එකෙන් එළියට තල්ලු කරල දොර වහල දැම්මෙ.දොර වහල දාලා අනිත් පැත්ත හැරෙන කොට සර් මං දිහාම බලන් ඉන්නව පුටුවෙන් වාඩි වෙලා.ඒත් වෙනද තරම් නපුරුකමක් ඒ මුණෙ නැතිද? මන්ද ඒත් ඒ නපුරු මූණෙ කවදාවත් නැති හිනාව අදත් ඒ විදියමයි.
” ඇවිත් වාඩි වෙනව “
සර්ගෙ හඩින් ගැස්සිලා ගියපු මම සර් ඉස්සරහම පුටුවෙන් වාඩි වුණේ.
” ආයෙමත් තමුසෙගෙ යාළුවව මගෙ ඉස්සරහට ගේන්ඩ එපා “
එහෙම කියන ගමන් ලාච්චුවෙන් ඇදල ගත්තු කහ පාට ලියුම් කවරයක් මේසෙ උඩින් තියල මගෙ පැත්තට තල්ලු කලේ.මේසෙන් බිමට වැටෙන්නෙ ගිය ලියුම් කවරෙ අල්ල ගෙන මං සර් දිහා බැලුවෙ.
” ඔය තමුසෙගෙ සැලරි එක.වැඩ කරපු විදිහට තමයි සැලරි එක ඇත්තෙ.දිගටම වැඩට එනව.එහෙම උනොත් සැලරි එක වැඩි කර ගන්න පුළුවන් වෙයි.ඊලග පාර ඉදන් සැලරි එක එකව්න්ට් එකට දානව.හ්ම්ම් දැන් යනව.”
සර් එක දිගටම එහෙම කියා ගෙන ගියේ.මාත් ලියුම් කවරෙ අතට අර ගෙන නැගිටල එළියට යන්න ආවෙ.වෙනද තරම්ම නපුරු පෙනුමක් නැතත් මාත් එක්ක හිත හොදින් කතා කලේ නෑ මං හිතන්නෙ.
” නිශාදි “
දොර අරින්න අත තියනවත් එක්කම සර් ආයෙමත් කතා කරන්න වුණේ.එහෙම්ම අනිත් පැත්ත හැරිල බැලුවෙ ඇයි කියල හිතන ගමන්.ඒත් විනාඩි ගානක් මගෙ මූණ දිහා බලන් උන්නු අභිරූ සර් ආයෙමත් අනිත් පැත්ත බලා ගෙන අතින් කිව්වෙ එළියට යන්න කියල.මං එළියට යනකොට රශී ධනුක අයියත්,ඇසල අයියත් එක්ක සද්දෙන් සද්දෙන් කතාවක්.මාව දැකලද, කොහෙදෝ ඒකි මගෙ දිහාවට හැරුණෙ ආ උඹ ආවද? අහන ගමන්.
” ෂිට් උඹ මාව එළියට තල්ලු කරල දොර වැහුවනෙ.නැත්තං මං අර හිකනලාට පෙන්නනව මේ රශී කියන්නෙ කව්ද? කියල.”
රශී අතත් මිටි කරන් කේන්තියෙන් කියවන් යන්න වුණේ.
” අම්මෝ රශී නංගිට හරියට කේන්ති යනව නේද? “
ධනුක අයියා හිනා වෙන ගමන් එහෙම අහනව.
” ඔව් අයියෙ මට් ඕකව පේන්ඩ බෑ “
තවත් එක එක ජාති කියල බැනල රශී එළියට යන්න ගියේ මටත් එන්න කියන ගමන්.
” සර් මොකද? කිව්වෙ නිශා “
“එහෙම මොකුත් නෑ අයියෙ.සැලරි එක දුන්න.”
” හ්ම්ම් උඹ ඊයෙ සර් එක්කලු ගියෙ නේද?”
“අහ්,අනේ ඔයා ඇවිත් හෙව්වද? මට කියන්නවත් අමතක උනානෙ අයියෙ “
“උඹ සර් එක්ක කැමැත්තෙන්ද? ගියේ නිශා”
මං කියපු දේ ගනනකටවත් නොගෙන ඇසල අයිය එහෙම ඇහුවෙ.
” ඇ ඇයි ඇසල අයිය.එහෙම නෑ සර් බලෙන්මයි මාව කාර් එකට දා ගත්තෙ.”
” හ්ම්ම් ඒක මිසක් මං උඹට මේක කියන්නම තමයි හිටියෙ.අපි වගේ දුප්පත් උන්ට ලොකු අතු අල්ලන්න බෑ බන්.උඹ හොදට මතක තියා ගනින් නිශා සල්ලිකාරයො පොඩි අපිව පාවිච්චි කරල අයින් කරල දානව.අනික උඹ කෙල්ලෙක්.චරිතෙ ආරක්ශා කර ගෙන හිටපං.මං හිතනව උඹ කාගෙවත් කීම්වලට රැවටෙන්නෙ නැතුව හිතල බලල තීරණයක් ගනීවි කියල.”
මං පුදුම වෙලා බලන් උන්නු අතරෙම ඇසල අයියඑක දිගටම එහෙම කියන් යන්න වුණේ.ඒත් ඇසල අයිය මොණ දෙයක් ගැන කියනවද? කියල මට තේරුම් ගන්න බෑ.එයාට කව්රු හරි කේලමක්වත් කියලද? මට හිතා ගන්න බෑ.
” ඇසල අයියෙ ඔයා මොණව ගැනද? මේ කියන්නෙ මට මොකුත් තේරෙන්නෙ නෑ.
මොකුත් හිතා ගන්න බැරුව මං ඇසල අයිය දිහා බලල එහෙම ඇහුවෙ.
” මට රනුක හැම දෙයක්ම කිව්ව නංගි.ඌ ගොඩක් දුකින් ඉන්නෙ.සර් ඔයාට…..”
ඒත් ඇසල අයියට කියා ගන්න වුණේ එච්චරයි.ආයෙමත් රශී කෑ ගහගෙන අපි දිහාවට ආවෙ.
” නිශා උඹ අද එනවද? ආ….මංබලන් ඉදල බැරිම තැන ආවෙ මේ.තව වැඩ කීයක් තියෙනවද? වරෙන්කො බං.”
ඇසල අයිය කියපු දේ අහ ගන්නම ඕනි උනත් රශී කියපු කතාවත් ඇත්ත.ගෙදරට බඩු ගන්නත් ඕනෙ නිසා ඇසල අයියටත්,ධනුක අයියටත් යනව කියල අපි ශොප් එකෙන් එළියට ආවෙ.ඒත් හිත නම් තාම නොසන්සුන්.
ඇසල අයිය කියන්න ගියේ මොකක්ද? මොනව උනත් මොකක්ම හරි දෙයක් වෙලා තියෙන වග නම් දැණුන.සර් මොණව හරි රනුක අයියට කියල තියෙනව.මට එහෙම හිතෙනව.රනුක අයියගෙන් අහන්නත් බෑ එයා එක්ක කතා කරන්න සර් තනම් කරපු නිසා.ඒත් කමක් නෑ ඇසල අයියගෙන්ම අහල දැන ගන්නව.පැය ගානක් හිතත් එක්ක ඔට්ටු වෙලා හති වැටුණු මම අවසානයට එහෙම හිතා ගත්තෙ…..
නැවත හමුවෙමු