ජාතික ගීය සිංහලෙන් පමණක් ගැයීමට විරෝධය පළ කරමින් රාජ්‍ය නොවන සංවිධානයක පිරිසක් විසින් අද විරෝධයතාවයක් පැවත් වූවා. ඒ කොළඹ දීය. ඔවුන් පවසන්නේ භාෂා දෙකක් තිබෙන රටක අනිවාර්යයෙන්දෙමළ භාෂාවෙන්ද ජාතික ගීය ගායනා කල යුතු බවයි. ඔවුන් එහිදී මෙලෙස අදහස් පළ කරා.

1948 ඉදලම ව්‍යවස්තාවේ තියෙනවා ජාතික ගීය සිංහල භාෂාවෙන් මෙන්ම දෙමළ භාෂාවෙන් ගායනා කළ හැකි බව. නමුත් මේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වූවාට පසු ආණ්ඩුව ඇතුළෙන්ම හඬ දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කරන්න දෙමළ ජනතාවට අයිතියක් නෑ කියලා. මෙය ඔවුන් සිරබාරයට ගෙන සිංහල භාෂාව විදිහට ජනතාවගේ මෙය දෙමළ ජනතාවගේ හඩ යටපත් යටපත් කිරීමක් නිසා අපි කල්පනා කළේ දෙමළ ජනතාවට දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගැයීමට තිබූ අයිතිය අපි තහවුරු කරන්නට ඕනේ කියා. ඒ නිසා අපි ජනතාව ගැවසෙන ප්‍රසිද්ධ මංසන්ධිය කනත්තට ළඟට ඇවිල්ලා අපි දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කර දෙමළ ජනතාවට තිබෙන අයිතිය තහවුරු කිරීමට එකතු උනා ඒ නිසා සිංහල ජනතාවට් තමයි මේ ගැන වැඩියෙන්ම ආඩම්බර වෙන්න ඕනේ