කතාව කියවන හැමෝම Like එකක් දා ගෙන යන්නෝ ❤️❤️

චන්ඩි #රැජින🌹🌹

හතලිස් වන චන්ඩිකම 🙅

වෙද මාමගෙ ගෙදර පරණ තාලෙට හදල තිබුණු ගෙදරක්.විශාල මිදුලක් එක්ක එක එක පැළෑටි,මල් වර්ග ගොඩායි.මෙච්චර දවසක්ගේ ඇතුළෙ හිටපු නිසා අද තමයි එළිය දැක්කෙ.

හරිම නිස්කලංක පරිසරයක්.වටපිටාව බල බල උන්නු මං ගැස්සිලා ගියේ දැකපු දෙයින්.අපිට ටිකක් ඈතින් වෙන්න වෙද මාමත් එක්කහරි හරියට කසාය මුට්ටියක් හැදි ගාන අභිරූ සර් දිහා මං බලාන හිටියෙ ඇස්දෙකත් ජිල් බෝල සයිස් කර ගෙන.

කලින් දවස්වල නපුරුකම් කළ අභිරූ සර්මද, මේ කියල හිතෙන තරමට මට හිතා ගන්න බෑ.චුට්ටෙන් චුට්ට අභිරූ සර් ගැන පැහැදීමක් හිත අරක් ගද්දි කියා ගන්න බැරි හැඟීම් ගොඩක් හිත අස්සෙ හිර වෙලා.

මංවෙනුවෙන්මෙච්චරකැපවෙන්නමං #අභිරූසර්වෙනුවෙන්මොණවදකළේඒත් #මුලදවස්වලවගේමනපුරුමූණෙ #හිනාවක්නෑආසයිනපුරුමූණට #හිනාවක්එනවදකින්නගනටවැවිල #තියෙනඇහිබැමමූණටඑකතුකලේ #නපුරුමපාටවිතරයිඒත්නපුරුපාට #අභිරූසර්ටකොයිතරම්ලස්සනදනපුරු #පෙනුමඅස්සෙන්මතුවෙනහිතවත්කම් #හරිඅපූරුයිඅභිරූසර්.

❤️නිශා❤️

ටික වෙලාවකින් කසාය දාපු පොල්කට්ටක් අරන් අපි දිහාවට ඇවිදන් ආපු අභිරූ සර් මගෙ අතට පොල්කට්ට දීල ආපහු ගියේ.වෙද මාමල ගමේකමට හැදුණු මිනිස්සු.එයාල තේ බිව්වෙ පවා පොල්කට්ටෙන්.පිට කෙදි ටික කුරුටු ගාල ගත්තු පොල්කට්ටෙන් තේ බොනකොටත් රසයි.ඒත් මං බොන්න අකමැතිම තිත්ත කසාය.

පහුගිය දවස් ටිකේම කසාය බොන්න වුණේ වෙද මාමගෙ කටේ බලේටමයි.ඉක්මනට සනීප වෙන්න නම් නොබීත් බෑ.එහෙම හිතන ගමන් මං කසාය පොල්කට්ට කට ගාවට කරල ආයෙමත් අයින් කලේ ඒවයෙ ගද නාස්පුඩුවලට දැනෙන්න ගද්දි.

” ඕක බීපං විකාර නොකර”

රශී එහෙම කිව්වත් මං බෑ කියන්න ඔළුව වැනුවෙ මූණත් බෙරි කර ගෙන.ඒත් එක්කම කොහෙදෝ ඉදල අභිරූ සර් ආයෙමත් අපි ගාවට ඇවිදන් ආවෙ.

” ඔයා යන්න මං මෙයාට පොවන්නම්”

සර් එහෙම කිව්වම රශී හිනා වෙල ඈතට යන්න ගියේ.වෙනදට පොඩ්ඩ ඇත් නම් රණ්ඩුවලට පැටලෙන රශී අද නිහඩ වෙලා.මං පුදුමෙන් ඒකි යන දිහා බලන් උන්නෙ.

” ඕක බොන්න “

රශී යන දිහා බලා ගෙන කල්පනාවෙ උන්නු මං ගැස්සිලා ගියේ සර්ගෙ කට හඩින්.අභිරූ ස්ර් මං ගාවින්ම ඉද් ගෙන මං දිහාම බලන් ඉන්නව හරියට චූටි ද්රුවෙක්ට බෙහෙත් පොවන්න සැරසෙන තාත්තෙක් වගේ.

” ති ත් ත යි “

මං අමාරුවෙන්ම එහෙම කිව්වෙ ඒ මූණ දිහා බලා ගෙන කටත් එහෙක් කර ගෙන.අභිරූ සර් තොල් පෙති හපා ගෙන අනිත් පැත්ත බලා ගත්තෙ.මට හිනා වෙනවද මන්ද,ඒ හිනාව මං දැක්කොත් ඇස් වහ වදියි කියල වෙන්න ඇති අහක බලා ගත්තෙ.ම්හු නපුර.

” ඕක බොනවද? නැද්ද?”

ආයෙමත් මං දිහා බලපු අභිරූ ස්ර් එහෙම කිව්වෙ ටිකක් සැරෙන් වගේ.ඒ උනාට මට නම් දැනුනෙ ආදරණීය තරවටුවක් වගේ.ඒ නපුර ඉස්සරහ මේ හිතට දගකාරකම් කරන්නමයි හිත.

ඒත් ඒකට කොයින්ද අයිතියක්.ජීවිතේ පළවෙනි වතාවට දැනුනු පිරිමි සුවදට මේ හිත ආස කරන තරමක්.පිට පනින්න පොරකන දාහක් හැඟීම් හිත පත්ලටම තල්ලු කරල දාල කට ගාවට ගත්තු කසාය පොල්කට්ට උගුරට දෙකට බීල දැම්මෙ තාමත් රවා ගෙන බලන් උන්නු ඒ නපුරු ඇස් දිහාම බලා ගෙන.

බීල ඉවර කරපු කසාය පොල්කට්ට අභිරූ සර් දිහාට දික් කලේ මං කටත් එහෙක් කර ගෙන.ඒත් එක්කම මගෙ කට ඇතුළට හකුරු කෑල්ලක් දාපු අභිරූ සර් පොල්කට්ටත් අර ගෙන නැගිට්ටෙ මං ඇස් දෙකත් විශාල කර ගෙන දත් දෙකෙන් හකුරු කෑල්ලත් අල්ලන් ගල් ගැහිල බලන් උන්නු අතරෙ.

“ඕක හපල කනව නැත්තන් කට ඇතුළෙම දිය වෙයි.”

එහෙම කියපු අභිරූ සර් ගේ දිහාවට ඇවිදන් ගියේ.

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

කකුලට බැදල තියන �බෙහෙත් මාරු කරන්නෙ දවසට සැරයක්.ඇද විට්ටමට හේත්තු වෙල ජනේලෙන් එළිය බලන් හිටපු මං දැක්කෙ කකුලට බදින බෙහෙත් පොට්ටනියත් අරන් කාමරේට එන වෙද මාමව.ඒත් එක්කම් රශීත්,විනෝද් අයියත් එක්ක කාමරේට ආවෙ අභිරූ සර්.උණු වතුර බේමසක් ගෙනත් මේසෙ උඩින් තියපු රශී වෙද මාමට පුටුවක් ගෙනත් දුන්නෙ වාඩි වෙන්න.

” අපි �බෙහෙත් ටික මාරු කරමු දරුවො”

වෙද මාමට ඔළුව වනපු මං ඇද විට්ටමට කොට්ටය තියල හේත්තු වුණේ වෙද මාම කකුලට බැඳල තිබුණු බෙහෙත් පොට්ටනිය ගලවන අතරෙම.

පරණ බෙහෙත් පොට්ටනිය අයින් කරපු වෙද මාම උණු වතුර පොගවපු රෙදිකඩක් අරගෙන තුවාලෙ තවන්න වුණේ ටිකක් තදේට.වේදනාව දරා ගන්න බැරි තැන මට කෑ ගැස්සුණේ.

විනෝද් අයියත් රශීත් මගෙ කකුල ඇදට හිර වෙන්න අල්ල ගත්තෙ මට දගලන්නවත් බැරි වෙන්න වෙද මාම තුවාලෙ ටික ටික තදේට තවන්න වුණේ මගෙ ඇස් දෙකෙන් කදුළු පනින්න තරම් වේදනාවක් ඇති වෙද්දි.දරා ගන්නම බැරි තැන මං ඇදට ගහ ගහ කෑ ගහන්න වුණේ.

මගෙ කෑ ගැහිල්ල දරා ගන්නම බැරිම තැනද කොහෙද අභිරූ සර් මං ළගට ඇවිත් අත තද කරල අල්ල ගත්තෙ ඉවසන්න කියන්න වගේ ඔළුව වනන ගමන්.කව්රු උන්නත් ඒ වේදනාව දරා ගන්නම බෑ.වෙද මාම බෙහෙත් පොට්ටනිය බදින්න වුණේ මගෙ කෑ ගැහිල්ල නොතකාම.

අභිරූ සර්ගෙ ඈ දිහාම බලන් උන්නු මගෙ ඇස් පිහාටු බර වෙන්න වුණේ කකුලෙන් දැනෙන වේදනාවත් ටිකෙන් ටික අඩු වෙනව දැනෙද්දිම.බර වෙලා තිබුණු ඇහි පිහාටු අඩවන් වෙලා පිය වෙලා ගියේ මාව පා වෙනව වගේ හැඟීමක් දැනෙන ගද්දි.මා දිහාම බලන් උන්නු අභිරූ සර්ගෙ ඇස් මැවි මැවි පේන්න ගද්දි…………

නැවත හමුවෙමු.👋👋

දවස් දෙකක් කතාව දෙන්න බැරි උණා. පාඩම් වැඩත් එක්ක කතාව ටයිප් කරන්න වෙලාවක් නෑ. අදත් ටයිප් කර ගන්න උණේ පොඩ්ඩයි.😥 බලා ගෙන හිටිය නම් සමා වෙන්න හෙට කතාව බෝනස් දෙන්නම් තරහ වෙන්න එපෝ.