8 වන දිගහැරුම

🎭 ” කොහොමද ඔයාගේ අනාගත මාලිගාව “?

🌹” හොදයි …..ලස්සනයි ..ආස හිතෙනවා මෙතනට ගොඩාක් ….

ඒත් මෙහේ කවුද අයියෝ ඉන්නේ …”

🎭” දැනට නම් මායි , වැඩට ඉන්න ලැසීයි , සේපාලයි , රොකියි විතරයි …”

🌹” මෙච්චර ලොකු ගෙදර ක ඔය වගේ පොඩි දෙනෙක් ඉන්න බය නැද්ද ….”.

🎭 ” රොකී මේ….උඹේ නෑනා අපිට විහිළු කරනවා…

ඇයි අනේ අපි කවුද කියලා අමතක වුණා ද…”?..

🌹 ” ආ…ඒකත් ඇත්ත …මුළු ගමක්ම ඔයාලට බයෙන්නේ ඉන්නේ. “

🎭 ” ලැසී…..ලැසී….”

🌱” ඇයි මහත්තයා ….”

🎭 ” මේ නෝනට කන්න මොනවා හරි හදලා දෙන්න….

මැණික මන් අතරමග ලොකු වැඩක් බාගෙට දාලා ආවේ….එකෙක්ට හොද රිටර්න් එකක් දෙන ගමන් හිටියේ. මන් පොඩ්ඩක් ගිහින් එන්නම්…”

මන් ඔලුව වනද්දී ඔහු මගේ හිස අතගාලා යද්දී ජේඩීගේ සුවච කීකරු බලු පැටියා රොකී ලෑස්ති වුණා යන්න…ඒත්

🎭” රොකී ..උඹ ඉදපන්….

මේ කෙල්ලා ගෙදර තනියම නේ මන් ඉක්මනින් එන්නම්…දන්නවනේ …..”

🍁” ඒත් අයියේ තනියම යන්නද හදන්නේ …

ඒක අවදානම් ….”

🎭” මෙතනින් එහා වත්තට නේ බන් යන්න තියෙන්නේ ….”

ජේඩි සිනාසී පවසද්දී රොකී හිස සලා එය අනුමත කළේය.

මන් ගෙදර ඇතුළ පුරා ඇවිදගෙන ගියේ විශාල කාමරය ක් තුළට . දොර අරිද්දීම හිතුණා මේ අර නාකියාගේ කාමරේ කියලා….පොටෝ එල්ලලා තිබුනා හැමතැනම…මන් මගේ ආටිකල් එකට අවශ්‍ය වෙයි කියලා

ඒ මනුස්සයා ගේ රූම් එක පෙරල පෙරලා හෙව්වත් මොකුත් ලැබුණේ නෑ…

මන් එහෙමම ගියේ අනිත් කාමරේට ….ඒ අර නපුරු රොකියා ගේ රූම් එකේ…දොර අරින්න කියලා බැලුවත් දොර අරින්න බෑ….ඇතිවෙන්න දගල දගල දොර අරින්න හදද්දී එකපාරම කවුද කෙනෙක් අතින් ඇද්දා..

මල ලැජ්ජාව …අර නපුරු බලු තඩියා ….

🍁 ” තමුසේ මොකො මගේ කාමරේට යන්නේ….”

🌹” ඇයි තහනම්ද…මේ මගේ අනාගත ගෙදර ….මට ඕන තැනක යන්න පුළුවන් ….”

🍁 ” තාම තමුසේ ගේම වුනේ නැහැනේ…අනික මගේ රූම් එකට කවුරුත් යන්නේ නෑ…අඩුමතරමේ අයියාවත් …පේනවද ලොක් එක…ඉගන ගත්තට මොළයක් නෑ වගේ….”…

🌹 ” අප්පටසිරි…මූ යකෝ මන් නම් මහ මොකියෙක්ද අප්පා….
මූ ඩෝ එකට දාලා තියේන්නේ පාස්වර්ඩ් එකක් එක්ක ලොක් එකක් නේ…”

මන් හිතුවා පමණි .

🌹” මේ …මන් දැක්කා ඒක…..ඒත් මන් හිතුවේ ඒක නිකන් දාලා කියලා .අනික ඔච්චරටම රකින්න ඔයාගේ කාමරේ මැණික් තියේද…..”

🍁 ” මේ මට තමුසේ එක්කකතාවක් නෑ ප්ලීස් ඇත්වෙලා ඉන්නවා …”

🌹 ” හා “

මන් ඔහුට සමු දීලා පඩිපෙළ බහින්න හදලා ආයිත් හැරිලා බලද්දී මෙන්න මේ මිනිහා මගේ දිහා බලාගෙන…..

🌹 ” මේ මොකද…”

🍁 “නෑ….මොකුත් නෑ….යනවද ඇණයක් නොවී…..”

🌹” ඇත්තටම මේ…මැණිකක් තියේනවද….තියේ නම් අපි දෙන්නා බෙදා ගමු නේ…..”

මන් හිනාවෙවී කියලා දුවලා ආවේ ආයි පිටිපස්සවත් නොබලා. ….

🌱” නොනේ කෑවනම්….”

🌹” දැන්ම එපා…..

ඒක නෙවෙයි ලැසී අම්මා..

කෝ මහත්තයා ගේ අම්මා…”?

🌱” අම්මා ඉන්නවා නෝනා ….ඒත් මහත්තයා එක්ක කතාවක් නෑ…..

මහත්තයා කරන වැඩවලට නෝනා කැමති නෑ ……

ඒක නිසා ලොකු නෝනා ගියා මෙහෙන් ඉන්න තැන දන්නේ රොකී මහත්තයා විතරයි …”

🌹” එතකොට රොකී…ජේඩී මහත්තයා ගේ මල්ලීද .?

🌱”නෑ…..නෝනා

රෝකී මහත්තයා ට කාත් කවුරුත් නෑ…

මහත්තයා දවසක්දා ගෙදර ට ආවේ රොකී මහත්තයා එක්ක ….එදා ඉදන් මෙහේ තමා…

මන් වැඩිය දේවල් දන්නේ නෑ….”

🌹” හා ලැසී අම්මා…මන් මිදුල පැත්තට යනවා. ..”

😁😁😁😁

මන් මිදුලට ගිහිල්ලා මල් වත්ත දිගේ ඇවිදලා නතර වුණේ අර ලොකු ගහ උඩ තියෙන ලී ගෙදර ළග..මන් ඒ ගෙදරට යන්න හදලා තිබුණු ඉනිමග දිගේ නැගලා බාගෙට වහලා තිබුණු දොර ඇරගෙන යද්දී දැක්ක දේ නිසා මන් ගල් ගැහිලා හිටියේ ….

අර රොකීයා උඩුකය නිරුවත් ව බියර් ටින් එකක් එක්ක සිගරට් එකක් බිබී ඉන්නවා …..ඒ මදිවට කාගේද ෆෝටෝ එකක් බල බල හිනාවේවී. ඇත්තෙන්ම මගේ ගෑණු සිතත් ඔහු මෙලෙස සිටිද්දී තරමක් නොසන්සුන් වෙනවා . දකින ඕනෑම කෙනෙක් දෙපාරකටත් වඩා බලන්න හිතෙන කඩවසම් රුවක් ඔහු සතු විය.. ඒ රූපේටම ගැලපෙන ආඩම්බරකාරකම …..

🍁” තමුසේ ඒ පාර මොකෝ

මෙතනටත් ආවද….?

මන් ගැස්සිලා වගේ ගිහින් පියවි ලොවට එද්දී

🌹 ” මේ.. මේ…ඔයා ඇති කියලා දන්නේ නෑ..නිකන් ආවේ.. “

🍁” එනවා…ඉතිං …..”

මන් හෙමීට ඇතුළට ගිහින් ඒ පුංචි ගේ පොඩ්ඩ දිහා බලාගෙන ගියා.පුටු දෙක තුනක් එක්ක මේසයකුයි වගේ තමා තිබ්බේ …

🍁 ” බැලුවනම් යනවද නෝනාහාමිනේ…”

🌹 “හ්ම් …මේ ඇයි ඔයා කොයි වෙලේත් තරහින් ඉන්නේ මාත් එක්ක …..”

මන් එහෙම අහද්දි එකපාරම රොකී හයියෙන් හිනා වෙලා මාව ඇදලා අරන් බිත්තියට හේත්තු කරගෙන මගේ මූහුණ මත නලලේ සිට දෙතොල් දක්වා ඔහුගේ එක් ඇගිල්ලක් යවා මගේ කන් පෙති මතට ළංවී කිව්ව දේ නිසා මට සිහිසුන් නොවුණා පුදුමයි . …

🍁” තරහා. ..තමුසේ මාව පිස්සු වට්ටන නිස…..”

මේ කියන කිසිම දෙයක් නොතේරෙන මා බලා සිටියේ මොහුගේ මේ හැසිරීම දෙසයි. එකපාරම මගේ දෙපැත්තෙන් අත් තබා ගෙන ඔහු මගේ දෙතොල් මතට පහත් වෙලා මගේ දෙතොල් සිප ගත්තේය .

ජීවීතේ මෙතෙක් කෙදිනකවත් කා අතින් වත් ඉදුල් නොවු මගේ දෙතොල් අද ඔහු සිප ගන්නේ ආදරණීය ලෙසය . සිප ගැනීම එන්න එන්නම රලු වෙද්දී මගේ දෑස් පියවුණි. ගල් පිළිමයක් ලෙස හිටගෙන ඉන්න මා හට මේ ඔහුගේ හැගීම නොතෙරෙයි. ඔහුගේ දෑස් මෙන්ම මගේ දෑසින්ද කදුලු පේළි වැටෙයි.

😁😁😁😁😁

කතාව කියවලා දැනෙනෙ දේ කියන්න….ඔන්න මේ රොකියාට මොනවා වෙලාද….කවුද මේ රොකී කියන්නේ ….රැදෙන්න පත්තරකාරී සමග දිගටම