සංසාර සිත්තම

පස්වන කොටස

✍️භාශි 💘

“දෙයියනේ දිල් අර………”

“මොකද්ද බං?”

“අනේ අර බලපන් සිතිජ නේද ඒ?”

හිරූ දෑස් විසල් කරගෙනම පාරෙන් එහා දෙස බලමින් පවසන දිහාව දිල්කිත් බැලුව. ඒ බලන පමාවටම ඇගේ නෙත්ද විසල් වී ගියේ කලයුතු දෙය පවා සිහි කරගැනීමට නොහැකි ලෙසිනි.

පරෙන් එහා පස ඇති උද්‍යානයේ සිතිජ තවත් කෙල්ලෙක් සමග අතින් අල්ලාගෙන සිනාසෙමින් කතා කරමින් සිටියේ පාර දෙසට පිටුපා බැවින් ඔහු මොවුන් දුටුවේ නැත.

“අනේ බං ඒ සිතිජ නේද? අනේ තව කෙල්ලක් ඉන්නව එයාට.”

දිල්කිට කිව යුත්තේ කුමක්දැයිවත් සිතා ගත නොහැකිව බලාගෙනම සිටියාය.නෙක් අතකින් තමාගේම සොයුරියක් වන් මිතුරියයි. අනෙක් පසින් තමා හැර ගියද් තවමත් පෙම් කරන ඔහුයි. ඇයට ද ඔහු පිළිබඳව ඇති වුනේ දුකක් මෙන්ම තරහකි. ඇයට දුක් දී හිරූ සමග යාලු වුනු බව හිරූ මේ වන තෙක් නොදන්නා බවද ඇය දනී.

“හිරූ….. ගනන් ගන්න එපා බං. ඕව ඔහොම තමයි. යන අය නවත්තගන්න අපට බෑ.”

“ඒත් මොකද්ද බං මං එයාට කරපු වරද?” හිරූ වැටෙන්නට ගිය කදුලු ආයාසයෙන් නතර කරගනිමින් ඇසුවේ බිම බලාගෙනය.

“ඒහ්….අඩනවද?අඩන්න එපා බං පාරෙ. උබ දන්නවද සිතිජ මාව දාල උබ ලගට ආවෙත් මගෙන් වරදක් වෙලා නෙවේ.”

“මොකක්…. සිතිජද උබට බූට් තිබ්බෙ? ඒත්…… ඒත් එදා එයා කීව ඔයා බූට් තිබ්බෙ කියල.”

“නෑ බං. මං බූට් තිබ්බෙ නෑ.උබ එක්ක යාලු වෙන්න මාව දාල ගියෙ සිතිජමයි.”

“මොකක්.?!”

හිරූට සිතිජ ගැන ඇතිවුනේ පිලිකුලක්.

ශික් ඇත්තටම ජරා මනුස්සයෙක්. මං නිසා තවත් කෙල්ලක් දුක් විදලනෙ.

“ඔයා තාමත් සිතිජට කැමතිද දිල්?”

“නෑ ……. මං මේ දැං වෙනකම් හිතින් ආදරේ කලා. ඒත් මේ දෙයින් පස්සෙ නම් මට ඇති උනේ අප්පිරියාවක් සිතිජ ගැන.”

“මටත් බං………”

හිරූ එහෙම කිව්වත් හිතේ පොඩි දුකකුත් තිබුන. හිරූ එවලෙම සිතිජව බ්ලොක් කරල දැම්ම.

“දැං පොත් ගන්න ඕනෙ නෑ බං. අපි යමු ගෙදර.”

“කමක් නැද්ද??”

“අපෝ කමක් නෑ බං. අපි ලබන සතියෙ ගමු.” දිල් එහෙම කිව්වෙ හිනා වෙලා.

“හ්ම්ම්ම්………”

දෙන්නත් එක්කම බස් එක ලගට යන්න ආපහු හැරුන. මගක් එනකොට පාරෙ ලොකු තදබදයක්. බස් එක ලගට යන්න විදියක් නෑ.

“මොකක් වෙලාද බං අර………” දිල්කි ඇහුවෙ ඉන්නම බැරි තැන.

“”අනේ මංද බන්….අනේ අස්සෙන් රිංගලා හරි යමුකො. ගෙදර යන්න ඕනෙ මට.”

“හ්ම්ම් යමන් බලන්න.”

දෙන්නම හෙමින් හෙමින් පිරිස අතරින් ඉදිරියට ගියා. නමුත් ඔව්න් බලාපොරොත්තු නොවුනු විදියට දකින්න ලැබුනෙ අනතුරට ලක්වූ යතුරුපැදියක්. ඒ අසලම තරුණියන් දෙදෙනෙක් වැටී සිටි නමුත් ඔව්න්ගෙන් කිසිදු සෙලවීමක්වත් දක්නට ලැබුනේ නැ. තරුණයන් කිහිපදෙනෙක් ඔව්න්ව ඔසවාගෙන වාහනයකට දමා රෝහල වෙත් ගෙන යන්නට සූදානම් වූහ.

“අනේ දෙයියනේ මේ මොකක් වෙලාද?”අසල සිටි කෙනෙක් තව කෙනෙක්ගෙන් අසනු දිල්කිට හා හිරූට ඇසුණි.

“බස් එක්ක හැප්පිලා. ප්‍රයිවට් එකක්. මං නම් හිතන්නෙ ඌව අල්ලගත්ත කට්ටිය.ඒත් වැඩක් නෑ. අර ළමයි දෙන්න එතනම මැරුණ.”

ඒ වදනට නම් දෙදෙනාම ගැස්සී ගියහ. මුලු ඇගම සීතල වී යන්නාක් මෙන් දැනෙන්නට වූ නිසා හිරූ තදකර දිල්කිහේ අතින් අල්ලාගත්තාය.

“අනේ අපි මෙතනින් යමු බං.”

“හ්ම්ම් යමු.”

දෙදෙනාම ඉන්පසු එකදු වචනයක්වත් බසයට යනකම්ම නොකීහ.

“අනේ දිල්කියෝ ඒ ඇක්සිඩන්ට් එක ………. මට හිතෙනව මං ඔය වගේ එකක් කලින් දැකල තියේ කියල.”

“මටත් හිතුණ බං. සමහර විට අපි බලපු ෆිල්ම් එකක් වෙන්න ඇති.”

“ම්ම්ම්ම්ම් වෙන්න ඇති. අනේ මගෙ ඔලුව රිදෙනව බං.”

“උබ තාම සිතිජ ගැන නේද හිතන්නෙ.”

හිරූ නිහඩය.

කෙතරම් එපා වූවද තාමත් ඔහු තම හිත තුළ සිටින බව සැබෑවකි. එක් දිනක් හෝ මට පෙම් කල කෙනෙක් කෙසේ අමතක කරන්නද…….. හිරූට සිතුනේ එලසයි.

“මොකද කතා නැත්තෙ? උබෙන් ඇහුවෙ.”

“අනේ මංද බන්. මට තේරෙන්නෙ නැ.. අද ගෙදර තනියමද?”

“ඔව් අම්මයි තාත්තයි දෙන්නම වැඩට ගිහින්.ඇයි?”

“හ්ම්ම්ම්ම් අපෙත්…….මං ගෙදර ගිහින් උබට කෝල් එකක් ගන්නම් අපෙත් අම්මයි තාත්තයි දෙන්නම වැඩට ගියා. මං තනියම.”

“හා. මගෙත් ඔලුව රිදෙනව බං.”

දෙන්නම ගෙදර ගිහින් වොශ් එකක් දාගෙන ඇදට ආවෙ කෝල් එකක් ගන්න හිතාගෙන.

“හෙලෝ”

“හෙලෝ මං මේ උබට ගන්න හැදුවෙ. කෑවද?”

“නෑ බං. උබ කෑවද?”

“මං මේ කන ගමන්. උබ කන්නෙ නැත්තෙ ඇයි?”

“බඩගිනි නෑ.”

“අනේ නිකම් බොරු කියන්න එපා හිරූ…….. දැං වෙලාව කීයද? උබ අරූ ගැන හිත හිත කන්නෙ නැත්තෙ ඔය…….නේද?”

“ම්ම්ම්ම්”

හිරූ එහෙම කිය කියම සිතිජගෙ නම්බරේ අන්බ්ලොක් කරා.

“ම්ම්ම් ගාන්නෙ මොකද්ද?”

“කොහොම අමතක කරන්නද බං….. ඇත්තටමයි මං ආදරේ කරේ…… ඇයි බං මට මෙහෙම කරන්නෙ………” හිරූට හැඩුම පාලනය කිරීමට තවත් නොහැකි බැවින් ඉකියක්ද පිටවිය.

ඒත් සමගම හිරූ දිල්කිට