නොකියූ ආදරේ

අටවැනි දිගහැරුම ©©°°

අනූ ………….

මලී උබ … 😮

ඔව් ඔව් මම තමා ආ වරෙන්කො මෙතනට …

එහෙම කියල මලීෂ මට එයාගේ එහාපැත්තෙන් ඉඩක් දුන්නේ මට අර බෝයී දිහා බැලෙද්දී … මම මෙතන ඉදගත්තොත් මෙයාව කන්‍ටෑක්ට් කරගන්න වෙන්නෑ .

අඩෙහ් ඉදගනින් ගෑනියේ ..

එහෙම කියල මලීෂ මගෙ අතින් ඇද්දේ මාව ගිහින් ෂීට් එකේ ඉන්දෙද්දී .. මේ බූරුවට අහුවුනා කියන්නේ මට ආයේ බහිනකම් ඉස්පාසුවක් ගන්න වෙන්නෑ .. ඒ කියන්නේ මට අර බෝයිට තෑන්ක් කරන්න වෙන්නෙත් නෑ … අනේ මට එහෙම එයාට තෑන්ක් නොකර ඉන්න බෑ .. . මම අද මෙහෙම ඉන්නේ එය නිසා.. 😔

මොකෝ බන් අවුලෙන් වගේ …

අහ් .. මොකුත් නෑ මලී .. මොකෝ උබ මේ පැත්තේ …

මම මේ ක්ලාස් යනවා බන් ..

වට් .. තවුසේ ක්ලාස් යනවා .. ඕහ් ගෝඩ් 😅 …

ආ ඇයි ඇයි කින්ඩියට වගේ ….

නෑ බන් .. උබ දැම් අවුරුදු දෙකක් තිස්සේ ඉදලම ඉතින් ක්ලාස් යනවනේ නේද … 😅

ඕකනේ තොපි එක්ක බැරි .. යකෝ ඒ දවස් වල ක්ලාස් ආවේ නැති උනාට දැන් යනවනේ .. ඕන් බලහන් අපි ක්ලාස් නොයාත් රිසාල්ට් දානවා A3+ 🤪 ………

අම්බො බය උනා … හරි හරි මේ කොහෙද ක්ලාස් ……

දන්නෑ බන් .. අයි ටී එකකට යන්න ආවේ .. අපෙ සචියා තමා දන්නේ කොහෙද තියෙන්නේ කියල .. මම බස් ටෑන්ඩ් එකට යනවා ඊටපස්සේ ඌ එක්කන් යන තැනකට ගිහින් ඉන්නවා ඉදගෙන …

යකෝව් මූ 😅😅 … කාගේ දරුවෙක්ද බන් උබ … තාත්තා ජනාධිපති වගේනේ යකෝව් හැසිරෙන්නේ ..

ජනාධිපති තමා යකෝ .. අපේ තාත්තා කිව්වා තෝ ඉගෙන ගත්තත් නැතත් හොද රස්සාවකට දාලා දෙනව කියල ….

අම්මෝ හා 😂 …

දෙන්නත් එක්ක කියව කියව බස්ටෑන්ඩ් එකටත් ඇවිත් දැනුනෙත් නෑ . මට ඊටපස්සේයි මතක් උනේ මාව බේරගත්ත බෝයීව . ඒ එක්කම මම පිටිපස්ස බැලුවා .

” ෂිට් එයා බැහැලනේ … 😔”

” කවුද බන් “

මලියා ඇහුවාම මම බස් එකට නැගපු වෙලාවේ ඉදලා වෙච්ච සීන් ටික කිව්වා .. ඌ ෆිල්ම් එකක් අහන් ඉන්නවා වගේ කටත් ඇරන් ඇස් ගෙඩි දෙකත් දඩාර් සයිස් කරන් අහගෙන ඉන්නවා ..

අම්මෝ තනිකරම ඒ සීන් එක ටීවී සීරීයස් එකක් වගේ ඕයී .. කෝ දැන් ඌ නැද්ද ..

අනේ නෑනේ … මට එයාට තෑන්ක්ස් කරන්න ඕනෙමයි මලී ..

නැතුව යකෝ .. ඌට මල් තියලා වැදාපන් හම්බවුනොත් …. මට ඕක උබ කලින් කිව්වනම් මොකක්හරි ගේමක් ගහලා දෙනවනේ …

කොහෙද ඉතින් උබ මාව වෙන වෙන කයියවල් වලට ඇද ගත්තනේ… හරි හරි දැන් බහිමු බස් එකෙන් .

දෙන්නත් එක්ක බස් එකෙන් බැහෑඅ ඇවිදන් ගියේ මලීගේ යාලුවා සචින් හිටපු තැනට …

අහ් බොක්ක …

ඉතින් කොහොමද සචින් …

ඔහේ ඉන්නං වාලේ ඉන්නවා අනුවෝ .. උබටත් ක්ලාස් ද අද …

ඔව් බන් අයි ටී ක්ලාස් … මේ මම යන්නම් ඈ මිස් ක්ලාස් එක දැනටමත් පටන් ගෙන ඇති … මම ගියා දෙන්නටම ටටා බායී ..

හරි හරි පරිස්සමෙන් පලයන් …

මම උන් දෙන්නටත් යනවා කියලා එද්දින් නිකීව හම්බුනා ..

ඈ අනුවෝ .. උබ මෙචිචර වෙලා මොකද කලේ .. මම ලෑස්ති වෙන්නත් කලින්නේ උබ බස් එකට නැංගේ……….

හම්මෝ මතක් කරන්න එපා නිකී … බස් එකට නැග්ගම තමා … තව ටිකෙන්අම අගල් හයක් යට …

එහෙම කියලා මාව වැටෙන්න ගියපු සීන් එකේ ඉදලා අර බෝයී මාව බේරගත්ත එක ..සේරම ම කිව්වා .

අනූ .. උබට තුවාල උනේ නෑ නේද .. කෝ

නිකී මාව වටේ කරක කරක තුවාල වෙලාද කියලා බලනවා 🙄

මොකුත් උනේ නෑ .. මම ඒ බෝයී නිසා බේරුනේ බන් .. ඒත් මට එයාට තෑන්ක්ස් කරන්නවත් බැරි උනා ..

හ්ම් .. මොන වගේද ඌ .. ලස්සනයිද .. හැඩරුව කොහොමද …

අනේ මන්දා ඕයී මට ඒවා බලන්න තරම් සිහියක් තිබ්බෙ නෑ .. ඒ වැටෙන්න ගියායින් පස්සේ මට ඇගට පනත් නැතුව ගියා බයටම .. අම්මෝ නිකී ඒ ෆීලින්ග් එක 😅😅

තොට විහිලු .. හරි හරි ඉස්සෙල්ලා ක්ලාස් එකට යමන්කෝ … මිස් ඇවිත් ඇති දැන් ….

හ්ම් …

මේ ඒක නෙවේ අනූ උබ ඔය ගවුමට ලස්සනයි භල්ලෝ …

අම්මෝ උබ බයිලා ගහනවා .. ජීවිතේ තියෙන තුරාවට මේ ගවුමනම් අදින්නේ නෑ ආයේ …

පිස්සු උබට .. උබේ තියෙන නොසැලකිල්ල තමා සේරෝටම මුල .. යකෝ ගවුම උඩ ගියානම් එක අතකින් ගවුම හදාගෙන අනික් අතින් බස් එකේ කෑල්ලක් හරි අල්ලගන්න එපැයි .. තොගේ ඔය මොලේ පිරුලා තියෙන්නේ ගොං වලින්ද … ඔලමොට්ටලී …

නිකී කිව්වේ මගේ සූටී මොලේටත් ටොක්කක් ඇනලා

යකෝ හිල් වෙයි .. ටොකු අයින්න එපා 😏 ….

අනේ මහ ලොකේ මොලේ .. තියාගෙන ඉදගනින් ඕක ..

හා ඉතිම් 🙈

අපි දෙන්නා කියෝ කියෝ ක්ලාස් එකේ ගේට් එක ලගටම ආවා … ඒත් ඊටපස්සේ දැක්ක දෙයින් මට ඇස් අදහගන්නත් බැරි උනා

දෙයියනේ ……………

°••|🖤 මම හංසි