කිඳුරංගනා

⁣කතෘ අවසරයෙන් තොරව උපුටා ගැනීම සපුරා තහනම්❌❌

8_කොටස

පෙර කොටස –

” කට වහගෙන වරෙන්..නැත්තම් මං තෝවත් මෙතනම මරලා දානවා..” ඇයි කොල්ලා මෙච්චර තරහින්. කෙල්ලට හිතාගන්න බෑ..⁣අන්තිමට අඬ අඬම කෙල්ලට කොල්ලගේ පස්සෙන් යන්න වුනා. ගියා නෙවෙයි..ධීර් ඇදගෙන ගියා..

කැබින් එකට ළඟට ආපු ධීර් , කෙල්ලව අත අරිනනේ නැතුවම කී එක අරන් දොර ඇරලා කෙල්ලව ඇතුලට ඇදන් ගිහින් ආයෙම දොර ලොක්කලා. කෙල්ලට දැන්නම් හිතුනේ තමන් මේ ගෙවන්නේ ජීවිතේ අවසාන පැය කියලා. ඒතරම් කොල්ලාගේ තරහාව කෙල්ලට පේනවා. ගිනි පිට වෙන දෑසින්, ගැහී ඉන්න කෙල්ල දිහා බලපු කොල්ලා කතා කරන්න පටන් ගත්තා.

” මොකද්ද මං උඹට කිව්වේ? ” කොල්ලා අහද්දි කෙල්ලට මොකුත් මතක නෑ.

” ම්..මොකද්ද ? ” කෙල්ල හිමීට ඇහුවේ බයෙන් බයෙන්.

” කියපන් යකෝ..මං මොකද්ද උඹට කිව්වේ යන්න කලින්..?? ” කෙල්ලට නිකමට හිතුනා කොල්ලා මේ අහන්නේ ෆයිල්ස් ටික යවන්න කියපු විදිහ ගැන වෙන්න ඇති කියලා.

ඒත් කෙල්ල උත්තර දෙන්න ගියේ නැත්තේ තිබ්බ බයටමයි. මොකද කෙල්ල විහින්ම දාගත්ත කරදරයක් නිසයි කෙල්ලට මෙහෙම වුනේ කියලා කෙල්ලට තේරුනේ ලාල් කෙල්ලට අයුතු විදිහට අමතන්න ගත්ත පළමු මොහොතෙමයි.

” කට නැද්ද උඹේ ඒවට…?? මම උඹට කිව්වා යසපාල අතේ ෆයිල් ටික යවන්න කියලා..ඒ මම මේකේ එවුන් ගැන දන්න නිසා.. එච්චර කියලත් මොන අමාරුවටද උගේ රෙද්ද අස්සේ රිංගන්න ගියේ උඹ…?” කොල්ලා ඇහුවේ යක්ශාවේස වෙලා වගේ. ඒ තරම් තරහක් කෙල්ල මෙච්චර කාලෙකට කොල්ලගෙන් දැකලා තිබ්බේ නෑ. වෙනදට කට ගහන් ගියාට කොල්ලා මේ හැසිරෙන විදිහට කෙල්ලට කතා කරන්න වචන අහුලගන්නවත් බෑ. ඒ තරම් කෙල්ල බයවෙලා ඉන්නේ.

” ම්..මම ගියේ…” කෙල්ලට බයටම ගොත ගැහෙනවා දැන්.

” තොට ඕනි වුනෙත් ඌ කිව්වා වගේ බඩුවක් වෙන්නද යකෝ..කොටට කොටේ හිරට ඇඳන් එනවා මෙතන මිනිස්සු අවුස්ස ගන්න..” කොල්ලා මේ කියන ඒවට නම් කෙල්ලට ටිකක් තද වුනා. මොකද අඳින විදිහ කොහොම වුනත් ඒ මිනිහා බලපු විදිහෙනේ වැරැද්ද තියෙන්නේ. අනික ධීරුත් කතා කරන්නේ නිකන් කෙල්ල ආසාවෙන් ගිහින් වගේ.

” සර්..කරුණාකරලා ඕක නවත්ත ගන්න..මම වරද්ද ගත්තා තමා..ඒ වුනාට ඔයා කියනවා වගේ බඩුවක් වෙන්න මට ඕනි කමක් නෑ..මාව බේර ගත්තට බොහෝ..ම ස්තුතියි..ඒක නිසා කරුණාකරලා දැන් මට යන්න දෙන්න..” ඇස් වලින් වැටුන කඳුළු කැටත් පිහදාගෙන කෙල්ල හැදුවේ දොර ගාවට යන්න. ඒකෙන් වුනේ ධීර්ගේ තරහා තවත් වැඩි වුන එක විතරයි. කෙල්ලටත් ඉතින් වචනයක් ඇතිනේ ඇවිලෙන්න. අඩි දෙකක් යන්න වුනේ නෑ කෙල්ලට. අහපවු අැදිලා ඇවිත් කෙල්ලව නතරවුනේ කොල්ලගේ පපුවේ. ඔළුව උස්සලා බලපු කෙල්ල දැක්කේ ගිනියම් වුන ධීර්ගේ ඇස් දෙක. ⁣පණ්ඩිත කමට කියෙව්වට කෙල්ල දැන්නම් ඇත්තටම ධීර්ට බයයි. ඒකයි මුළු ඇඟම වෙවුලන්නේ කොල්ලගේ මේ නපුරුකම ඉස්සරහා.

” මොකද්ද තෝ කිව්වේ..යන්න දෙන්න…? 🤣 මං උඹට කිව්වා..මගෙන් බේරෙන්න නම් ඉතින් මැරිලා තමා..ඒක හොඳට මතක තියාගෙන ජීවත් වෙයන්…” කෙල්ලගේ කඳුලින්ම බරවුන ඇස් වලට එබිලා කොල්ලා කිව්වේ කට කොනක අඳුන සමච්චල්සහගත හිනාවත් එක්ක. කෙල්ල එහෙම්ම කොල්ලව තල්ලු කරලා දැම්මා…

” ඇයි තමුසේ මට මෙහෙම කරන්නේ..මොන කරුමයක්ද..අර මිනිහට අහු වෙලා මාව මැරිලා ගියානම් ඉවරයි දෙයියනේ..” කෙල්ල කියන ක්ෂනයෙන්ම කොල්ලා අල්ල ගත්තේ කෙල්ලගේ බෙල්ලෙන්..⁣ඇතිවෙන තරහා පිටකරගන්න බැරිකොට කෙල්ල මේ කියන දේවල් වලින් වුනේ ධීර් යක්ෂයෙක් වගේ කේන්තිය ගත්ත එක විතරයි.

” ආයේ කියපන් බලන්න..කට කඩනවා මං ආයේ උඹ ඔය වගේ කතා කිව්වොත්..මතක තියාගනින්..මගේ අවසරේ නැතුව උඹට මැරෙන්නවත් බෑ…උඹ ඉන්න ඕනි මේ මට ඕනි විදිහට..තෝ ආයේ ඇඳපන් බලන්න මේ කොට කෑලි…කඩනවා කකුල් දෙක…” තියෙන තරහත් එක්කම කොල්ලා කියවන් යද්දි කෙල්ල කලේ පසුපසට ගියපු එක..කොල්ලගෙන් බේරෙන්න හැදුවත් කෙල්ලට ඒක හීනයක් විතරයි. එහෙම්ම ගිහින් කෙල්ලව හේත්තුවුනේ දොර ළඟම බිත්තියට. කලින් ඉඳලම හෙම්බත් වෙලා හිටපු කෙල්ලට ධීර් මේ කරන වැඩ නිසා හුස්මගන්නත් බෑ දැන්. එතරම් තදින් නොවුනත් කොල්ලා අල්ලන් ඉන්නේ කෙල්ලගේ බෙල්ලෙන්නේ.

” අත අරිනවා මිනිහෝ මාව…තමුසෙනම් තිරිසනෙක්..අර මිනිහා හොඳයි තමුසෙට වඩා…” කෙල්ල කොල්ලගේ පපුවට අත් දෙකම තියලා තල්ලු කරන්න හදන ගමනුයි කිවුවේ.

” තිරිසනෙක්…ඔවු එහෙම වෙන්නැති…ඉතින් මොකද..? ” කොල්ලා ඇහුවේ කෙල්ලගේ මුහුණ අද්දරටම පාත් වෙලා.

” ශික් විතරක් අහන ලස්සන..ආපු දවසේ ඉදන්ම මාව මැරුවේ නැති ටික විතරයි..තමුසේ වගේ අමු තිරිසනෙක් මම මගේ ජීවිතේට දකලා නෑ…මං වෛර කරනවා තමුසෙට..” ඒ පාරනම් කොල්ලට තදවුනා.

“කට වහපන් කිඳුරංගනා..හොඳටම කට වැඩියි උඹේ…” කොල්ලා කෑ ගැහුවේ තරහව පාලනය කරගන්න ලොකු උත්සාහයක් දරන ගමන්. පළවෙනි වතාවටයි කොල්ලා මේ කෙල්ලගේ නම කියලා කතා කලේ.

” ඇයි මං කට වහන්නේ..තමුසේ මට කරන්නේ අර මිනිහා කලාටත් වඩා තිරිසන් කමක්…වනචර..” එච්චරයි කෙල්ලට කියන්න හම්බවුනේ..තරහින් කියවන කෙල්ලගේ ඒ තොල් දිහාම බලන් හිටපු කොල්ලා, කෙල්ල හිතන්නත් කලින්ම බරවුනේ ඒ දෙතොල් වලට. තරහා කෙසේ වෙතත් වුන දෙයින් කෙල්ලට දැනුනේ ඔළුව උඩට හෙණ ගෙඩි හත අටත් පාත් වුනා වගේ. මුළු ගතම සීතල වෙලා යද්දි කෙල්ලගේ බෝල ඇස් තවත් ලොකුවුනේ කොල්ලා කෙල්ලව රිදෙන තරමටම තදින්ම සිපගන්නට වුන නිසා. ඒ රළු දෙතොල් පහස දරාගත නොහැකි තැන කෙල්ලට ඕනි වුනේ කොහොම හරි කොල්ලගෙන් ඈත් වෙන්න. කොච්චර දැඟලුවත් කෙල්ලට බැරි වුනා ධීර්ව එක අඟලක් ඈත් කරවන්න. සද්දන්ත ඇඟක් තියෙන ධීර් ඉස්සරහා කෙල්ල නිකන් පූස් පැටියෙක් වගේ. කොහොමින් හරි විනාඩි ගානකට පසුයි ධීර් කෙල්ලගේ දෙතොල් වලින් මිදුනේ.

ඒ ක්ෂනයෙන්ම වුනේ කොල්ලා කිසිවිටකත් බලාපොරොත්තු නෙවෙුන දෙයක්. කෙල්ලගේ සියුමැලි අත ඇවිත් නතර වුනේ කොල්ලගේ කම්මුලේ. දැනුන කේන්තියත් එක්ක කෙල්ල අතපුරෝලා කොල්ලට දුන්නේ හොඳ කම්මුල් පහරක්.

” තිරිසනා…කොහෙන් ආපු හයික්ද තමුසෙට මාව අල්ලන්න එහෙම..” ඒ එක්කම කොල්ලත් කලේ කෙල්ල නොසිතපු දෙයක්. ඒ වෙද්දිත් ගෙලෙහි වූ කොල්ලගේ අත තද වුනේ කෙල්ලගේ හුස්මත් හිර කරන්.

” උඹ මට අත ඉස්සුවද යකෝ..මේ ධීර්ට…උඹ මන් මොකෙක් කියලද හිතන්නේ..මාව පොන්#යෙක් වගේද පේන්නේ උඹට..” ධීර් කියන්නේ කුකුල් කේන්ති කාරයෙක්..ඇත්තම කිව්වොත් තරහා ගන්න දන්න, ඒත් පාලනය කරන්න නොදන්න මනුස්සයෙක්. කෙල්ල කලේ ජීවිතේ කවදාවත්ම ධීර්ට නොවුනු දෙයක්. අම්මා තාත්තවත් කොල්ලට මේවෙනකන් අතක් උස්සලා නැති කොට මේ දෙයින් තරමක් හරි නිවිලා තිබ්බ කොල්ලගේ තරහා ඇවිස්සුනේ නිවන්න ක්‍රමයක් නැති වෙද්දි.

සහිරු පුළුවන් ඉක්මනින් ආවේ ධීර් කෙල්ලට මොනවා කරලා ඇද්ද කියලා හිතන ගමන්. ගෙදර යන්න ගිටපු ආශාත් සහිරු පස්සෙන්ම ආවේ යාළුවා ගැන දැනුන බය නිසා. ධීර් කියන්නේ යකෙක්. මුළු ස්ටාෆ් එකම කියන්නේ එහමයි.

කැබින් එක ළඟට ආපු කොල්ලගේ ඉහමොල රත් වුනේ දොරත් ලොක් කරලා නිසා. කොල්ලගේ කැබින් එක සවුන්ඩ්පෘාෆ් නිසා ඇතුලේ කිසිදෙයක් එලියට ඇහෙන්නෑ. වීදුරුත් ඇතුලෙන් කවර් කරලා දාලා තිබ්බ නිසා මොකුත් හිතා ගන්න බැහැ.

“අනේ සර්..කිඳුට මොනවා කරලද දන්නෑ ධීර් සර්..” ආශා අඩාගෙන වගේ කිව්වේ සහිරු මොනවා හරි කරයි කියලා හිතලා.

ඒ වෙද්දිත් කැබින් එක ඇතුලේ කෙල්ල හුස්මත් හිර කරන් දඟලනවා.

” ම්…ම්..මට..හු..හුස්ම ..ග..ගන්න බෑ…” කෙල්ල කෙඳිරි ගෑවේ කොල්ලගේ අතත් තදින් අල්ලන්. කේන්තියේ උපරිමයටම ගිහින් හිටපු කොල්ලා පියවි සිහියට ආවේ දොරත් ඇරන් ඇතුලට ආපු සහිරුව දැකලා. ඔව්..වෙලාවට සහිරු ගාව කොල්ලලේ කැබින් එකේ එක්ස්ට්‍රා කී එකක් තිබ්බේ. මතක් වුන ගමන් කොල්ලා දඩි බිඩි ගාලා ඇවිත් දොර ඇරගත්තා.

ධීර්ගේ අතකින් ගෙල හිරවෙලා හුස්ම ගන්න බැරුව දඟලන කෙල්ලව දැක්කම සහිරුට ආවෙි ධීර්ව මරන් කන්න තරමේ තරහක්.

” අත ඇරපන් බ#ලෝ ඔය කෙල්ලව..” කෑගහගෙන ආපු සහිරු කොල්ලව තල්ලු කරලා දැම්මා.

කෙල්ල එහෙම්ම කඩන් වැටුනේ බිමට. කැස්සත් එක්කම හුස්ම අල්ලගන්න දඟලන කෙල්ලව දැක්කම ඒ පාරනම් ධීර්ටත් තරු විසික් වුනා. එහෙම්ම කෙල්ලට ලං වෙන්න හදද්දි සහිරු කොල්ලව වැලැක්වුවේ පැත්තකට තල්ලු කරලා දාලා.

” මොකද්ද තෝ ඒ කලේ..මේකිව මරන්නද තොට ඕනි..ආ බ#ලෝ?” සහිරු කේන්තියෙන් අහද්දි කොල්ලට කට උත්තර නැති වුනා. කොල්ලටත් හිතා ගන්න බැරිවුනා ඇයි එහෙම කලේ කියලා. අතින් තමන්ගෙම කොණ්ඩේ තද කරලා ඇදගත්ත කොල්ලා ආයෙම කෙල්ල ගාවට ලං වෙන්න හැදුවේ.

” අනේ අයියේ..මාව බේර ගන්න…මාව මරයි මේ මිනිහා…” හිතපු නැති විදිහට කෙල්ල ඇවිත් නතරවුනේ සහිරුගේ කකුල් දෙක මුල සහිරුටත් කරකියා ගන්න නැතිවෙද්දි. ධීර් හිටපු තැනම ඉද්ද ගැහුවා වගේ නැවතුනේ කෙල්ල ඒ කෑ ගහලා කියපු විදිහට. ගුටිකාලම රතුවෙලා ඉදිමිලා තිබ්බ සියුමැලි කම්මුල් දි⁣ගේ කඳුළු ගංගාවක් වගේ ගලන් යද්දි කෙල්ල කෑ ගහලා ඇඬුවා.

“අනේ..අනේ..අයියේ..මට යන්න දෙන්න කියන්නකෝ..ආ..අනේ…”කෙල්ල තවත් අඬද්දි බලන් ඉන්න බැරි නිසා සහිරු කෙල්ලව නැගිට්ටවලා ඇඟට බර කරගත්තේ කෙල්ලට පණ කඳක් නෑ කියලා දන්න නිසාමයි. අශානම් බලන් හිටියේ අඩි ගානක් පස්සට වෙලා ධීර්ට බයේ.

” කිඳුරංගනා..නවත්තපන් ඔය අඬ වැඩියාව..” කෙල්ලගේ ඇඬිල්ල බලන් ඉන්න බැරි තැන කොල්ලා කැබින් එක දෙවනත් වෙන්නම කෑ ගැහුවා.

” තෝ නවත්ත ගනින් ඕක..මෙතන මේ කෙල්ලව මරන් කන්න හදලා, දැන් මොකද්ද තෝ කියවනනේ..” සහිරුට කොල්ලා ගැන ඇතිවුනේ එසේමෙසේ තරහක් නෙවෙයි.

ධීර් බලන් හිටියේ තමන්ට බයේ තව තවත් සහිරුගේ ඇඟ අස්සටම ගුලිවෙන කෙල්ල දිහා. කේන්තියෙන් අත මිට මොලවගත්ත කොල්ලා ඒපාර කතා කලේ සහිරුට…

” හිරුවා, අත අරපන් ඕකිව..” ධීර් කතාකලේ ලොකු ඉවසීමකින්.

” ඇයි මොකද, ආයෙත් මේකිගේ බෙල්ල මිරිකන්නද? ” කැත්තට පොල්ල වගේ කතා කරන සහිරුටත් දැන් දෙකක් අනින්න හිතයි ධීර්ට.

“මගෙන් මැරුම් නොකා අත ඇරපන් ඕකිව..”ධීර් ආයෙත් කිව්වේ සහිරු දැන්වත් අත අරියි කියලා හිතලා.

” අනේ පලයන්..ඇයි තෝ මට ගහන්නද? ” කියලා කට ගන්න වුනේ නෑ සහිරුට එලොව පොල් පෙනුනේ ධීර්ගෙන් ලැබුන කණේ පාරට.

සහිරුට මොකද්ද වුනේ කියලා හිතා ගන්න බැරව ඉද්දි කෙල්ල සහිරුගෙන් ඈත් වෙලා දුවන් ගියේ එලියට.. දුවා ගන්න ශක්තියක් නැති වුනත් කෙල්ල උපරිම වෙර දරලා දුවන් ගියේ ධීර්ගෙන් ඈත් වෙන්න ඕනි වුන නිසා. අද දවසේ කෙල්ල මේ මුහුණ දුනනේ කෙල්ලෙක්ට දරාගන්න පුළුවන් විදිහේ දේකට නම් නෙවෙයි. ජීවිතේ කියන්නේ හරිම පුදුම දෙයක්. එකයි අපිට නිතරම පුදුම වීම් ලැබෙන්නේ. ඒවා හොඳ වෙන්නත් පුළුවන්, නරක වෙන්නත් පුළුවන්.. අපි ලෑස්ති වෙලා ඉන්න ඕනි ඒ දෙකම දරාගන්න. කෙල්ලටත් එහෙමයි…දරාගන්න බැරි තැනත් මේදේ දරාගන්නයි කෙල්ලට ඕන වුනේ….

ධීර්ගේ කෑ ගැහිල්ල මැද්දෙම දුවන් ආපු කෙල්ලව හැප්පුනේ සහිරුගේ කොල් එකට ඔෆිස් එකට ආපු හශේන්ගේ ඇඟේ. හශේන්ව දැක්ක ගමන් කෙල්ල කොල්ලාගේ අතින් අල්ලන් අඬන්න ගත්තා. හශේන් හරි හැටි විස්තරයක් නොදැන ආවත් කෙල්ල ඉන්න ස්වරෑපය දැකලා කොල්ලට හිතුනා මොකක් හරි ලොකු දෙයක් වෙලා කියලා.

” කිඳුරංගනා..ඔහොම ඉන්නවා…” ධීර්ගේ කෑගැහිල්ලට ඒ දිහා බලපු හශේන් අහපවු හැරුනේ කෙල්ල කියපු දේ නිසා.

” අනේ අයියේ..අර මිනිහා මාව මරන්න හදනවා..අනේ මට බෑ අයියේ තවත්..ආනේ මාව බේර ගන්නකෝ…”

වැලහින්නක් වගේ අඬාගෙන කෙල්ල කියනකොට හ⁣ශේන්ට කෙල්ල ගැන ඇතිවුනේ පුදුමාකාර දුකක්. ආපු දවසේ ඉඳලම ධීර් නිසා කෙල්ල දුක් වින්දා කියලා හශේන් දන්නවා.

” ධීර්…තෝ යන්නෑ…ඔහොම හිටපන්…” සහිරු ඇවිත් කොල්ලව අල්ලගත්තේ තවත් මොනවා හරි වෙයි කියලා බයේ.

” අනේහ්..අනේ අයියේ…මාව ගෙදර එක්කන් යන්නකෝ…අනේහ්…වඳින්නම්…” කොල්ලගේ ඇඟේ එල්ලිලා කෙල්ල කෑගහද්දි,

” හරි..යමු..” බැරිම තැන හශේන් කිව්වේ. කෙල්ලට යාගන්න පණ නැති නිසා හශේන් කෙල්ලගේ අතකින් අල්ල ගත්තේ දැනුන දුකත් එක්කමයි.

මේක දැකපු ධිර්ගේ යකා ආරූඪ වෙන්න වැඩිවෙලාවක් ගියේ නෑ. ඒ වුනාට සහිරු අල්ලන් ඉන්න නිසා කොල්ලට යාගන්නත් බෑ. ඒ මදිවට කොල්ලගේ ඉස්සරහට පැන්නේ ආශා…තිබ්බ හැම පාරක්ම වහලා දාලා 🤭.

වාහනේට නැග්ග වෙලේ ඉඳලා ඉකි ගගහා අඬන කෙල්ල දිහා හශේන් සැරින් සැරේ බැලුවේ කර කියාගන්න දෙයක් නැතුව. කොල්ලොම දෙන්නෙක් ඉන්න පවුලේ බාල දරුවා වුන හශේන්ට ජීවිතේට කෙල්ලලෙක්වත් ඉඳලා නැති නිසා කෙල්ලෙක්ව නලව ගන්න කියන්න ඕනි දෙයක්වත් තේරෙන්නෑ හරියට.

” අනේ බං..නවත්ත ගනින්කෝ ඇඬිල්ල දැන්..හුස්මත් හිරවෙයි ඔහොම ගියොත්..” කොල්ලා කිවුවේ එක අතකින් ස්ටීයරින් වීල් එක අල්ලන් අනිත් අතින් කෙල්ලගේ ඔළුව අත ගාන ගමන්.

” අනේ..ඇයි අයියේ අර මිනිහා මට මෙහෙම කරන්නේ…” කෙල්ල ඇහුවේ හශේන්ට කට උත්තර නැති කරලා.

” හ්ම්…අනේ මන්දා නංගි…ධීර් කියන්නේ මහ අමුතුම තේරුම් ගන්න අමාරු චරිතයක්..මූ අපිටවත් හරි දෙයක් කින්නෑනනේ…අර්…මට එන තරහක් 😡” කියද්දිම හශේනගේ පෝන් එක රින්ග් වෙන්න ගත්තේ ධීර්ගේ ඡායාරූපයක් සමඟ. ඒත් හශේන් කලේ කොල් එක කට් කරපු එක. ටික වෙලාවකින් ආයෙත් කෝල් එකක් ආවේ සහිරුගෙන්.

” කියපන්” ඩ්‍රයිව් කරන ගමන්ම කොල්ලා ආන්ස්වර් කලා.

” ශනා…කෙල්ලව පරිස්සමෙන් අරන් පලයන්…මේ මල යකාට ආවේස වෙලා මෙතන දෙකක් කරනවා නංගි උඹේ අතේ එල්ලිලා ගියා කියලා..” සහිරු කිද්දි හශේන්ගේ අැස් දෙක නළලට ගියා.

” මගේ අතේ තියා කරේ එල්ලිලා ගියත් ඌට තියෙන අමාරුව මොකද්ද “

” අහපන්කෝ ඕක ධීර්ගෙන්ම තෝ පුළුවන් නම්…මේ තාම කාපුව දිරවගන්න බැරුව ඉන්නවා මං..තෝ මගුලක් කතා නොකර ඕකිව ගෙදරට දාලා ඉක්මනට වරෙන්කෝ…😒” සහිරු කිව්වේ සිනහා මුසු තරහකින්.

කෙල්ලව ගොඩගම තියෙන ගෙදරගාවටම ගිහින් දාපු හශේන් අහපවු පිටත් වුනේ මහරගම තියෙන ඔෆිස් එකට එන්න.

කෙල්ලගේ වාසනාවට ⁣ඒ වෙද්දි කවුරුත් ගෙදර ඇවිත් හිටියේ නෑ. අම්මයි තාත්තයි ෂොප් එක වහලා එද්දි 7 විතර වෙනවා. මල්ලිත් ක්ලාස් ගිහින් එනකොට පරක්කුවෙන නිසා කෙල්ලට මූණ හංගන් යන්න පුළුවන් වුනේ හිතට ලොකු සහනයක් එක් කරමින්. කෙල්ල මේ ජීවත් වෙන්නේ කෙල්ලගේ අම්මගේ මහ ගෙදර. පුංචි වුනත් පරන තාලේ විදිහට හදපු තට්ටු දෙකේ ගෙදර උඩ තට්ටුවේ තියෙන කෙල්ලගේ කාමරයට තියෙන පඩි ටික නැග ගත්තෙත් බොහොම අමාරුවෙන්. කෑමක්වත් නැතුව ඉද්දි පිරිමි දෙන්නෙක්ගෙම හයි කාරකම් වලට මැදිවුන කෙල්ලට මෙහෙම හරි සිහියක් ශක්තියත් තියෙන එකම ඇති. ඉකි ගගහාම කාමරයට ආපු කෙල්ල දොරේ තියෙන පරණවුන අගුලත් කරකවන්ම ඇඳට වැටුනේ ඉකියත් එක්කම අද දවසේ වුන දේවල් එකිනෙක මතක් කරගනිමින්. ඒ හැම වෙලේම ⁣රිදුම් දෙන කෙල්ලගේ හිතට ආවේ එකම එක දෙයයි. ” ඇයි මටම?ඇයි මටම මෙහෙම වෙන්නේ..මැරිලා ගියානම් දෙයියනේ..” ගුටිකාලා හෙම්බත් වෙලා හිටපු කෙල්ල ඇඟ පුරාම එන රිදුමත් එක්කම ටික වෙලාවක් යද්දි ඇස් පියවුනේ නොදැනුවත්වමයි.

හශේන් අහපවු ඔෆිස් එකට එද්දි හත විතර වෙලා. කැබින් එකට ඇතුල් වුන ගමන් කොල්ලාගේ ඇස් උඩ ගියේ ධීර් මුළු කැබින් එකම කනපිට ගහලා තිබ්බ නිසා.

” මොකද බං මුට වෙලා තියෙන්නේ..” පුටුවකට බර වෙන ගමන් හශේන් ඇහුවේ එහා පැත්තේ වාඩිවෙලා ඉන්න සහිරුගෙන්. ධීර් නම් ඉන්නේ කැරකෙන පුටුවේ වාඩි වෙලා අතකුත් නළලේ කියන් ඇස් වහගෙන බර කල්පනාවක වගේ.

” මේ තියෙනනේ..වෙලා තියෙන දේ..බොට පේන්නැද්ද” සහිරුත් කඩා පැන්නේ මොකුත් නොදන්න හශේනගේ ඇඟට කම්මුලත් දික් කරන්. ධීර්ගේ අතේ ඇඟිලි පහම ටැටූ එකක් ගහලා වගේ සහිරු කම්මුලේ තිබුනා. හශේන්ගේ කටින් හිනාවකුත් පැන්නා ඒ පාර.

” තෝ හිනාවෙයන් ඉතින්..අපතයා”

සහිරු කිවුවේ තරහින් කටත් ඇද කරන්.

” ධීර්…තෝ මෙතන මොකාද ඒකා වගේ ඉන්නැතුව කතා කරපන්..තෝ නේ ඔන්කොම කලේ..” හශේන් ඇහුවේ සද්දයක් නැතුව ඉන්න ධීර්ගෙන්.

” ඒ බන්..වැඩිය සද්දෙ දාන්න එපා. ඔකා රත් වෙලා ඉන්නේ…” සහිරු කිව්වේ කාපු පාර නිසා තවමත් ධීර්ට බයෙන් වගේ.

” කතා කරපන් බල්ලෝ..තෝ මොකද්ද අර කෙල්ලට කලේ? ” හශේන් කනකට ගන්නැතුව ආයෙත් කෑ ගැහුවා.

” බලා ගිනින් මං කරපු දේ..” කොල්ලා හශේන්ලා පැත්තට හැරෙව්වේ ඔහුගේ ලැප් ටොප් එක. එහි දිස් වුනේ ලාල්ගේ කැබින් එකේ සීසීටීවී දර්ශන. කෙල්ල කැබින් එකට ගියපු තැන ඉඳලා හැම දර්ශනයක්ම එහි තිබුනා. කෙල්ලට ලාල් දුන්න දස වදේ මතක් වෙද්දි ධීර්ගේ ඇඟේ ලේ රත් වෙනවා ඉතින්.

” අඩෝ…වෙලාවට උඹලා ගිහින් තියෙන්නේ බං..මරන්න ඕනි ඔය වගේ උන්ව..” හශේන් කිවුවේ ඔළුවේ අතකුත් ගහගෙන.

” ඒක පැත්තකට දාපන්කෝ..අහපන් මුගෙන් මොන මඟුලකටද අර හෙම්බත් වෙලා හිටපු කෙල්ලව මේකට ඇදන් ඇවිත් මරන්න හැදුවේ කියලා..” ඒ පාරනම් සහිරුගේ කටට පණ ඇවිත්.

” ඇයි බං මේ.. කියපන්කෝ අදවත් තෝ ඔය හිතේ තියන් ඉන්න කුණු ගොඩවල් ටික..” හශේනුත් සහිරුටම එකතු වෙලා ධීර්ට කෑ ගැහුවා.

” එ⁣හෙම මොකුත් නෑ බං…” ධීර් කිව්වේ හරිම සන්සුන්ව.

” අනේ තොගේ ආච්චිගේ රෙද්ද..ඒක වෙන්නැති මේ මගේ පණ, ධීර්ගේ පණ ගගා අරූව මරලා වළලන්න හැදුවේ අතන..”සහිරු කියෙව්වේ කේන්තියෙන් රඟපපා.

” හම්මට යකෝ ඇත්තද..😮” හශේන් කටත් ඇරගෙන අහන් ඉඳලා කිව්වේ.

” මං යනවා..” තවත් පැයකට විතර පස්සේ එක පාරටම ධීර් නැගිට්ටේ එහෙම කියන්.

” ඒ කොහෙද? “

හශේන් අහද්දි සහිරු කිව්වේ,

” හම්මෝ..දැන්වත් ගෙදර යමන් ” කියලා.

ඒත් ධීර් කිව්වේ වෙනම කතාවක්.

” අරකිව බලන්න…ඒකි හිතන් ඉන්නේ මං අමු තිරිසනෙක් කියලානේ..අර බල්ලටත් වඩා..ඕකි තාම දන්නෑ මං කව්ද කියලා..” ධීර් කියෙව්වේ තවමත් පහව නොගිය කේන්තියෙන්.

” ධීර් මයේ අම්මා.. ඕක නවත්තපන්කෝ දැන්…” සහිරු දන්නවා මේක ධීර් ලේසියෙන් අත හරින දෙයක් නෙවෙයි කියලා. ධීර් නොකිව්වට කිඳුරංගනාට පණ ඇරලා කියලා මේ වෙද්දි කොල්ලෝ දෙන්නටම වැටහිලා තිබුණේ.

” මං යනවා..තොපි එනවනම් වරෙව්..” කියගෙන ධීර් එලියට ගියා. මුහුණට මුහුණ බලන් හිටපු කොල්ලො දෙන්නත් දඩ බඩ ගාලා ගියේ ධීර් තනියෙන් ගිහින් මොන විනාසයක් කරයිද කියලා බයේ.

රෑ දහට විතර ළන් වෙලත් කෙල්ල කාමරෙන් එළියට ආවේ නැති නිසා බත් එකකුත් බෙදන් අම්මා ඇවිත් දොරට තට්ටු කලා.

” පුතේ…නිදිද ඔයා..මේ බත් ටික කාලා නිදාගන්නකෝ ළමයෝ…” කතා කලාට කෙල්ලගෙන් සද්දයක් නැති නිසා හොඳටම නිදි ඇති කියලයි අහපවු යන්න ගියේ.

” අනේ මනදා මහත්තයා මේ ළමයි..එක්කෙනෙක් විභාග වලට නැහෙනවා, අනික් එක්කෙනා රස්සාවක් නිසා නැහෙනවා…” කෙල්ලගේ අම්මා සාගරී කිව්වේ හිතේ ඇති වුන දුකට.

” හ්ම්..” සනත් හිටයේ බර කල්ලපනාවක කියලා සාගරීට තේරුනා.

” මොකද මහත්තයා මේ…මම දැන් දවස් ගානක ඉඳලා බලාගෙන..මොකක් හරි ප්‍රශ්නයක්වත්ද..කොයි වෙලේ බැලුවත් අහස පොළොව ගැට ගහන්න වගේ කල්පනාව…” සාගරී කිව්වේ කුස්සිය අස් කරන ගමන්. සනත් හැමදාම සාගරී වැඩ ඉවර කරනකම් කුස්සියට වෙලා ඉන්න එක පුරුද්දක් කරන් තිබුනේ. ඒත් වෙනදා ⁣සාගරීට පොඩියට හරි උදව්වක් කරන සනත් ළඟකදි ඉඳලා හරිම වෙනස් කියලා දැනුන නිසයි සාගරී මේ ඇහුවේ.

” එහෙම දෙයක් නෑ නෝනා..” සනත් ප්‍රශ්නේ මග ඇරලා වගේ කිව්වේ සාගරීගේ සැකය තවත් වැඩ කරලා.


මේ අතර කොල්ලෝ තුන්දෙනා හිටියේ කෙල්ලගේ ගෙදර එන ගමන්. සහිරු කොච්චර කිව්වත් ධීර් නෙවෙයි ඇහුවේ. කොල්ලා ඉන්නේ තනි මතේක. කවදාවත් හිතට ඇවිත් අරගත්ත තීරණයක් සක්‍කරයටවත් බෑ වෙනස් කරන්න.

⁣”තෝ දැන් මෙතන පු# ගිනිගත්ත ඇතා වගේ කඩාගෙන ආවට ගේ තියෙන තැන දන්නවද? ” හශේන් ඇහුවේ මේ වෙද්දි ඒක දන්නේ තමන් විතරක් නිසා. ඒ වුනාට කොල්ලා හුම් නෑ.

” කටවහන් පලයන්..මූ හිතන් ඉන්නේ සක්‍ර දෙයියෝ කියලනේ..දිවැස් ඇතිනේ ඒක නිසා..” පිටි පස්සේ සීට් එකේ ඉඳන් සහිරු කියනකොට ධීර් කලේ කට කොනකින් හිනා වෙන එක. ධීර් දන්නවා කොල්ලා තාම ඉන්නේ ගහපු පාරට තද වෙලා කියලා. ඒකයි හැමවෙලේම සහිරු ධීර්ට පුප්පන්නේ. හශේන්ටනම් ඉතින් හිනා මේවට.

කොහොමින් හරි ධීර් ගොඩගමටත් ඇවිත් කෙල්ලගේ ගේ තියෙන් අතුරු පාරට හරවද්දි හශේනගේ කට ඇරුනේ ඉබේමයි.

” උඹ කොහොමද දන්නේ හරියටම..යකෝ මං කිව්වෙත් නෑ..ඇත්ත කියපන්..තෝ කලින් ඇවිත් තියෙනවා නේද? ” හශේන් ඇහුවේ පිටිපස්සේ හිටපු සහිරු දිහාත් බලලා. ධීර් කලේ සුපුරුදු පරිදී කට කොනින් හිනාවුන එක විතරයි.

ගේ ගාවටම ඇවිත් වත්ත ඇතුලට නොදා පාර අයිනට කරලා වහනේ නවත්තපු ධීර් ෆෝන් එක අරන් ඩයල් කලේ කෙල්ලගේ නම්බර් එක. ඒ පාරත් මේ දිහාම බලන් හශේන්ගේ කට ඇරුනේ කෙල්ලගේ ලස්සන ෆොටෝ එකක් එක්කම ධීර් #Life කියලා සේව් කරලා තිබ්බ කෙල්ලගේ නම්බර් එක දැකලා.

“මොන හු&%& ද යකෝ…ඔහොම සප්‍රයිස් දෙන්න එපා…වාවන්නෑ බං..” හශේන් කිවුවේ පපුවත් අල්ලන්.

කෙල්ලගේ ෆෝන් එක ඕෆ්. හශේන් එක්ක එද්දි කෙල්ල මතක් කරලා බෑග් එක අරගෙන ආවත් හිටපු තත්ත්වෙත් එක්ක කෙල්ලට නින්ද ගියානේ. ඒ නිසාව බැටරි ලෝ වෙලා තිබ්බ ෆෝන් එක කොල්ලගේ කෝල් එක එද්දිම දෙපාරක් රින්ග් වෙලා කට් වුනා.

” ශිට්..” කොල්ලා ෆෝන් එකත් සාක්කුවේ දාන් වාහනෙන් බහින්න හැදුවේ.

” තෝ නම්බර් එක දන්නේ කොහොමද? ” හශේන් අහද්දි ධීර් කිවවේ..

” දනනේ නෙවෙයි, මං ඒකි ගැන නොදන්නනේ මොනවද අහපන්..”

” පොඩ්ඩක් හිටපන්..තෝ මේ නටන නාඩගම මොකදද කියපන් ඉස්සෙල්ලා…කව්ද කාඳුරංගනා? තෝ කොහොමද මේවා ඔක්කොම දන්නේ..කියපන්කෝ බන් පුදුම කරලාම මෙතන මාව මරන්නැතුව..”

” වෙලාව ආවහම කියන්නම්…දැන් වරෙන්…” ධීර් කිව්වම හශේන් මූණ හපුටු කරන් වාහනෙන් බැස්සා. සහිරුත් පිටිපස්සෙන් ඇවිත් අල්ල ගත්තේ ධීර්ගේ අත.

” උඹ ඕනි මගුලක් නටපන්, ඒත් ඒකි කෙල්ලලෙක් කියලා මතක තියා ගනින්..උඹ ඒකිට ආදරෙයිනම් මට ප්‍රශ්නයක් නෑ..එහෙම නැතුව උඹ අර පලිගැන්ල්ලක් මත්තේ නැහෙනවනම් මේ රෑ තිස්සේ ගෙවල් ගානේ ඇවිත් ඒකිව අසරණ කරන්න එපා..” සහිරු කිව්වේ කට හඬ බර කරලා සීරියස් විදිහට.

” මට ඒකිට ආදරේ කරන්න බෑ බං..” ධීර් කියපු පාර සහිරු බැලුවේ හිස් බැල්මකින්.

” මොන හු&$&* ද තෝ එහෙනම් මේ කරන්නේ…?” කේන්තියෙන් අහපු සහිරු යන්න හැරුනත් හශේන් ඔහුව නවත්ත ගත්තා.

” ධීර් මේක අහපන්..මටත් දැන් මේ මගුල ඇති වෙලා…තෝ එක්කෝ අපිට අද ඇත්ත කියපන්..නැත්තම් මෙන්න වැන්දා..අර කෙල්ලට ඒකිගේ පාඩුවේ ඉන්න දීලා යමන්..” හශේන් කිව්වේ අත් දෙකත් එකතු කරලා කලකිරුණ ස්වභාවයෙන්.

” එහෙම යන්න නෙවෙයි බන් මන් ඒකිව අල්ල ගත්තේ…”ධීර් කියනේ මේ අපබ්බ්‍රංශ තේරුම් ගන්න බැරුව කොල්ලෝ දෙන්නා හිටියේ මූණට මූණ බලන් දෙලොවක අතරමං වෙලා වගේ. පණ ලු, අත අරින්නත් බෑලු, ආදරේ කරන්නත් බෑලු….ධීර්ම තමයි දන්නේ ඔහු මේ කරන දේ.

කොල්ලා එහෙමම ගියේ දොරකඩට..රෑ වෙලා නිසා දොරවල් සේරම වහලා දාලා. ඒ වුනත් තාම කට්ටිය නිදි නෑ කියන්න දාලා තිබුණ විදුලි බල්බ නිසා පැහැදිලි වුනා.

කොල්ලා දිහා සහිරු බලන් හිටියේ හරිම දුක්ඛිත බැල්මෙන් ඒ හිතේ තියෙන දේවල් අදනම් කොහොම හරි එළියට ගන්නවා කියලා සහිරු හිතා ගත්තා. කොල්ලා ගොඩක් විඳවනවා කියලා යාළුවෝ දෙන්නම දනනේ පහුගිය කාලේ කොල්ලට වුන දේවලුත් එක්කමයි. ඒත් ඒ මොනවද?

මන්දන්නෑ හොඳේ…ධීර් ඊළඟ කොටසෙන්වත් කියයිද ළමයි? 😁🤭දිග කමෙන්ට් එකක් දුන්නොත් සමහර විට සලකා බලයි..😉

අදට ඉවරයිලු…..😁

ඉදිරියට🌷🌷🌷

එකම දවස කොටස් ගානකටම ඇදුනේ ඔයාලගේ රසවින්දනයට හානියක් නොකරන්න ඕනි නිසා..ලියන්නම් වාලේ උඩින් පල්ලෙන් ලියන පුරුද්දක් මට නෑ බබාලා. සොරි හොඳේ..අවුල් වගේ නම් කියන්න..

ඉක්මනට ලියලා දාන්නම් 😒 හැබැයි පස්සේ දොස් කියන්න බෑ…හැමදාම වගේ අදත් දිගම දිග කොටසක් දුන්න නිසා අද බෝනස් ඉල්ලන්න එපෝ..මැච් එක බලන්නත් ඕනි 😁 Like එකක් දාලා දිගම දිග Comment එකක් දාන් යමු නේහ්? 😁 එතකොටනේ මේ මටත් සතුටු 😁 කතාව බලන හැමෝටමත් Like, Comment කරන හැමෝටමත් ගොඩක් ස්තුතියි ❤️❤️ බුදුසරණයි…!!

Advertisment