කතෘ අවසරයෙන් තොරව උපුටා ගැනීම සපුරා තහනම්❌❌
7_කොටස
පෙර කොටස-
” අම්මා…අද තාත්තගේ චැනල් එක නේද..? ” කොල්ලා ඔෆිස් යන්න ලෑස්ති වෙලා පහලට ආවේ එහෙම අහගෙන. මහේන් ඒ වෙනකොටත් හිටියේ වීල් චෙයා(ර්) එකෙන් පහල තියෙන කාමරේ ඉඳලා සාලය දිහාවට එන ගමන්.
” පුතා..ඔෆිස් යන්නද? ” තාත්තා ආවේ ලස්සන හිනාවකින් මුව සරසන්. තාත්තා මෙහෙම හිනා වෙන සැරයක් ගානේ කොල්ලට දැනුනේ තමන්ගේ පපුවට පිහි තුඩකින් අනිනවා වගේ. ඉස්සරත් කොල්ලා ලෑස්ති වෙලා පහලට එද්දි මහේනුත් සුපුරුදු සිනහවෙන්ම ආවා. ඒත් ඒ ඇවිදගෙන, කොල්ලත් එක්කම ඔෆිස් යන්න ලෑස්ති වෙලා. නිවසේදීම සිදුවූ හදිසි අනතුරක් හේතුවෙන් තමා මහේන් මෙහෙම එක්තැන් වුනේ. කොච්චර සල්ලි තිබ්බත් කොල්ලට බැරි වුනා තාත්තව ඇවිද්දව ගන්න. හිත ඇතුලේ ගොඩක් ප්‍රශ්න තියන් විඳවන කොල්ලට තාත්තාව කවදම හරි හිටපු තත්ත්වයට ගන්නවා කියන ලොකු හීනයක් වුනා.
” තාත්තා, කෑවද? යන් කන්න…” එහෙම අහපු කොල්ලා තාත්තාවත් එක්කගෙනම ගියේ කෑම මේසෙට.
” පුතේ…හවස හතරට ඩොක්ටගේ අපොයින්ට්මන්ට් එක තියෙන්නේ..පුතාට එන්න පුළුවන් නේද? ” නන්දනි ඇහුවේ කොල්ලට කෑම බෙදන ගමන්.
” ඔව් අම්මා..මම එන්නම් අම්මලව ගන්න..”
” පුතා, දැන් කොහාමද ඔෆිස් එකේ තත්ත්වේ? ” ඉස්සර වගේ මහේන්ට වැඩ කරන්න බැරි වුනාට ඕනිම ප්‍රශ්නයකදි මහේන් කොල්ලට උදව් කරමින් ඔහුගේ පසුපසින් ඉන්නවා.
” මිස්ට ගජනායගේ ඕඩර් එක කන්ෆර්ම් වුනා තාත්තා…ඩින්සයිස් ටිකක් කලින් දීලා තිබ්බ නිසා තමා වැඩේ හරිගියේ..ෆයිනල් ඩිසයින්ස් ටික හදලා ප්‍රඩක්ශන් එකට දාන්න තියෙන්නේ..” කොල්ලා කියද්දි මහේන් අහගෙන හිටියේ සතුටින්. කොල්ලා තමන්ට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්නේ කියලා මහේන් දන්නවා.
” ගජනායක කියන්නේ ලේසියෙන් සතුටු කරන්න පුළුවන් මනුස්සයෙක් නෙවෙයි..ඒ ඕඩර් එක ගත්ත එකම පුදුමයක් පුතා..” මහේන් කියද්දි ධීරුත් එකඟ වුනා.
” අලුත් සයිට් දෙක තුනකත් වැඩ පටන් ගන්න තියෙනවා තාත්තා..වැඩ ගොඩයි..මම හිතුවේ තව බ්‍රාන්ච් එකක් ඕපන් කරනවද කියලා…”
කොල්ලා කියද්දි මහේන් කිවුවේ තව ටිකක් කලයක් ගන්න කියලා. මොකද විශ්වාස වන්ත කෙනෙක් නැතුව ඒක කරන්න අමාරු නිසා. දැනටමත් හශේනුයි සහිරුයි වැඩ වලට හිර වෙලා ඉවරයි. ඒ ඇරෙන්න කොල්ලා වෙන කාවවත් විශ්වාස කරන්නෑ කියලා මහේන් හොඳටම දන්නවා.
ධීර් ඔෆිස් එකට ආවේ එකොළහට විතර බියගම තියෙන කොල්ලාගේ ගාමන්ට් ෆැක්ට්‍රි එකටත් ගිහින්. හශේන් තමා දැනට එහි පාලන කටයුත් කරන්යන්නේ. ඒක නිසා කොල්ලට ඒ ගැන හොයලා බලන්න අවශ්‍ය වුනේම නැති තරම්.
ඔෆිස් එකට අඩිය තියනකොටම කොල්ලගේ නෙත ගැටුනේ අහපවු වැඩට ඇවිත් ඉන්න කිඳුරංගනාව. කොල්ලගේ හිතට හීනියට සතුටක් ආවේ කලාතුරකින් මුහුනේ ඇඳෙන ඒ හිනාවත් එක්කම ආයෙත් කොල්ලගේ වැඩ පටන් ගන්න පුළුවන් කියන චේතනාවෙන්.
ඒත් ඒ හිනාව මැකිලා යන්න වැඩි වෙලා ගියේ නෑ. කෙල්ලා දැක්කේ කිඳුරංගනා ඔෆිස් එකේම අනිත් සයිඩ් එකේ තියෙන IT බ්‍රානච් එකේ සහන් එක්ක බර කයියක් ගහන් හිනා වෙවී යනවා විතරයි. වෙනදට අඳින සාරිය වෙනුවට කෙල්ල අද ඇඳන් හිටියෙත් ඔෆිස් කිට් එකක්. කොට ටයිට් සායට බේබි රෝස පාට බ්ලවුසයක් යට කරලා ඇඳන් හිටපු කෙල්ලව අද පෙනුනේ වෙනදටත් වඩා පොඩියට වගේ. කොල්ලගේ ඇස් දෙකෙන් ගිනි පිට වෙන්න වැඩි වෙලා ගියේ නෑ ඉතින්. සහන් එක්ක කතා කර කර කෙල්ල ආවේ සහිරුගේ කැබින් එකට. ඒ සහිරු කෙල්ල අතේ යවපු පෙන් ඩ්‍රයිව් එකේ පුංචි ප්‍රශ්නයක් නිසයි සහන් අහපවු සහිරුව හම්බ වෙලා ඒක නිවැරදි කරගන්න ආවේ. මේ මොකුත් නොදන්න ධීර් ඒ පිටිපස්සෙන්ම කඩාගෙන බිඳගෙන ගිහින් නතරවුනේ සහිරුගේ කැබින් එකේ. දොරත් ඇරන් ආපු රුව දැකලා තුන් දෙනාම එක පාර බැලුවේ පුදුමෙන් වගේ.
” ගුඩ් මොර්නින් සර්…” සහන් කියද්දි නොකිය බැරි කමට කෙල්ලත් කිව්වා.
ඒත් කොල්ලා කවදාවත් ඒ අයට නැවත ග්‍රීට් කරන්නෑ. කෙල්ල ඉතින් කොල්ලට නොපෙනේන්න ඒකටත් රවනවා. ” පුස් ඌරා..කට ගෙවෙයි ගුඩ්මොර්නින් කිව්වොත්…😒”
” මොකෝ බං..අවුලක්ද? ” කිඳුරංගනා දිහා කෝපය මුසු බැල්මක් හෙලන් ඉන්න ධීර්ගෙන් ඇහුවේ සහිරු.
” මට උඹේ සෙකට්‍රිව ටිකකට ඕනි..” ධීර් කියපු පාර කෙල්ලගේ ඇස් දෙක උඩ ගියේ ඒ පාර මොන මරාලයක් පාත් වෙන්න යනවද දන්නෑ කියලා හිතලා. සහිරුටනම් හිනා නොපෙන්නුවට.
” කිඳුරංගනා, පෙන් එක සහන්ට දීලා යන්න..සහන්ම ආව නිසා ඔයා ඉන්න ඕනි නෑ..” සහිරු වැඩියෙනුත් විස්තර කරලා කිව්වේ කොල්ලා දන්නවා ධීර් මේ ආවේ නිකන් නෙවෙයි කියලා.
” හා සර්..😒”
“අනේ මන්දා, පලි ගන්නවා ගගා මූ මොන මගුලක් නටන්න හදනවද කියලා..කමක් නෑ..කවදම හරි කියයිනේ..එදාට බලාගන්නම්කෝ තෝ ගැන..😒” සහිරු හිතුවේ යටි සිතින්.
ධීර් ආව් තමන්ගේ කැබින් එකට. කෙල්ලත් ඉතින් පස්සෙන් ආවේ දුවගෙන වගේ.
දොරට තට්ටු කරලා ඇතුලට ආපු කෙල්ල ” එක්සකියුස්මී සර්” කියලා කිව්වේ ටිකක් හයියෙන්.
” මං තමුසෙට හැමදාම කියනවා ඇතුලට ආවට පස්සේ එක්ස්කියුස් කරලා වැඩක් නෑ කියලා…මී හරකෙක්ද තමුසේ ඒක නොතේරෙන්න..😠” ඇස්දෙකත් රතු කරන් කොල්ලා අහද්දි කෙල්ල කලේ ” සොරි සර් ” කියපු එක. තාරා කිව්වා වගේ ධීර් මොන දේ කිව්වත් කලත් ගනන් නොගෙන් එක කණකින් අහලා අනිත් කණෙන් පිට කරන්න කෙල්ල දැඩිව හිතාගෙනයි ආවේ.
ඒ වුනාට හිතින්, අර පුරුදු කිඳුරංගනාම තමා.
“ඇයි යකෝ, එලියෙ ඉදන් ඕක කියන්න ඕන්නම් ස්පීකරයක් හයි කරගනිනකෝ..අනේ මුගේ යක්ශ විමානෙට එන්න මොන එක්ස්කියුස් ද 🤣” හිතනවා විතරයි ඈ…🤭
” සොරි සර් තමා…තමුසෙට වටේම ඉන්න මිනිස්සුන්ගේ කරේ නගින එක විතරද හරියට කරන්න පුළුවන්…” ඒ පාරනම් කෙල්ලට මල පැන්නා. ඒත් යන්තම් අත මිට මොලවගෙන තරහා පාලනය කරන් ඉන්න තීරණය කලා.
” මොකද්ද සර්..?😠” කෙල්ල අැහුවේ දත්ටිකත් එකට පූට්ටු කරන් කේන්තිය පාලනය කරගන්න ගමන්.
” එනවා යන්න..” කියලා සැරෙන් කියපු කොල්ලා කැබින් එකෙන් එලියට ආවේ කෙල්ලත් රවාගෙන පස්සෙන් යද්දි. කොල්ලා ආවේ බිල්ඩින් එකේ යටම තට්ටුවට. Sunshine textile එක පටන් ගන්න තැන. ඒ වෙනකොටත් සෙනග ඇදෙමින් තිබ්බේ අවුරුදු කාලෙත් ළඟ එන නිසා. ලිෆ්ට් එකේ එද්දිනම් කෙල්ල වැරදිලාවත් ධීර් දිහා බැලුවේ නෑ.
” උදේ පාන්දරම පත්තුවෙලා ඇවිත් මෙතන අපිට ගිනියන්න 😒” කෙල්ල හෝ ගාලා කොල්ලට බනිනවා, කටින්ද? නෑ නෑ හිතින් 🤭.
පහලට ආපු ධීර් හැරුනේ කෙල්ල දිහාවට.
” මෙතන ඉඳන් හැම සෙක්ශන් එකකම ඉම්පොර්ටනට් කියලා හිතෙන හැම ඩීටෙයිල් එකක්ම තමුසේ නොට් ඩවුන් කරගන්න ඕනි..ඊට පස්සේ..ඒවා කම්පෙයාර් කරලා වෙන්න ඕනි චේන්ජස් වගේම ලිමිටේෂන්ස් එකතු කරලා ෆයිනල් රිපෝට් එක හෙට හවස් වෙද්දි මගේ අතට දෙන්න ඕනි…” කොල්ලා කෙල්ල දිහා බලාගෙන හෙන බොස් ලයින් එකෙන් කියද්දි කෙල්ල බලන් හිටියේ ‘ මොන මගුලක්ද 😒 ‘ වගේ බැල්මකින්.
” තේරුනාද ඕයි…😠”කෙල්ලගෙන් උත්තරයක් තැති තැන ධීර් ටිකක් සැරෙන් ඇහුවේ කෙල්ල නිකම්ම ඔළුව වනද්දි. කට කොනින් හිනා වුන කොල්ලා සෙක්ශන් එකින් එකට යන්න ගත්තේ ඊට පස්සේ. නොට් බුක් එකක්වත් ගෙනාපු නැති නිසා කෙල්ල හිටියේ ධීර්ට හිතින් බැන බැන. සේල්ස් ගර්ල් කෙනෙක්ගෙන් නෝට් බුක් එකකුයි පෑනකුයි ඉල්ල ගත්ත කෙල්ල කොල්ලා පස්සෙන් වැටුනේ ඊට පස්සේ. කොල්ලා කතා කරන ඒවා හොඳ උවමනාවෙන් අහන් ඉඳලා අවශ්‍යයි වගේම වැදගත් කියලා හිතෙන දේවල් කෙල්ල ලියා ගත්තා. කිඩ්ස්, මෙන්ස් සෙක්ශන් වලට ගියපු කොල්ලා එහි ප්‍රධාන පාලක මන්ඩලය විතරක් නෙවෙයි සාමාන්‍ය සුළු සේවකයන් එක්කත් කතාකරන්න අමතක කලේ නෑ. මේ දේ මාස දෙක තුනකට සැරයක් කොල්ලා කරනවමයි. ආයතන ප්‍රධානිය පුටුවේ කැරකි කැරකි ඉඳලා හරියන්නෑ කියන තැන තමා ධීර් ඉන්නේ. ඒ මේ අස්සේ කෙල්ල ඉතින් කටත් ඇරන් වට පිට බලන්නේ කෙල්ල මේ ආවමයි නිසා.
ලේඩීස් අයිටම්ස් තියෙන ෆ්ලෝ එකට ආව වෙලේ ” අම්මෝ…මේකේ තියෙන රෙදි ගොඩ…😍” කටත් ඇරන් හිතපු කෙල්ල නිකමට වගේ ලඟින්ම තිබුණ ලස්සනයි කියලා හිතුන ගවුමක මිල බැලුවා. ” බුදු අම්මෝ..යකෝ රත්තරන් නූල් වලින්ද මුන් මේවා මහන්නේ 😒” කෙල්ල ගන්නවා තියා හිතන්නෙවත් නැති ගානක් වුන ඇඳුම දිහා කටත් ඇද කරන් බලන් හිටපු කෙල්ල පියවි සිහියට ආවේ ඒ අසලින්ම ගැහැණු කෙනෙකුගේ උස් හඬක් අසුන විට.
” බලනවා මේක..තමුසෙලාගේ ස(ර්)විස් එකනම් අන්තිමයි..ඒ මදිවට තව කට ගහගෙනත් එනවා..” මැදි වයසෙහි පොෂ් ලුක් එකක් තිබූ කාන්තාවක් ඒ බනිමින් සිටියේ සෙක්ශන් එකේ සේල්ස් ග(ර්)ල් කෙනෙකුට. බයෙන් මෙන්ම බැනුම් ඇසීමේ ලැජ්ජාවෙන් හිටපු ඇය උත්සාහ කලේ අදාල කාන්තාවට කරුණු පහදන්න කියලයි කිඳුරංගනාට වැටහුනේ. ඒක නිසාමයි කෙල්ල ටිකක් උවමාවෙන්ම එතනට ලංවුනේ සිද්දිය දැන ගන්න.
” මැඩම්..පොඩ්ඩක් බලන්න..මේ බෑග් එකේ බැජ් එක ගැලවිලා..අපිට මේ බෑග් එක චේන්ජ් කරන්න බෑ මැඩම්..සොරි..”
” මොන විකාරයක්ද මේ..මහ ලොකුවට කියන්නේ හොඳම බ්‍රෑන්ඩ් එක කියලා..ගිනිගනන් දිලා බඩු ගන්නේ කෑලි හැලෙන්න නෙවෙයි ඕයි..කෝ තමුසෙලාගේ ලොක්කෙක් නැද්ද..මට කම්ප්ලේන් කරන්න ඕනි..කස්ටම(ර්)ස්ලට කතා කරන්නවත් දන්නැති තමුසෙලා වගේ එවුන්ව අස් කරලා දාන්න ඕනි..”
මීට ටිකක් එහායින් හිටපු ධීර් සිද්දිය දැනගෙන එන්න කලින් කිඳුරංගනා එතෙන්ට ලං වුනේ,
” මොකද්ද මිස් ප්‍රශ්නේ…” කියලා අහන ගමන්. කට්ටිය වට වෙලා හිටියට කිසිම කෙනෙක් කතා කරන්න ආවේ නැත්තේ රස්සාවත් නැති වෙයි කියලා බයට.
” තමුසේ කවුද? ගිහින් තමුසෙලාගේ ලොක්කට එන්න කියනවා..” කාන්තාව නැවතත් කියද්දි කෙල්ල මුවගින් සිනාසී ඇය අත තිබ්බ බෑගය ගත්තෙත් ධීර් එතනට පැමිණියෙත් එකටමයි. එතනම එහා පැත්තේ තිබ්බ ඒ වර්ගයේම බෑග් එකක් එකක් අතට ගත්ත කෙල්ල ටික වෙලාවකින් මුව සරස ගත්ත ජයග්‍රාහී සිනහවකින් නැවතත් කාන්තාවට ළන් වුනා. ධීර් කිසිවක් නොපවසා මේ දිහා බලන් හිටියේ කුතුහලයෙන්.
” මිස්, මේ බෑග් එක අපේ ෂොප් එකෙන්ම ගත්ත එකක් කියලා විශ්වාසද? ” කෙල්ල අහද්දි අර කාන්තාව ටිකක් ගැස්සුනා.
” ඇයි දැන් තමුසේ කියන්නේ මම බොරු කියනවා කියලද? “
” මම කියන්න ඕනි නෑ, ඒක මිස්ම ඔප්පු කලා…” මේ කතාව අහන් හිටපු ධීර් එතනට ආවා. කොල්ලත් හොඳටම තරහෙන් හිටිය් අර කාන්තාව කතා කරපු විදිහට.
” මොකද මෙතන වෙන්නේ..” කොල්ලා ඇහුවේ කෙල්ලගෙන්.
” සර්..මේ මිස් කියනවා මේ බෑග් එකේ කොලිටි අඩු නිසා චේන්ජ් කරලා දෙන්නලු. එත් සර් මේ ඉස්රහා තියෙන බැජ් එක නැති නිසා ඒක කරන්න බැහැ කිවුවම මේ මිස් කෑ ගහනවා..බිල් එක තිබ්බට එහෙම කරන්නෑනේ සර්..”
” හ්ම්..ඉතින්..”
” සර් පොඩ්ඩක් බලන්න..මේ බෑග්ස් දෙකේ කොලිටිස් දෙක වෙනස්..අපේ ඩිස්ප්ලේ එකේ තියෙන බෑග් එක හදලා තියෙන මැටීරියල් එකයි මේ මැඩම්ගේ බෑග් එකේ මැටීරියල් එකයි එකම පෙනුම තිබ්බට දෙකක්. අනික සර් මේ බැජ් එකේ සයිස් එකත් වෙනස්, බෑග්ස් දෙකේ බරත් වෙනස්, ඒ මැටීරියල් වෙනස් නිසයි..හොඳට බැලුවොත් පේනවා මේ අපේ ස්ටෝර් එකේ බෑග් එකක් නෙවෙයි කියලා..” අත පයත් එහා මෙහා කර කර විස්තර කරන කෙල්ල දිහා ධීර් බලන් හිටියේ හරිම පුදුමයෙන්.
දැන්නම් අර කාන්තාව දැනගත්තා වඩේ වැරදුනා කියලා..ඒක නිසාම ආයෙත් කට ඇරියේ තව මොනවා හරි කියන්න හිතාගෙන.
” තමුසෙලා වගේ චීප් මිනිස්සු මොනවද දන්නේ මේවා ගැන, මම හැමදාම ගන්නේ බ්‍රෑන්ඩඩ් බඩු විතරයි…එහෙම එකේ තමුසෙ කියන්නේ මං බොරු කරනවා කියලද? තමුසේ දන්නවද මේ බෑග් එකේ ගාන කීයද කියලා..” කාන්තාව අහද්දි කෙල්ල නැවතත් කට කොනින් හිනා වෙලා කතා කරන්න ගත්තේ ධීර් බලන් ඉද්දි.
” 1200ක්..😏 ඔන්ලයින් ෂොපින් සේල් වල ඕනිතරම් මේ ෆේක් බ්‍රෑන්ඩ් එක ගන්න තියෙනවා මැඩම්. ඩිස්ප්ලේ එකේ තියෙන අපේ ඔර්ජිනල් බෑග් එක නම්….ම්…හරි…8990 ක් වෙනවා..මැඩම් අපේ බඩු ෆේක් ඒවට මාරු කරලා බිස්නස් කරන්නනම් හැදුවේ, ඒවා මෙහේ බෑ..”😏 එහෙම කියපු කෙල්ල අහපවු අර බෑග් එක කාන්තාව අතෙන් තිබ්බේ ජයග්‍රාහී ලෙස.
” හහ්..ඒකත් එහෙමද..මම නිකන් ඉන්නෑ මේකට..පොලීසි යනවා මිනිස්සු රවට්ටලා බඩු දෙනවා කියලා..” කාන්තාව දැනුන ලැජ්ජාවටත් එක්කම කේන්තියෙන් කියද්දි මෙච්චර වෙලා බලන් හිටපු ධීර් කට ඇරිය.
” හොඳයි මිස්..එහෙම කරන්න..අපිත් අපේ පැත්තෙන් මිස්ට නඩු දාන්නම්..නිකන් නෙවෙයි අපහස නඩු..කෝටි ගානක් ගෙවන්න බලන් ඉන්නවා.” කොල්ලා කියද්දි කාන්තාව අනිත් පැත්ත හැරිලා යන්නයි ගියේ.
” ඔහොම ඉන්න මිස්..දෙයක් අමතක වුනාද..” ධීර් කතා කරද්දි නැවත ඇය බැලුවේ.
“මේ ග(ර්)ගෙන් සමාව ගන්නවා..කතා කරන්න දන්නැති තමුසෙලා වගේ වුන් තමා චීප්..” ඒ පාර කොල්ලා අර සුපුරුදු කේන්තියෙන් කතාකලේ කෙල්ල ඩිම් වෙලා බලන් ඉද්දි.
” සමාව..යකෝ මූ මහලොකුවට සමාව ගැනයි, කතා කරන හැටි ගැනයි කියවන්නේ.. මේකත් එහෙමනේ…🤣” කෙල්ල හිටියේ හිත යටින් ධීර්ට බැනගෙන. අර කාන්තාව තරහෙන් යන්න ගියා.
ධීර් සුපුරුදු කෝපයෙන්ම හැරුනේ කටවල් අරන් බලන් ඉන්න ස්ටාෆ් එක දිහා.
” තමුසෙලාට ලැජ්ජ නැද්ද..අර ගෑණියෙක් මෙතන බොරු කිය කිය මේ එක කෙල්ලලෙක්ට කෑ ගහද්දි කටවල් වහන් බලන් හිටියේ..? ” ධීර් යක්ශාවේස වෙලා කෑ ගහද්දි කවුරුත් හුම් කිව්වේ නැතුව බිම බලන් හිටියේ. සේවකයෝ දන්නවා ධීර්ගේ හැටි. ඒ තරම් බයයි. කෙල්ලනම් ඔයිට වඩා සැර දැකලා තියෙන නිසාම කොල්ලා දිහා කටත් අැද කරන් බලන් ඉන්නේ.
” එතකොට තමුසේ..රස්සාව කරන්නම් වගේ කරලා හරියන්නෑ..බලනවා..මේ මිස් මෙතන හිටියේ නැත්තම් අර ගෑණි කරන්න තියෙන ඔක්කොම අපහස ටික කරයි..” කොල්ලා හැරුනේ අර සේල්ස් ග(ර්)ල් පැත්තට. කිඳුරංගනාව පෙන්නලා ධීර් එහෙම කියද්දි කෙල්ලට ටිකක් ආඩම්බරත් හිතුනා. මොනවා වුනත් උඩ දාගෙන කියවන ධීර්ගේ ජාමේ බේරුනෙත් අද තමන් නිසානේ..😁
තවත් ටිකක් කෑ ගහපු කොල්ලා අහපවු කර කර හිටපු වැඩේ පටන් ගත්තේ කෙල්ලත් නිකන් අයිතිකරු පසු පස යන බලු කුක්කෙක් වගේ කොල්ලගේ පස්සෙන් යද්දි. දැන් නම් කෙල්ලට හොඳ ගනන්. නෝට් කරන එක විතරකන්ම් මදෑ, කොල්ලා සෙක්ශන් එකක් ගානේ ගිහින් එකතු කරනගන්න ෆයිල්ස් ටිකත් කෙල්ලගේ අතේ දැන්. ලන්ච් ටයිම් එකත් පහුවෙලා ගොඩක් වෙලා. තාමත් ධීර්ගේ වැඩේ ඉවර නෑ. කෙල්ලගේ බඩේ පණුවෝ කෑම ඉල්ලා බොක්සිං ගහන අස්සේ කෙල්ල ඉතින් කරන්නේ සුපුරුදු පරිදි ධීර්ට දෙස් දෙවොල් තියන එක තමා.
” අර්…මේ මිනිහා යකඩ ගිලලා හිටියට මට බෑනේ..මගුල බඩත්ගිනී..අම්මපා අර ශශීව හම්බුනෙතේ මං ඕකිට හොඳ දෙකක් කියනවා..එයා නැති නිසානේ මට මුගේ කටු කන්න වුනේ…😒😒”
කොහොම හරි හවස තුන විතර වෙනකොට යැඩේ ඉවර වුනා. දැන් ඉතින් කෙල්ලගේ මූනත් වැහෙන තරමේ තඩි ෆයිල් ගොඩකුත් උස්සන් කොල්ලට කුටු කුටු ගගා බැන බැන කෙල්ල යන්නේ යාගන්න පණත් නැතුව. ” ගල් උලමා, මූ මෙතන රජා වගේ යනවා..මේකෙන් ටිකක් අරන් ගියොත් ඔය ගල් කණු වගේ තියෙන අත් කැඩෙනවද දන්නෑ…😡” කොල්ලා නොදන්නවා වගේ හිටියට කෙල්ල මේ කරන කියන ඒවා ඔක්කෝම ධීර්ට පේනවා වගේම ඇහෙනවා.
එහෙමම උඩ බලාගෙන ආපු කෙල්ලව එක පැරම මොහොක හරි හැප්පිලා අතේ තිබුණ ෆයිල් ටික ඔක්කොම බිම වැටුනේ වැදුන පාරට රිදුන නිසා කෙල්ල නළලත් අල්ල ගාද්දි. හතරැස් වුණ මූන උස්සලා බලද්දි කෙල්ල දැක්කේ ඉස්සරහ හිටගෙන ඉන්න ධීර්ව. ඔව්..කෙල්ල උඩ බලන් ඇවිත් හැප්පුනේ ලිෆ්ට් එක ඉස්සරහ නතර වුණ කොල්ලගේ ඇඟේ.🤭
” මේ ගල් ඉබ්බාගේ ඇඟේද යකෝ හැපුපුනේ..🤨 ගල් කනුවක හැප්පුනා වගේ හරියට..ඇත්තටම මූ ගල් ගෙඩිද දන්නෑ ගිලින්නේ…🤣”
කොල්ලා රවාගෙන හිටියේ කෙල්ල තවමත් කොල්ලා දිහා බලාගෙන රටේ නැති ඒවා හිත හිත ඉද්දි.
” මගුලක් කරනවද ඕයි උඩ බලන් යන්නේ..තවත් මූණ දිහා බලන් ඉන්නවා ලැජ්ජ නැතුව..😠” කොල්ලගේ කෑ ගැහිල්ලට පියවි සිහියට ආපු කෙල්ල දඩ බඩ ගාලා බිමට නැමුනේ වැටුන ෆයිල් ටික එකතු කරගන්න. ඒත් එක්කම කෙල්ල අල්ලපු ෆයිල් එකම කෙල්ල අත තියපු තැනිම්ම අල්ලා අැදලා ගත්තේ ධීර්. ඔළුව උස්සලා බලපු කෙල්ල දැක්කේ තරහින් රතු වෙලා ගිනි පිටවෙන දෑසින් තමන් දිහා බලන් ඉන්න ධීර්ව.
“මූට ඒ පාර මොකක් වුනාද? ” කෙල්ල ඇසුත් හීන් කරලා පුදුමෙන් වගේ බලන් හිටියේ තමන් දිහා ගිනිපිටවෙන දෑසින් බලන් ඉන්න ධීර් දිහා.
” ඒ පාර තමුසෙ මෙතන ෆ්‍රී ෂෝ පෙන්නන් පටත් ගත්තද? ලැජ්ජාවක් නැද්ද ඕයි…😠” කෙල්ල උඩ බිම බැලුවේ කොල්ලා මේ කියන අපබ්බ්රංශේ තේරුම් ගන්න බැරුව.
” සර්…🤨”
” සර් තමා..නැගිටිනවා ඔතනින්..😠” දෙකට නැමීගෙන ඉන්න කෙල්ලගේ අතින් ඇදලා කෙලින් කරපු කොල්ලා ෆයිල්ස් ටික අහිඳලා කෙල්ලගේ අත් උඩින් තිබ්බා නෙවෙයි දමලා ගැහපු පාර කෙල්ලව අඩිදෙකක් විතර පස්සට ගියා.
කෙල්ල නැමෙනකොටම පිටිපස්සෙන් ආව ලාල්, ස්ටෝස් භාරව ඉන්න මැදි වයසේ පිරිමියව දැක්ක නිසා තමා කොල්ලට මේ යකා තද වුනේ. කොටට කොටේ සායත් ඇඳන් කෙල්ලත් දෙකට නැමුනේ මෙලෝ සිහියක් නැතුවනේ..කොල්ලා නැත්තම් අද ෆ්‍රී ෂෝ තමා 🤭
” සර්…” ඒ එක්කම ලාල් එතනට ආවේ හිනා ගවීගෙන මයි. කෙල්ල තාම ඉන්නේ වුනේ මොකද්ද කියලා හිතා ගන්න බැරුව.
” ෆයිල්ස් ටික චෙක් කරලා මම කවුරු හරි අතේ එවන්නම් ලාල්..” එහෙම කියපු කොල්ලා බැලුවේ තාමත් ඩිම් වෙලා වගේ බලන් ඉන්න කෙල්ල දිහා.
” එනවා යන්න..” කොල්ලා කිව්වේ ටිකක් සැරෙන්. කොල්ලා ඉස්සර වෙලා ලිෆ්ට් එක ගාවට යද්දි කලබලේට යන්න ගියපු කෙල්ලව ලිස්සන්න ගියේ..වැටෙන්න නොදී අල්ල ගත්තේ ලඟ හිටපු ලාල්. ඕනිවටත් වඩා තමන්ව බදලා අල්ල ගත්තා කියලා හිතුනත් කෙල්ල ” තැන්ක්යූ ” කියලා කිව්වේ මොනවා වුනත් උදව්වක්නේ කරේ කියලා හිතලා.
කොල්ලා නම් මේ වෙද්දිත් ලිෆ්ට් එක අස්සේ. කෙල්ල දුවගෙන ගියා. ඔෆිස් ගියාට පස්සේ ඉතින් ආයෙත් කෙල්ලට වුනේ කොල්ලගේ රැවිලි ගෙරවිලි මැදදේ වැඩ ටික කරන්න.
” තමුසෙනම් එළදෙනක් ඕයි..අර සහිරු තමුසෙට වෙන මොනවා හරිද කියලා දෙන්නේ..😠” කොල්ලගේ බැනුම් වල ඉවරයක් නෑ. කෙල්ල හොඳට කලත් වරදී, වැරදුනත් වැරදී..
තියෙන තරහට කොල්ලා ඕනවටත් වඩා වැඩියෙන් කෙල්ලට කෑ ගැහුවේ කෙල්ලත් තරහෙන් පුපුර පුපුර ඉද්දි.
” යනවා ගිහින් ඉතුරු ෆයිල් එකත් චෙක් කරලා යසපාල අතේ අහපවු යවනවා..” එහෙම කියපු කොල්ලා කා(ර්) කී එකත් අරන් යන්න ගියේ එලියට. මොකද තාත්තව ඩොක්ට ගාවට අරන් යන්න ඕනි නිසා. කෙල්ලටනම් දැන් රස්සාවත් එක්කම එපා වෙලා ඉන්නේ. සහිරු යටතේ වැඩ කරන්න ඕනි එක දැන් වැඩි හරියක් කෙල්ලට ධීර් එක්කයි වැඩ කරන්න වුනේ. කෙල්ල දන්නවා ධීර් මෙහෙම කරන්නේ කෙල්ලට රිද්දන්න ඕනි නිසා කියලා.
කෙල්ල තාමත් බඩගින්නේ..ඒත් ඉතින් කියපුවා කරන්නත් ඕනිනේ…කෙල්ල ෆයිල් ටිකත් උස්සන් ආවේ යසපාලව හොයාගෙන.
එත් පේන්න හිටියේ නැති නිසා කෙල්ල තීරණයා කලා කෙල්ලම ගිහින් දෙනවා කියලා. මොකද දැන් කෙල්ල ඉනනේ එසේ මෙසේ බඩ ගින්නක නෙවෙයි. යසපාල එනකන් හිටියොත් බඩගින්නේ මැරෙයි කියලා හිතපු කෙල්ල ෆයිල් ටිකත් අරන් ගියේ පහලට යන්න හිතාගෙන.
පහල ඉඳලා අදාල සෙක්ශන් වලට අදාල ෆයිල් එක දීලා අන්තිමට කෙල්ල ආවේ මෙයින් ස්ටෝ(ර්) එකට..
” මිස්ටර් ලාල්ගේ කැබින් එක..” කෙල්ල අහුවේ පහල අතු ගගා හිටපු මැදි වයසේ කාන්තාවක්ගෙන්.
” ඔතනින් හැරුනම තියෙන්නේ මිස් “
කෙල්ල ෆයිල් එකත් අරන් ගිහින් දොරට තට්ටු කරලා අැතුල්වෙනකොට ලාල් හිටියේ ෆෝන් කෝල් එකක..ෆයිල් එක මේසේ උඩින් තියලා යන්න හරුන කෙල්ල නතර වුනේ ලාල්ගේ කට හඬට.
” පොඩ්ඩක් ඉන්න බබා..” කෙල්ලගේ ඇස් දෙකත් එක්ක උඩ ගියේ බබා කියපු පාර. කෙල්ල රවලා වගේ අනිත් පැත්ත හරිලා බැලුවේ.
” පැටියෝ..මම ඔයාට පස්සේ ගන්නම් ” කියපු ලාල් අමුතු හිනාවක් දාන් අවේ කෙල්ල ඉස්සරහට.
” ඇයි සර්..මොකුත් ප්‍රශ්නයක් ද? ” කෙල්ල ඇහුවේ නුරුස්සන ස්වභාවයකින්.
” නෑ ළමයෝ…ඔයා අළුතෙන්ද ආවේ..අපි ටිකක් අඳුර ගමු ඉතින්..” ලාල් කියද්දි කෙල්ලට තේරුනා මූ අමු කුකුලෙක් වගේ කියලා.
” ආහ්..ඔව් සර්..මම සහිරු සර්ගේ සෙකට්‍රි..හරි නේද සර් දැන ගත්තනේ දැන්..” කියපු කෙල්ල අහපවු යන්න හැදුවේ. ඒත් ලාල් එකපාරම කෙල්ලගේ අතින් අල්ලපු පාර කෙල්ලට තද වුනා.
” ඇයි සර්..සර්ට තව ප්‍රශ්න තියෙනවද? ” අත ඇදලා ගත්ත කෙල්ල ඇහුවේ තරහෙන්.
” මොකද සැර උඹේ…ලොකු ලොකු එවුන් ගාව ඉඳන් උන්ට සැප දෙන්න හොදයි..අපි ටිකක් කතා කරාම තමා ගෑස් පෙන්නන්න එනනේ..ඇයි අපි කැතද?” කෙල්ලට හිනත් ගියා..කැතදත් අහනවා..හපුටු මූනත් එක්ක. ඊට වඩා කෙල්ලගේ මාරයා ආවේස වුනේ කැත විදිහේ කතාවක් කියපු නිසා.
” අනේ සර්..මම මෙච්චරවත් හොඳින් කතා කලේ තමුන් මේ ආයතනයේ වග කිවයුතු තනතුරක් දරන මනුස්සයෙක් නිසා..ලිමිට් එකක් තියන් කතා කරන්න..හැමෝම තමුන්ලා වගේ අසහනකාරයෝ නෙවෙයි…” කෙල්ල මූණටම කියලා දාද්දි ලාල්ටත් යකා තදවුනා. මිනිහා හැදුවේ හොඳින් වැඩේ කරගන්න. නොදන්නවා වුනාට ලාල් මේ වගේම වැඩ කරන ගැහැණු ළමුන්ට අයුතු යෝජනා ගෙනාව වාර අනන්තයි.
” මොකද්ද තෝ කිව්වේ..දන්නෑ මේ ලාල් කවුද කියලා..” කියපු මිනිහා අල්ල ගත්තේ කෙල්ලගේ අත් දෙකෙන්. කෙල්ල කෑගහගෙන දැඟලුවේ මිනිහගෙන් අත අතඇර ගන්න.
” තෝ කෑ ගැහුවට වැඩක් නෑ යකෝ..මෙතන දැන් මොකෙක්වත් නෑ..මොකෙක්වත් මෙච්චර කාලෙකට මට ඉහලින් යන්න ඇවිතුත් නෑ…” මිනිහා කියද්දි කෙල්ලව වෙව්ලන්න ගත්තා.
” අත ඇරපන් මිනිහෝ..තමුසෙට පිස්සුද? තමුසේ දන්නෑ මගේ හැටි ” කෙල්ල පොර බැදුවට වැඩක් නෑ.. ලාල් කෙල්ලව හේත්තු නරගත්තේ බිත්තිය මුල්ලට, කෙල්ලට හෙල වෙන්න බැරි වෙන්න.
දැන්නම් කෙල්ල එකසියගානට බයවෙලා ඉන්නේ..කටින් වචන දාලා කෑ ගැහුවට මේ වගේ මිනිහෙක් එක්ක පොර බදන්න තරම් කෙල්ලට හයියක් නෑ..ස්ටෝ රූම් එක තියෙන්නේ පහල තට්ටුවේ කෙරෝලෙම නිසා කවුරුත් වැඩිය අත්තේත් නෑ ඇහෙන්න තරම්.
” අත අරිනවා මාව “කෙල්ල වෙර දරලා මිනිහව තල්ලු කරන්න හදපු පාර ලාල් කෙල්ලගේ කම්මුලට ගැහුවේ කෙල්ලගේ තොල පැලිලා ලේ ගලද්දි.
” කට වහපන් බැ#ලි..උඹට හොඳින් කතා කරාමනේ ගෑස් පෙන්නුවේ..දැන් බලපන්..” කියපු ලාල් බර වෙන්න හැදුවේ කෙල්ලගේ වෙවුලන දෙතොල් වලට..
ඒත් එක්කම කෙල්ල….
ඉවරා…යි…යි….😁😁😁😁
ඉදිරියට🌷🌷🌷
•••••🌷🌷🌷🌷🌷•••••
කිඳුරංගනා..මොනවා කරන්න ඇත්ද?? 😒 මන් නම් දන්නෑ..බයත් හිතෙනවා අප්පා..😒😁 ලයික් එකක් දාලා අදහස් කියන් යමු නේද? දිග කොටසක් නිසා දිග Comment එකක් ඕනිලු ඈ..
😁 ධීර් නපුරු වැඩිද ළමයි? ඒ වුනාට ඉතිම් වෙනස් කරන්නෙනම් නෑ…😒 මං කිව්වනේ..නපුරු බොසයි අහිංසක කෙල්ලයි දැක්ක දවසේ ඉදලා ආදරෙන් බැඳුන විදිහේ කතාවක් නෙවෙයි කියලා මේක..😏 බලන් ඉන්න වෙනවා දැන් 😁 ලයික් කමෙන්ට් කරලා කතාව එක්ක ඉන්න හැමෝටම ගොඩක් ස්තුතියි 🙏 ❤️ ඊළඟ කොටස තවත් රසවත්ලු ඈ.