කතාව share කරන් යන්න වස්තුලා ❤️❤️
කියවන හැමෝම Like එකක් දා ගෙන යන්නෝ
😍 නවමු වූ තේමාවක් රැගත් යුගයේ ප්‍රේමාන්විතම ආදර අන්දරය…😍
චන්ඩි #රැජින🌹🌹
තිස් නව වන චන්ඩිකම 🙅🙅
” බුදු අම්මෝ නයෙක්”
ඒත් එක්කම මාත් ඒ දිහාව බැලුවෙ.දිගම දිග නයෙක් දං ගස් දිහාවට ඇදිල යනව.මා ළගට දුවන් ආව රශී මාව වත්තන් කරන් නැගිටවන්න උත්සාහ කලත් වම් කකුල හිරි වැටිල ගිහින් මුළු ඇගම අප්‍රාණික වෙලා.
” යනව එහාට නිශාව අල්ලන්න එපා”
රශී එහෙම කියනවත් එක්කම කව්රු හරි කෙනෙක් රශීව තල්ලු කරල දැම්මෙ තණකොළ ගොඩට රෝල් වෙලා යන්නම.ඒත් එක්කම මුළු පරිසරයම අදුරු වෙලා යද්දි ටික ටික අඩවන් වෙලා ගිය ඇස් පිහාටු අස්සෙන් දැක්කෙ ඒ රූපෙ.ඔව් මුළු හිතම ආස කරන පිරිමි සුවද නාස් පුඩුවලට දැනෙන්න ගද්දි එහෙම්ම ඇස් පිය වෙලා කාගෙ හරි සුවිශාල පපුවකට කඩන් වැටුණෙ.
මහා බරක් පටවල වගේ ඇස් කෙවෙනි රිදුම් දෙන්න ගද්දි තදට පිය වෙලා තිබුණු ඇස් පිහාටු උස්ස ගන්න මං දරපු වෑයමක්.යාන්තමට ඇස් පිහාටු අතරින් බොද වෙලා පෙනුණෙ රශීගෙ මූණ.
” ඇස් ඇරපං කෙල්ලෙ.උඹට දැන් හොදයි ඇස් ඇරපං”
අඩ අඩාම ඒකි මගෙ ඔළුව අත ගානව.අමාරුවෙන් ඇස් දෙක ඇරල බැලුවෙ.මට නුහුරු තැනක්.මගෙ වටේ ගොඩාක් අය හිට ගෙන බලන් උන්නෙ.රශීත් එක්ක සෙනුරිත් සෙනුරිගෙ ලොකු අම්මත් ඉන්නව.තව අදුරන්නෙ නැති කීප දෙනෙකුත් ඉන්නව.මට හොදටම ශුවර් මේ සෙනුරිගෙ ගෙදර නම් නෙවෙයි.
” ර ර ශී මං කොහෙද? මේ “
මං වටපිටාව බලන ගමන් රශීගෙන් ඇහුවෙ.ඒකට උත්තර දුන්නෙ සෙනුරිගෙ ලොකු අම්ම.
” මේ විමලසේන සර්ප වෙද මහත්තයගෙ ගෙදර දරුවො.මේ ඉන්නෙ වෙද මහත්තය.”
සෙනුරිගෙ ලොකු අම්ම එහෙම කියල පෙන්නුවෙ ටිකක් වයසක මනුස්සයෙක්ව.ඉදිල සුදුපාට වෙලා තිබුණු කෙස් ගස් කීපය ගෙඩියක් වෙන්න ගැට ගහල සුදු පාටින්ම සරමක් ඇදල උන්නු ඒ මනුස්සය මගෙ මූණ දිහා බලල කරුණාවන්ත විදියට කතා කළේ.
” දැන් බය වෙන්ඩ නෑ.දරුවො කකුලට බෙහෙත් බැඳලයි තියෙන්නෙ.වේදනාව නම් දවස් දෙක තුනක් යනකං තියේවි.වැඩිය මහන්සි නොවී ඉන්න”
එහෙම කියල වෙද මහත්තය එතනින් නැගිටල ගියේ වෙද මහත්තයගෙ නෝන වගේම දුවත් හරි කරුණාවන්තයි.
” බය වෙන්න එපා දරුවො.මහත්තය දැන් එයි.වෙද මහත්තයගෙ පුතයි,මේ නෝනගෙ මහත්තයයි එක්ක බෙහෙත් පැලෑටි ගේන්න ගියා දැන් එනවත් ඇති”
මං වටපිටාව බලනව දැකපු සෙනුරිගෙ ලොකු අම්ම එහෙම කිව්වෙ අභිරූ සර් ගැන කියල මං දන්නව.එයා තාම හිතන් ඉන්නෙ අභිරූ සර් මගෙ මහත්තය කියල.රශීට මං ඒ ගැන කියල තිබුණු නිසා ප්‍රශ්ණයක් නෑ එයත් මොකුත් කිව්වෙ නෑ.ටික වෙලාවකින් අභිරූ සරුත්,විනෝද් අයියත් ආවෙ සෙනුරිගෙ මල්ලිගෙ වයසෙම වගේ කොල්ලෙක් එක්ක.
” අක්කට දැන් අඩුයිද? “
” කකුල රිදෙනව මල්ලි”
වෙද මහත්තය වගේම ඒ මල්ලිත් හරි කරුණාවන්තයි.කතා කරපු වචන දෙක තුනෙන් මං තේරුම් ගත්තෙ
” ආ මේ දරුව බෙහෙත් කොළ අරන් ආවද? “
ඇතුලෙ ඉදන් ආපු වෙද මහත්තය එහෙම අහන ගමන් අභිරූ සර් අතේ තිබුණු කොළ ටික අතට ගත්තෙ.
” මේ දරුව නොහිටින්න අද ඔය දරුව මේ ලෝකෙ නොහිටින්නත් තිබුණ”
වෙද මහත්තය ආයෙමත් කියන්න උණේ.ඒ ඇයි අහන්න වගේ මං ඇස් දෙකත් හීනි වෙද මාම දිහාම බලන් උන්නෙ.
” මේ දරුව නයි විෂ ටික කටෙන් උරල අයින් නොකල නම් මොණව වෙයිද? දන්නෙ නෑ.ඒත් මේ දරුව කලෙත් භයානක වැඩක් වැරදිලා හරි මේ දරුවටත් නයි විෂ ශරීර ගත
උනා නං…..”
එහෙම කිව්ව වෙද මාම කතාව නතර කරල �බෙහෙත් කොළ තෝරන්න වුණේ.මං තාමත් ඇස් දෙකත් ලොකු කරන් බලන් උන්නෙ අභිරූ සර් දිහාම දෙවියනේ මං වෙනුවෙන් මෙච්චර කැපවීමක්.
වෙද මාම කිව්වත් වගේ වැරදිලා හරි නයි විෂ සර්ගෙ ශරීරයට්ත් ගියා නම් සර් කරල තියෙන්නෙ මොණ තරම් අවධානම් වැඩක්ද? මං වෙනුවෙන් ඒ තරම් කැපවීම කරන්න අපි අතර තියන හිතවත්කම මොකක්ද ? මගෙ මූණවත් දකින්න අකමැති වුණු අභිරූ සර් ඇයි මෙහෙම කලේ.
ඒ නපුරු මූණ යට මොණ තරම් ගුණවත්කම් තියනවද?කියන්න අභිරූ සර් අද මේ කරපු දෙයින් පැහැදිලියි.මං හිතා ගෙන හිටියට වඩා වෙනස්ම මනුස්සයෙක්.ඒත් අභිරූ සර් තේරුම් ගන්නම තමයි බැරි.කවදාවත් නැති තරම් පැහැදීමක් සර් වෙනුවෙන් මගෙ හිතේ ඇති වුණේ.සර්ට දණ ගහල වැන්දත් පව් නෑ.සර් බේරුවෙ මගෙ ජීවිතේ.
මං දිහා මොහොතක් බ්ලන් උන්නු අභිරූ සර් එළියට යන්න ගියේ.
දවස් නියමයක් නැතිවම මට වෙද මාමගෙ ගෙදර නතර වෙන්න වුණා.අම්මට කතා කරල කිව්වෙ අපි හත් දවසෙදානෙත් ඉවර වෙලාම එන්නම් කියලයි.නැත්තම් ඇත්ත කිව්වොත් අම්ම කලබල වෙනව.මට උණ හැදිල හොස්පිට්ල් එකේ උන්නු දවස්වලත් මං ළගින් හෙල උනේම නෑ කියල රශී කිව්ව
මේ දවස් ටිකේම විනෝද් අයියත්,රශීත් මං ළගින්ම හිටිය.ඊටත් වඩා හිතා ගන්න බැරි දකින වාරයක් ගානෙ නපුරුකම් කරන අභිරූ සර් අද මං වෙනුවෙන්ම කැපවෙලා.
මළ ගෙදර ඉවර වෙලත් අභිරූ සර් ආපහු ගියේ නෑ.මෙහෙ නතර වෙලා උන්නු දවස් දෙකට එයා මං වෙනුවෙන් බෙහෙත් පැළෑටි හොයාන එනව,වෙද මාමට බෙහෙත් හදන්න උදව් වෙනව.කවදාවක් නොදැකපු මනුසත්කම් මං අභිරූ සර්ගෙන් මේ දවස් දෙකට දැක්කෙ.
” රශී මට එළියට යන්න ඕනෙ”
දවස් දෙකක්ම ඇදට වෙලා හිටපු නිසා එපා වෙලා.ඒ දවස් දෙකේම මගේ ළගින්ම හිටියෙ රශී.ඔක්කොටම වඩා දරා ගන්නම බැරි කකුලෙන් දැනෙන වේදනාව.
මුළු කකුලම හිරි වැටිල වගේ.හෙල වුණත් ඇස්වලට කදුළු පිරෙනව.වලලුකර ගාවින් උඩු දුවන වේදනාව නහරවැල් එක්ක කැකෑරිලා මුළු අකුලම බරක් පටවල වගේ.දැන් න්ම් වෙව්දනාව ටිකක් විතර අඩුයි වෙද මාමගෙ අත් ගුණේ නිසාම.
” අනේ කෙල්ලෙ උඹට ඇවිදින්න හොද නෑනෙ”
මගෙ පෙරැත්තෙ නිසාම රශී මාවත් වත්තන් කරන් ගෙදරින් එළියට ඇවිත් ඈත අඹ ගහක් යටට වෙන්න හදල තිබුණු ලී බංකුවකින් ඇවිත් ඉද ගත්තේ.වෙද මාමගෙ ගෙදර පරණ තාලෙට හදල තිබුණු ගෙදරක්.
විශාල මිදුලක්.එක එක පැළෑටි,මල් වර්ග ගොඩායි.මෙච්චර දවසක් ගේ ඇතුළෙ හිටපු නිසා අද තමයි එළිය දැක්කෙ.හරිම නිස්කලංක පරිසරයක්.වටපිටාව බල බල උන්නු මං ගැස්සිලා ගියේ දැකපු දෙයින්……….
නැවත හමුවෙමු