සංසාර සිත්තම ❤️

සිව්වන කොටස

✍️භාශි💘
.
💌තමුසෙ කා එක්කද ඒ ආවෙ?

💌යාලුවා එක්ක… ඇයි?

💌කවුද දිල්කි! ඔයාගෙ යාලුවෙක්ද?

💌ඔව්

💌කවද ඉදලද?

💌ඇයි?! දැං මාස හය හතක්…

💌ම්ම්ම්

💌හ්ම්ම්ම්

💌මට වැඩ වගයක් තියනව. ඉවර කරල එන්නම්

💌ම්ම්ම්ම්

💌බායි

💌බායි පරිස්සමෙන්

ඇත්තටම මං දිල් එක්ක ගිය එක වරදක්ද….. අනේ මංද………

හිරූ එහෙම හිත හිතම දිල්ට මැසේජ් එකක් දැම්ම.

💬මොකෝ කරන්නෙ

💬මොකුත් නෑ

💬හ්ම්ම්ම්

හිරූගෙ හිත ටිකක් නොසන්සුන්.ඒත් වෙනද වගේම ඉන්න උත්සහ කලා. එයා බලාපොරොත්තූවෙන් හිටියෙ සිතිජගෙන් මැසේජ් එකක්. හැබැයි මැසේජ් එකක් ආවෙ නෑ.

මේ විදියට සති දෙක තුනක් ගෙවුන. සිතිජ වැඩිය කතාවක් නෑ. හිරූත් බලෙන් කතා කරන්න ගියෙ නැ.

දවසක් සුපුරුදු විදියට පාසල් ගිහින් ආව හිරූ ෆෝන් එක ගත්තෙ දිල්ට මැසේජ් එකක් දාල බලන්න

💬mk

💬m n bn mk

💬scl ගියා

💬මේ

💬ඕ

💬ආය සිතිජ ප්‍රශ්න දැම්මෙ නෑ නේද?

💬නෑ බන්. දැං ඒක නෑ වගේ එදයින් පස්සෙ ආය කතා කලේ නෑ.

💬අපොයි

💬අනේ කමක් නෑ බන්. මං කතා කලාට මග අරිනව. මාව වදයක් ඇතිනෙ බං.

💬ම්ම්ම්ම්…….. මට වැඩක් තියනව කරල එන්නම්.

💬හ්ම්ම්ම්

දිනක් පංති අවසන් වී යන්නට සූදානම් වන විට

“ඒ බං, ගෙදර නේද යන්නෙ?”

“ඔව් බං”

“මාත් එක්ක ගමනක් ගිහින් එමුද?ඉක්මනට එනව.”

“කොහෙද?”

“උඩහ බුක් ශොප් එකට. නවල් එකක් ගන්න. මං කියවලා උබට දෙන්නම්.”

“ආ …….. හා යමු. මට දීපං කියවලා ඈ….”

දෙන්නම කතා කර කර පොත් සාප්පුව පැත්තට ආව. ඒත් එක පාරටම දැක්ක දෙයින් හිරූගෙ එක තැනම නතර උනා

“දෙයියනේ දිල් අර…………….”

ඊලග කොටසෙන් හමු වෙමු ලමයි