No photo description available.
හංසිගේ පන්හිඳ නොකියූ ආදරේ 🖤~🌸 _
හත්වැනි දිගහැරුම ©©°°
මම ඊටපස්සේ ආයී සං දිහා බැලුවේ මට මාව සුවර් නැති නිසා .. ඒත් එයාගේ කිසි වෙනසක් නෑ …. අනේ මට පිස්සු හැදීගෙන එනවාවත්ද … 😥😥
අනුදී .. ඔතනින් අයින් වෙනවා ලමයෝ මට බලන්න ඇදපු සර්කිට් ටික …
මිස් එහෙම කියද්දින් මම බලාගෙන හිටියේ නපුරුගේ මූන දිහා.. ඒත් එක්කම එයා මට මොනාහරි කියන්න ට්‍රයි කලා ..
එයා මට එයාගේ අතේ තියෙන පේපර් එක දිහා ඇස් වලින් පෙන්නනවා ..
ඈ යකෝ මූ මේ මට කියන්නේ ඒ පේපර් එක කරලා දෙන්න කියලද ..
මම අතින් සං කරලා පෙන්නුවා මට මොකුත් තේරෙන්නේ නෑ කියලා …
ලමයිනම් සේරම මේ දේවල් දිහා බලන් ඉන්නේ ෆිල්ම් එකක් වගේ .. ඔව් ඉතින් ස්ටේජ් එක උඩට නැගගෙන මං නේ උන්ට ෆිල්ම් පෙන්නන්නේ .. 😏 .. මිස් හින්දා තමා ඔක්කොම ..
අනුදී කෝ කෝ එහාට්ට …
එහෙම කියලා මිස් මාව බෝඩ් එක ලගින් අයින් කරන්න හදනකොට අරූ ආයේ කහිනවා ..
සං ඔයා දැන් මගෙන් මැරුම් කන්න හදන්නෙ ..
මම එයා දිහා බලල ඔරවන්න හදද්දින් එයා ආයේ එයාගේ අතේ තියෙන පේපරේ ඇස් වලින් පෙන්නනවා . මූ මොනා පෙන්නනවද මගුල ..
එහෙම කියලා මාත් ඒ පේපරේ දිහා බලනකොට මට දිව්‍යලෝකේ ගියා වගේ සතුටක් දැනුනේ ඒකේ ලොකුවට ඇදලා තිබ්බ X-OR gate එකේ සර්කිට් එක දකිද්දින් …. ඒක දැක්ක පමාව මම සර්කිට් එක බස බස ගාලා ඇදලා දැම්මේ මගෙ සංකැටේට පිං දෙන ගමන්න් …
අම්මපා මම අද උම්මා එකක් දෙනවමයි බබා ඔයාට …
හ්ම්ම්ම්ම් ඇදලා නේද ඔක්කොම හරියට …….. හරි දැන් යන්න .. හැබැයි ආයේ මෙ වගේ දේවල් වෙන්න බෑ ..
හා මිස් ..
මම ස්ටේජ් එකෙන් බැහැලා ගියේ රටක් රාජ්‍යක් දින්නා වගේ ෆීලින්ග් එකකින් .. හම්මෝ සතුට … මම ඉතින් ක්ලාස් එක මැදින් ගිහින් වාඩි උනේ වැඩ්ඩා වගේ ..
වාඩිවෙලා මම ඊලග තත්පරේම බැලුවේ මගේ සං දිහා .. මම බලද්දිම් ඒ ගොනා ආයේ පාඩමට ඇස් දෙක ඔබා ගත්තා ..
මාර නපුරුකමක් තියෙන්නේ .. හරි නරකයි අප්පා …. ඒත් ඉතින් මම ආදරෙයි හාද 🙈🙈 …
අනුදී ….
මම නපුරු දිහා බල බල ඉද්දින් නිකී මට කතා කරහම මම එයා දිහා බැලුවේ හොරෙන් .. හී …
තමුසේ ඔය නටන්න හදන පිස්සුව නම් එච්චර හොද එකක් නෙවේ … හැබැයි ආයේ මෙ වගේ හැසිරුනොත් ඒක ගැනත් මම බලාගන්නම් …
මම ඉතින් මීක් නැතුව හිටියා බිම බලන් බුම්මැට්ටෙක් වගේ … මේ වගේ වෙලාවල් වල සද්ද නැතුව ඉන්න එක තමා ඇගට ගුන … 🙈
කෝමින් කෝමහරි ක්ලාස් එක අවසානෙටම ආවා .. ආයේ නම් මම මනෝ ලෝක වලට ගියෙ නෑ … හැබෝ සං දිහානම් සුට්ට සුට්ට බැලුවා .. නැතුව බෑනේ ඉතිම් .. හී හී … ඒත් ඒ බූරුව නම් පොත දිහාමයි බලන් ඉන්නේ … මට තෑන්ක්ස් කරන්නත් ඕනී එයාට ..
” හරි ලමයි … ඊලග සතියේ අපි පේපර් එක කරමු …. ආයුබෝවන් … “
මිස් ඒම කියනවත් එක්කම ලමයි සේරෝම ගියා මිස්ටත් කලින් … හික්ස් .
අපි දෙන්නත් ක්ලාස් එකෙන් එලියට ආවා .. මම ඊටපස්සේ නිකීවත් ඇදන් ගේට් එක දිහාවට ගියේ මගෙ නපුරට තෑන්ක්ස් කරන්න ඕනී නිසා .. ඒ ගමන්ම එයාගෙ නේම් එකත් අහගන්න පුලුවන් වෙයිනේ ..හී …
අනූ .. ඇයි බන් මෙචිචර හදිස්සි .. පොඩ්ඩක් හිමින් යමුකෝ .. මගෙ කකුලුත් රිදෙනවා….
අනේ පොඩ්ඩක් ඉක්මනට වරෙන්කො නිකී .. මට අරයට තෑන්ක්ස් කරන්න ඕනේ ..
කාටද බන් ..
අර බෝයිට ..
ඌට මොකටද තෑන්ක්ස් කරන්නේ .. උබට පිස්සු අනූ ..
නෑ බන් .. එයා නිසා තමා අද මම මිස්ගෙන් චාටර් වෙන එක නැවතුනේ .. එයා තමා මට අර සර්කිට් එක පෙන්නුවේ පේපර් එකක තිබිලා ..
ම්ම්ම් ඌ තමුසෙට උදව් කලාද් .. ඒත් ඇයී ….
නිකී අනුදිගෙන් ඇහුවේ කල්පනාකාරීව
දන්නෑ නිකී .. එයාටත් මට එයා ගැන දැනෙනවා වගේ ෆීලින්ග් එකක් මන් ගැනත් දැනෙනවද දන්නෑනේ ..
මම කිව්වේ හඩ මදක් බාල කරලා
අනූ මම දෙයක් කියන්නම් … උබට ඌ අද උදව් කලා කියල බොරු බලාපොරොත්තු තියාගන්න එපා හරී .. උබ ඔහොම නෙවේ ඔලුවෙන් හිටගෙන කිව්වත් මම දන්නවා ඌට ආදරෙයි කියල .. කරුනාකරලා ඔය ආදරේ නැති කරලා දාගනින් මොකද කිසි තේරුමක් නැති දෙයක් ඕක .. මට බෑ උබ විදවනවා බලන්න …
ඇයි නිකී ඔයා එහෙම කියන්නේ ..
නිකන් .. මට හිතෙනව .. අනික ඒ කොල්ලගෙ ලස්සනට ඌට කෙල්ලෙක් නැතුව ඇති කියල හිතන්න බෑ .. කෙල්ලෝ ඇති වැහි වැහැලා ..
නිකීගේ ඒ කතාවට මට දුක නොහිතුනාම නෙවේ . ඒත් එයා කියන කතාවත් ඇත්ත . ඒත් අනේ මන්දා
මම නිකී කියපු කතාව ගැන හිත හිතා ආවේ .. ඒ එනකොට මම දැක්කේ මගෙ ඉස්සරහින් යන නපුරුව ..
නිකී .. මම අරයට තෑන්ක්ස් කරලා එන්නම් ……….. ප්‍රොමිස් ආයේ මම එයා ගැන හිතල පිස්සු නටන්නෑ ……
මම අහිංසකව ඇහිබැමි දෙකත් අකුලගෙන කියද්දී නිකිත් මට යන්න කිව්වා
අවසරය ලද සැනින් මම දූවලා ගියේ මගේ සං කොටේ ගාවට .. හී .
දූවලා ගිහින් එයා යන මග හරස් කරලා මම ඉස්සරහටම ඇවිත් නැවතුනා .. තව ටිකෙන් අපි දෙන්නා ඇක්සිඩන්ට් වෙනවා 🙈🙈 ..
ඇයි …
එයා ඇහුවේ හෙන ආඩම්බරකමෙන්
ම්ම් මේ …
හ්ම් .. කියන්න ඉක්මනට …
මේ .. අර ඉස්සෙල්ලා මට උදව් කලාට තෑන්ක්ස් ….
හ්ම් .. ඉට්ස් ඕකේ ..
ම්ම්ම් ..
මම යනවා ..
ඒම කියල මේ බූතස් මාව පහුකරලා ගියෙ නැතෑ .. ඇටි කුකුලා හිටාහම් ටිකක් මට තවුසෙගේ නම දැනගන්න ඕනී ..
මම ආයේ දුවලා ගිහින් හිටගත්තේ එයාගේ ඉස්සරහ .. හී .. දැන්නම් මේකා මාව මරල හංගයි වගේ 🤪
ඒ පාර මොකද ……..
එයා ඇහුවෙ සුපුරුදු තරහින්මයි
හායී මම අනුදී … එතකොට ඔයා ??
තමුන්ට වැඩක් නෑනේ ….
ගස්සන් පද්දන් ගියේ නැතෑ කුලු මීහරකෙක් වගේ වගෙ 😏
හරිද ආසාව …
මම මූනත් ඇද කරන් නිකී ගාවට ආවාම නිකී ඇහුවේ නෝන්ඩියෙන් වගේ
හුම් … තෑන්ක්ස් නම් කලා ඒත් නම අහගන්න බැරි උනා ….
මම කිව්වේ දුකින්
දෙනෙත් …..
නිකී කිව්වාම මම ඇස් ගෙඩි දෙක ජම්බෝල සයිස් කරගෙනයී එයා දිහා බැලුවේ
නිකී ඔයා 😮
ඇයි …
ඔයා කොහොමද එයාගේ නේම් එක දන්නේ ..
තමුසෙට ඒකෙන් වැඩක් නෑනේ අනූ .. මෙන්න මෙහෙ වරෙන් යන්න … බස් එක ගිහින්ද දන්නෙත් නෑ …
බස් එක කියද්දිනුයි මතක් උනේ මට බස් එකේ යන්න සල්ලී නෑ කියල
ආ මේ නිකී .. මට කියන්න බැරි උනානේ .. මට බඩු වගයකුයි බෙහෙත් ටිකකුයි ගන්න තියෙනවා .. ඒ නිසා ඔයා ගෙදර යන්න .. මම එද්දින් පරක්කු වෙනවා
එහෙමද .. කමක් නෑ අනු මාත් ඉන්නම් ඔයා එනකල් ..
ඒම කියල නිකී මාවත් ඇදන් ෆාමසි තියෙන පැත්තට එක්කන් ගියේ මට හීන් දාඩිය දාන්න ගද්දී
නෑ නෑ නිකී ඔයා යන්න .. අම්මලත් බයවෙයි ඔයාගේ ….
අහ් ඒකට කමක් නෑ .. හරි ඉන්නකෝ මම දැන් අම්මට කෝල් එකක් දීලා කියන්නම් එන්න පරක්කු වෙනවා කියල ..
නිකී ඒම කියලා ෆෝන් එක අරන් නැන්දගේ නම්බර් එක ඩයල් කලේ මම නිකීගෙ අතින් ෆෝන් එක උදුරලා ගද්දී
මොකද ඔය කරන්නේ නිකී .. පිස්සුද ඔයාට .. මම කිව්වනෙ මට තනියම යන්න පුලුවන් ඔයා යන්න කියල …
ආ එහෙමද අනුදී .. හරි එහෙනම් ..
හ්ම්ම් ..
ආ මේ .. ඒක නෙවේ .. ඔයා මොනා ගන්නද යනව කිව්වේ ..
මේ ෆාමසි යන්න ඕනී අම්මට සෙට්රසින් කාඩ් එකකුයි ඩෙරිපිරින් කාඩ් එකකුයි ගන්න .. තව මට බඩු වගේකුත් ගන්න තියෙනවා CIB එකෙන්
අහ් .. එතකොට ඔය සේරම ගන්න යන්නේ හිස් අතින්ද … අතේ සතයක්වත් නැතුවද .. ඒ බඩු ටික තෝරලා බලලා හෙට ඇවිත් ගන්නද හදන්නේ … ආ … උබ මාවද රවට්ටන්න හදන්නේ අනුදී
ඔයා …
කටවහගන්නවා අනූ .. මොකක්ද ඇත්තටම වෙලා තියෙන්නේ තමුසෙට ආ .. මම උබේ හොද යාලුවෙක් නෙවේද .. ඇයි මම කියන දේවල්.අහන්න බැරි .. ඇයි අරූවම හොයන්නේ .. අද උදේ තමුසේ කාඩ් ගන්න ඔනී කියල උඩපැනගෙන ආවේ අරූ එනවද කියලා බලන්නනේ නේද .. එතකොට කඩේට ගිහින් අතේ තිබ්බ එකම රු 50 ට කාඩ් එක ගත්තේ මගෙන් බේරෙන්න ඕනෙවටනෙ නේද .. මම ඒ වෙලාවේ සද්ද නැතුව හිටියේ උදේ පාන්දර මූඩ් අවුල් කරන්න හොද නෑ කියල හිතුන නිසයී .. එතකොට ක්ලාස් එකට ගිහිල්ලත් අර මොකෙක්දො එකෙක් නිසා මිස්ගෙනුත් බැනුම් ඇහුවා .. ඇත්තටම උබට ලැජ්ජා හිතුන්නැද්ද අනූ මිස් කෑගහනකොටවත් ආ ..
නිකී බනිනකොට මගෙ ඇස් වලිම් කදුලු ආවේ මට චුට්ට ඇත්තන් ඇති ඇඩෙන නිස .. ඒ සේරමටත් වඩා මට නිකී ගැන දැනුනෙ හුගාක් ලොකු ගවුරවයක් .. ඇත්තටම මෙහෙම යාලුවෙක් ලබන්න පිං කරන්න ඕනේ මම …
අනූ .. දැන් ඇති හොදේ .. නවත්තමු සේරම … ඔය කදුලු පිහදාගෙන යමන් බස් එකට ….
නිකී එහෙම කියලා මගෙ කදුලුත් පිහදාලා අතින් අල්ලන්.ඇවිත් බස් එකටත් නැග්ගුවෙ හරියට අම්මා කෙනෙක් දරුවෙක්ව පරිස්සම් කරනවා වගේ ..
නිකී ..
ම්ම්ම් …
තරහ හිතෙන්නැද්ද මන් එක්ක .. වදයක් නෙවේද මාව .. ම්ම්ම්ම්
ඇත්තමයී අනූ මට උබත් එක්ක එන්නේ පුදුම තරහක් .. මෙචිචර කොල්ලෝ ඉන්න රටේ උබට ආදරේ කරන්න ඌවමද ඕනී උනේ ..
මම දෙනෙත්ට ආදරේ නෑ නිකී .. තේරුම් ගන්න .
ඔයා ඔහොම නෙවේ කොහොම කිව්වත් මම ඒක පිලිගන්නෑ මැනික .. හරී .. අපි බලමුකෝ ඉස්සරහට මොකද වෙන්නෙ කියල ……
හ්ම්ම්ම්ම්ම් …..
ගෙදෙට්ට යනකන් අපි දෙන්නා කල්පනා ලෝක දෙකක හිටියේ .
කෝමින් කෝමහරි මාසයක් ගියා දෙනෙත් අපේ ක්ලාස් එකට ඇවිල්ලා . එයාගේ හැසිරීම නම් මුල් කාලෙදී වගේම තමා .. නපුරු ආඩම්බර ගති එහෙම්මමයී … ඒත් මට තේරෙනවා එයාත් මන් ගැන ටිකක් උනන්දුයි වගේ කියල … මොකද මට දෙතුන් පාරක්ම මාට්ටු උනා මන් එයා දිහා බලන්නැති වෙලාවල් වල එයා හොරෙන් මන් දිහා බලන් ඉන්නවා .. මම එයා දිහා බලනකොටම එයා ඉක්මනට අහක බලාගන්නවා මොකුත් නොවුනු ගානට .. හී .. එකම කෝලමයි ඉතිම් …
ඒත් මම එදායින් පස්සේ නිකීට මොකුත් කියන්න ගියේ නෑ .. මම දෙනෙත්ව කෙයාර් කරන්නේ නැති ගානට ඉන්නේ .. මොකද මම කැමති නෑ මම නිසා නිකී වද වෙනවට …..
අදත් අයි ටී ක්ලාස් දවසක් … තව හරියටම මාස තුනයි තියෙන්නේ අපිට ඒලෙවල්ස් වලට .. පාඩම් කරන්න එහෙම්මම .. කොච්චර පාඩම් කරනව කියලා හිත හදාගත්තත් හිතේ මැවිලා පේන්නේ දෙනෙත්ව . මටනම් දැන් පිස්සු හැදිලා ඉන්නේ …
“හෙලෝ නිකී … කියපන් මොකෝ මේ හදිස්සියෙම කෝල් ගත්තේ … “
” නෑ බබා මන් මේ කම්මැලි නිසා ගත්තේ … මොකෝ කරන්නේ . “
” මොකුත් නෑ ඒයී මම මේ සිංහල ව්‍යාකරණ ටිකක් බලාගත්තාඅ ..”
” ම්ම්ම්ම් හොද ලමයා … මේ අද අයි ටී ක්ලාස් ඕයී … “
” හුම් … යමන් ලෑස්ති වෙන්න .. “
” හා ඉතිම් … “
ෆෝන් එක තියලා මම වොශ් එකක් දාගෙන ගියේ ක්ලාස් යන්න ලෑස්ති වෙන්න … අදින්න ඇදුනුත් නෑ අප්පා ..
මම මගේ අල්මාරි රාජයා ලගට ගිහින් ඒක ඇරලා අතට අහුවෙච්ච ඇදුමක් අරන් රෙදි ටික සේරම බිමට වැටෙන්න කලින් ටක්ගාලා ඒක වහලා ලොක් කලේ ජයග්රාහීලීලාවෙන් .. හම්මෝ දැනෙන සතුට … නැත්තම් ආයේ ඇදුම් සේරම ඔබන්න එපැයී ඒකේ ඇතුලට … 🙈🙈🙈🙈
ඒත් මම අතේ තියෙන ඇදුම දැක්කාමයී ඩිම් උනේ ..
මට අහුවෙලා තියෙන්නේ අම්මා ගියපාර මගේ බර්ත්ඩේ එකට අරන් දීපු රෝස පාට ෆ්‍රොක් එක .
මම සාමාන්‍යයෙන් ගවුම් අදින්නේ නෑ .. ත්රවුසර්ස් තමයී .. මොකද මට ගවුම් ඇදන් විනීතව හැසිරෙන්න තේරෙන්නේ නෑ .. එව්ව හුලගේ යනකොට අල්ලගන්නයී ..පොඩි වෙන්නේ නැතුව තියාගන්නයී එකම විකාරයයිනේ .. එව්වා කර කර ඉන්න බැරි නිසා මම නිතරම බහින්නේ ඩෙනිම් & ටී ෂර්ට්ස් වලට … සරලයී පහසුයී …
දැන් ඉතින් මේ ගවුම් කෑල්ල අදින්න වෙනවා .. ආයේ අල්මාරිය ඇරියොත් ඔක්කොම ඇදුම් ටික වැටෙයි .. ඊටවඩා හොදයී මේක ඇදන් යන එක ……………..
මම ඉතින් මූනත් අකුලන් ගවුම දාගෙම කන්නාඩිය ඉස්සරහට ගියා … අවුලක්මත් නෑ ඉතින් … 🙈🙈 ඒත් ඇදන් ඉන්න බැරි එකනේ අවුල …
ඔහේ ඕන මගුලක් කියලා මම ලෑස්ති වෙලා නිකීට කෝල් එකක් ගත්තේ පාරට යනවා කියලා කියන්න .. ඒත් ඉතින් ඒ වෙනකොට ඒකී තාම වොශ් එකක් දාගෙනවත් නෑ … අම්මපා මට දෙතහැකි බෙල්ල ගැලවිලා යන්න එකක් 😏
ඒකීටත් පලු යව යව මම පාර ගාවට එද්දිම බස් එකක් එනවා දැකපු මම දුවගෙන ගිහින් අත දැම්මා .. බස් එක වේගෙන් ආව නිසා මාවත් පහු කරලා තමා නැවැත්තුවේ … ඒකේ පොල් පටවලා වගේ සෙනග …
ඉක්මනින් එන්න ..
බස් එකේ කොන්දා කෑගහන්වා ගිරිය කඩාගෙන .. ඈ යකෝ මම මෙතනින් අත දාද්දින් මීටර් සීයක් විතර එහායින් නවත්තලා දැන් කියන්වා ඉක්මනට එන්න කියලා .. ක්ලාස් යන්න පරක්කු නොවුනනම් අම්මපා මම නගින්නෑ මේ ලකඩමට ….
කොන්දටත් බැන බැනම බස් එකට නගින්න කියලා කකුල පලවෙනි පඩියෙන් තියනකොට ගවුම උඩ ගියා …
මේ මගුල් ඇදන් එන්නවත් හිතෙන්නැත්තේ මේ නිසා තමා .. ෂිට්
ගවුමටත් බැන බැන මම අත් දෙකෙන්ම ඒක අල්ලගත්තා . ඒත් මන් නොහිතපු විදියට බස් එක ඇද්දුවේ බැලන්ස් නැති වෙලා මම වැටෙන්න ගියේ මට දොරෙන් වත් අල්ලගන්න වෙලාවක් නැති උන නිසා ..
ඒත් මට දැනුනා මම බස් එකෙන් එලියට වැටෙන්න යද්දී කවුරු හරි පිරිමි කෙනෙක් මගේ අතින් ඇදලා අරන් ඒ පපුවට තද කරගත්තා
එකපාරටම උනු දේ හිතාගන්න බැරුව මම හිටියේ ශොක් වෙලා ..
මම පොඩ්ඩක් ඒ ඇගටම වාරු වුනේ ඇගටත් පන නැති ගතියක් දැනුනු නිසාමයී .. අනික ඒ බස් එකේ හෙල්ලෙන්නවත් ඉඩක් තිබුනේ නෑ .. සෙනග හුගක් පටවලා හිටියේ …
විනාඩි දහයක් විතර මම ඒ කෙනාගෙ පපුවේ හිස තියාන් ඉන්න ඇති …
මට තාමත් හිතා ගන්න බෑ මට උන දේ ගැන .. මෙයා නොහිටියනම් අද මම හොස්පිට්ල් එකේ .. නැත්තම් මැරිලා වෙන්නත් පුලුවන් ..
මට එයාට තෑන්ක් කරන්න ඕනේ උනත් ඒ කවුද කියලවත් ඔලුව උස්සලා බලාගන්න බැරි උනේ හෙල්ලෙන්නවත් ඉඩක් නැති නිසා .. මම වැඩිය දගලන්න නොයා හිටපු විදියටම හිටියෙත් මම දගලන්න ගියොත් මෙයාට බැලන්ස් නැති වෙයි කියල හිතුන නිසා .. මොකද එයා මාවත් වාරු කරන් එක අතකින් බස් එකත් අල්ලන්නෙ ඉන්නේ ..
ඒත් විනාඩි දහයකින් විතර මම පොඩ්ඩක් දැගලුවේ එකම විදියට ඉදලා මුලු ඇගම හිරි වැටිලා වගේ දැනුන නිසා .. අම්මෝ කකුලනම් නෑ වගේ දැනුනේ ..
මම දැගලුව නිසා වෙන්නැති එයා මාව අතෑරලා එතනින් එහාපැත්තට හැරුනේ මට එයා හිටපු තැන දීලා …
එයාට තෑන්ක්ස් කරන්න ඕනේ නිසා එයා හැරුන පැත්තට යන්න හිතුනත් එතන හිටියේ කොල්ලොම ගොඩක් නිසා ගියෙ නෑ .. මොනා උනත් මට එයාට තෑන්ක්ස් කරන්න ඕනේ අනිවාර්යයෙන් .. එයා නැත්තම් අද මමත් නෑ .. අම්මෝ ඒ වෙලාවේ මම වැටුනනම් මාව මැරෙයි නේද …
මම එකඑක විකාර හිත හිත හිටියා … හැබැයි අරයා බහිනවද කියලත් අවදානෙන් හිටියේ ..
අනූ ………………..
°••|🖤 මම හංසි