කතාව කියවන හැමෝටම like එකක් දා ගෙන යන්නෝ ❤️❤️

😍 නවමු වූ තේමාවක් රැගත් යුගයේ ප්‍රේමාන්විතම ආදර අන්දරය…😍

චන්ඩි_රැජින🌹🌹•

” මොකෝ බන් තනියම හිනා වෙන්නෙ “

මගෙ හිත තේරුම් අරන් වගේ රශී ඇහුවෙ නලලත් රැලි කරන්.මොකුත් නෑ කියන්න ඔළුව වනපු මං රශීලත් එක්ක ගේ ඇතුළට ගියේ.මිනියත් බලල සෙනුරිත් එක්කත් කතා කරපු අපි එළියට ඇවිත් හට් එකක් යටින් වාඩි වුණේ.

” විනෝද් අයිය අදම යනවනෙ නේද?”

” නෑ නංගි මාත් අද ඉදල හෙටම යනව.අප්පච්චි ඉන්නවනෙ ඒ නිසා factory එක ගැන අවුලක් නෑ “

බීම වීදුරුවක් තොල ගාන ගමන් විනෝද් අයිය එහෙම කිව්වෙ.ඇසල අයියල වෑන් එකක ඇවිල්ල හිටපු නිසා එයාල යනවයි කියල මට ඇවිත් කියල ගියේ.ඒත් එක්කම රනුකත් අපි උන්නු තැනට ඇවිත් මට යනව කිව්වත් මං රවල් අහක බලා ගත්තු නිසාම ඒ වග තේරුම් අරන්දෝ කොහෙද විනෝද් අයියටත් රශීටත් කියල එතනින් යන්න ගියේ.

❤️❤️❤️❤️

මළ ගෙදර දවස් තුනක් තිබුණ.මළ ගෙදර වැඩ ඉවර වෙනකොට සෙනුරි සිහියෙන් උන්නු වාර ගානට වඩා සිහි නැතිව උන්නුවාර ගාන වැඩියි.පළවෙනි දවසෙ දැක්කට පස්සෙ මලිති නංගිව නම් දැක්කෙම නෑ.

චූටි කෙල්ලට දරා ගන්න බැරුව ඇති. පව් කෙල්ල තාම ලොකු ළමයෙක් වෙලාවත් නෑ.අම්ම ඉන්නම් ඕනෙ කාළෙ ඒ අහින්සක කෙල්ල තනි වුණේ.දැන් පවුලෙ බර කරට ගන්න වෙන්නෙ සෙනුරිටම තමයි.

කොල්ලෙක් නිසාම සෙනුරිගෙ මල්ලි මේ හැම දෙයක්ම දරා ගෙන ඉන්නව.ඒත් මං දැක්ක මිනිය උස්සන වෙලාවෙ ඒ ඇස්වලින් කදුළු වැක්කෙරෙනව.මේ සමාජෙ හැදිල තියන විදියට කොල්ලෙක්ට එළිපිට අඩන්න බෑ.පැත්තකට වහං වෙලා කදුළු පිහදාන ඒ කොල්ල දැක්කම හිතට දැනෙන්නෙ දරා ගන්න බැරි දුකක්.

ඒ අතින් බලපුවම අපිට මොණවද? අඩු මේ දුප්පත් පවුල දැන් අන්ත අසරණ වෙනව.අතක් පයක්වත් හොලව ගන්න බැරුව ඉන්න තාත්තව බලා ගන්න වෙන්නෙත් සෙනුරිටම තමයි.

මළ ගෙදර වැඩ ඉවර වෙලා මිදුලෙ ගහල තිබුණු හට් එක යට ඉද ගෙන ඈතින් පේන ඝන කැලෑව දිහා බලා ගෙන මං කල්පනාවෙ උන්නෙ.ඒ කැලේ ඉදන් අළි පාරට එනවලු.මිනිස්සුන්ගෙ ගෙවලුත් කඩල දාල යනව කියල දවසක් සෙනුරි කිව්ව් මතකයි.මේ මිනිස්සු මොණ දුකක් විදිනව ඇතිද?

දැන් නම් මළ ගෙදරට ආපු කට්ටිය ගොඩක් අඩුයි.

නෑදෑයො ටිකකුත් අහළ පහළ ගෙවල්වල අයත් ඇරෙන්න පිටස්තර අයට හිටියෙ අපි ටික විතරයි.අභිරූ සරුත් එහා කෙළවරේ හට් එක යට ඉද ගෙන සෙනුරිගෙ මල්ලිත් ඒ මල්ලිගෙ යාළුවො ටිකකුත් එක්ක බර කතාවක මේ දවස් ටිකට සර් ඒ මල්ලිත් එක්ක ගොඩක් හිතවත් වෙලා.මං දැක්ක පහු ගිය දවස් ටිකේ ඒ මල්ලිත් එක්කම ඉන්නව.

” මැඩම්,අර අතනින් පහළ චූටි ඇලක් තියෙනව.මැඩම්ල කැමැති නම් එතනට ගිහින් නා ගෙන එන්න.ලිද ගාව නාන්නත් බෑනෙ පිරිමි කට්ටියත් ඉන්නවනෙ”

සෙනුරි ඇවිත් එහෙම කිව්වෙ පාරට එහා පැත්තෙ තියන චූටි අඩි පාරක් පෙන්නන ගමන්.සෙනුරි ඒක කිව්ව විතරයි රශී කෑ ගහන්න වුණේ එතන නාන්න යන්න ඕනිමයි කියල.

මට නම් එච්චර උවමනාවක් උණේ නෑ.මේ හිත ඉල්ලුවෙම අභිරූ සර් පේන මානෙක ඉන්න ඕන කියලමයි.ඇයිද දන්නෙ නෑ ටික දවසක ඉදන් අභිරූ සර් ගැන අමුතුම පැහැදීමක් මගෙ හිතේ ඇති වෙලා.ඒත් ඒකට දෙන්න නමක් මට හිතා ගන්න බෑ.හිතත් එක්ක පැය ගානක් ඔට්ටු වෙලා තර්ක කරපු මං ඒකට දුන්න නම ගෞරවය කියල.ඒ මගේ ආයතන ප්‍රධානියා.මං එහෙම හිතන ගමන් හැගීම් වාන් දාන මේ හිතට වැට කඩොලු බැන්දෙ.

කල්පනාවෙන්ම කාමරේට ඇවිත් ඇදුම් දෙකකුත් එක්ක තුවායක් අරන් සෙනුරිගෙන් සබන් කෑල්ලකුත් එක්ක පොඩි බාල්දිය්ක් ඉල්ලන් රශීත් එක්ක පාර දිහාවට ආවෙ.විනොද් අයියට් එන්න බෑ කියල නතර වුණු නිසා සෙනුරිලගෙ නෑදෑ වෙන නංගි කෙනෙකුත් එක්ක පටු අඩි පාරක් දිගේ ඉස්සරහට ගියේ.සෙනුරි කිව් වගේම ඒක චූටි ඇලක්.ඒත් පතුලෙ තියන ගල් කැට පේන තරමටම වතුර හරි පිරිසිදුයි,පැහැදිලියි.ඒ වගේම අයිස් කැට වගේ සීතල වතුර ටික.පැය ගානක් උනත් නාන්න පුළුවන්.ඇදුම් ටිකත් එක්ක තුවාය ළග ගහකින් එල්ලල දිය රෙද්ද අතට ගත්තෙ.ඒත් එක්කම රශි කෑ ගහන්න වුණේ.

” ඒ අර බලපන්කො දං තියනව.අනේ යමු බන් වරෙන්කො”

ගගේ එහා ඉවුරත් එක්කම උඩ ඝන කැලෑවට වෙන්න දං ගස් පෝලිමක්.මටත් ඒක දැක්කම කටට කෙල උනනව.ගස්වල පිරිල දං.ඒත් එතනට යන්න විදියක් නෑ කැලෑව තදටම වැවිල.

” එහෙ යන්න බෑ බන්.කැලෑව “

” අනේ වරෙං බන් “

බෑ කියද්දිම රශී මාවත් ඇද ගෙන කැලේ එගොඩහට ඇවිදන් ගියේ.ඇදන් උන්නු කලිසම දනිස ගාවට එනකම්ම තෙමිල.ඉවුරටමවෙන්න කපල තිබුණු පඩිපෙල් ටිකක් තිබුණු නිසා එහා පැත්තට යන්න අමාරු වුණේ නෑ.ඒත් දං ගස් හරියට යන්න බෑ ද්ණිසෙන් උඩටත් වෙන්නම තණකොළ වැවිල.

” ඔහෙ යන්න බෑ බන්.වරෙන් මෙහාට “

” උඹ ඔතන හිටපං කඩා ගෙන එන්නම් “

රශී එහෙම කියල දං ගහ දිහාවට ඇවිදන් ගියපු නිසා මාත් හිටපු තැනම හිට ගෙන බලන් උන්නෙ.තත්පර ගානකින් වම් කකුලෙන් දරා ගන්න බැරි වේදනාවක් එක්ක මුළු ඇගම අප්‍රාණික වෙලා හිටි තැනම ඉන්ද උණේ.වලලු කරෙන් පටන් ගත්තු වේදනාව නහරක් ගානෙමෞඩුදුවන්න වුණේ.බැරිම තැන මං යටිගිරියෙන් කෑ ගහන්න ගත්තෙ කකුලත් අත් දෙකෙන්ම බදා ගෙනම.මගෙ කෑ ගැගිල්ලත් එක්කම රශී මා ගාවට දුවන් ආවෙ.ඒත් එක්කම ඒකි යටිගිරියෙන් කෑ ගහන්න වුණේ ළගම තිබුණු පදුරක් දිහා බලාගෙන.

” බුදු අම්මෝ නයෙක් “

ඒත් එක්කම මාත් ඒ දිහාව බැලුවෙ.දිගම දිග නයෙක් දං ගස් දිහාවට ඇදිල යනව.මාළගට දුවන් ආව රශී මාව වත්තන් කරන් නැගිට්‍ටවන්න උත්සාහ කළත් වම් කකුල හිරි වැටිලා ගිහින්.මුළු ඇගම ඇගම අප්‍රාණික වෙලා.

” යනව එහාට නිශාව අල්ලන්න එපා”

රශී එහෙම කියනවත් එක්කම……

නැවත හමුවෙමු.